Tuesday, January 21, 2025

ක්ලීන් ශ්‍රීලංකා නිවැරදිව කරන ක්‍රමය



ලඟකදී කථාබහට ලක්වුන ක්ලීන් ශ්‍රීලංකා වැඩ සටහන බොහෝ කාලයක සිට රටේ තීන්දු ගන්නා අයගේ ක්ශුද්‍ර කලමණාකරණයට ඇති නැඹුරුවට තවත් උදාහරණයක් සපයයි. අඩුම වශයෙන් දියුණු රටවල මෙවන් දේවල් සිදුකරන ආකාරය ගැන අධ්‍යනය කලේ නම් Clean Sri Lanka  ව්‍යාපෘතියෙන් විශාල සේවයක් සිදූ කරගත හැකිව තිබුණි. වෙන රටවල සිදුවන්නේ පාරේ වාහන නවතා කෑලි ගැලවීම නොව ඒ සඳහා අදාල වන නීති සැකසීමයි.

ක්ලීන් ශ්‍රීලංකා වැඩසටහන   යටතේ මෙවන් නීති සම්පාදනය කලේ නම් ඉන් විශාල සේවයක් වීමට තිබිණි. 

1. මාර්ග වල දිවෙන් සියළුම වාහන වල තිබිය යුතුම දේවල් සහ නොතිබිය යුතු දේවල් මෝටර් රථ ප්‍රවාහන පණතට ඇතුලත් කර ඒවාට අනුගත වීමට වාහන හිමියන් සහන කාලයක් ලබාදී ඉන්පසුව එම නීති වලට අනුගත නොවන අයගේ වාහනයේ ලියාපදිංචිය එසේ අනුගත වනතුරු අත්හිටිවීම.

2. මාර්ග දෙපස ඇති නිවාස සහ වෙලඳ ආයතන වල ඉදිරිපස සහ තාප්ප පිරිසුදුව සහ තීන්ත ආලේප කොට තබා ගැනීමට අවශ්‍ය නීති සකස් කිරීම සහ පළාත් පාලන ආයතන වලට එම නීති ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරීම. මාර්ගය දෙපස ඇති පාසැල් වැනි ආයතන වලට ඔවුන්ගේ තාප්ප ආදිය පින්තාරු කිරීමට පුද්ගලික ආයතන වල සහය ලබා ගත හැකිය ඒ සඳහා පින්තාරු කල ඉඩෙන් 10% ක ප්‍රමාණයක වෙලඳ දැන්වීම් ප්‍රදර්ශනය කිරීමට අවසර දිය හැක. 

මහා මාර්ගයට පෙනෙන පෙදෙස එසේ පිරිසිදුව තබා නොගන්නා අයවලුන්ට දඩ නියම කිරීමට පලාත්පාලන වලට බලය පැවරීම. මාර්ග දෙපස මසකට වරක් තණකොල කපා පිරිසිඳු කිරීමේ වගකීම අදාල ප්‍රදේශයේ පළාත් පාලන ආයතනයට පැවරීම. ඉහත දේවල් සිදුවීම නිරීක්ශණය කිරීමට සහ එම නීති ක්‍රියාත්මක නොකරන ආයතන වලට බලකිරීමේ සහ දඩ නියම කිරීමේ අයිතිය පොලිසියේ පරිසර අංශය පැවරීම. එමෙන්ම එම ක්‍රියාවන් පිළිවෙල සිදු නොවන අවස්ථා ගැන මහජනයාට පැමිණිලි කිරීමට හැකිවනසේ  වෙබ් අඩවියක් හඳුන්වා දිය හැක.   
  
3. මහා මාර්ග අල්ලාගෙන  ඉදිකර ඇති  තාප්ප, වැටවල්, සහ ගොඩ නැගිලි වලට එරෙහිව නීතියක් සම්මත කිරීම. සෑම මහාමාර්ගයකටම එලෙස තිබිය යුතු ඉඩක් ඇත. එම නීති කඩ කරන අයට අනුගත වීමට කාලයක් දී ඉන්පසුව ඒවා ඉවත් කිරීමේ බලය පලාත්පාලන ආයතන වලට ලබා දිය යුතුය. 

4. මාර්ගය අසල ඇති වෙලඳ සැල් වල සේවාව ලබා ගැනීමට මාර්ගයන් අයිනේ වාහන නතර කිරීම බොහෝ විට සිදුවේ. විශේෂයෙන්ම එක පැත්තට එක ලේන් එකක් පමණක් ඇති මාර්ග වල එලෙස වාහන නවත්වා තිබීම නිසා විශාල ප්‍රවාහන තදබද සහ ඉන්ධන නාස්තිවීම් සිදුවේ. 

මෙය අඩුකර ගැනීමේ ප්‍රථම පියවර ලෙස උදැසන 6 සිට 10 දක්වා නගරය දෙසට සහ  හවස 3 සිට 8 දක්වා නගරයෙන් පිටවන වාහන ගමන් කරන ලේන් වල වාහන නැවැත්වීම තහනම් කිරීමේ නීතියන් සම්පාදනය කල යුතුය.          

මෙහි දෙවන පියවර ලෙස මග දෙපස ඇති වෙලඳ ආයතන වලට ගනුදෙනු කරුවන්ගේ වාහන නැවැත්වීමට ඉඩ පහසුකම් සැකසීමට වසරක කාලයක් ලබා දිය යුතුය. ඉන් පසුව වෙලඳ සැල් අළුතින් ඇති කිරීමට හෝ පවත්වාගෙන යාමට පොලිසියෙන් වෙලඳ අවසරයක් ලබා ගැනීම අනිවාර්‍යය කලයුතුය. පොලිසිය විසින් එවන් අවසර නිකුත් කලයුතු වන්නේ මාර්ගයේ ඉඩ අත්පත් කරගෙන නොමැති සහ අවශ්‍ය වාහන නැවැත්වීමේ පහසුකම් ඇති ස්ථාන වලට පමණකි. එය ක්‍රියාත්මක කිරීමෙන් පසුව මාර්ග දෙපස වාහන නවත්වා තබන අයට ඉහල දඩයක් සහ තෙවරකට වඩා එවන් වරද කරන අයගේ රියැදුරු බලපත්‍රය මාස තුනට අත්හිටවීමට නියම කලයුතුය. 

මාර්ග දෙපස වාහන නැවැත්වීම තහනම් කිරීමෙන් පමණක් තදබද අඩුවී, වාහන ධාවනය වන වේගය වැඩිවී අඩුම වශයෙන් රටේ ඉන්ධන භාවිතය 5% වත් පහල යනු ඇත. 

5. දියුණු රටවල මෙන් මාර්ගය දෙපස වේග සීමා පුවරු සවිකල යුතුය. මීට අමතරව අනතුරු දායක වංගු, රියැදුරන් අධික වේගයෙන් ධාවනය කරන කොටස වල වේග කැමරාවන් සවිකල යුතුය. එමෙන්ම මාර්ග සඥා ක්‍රියාත්මක වන හන්දිවල කැමරා සවිකලයුතුය. නීති කඩන වාහන වල ලියාපදිංචි අංක සටහන් කර ගත හැකි කැමරා දැන් ඇත. නීති කඩ කිරීම් වලට ස්වංක්‍රීයව දඩ කොල යැවීමට ක්‍රමයක් මෝටර් රථ දෙපාර්තමේන්තුව සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක කර, දඩ වෙලාට නොගෙවන වාහන වලට ඒවා ඊලඟ වසරට ලියාපදිංචි කිරීමේදී අමතර දඩයක් සමඟ අයකර ගැනීමට ක්‍රමයක් සැලසීම අපහසු නොවේ. 

6. මාර්ගය දෙපස කුණු දැමීම සඳහා බක්කි හඳූන්වා දිය යුතුය. එම බක්කි වලින් පිට කුණු බැහැර කිරීම හසුවුවහොත් ඒ සඳහා දඩ නියම කල යුතුය. එමෙන්ම සියළුම පලාත් පාලන ආයතන වලට නියමානුකූලව කුණු එකතුකිරීමේ ක්‍රියාවලියන් සහ මාර්ග දෙපස පිරිසිඳු කිරීමේ  අනිවාර්‍ය කලයුතුය. ඉහත දේවල් නිසා වෙන් අතිරේක වියදම දැනට ඇති වරිපනම් බදු සුළු වශයෙන් ඉහල දැමීමෙන් රටට බරක් නොවී උපයා ගත හැක. 

7. පොදු ස්ථාන එනම් බස් නැවතුම් පොලවල්, දුම්රිය ස්ථාන, ක්‍රීඩා පිට්ටනි, සති පොලවල්, පොදු වෙලඳ මධ්‍යස්ථාන, ඇවිදින මන්තීරු, පිරිසිඳුව පවත්වාගෙන යාමට පුද්ගලික ආයතන වලට පැවරිය හැක. ඒවා විධිමත් පටිපාටියක් යටතේ සිදුවිය යුතු දේ සහ එම සමාගම් වලට ලබා ගත හැකි වාසි ගැන ලිඛිතව එකඟතා ඇතිව කලයුතුය.     


 නීති සම්පාදයෙන් සහ රෙගුලාසි හඳුවා දීමෙන් සිදුවන විශාලතම වාසිය ඒවා දිගුකල් පැවතීමයි එසේ නොමැතිව දවසක්, දෙකක් හෝ සතියක් කරන ව්‍යාපෘති වලින් වෙන්නේ තාවකාලික යහපතක් සඳහා විශාල මුදලක් නාස්ති කිරීමකි.


අදාල නීති සහ රෙගුලාසි සම්පාදනය කිරීමෙන් සහ එම නීති හෝ රෙගුලාසි වලට අනුගත නොවන අයට දඩ නියම කිරීමෙන්ද, පලාත් පාලන ආයතන වලින් සිදුවිය යුතු සේවාවන් නීතිගත කර තම කාර්‍යය අතපසු කරන පලාත් පාලන ආයතන ආදියට දඩ හෝ වෙනයම් දඩුවමක් පැනවීමට ක්‍රම හඳුන්වා දීමෙන් ඉතා පිරිසිදු මාර්ග සහ නීතියට අනුගත වෙන මාර්ග ප්‍රවාහන ක්‍රමයක් ඇති කිරීම කල හැක. මෙවන් ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම පාරේ වාහන වල කෑලි ගැලවීමට වඩා කාර්යක්ෂම, දිගුකල් පවතින, සහ බොහෝ දෙනා අගය කරන ක්‍රමයක් වනු ඇත.       

මේගැන සමාජයේ දැනීමක් ඇතිකර ගැනීමට මෙම ලිපිය ඔබේ නමින් ඔබේ මාධ්‍යවල පලකරනවානම් ඒ ගැන ස්තූති වන්ත වෙමි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

33 comments:

  1. පොඩි කාලේ හිටම අපගේ දරුවන්ට
    පරිසරයේ අගය කියලා දී හොඳට
    හොඳ ගති සිරිත් අනුගමනය කරවන්ට
    පටන් ගනිමු අද! හෙට වෙනකල් නොසිට!

    ReplyDelete
    Replies
    1. නිදී

      ඔහොම ළමයින්ට කියලා දීල කරන්න පුළුවන් රටවල් නෑ, අනිත් මිනිසුන් කරන දේමයි ළමයිනුත් කරන්නේ. අර පරණ කතාවක් තියෙන්නේ මහ කකුළුවෝ ඇදේට ගිහිල්ල පොඩි උන්ට කෙලින් යන්න කියලා දෙනවා කියලා

      අර ප්‍රේමකීර්ති ද අල්විස් අසූ ගණන්වල අපි උපදින්නටත් ඉස්සර ලියපු "දවසක්දා කකුළුවෙකුට මොකක්ද හිතිලා" කියලා කියන සින්දුව අහල බලන්න ෆ්රෙඩී සිල්වා ගායනා කරන හරිම අපූරු නිර්මාණයක් දැන් ඉන්න අපේ පරම්පරාව ඊට වඩා ටිකක් විතර හොඳ උනත් රටේ නීති පද්ධතිය නිවැරදිව ස්මාට් විදියට හදනනේ නැතුව ඕක කවදාවත් ඔය ලමයින්ට බයිලා කියලා හදන්න බෑ ඒක ලෝකයේ හැම රටකම එහෙමම තමයි.

      දැන් ලංකාවේ ආණ්ඩුව කරන මොන්ගල් මීහරක් හැතිකරයට ඕවා තේරුම් ගන්න මොළයක් තියෙන්න එපැයි, දැන් නයිටීඑන් එකේ උන් දාන ගොන් නිව්ස්

      "ප්‍රයෝජනයක් නොගෙන වසාදමා තිබූ සේනානායක සමුද්‍රයේ වාන් දොරටු නව රජය යටතේ ජනාධිපතිතුමාගේ විශේෂ නියෝග පරිදි විවෘත කරයි.🇱🇰❤️"

      ඔය වගේ ගොන් කම ප්‍රදර්ශනය කිරීම පමණයි

      සීයත් මේක කරන්න හිටියේ කියමින් නාන උන්ම තමන්ටම කෝචොක් කරයි

      IMF DSA එක අනිවාර්යයෙන්ම වෙනස් කරනවා කියපු උන් බැරි වුනොත් IMF එකෙන් අයින් වෙනවා කියපු උන්, චීන පිරිපහදුවට විරුද්ධව රට අකර්මාන්‍යය කරන වැඩවර්ජනය කරපු එවුන්, ඉන්දියාව තෙල් ටැංකි දෙන එක පාවාදීමක් කියපු එවුන්.

      කිසි හිරිකිතයක් නැතිව ඒවා නොකරනවා කියා බලය අරගෙන දැන් ඒවාම කරන කොට ඒවා සීයා කරන්න හිටපු දේවල් මිසක් අනුර කරනවා කීව දේවල් නොවන වග තෙරෙන්න උනත් මොලයක් තියෙන්න ඕනෙ.

      බත්කන හරක්ට උන් කලින් කියපුව මතක නැති වුනට රටේ බහුතර මිනිස්සුන්ට ඒවා මතකයි. ඒකයි ඇත්ත කතාව.

      Delete
  2. ++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  3. ක්ලීන් ශ්‍රී ලංකා එක යටතේ ඔය බස් වල කෑලි ගාවන එක තිබුන කියල මම හිතන්නේ නැහැ . පොලිස් කාරයෝ දුව දුව සුළු දිය පහ කරන්න ගත්ත වගේ වැඩක් වුනේ . මතකද සාම ගිවිසුම කාලේ කොටි, වටේ පිතිඑ කොල්ලෝ එක්ක හමුදා කඳවුරු ගාවට ඇවිත් කෝචොක් දාල බයික් වල අට ගහල යනවලු . සාම ගිවිසුම ඉවර වෙච්ච ගමන් එලියට ආපු ආමි එකේ සෙට් එක ඉස්සෙලම වැඩේ දීලා තියෙන්නේ අරුන්ට . ඔය වගේ වැඩක් තමා වෙන්නේ . ප්‍රයිවෙට් බස් කාරයෙක් ත්‍රි විල් එකක් ඇල්ලුවොත් පොලිසියට ඇවිත් තග දාල අරන් යනවනේ . ඒවට තමා ඔය රිටන් එක දුන්නේ . ඉයන් කියන අදහස් හොඳයි . ඒ වගේ පිළිවෙලකට තමා ඒක කරන්න ඕනේ. නීතිත් වෙනස් කරන්න වෙයි . ඒකනම් පුළුවන්නේ .

    ReplyDelete
    Replies
    1. ඉයන්

      ඉහත කමෙන්ට් එකේ කියා තිබෙන කරුණු සාවද්‍ය බව කණගාටුවෙන් වුවද සඳහන් කරන්න සිදුවෙනවා.

      මුලින්ම මේ ක්ලීන් ශ්‍රී ලංකා කියන වැඩසටහන ගැන කිව්වොත් ඒක පොලීසිය කරපු මගුලක් නෙවෙයි. ඇත්තටම වර්තමාන ජාතික ජන බලවේග රජය බලයට පත්වීමෙන් පසුව මාස තුනක් දක්වා කාලය තුල ඔවුන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවලදී පොරොන්දු වුණ දේවල් එකක්වත් කරන්න අසමත් වුණා. මම මේ කියන්නේ හොරු අල්ලන්න උගන්ඩාවෙන් සල්ලි ගේන්න කියන ඒව නොවෙන පැහැදිලිවම "පොහොසත් රටක් ලස්සන ජීවිතයක්" කියන මැතිවරණ ප්‍රකාශය තුල සහතික වශයෙන්ම කරන බවට ප්‍රකාශ කරපු ජීවන වියදම පහත හෙලීම, රජයේ සේවයේ වැටුප් වැඩිකිරීම විදුලි බිල තුනෙන් එකක් අඩු කිරීම වැට් බද්ද අඩුකර අධ්‍යාපන සෞඛ්‍ය සහ ආහාර වියදම් අඩුකිරීම වගේ දේවල් කාලයක් තිස්සේ නොකල නිසාත් අසෝක රන්වල ඇතුලු පිරිසගේ ව්‍යාජ උපාධි අර්බුදය නිසාත් ආණ්ඩුවට ඡන්දය දුන් අය අතර ආණ්ඩුවට එරෙහිව මතයක් ඇතිවුණා. එතකොට ආණ්ඩුවට ඒක නැතිකිරීම සඳහා මොනවා හරි දැනෙන විදිහට සාධනීය දෙයක් කරන්න අත්‍යවශ්‍ය වුණා.

      ඒකට ආණ්ඩුව පොදුවේ ගත්කල ආණ්ඩුවට ඡන්දය ප්‍රකාශ කරපු බහුතර මධ්‍යම පාන්තික දැන උගත් තරුණ පිරිස ඇතුලු බහුතර ජනතාව අතර වැඩි ප්‍රසාදයක් නැති බස් රථ සහ ත්‍රී රෝද රථ වලට එරෙහිව මෙහෙයුමක් ක්‍රියාත්මක කරන්න තීරණය කළා. පොලීසිය කළේ ආණ්ඩුපක්ෂයේ මැතිඇමතිවරු යෝජනා කර අණ දුන් නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමයි.

      නමුත් මෙතනදී ඔවුන්ට අමතක වූ කාරණය ඒ බස්රථ නම් බොහෝවිට සජබ හිතවාදී වූණත් ත්‍රී රෝද රථ රියැදුරන් වගේම ස්ටිකර් මුද්‍රණය කරන අය මෙවර දැඩි ලෙස මාලිමාවට සහයෝගය දුන් ප්‍රචාරක කටයුතුවල නිරත වුණ පිරිසක්. ඒ වගේම ඒ අය "අපේම නයි අපිවම කයි" කියලා මේකට දැඩි ලෙස විරෝධය පළකළ පසුව තමයි ආණ්ඩුවට තේරුණේ එනපොට හොඳ නෑ කියලා, අන්තිමට වැඩේ අසාර්ථක වුණාට පස්සේ ප්‍රසිද්ධ මාධ්‍ය අමතා ඇමතිවරු වැරැද්ද පොලීසියට පටවන්න උත්සාහ කළා. මේක මීට ඉස්සර රාජපක්ෂ ආණ්ඩුව රතුපස්වල සහ හලාවත සිදුවීම්වලදී වගේම යහපාලන ආණ්ඩුව කාලේ සිරිසේන වගේ අයත් කරපු දේවල්, තමන්ගේම වැරදී වෙන අයට පැටවීම.

      Delete
    2. //. පොලීසිය කළේ ආණ්ඩුපක්ෂයේ මැතිඇමතිවරු යෝජනා කර අණ දුන් නියෝගය ඒ ආකාරයෙන්ම ක්‍රියාත්මක කිරීමයි.// ඇනෝතුමෝ මම කියන්නේ මෙහෙම කරපු අසමජ්ජාති ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන්ව හෙළි කරන්න ඕනේ කියල . පොලිසියට එන දෙන්න පුලුවන්ද එහෙම නේද ? අර ඒ කාලේ වගේ වැදගත් විධිහට පොලිසිය ඇතුලට ගිහින් ඕ අයි සී ගේ පුටුවේ ඉඳගෙන කකුල් දෙක මේසෙට තියල පළපුරුදු විධිහට කරන්නේ නැතිව මොන මගුලක් කරනවද මුං නේද ?

      Delete
    3. @ Ano 4.09 AM

      ඔය ක්ලීන් ශ්‍රී ලංකා කියන ඔපරේෂන් එක 2025 ජනවාරි 01 සිට ජනාධිපති අනුර සහ ඇමති ආනන්ද විජේපාල වැඩසටහන ආරම්භ කළ අතර ඊට අදාළව ජනාධිපති කාර්ය සාධක බළකාය පත් කිරීමේ ගැසට් නිවේදනය දෙසැම්බර් මාසයේදී ප්‍රකාශයට පත් කළේ ඒ ටාස්ක් ෆෝස් එකට ජනාධිපති ලේකම්, ත්‍රිවිධ හමුදාපතිවරුන්, වැඩබලන පොලිස්පති සහ නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති ඇතුළු සාමාජිකයන් 18 දෙනෙකු කාර්ය සාධක බළකායට ඇතුළත් වෙන විදියට, ඒ මෙහෙයුමට රජයේ පොලීසියට සියලු අණ සහ නියෝග දීම සහ නායකත්වය දෙන්නේ ඇමති ආනන්ද විජේපාල විසින්

      ඒක නෙවෙයි ඇත්ත ප්‍රශ්නය,
      ඔන්න දැන් අර නාවික හමුදාව කාපු පල් හොරා රෝහිත රාජපක්ෂ 2015 චෝදනා කරපු චෝදනාවකටම ආයෙම පාරක් ඇරෙසිට් කරලලු.

      අපි කියන්නේ ඒක වෙනුවට පුළුවන් නම් පොදු දේපල පණත යටතේ යොෂිතට නඩු පවරලා අධිකරණය පාවිච්චි කරලා නඩුව අවසන් වෙනතුරු රිමාන්ඩ් එකේ තියලා පෙන්වන්න කියලා

      රජය නීතිපති හරහා අධිකරණයට හේතු කියලා මෙය සුවිශේෂී නඩුවක් බව කියලා දවසගානේ නඩුව අහලාඅඩුම වසරකින් බැරිනම් වසර දෙකකින් නඩුව ඉවරකරන්න අධිකරණයේ සහාය ලබා ගන්න කියලා

      ඒ නඩුව අවසානයේ මාළිමා රජය පත්වෙලා කරන ලද එකම සාර්ථකම මෙහෙයුම ලෙස ඉතිහාසයට එක්වෙන්න නාකි මයිනා මහින්දටයි මහින්දගේ සියයට දෙක හමාරක පාදඩ ගෙරි කාඩ බයියන්ටයි ඇඩෙන්න යෝෂිතගේ සියළු වත්කම් රාජසන්තක වෙනවා පෙන්නලා මහින්දගේ දෙවනි පුතාට පලවෙනියට ජම්පරේ අන්දලා පෙන්වන්න

      ⁣මැරෙන්න ඔන්න මෙන්න ඉන්න ඩේසි ආච්චිත් අධිකරණයේ හරස් ප්‍රශ්ණ කරලා කුල්ල කුජීත කරලා බොරු සාක්ෂි සපයනවා කියලා ඔප්පු කරලා එයත් හිරේ ඇතුලෙම මැරෙන්න වැඩෙි හදන්න කියලයි අපි ආණ්ඩුවට කියන්නේ

      එතකොට සාක්ෂ්‍ය සහිතව අධිකරණයෙන් දඬුවම් නියම වුණාම කවුරුත් පලි ගන්නවෝ කියලා කෑ ගහන්නේ නෑ.

      හැබැයි ලබන සදුදා හරි
      සතියකින් ඊලග සිකුරාදා හරි ඔය පාහර රෝහිත ඇප අරං එළියට ආවම😀😀😀

      ඔන්න අපි හොරු ඇල්ලුවා කියලා අර 2015 යහපාලන කාලේ අනුරගේ සෙක්‍රටි ආනන්ද විජේපාල FCID ප්‍රධානියා කරලා දුන්න ආතල් පොර පොළීසිය භාර ඇමති වෙලා අද දෙන්න ඇවිත් පස්සේ නානකොට

      අධිකරණ එදා වගේමයි රාජපක්ෂලාට පක්ෂයි වගේ මෝඩ ආතල් දීලා අපිව හිනස්සලා මරන්න එපා ඉතිං හොදද.😀😀

      පල් හොර නාකි මයිනාගේ දෙවෙනි පුතා වෙන ඔය පාහර ගස්බල්ලාට මාළිමා ආන්ඩුව ඇත්තටම ජම්පරේ ඇන්දුවොත් විතරයි සතුටු වෙන්න පුළුවන් අපට. ඒත් ඕකත් අර අනුර ප්‍රියදර්ශන යාපා නාඩගම වගේම කුල්ල කුජීත වෙන බව නම් ෂුවර්. අනුර රාජපක්ෂ කියන්නේ තවත් රාජපක්ෂ හොර පවුලේම හොඳම යාලුවෙක් විතරයි බොරුවට අපට නාඩගම් පෙන්නුවා. ඒ නිසා ඕව ගැන ලියලා වචන නාස්ති කරන්න ඕන නෑනේ මම නම් තවත් කියන්නේ නෑ මොකද ඔය ගොන්පාට් දැකලා මට නම් දැන් ඇතිවෙලා.

      Delete
    4. @ Annonymous January 25, 2025, 3.41 PM

      ඔතන අත්අඩංගුවට අරගෙන තියෙන්නේ "රෝහිත රාජපක්ෂ " නෙවෙයි ඒ යෝෂිත රාජපක්ෂ මරාගේ දෙවෙනි කොලුවා, ලොකු එකා නාමෝලයා, ඔය දෙවෙනි එකා සහ බාලම එකා තමයි රොකට් යවනවා කියලා පොර ටෝක් දීලා නෝන්ඩි වෙච්ච රෝහිත කියන්නේ.

      මේ දවස්වල අත්අඩංගුවට ගත්තාට පසුව යෝෂිත රාජපක්ෂ පොලිසියේ අපරාධ විමර්ශන අංශය ඇතුලේ ෆුල් ෂපාන් එකේ හිනාවෙලා ඉන්න පින්තූරයක් ෂෙයාර් වෙනවා, ඇත්තටම යෝෂිත රාජපක්ෂ එහෙම සතුටින් ඉන්නෙ මොකද කියල දන්නවද 🤔.

      මගේ අදහස නම් ජාතික ජන බලවේගය රාජපක්ෂ පවුලට වේදිකා වල බොරුවට බැන්නට යටින් ඒ ගොල්ල රාජපක්ෂ පවුල එක්ක හරිම සමීපයි අනික ඔය ජාතික ජන බලවේගයේ ඉන්න සමහර මන්ත්‍රීවරුන් පවා පොදුජන පෙරමුණට සම්බන්ධව කටයුතු කල රාජපක්ෂ පවුලේ සමීප හිතවතුන්.

      අනෙක බැරිවෙලාවත් ඇත්තටම රාජපක්ෂල ලොකුවට හිර කරොත් ඒත් තව අවුරුදු පහකින් පස්සේ තමන්ට දැන් ගහන ගේම් වලට නඩු පිට නඩු වැටිලා ඇතුලට වෙලා ඉන්න වෙන බව ලොකු ජෙප්පො දන්නවා 💯✅.

      ඒ නිසා කට්ටිය ෂේප් එකේ කතාවෙලා මේ දවස්වල ආණ්ඩුව හාල් පොල් පාස්පෝට් මැතිවරණයේදී දීපු බොරු පොරොන්දු ආදී ගැටළු රාශියක් නිසා කුජීත වෙලා ඉන්න එක වහගන්න රාජපක්ෂ පවුලත් එක්කත් කතාබහ කරලා ප්ලෑන් කරලා ගෙදරටම රජයේ වියදමින් ලක්ෂරි KDH වෑන් එකක් යවලා VVIP තාලෙට සැපට කොළඹට ගෙනාවා අත්අඩංගුවට ගත්තා කියලා නිව්ස් වලට බොරු පොයියක් දාලා

      අනිවාර්යයෙන්ම ඔය නඩුව දානකොට ආණ්ඩුව යෝෂිතට බේරෙන්න පුළුවන් විදිහට නඩුව හදල දෙයි. යෝෂිත කවදාවත් අච්චු වෙන්නේ නැහැ. යෝෂිත වගේ වගක් නැතුව ඉන්නේ ඒකයි. ඒ හින්දා 'මුන් ඔක්කොම යාළුවො මල්ලි' කියල දැන් බය නැතුව කියන්න පුළුවන් ✅🤌.

      අනුර ඇතුළු ඇමතිවරු පහුගිය දවස්වල අනා ගත්ත අනා ගැනිලි අමතක වෙන්න මේ මොහොතේ යෝෂිත අත්අඩංගුවට ගැනීම අත්‍යවශ්‍යම දෙයක් 💯🤌.

      ඔය නාටක හැම ආණ්ඩුවක්ම කළා 😡. මේවා තේරුම් ගන්න තරම් ලංකාවේ මිනිස්සු සබුද්ධික නෑ 😢. ඒකයි එකම නාට්‍ය දිගටම එකම විදියට රගදක්වන්නේ. 👹

      Delete
    5. @ Anos & Rajitha

      Pls check the below linked news

      https://www.facebook.com/share/v/18XdRGrECw/

      මේ ඉන්නේ ආණ්ඩුවේ ඔය කියන ඇමති, මෙයා තමයි පපුවට අතගහලා කිව්වේ පාතාලේ ඉවර කරන්න අපට පෝය දෙකයි යන්නේ කියලා, දැන් පෝය දෙකේ කෑලිත් නෑ.

      අනෙක මූ මෙතන කියන ගොන් කතාව ඇත්ත නම් මුන් කැබිනට් එකේ කතාකරලා තමයි පොලීසියට කියන්නේ, පොලීසිය ස්වාධීනව විමර්ශන කරලා අත්අඩංගුවට අරගෙන නෙවෙයි කියලා පැහැදිලිවම තේරෙනවා මුගේ ගොබ්බ කතාව ඇත්ත නම්

      එහෙම කතා උනා නම් යෝශිත බූරුවත් ඒ බව දන්නවා ඇති ඊයේම ..ඒක තමයි ඌ අර චිල් එකේ හිටියේ.. මුන් ඔක්කොම එකම වල්ලක පොල්... යෝෂිත ඉස්සරහට දාලා එළියට හොරෙන් පන්නපු කන්ටේනර් 320 ගානේ කේස් එකයි අර හාල් වලින් ගැහුවා කියන රුපියල් මිලියන 187 හොරකමයි වැහුවා. නොදකින් ඔලමොට්ටල ඔල්මාද බඩු තමයි මාලිමාවේ වැඩිහරියක්ම ඉන්නේ.

      Delete
    6. ඇනෝ -@ Ano 4.09 AM - ඒ අදහස මටත් තියනව . යෝශිත්ව ගත්තේ පොල් සහ සහල් ප්‍රශ්නය මග හැරීමේ උවමනාවෙන්ද කියල . අර ඉන්න විධිහට

      Delete
  4. ලින්ක් එක දාන්නේ නැතිව මේ ලිපිය දැම්මා සාකච්චා යන තැන් දෙකක

    ReplyDelete
  5. @ ඉයන්

    ඔයාට පුළුවන්ද දැනට ලංකාවේ බලයේ සිටින ජා.ජ.බ. අළුත් ආණ්ඩුව නටන්න හදන වාහන ජෝගිය ගැන ආර්ථික සහ මූල්‍ය පැත්තෙන් විග්‍රහ කරන්න පුළුවන්ද?

    මේ කතාව කියන්නේ ඇමති විජිත හේරත් දෙරණ කළිඳු එක්ක. හැබැයි ඇමති කියන්න කලින් සමහර දේශපාලන නිරීක්ෂකයන් මේ ආණ්ඩුවේ වාහන ප්‍රෝඩාව ගැන සැක පල කළා Rich country beautiful life ජාජබ policies ඇනලයිස් කරලා.

    ලංකාවේ 1948 සිට මේ දක්වාම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට කිසිම ආණ්ඩුවකින් වාහන දුන්නේ නෑ. දුන්නේ තමන්ගේ අතින් වියදම් කරලා වාහනයක් ගේන්න බදු රහිත බලපත්‍රයක්. ඒකෙන් ආණ්ඩුවට හෙන බදු ආදායමක් අහිමි වෙනවා කියලා ජවිපේ එදා ඉදලා පොලවේ පස් කකා කෑ ගැහුවාට වාහන පර්මිට් එක නිසා ආණ්ඩුවට සත පහක වියදමක්වත්, දිගුකාලීන පාඩුවක්වත් උනේ නෑ. පර්මිට් දෙද්දි රජයේ බදු ආදායම අහිමි උනා නම් පහුගිය අවුරුදු පහට ඒ ආදායම ලැබෙන්න ඕන නේ වාහන පර්මිට් නොදුන් නිසා?

    මන්ත්‍රීවරුන්ට වාහන පර්මිට් දෙන එක වසර පහකට පෙර නතර කරා. ඒක නතර කරේ අනුර නෙමයි. ඒ අපි අරගල කරලා එලවපු ගෝඨාභය. 2021 වසරේදී ගෝඨාභය නතර කරපු පර්මිට් එක ඊට පසුව බලයට ආපු රනිල් 23/24 දී දුන්නෙත් නෑ.

    ඊට ඉස්සර පර්මිට් එක දෙන කාලේ වුණත් ආණ්ඩුවට මන්ත්‍රීවරුන්ගේ වාහන සම්බන්ධයෙන් වියදමක් විදියට ගියේ මන්ත්‍රීවරයා නියෝජනය කරන දිස්ත්‍රික්කය අනුව ලබා දෙන ඉන්ධන දීමනාවක් සහ රියදුරු වැටුපක් කියලා සෑම මාසයකම නිශ්චිත ගානක් විතරයි. ඒ ඇරෙන්න මන්ත්‍රී වාහන සම්බන්ධ කිසිම බැදීමක් ආණ්ඩුවට නෑ.

    දැන් විජිත හේරත් කියන විදියට ආණ්ඩුව මේ කරන්න යන්නේ රජය විසින් මුදල් වියදම් කරලා අළුත්ම අළුත් කිරි කිරි ටොයියා වගේ 2025 brand new වාහන 225 ක් මන්ත්‍රීවරුන්ට ගෙන්නන්න හදනවා. පහුගිය කාලේ රජයේ වාහන අසූ දාහක් විතර තියෙනවා කියලා ජාජබ ජනාධිපති අනුර සහ ඇමති විජිත කිව්වානේ. එතකොට මෙච්චර කල් ආණ්ඩුවේ අච්චර වාහන තියනවා මෙච්චර වාහන තියනවා කියපු විජිතලා දැන් කියනවා මන්ත්‍රීවරුන්ට ගැලපෙන වාහන නෑලු. ඒ නිසා අළුතින් ගේන්න වෙනවලු. එතකොට සම්පූර්ණ වියදම රජයෙන්.

    වාහනේ අයිති රජයට නිසා ඒක මන්ත්‍රීවරුන්ට දෙන්න වෙන්නේ පාර්ලිමේන්තු කටයුතු, රාජ්‍ය පරිපාලන වගේ අමාත්‍යංශයකට අනියුක්ත කරලා. දැනට පවතින පරිපාලන රෙගුලාසිවලට අනුව රජයේ වාහනයක් කාටවත් නිකං දෙන්න බෑ. ඒකට රජයේ රියදුරෙක් ඕනෑ වාහනය භාර වෙනනේ රියැදුරන්ට. එතෙකාට අළුතින් රියදුරන් බර තොගයක් බදවා ගන්න වෙනවා. නිවාඩු යන අයටත් එක්ක හරියන්න සංචිතයක්ම ගන්න වෙනවා.

    එතකොට රජයේ රියදුරන් ගත්තම කලින් පෞද්ගලික අයට වගේ නිශ්චිත ගානක් දීලා බෑ. පඩියට අමතරව රජයේ නිවාඩු දින වලට OT බටා විශ්‍රාම රක්ෂණ ඔය ඔක්කොම දෙන්න ඕනි. නිකමට හොයලා බලන්නකෝ සාමාන්‍ය රජයේ රියදුරෙක් දැනට ගන්න සම්පූර්ණ මාසික පඩිය ගැන.

    ඊළගට වාහනය රජයේ නිසා අවුරුදු පහම නඩත්තුව රජයෙන්. ආයේ ඉතිං ගෙදර මිදුලේ වාහනේ හෝදන්නවත් ඕනි නෑ. අමාත්‍යංශය ඒ සේරම බලනවා. ඇණයක්වත් අතේ වියදමින් දාන්න ඕනි නෑ. රක්ෂණය ආදායම් බලපත්‍ර පවා ආණ්ඩුවෙන්.

    මේකේ හොඳම සෙල්ලම එන්නේ අන්තිමට. ඇමති විජිත හේරත් කියන විදියට මන්ත්‍රී ගෙදර යද්දි කැමති නම් රජයේ තක්සේරුවට අනුව වාහනේ ගාන ගෙවලා පැදපු වාහනේ ගෙදර ගෙනියන්න පුළුවන්. තක්සේරුව කියන්නේ 5 වෙනි අවුරුද්දේ තක්සේරුව. අන්න පුතේ පල්ලම.

    සාමාන්‍ය රජයේ
    ගිණුම්කරන තක්සේරු වලට අනුව සාමාන්‍යයෙන් වසර 6 ක් තුල වාහනයක් සම්පූර්ණ ක්ෂය වෙනවා. එලියේ මාර්කට් එකේනේ ඉතිං පරණ වෙන්න වෙන්න වාහන වලට රත්තරන් මිළක් හැදෙන්නේ. හැබැයි රජය තක්සේරු කරන්නේ ගිණුම් ප්‍රමිති වලට. ආණ්ඩුව වියදම් කරලා වාහන ගෙනත්, අවුරුදු පහම ආණ්ඩුව ගානේ වාහන පැදලා, අන්තිමට කුණු කොල්ලෙට ඒ වාහනේ මන්ත්‍රීවරු ගෙදර අරන් යනවා. මිනිස්සු හිටපු අපත හොරු ටික එලවලා දැම්මට ඒ වෙනුවට අලුතෙන් පත්වෙච්ච බයිසිකලයක්වත් ගන්න අතේ සල්ලි නැතුව තාප්ප වලට, බෝක්කු වලට දියවෙවී හිටපු බහුතර ජවිපෙ අයට දැන් කොහොමද ඇදෙන්න යන ලොතරැයිය? මේ ගැන වැඩි විස්තර පැහැදිලි කරලා පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?

    ReplyDelete
    Replies
    1. මටනම් වරදක් පේන්නේ නැහැ . තිබ්බ ක්‍රමය ඊට වඩා දුෂිතයි . රජයේ සේවේ උන්ට විතරක් පර්මිට් වලට වාහන ගේන්න දෙන බොරුව . එක නවත්තපු ගෝටා නම් කලේ හොඳයි . ඉස්සර අපේ කම්පැනි වාහන උනත් වැඩ කරන අයට අඩු ගානට ගන්න දුන්න . ඒ ක්‍රමයේ වැරැද්දක් නැහැ . වැරදි බලන් හොයන අයට ප්‍රශ්නයක් වුනාට . රියදුරු රස්සාව ත්‍රි විල් මල්ලිලට දීල ත්‍රි විල් මගුලත් නතර කරාම හරි . ත්‍රි විල වැඩියි ලංකාවේ

      Delete
    2. @ Ano 3.43

      ඔයා කියන පොයින්ට් සේරම වගේ හරියටම හරි, මොකද ලංකාවේ හීටපු කාලේ මම කලින් අමාත්‍යාංශයක වැඩ කරා. ඒකෙ ඇමතිගේ පර්මිට් එක විකුනපු ගානට වඩා සෑහෙන වැඩියි රජයෙන් අතිරේක ලේකම්ගේ වාහනේට වියදම් කරපු මුදල. රියදුරු පඩි, ඔටි, බටා, වාහන තෙල්, නඩත්තු වියදම්, ට්‍රාන්ස්පෝර්ට් ඔෆිස් එකේ පඩි නඩි, වියදම් ඔය එකී නොකී සේරම එකතු කරාම සාමාන්‍යයෙන් මාසෙට වාහනේට ලක්ෂ දහය පනිනවා. අමාත්‍යංශය ලේකම්ට දීල තිබුණ Landcruiser Prado TRJ 150 පෙට්රල් එකට නඩත්තුවට විතරක් අවුරුද්දට ගිය වියදම රුපියල් කෝටි 1.35 ක් විතර මම හිතන්නේ අවම වශයෙන් ඒ කාලේ තෙල් මිල පෙට්රල් රු. 117 ට තිබුණ කාලේ. වාහනය ගෙන්වන්න රජයට වියදම් වෙනවා කෝටි දෙකක් විතර. අවුරුදු පහකදී කෝටි අටක් විතර රජයට වියදම් වෙලා

      නමුත් ඇමතිගේ පර්මිට් එකට ගෙනාපු Landcruiser 200 එකෙන් රජයට බදු ආදායම උපරිම ලෙස අඩු වෙන්නේ කෝටි 2.5 - 3.0 අතර මුදලක් මොකද ඒ කාලේ විදියට මහජන නියෝජිතයෙකුට හිමිවන තීරුබදු රහිත වාහන බලපත්‍රයේ යම් යම් සීමාවන් තිබෙනවා. ඒ අනුව වාහනයේ වටිනාකම, නැව් ගාස්තු හා රක්ෂණ ගාස්තු (CIF අගය) ඇමරිකා එක්සත් ජනපද ඩොලර් 62,500ක්, යුරෝ 55,000ක් හෝ යෙන් මිලියන 7ක් ඉක්මවන්න බැහැ කියලයි නීතිය තිබුණේ ඒ දවස්වල

      නමුත් දැන් ලංකාවේ තියෙන මිල ගණන් ඉහල රියදුරු වැටුප් තෙල් සහ නඩත්තු වියදම් එක්ක බලනකොට රජයෙන් වාහන දෙන එකෙන් අවම වශයෙන් අවුරුදු පහට කෝටි 25ක් වත් රජයට වියදම් වෙයි, නමුත් පර්මිට් දුන්නොත් නැති වෙන්නේ උපරිම කෝටි හතරක පමණ මුදලක් දැනට පවතින තත්ත්වය අනුව.

      Delete
    3. මන්ත්‍රී ඇමතිලාට වාහන ආණ්ඩුවෙන් දීම ගැන කියනකොට මාලිමාවේ කට්ටිය ඇමතිලට මන්ත්‍රීලට දෙන කාර් ජස්ටිෆයි කරලා තියෙන්නේ duty free permit දෙනවට වැඩිය මේක හොඳයි කියලා.

      ඒ ඒවායින් වෙන්නේ රජයට ලැබිය යුතු විශාල බදු ආදායමක් අහිමිවීමක් ඒ මුදල කාගේ හරි සාක්කුවට වැටීමක් වෙන නිසා.

      හැබැයි ඉතින් මාලිමාවේ අය කියන විදිහට ඒ වෙනුවට රජයෙන් දෙන වාහනේ අවුරුදු පහකින් මන්ත්‍රීට ගෙදර ගෙනියන්න දෙනවාලු. එතකොට ඒක හොඳට පාවිච්චි කරයිලු.

      නමුත් මම ලංකාවේ හිටපු කාලේ ආයතනයෙන් වාහන දීපු කොම්පැනි වල නං බොහෝවිට උනේ වාහනේ විශ්‍රාම යද්දි ගෙදර ගෙනියන්න දෙනවා කිව්වම ඒක ආයතනයේ ව්‍යාපාර වැඩට පාවිච්චි කලෙත් නෑ. ඒ මදිවට යන්න කිට්ටු වෙද්දි අනවශ්‍ය විදියට ආයතනයේ සල්ලි නාස්ති කරලා හොඳටම හදනවා 😁

      ඒවයින් පාඩම් ඉගෙන ගෙන දැන් පෞද්ගලික සමාගම් වල නිලධාරීන්ට වාහන දෙන්නෑ ගෙවන්නේ කුලියක් හෝ ඒකත් පැකේජ් එකට එකතු කරලා දෙනවා. ඒක අති සාර්ථක ක්‍රමයක්.

      අනික දැනට තියෙන නවීන තාක්ෂණය යොදාගෙන ඉස්සර වගේ ගමන් නොගිහින් වැඩ කරගන්න ඕන තරම් ක්‍රමවේද තියෙනවා.

      ලංකාවේ ඉද්දී කොම්පැනිය මට දීල තිබුණ මගේ වාහනේ මම අවුරුදු දෙකකදි කිලෝමීටර් ලක්ෂයක් දිව්වා 🤣 නමුත් කොරෝනා වලින් පස්සේ ගමන් නොගිහින් වැඩ කරගන්න පුරුදු වුන නිසා දැන් මාසෙකටම වාහන පැදෙන්නෑ කිලෝමීටර් දාහකට වැඩිය, අවුරුද්දටම ඕන නම් උපරිම 10,000 km වෙයි. ඒවත් වැඩි හරිය විනෝදෙට පැදපුවා. ඉස්සරට වැඩිය වැඩත් කරනවා. කාලය සහ මුදලුත් ඉතුරු වෙනවා.

      දැන් අනුර කුමාර කියපු විදියට මන්ත්‍රීලට ඉන්ධන ලීටර් 900 ක් දෙනව යනු අවම 10,000 km මාසෙකට දුවයි. හැබැයි අර කොම්පැනිවල වගේම ඔය ආණ්ඩුවේ මන්ත්‍රී ඇමති පිරිසත official vehicle ගෙදර තියලා ඔය කොහෙන් හරි ලැබෙන ආණ්ඩුවේ වෙනත් වාහන ඒ වෙනුවට භාවිත කරයි කියලා පැහැදිලිවම කියන්න පුළුවනි. මොකද ලංකාවේ මිනිසුන් හිතන විදිය අපට වෙනස් කරන්න බෑනේ. වෙනස් වෙලාත් නෑ ඔලුගෙඩි මාරු වුණාට

      මේ රජය කරපු ලොකුම අවුල data & telephone වලට රුපියල් 25,000 ක් දීම, මන්ත්‍රීල වුණත් වැඩ කරගන්න පුරුදු වෙන්න ඕනේ තාක්ෂණයෙන් මිස මුදල් සහ කාලය පාරේ නාස්ති කරලා නෙමෙයි. Unlimited පැකේජ් එකක් ලංකාවේ රුපියල් දාහකට 1500කට ගන්න පුළුවන්. Starlink එකටවත් 25k යන එකක් නැතුව ඇති. ඒවාත් වෙනස් කරන්න ඕන කියලා රජයට එරෙහිව බලපෑම කරන්න ඕන ජනතාව ඇත්තටම.

      Delete
  6. Clean Sri Lanka යටතේ ලංකා විදුලිබල මණ්ඩලය නම් සුද්ද කරන පාටක් නෑ මොකද ලංවීම ව්‍යජ ලේකන ඉදිරිපත් කරලා තමන්ගේ ලාබය වසන් කරේ අධික ප්‍රසාද දීමනා ලබන්න නමුත් කොමිසමෙන් විගණනය කරලා වසන් කල ලාබය හෙළිදරව් කරලා නියෝග කලා ලංවීමේ ජවිපෙට සම්බන්ධ jvp යුනියන් එකේ ලීඩර් කිව්වේ අපි මේ ජාතික ජන බලවේග ආණ්ඩුව හදාගත්තේ අපට ඕන දේවල් කරන්න ඒක නිසා අපිට අවශ්‍ය ප්‍රසාද දීමනාව අනිවාර්යෙන් ම ගන්නවා කියලා බිල් අඩුකිරීමක් කිසිම විදියකින් කරන්න දෙන්නේ නෑ කියලා ප්‍රසිද්ද මාද්‍ය හමුවක් කලා බලශක්ති ඇමතිට හෝ ජනාධිපති ට වත් එකට විරුද්ද ව ප්‍රතිචාර දක්වන්න කොන්දක් තිබුනේ නෑ

    අවසානයේ ස්වාධීන මහජන උපයෝගීතා කොමිසමේ නියෝගයට අනුව රජයට අකමැත්තෙන් හරි අඩු කරන්න උනා ගොඩක් ජෙප්පෝ බුකියේ චුන් වෙලා ඔන්න අපි අඩු කියලා කරන චෝදනාවක් නෙවෙයි දැන් දවස් දෙක තුනක් තිස්සෙම බුකියේ මැරෙන්න හදනවා අපි කරේ කියලා කොහොමත් අනුන් හදපු ළමයි ට උප්පැන්න දෙනවා මේ දවස් වල ඔසේට මුකුත් නොදන්න ගම්බද මෝඩ අහිංසක ජෙප්පෝ බුකියේ චුන් වෙනවා ඇත්ත දැක්ක ම ඒක නොකියා සිටීමත් වරදක් නිසයි ලිව්වේ නැත්නම් ඕන එකෙක් ඕන ආතල් එකක් ගත්තට කමක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔය ජවිපෙ විජේවීර වාදය අවසන් කරමින් යන්නේ . ජවිපෙ පරණ අයට අලුත් ආණ්ඩුවේ විධිහට හැඩ ගැහෙන්න් බැරිනම් පෙසපේ කඩේට යන්න පුළුවන් . නැත්නම් එයාලට වෙනස් වෙන්න වෙයි . මාඕ ට ගරු කලාට චීනේ අනුගමනය කලේ ඩෙන් ෂියා ඕ පින් ව . එක එක කාලෙට එකඑක මටහද එනවා . කාලයට අනුචිත මතවාද නිකම්ම හැලිලා යනවා .

      Delete
  7. ඉයන් ඔයාගේ අදහස හොඳයි,,, ඒත් 1977න් පසුව අද දක්වාම අපේ රටේ හිටපු නායකයෝ වගේම දැනට ඉන්න මාලිමාංඩුව සහ ඔවුන්ගේ දූෂිත ඇම ති යො,, උප ඇම තියෝ, මංත්‍රි වරු, දොර ළඟ, මුරකරු, දක්වා, මුදල් බෙද්දේ,, කොහොමද, රජා වත්,, රැවටු,, ගෝලයෝ,, නියම නාටකයක් මේක හදපු කෙනාට රන් කහවනු සීයක්‌, දුන්නත් මදි, ඔය සෙල්ලම තමයි කලේ,, එයාල වගේම දැන් ඉන්න මාලිමාණ්ඩු පාණ්ඩුවත් කරන්නේ ඒකම තමයි,,, අති විස්ෂ්ට නිර්මාණය යක්,,, මේක බලන්න ඉයන්

    https://www.facebook.com/share/v/18MaafExbV/?mibextid=rS40aB7S9Ucbxw6v

    පුරෝහිතයා කහවනු පහම අරන් ගිහින් එක කහවනුවක් දීලා අඹ ගත්තා නම් අඹත් වැඩියෙන් හම්බෙනවා...,,, ඌට කහවනු හතරක්ම ඉතිරිත් වෙනවා බලය වැඩි උනා කියලා පහත් බලයක සිටින අයගෙන් වැඩ කරගන්න ගියාම ඒම පාඩු වෙනවා,,, හැබැයි හොදටම කලේ දොරටු පාලකයා ඌට කහවනු එකකුත් අඹ කරත්තෙන් හරි අඩකුත් හිමි උනා,,, 😂😂

    මාලිමාවේ උන් කයිය ගැහුවේ කොහොමද,,, තඹුත්තේගම මහ මීහරකා පොරටෝක් දුන්නේ පිටරට හංගලා තියෙන ඩොලර් හොයාගෙන ලංකාවටම ගේනවා කියලා,,,,, කයිපඩ නම් තියෙනවා ලොවෙත් නැතිවෙන්න,,, අන්තිමට ලංකාවේ මෝල්කාරයෝ හංගපු වී ටික වත් හොයාගන්න බැරුව රෙද්දේ රෙවිලා බලුකෙඳිරිය මේ දවස්වල රෙවිච්ච එක වහන්න ඔන්න දැන් අර කාඩපක්ෂ පින්ගොනාගේ වහුපැටියෙක් අල්ලාගෙන බොරු නාඩගමක් පෙන්වන්න හදනවා,,,, තව සතියක් විතර ඇදගන්න පුළුවන් වෙයි උපරිම,,, ඊට පස්සෙ ඒකත් නෝන්ඩි වෙලා ආයේ රෙද්දේ රෙවිච්චාම නෝන්ජල්කම තවත් වැඩිවෙයි,,,,

    ReplyDelete
  8. අනේ මන්දා ඉයන්

    අපි අරගල කරලා එකෙක්ව එලවලා දහසක් දුක් විඳල නිදි මරාගෙන සමාජ මාධ්‍ය ජාල වල පෝස්ට් දාලා කමෙන්ට් කරලා නෑදෑයෝ යාලුවෝ එක්ක රණ්ඩු වෙලා අමාරුවෙන් බලයට පත්කල ජාතික ජන බලවේග ආණ්ඩුව..දැන් යන්නේ රුවිතෙට... අපේ අරමුණ සුනු විසුනු කරමින් කටයුතු කරන අයුරු ඉතාම ශෝචනීයයි

    පාට පක්ෂ භේද සියල්ල අමතක කර දමා මේ කුඩා වීඩියෝව නරඹන්න

    https://www.youtube.com/watch?v=eaKhwnBvrMc

    මේකේ සේපාල් අමරසිංහ ඉතාම ලස්සනට දේශපාලනය පිළිබඳව විග්‍රහ කරන ආකාරය අපූරුයි නේද? අපටත් නැවත අලුතෙන් හිතන්න සිදුවෙලා තියෙන මොහොතක මේ වීඩියො එකේ කියන දේ ගැන ඔයාගේ අදහස ලියන්න පුළුවන්ද?

    ReplyDelete
  9. අනුන්ගෙ වැඩ වලට ලකුණු දාගන්න දක්ෂ මලිමා උගතුන්,අද පොල් නැත්තේ රනිල් නිසා කීවාට, අද මේ මට්මේ ආර්තික තත්වය පවතින්නේ රනිල් නිසා කියන්නේ නැත.

    ඒ ඇයි

    කුහකකම

    උපන් ගෙයි කුහකකම

    ReplyDelete
  10. ඔහොම තමයි ඉයන් අනුන්ගෙන් වාහන ඉල්ලගෙන පැදපු කුහකයෝ පාර්ලිමේන්තු ගියාම, ඒකටම හරියන්න නූගත් එවුන් පොලීසියේ ඉන්නකොට ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ.. මනුස්සයෙක් හැප්පුනාම තුවාල වෙනවනම් ඔය යකඩ ගොඩවල් ගෙදර තියලා පයින් යන්න වෙනවා.. ගොං 🐂

    මේක බලන්න

    https://www.facebook.com/share/v/1BXz9FDgSY/

    ReplyDelete
  11. @ Ian

    ඔයාට මතක නේද පහුගිය 2022/23 කාලේ හැමදාම හැමතැනම සමුපකාර ඡන්ද සේරම ජාතික ජන බලවේගය මාලිමාවට සම්බන්ධ කණ්ඩායම් ජයග්‍රහණය කරා

    ඒත්,දැන් 2025 වසරේ හෝමාගම තලාව දෙහිඅත්තකණ්ඩිය මහියංගණය වලල්ලාවිට වගේ ඔන්න මිල්ලනිය සමුපකාරයටත් එකම ඉරණම අත් වෙලා

    මේ නිව්ස් එක දැක්කම මොකද හිතෙන්නේ ජනමතය ගැන?

    //
    NEWS Alert

    මෙවර ජනවාරි 26 දින දින පැවති මිල්ලනිය මුංවත්ත බටහිර විවිධ සේවා සමූපකාර සමිතියේ නිලවරණයෙන් වර්තමාන ආණ්ඩු පක්ෂය වන ජාතික ජන බලවේගය සහාය දුන් කණ්ඩායම දැඩිලෙස අන්ත පරාජයකට පත්ව ඇත.

    මිල්ලනිය වින්රෝ උත්සව ශාලාවේදී පැවැති මෙම නිලවරණයෙන් ජයගෙන ඇත්තේ හිටපු සභාපතිගේ ප්‍රධානත්වයෙන් යුත් ස්වාධීන කණ්ඩායමයි.

    නිලවරණය සදහා සාමාජිකයන් 11,175 ඡන්දය ප්‍රකාශ කිරීමට සුදුසුකම් ලබා තිබූ අතර 4,000කට ආසන්න පිරිසක් ඡන්දය ප්‍රකාශ කර තිබින.

    අනෙක් ස්වාධීන කණ්ඩායම දෙවන ස්ථානයට පත්ව ඇති අතර ජාජබ මාලිමාව සහාය දුන් කණ්ඩායම දැඩි පසුබෑමකට ලක්ව තුන්වන ස්ථානයටත් පත්ව ඇත.//

    ReplyDelete
  12. @ Ian

    Is this news true?

    //

    එංගලන්තයෙන් වීසා නොලැබුනු ආණ්ඩුවේ මන්ත්‍රී

    CPA එක හෙවත් පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ UK ශාඛාව විසින් සංවිධානය කරන “AI in Security” වැඩමුළුවක් අද ඉදලා දවස් තුනක් බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුවේදී පැවැත් වෙනවා. ඒ සදහා ශ්‍රී ලංකාව ඇතුළු තවත් පොදු රාජ්‍ය මණ්ඩලීය රටවල් කිහිපයක පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ආරාධනා කරලා තියනවා. සෑම වසරකම වගේ CPA එක මෙවැනි වැඩසටහන් සංවිධානය කරනවා. ඒ හැම වෙලාවකම ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවටත් ඒ ආරාධනාව යවනවා. ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව සමානව ඒ ආරාධනාව ආණ්ඩු පක්ෂයටත් විපක්ෂයටත් බෙදලා දෙනවා.

    මෙවර වැඩමුළුව විපක්ෂයේ අවස්ථාව හිමි වෙන්නේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චතුර ගලප්පත්තිට. ඔහු කොහොමත් පරිඝණක තාක්ෂන ඉංජිනේරුවෙක් නිසා විපක්ෂනායකවරයා ඔහුව නම් කරලා තියනවා. චතුර අද ඉදලා ඒ වැඩසටහනට සහභාගී වෙනවා. ආණ්ඩු පක්ෂයේ අවස්ථාව හිමිවෙලා තිබුනේ ඡන්ද පෝස්ටරයට විතරක් තොරතුරු තාක්ෂන ඉංජිනේරුවෙක් වෙච්ච නුවර දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ට. පෝස්ටරයට විතරක් කියලා කියන්නේ පාර්ලිමේන්තු වෙබ් අඩවිය බැලුවම මිනිහගේ අධ්‍යාපන හා වෘත්තීය සුදුසුකම් යටතේ මුකුත් නෑ. අඩුම ගානේ OL ගැනවත් සදහනක් නෑ. හැබැයි පෝස්ටරේ ඉංජිනේරු

    කොහොම හරි මේ පෝස්ටර් ඉංජිනේරුවා පක්ෂයෙන් නම් කරාට බ්‍රිතාන්‍යය ඔහුව පිලි අරන් නෑ. ඒ නිසා වීසා දීලා නෑ. නිකමට හිතහංකෝ ඩිප්ලොමැටික් පාස්පෝට් වල සුවදටත් රටවල් වීසා දෙනවා. එහෙව් එකේ බ්‍රිතාන්‍යයම සංවිධානය කරලා, බ්‍රිතාන්‍යයම ආරාධනා කරලා, බ්‍රිතාන්‍යයම සම්පූර්ණ වියදම් දරලා වැඩක් කරද්දිත් ඒකට මිනිහෙක්ට වීසා දෙන්නෑ කියන්නේ. මං මේ නිකමට අහන්නේ 157 ක්ද කොහේද ඉන්නවනේ. හරිහමං මිනිහෙක් නැද්ද මේ වගේ වැඩකටවත් එවන්න. අපරාදේ ලංකාවට හම්බෙච්ච වටිනා චාන්ස් දෙකෙන් එකක් අපතේ.//

    https://www.facebook.com/share/p/1DjfNJCyUT/

    ReplyDelete
    Replies
    1. බ්‍රිතාන්‍යයෙන් ඒ වගේ හේතු වලට වීසා නොදෙනවා කියන එක විශ්වාස කරන්න බැහැ . වීසා වලට කෙනෙක් ගේ උපාධි පරික්ෂ කරන්නේ නැහැ වැඩ කරන්න එන වීසා එක්කට් ඇරෙන්න. මම නම් හිතන්නේ වෙන හේතුවක් ඇති. ඔය කියන කෙනා සන්නද්ධ ව්‍යප්‍රයකට සම්බන්ධව හිටියද? එහෙම නම් වීසා දෙන්නේ නැහැ. LTTE කට්ටිය මෙහෙ අසයිලම් ඉල්ලන කොට කියන්නේ උන්ට LTTE එකෙන් ගැහුවා කියල.

      Delete
  13. රනිල් හරි

    එදා ප්‍රේමදාස විජේවීරව මර්දනය කරන් රට හදන්න හැදුවා ඒකෙන් උනේ විජේවිරලා වීරයො වෙලා ප්‍රේමදාස කියන කෙනා දුෂ්ටයා වෙච්ච එක, හැබයි දැනටත් ලංකාව දුවන්නෙ ජේ ආර්ගේ නිදහස් වෙළඳ කලාපවලට ප්‍රේමදාසගේ කාලේ ගෙනාපු ආයෝජන නිසා,
    රනිල් මෙලෝ වැඩක් බැරි පචමෝලක් වන තකීරු අනුර වගේ පොල් බූරුවෙකුට බලය දුන්නෙ අතීතයෙන් ඒ පාඩම ඉගන ගෙන දැන් මොලේ තියන හැමෝටම තේරෙනවා විප්ලවයක් කරලා රටක් හදන්න බැහැ වගේම වේදිකාවල මොන පච ප්‍රචාර බේගල් කයිවාරු කෝටියක් ගැහුවත් උන්ට ඇත්තටම කිසිම ආකාරයක ප්‍රායෝගික වැඩක්ය කරන්න බෑ කියලා🤣

    ReplyDelete
  14. ඉයන් මෙහෙම කිව්වට තරහ වෙන්න එපා මම මේක කියනනේ හිතේ තියෙන වේදනාවට මොකද මුන් මේ කාලා විනාස කරලා දාන්නේ අපේ රට, නන්දසේන බූරුවා නම් අපි අරගල කරලා විනාස කරන්න කලින්ම එලවා ගත්තා ඒත් 2024 අගදී චන්දෙට කලින් අපි ඒ දවස්වල කට කැඩෙනකම් කීවා රනිල්ව එලවන්න එපා තව එක ටර්ම් එකක් හරි මෑන්ස්ට චාන්ස් එකක් දෙන්න කියල උබලට ඇද්ද ගෙනාව මෙලෝ වැඩක් බැරි කාලකණ්නිම අමු සක්කිලි තුප්පහි නිට්ටාවෙක් uta මෙලෝ සසරක් බැහැ මහලොකු උපාදි කාරයා, ඒව ඔක්කොම හොර උපාදි සේරම ඉවරයි... තුක් නොදකින්... නොදකින් නොදකීන් නොදෝමකින් මේ වගේ අමන ආණ්ඩුවක්, මුන්ට හෙණ ගහලා අකුලෝලම පලයන් කියලා වස් කවි ලියන්න වෙනවා දැන් නම්

    ReplyDelete
  15. ලංකාවේ ඉන්න මිනිස්සුන්ට මෙව්වා හරියන්නේ නෑ ඉයන්. උන්ට ඕනේ මහින්දලා රනිල්ලා වගේ සෙල්ෆිෂ්, මාන්නේ පිරුන අමු හොරුන්ගේ කකුල් ලෙව කන්න. බඩගින්නේ හරි ඉඳගෙන රජ වරුන්ට කඩේ යන්න. සංසාර පුරුදු. දැන් ඉතින් ලංකාවේ කියලත් නෑ, ඇමෙරිකාවේ සති දෙකක් ඇතුලත ගැහැණු පිරිමි කියල වෙන් කරලා රිසර්ච් එකක්වත් කරන්න බැරි තැනට වැටිලා, රිසයින් කියල ටයිප් කරලා ඊ මේල් එකකට රිප්ලයි කළාම රජයේ සේවකයෙකුට රස්සාව නැති වෙන තැනට වැටුන කොට, එක තත්පරෙන් රජයේ ෆන්ඩ්ස් ෆ්‍රීස් කරලා, කොහේවත් යන රොකට් යවන එකෙක් මිනිස්සුන්ගේ සියලු දත්ත වලට ඇක්සස් කරන ආණ්ඩුවක් පත් කරගත්ත මිනිස්සු ඉන්න රටක් වෙච්චි කොට, ලංකාව ගැන කුමන කතාද. මිනිස්සු කියන්නේ මහා පුදුම ජාතියක්. මිනිස්සුන්ට හරියන්නේ ට්‍රම්ප්‍ වගේ මිනිස්සු. උන්ට ඕනේ එක රැයෙන් පවතින තත්වයන් වෙනස් කරන්න. ඊට පස්සේ ඒ විනාසේ ඇතුලේ අරගල කරන්න. මොලෙන් ගේමක් ගහල හීන් සැරේ වැඩක් කරන කල් බලන් ඉන්න සාමාන්‍ය මිනිස්සුන්ට ඉස්පාසුවක් නෑ. සොරි ඇනෝ ලිව්වට.

    ReplyDelete
  16. ලංකාවේ පත්වුණ බොහෝ ආණ්ඩුවලට ප්‍රතිපත්තියක් තිබුණා. රනිල්ට හැමදාමත් ලංකාව ගැන විෂන් එකක් තිබුණා. ලංකාවේ සමාජ සංවර්ධනය සම්බන්ධයෙන් මං ඒකට කැමතියි. මහින්දලා වෙන විදියක මූලෝපායකට අනුව වැඩ කළා. අපි කැමති නැති වුණත්, උන් ජාතිකවාදය, රාජ මානසිකත්වය, ජනප්‍රියවාදය, දූෂණය මත පදනම් වූ සල්ලි බෙදීම, විශාල රාජ්‍ය අංශයක් හා රාජ්‍ය ව්‍යවසාය, යටිතල පහසුකම් සංවර්ධනය, තෝරාගත් ආයෝජන ආදිය හරහා උන් උන්ගෙ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කළා. මාලිමා ආණ්ඩුවට එහෙම මොකක්වත් ප්‍රතිපත්තියක් පැහැදිලිව තියෙනවා නම් කියන්න. දැන් ජාතික ජන බලවේග ආණ්ඩුව ඔය කරගෙන යන රනිල්ගෙ ඒවයි මහින්දගෙ ඒවයි කලවං කරගෙන නාටක පෙන්වන එක වුණත් පිළිවෙලකට කළ යුතුයි. USAID මෙහෙයුම් ලංකාවේ අවසාන නිසා දැන් ඉතින් ලංකාවේ නුවර පෙරහැර කාලේට එළියට එන සෙට් අඩුවෙයි. දරුවන් අතරේ සමලිංගිකත්වය ප්‍රවර්ධනය කිරීම් අඩුවෙයි. නිරාගමිකත්වය මතුකරන අය අඩුවෙයි. එක එක මත සමාජගත කරන චීවරදාරීන් අඩුවෙයි.කොටින්ම අරගල මෙන්ම බොහෝ උද්ගෝෂණ අඩුවෙයි

    ඒ නිසා මම හරි කැමතී දිලාන් තරුණ මහත්වරුන්ට පත්වීම් දෙනවට 🙏🙏
    බිරියානි ,NGO ඩොලර් ගෑවුනේවත් නැති ,මහා දැනුම් සම්භාරයක් තියෙන දරදිය ඇඳපු මේ වගේ මිනිස්සු 68 ලක්ශය නියෝජනය කරන එක ගැන පට්ට සතුටුයි..🙏🙏

    උගත් ශැල්වින් නෝනවත් තරුණ කටයුතු අධ්‍යක්ශකවරියක් විදිහටත්,
    කටඇති දැනුමෙන් සපිරි ජගත් මනුවර්ණවත් සංස්කෘතික මණ්ඩලයේ අධ්‍යක්ශකවරයෙක් විදිහටත් පත් කරලා ,

    පුළුවන්නම් කාදිනල් තුමාටත් ආගමික කටයුතු අමාත්‍ය දූර‍ය සහ ඊබ්‍රහීම් නානා සහෝදරයට ආගමික අමාත්‍යාංශයේ ලේකම් තනතුරක්වත් දීලා,


    අරගලයේ හිටපු පුස්ථකාලාදිපති කොලුවටත් , සමස්ථ ලංකා පුස්ථකාලාදිපති තනතුර වගේ දෙයක් දීලා තවතවත් 68 ලක්ශයට සතුටු වෙන්න පුළුවන් විදිහට ඇස් වලට සතුටු කඳුලු එන විදිහට වැඩ කරනවනම් ඒක තමයි අපේ බලාපොරොත්තුව... 🙏👍
    මේ තමයි අපි පතපු පුනරුදය 👌🙏👍🥲

    ReplyDelete