Monday, May 15, 2023

ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය - සජිත් ප්‍රේමදාස

(ලංකා ඊ නිව්ස් -2023.මැයි.14, ප.ව.8.45) අරගලයේ ප්‍රතිඵලයක් ලෙස ආණ්ඩුව සහ විපක්ෂය එක්ව යහපත් වැඩ පිළිවෙලක් දියත් කර තිබේ. විපක්ෂ නායකවරයා එය හැඳින්වූයේ ලෝකයේ ප්‍රශස්තම වැඩක් ලෙසයි. එය නම් පාර්ලිමේන්තුවේ ස්ථාපිත කරන ලද විෂය ක්ෂේත්‍රයන් 17 කට අදාළ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා රටේ තරුණ තරුණියන්ට සහභාගී වී තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දීමයි. මෙම තරුණ නියෝජිතයන් පුවත්පත් දැන්වීම් පළ කිරීමෙන් අනතුරුව තෝරා ගැනීම සිදුවිය. මේ අනුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා වෙත ලැබුණු අයදුම්පත් අතුරෙන් තෝරාගත් සුදුසුකම් සහිත අවු. 18 - 35 අතර වයසේ තරුණ නියෝජිතයක් 550 කට ආසන්න පිරිසක් ඊයේ (13) බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හි පැවති වැඩමුළුවක් සඳහා ආරාධනා කරනු ලැබීය. එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) සහාය ඇතිව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුව විසින් මෙම වැඩමුළුව සංවිධානය කරනු ලැබූ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, විපක්ෂනායක සජිත් ප්‍රේමදාස, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මෙරට නිත්‍ය නියෝජිත අසුසා කුබෝටා යන අය සහ ආංශික අධීක්ෂණ කාරක සභාවලට තේරී පත් වූ තරුණ නියෝජිතයන් දෙදෙනෙකු ද එහිදී අදහස් දැක්වූහ. 

 පාර්ලිමේන්තුවේ සියලුම දේශපාලන පක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම ආංශික අධීක්ෂණ කාරක සභා ක්‍රියාත්මක වේ. පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද සංශෝධිත ස්ථාවර නියෝගවල විධිවිධාන පරිදි මෙම කාරක සභා විසින් මෙහෙයවනු ලබන විමසීම් සම්බන්ධයෙන් කාරක සභාවලට සහාය වීම සඳහා කාරක සභාවක සභාපතිවරයාට තරුණ නියෝජිතයන් පස් දෙනෙකු බැගින් කැඳවිය හැකි බැවින් එක් එක් කාරක සභාවට අදාළව තරුණ නියෝජිතයන් තෝරාගැනීමට අපේක්ෂා කරන බව කියති. එහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් ප්‍රකාශ කෙළේ පාර්ලිමේන්තුවේ ආංශික අධීක්ෂණ කාරක සභා සඳහා සහභාගීවීමට තරුණ නියෝජිතයන්ට අවස්ථාව සලසා දීම සුවිශේෂී පියවරක් බවත් එය මෙතෙක් ලොව කිසිදු රටක සිදු නොවුවක් බවයි. වැඩිදුරත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා මෙසේ ද කීය. අද මෙම අවස්ථාවට පාර්ලිමේන්තු ආංශික කමිටු සඳහා තෝරාගන්නා ලද තරුණ නියෝජිතයන් 500කට වැඩි පිරිසක් එක්ව සිටිනවා. ඔබ සියලුදෙනා තෝරාගෙන ඇත්තේ පාර්ලිමේන්තුවේ වැඩකටයුතුවලට සහභාගීවීමට. නිරීක්ෂකයෙක් ලෙස නොවෙයි, පාර්ලිමේන්තු කමිටුවල සිටින තරුණ නියෝජිතයන් ලෙසයි ඔබගේ ඒ සහභාගිත්වය සිදු වන්නේ. මම හිතන්නේ ලෝකයේ පළමු වතාවටයි මෙවැනි වැඩසටනක් ක්‍රියාත්මක වන්නේ. පාර්ලිමේන්තු කොමිටියකට, ඇමරිකාවේ සෙනෙට් කොමිටියට, කොංග්‍රස් කොමිටියට සහභාගිවිය හැක්කේ ඒවායෙහි මන්ත්‍රීවරුන්ට පමණයි. නමුත් අපේ අගමැතිතුමා, කථානායකතුමා, විපක්ෂනායකතුමා ඒ සංශෝධනය සිදු කළ ස්ථාවර නියෝග යටතේ තරුණ නියෝජිතයන් ලෙස ඔබට ඒ සඳහා සහභාගීවීමට අවස්ථාව සැලසී තිබෙනවා.

 අග්‍රාමාත්‍යතුමා සඳහන් කළ ආකාරයට කොමිටියේ මන්ත්‍රීවරුන්ගේ වාර්තාවට අමතරව ඔබේ අදහස්ද එහි ඇතුළත් කිරීමට අවස්ථාව තිබෙනවා. පාර්ලිමේන්තුවේ අපි දකින්නේ සභාගර්භයේ ඇතුලේ වාද විවාද කරන එක, ප්‍රශ්නවලට පිළිතුරු දෙන එක විතරයි. එහෙත් අද ඕනෑම පාර්ලිමේන්තුවක කටයුත සිදු වන්නේ කමිටු මාර්ගයෙන්. අධික්ෂණ කමිටු, මුදල් කමිටු ලෙස කමිටු ගණනාවක් තිබෙනවා. අපි මුදල් අනුමත කරනවා නම් එම මුදල් වියදම් කිරිම පිළිබඳ, නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ සොයා බලන්න අධීක්ෂණ කමිටු තිබෙනවා, ඒ සඳහා රාජ්‍ය මූල්‍ය කමිටු වගේ කමිටු ගණනාවක් තිබෙනවා. ඒ නිසා සභාගර්භයට ඇතුල් වි කථා කිරීම, ඡන්දය ප්‍රකාශ කිරීම හා ආලින්දයට පැමිණීම හැර අනිත් සියලු කටයුතුවලට ඔබට සහභාගිවීමට අවස්ථාව තිබෙනවා. මෙය ලෝකයේ පළමු වතාවටයි සිදුව තිබෙන්නේ. 

තෝරාගත්තේ හොඳම 535.

 අපි මේ වැඩසටහන ආරම්භ කරද්දි ඇතැම් අය කිව්වා මේක මහා බොරු වැඩක්, කාලය නාස්ති කරන වැඩක් කියලා. ඇතැමුන්ට විශාල ප්‍රශ්නයක් තිබුණා මේ මොකක්ද කියලා. එහෙත් පිරිසක් බය නැතිව තමන්ගේ නම් ඉදිරිපත් කළා. ඒ අයගෙන් තමයි හොඳම 535 දෙනා අපි මේ සඳහා තෝරගෙන තිබෙන්නේ. ඔබ සියලු දෙනා මේ සඳහා සහභාගී වී මෙම වැඩසටහන සාර්ථක කර ගැනීමෙන් පසුව අනිත් පිරිසත් අපිට මේ සඳහා තෝරාගත හැකියි. මෙම නියෝජිතයන් තෝරා ගැනීම මෙවර ගැටලුවක් නොවුවත් දහස් ගණනක් අතරින් මෙම පිරිස තෝරාගැනීම ඉදිරියේ දී විශාල ගැටලුවක් බවට පත් වෙනවා. මෙම වැඩසටහන් සඳහා තමයි අපි අපේ අවධානය යොමු කළ යුතු වන්නේ. ඔබට අද මෙම අවස්ථාව ලැබී තිබෙනවා. කිහිප දෙනෙකුට පමණයි ඉතිහාසයේ මෙම අවස්ථාව ලැබුණේ. මම වාසනාවන්ත වුණා වයස අවුරුදු 28 දී පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය ඇමතිකමක් ලබාගැනීමට. ඊට පෙර එවකට විපක්ෂ නායක ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා සමග පාර්ලිමේන්තුවට පැමිණි නිසා පාර්ලිමේන්තුව කෙසේද ක්‍රියාත්මක වෙන්නේ කියා අපට දැනගැනීමට පුළුවන් වුණා. එහෙත් බොහෝ දෙනෙකුට එම අවස්ථාව ලැබී නැහැ. අද එම අවස්ථාව ඔබට ලැබී තිබෙනවා. එයින් සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගන්න කියා මම කියන්න කැමතියි.

225 ම දියවන්නාවට දැම්මා නම් සිදුවන්නේ පරිසර හානියක් විතරයි.

 පසුගිය වසරේ විශාල කැළඹීමක් මේ රටේ තිබුණා. එම අවස්ථාවේ දී තමයි මම හිටපු කථානායක කරූ ජයසූරිය මැතිතුමා සමග සාකච්ඡා කළේ මොකක්ද මෙයට අපි ලබාදෙන පිළිතුර කියලා. මෙයට පෙර කෑ ගහපු එකකටවත් පිළිතුරක් ලැබුණේ නැහැ. පාර්ලිමේන්තුවේ 225ම දියවන්නා ඔයට දාන්න කිව්වා. එහෙම කළානම් වෙන්නේ පරිසරයට හානියක් වෙන එක විතරයි. කොහොමත් අනිත් පක්ෂවලින් තව 225ක් මෙතනට දානවා. ඒ නිසා එය ඇත්ත වශයෙන්ම විසඳුමක් නොවෙයි. ගෙවල් ගිනි තියන එකත් විසදුමක් නොවෙයි. පාර්ලිමේන්තුව වට කරලා අල්ල ගන්න හදන එකත් විසඳුමක් නොවෙයි. එදා ප්‍රශ්න තිබුණා. ඇයි අපි බංකොළොත් රටක් බවට පත් වුණේ. අපේ ආර්ථිකයට මොකක්ද වුණේ. ඒ ප්‍රශ්න ඇසීමට සිදු වෙනවා. මම කුඩා කාලයේ ලංකාව ජපානයට පමණයි දෙවැනි වුණේ. නමුත් අපි අද කොතනද ඉන්නේ. 

අදහස දුන්නේ කරු ජයසූරිය. 

ඒ අනුව තමයි අපි කොහොමද මේ ක්‍රමය වෙනස් කරන්නේ කියලා මමත්, කරු ජයසුරිය මැතිතුමත් එක්ව සාකච්ඡා කළේ. එතුමා තමයි පසුව මට කතා කරලා කිව්වේ අපි අධීක්ෂන කාරක සභා සහ අනිකුත් කාරක සභාවලට තරුණ නියෝජිතයන් ඇතුළත් කරමු කියලා. මම කිව්වා ඒ ගැන මට වාර්තාවක් දෙන්න කියලා. මම ඒක කතානායකතුමාටත් දුන්නා. පක්ෂ නායකයන් ගත්තත්, කැබිනට් මණ්ඩලය ගත්තත් දැන් ඔබ සියලුදෙනා මීට ඇතුළත් වී තිබෙනවා. අපි එතුමාට විශේෂයෙන්ම ස්තුති කළයුතුයි මේ යෝජනාව ඉදිරිපත් කිරීම පිළිබඳව. 

මේ අවස්ථාව වෙන අයට ලැබෙන්නේ නෑ. 

මම හිතන්නේ නැහැ ඔබට මේ ලැබී තිබෙන අවස්ථාව වෙන කිසිවෙකුට ලැබෙයි කියලා. ආර්ථිකය කඩා වැටිලා, රට බංකොළොත් වෙලා මේ ක්‍රමවේදය සමග තවදුරටත් අපට ඉදිරියට යා නොහැකියි කියලා සිතුන අවස්ථාවක විශාල ප්‍රතිව්‍යුහගත කිරිමක් කරනවා. අපේ ආර්ථිකය ප්‍රතිව්‍යුහගත කරනවා, වියදම් අඩු කරනවා, අලුත් ක්‍රමවේද එනවා. දැන් මිල සුත්‍රවලින් තමයි ඉන්ධන ලබා දීම සිදු වන්නේ. ඒ සමඟම අපේ සංස්ථා ගණනාවක් ප්‍රතිව්‍යුහගත කිරීමට තිබෙනවා. අලුත් අධ්‍යාපන ක්‍රමයක් ගැන සිතන්න තිබෙනවා. විශේෂයෙන්ම දේශගුණික විපර්යාස පිළිබඳ නිති 05ක් ගෙන ඒමට ආණ්ඩුව සැලසුම් කර තිබෙනවා. කාන්තා අයිතිවාසිකම් ගැන නීති 03ක්, 04ක් ගෙන ඒමට බලාපොරොත්තු වෙනවා. තවත් නව නිති ගණනාවක් තිබෙනවා. එසේනම් මේ පිළිබඳ සාකච්ඡා කිරිමට ඔබට අවස්ථාව ලැබෙනවා. ඔබේ අදහස් ප්‍රකාශ කරන්න. ඔබ කොහොමද මුදල් වියදම් කරන්නේ, ඇයි මේ විෂයට මුදල් ලබා දුන්නේ, ඇයි අනිත් විෂයයන්ට මුදල් ලබා නොදුන්නේ මේ සියල්ල ඔබට දැන ගන්න පුළුවන්. ඔබට උදව් කිරිමට දැනට පාර්ලිමේන්තුවේ පර්යේෂණ අංශයක් තිබෙනවා. ඊට අමතරව පාර්ලිමේන්තු අය වැය කාර්යාලය කියලා අලුත් එකක් අපි ඇති කරනවා. අනිකුත් අමාත්‍යාංශවලිනුත් සහාය ලබාගත හැකියි. ජේ.ආර්. ජයවර්ධන කේන්ද්‍රය දේශපාලනය පිළිබඳ අධ්‍යාපනය ලබාදෙන කේන්ද්‍රයක් බවට පත්කිරිමට අපි සැලසුම් කර තිබෙනවා. එසේනම් ඔබට අවස්ථාව තිබෙනවා මෙයින් සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගැනිමට. පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරු ලෙස, සභාපතිවරු ලෙස අපිට එම වැඩකටයුතු කිරීමට තිබෙනවා. අපි සෑම අවස්ථාවකම පාර්ලිමේන්තු සභා ගර්භය තුළ මෙය මත ගැටුමක් බවට පත්කරගත්තේ නැහැ. සමහර විට පක්ෂ ගැටුමක් වුණා, මන්ත්‍රී ගැටුමක් වුණා. අපි දැන් මෙය මත ගැටුමක් බවට පත්කරගත යුතුයි. මේ අධීක්ෂණ කාරක සභාවේ සභාපත්වරුන්ටත්, මන්ත්‍රීවරුන්ටත් යුතුකමක් තිබෙනවා එම රැස්වීම් පැවැත්වීමට, ඒ වගේම ඒවට සහභාගී විමට. එදිනෙදා කටයුතු පිළිබඳ පමණක් නොවෙයි, ඒ වැදගත් කරුණු පිළිබඳ ඔවුන් සාකච්ඡා කළයුතුයි. 

 මාස 2 ක් ආවේ නැතිනම් මාරු කරන්න.

මම කථානායකතුමාට යෝජනා කරනවා සෑම මාසයකම මේ කමිටු රැස් විය යුතුයි. රැස් වීමට නොහැකි වුවහොත් ඒ සභාපතිවරයාගෙන් කරුණු විමසිය යුතුයි කියලා. මන්ත්‍රීවරුන් පැමිණෙන්නේ නැත්නම් එය සොයා බැලිය යුතුයි. මාස දෙකක් පමණ එය සිදුවන්නේ නැත්නම් ඒ අය මාරු කරන්න. නැත්නම් මේ පිරිසට තිබෙන අවස්ථා අහිමි වෙනවා. මෙම ලැබී ඇති අවස්ථාවෙන් ඔබ සම්පුර්ණ ප්‍රයෝජන ලබා ගන්න. මෙය ඓතිහාසික අවස්ථාවක්. පළමු වතාවටයි පාර්ලිමේන්තුවක් මෙලෙස නියෝජිතයන් පත් කරන්නේ. මෙය කොතැනකවත් සිදු වී නැහැ. අපේ පාර්ලිමේන්තුවත් පරණ පාර්ලිමේන්තුවක්. එහි අතීතය 1835 දක්වා දිව යනවා. අපිට වඩා පැරණි පාර්ලිමේන්තු කීයද තිබෙන්නේ, එංගලන්තයේ තිබෙනවා, ඇමරිකාවේ තිබෙනවා, ඩෙන්මාර්කයේ, ස්විස්ටර්ලන්තයේ තිබෙනවා. මේ පාර්ලිමේන්තුවේ විවිධ වැඩසටහන් සිදු කර තිබෙනවා. අද තිබෙන්නේ අලුත් ක්‍රමවේදයක්. මේ පිළිබද පොදු රාජ්‍ය මණ්ඩලයීය පාර්ලිමේන්තු කණ්ඩායමටත් දැනුම් දීලා ඒ අයටත් එන්න කියන්න පුළුවන්. ඒ වගේම මම ජාත්‍යන්තර පාර්ලිමේන්තු සංගමයටත් දැනුම් දෙනවා, යුරෝපීය පාර්ලිමේන්තුවෙන්, ඇමරිකාවෙන් මේ වැඩසටහන ඉදිරියට ගෙන යාමට අපට සහාය ලබාගත හැකියි. ඒ වගකිම් ඔබට ලබා දී තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරු සහ තරුණ නියෝජිතයන් එකට එකතු වෙලා මේ වැඩකටයුතු කරගෙන යන්න. අපි මෙතනින් මේ වැඩකටයුතු අවසන් කරන්නේ නැහැ. අපි කොහොමද සංවර්ධිත රටක් බවට පත්වන්නේ. හැමදාම සංවර්ධනය වෙමින් පවතින රටක් වෙන්න බැහැ.රටට හොඳ අනාගතයක් අවශ්‍යයි. ඒ සඳහා හොඳ ආර්ථිකයක් තිබෙන්න ඕන, නීතිය ක්‍රියාත්මක වෙන්න ඕන. ඒ සඳහා ඔබේ අදහස් ලබාදෙන්න. 

සෑම ග්‍රාමසේවා කොට්ටාසයකම ජනසභාවක්.

 විශේෂයෙන්ම කරූ ජයසූරිය මැතිතුමා ජන සභා පනත ගෙන එනවා සෑම ග්‍රාමසේවා කොට්ටාසයකම ජනසභාවක් ඇති කිරීම සදහා. එමගින් තරුණ තරුණියන්ට සහභාගිවිය හැකි තවත් විශේෂ අවස්ථාවක් හිමි වෙනවා. යොවුන් පාර්ලිමේන්තුව සදහා තේරීම් බොහෝ දුරට සීමා වී තිබෙනවා. ප්‍රාදේශීය මට්ටමින් තරුණ සංවිධාන සියල්ලම එකතු කරගෙන එම තේරිම් සිදුකිරීම පිළිබඳ ජාතික තරුණ සේවා සභාව දැන් සාකච්ඡා කරමින් සිටිනවා. තවත් නව පියවර ගණනාවක් තිබෙනවා. මෙම ක්‍රමවේදය වෙනස් කළයුතුයි. එය සිදු කළ හැක්කේ ව්‍යවස්ථාව අනුවයි. ඊළග පාර්ලිමේන්තුව පත්වන තුරු බලා නොසිට දැන් අවස්ථාව තිබෙනවා එකට එකතුවී මේ වැඩකටයුතු සිදු කිරීමට. එසේනම් මේ අභියෝගය අපි භාර ගනිමු. ඒ සඳහා සාර්ථක විසඳුම් ලබා දෙමු. තවත් වසර 25කින් ඔබ සියලුදෙනාට කිව හැකියි අපි ගත් පියවර නිසා තමයි අද ලංකාව දියුණු රටක් බවට පත්ව තිබෙන්නේ කියලා. 

මේ අදහස මුලින් ඉදිරිපත් කෙළේ 1990 තරුණ අසහන කොමිෂන් සභාව විසින් - සජිත් ප්‍රේමදාස 

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කියා සිටියේ තරුණයන් විසින් අතීතයේ විවිධ කැරලි ඇති කළ බවත් ඒ අමිහිරි අතීතය මතක් නොකළත් එයින් පාඩම් ඉගෙන ගත යුතු බවයි. 2023 මේ කතා කරන කියන දේ 1990 තරුණ අසහන කොමිෂන් සභාව විසින් ඉදිරිපත් කළ බවත් ඒ යෝජනා ගණනාවලින් 1 ක් අද හෝ ක්‍රියාත්මක වීම පිළිබඳ සතුටට පත්වන බව ද සජිත් ප්‍රේමදාස පැවසීය. වැඩිදුරටත් අදහස් දැක්වූ විපක්ෂ නායකවරයා මෙසේද කීය.. බොහෝ විට දකින්න ලැබෙන දේශපාලන කේෂ්ත්‍රයේ කතාව එකක්. ක්‍රියාත්මක කිරීම තව එකක්. ආරම්භය සුබවාදී වගේම, ක්‍රියාත්මක කිරීමේදී මෙම වැඩසටහන ප්‍රබුද්ධව, කාර්යක්ෂමව ක්‍රියාත්මක වුණොත් අපේ රටේ හැරවුම් ලක්ෂයකට අද දිනය පත් වෙයි කියා මම විශ්වාස කරනවා. විපක්ෂය විදිහට මේ ක්‍රියාදාමය අප දකින්නේ ඉතා සුබවාදීවයි. විපක්ෂයක් ලෙස රාජ්‍ය පාර්ශ්වයේ අඩුපාඩුකම් පෙන්වා දුන්නත් ප්‍රබුද්ධ දේශපාලන ක්‍රමයක් තුළ නිවැරදි, සුබවාදී, හරවත්, ධනාත්මක දෙයක් වෙන විට ඒ දිහා ප්‍රශංසා නොකර අහක බලන් සිටිය නොහැකියි. හොඳ දේ හොඳ යැයි අගය කිරීමට කශේරුකාවක් තිබිය යුතුයි. ජනාධිපතිතුමා ඇතුළු මේ සියලුදෙනා ගත් මේ තීරණය ඉතා සුබවාදී දෙයක්. බංකොලොත් ශ්‍රී ලංකාව එම බංකොලොත්භාවයෙන් ගොඩ ගන්නා ක්‍රියාදාමයේ දී රටට යහපත් දෙයක් වෙනවා නම් එය අගය කළ යුතුයි. ත්‍රෛයිපාර්ශ්වීය ආණ්ඩුකරණය වන විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදය තුළ පිළිගන්නවා. එහි බලය බෙදී යෑම තිබිය යුතුයි. මේ ආයතන තුන අතර සංවරණ සහ තුලනය ඉතාමත්ම වැදගත්. අද මේ රටේ ආංශික අධීක්ෂණ කාරක සභා 17 කට තරුණ තරුණියන් 530 ක් සහභාගි වන්නේ එම සංවරණ සහ තුලන ක්‍රියාවලිය මනාලෙස ක්‍රියාත්මක කිරීමටයි. 

ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය.

 අද මේ ගත් පියවර ලෝකයේ අනිකුත් රටවල් සමග සංසන්දනය කිරීමේදී මේ ක්‍රියාව ශ්‍රේණිගත කිරීමක් හැටියට ගත හොත් ශ්‍රී ලංකාව ඉන්නේ පළමු ස්ථානයේ. තාරුණ්‍යයට සවන්දෙන, තාරුණ්‍ය ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමයට සහභාගීත්වය ලබා දෙන ලෝකයේ ප්‍රශස්තම ක්‍රියාවලිය විදිහට මෙය හඳුන්වන්න පුළුවන්. ඒක බොහොම සතුටට කාරණයක්. අවස්ථා ගණනාවක් මේ රටේ තරුණ කැරලි ඇති වුණා. ඒ අමිහිරි අතීතය මතක් නොකළත් එයින් පාඩම් ඉගෙන ගත යුතුයි. ප්‍රතිපත්ති, න්‍යාය හා දර්ශන මත විවිධ පරස්පරතා මත සිටියත් රටේ පොදු යුතුකම උදෙසා එකට එකතු වීමේ කාලය එළැඹ තිබෙනවා. එය රටට අගයක් එකතු කිරීමක් මිස තනතුරු තාන්න මාන්න පට්ටම් බෙදා ගැනීමට නොවිය යුතුයි. මේ ගනු ලැබූ ප්‍රශස්ත පියවර තවදුරටත් ඉදිරියට ගෙන යෑමට කොන්දේසි විරහිතව සහාය ලබා දෙනවා. 


 මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

23 comments:

  1. මේක හොඳ වැඩක් ඇත්තටම. පක්ෂ භේදයක් නැතිව කරනවා නම්, විශ්ව විද්‍යාල ප්‍රජාවත් එක්කහු කර ගන්නව එනම් වඩාත් හොඳයි

    ReplyDelete
    Replies
    1. අජිත් ධර්මා කියන මිනිහා කොමෙන්ට්කරුවන් දඩයම් කිරීම ආරම්භ කර තිබෙන්නේ.

      පසුගිය අරගලය වෙලේ රනිල් වැඩ බලන ජනාධිපති උනාම අපි ඒක හෙළිදරව් කරා.

      දැන් ඔන්න ආයේ කොමෙන්ට් කරුවන්ගේ විස්තර කුලී හේවායන්ට දෙනවා අජිත් විසින්.

      ප්‍රවේසම් වන්න සියලු දෙනාම.

      Delete
    2. අඩේ රනියට ඔච්චර බයද බං , අර හැරිසන් යනව වගේ සජ්ජගේ භාගයක් විතර යවලා රනිය ගේ දෑත ශක්තිමත් කළා නම් හරිනේ. ඔච්චර දඟලන්න ඕනෙය. කරු ගේ නම එන්නෙත් එක්තර වෙබ් අඩවියයකට ගේමක් සෙට් කර ගන්නයි ජා ජිත කෙනෙක්ව ආණ්ඩුවට දාගන්නයි නේ . ඉතින් ප්ලෑන් ක්‍රියාත්මක කරන්න කොහෙවත් ඉන්න එවුන්ට ආඩපාලි කියපල්ලා. උඹල නම් මරු පොරවල්. 😀 😃

      Delete
    3. ටයර් සෑයේ පණ පිටින් යන්න බයයි තමයි.

      අජිත් ධර්ම බය නැත්තං ලියන්නකෝ චර්නොබෝල් අනතුරේ අවසන් ලිපිය

      Delete
  2. කමිටු සභා සේරම හරි හොඳයි තමයි
    ඒවායින් එන අදහස් ඒ වගෙමයි
    ඒ අදහස් පිළිගන්නා තැනක් තියෙයි?
    ගඟට ඉනි කපා දාලා පලක් ඇතෙයි?

    ReplyDelete
  3. ඉයන් අර දමිතලා හිරුනිකර් මළහොල්මන සමග එකතු වෙලා සමගි හොර බලුවේගයට කඩේ යන කෝකිල පවං ජයසූරිය කියන ගෝතකරුමය හදාගන්න ගත්තේ උගේ ආච්චි බව කියලා මොකක්ද කුණුහරුප කතාවක් මේ දවස්වල බුකියේ ෂෙයාර් වෙනවා නේද?

    දැන් මැදමුලන හොර හැත්තගේ ප්‍රවේණිගත වහල්ලු වන දාර බයියොයි සජබෙ වහල්ලුයි කියන දෙගොල්ලොම එක වගේ රනිලා යටතේ ක්‍රියාත්මක වන සමරිසි සමනලුන්ටයි කම්බ හොරුන්ටයි කඩේ යන මේ කාලේ උනත් බලන්න ඇත්තටම සමරිසි ආදරය මොනවගේ වුණත් මම හිතන්නේ නම් මේ කතාවෙ ඇත්ත නැත්ත කෙසේ වෙතත් ( page වල දාන ඒවයෙ යටිපෙල කතා අපි සිරාවටම දන්නෑනේ ඉතින්) ලමයින්ගෙ ආච්චිලා ඉන්න ඕනෙ ආච්චිලා විදියට.

    යම් කිසි ආච්චි කෙනෙකුට ළමයෙක් ඕනෙ නම් සීයා එක්ක එකතු වෙලා හදන්න තිබ්බා!! මේ වගෙ (ඒ කතාවෙ කියවෙන විදියෙ) ආච්චිලා සෑහෙන්න ඉන්නවා මේ ඇත්ත ලෝකෙත්.. ලමයින්ගෙ ලමයි උදුරගෙන හදන්න ප්ලෑන් කරනවා. එක්කො ලේලී එක්ක තරහට. එක්කො ලේලිට පාඩම් උගන්නවන්න.. එක්කො ලමයින්ගෙ ලමයින්ව අම්මගෙන් ඈත් කරන්න කුමන්ත්‍රණ කරනවා.

    මම දන්න ආච්චියෙක් හිටියා. එයාට ලේලිව පේන්න බෑ.

    එයාගෙ මුණුපුරන්ට නිතරම එයා කියනවා

    " උබලයි තාත්තා ට ඔයිට වඩා හොද කසාඳයක් කරගන්න තිබ්බා"

    එතකොට මුණුපුරෝ අහනවා එයාගෙන්

    " එතකොට ආච්චි අපිත් නෑනෙ තාත්තා වෙන කෙනෙක් බැන්දා නම් "

    ආච්චි කියනවා

    " යකොව් ලමයිනේ අම්මා කවුරු උනත් තාත්ත කාව බැන්දත් උබලව හම්බෙනවා"

    ඒ කොහොමද ආච්චි?

    " එහෙම තමයි ලමයි තාත්තාගෙ. තාත්තා උබලයි අම්මව නොබැඳ වෙන ගෑනියෙක් බැන්දත් ඒත් උබලව ලැබෙනවා"

    ඔන්න ඔහොම දෙබස් මගෙ කන් දෙකට ඇහිලා තියෙනවා😂😂

    මම නම් ආච්චිලා සීයලා පමණට වඩා ලමයි හැදිල්ලට හොම්බ දානවට කිසිසේත්ම ආස කෙනෙක් නෙමෙ.

    ලමයි කියන්නෙ අදාල අම්මා තාත්තාගෙ project එකක්.

    තමුන්ගෙ ප්‍රොජෙක්ට් ඉවර කරලා/ බාගෙට ඉවර කරලා/ එක්කො අනාගෙන අනුන්ගෙ ප්‍රොජෙක්ට් බදාගෙන කරන්න යන ආච්චිලා සීයලා මහා සාපයක් .

    ලමයි කියන ප්‍රොජෙක්ට් එක ඒ ලමයින්ගෙ අම්මා තාත්තාගෙ පැහැර හැරිය නොහැකි වගකීමක්!

    කවුරු හරි ඒ වගකීම පැහැරගන්න එනවා නම් ආච්චිද සීයද අදාල නෑ කපන්නෝනෙ අඟලේ කෑලි කෑලි වලට! මගේ අදහස එහෙම තමයි ඉයන් මොකද හිතෙන්නේ ඒ පිළිබඳව?

    ReplyDelete
  4. එක පැත්තකින් මේක බොහොම යහපත් වැඩපිළිවෙලක්.

    ඒත් වැඩේ පුහු සංදර්ශනයක්ම... වෙන බව තමයි වැඩියක්ම හිතෙන්නෙ. අරගල හා පාලක විරුද්ධ තරුණ මානසිකත්වය සේප් කරගන්න ගහපු පැලෑනක් වෙන්ටත් බැරි නෑ.

    වෙන මොන දේ දිහා උනත්... ජහමනයා සිහිබුජ්ජියෙන් බලා කටයුතු කලයුතු වෙනව

    ReplyDelete
  5. කක්කි ජයන්ත

    ReplyDelete
  6. හුටා! මට අමතක වෙලා? ආං
    ++++++++++++++++++++

    ReplyDelete
  7. අජිත් ඩී කීර්ති ලන්ඩනයට වී සිංගල් මෝල්ට් විස්කි බොමින් රසමසවුළු කමින් ප්‍රීති වෙද්දී වික්‍රමසිංහ ආණ්ඩුවේ මර්ධනයට අසුවූ අරගලකරුවන් හමුදාවෙන් ගුටි කයි.

    ReplyDelete
  8. අනේ මන්ද ඉයන් ලංකාවේ ඉන්නේ එක එක පක්ෂ වලට රෙදි නැතුව කඩේ යන බයියො ගොඩක්ම විතරයි නාකි මයිනගේ මැදමුලන තැරිදාර පුන්නක්කු මීහරක් බයියෝ එහෙන්ර ඊළඟට රනිල්හාමුගේ ටොයි බයියෝ තව සජිත් ජලනි ප්‍රේමදාසලගේ සජබයියො රටහරක් හැත්ත වගේම මාලිමාවට හෙළුවෙන් කඩේ යන ජේවීපී වහල් බයි මීහරක් හැත්ත වගේම පෙරටුගාමී දාර බයියොත් ඔක්කොම එක හා සමාන වෙනස් වෙනස් හාම්පුතුන්ට වහල්කම් කරන වහල්ලු රැලක් විතරයි

    ඒ අස්සේ දැන් බලන්න ඔය ලංකාවට තිබුන විදේශ අපනයන මාර්කට් එක ඉවරවේගෙන යනවා ඇපරල් මාකට් එක බංග්ලාදේශය සහ වියට්නාමය අල්ලගෙන ඉවරයි... ඉතියෝපියාව උගන්ඩාව කෙන්යාව වගේ රටවල් වලත් ඒ ක්ෂේත්‍රය වර්ධනය වෙනවා

    ලගදිම තේ වලට වෙන්නෙත් ඕකම තමයි... කවලන් කරලා කෙන්යා තේ මික්ස් කරලා බාල බඩු යවන කම්පැනිකාරයෝ තමයි ඒකට වගකියන්න ඕනා..

    රජයත් වග කියන්න ඕන අනිත් රටවල් බදු අඩු කරල සහන දෙනකොට අපේ හැත්ත ගහන්න පුලුවන් හැම බද්දම ගහනවා ඊට පස්සෙ මෙහේ එවුන් බංගලාදේශ ඉන්දියාව වගේ එක්ක රටවල් එක්ක තරග කරන්න කොහොමද?

    වැලිසර බ්‍රැණ්ඩික්ස් එක වහලා සේවකයන් 2000 කට අධික පිරිසකට රැකියා අහිමිවීමේ උණුසුම පහව යන්නත් කලින් 1080 සේවක සේවිකාවො වැඩ කරපු පාදුක්ක මීපේ හයිඩ්‍රාමිනී ගාමන්ට් ෆැක්ට්‍රි එක හෙට දින වසා දමනවාලු.. මේ දිනපතා රටපුරා එකින් එක වසා දැමෙන නිශ්පාදන මධ්‍යස්ථාන වලින් එකක් පමණයි.. හයිඩ්‍රාමිනී ගෲප් එක ලංකාවේ තිබුණු ප්‍රධාන සමාගම් ජාලයක් මම දන්න තරමින්..

    විරැකියාව වැඩි වෙනවා.. අපනයන ආදායම් නැති වෙනවා.. එක ගලයි ලොකු කුරුල්ලෝ දෙන්නයි..

    ඊට අමතරව ලංකාවේ තියෙන අනිත් ප්‍රධාන ඇඟලුම් සමාගම් ඒවාට ලැබෙන ඇනවුම් පවා ඔවුන්ගේ බංග්ලාදේශ හෝ වෙනත් රටවල ඇති කම්හල් වෙත යොමු කරමින් ඉන්නවා කියලා කියනවා..

    ලෝකය පුරා ආර්ථික අර්බුද එක්ක ඇගලුම් වගේ නිෂ්පාදනවල ඉල්ලුම අඩු වෙන අතරේ ඒ තත්වයන් නොසලකා තඩි අපනයන බද්දක් ගහන රටක ඉරණම මීට වඩා වෙනස් වෙන්න හේතුවක් නෑ..

    අධික බදු නිසා අරක්කු බිස්නස් එක අඩු වෙන එක දියවන්නාවෙ බාර් හිමිකරුවන්ගෙ සංසදයට දැනුනට අනිත් කර්මාන්ත බිඳ වැටීම් එයාලට එහෙම පහසුවෙන් දැනෙන්නේ නෑ..

    ඒ වගේ තත්වයක ලංකාවේ ෆ්ලෑග් නැව්වලට පඩියට බදු ගැසීම නිසා ලංකාවේ ෆ්ලෑග් එකම විනාශ වෙලා ඒ එන විදේශ ආදායම් පවා නැති වෙනවා කියලා කොහේ දැනෙනවද ඉතිං.. දැන් කට්ටිය පුරාජේරු ගහන්නෙ අපිට ඩොලර් වැඩිත් එක්ක ගානට..

    ඔහොම යමං කියලා තමයි කියන්න තියෙන්නේ..

    ReplyDelete
  9. ඉයන්

    ඔය කාරණයේදී අප ඇතුළු ලංකාවේ විශ්ව විද්‍යාල වස සමස්ත ශිෂ්‍ය ප්‍රජාව නියෝජනය කරන ආයතනය අන්තරය විදියටයි දැන් ඔවුන් රටේ හදාගෙන තියෙන්නේ (හරියට ඉස්සර කාලේ එල්ටීටීඊ සංවිධානය දෙමළ ජනතාවගේ එකම නියෝජිත ආයතනය විදියට උතුරේ ජනතාව තුල බලහත්කාරයෙන් අවි බලයෙන් බලයක් ගොඩ නගාගෙන හිටියා වගේ)

    නමට ගත්තොත් අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය, දැන් ලංකාවේ ආණ්ඩුව නැතහොත් රනිල්ලා රාජපක්සලා හසුරුවන ජුන්ටා රෙජීමය ඇමරිකන් ළණු ගිලලා මහජන මුදල් කබාසිනීයා කරමින් ඔය කියන ලක්බේ තරුණ හඬකට ඉඩ දෙනවා කියලා මොළේ තියෙන තරුණ තරුණියන්ට අවස්ථාව නොදී විලාප ගහන්න විතරක්ම පුළුවන් නමුත් කිසිම විචක්ෂණශීලිත්වයක් නැති ඇනලිටිකල් හැකියාවක් නැති කපා කපා කෑලි කපා කිය කිය විලාප ගගහා දශක ගණනාවකට පෙර යල් පැන ගිය හණමිටී අදහස් ගිරව් වගේ පුනරුච්චාරණය කරන්න විතරක් දන්න මෙලෝ වැඩකට නැති ගොන් හාල්පාරුවෝ සෙට් එකක් ෆෝම් කරන්න ඔය හදන්න යන ලබ්බේ කයිවාරු කතා සාප්පුවට පත් කරන අය ගැන කතා කරමුකෝ

    මම අවුරුදු විසි තුනක අවසන් වසර සරසවි සිසුවෙක් විදියට දැන් ඔය අපිව නියෝජනය කරන බව කියන අන්තරයේ අලුත්ම කැඳවුම්කරුවාට වයස අවුරුදු 29යි මේ අවුරුද්ද තුල.

    සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයෙකුගේ වයස රේන්ජ් එක බැලුවොත් අවු. 19 - 25 නේ.

    එතකොට අන්තරයේ අලුත් කැඳවුම්කරුවා සාමාන්‍ය විශ්ව විද්‍යාල ශිෂ්‍යයොන්ගේ වයසට සාපේක්ෂව නාකි මයිනෙක්.

    එතකොට ස්වීඩනයේ, ෆින්ලන්තයේ, කැනඩාවේ මැලේසියාවේ සිංගප්පූරුවේ ඕස්ට්‍රේලියාවේ එක්සත් ජනපදයේ දකුණු අප්‍රිකාවේ පවා විශ්ව විද්‍යාල වලත් එහෙමද ? ශිෂ්‍යයන්ගේ ඡන්දයෙන් නායකයෙක් පත් කළොත් ඒකා මේ වගේ වයස අවුරුදු 28 -29ක 30ක මයිනෙක් වේවිද ?

    ස්වීඩනය, නෝර්වේ, ෆින්ලන්තය, කැනඩාවේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, පාලකයො ලංකාවේ මන්ත්‍රීවරු, පාලකයො එක්ක වයස සංසන්දනය කරලා තරුණ තරුණියන්ට තැන දෙන එක ගැන හඬක් නගන අපේම සහෘද විශ්ව විද්‍යාල ශිෂ්‍යයො වෙනුවෙනුයි මම මේ හඬ නගන්නේ, ඒ වගේම ඔබ වැනි වැඩිහිටි පරපුර නියෝජනය කරන දැනුම් තේරුම් ඇති අය මීට වඩා ඇක්ටිව් ලෙස ක්‍රියාත්මක වීම අත්‍යවශ්‍ය බවයි මගේ අදහස. මේ ගැන ඔබ මොකද හිතන්නේ?

    ReplyDelete
  10. පාසැල් කාලයේසිට මිතුරකුව සිටි අයකු...ඔහු කල රටේ විනාශයට හේතුවුන බරපතළ වැරැද්දක් ගැන පෙන්වා දුන්නම... මිතුරුකමෙන් අයින් වෙනවානම්...ඔහුගේ මිතුරු කමින් මටඇති වැඩක් නැත !. මේක ලියන්නේ මම මහින්ද දේශප්‍රියගේ යහළුවෙක්වී සිටියා මිස ඔහුගේ බැතිමතකුවී සිටියේ නැති නිසාය.

    ද්විත්ව පුරවැසි ගෝඨා මැතිවරණයට ඉදිරිපත්වීම වළක්වන්න උඹට බලය සහ ඕනෑ තරම් ඉඩකඩ තිබුණා කියල ප්‍රසිද්ධියේ කිව්නිසා Mahinda Deshapriya මස්සිනා මාව Unfriend කරලා. මහින්ද දේශප්‍රිය මස්සිනා...

    ඔහුගේ ජනප්‍රිය වෘත්තීය ජීවිතය...සහ දේශපාළුවන්‍ ගැන. රටකපටි දේශපාළුවන්‍ වන් උඹේ අනුමැතියෙන් මැතිවරණ කොමිසමේ ත්‍රීවීල් පක්ෂ අටවගෙන ඒවා මැතිවරණවලදී කෝටි ගණන් වලට විකුණමින් උඹ දැනුවත්ව ගහපු ගේම්...කාගෙ කාගෙත් කිල්ලෝටවල හුණු තිබේ...උඹ කිසිම දේශපාළුවෙක් එක්ක බීලම නැද්ද ? මහාධිකරණ විනිසුරුවරයෙකු බඳුවූ නුඹ...බරපතළම රාජකාරියක් කරන සමයේ එහෙම බිව්වා නම් ඒක හරිද ?

    දේශපාලුවන්ට නම් හාට් එකක් නෑ උන්ට තියෙන්නෙ කැල්කියුලේටරයක්...ගෝඨා එනවට විරුද්ධ වුණ රත්නජීවන් හූල්ට මොකද උනේ ?

    රටෙන් 90% කියනවා ගෝඨා කල්ලතෝනියෙක් කියලා...

    මැතිවරණ කොමසාරිස් කියනවා පොලීසියට කියලා...ඌ කල්ලතෝනියෙක්ද කියලා හොයන එක මට අයිති නැති අනුර කුමාරට අයිති රාජකාරියක් කියලා...අනුර කුමාරත් ජරාව කාලා සද්ද නැතුව ඉන්නවා...මරේ මරු ජන්ද කොමසාරිස් !

    උඹ විතරක් දන්නා top secret කරුණු අළලා ලක්ෂ ගණනක පිටපත් විකිනෙන...දැනට ජීවත් ජීවත් වෙන මහින්ද රාජපක්ෂ වැනි පට්ට හොර තක්කඩි දේශපාළුවන්‍වන්ගේ රෙදි ගැලවෙන වටිනා ඉතිහාස පොතක් ලියන්නේ නැත්තේ ඇයි ? මහින්ද රාජපක්ෂ ජන්දෙන් පැරදුන දවසේ උදේ ඌ උඹට ටෙලිෆොන් කරලා කිව්වේ මොකක්ද? රනිල් වික්‍රමසිංහ එදා උදේ ටෙලිෆෝන් කරලා උඹට කිව්වේ මොකක්ද ?

    මට දැනගන්න ආසයි !

    සම්පූර්ණ ඇත්තම ඇත්ත ලිව්වොත්...

    මහින්ද රාජපක්ෂ තක්කඩියාගේ වගේම මහින්ද දේශප්‍රිය මස්සිනාගේත් රෙදි රාජපක්ෂලා ගලවෙන්න ඉඩ ඇති නිසා මේ වටිනාපොත කවදාවත් ලියැවෙන්නේ නැත. තමන්ගේ සහ හෙන්චයියන් ගේ නඩු විසි කරමින් මිනීමැරුම් සහ හොරකං වල file අස්ථානගත කරමින්...සාක්ෂි විනාශ කරමින්...තවමත් රට පාලනය කරන්නේ රාජපක්ෂ මිනීමරු කපටි පවුලයි.

    මේ අවාසනාවන්ත රටට...තව අවුරුදු දෙක තුනක් වත් යනකං මේ මිනීමරු හොර පවුලෙන් ගැලවීමක් නෑ. මිනීමරු කපටි මයිනයි, කපුටයි...උගේ පවුලේ අයයි හෙන්චයියනුයි මොහොතින්... දේශපාලනයෙන් සදහටම අතුගාලා දාන්න අපේ දේශප්‍රිය මස්සිනාට පුළුවන් !මචං රට ගැන හිතපන් උඹ කළ විනාශයට ඉපදුන රටට වන්දි ගෙවපන් මගේ පොත මම ලිව්වා... මස්සිනා පොත ලියන එක මට බාරදීපන් !. උඹයි මායි දෙන්නම දැන් මරණයට ගොඩක් කිට්ටුයි. කෞරව රාජ පරම්පරාවේ ජානවලින් ආපු බෝනොවෙන රෝග හැදිලා ඉන්නේ...bypass කරලා අවුරුදු තිස්දෙකක් ජීවත් වෙලා bonus ජීවිතයක් ගත කරලා...

    වල ගැට්ටේ ඉන්න මං ඔය එකෙකුටවත් බයනෑ...මේ කුණු දේශපාලන ඌරන් තමන් ඉපදුණු රටට ගහපු කපටි ගේම් ගැන මුළු රටම දැන ගත යුතු වටිනා කරුණු රාශියක් උඹේ මරණයත් සමග අම්බලන්ගොඩ කැරකෝප්පුවේදී අළු බවට පත්වෙනවා. කණ්ණාඩියක් ඉස්සරහට ගිහිං මූන බලපං... හෘද ශාක්ෂිය ගැන උඹ නිසා මේ රටට වුණු විනාශය ගැන, නිරපරාදේ රාජපක්ෂලාගෙන් මැරුම් කාපු මිනිසුන් ගැන...පසුතැවීමක් වත් නැද්ද ? මං දැනං හිටියා රටට වෙන්න යන විනාශය ගැන...ජීවිතය ගැන නොතකා මම තනියම ප්‍රසිද්ධියේ හුඟක් සටන් කලා ගෝඨා ජනාධිපති වෙන එක වළක්වන්න ...අරගලයෙන් කීදෙනෙක් මැරුණද ? මට #කෙන් හිනා ගියා උඹ අරගලයේ ඉන්නවා දැකලා...මේ මරණ වලට උඹත් වගකියන්න කියන්න ඕනෙ නැද්ද ? උඹ මට කිව්වෙ ඕක මට අදාළ නෑ කියලා...

    ස්වර්ගයේ වැඩවසන දේශප්‍රියාණනි...

    රාජපක්ෂලාගෙන් රට ගළවාගත මැනව...

    #ආමේන් !

    මට හරි දුකයි මචං !

    I dont want to naked u...
    I just want to show you the mirror !

    ReplyDelete
  11. බෞද්ධ සංකල්ප වලට අනුව;

    ආර්ථිකය ගැන කියනවා නම්

    ඒකේන භෝගේ බුජ්ජෙයිය
    ද්වීහි කම්මං පයෝජයේ
    චතුත්තංච නිදාපෙයිය
    ආපදාසු භවිස්සති

    උපයන ආදායම කොටස් හතරකට බෙදා එයින් කොටසක් පාරිභෝජනයටද තවත් කොටසක් හදිසි කරදයකදී ප්‍රයෝජනයට ගැනීමටද, කොටස් දෙකක් ආයෝජනයටද යොදා ගත යුතු බව ඉහත සදහන් පරිදි දේශනා කර ඇත්තේ ඇඩම් ස්මිත් නොවේ. ඒ ගෞතම බුදුන්ගේ දේශනාවකි.

    ඇතැමුන්ට අනුව, බුදු දහම යනු, වණ වැදී භාවනා කිරීමට දිරි දෙන ආගමකි. එය බුදු දහමේ වැරදි තැනින් අල්ලා ගැනීමකි.

    බුදුන් පාරිභෝජනය, ආයෝජනය, රක්ෂණය පිළිබදව අදද ආර්ථික විද්‍යාවේ එන න්‍යායන් එසේ දේශනා කළේ ඇඩම් ස්මිත් උපදින්නටත් වසර 2250 කට පෙරය.

    සැමියාගෙන් බිරිදට ඉටු විය යුතු යුතුකම්, බිරිදගෙන් සැමියාට ඉටු විය යුතු යුතුකම්, උන් වහන්සේ දේශනා කර ඇත්තේ, හොදින් පවුල් කෑම ඉගැන්වීමටය. උන් වහන්සේ පවුල් ජීවිත ගත කරන ආකාරය කියා දුන්නේය. පවුල් ජීවිතය එපා වූ අයට නිවන් දකින්න බණ කිවේය.

    සේව්‍යයාගෙන් සේවකයාටත් සේවකයාගෙන් සේව්‍යයාටත් ඉටු විය යුතු යුතුකම් බුදුන් දේශනා කරන ලද්දේ මිනිසුන් ව්‍යාපාර කිරිම උන් වහන්සේ අනුමත කළ නිසාය.

    මී කුණක් විකුණා කෝටිපතියෙකු වූ අයෙකු පිළිබදවද බුදු දහමේ අසන්නට ලැබේ. ඔහුගේ උත්සාහය බුදුන් අගය කිරිම මිස, හෙළා දැක නැත.

    බුදු දහමේ වැඩිපුරම අසන්නට ලැබෙනුයේ රජවරුන්ය. සිටුවරුන්ය. නමුත් උන් වහන්සේ අන්ත අසරණ සුනීත සෝපාකලාටද පිහිට වූහ. රජවරුන්, සිටුවරුන්ට බුදුන් වහන්සේ ගිහි ගෙයි එපා කරවූයේ නැත. ව්‍යාපාර එපා කරවූයේ නැත. ඒවා තව තවත් සාර්ථක කර ගැනීමට අනුශාසනා කළහ.

    උන් වහන්සේ "ලද දෙයින් සතුටු වන්න" යනුවෙන් දේශනා කළ කරුණ අප අල්ලාගෙන ඇත්තේද වැරදි තැනින් ය. අනේපිඩු සිටු තුමාට වඩාත් සාර්ථකව ව්‍යාපාර කිරීමට උපදෙස් දුන් උන් වහන්සේ "ඔච්චර හම්බ කරන්නේ මැරුණාම අරන් යන්නද"? යනුවෙන් ඇසුවේ නැත.

    ලද දෙයින් සතුටු වන බණ නැවැත්වීමට ඇත්තේ එක් ආකාරයක් පමණි. හාමුදුරුවනේ මම චෛත්‍යය බදින්න පංසලට දෙන්න ඕන දායක මුදල රු. පන්දාහයි. මගේ ළග තියෙන්නේ රු. පන්සීයක් විතරයි. මේක තියාගෙන "ලද දෙයින් සතුටු වන්න" කියා කීම පමණි.

    ඕනෑම දාර්ශනිකයෙකුගේ දර්ශනයට පදනම් වන්නේ ඔහු ජීවත් වන පරිසරය වේ. ඔහුට එම දර්ශනය ගොඩනගා දෙන්නේ ඔහු ජීවත් වන පරිසරය විසින් ය. එකම එක මොහොතකට හිතන්න, බුදුන් කාන්තාරබද රටක උපත ලබා, නබි තුමා ඉංදියාවේ උපත ලද බව !!

    එසේ නම් බුදුන් වහන්සේ ⁣ගේ දේශනා වල පානාතිපාතා ඇතුළත් වේද ? එය එසේ වූයේ නම්, නබි තුමා ගේ දේශනා වල පානාතිපාතා තිබෙන්නටද ඉඩ තිබුනි. මන්ද ඉන්දියාවේ ඕනතරම් වගා කරගෙන කෑමට හැකියාව ඇතත් කාන්තාරබද රටවල එසේ නොහැකි වීමය !!! දර්ශනය සෑම විටම ඒ අවට පරිසරයේ නිර්මිතයකි.

    ලංකාව මෙන්ම ථෙරවාදී බෞද්ධ දර්ශනයෙන් පොහොසත් තායිලන්තයෙන් අපට උගත හැකි පාඩම් බොහෝ ය. අපරටේ බෞද්ධ ජනගහනය 70% ක් වන විට, තායිලන්තයේ එය 95% කි. තායිලන්තය ලොව 24 වන විශාලතම ආර්ථිකය වේ. ඒ, ආර්ථික කටයුතු වලදී ඔවුන්ගේ අත පය බැද දමන ආකාරයේ දේශනාවන් දක්නට නොමැති නිසා ය.

    ලංකාවේ ආර්ථිකය දියුණු කර ගන්නා ආකාරයේ බණ දේශනා කරන පින්වත් භික්ෂූන් අති විශාල සංඛ්‍යාවක් සිටිති. නමුත් එම සංඛ්‍යාව ප්‍රමාණවත් නැත.

    මා, උපතින්ම බෞද්ධයෙකි. මා, වෙනත් ආගමක දෙමාපියන්ට දාව ඉපදුනේ නම්, මට දැනුම් තේරුම් තිබෙන මොහොත වන විට මා, බුදු දහම වැළද ගනු ඇත. නමුත් කිසි දිනෙක මා, වැරදි තැනින් බුදු දහම අල්ලා නොගනු ඇත.

    බෞද්ධ, අබෞද්ධ සහෝරදවරු රාශියක් බ්ලොග් ඇතුලු සමාජ ජාල වෙබ් පිටු වල ඇතිවාට කිසිදු සැකයක් නැත. නමුත් සියල්ලන්ට ඇත්තේ එකම අවශ්‍යතාය. අප බෞද්ධකම රකින්න හදන්නේ කුමන දේ සිදු කරමින්දැයි මොහොතක් සිතන්න.

    බාර් අරින්න නොදීමෙන් ඇතැමුන් බෞද්ධ රට ආරක්ෂා කර ගැනීමට වළි කති. ඇතැම් දියුණු රටවල, ෆාමසි ද ඇතුළු ඕනෑම වෙළෙදසැලකින් අරක්කු හෝ බියර් ටින් එකක් මිලදී ගත හැක. තායිලන්තයේද එසේය. එහෙත්......හවස 6 න් පසුව බීලා පාරේ වැටිච්ච එකෙක් හොයා ගන්නට නැත. හිටියොත් බොහෝ විට ඒ ලාංකිකයෙකු විය හැක !!!

    ලංකාවේ තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස් ය. අරක්කු හෝ බියර් මිලදී ගත හැක්කේ නගරයේ තැනක හෝ දෙතැනක ඇති බාර් එකකින් පමණි. එය පෝයට වසා ඇත. නිදහස් දිනයට වසා ඇත. අමධ්‍යප දිනයට වසා ඇත. රෑ 9.00 න් පසුව වසා ඇත. නමුත් ....
    හවස 6 න් පසුව බීලා වැටිච්ච අය හැම තැනම ය !!! එසේ නම් ගැටළුව ඇත්තේ බාර් ගණනෙහි නොව, මිනිස් හැසිරීම් තුළ බව පැහැදිලි ය.

    නියම බෞද්ධයා මුදල් හම්බ කිරිමේ රුසියෙකි. බුදු දහමේ සිටි අනේපිඩු සිටු තුමා මෙනි. එබැවින් ඔබ බෞද්ධයෙකු බවට පත්වන අතතුර සිටුවරයෙකුද වීමට සිතට ගත යුතුය....

    ReplyDelete
  12. ඉයන් ඕකත් ඔය ලංකාවේ කරන තව සත පහකට වැඩක් නැති ගොබ්බ වැඩක්, දියවන්නාවේ ඉන්න කයි පප්පලා 225 ට අලුතෙන් තව කයිවාරුකාර නිකම්මු ටිකක් බෝ කරන එකම විතරයි ඉයන්, ඔය සජබෙයි එජාපෙයි පොහොට්ටුවෙයි මාලිමාවෙයි අන්තරෙයි ලොක්කොන්ගේ ළමයි සහ ඊළඟ දෙවෙන පරපුරේ උන් මහජන මුදල් නාස්ති කරමින් දිගටම සිස්ටම් එක පවත්වාගෙන යන්න ඊළඟ සෙට් එකට පුරුදු කරන්න කරන වැඩක්.

    වෙලාවට අපිනම් ලංකාව දාල මාරු වුණ නිසා ගොඩ කියලා කියන්න පුලුවන්, ඒත් ලංකාවේ මිනිස්සුන්ට සහ ඊළඟ පරපුරට හොඳ ජීවන තත්ත්වයක් ඇතිව ඉන්න නම් ලංකාව සේරටම කලින් රටේ ආර්ථිකය නැංවීමට සහ ස්ථාවර කර ගැනීමට අවශ්‍ය ඍජු පියවර ගැනීම අත්‍යවශ්‍යයි නමුත් ඒ ගැන කිසිම වගක් නෑ, බලන්න ලංකාවේ අපනයන කර්මාන්ත වලට වෙලා තියෙන දේ?

    ගෝලීය WTO එක නිදහස් වෙළඳපොල ක්‍රමය විස්වාස කරන එයමත ගොඩනැගී ක්‍රියාත්මක වන නිසා ජාත්‍යන්තර වෙළඳපොළ මත යැපෙන ඕනෑම ව්‍යාපාරයක් සාර්ථක වීමට දේශීය මෙන්ම ගෝලීය සාධක කිහිපයක් බලපානවා. මෙම සාධක ගතිකයි (dynamic). ඒවායේ හැසිරීම පිළිබඳව මනා විමර්ශනයක් සහ නිරන්තර අධ්‍යනයක් නොකිරීම දැඩි අවාසියකට පාර කපනවා.

    ලංකාවේ පසුගිය වසර හය හත තුල සිදු වූ වෙනස්කම් (ලංකාවට වඩා අඩු වියදම් සහිත ශ්‍රම බලකායක් ඇති රටවල් කිහිපයකම භාණ්ඩ නිමාවේ ගුණාත්මක බව ඉහල යාම, ලංකාවේ දේශපාලනික සහ ආර්ථික අස්ථාවර භාවය. ලෝක වෙළඳ පොළේ ආර්ථික පසුබෑම ආදිය) බොහෝ ඉහල තලයේ ව්‍යාපාරිකයන් හඳුනා ගත්තා. මේ නිසා ඔවුන් ඉන්දියාව, බංගලිදේශය, වියට්නාමය සහ අප්‍රිකාවේ සමහර රටවලට තම ආයෝජන රැගෙන ගියා. ඔවුන් රැගෙන ගියේ ආයෝජන පමණක් නොවේ ලංකාවේ දශක 3 ක් පමණ වැඩි දියුණු වූ භාණ්ඩ ගුණාත්මකබාවය, කළමනාකරණ දැනුම සහ ලංකිකය සතු නිර්මාණශිලිත්වයයි. මේ නිසාම ලංකාවට සිදුවන අවාසිය වඩ වඩාත් වර්ධනය වුණා. මේ බව රජය නොදුටුවා සේ සිටියා. සුළු සහ මාධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් මෙන්ම සේවකයන්ටද මේ පිළිබඳව දැනුමක් තිබුණේ නැහැ.

    ලංකාව ඇඟළුම් ක්ෂේත්‍රය අතහැර ඩිජිටල් fashion design, AI, robotics, smart IT ආදී නව ව්‍යාපාර කෙරේ යොමුවීමට තිබුණේ මීට වසර 5කට පමණ පෙර බව මගේ හැඟීමයි, ඉදිරියේ අප්‍රිකාවේ රටවල්වල වේගවත් ආර්ථික සංවර්ධනය සමග චීනයේ ඇති චීන සහ සමහර බහුජාතික සමාගම්වල ඇතැම් ලෝටෙක් කර්මාන්ත ශාලා අප්‍රිකාව දෙසට විතැන් කිරීම සහ චීන ආර්ථිකය හයිටෙක් සංවර්ධිත ආර්ථිකයක් ලෙස ඊළඟ පියවරට යාමත් සමග ලංකාවට ඇපත් නැති වන බව අවබෝධ කරගෙන දැන්වත් ඒකට පියවර ගත යුතුයි ඔය වගේ මෙලෝ වැඩකට නැති රට බයිලා නවත්වලා, ඔබට පුළුවන් නම් ඒකට මොනව හරි කරන්න උත්සාහ කරන්න.

    ReplyDelete
    Replies
    1. ඉතාම වැදගත් කමෙන්ට් එකක්. බොහොම ස්තූතියි. හැම දේටම එකඟයි.

      Delete
  13. ඉයන්

    පහුගිය දවසක Aviation Voice පොඩ්කාස්ට් එක බැලුවම අපූරු අදහසක් ඔලුවට ආවා.

    පොඩ්කාස්ට් එකේ දී දේව් සහ නිලන්ත ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන කතා කළා. පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමිය යුතුයි කියලා හැමෝම කියන කාලේක ඔවුන් කතා කළේ ශ්‍රී ලංකන් ගුවන් සේවයේ වටිනාකම් ගැන.

    මේ රාජ්‍ය ව්‍යවසාය ගැන බරපතල කතාබහක් ඇතිවෙලා තියෙන වෙලාවක්. මහජනතාව අතර රාජ්‍ය ව්‍යවසායන් ගැන දැඩි විවේචනයක්, අප්‍රසාදයක් ගොඩනැගිලා තියෙනවා. ඒ නිසා ම පාඩු ලබන සෑම ආයතනයක් ම විකිණිය යුතුය යන අදහස කවරදාකටත් වඩා ඉතාම පහසුවෙන් සමාජගත වෙලා.

    මීට මාස කිහිපයකට කලින් අපේ රටේ මිනිස්සු තෙල් පෝළිම්වල, ගෑස් පෝළිම්වල විඳපු දුක් කම්කටොලුත් ඊට හේතුවක්.

    කොහොමවුණත් මාතෘකාව මතුපිටින් අතගාන්නේ නැතුව ගැඹුරුන් හිතුවොත්, ශ්‍රී ලංකන් ගුවන් සේවය ගැන දේව් ලා කිව්වේ ඇත්ත කියලා අවබෝධ වෙනවා.

    අපි හැමදාම ශ්‍රී ලංකන් ගුවන් සේවය ලබන පාඩු ගැන කතා කරනවා. මේ පාඩු නිසා ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමිය යුතුයි කියලා කියනවා.

    ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගිණුම් වාර්තා බලලා සෘජු ආදායම් සහ වියදම් පරීක්ෂා කළොත් ඒ කතාවේ සත්‍යයතාවයක් තියෙනවා. සෘජු ආදායම් වියදම් බැලුවොත් ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලබන බව ඇත්ත.

    හැබැයි ශ්‍රී ලංකන් ගුවන් සේවයේ පාඩු ගැන කතා කරන අපි, ශ්‍රී ලංකන් ගුවන් සේවය නිසා රටට ඇදිලා එන මුදල් ගැන කවදාවත් කතා කරන්නේ නැහැ.

    ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉතා ප්‍රබල විදියට සංචාරක ව්‍යාපාරය මත රඳා පවතිනවා. ඒ කොතරම් ද කියලා කිව්වොත්, අවුරුද්දකට හෝ දෙකකට සංචාරක ව්‍යාපාරය අඩපණ වුණොත් අපේ රට බංකොලොත් වීමට තරම් සංචාරක ව්‍යාපාරය අපේ ආර්ථිකයට බලපෑමක් සිදු කරනවා.

    රටට ඒ තරම් වැදගත් සංචාරක ව්‍යාපාරයට ශ්‍රී ලංකන් ගුවන් සේවය වැදගත් කාර්යභාරයක් ඉටු කරනවා. බොහෝ රටවල්වල සංචාරකයන්ට ශ්‍රී ලංකාවට පැමිණෙන්න පවතින ලාභදායක සහ ඉක්මන් ම ගමන් සගයා වෙන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවය. ඒ ඔස්සේ අපේ රටට විශාල සංචාරකයන් ප්‍රමාණයක් ඇදී එනවා.

    ශ්‍රි ලංකාවට වෙනත් රටවලින්, වෙනත් ගුවන් සේවා ක්‍රියාත්මක බව ඇත්ත. හැබැයි අපේ සංචාරක කර්මාන්තයේ සැලකිය යුතු පංගුවක් අයිති ශ්‍රී ලංකන් ගුවන් සේවයට....

    එමිරේට්ස් යටතේ ශ්‍රී ලංකන් එයාර්ලයින්ස් සමාගම තියෙද්දී ලංකාවේ සංචාරක ව්‍යාපාරය සෑහෙන දුරට කඩා බිඳ වැටී තිබුණු නමුත් ශ්‍රී ලංකා රජය යටතේ පවතිද්දී විශාල වශයෙන් ලංකාවට සංචාරකයන් ලෝකය පුරාම රටවලින් ආව ගිය ප්‍රමුඛතම ගුවන් සේවය වුණේ ශ්‍රී ලංකන් ගුවන් සේවයයි, ඒ වගේම ඉතාම අමාරු කාලවලදී පාඩුවට හරි ලංකාවේ සංචාරක ව්‍යාපාරය ආරක්ෂා කිරීම හා වර්ධනය කිරීමේ අරමුණින් ඔවුන්ගෙන් වීශාල සහායක් ලැබුණා ඔවුන්ට පාඩු වුණත් පොදුවේ රටට විශාල වශයෙන් විදේශ විනිමය ආදායම් ලැබුණා. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. ඒ නිසා බිග් පික්චර් එක බලලා අවශ්‍ය තීන්දු තීරණ ගැනීම කළ යුතුයි නේද? පටු විදියට දැකලා වැරදී තීරණ අරගෙන ශ්‍රී ලංකන් ගුවන් සේවය නවතා හෝ විකුණා දැමූවහොත් අපේ රටේ සංචාරක ව්‍යාපාරය දරුණු විදියට කඩා වැටෙන බව ක්ෂේත්‍රයේ විශේෂඥයින් පවසන්නේ නිසාත් සංචාරකයන්ට පහසුවෙන් ශ්‍රී ලංකාවට පැමිණීමේ ඉඩ ඇහිරෙන නිසාත්, ඔවුන් ඉන්දියාව හෝ මාලදිවයින වැනි පහසු ගමනාන්තයක් තෝරා ගනීවි. ඒ වගේ ම ශ්‍රී ලංකන් ගුවන් සේවය වෙනත් රටකින් හෝ ව්‍යාපාරයකින් මිල දී ගත්තොත්, ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවය මෙහෙයවන්නේ ව්‍යාපාරයක් ලෙසකට විනා, වෙනත් කිසිදු ජාතික අවශ්‍යතාවයක් මත ක්‍රියාත්මක නොවන බවත් අප මතක තබාගත යුතුයි.

      සංචාරක ව්‍යාපාරයෙන් රටට ඇදී එන ඩොලර් ප්‍රමාණය ශ්‍රී ලංකා මහ බැංකුවේ කුමන හෝ ගිණුමක සඳහන් වුණාට, ඒ මුදල් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගිණුමක සටහන් වෙන්නේ නැහැ. නමුත් ඒ මුදල් රටට ගලා එන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයත් එක් හේතුවක්.

      ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ සෘජු ගිණුම්වලට අනුව පාඩු ලබන ශ්‍රී ලංකන් ගුවන් සේවය වසා දැමිය යුතු යැයි කීම අසාධාරණ කතාවක් වෙන්නේ ඒකයි.

      අනිත් අතට ශ්‍රී ලංකාවෙන් වෙනත් රටවලට යන වෘත්තිකයන්ට, ව්‍යාපාරිකයන්ට සහ සිසුන්ට ලාභදායකම සහ පහසුම විකල්පය සපයන්නේ ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන්.

      දිනය අවසානයේ මේ වෘත්තිකයන්, ව්‍යාපාරිකයන් රටට විදෙස් මුදල් ගෙන එනවා. ඔවුන් ගෙන එන මුදල් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ ගිණුමක සටහන් නොවුණට, ඒ මුදල් රටට ගෙන එන්න ශ්‍රී ලංකන් ගුවන් සේවයේ දායකත්වයත් එක් හේතුවක්.

      ශ්‍රී ලංකන් ගුවන් සේවය නොතිබුණා නම් මෙරට සිට විදෙස් ගතවීමටත්, විදේශයක සිට යළිත් මෙරටට පැමිණීමත් මීට වඩා මිල අධික, වැඩි කාලයක් ගත වන ක්‍රියාවලියක් වීමට තිබුණා.

      ශ්‍රී ලංකාවට දැනට ක්‍රියාත්මක විදෙස් ගුවන් සේවා නියාමනයක් සිදුවෙන්නේ ඔවුන් ශ්‍රී ලංකන් ගුවන් සේවය සමඟ තරගකාරීව සේවය සැපයිය යුතු නිසා.

      කුමන හෝ බාධක මැද්දේත් ජාතික ගුවන් සේවය වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය පවත්වා ගැනීම අතිශය වැදගත් වෙන්නේ ඒ නිසයි.

      ශ්‍රී ලංකන් ගුවන් සේවය පාඩු ලැබූවාට, ගිණුමේ සටහන් වන පාඩුවට වඩා වැඩි මුදලක් ශ්‍රී ලංකන් ගුවන් සේවය පැවතීම නිසා රටට ගලා එනවා. ඒ බව සඳහන් නොකර ලබන පාඩු මත පමණක් ශ්‍රී ලංකන් ගුවන් සේවය මැනීමත්, විවේචනය කිරීමත් අයුක්තිසහගතයි.

      ඒ වගේ ම ජාතික ගුවන් සේවයක් ඕනෑම රටකට අවශ්‍යයයි. ඒ ඔස්සේ රටේ ස්වාධීනත්වය, අභිමානය තහවුරු වෙනවා. කොරෝනා වසංගතය පැවැති කාලය වැනි අර්බුධ සමයන්හි ජාතික ගුවන් සේවය වශයෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවයෙන් රටට සිදු වූ සේවය, වෙනත් පුද්ගලික සමාගමකින් හෝ ව්‍යාපාරයකින් සිදුවේවි යැයි අපිට කිසිදිනෙක බලාපොරොත්තු වෙන්න බැහැ.

      නමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ අනවශ්‍ය වියදම් පවතීනම් ඒවා වැළැක්වීමත්, පාඩුව අවම කර ගැනීමට සිදු කළ යුතු වෙනස්කම් තිබේ නම් ඒවා සිදු කිරීමත් අත්‍යවශ්‍යයි. ඒ පිළිබඳ ව අපිට කිසිදු තර්කයක් නැහැ. එනමුත් ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීම හෝ නවතා දැමීම මගින් රටට කිසිඳු යහපතක් සිදුනොවෙන බව නම් පැහැදිලියි.

      ශ්‍රී ලංකන් ගුවන් සේවය විකුණා දැමීමෙන් ඉතිරි වන මුදලට වඩා වැඩි මුදලක් විවිධ අංශ මගින් රටට අහිමි වීම ස්ථිරයි.

      ඒ නිසා ම ලබන පාඩුව හැකිතාක් අවම කරගනිමින් අපේ රටේ ජාතික ගුවන් සේවය අඛණ්ඩව පවත්වා ගැනීම රටක් වශයෙන් අපි සැමගේම වගකීමක්.

      - පොඩ්කාස්ට් එක මෙතනින් බලන්න පුලුවන් >>

      https://www.youtube.com/watch?v=LlKoYyMLbQQ&t=210s&ab_channel=AviationVoice

      මේක බලලා වෙනත් පෝස්ට් එකක් හරහා මේ ගැන සාකච්ඡා කරන්න පුළුවන් නම් හොඳයි නේද ඉයන්?

      Delete