සාමාන්‍යයෙන් බ්ලොග් පෝස්ට් ලියන්නෙ කියවන්න එන ඕනම කෙනෙකුට. මේක ලියන්නේ බ්ලොග් හරහා මට හමුවුන සුන්දර මිනිසෙකු වන නිදහස් සිතුවිලි බ්ලොග් අඩවියේ සම කතෘ රවී වීරසිංහ මහතානන්ටයි.
හිතවත් රවී
මේක ලියන්නේ ඔබ මූණු පොතේ දැම්ම මෙන්න මේ පොස්ට් එක ගැනයි.
යකෝ හූ කිව්ව තමයි. ඒක එතනිං අහවරයි. කාලා ඉන්ට බැරි මගේ මේ සට්ටඹි දායක සබාව සද්ද නැතුව නොඉඳ ආයම ඒක හෝදන්ට ගිහිල්ල හත්පොලේ ගාන එකනෙ.
ජනාධිපති රනිල් කොලඹ සරසවියේ නීති පීඨයේ උත්සවයකට ගිය අවස්ථාවේ එහි සිටි පිරිසක් හූ කීමක් ගැනයි. ඔබතුමා කියන්නේ ඒ හූ කීමට විරුද්ධව රනිල් ට කැමති අය ලියන දේවලින් ඒ සිද්ධියට වැඩි ප්‍රසිද්ධියක් ලැබෙනවා කියන එකයි. ඇත්තටම ඔබ හරි. රනිල්ගේ දේශපාලන දර්ශණයට කැමති කෙනෙක් හැටියට මටත් ඒ ගැන ලියන්න හිතුනේ ඔබගේ පෝස්ට් එක නිසයි.
මගේ අදහස මේ හූ කීමෙන් රනිල්ට පුද්ගලිකව කිසිම අනිසි ප්‍රතිඵලයක් වෙන්නේ නැහැ කියන එකයි. එහෙම කියන්නේ මම ඔහු ගැන දන්න නිසා. නන්දසේන, හෝ මහින්ද රාජපක්ෂ වගේ අය ඔවුන්ගේ අනුගාමිකයන්ගේ අත්පොලසන් වලට, ප්‍රශස්ථි ගායනා වලට, වගේම අපහාස වලටත් ඉතා සංවේදීයි. ජුබිලි කණුවේ නන්දසේනට හූ කියපු වෙලාවේ විශාල පොලිස් හමුදාවක් එතනට එව්වා. ඒවගේම එතන තිබුණ පැල්වත්ත කිරි පිටි පෝලිම ආයිමත් ඇති නොවන්න ක්‍රමයක් දැම්මා.