මූට මේක කටපාඩම් ඇති |
මාතලන්තුමාගේ බ්ලොග් එක කවුද ටොයියෙක් හැක් කරලා කියලා ඔබ දැන් දන්නවා ඇති. හැකර් කෙනෙක් ගෝටාභයට බැනලා රනිල්ට ආවඩලා ඒකේ පෝස්ට් එකක් දාල. කොහොමවුණත් රනිල් අගමැති වීම අද සාමාන්‍ය මිනිසුන් කිරිපිටි, ගෑස්, ඉන්ධන ආදිය නැතුව විඳින දුකෙන් එලියට එන්න අවස්ථාවක් ලැබෙයි කියල තමයි මට හිතෙන්නේ. ඒ වුණත් අගමැති තනතුර භාර ගැනීම රනිල් දේශපාලන වශයෙන් සියදිවිනසා ගැනීමක් කියලත් හිතනවා.
අරගලය දිගටම ගිහින් හෝ 21 සංශෝධනය හරහා ගෝටාභය ජනාධිපති තනතුරෙන් ඉවත්වුණොත් හොඳයි. එහෙම නැතුව රනිල් හරහා ආර්ථික ප්‍රශ්ණ ටික මඟහැරිලා ගෝටාභය දිගටම හිටියොත් ගෝටාභය බේරූ ද්‍රෝහියා ලෙස රනිල් ගේ දේශපාලනය ඉවර වෙනවා. 21 සංශෝධනයට පෙර ගෝටාභය අයින් වුණොත් රනිල් ජනාධිපති වෙලා ඊට පස්සේ දේශපාලනය ඉවර වෙනවා. ඒත් ගෝටාභය එහෙම අස්වෙන එක වෙන්න තියෙන ඉඩ ඉතාම අඩුයි.
ඊයේ ප්‍රවෘත්ති සාකච්චාවක් තිබ්බ ඕමල්පෙ සෝභිත ස්වාමීන් වහන්සේ සහ කාදිනල් තුමා කිව්වෙ මහානායක හිමිවරුන්ගේ ඉල්ලීම වුණේ නිර්පාක්ෂික අගමැති කෙනෙක් පත්කිරීම නිසා මේ පත්කිරීම වැරදියි කියලයි. ඒ එක්කම එයා කිව්වා සජිත් ඉදිරිපත් වෙලා ඉන්න නිසා එයාට දිය යුතුයි කියලා. මේක නිකන් හතර බීරී කථාවක් වගේ. සජිත්ට දීම මහානායක වරුන්ගේ ඉල්ලීමට එකඟ වෙන්නේ කොහොමද? ඔහු නිර්පාක්ෂිකද? අනික් එක තමයි සෝභිත හාමුදුරුවෝ අනුර එක්ක ඇවිත් මේ පත්වීම හෙලා දැක්කා. එතකොට අනුරත් අගමැති කම භාරගන්න එකඟ වුණා නේද?. එතකොට එයා නිර්පාක්ෂිකද?