මෙච්චර කාලයක් යමෙක් මිය යනවා කියන්නේ කලාතුරකින් වෙන දෙයක් ලෙස හිතන්න තමයි අපේ හිත පුරුදුවෙලා තියෙන්නේ. පසුගිය සති කීපයේ වෙන රටවල සිදුවෙන දේවල් දොහා බලනකොට වැටහෙනවා මිය යනවා කියන එක එතරම් අහම්බෙන් සිදුවෙන දෙයක් නොවන බව. අපි බොහෝ දෙනෙක් අපිට කිට්ටු හෝ හිතවත් කෙනෙක් මිය ගියොත් අපි කරන දේවල් සහ අපේ වගකීම ගැන අවබෝධයක් තියෙනවා.
එතකොට අපි මිය ගියහොත්? එහෙම වුනොත් අපේ යැපෙන්නන්ට සහ අනික් අයට සාමන්‍යයෙන් කරන්න වෙන දේවල් වලට අමතර වැඩිපුර කරදර එහෙම ඉතුරු කරල යන්න වෙයිද?
ඉකොනොමැට්ටා බ්ලොග් එකේ තිබ්බ කරුණක් නිසයි මේක ලියන්න හිතුණේ. බොහෝ බටහිර රවවල වැඩි දෙනෙක් තමන්ගේ වයස මොකක් වුනත්, තමන් හදිසියේ මියගියොත් තමන් ගේ වත්කම් බෙදී යායුතු ආකාරය අන්තිම කැමති පත්‍රයකින් ලියල තියෙනව. ඒවගේම තමන්ගේ මරණය ගතයුතු ආකාරයත් එහෙම ලියනව. මරණය ගන්න එක කෙසේ වෙතත් අන්තිම කැමති පත්‍රයක් නොතිබුණොත් වත්කම් එක්තරා ගණනකට වඩා වැඩිනම් අඹු දරුවන්ට යන්නට පෙර බූදල් නඩුවක් හරහා යායුතුයි. එය ඔබ ඔවුන්ට කරන විශාල කරදරයක්. අන්තිම කැමැත්තක් නැති අවස්ථාවල යැපෙන්නන් අතර බෙදා ගැනීමේ ප්‍රශ්ණ ආවොත් විශාල කාලයක් ඔවුන්ට නඩු කියන්න වෙනවා වගේම ඔවුන් අතර බැඳීමත් නරක් වෙනවා. ඒ නිසා එහෙම නොලියපු කෙනෙක් ඉන්නවනම් තමන්ගේ වත්කම් ප්‍රමාණය මොකක් වුනත් එහෙම ලියල තියෙන එක ජීවත් වෙලා ඉන්න අයට ලොකු සහනයක්.