Dad, daughter's first love |
දෙසැම්බර් මාසෙ අන්තර් ජාලයේ සංසරණය වෙච්ච වීඩියෝ එකක් සම්බන්ධවයි කථාව.
අපි බොහොමයක් බටහිර රටවල දරුවන් සහ දෙමව්පියන් අතර ඇති බැඳීම ආසියාතික රටවල තරම් හොඳ නැහැ කියා උපකල්පනය කරනවා. ඒ රටවල් ගැන අත්දැකීම් තියෙන අය දන්නවා එහෙත් මෙහෙත් එහෙම වෙනසක් නැහැ කියලා. වයසක මව්පියන් මහළු නිවාස වලට හරින අය එහෙත් ඉන්නවා. දැන් ඒ අය මෙහෙත් ඉන්නවා. ඇත්තම වෙනස නම් ඒ රටවල මහළු නිවාස කියන්නෙ රජයේ දැඩි නීති සහ පරීක්ෂා කිරීම් යටතේ පාලනය වෙන ඒවා නිසා දෙමව්පියන්ට මෙහෙට වඩා ආරක්ෂාවක් සහ නොයෙකුත් පහසුකම් ලැබීම.
ඒවගේම දෙමව්පියන්ට දැඩි බැඳීමක් ඇති දරුවන් මෙහෙ වගේම එහෙත් ඉන්නවා. ප්‍රවෘත්ති වල දකින්න ලැබෙන්නේ 99% ක් ම නරක මිනිසුන් කරන දේවල් නිසා කරන හොඳවල් වලට ප්‍රචාරයක් ප්‍රධාන මාධ්‍යවල ලැබෙන්නේ නැහැ. ඒක ටික හරි වෙනස් වී ගෙන යන්නේ කැමරා ෆෝන් සහ සමාජ ජාල වලින් දැන එවන් හොඳ දේවලුත් හරි හරියට ප්‍රචාරය වෙන නිසා.
මේ කථාව සහ වීඩියෝව ඔබගේ දරුවන්ටත් පෙන්නුවොත් හොඳයි. කැනඩාවෙ Alberta ප්‍රාන්තයේ දෙසැම්බර් මස මැද හරියේ Three Days Grace කියන බෑන්ඩ් එකේ Concert එකක් පැවැත්වෙනවා. එයට සහභාගී වූ Jules Maria නැමැත්තියට දකින්න ලැබෙන්නේ අන් අයට වඩා ඉඩ ප්‍රමාණයක් යොදාගනිමින් සංගීතයට නටමින් විනෝද වන යුවලක්. මොහොතකින්ම මේ සාමාන්‍ය යුවලක් නොවන බව ඇයට ඒත්තු යනවා. ඇය ආසා කරන බෑන්ඩ් එක වේදිකාවේ කරන දේට වඩා ඇයගේ හිත යන්නේ මේ යුවල කරන දේ ගැනයි. වහාම ඇය එම සිද්ධිය වීඩියෝ ගතකරනවා. ෆේස්බුක් හරහා සංසරණය වුන එම වීඩියෝව ඉතා ඉක්මනින් මිලියන ගණනක් අය සංවේදී කරනවා.