Sunday, July 15, 2018

වාහන හිමියන්ට ආදායම් බදු ලිපිගොනු

දේශීය ආදායම් දෙපාර්තමේන්තු ගොඩනැගිල්ල

ඇවිද්ද පය ලියන සුදීක පෝස්ට් එකක් ලියල තියෙනව බ්ලොග් ගයිඩ්ල ගැන. ඒකෙ කියන්නෙ බ්ලොග් එකේ යමක් නොලියා ගයිඩ් වැඩෙ විතරක් කරන එක හරි නැහැ කියල. ඒක නිසා මොනව හරි ලියන්න දෙයක් ගැන හිතන්න වුණා. 

ලඟකදි ආදායම් බදු කොමසාරිස් විසින් කරන ලද ප්‍රකාශයක් සමහර බයියන් විසින් පුරුදු පරිදි විකෘති කරගෙන වාසි ගන්නව ෆේස්බුක් එකේ දැක්ක. ඒ ගැන පැහැදිලි කිරීමක් බයියන් නොවන අයගේ දැන ගැනීම ගැන ලියන්නම්.

එතුමා කියල තිබ්බේ වාහනයක් ඇති කෙනෙක් හෝ විදේශ සංචාර කරන අයෙක්ට බදු ලිපිගොනුවක් තිබිය යුතුයි කියල. ඒවුණාට බයියන් ඒක ඒ අය බදු ගෙවිය යුතුයි කියල කිව්වයි කියල ඔවුන්ගේ වාසියට ටපලවනවා. අළුතින් වාහනයක් හෝ ඉඩමක් මිලදී ගත්තොත් එම තොරතුර ආදායම් බදු දෙපාර්තමේන්තුවට ලැබෙනවා. එවිට ඔවුන් ආදායම් සහ වත්කම් ප්‍රකාශයක් එවන්න කියල එම දෙපාර්තමේතුවේ තොරතුරු අංශයෙන් එම මිලදී ගැනීම කල අයට එවනවා. බොහෝ බදු නොගෙවූ ආදායම් ඇත්තන් කරන්නේ 'ගාණක් දීලා' එම තොරතුරු ඉල්ලූ ලිපිය අතුරුදන් කිරීම. එසේ කිරීමෙන් ඔවුන් තමන්ගෙ වත්කම් ප්‍රමාණය සහ ආදායම් ප්‍රමාණය හංගනවා. අද කෙලින් බදු ගෙවන්නන් ඉන්නේ සුළු ප්‍රමාණයක්. ඒවුණාට පාරෙ ඇති විශාල වටිනාකම් ඇති වාහන හෝ විශාල වටිනාකම් ඇති නිවාස ප්‍රමාණය අනුව ඊට වඩා බදු ගෙවන්නන් ප්‍රමාණයක් රටේ සිටිය යුතුයි. බොහෝ දෙනෙක් ආදායම් හැංඟීම නිසා සිදුවන්නේ අතිරේක ආදායම් සොයා ගැනීමට ආහාර ආදී දේට වක්‍ර බදු ගෙවීමට දුප්පතුන්ටත් සිදුවීමයි. 

රජයේ අනවශ්‍ය ආදායම් සහ ගසා කෑම් නැවැතුනොත් අවශ්‍ය බදු ප්‍රමාණය අඩුවෙනවා කියන තර්කය හරි. ඒ වුනට රජයේ සේවකයන් මිලියන 1.5ක් සිටින රටක ඔවුන්ගේ වැටුප් ගෙවීමට රජයට බදු අවශ්‍යයයි. ඒවගේම පෞද්ගලික විශ්ව විද්‍යාල වැනි දේවල් නැති කරමින් හැමදේම නොමිලේ ලබා ගන්නට උත්සාහ කරන එමෙන්ම ලබා ගන්නා අයට ඒවා ලබා දීමට මුදල් අවශ්‍යයි. 'අධ්‍යාපනය විකිණීමට විරුද්ධයි' කියන අය ඒ අයම විශ්ව විද්‍යාල වල ගුරුවරු වුනාම නොමිලේ වැඩ කරන්නේ නැහැ. ඒවගේම ඔවුන් බලාපොරොත්තු වෙන්නෙත් බදු ගෙවීම අවශ්‍ය නොවන, විශ්‍රාම වැටුප් තියෙන රජයේ රැකියාවන් මයි. එමනිසා මැති ඇමතීන්ගේ වියදම බින්දුව වුණත් රජයේ වැටුප් ගෙවීම, ආරක්ෂක අංශ, උසාවි ආදිය පවත්වාගෙන යාමට බදු අවශ්‍යයයි. එමෙන්ම රජයේ බදු ආදායමෙන් වැඩි ප්‍රමාණයක් කලින් ගත් ණය ගෙවීමටත් යෙදවෙනවා.

නැවතත් ආදායම් බදු කොමසාරිස් කියපු දේට ගියොත් ඔහු කියා ඇත්තේ වාහනයක් අයිති කෙනෙක් එය පාවිච්චි කිරීමට අදායම් බදු ගෙවිය යුතුයි කියා නෙමෙයි. ඔවුන්ට බදු ලිපිගොනුවක් තිබිය යුතුයි කියල විතරයි. ආදායම් බදු ලිපිගොනු ඇති අය තමන්ගේ වත්කම් ප්‍රමාණයක් හැම වසරකම තමාගේ ආදායම් බදු රිටර්න් එකේ දැක්විය යුතුයි. එවිට උදාහරණයට අධි මිල වාහනයක් ගත්තොත් තමන්ගේ තිබූ අනික් වත්කම් වලින් (උදාහරණයට මුදල් ප්‍රමාණයෙන්) ඒ හා සමාන මුදලක් අඩුවී තිබිය යුතුයි. එහෙම නැත්නම් එම වසරේ බදු ගෙවූ පසු ආදායමෙන් එවන් වාහනයක් ගැනීමට හැකි මුදල් ප්‍රමාණයක් ලැබී තිබිය යුතියි. එසේත් නැත්නම් එම මුදල ණයක් හෝ ලීසිං හරහා ලබාගෙන එය ණයක් ලෙස රිටර්න් එකේ දක්වා තිබිය යුතුයි. තමන්ගේ තිබූ වත්කම් එසේම තිබියදී, එම වසර තුල වාහනයේ මිලට සරිලන ආදායමක් උපයා ඒ සඳහා බදු ගෙවා නැත්නම් හෝ වාහනය සඳහා ණයක් ලබා ගෙනත් නැත්නම් හෝ නොදන්නා කෙනෙක් මැණික් මල්ලක් ගෙදර ඉස්තෝප්පුවේ දමා ගොස් නැත්නම්, ඔහු වාහනය මිලදී ගැනීමට යෙදවූ මුදල් ප්‍රමාණය බදු ගෙවීම පැහැර හරිමින් උපයා තිබිය යුතුයි. එහෙම නැත්නම් අනියත මාර්ග වලින් මුදල් උපයා තිබිය යුතුයි. එවන් දේවල් හෙළි කර ගැනීමට බදු ලිපිගොනුවක් ඇත්නම් ආදයම් බදු දෙපාර්තමේන්තුවට කල හැකියි.

මිලියන දෙක තුනක වාහනයක් ණයක් හරහා හෝ තමන්ගේ ඉතිරිකිරීම් හරහා ලබා ගන්න කෙනෙක්ට අතිරේක මුදලක් ආදයම් බදු වශයෙන් වාහන පාවිච්චිය හෝ හිමිකම සඳහා ගෙවීමට සිදු නොවන බව මෙයින් පැහැදිලි විය යුතුයි. ආදායම් බදු කොමසාරිස් කියා තිබෙන්නේ බදු ගෙවිය යුතු වුනත් එසේ නොගෙවූ සහ නීතිගරුක නොවන ක්‍රම වලින් අදායම් ලබනා අය බදු දැලට අසුකර ගැනීමට ඔවුන් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තුවන් ක්‍රමයක් මිස අළුතින් වාහන සඳහා බද්දක් අය කර ගැනීම නොවෙයි.

එම නිසා කොමසාරිස් විසින් කියා ඇත්තේ ආදායම් බදු ගෙවීම පැහැර හරින්නන් සහ හොර සල්ලි ඇති අය අල්ලා ගැනීමට වාහන හිමිකරුවන් සහ බහුල ලෙස විදේශ සංචාර වල යෙදෙන්නන්ට බදු ලිපිගොනු විවෘත කිරීම අනිවාර්‍යය කරනවා යන්න මිස ඒ අය විසින් අතිරේක බදු ගෙවිය යුතුයි යන්න නොවේ.. ඔහුගේ ප්‍රකාශය සහ සමහර අය එය විකෘති කර වාර්ථා කර ඇත්තේ එය සාධාරණ ලෙස මුදල් සොයාගෙන තමන්ගේ වාහනයක් පාවිච්චි කරන අයව නොමඟ යවා මැණික් මළු වලින් ආදායම් පෙන්නු කට්ටියට වාසියක් කිරීමටයි.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

34 comments:

  1. Payee tax ගෙවන අයත් අලුතෙන් ෆයිල් එකක් ඕපන් කරන් ආයෙ වෙනම බද්දක් ගෙවන්න ඕන ද? මේ කියන්නේ කාර් එකක් තිබීම කියන්නේ මෙතනදි මිම්මක් විතරයි.. එහෙම ද? නැතුව කාර් එකේ වටිනාකමට ගහන බද්ධක් නෙමේ ද?

    ඕක කාර් එකයි, රට යන එකයි පටලවන්නැතුව මෙම්ච්චරක් ආදයම් තියන අය අනිවාර්යයෙන් ෆයිල් එකක් ඕපන් කරනන් කිව්වනම් ඉවරයිනේ.. නිකම් බයියෝ ෆෝම් නොකර...

    ReplyDelete
    Replies
    1. කාර් එකේ වටිනාකමට ආදායම් බද්දක් එන්නේ නැහැ. තමන්ගේ වත්කම් (ඉඩකඩම්, වාහන ) , අතිරේක විශාල වියදම් (විදේශ සංචාර වැනි ), තමන්ගේ ආදායමට (බදු ගෙවිය යුතුන එසේ ගෙවූ හෝ බදු රහිත ආදායම් (රජයේ සේවක වැටුප් වැනි ), ආදායම් ලිපිගොනුවක් තිබූ පමණින් අතිරේක බද්දක් ගෙවීමට සිදුවන්නේ නැහැ.

      Delete
    2. ඔබ කියන එක හරි. ආදායම් බදු නීතිය අනුව එක්තරා ප්‍රාමණයකට වැඩියෙන් බදු ගෙවිය යුතු ආදායම් තියෙන අය ලිපිගොනු විවෘත කර බදු ගෙවිය යුතුයි. එයයි නීතිය. එසේ නොකර බඟ හරින අය එසේ ප්‍රකාශයකින් කිවූ පමණින් කරන්නේ නැහැ. බොහෝ රටවල වත්කම් අනුව එසේ ලිපිගොනු විවෘත කිරීම සිදුකරන්වා. මෙහිදී ඔහු කියා ඇත්තේ එසේ ලිපිගොනු විවෘත කිරීම අනිවාර්‍යය කරන බවයි.අතිරෙක බද්දක් ගැන නොවේ.

      Delete
    3. Payee Tax ගෙවන අය ඔවුන්ගේ ආදායම එය පමණක් නම් ලිපිගොනුවක් විවෘත කිරීම නිසා වෙන බදු ගෙවීමක් අවශ්‍ය වන්නේ නැහැ. ඊට අමතරව තැන්පතු ගැන පොලී, නිවාස වලින් කුලී ආදිය ඇත්නම් ඒවායේ පොලිය හෝ කුලී ගෙවීමේදී අඩුකරගන්නා මුදල (withholding tax) අඩුකරගෙන ඊට අමතර ගෙවීමක් කලයුතුනම් එය ගෙවිය යුතුවෙනවා.

      Delete
    4. ඕන ෆයිල් එකක් ඒ ගොල්ලොම හදලා එව්වනම් වටිනවා.. නැත්නම් ෆයිල් එක ඕපන් කරන්න එතන රස්තියාදුවයි, එතන ඉන්න පිරිසිදු රාජ්‍ය නිළධාරින්ගේ සුහද සේවය අගයන්නයි ගියාම බදු නොගෙවා හිරෙ යන එක හොඳයි කියලා හිතෙනවා...

      Delete
    5. sennna මම දන්න විදිහට ආදායම් බදු ලිගොනුවක් විවෘත කරන්න කියල ලිපියක් යවන එක පමණයි කරන්න තියෙන්නෙ. වසරක් පාසා රිටර්න් කොලයක් ගෙදරටම එවනවා. ලියුම් කවරෙකුත් එක්ක. ඒක පුරවලා අරින්න තියෙන්නෙ. ගෙවීමක් කරන්න තිබුණොත් ලංකා බැකුවට ගෙවන්න පුළුවන්.

      උඹට තියෙන්නේ PAYE tax විතරක් නම්, ඒවගේම තියෙන්නේ සාධාරණව උප්යාගත්ත මුදලින් ගත්ත වත්කම් නම්, ෆයිල් අරින්න කරදර වෙන්න එපා. අවශ්‍යනම් ඒගොල්ලෝ ලියුමක් එවයි.

      Delete
    6. හම්මේ...ඇති යන්තම්.....😀

      Delete
  2. ලංකාවෙ මිනිස්සුන්ට යමක් කියනකොට හැමෝටම තේරෙන විදියට කියන්නැතුව ප්‍රකාශ නිකුත් කරන්න ගියාම ඔහොම වෙච්ච පළවෙනි වතාව නෙමෙයි මම හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත. ඊට වඩා මේවගේ කථා විකෘති කරන බයියන් ඉන්න රටක.

      Delete
  3. මම හිතන්නෙත් IRD එක කිව්වෙ ටැක්ස් ෆයිල් නැති ඒත් වාහන අයිති, පිටරට නිවාඩුවට යන අයට ටැක්ස් ෆයිල් අරින්න වෙනව කියනදේ..ඒක ටපලගන්න හේතුව ලංකාවේ තාම ටැක්ස් ෆයිල් තියෙන්නේ 250,000ක් වගේ සුළුතරයකට නිසා, ඔවුන් දැනුවත් නැතිකමයි, ටැක්ස් වලින් ලෑඩ්කෲසර් වලට ඩීසල් ගහනව වගේ දේවල් විතරක් පෙනෙන නිසයි වෙන්න ඕනි..මේ වගේ වැදගත් දෙයක් විස්තර කරනකොට ඉයන් මීට වඩා සංයමයකින් ලියනවනං හොඳයි කියල මට හිතෙන්නේ..ටොයි බයි කේස් අදින්නේ නැතුව පොදුවෙ හැමෝම ඉන්නේ එක තැනක කියන එක තේරුම් යන විදියට පැහැදිලි කිරීම අගෙයි නේද..?
    ඉංදියාවේ බිලියනකටත් එහා ජනතාවක් ඉන්දෙද්දි, යසට ටැක්ස් ෆයිල් ඕපන් කරල තියෙනව රට යන අය, වාහනයක් අයිති අය, ටීවී කනෙක්ශන් එකක් තියෙන අය වගේ දැලට අසු කරගෙන. අපිත් ඒක කරන්න ඕනි..ස්වයං රැකියා කරන හැමෝම වගේ ටැක්ස් ගෙවන්නේ නෑ...එක හේතුවක් ඉන්ඩයරෙක්ට් ටැක්ස් ගැහිල්ල..ඒකෙන් ටැක්ස් ගෙවන කෙනා ඩබල් ටැක්ස් වෙනවා..ඒ අනුපාතය වෙනස් කරනගමන්, ටැක්ස්වලින් ජනතාවට වෙන යහපත ගැනත් දැනුවත් කරන්න ඕනි...!
    කාලීන සංවාදයක්...තැන්කූ ඉයන්...!

    ReplyDelete
    Replies
    1. බොහො ස්තූතියි බොස්. බයි-ටොයි ගාව ගැනීම වැරදි බව පිළිගන්නවා. සමාජයේ පහල තර වල ඉන්න බොහෝ විට බදු ගැන නොදන්නා අයට මේවා තේරෙන්නේ නැහැ. එහෙත් මේ නොමඟ යැවීම කරන අයට මේක තේරෙනවා. ඒ වුණාට රජයට විරුද්ධව ඒ නොමඟ යවන ප්‍රචාරණය කරනවා. ඒක නොමඟ යැවීමක්. එහිදී බයි කථාව කිව යුතු වුණා. අනික මැණික් මල්ලේ කථාව ආදායම ආ විදිහ හෙලි කිරීමට නොහැකිව කිවූ දෙයක්. එයත් මෙයට අදාලයි කියා සිතුවා.

      Delete
  4. බොහොම ස්තුතියි මගේ විවේචනය හරියාකාරව තේරුම් ගැනීමට. ඒ වගේම ඒ වෙනුවෙන්ම ලිපියක් ලිවීම ගැන. කොයි දේ වුණත්, තමන් හිතන කෝණයෙන් බැලුවම විකෘති කර ගණන් හෝ නැතිව ගන්න පුළුවන්. ඒක ස්වභාවික මනුෂ්‍ය ගතිය. මටත් තිබුණේ අර සෙන්නා කියන ගැටළුව. රැකියාවක් කරන කෙනෙකුට වෙනත් ආදායමක් නෑ. ඉතිං පේයී ගෙවනවනම් වරදක් නෑ නේ. කළබල වෙන්න ඕනේ මොනවා හරි වැරදි ආදායම් මාර්ග තියෙන අය. අපි අවුරුද්දකට පාරක් අපේ වත්කම් රජයට ඉදිරිපත් කරනවා. ඉතිං මේක අපිට අදාළ නොවෙන බව පැහැදිලියි. කාර් එක ගන්නේ ණය වෙලානම් එතැන ටැක්ස් ගෙවීමේ අවශ්‍යතාවක් නෑ කියළා පෙනුනත්, ඒ ප්‍රකාශයෙන් ඒක පැහැදිලිව කියා වුණේ නෑ. එතකොට මිනිස්සු කළබල වෙනවා. රට යන එකත් එහෙමයි. රට යන කෙනෙකුට වත්කම් හෙළි කරන ෆෝම් එකක් දුන්නා නම් ඉවරයි නේද ? එතකොට ලියන්න වෙනවනේ. මම හිතන්නේ එම්බසි බොහෝ විට ඒ සංචාරයේදී කරන්න වියදම තියෙනවද කියළා හොයා බලනවා. ඉතිං රජයට අවශ්‍ය නම් ඒ ගිණුම් විස්තර එම්බසි වලින් ගන්න පුළුවන්. හැබැයි වැඩේ තියෙන්නේ, මේ රටේ ධනපති හරියට ටැක්ස් ගෙවනවනම් මධ්‍යම පංතිය සහ දුප්පතුන් අමාරුවේ වැටෙන්නේ නෑ. කරන තරමක් තක්කඩි කම් කරන්නේ ධනපති උදවිය. හැමෝමත් නෙවෙයි. කොටසක් ඉන්නවා හරියට ගෙවන. අපේ රටේ ටැක්ස් භීතිකාවක් තියෙන්නේ. ඒක සාමාන්‍යකරණය කරන්න ඕනේ.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙ tax = කප්පම්...සාමාන්‍යයෙන් tax ගැහුවම ඒකෙ ප්‍රතිලාබයක් ඒක ගෙවන ජනතාවට තියෙන්න ඕනා. දැන් ලංකාවෙදි අපිට ගෙවන tax වලට ප්‍රතිලාබයක් ති⁣යනවද? නෑ. කාට හරි කියන්න පුලුවන් නිදහස් සෟඛ්‍ය, අධ්‍යාපනය වගේ කතා. ඒත් ඒවා ඇත්තටම නිදහස්ද?නිදහස් අධ්‍යාපනය යටතේ ඉගන ගන්න දරුවෙක් වෙනුවෙන් කොච්චර වියදම් කරන්න ඕනද කියලා මව්වරු, පියවරු දන්නවා. ප්‍රතිකාර ගන්න ඉස්පිරිතාලෙට ගියාම දොස්තරගෙ ඉදන් සුලු සේවකයට යනකම් හැම එකාගෙම ගනන් බලන්න ඕනා. හරියට නිකන් උන් ගෙදරින් ගෙනත් අපට ප්‍රතිකාර කරනවා වගේ..අපේම බදු සල්ලි වල පුතිලාබ ලබන්න අපි උන් ඉස්සරහා නියාලු වෙන්න ඕනා. මිනිස්සු ඒකයි බදු ගෙවන්න අදි මදි කරන්නෙ..(ධනවත් උන් ගැන නෙමේ මම මේ කියන්නෙ.) අනිත් එක දේශපාලුවො මහා පරිමාණයෙන් තමන්ගෙ බදු මුදල් අපහරණය කරනවා මිනිස්සු හැමදාම දකිනවා.. ඉතිං ලංකාවෙ මිනිස්සුන්ට, ආණ්ඩුව තමන්ගෙන් කප්පම් ගන්නවා වගේ හිතෙන එක වරදක් නෙමේ..

      ප්‍රශ්නයක්, දේසපාලුවො බදු ගෙවන්න ඕනා නැද්ද?

      Delete
    2. ඔව් සුදීක. ආදායම් බදු ලිපිගොනුවක් ඇරීම කියන්නෙ දෙවරක් එකම ආදායමට බදු ගෙවීම නෙවෙයි. උදාරහණයකට රජයේ සේවකයන්ගේ වැටුපට ආදායම් බදු ගෙවීම අවශ්‍ය නැහැ. එහෙත් වාහනයක අයිතිය නිසා ලිපිගොණුවක් විවෘත වුණත් එම ආදායමට බදු ගෙවිය යුතු නැහැ. උපයන විට ගෙවීමේ බද්දට යටත්වන පෞද්ගලික අංශයේ අයටත් එසේමයි. රැකියාවෙන් ලැබුන අදායම පෙන්වා ඒ සඳහා කපාගත් මුදල සඳහන් කිරීම පමණයි කලයුත්තේ.

      රටේ ධනපති හරියට බදු ගෙවන්නේ නැති එකනම් වෙනවා. පිටකොටුවේ තිබෙන කඩයකින් අවම වශයෙන් වසරකට මිලියන 5 කවත් ලාභයක් ලබනවා. සමහර 10 X 10 කඩ කාමර වලින් තොග වෙලඳාම් මඟින් කෝටි ගණන් උපයනවා. ඔවුන් ගෙවන්නේ බොහෝ විට සුළු බද්දක්. එසේ බදු නොගෙවන මුදල් වියදම් වෙන්නේ ඉඩම් සහ වාහන ගැනීමට. බොහෝ අය පවුලේ අයගේ නම් වලින් මෙම වාහන ගැනීම ඉඩම් ගැනීම සිදුකරනවා. වාහනයක් ඇති කම නිසා බදු ලිපිගොනු ඇරීමෙන් වාහනය අයිති කෙනාට මුදල් ලැබුණු ආකාරය සහ ඔවුන්ගේ අනික් වත්කම් හෙළි කිරීමට සිදුවෙනවා. මම කියන්න අදහස් කරන්නේ මෙම ලිපිගොනු විවෘත කිරීම ආදායම යට ගහන අය අල්ලා ගැනීමට ක්‍රමයක් විනා අතිරේක බදු ක්‍රමයක් නොවන බවයි. එමෙන්ම ධනව්තුන් ගෙවියයුතු මුදලට වඩා අඩු ආදයම් බදු ප්‍රමාණයක් ගෙවන එක අල්ලා ගැනීමට මෙම වාහන මත ලිපිගොනු ක්‍රමය උදව් වෙනවා.

      Delete
  5. ලංකාවේ බොහොමයක් දෙනා තමන්ට ලැබෙන ආදායමට අදාලව ටැක්ස් ගෙවන්නේ නැහැ. සමහර අවස්ථා වලදී ඔවුනටම ඒක බුමරංගයක් වෙනවා. සාලාව අවි ගබඩා පිපුරුමෙන් විශාල අලාභයක් සිදු උන එක් ව්‍යාපාරිකයෙක් මේ ව්‍යසනයෙන් උන පාඩුව දිනකට රුපියල් ලක්ෂයකටත් වඩා ඉහල බව කියා ඒ සඳහා වන්දි ඉල්ලා තිබුනා . එවිට ඔහුගේ ආදායම සහතික කිරීමට, ඔහු ගෙවූ ආදායම් බදු වල විස්තර සොයා බැලූ විට ඔහු කිසිම ආදායමක් සඳහා බදු ගෙවා නැති පුද්ගලයෙකු බවත් හරිනම් ඒ සම්බන්ධයෙන් ඔහුට නඩු පැවරිය යුතු බවත් කියවුනා. අපේ උදවිය රජයෙන් තමන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ගැන සටන් කලාට තමන්ගෙන් රජයට ඉටු විය යුතු යුතුකම් සම්බන්ධයෙන් කතා බහ කරන්නවත් කැමති නැහැ .

    ReplyDelete
    Replies
    1. ඔබ කිය දේ හරියටම හරි. බොහොම ස්තූතියි සෑම්.

      Delete
  6. ගන්න වාහනයටත් දෙතුන් ගුණයක් බදු ගෙවලා අරගෙන ආපහු ආණ්ඩුව ආයෙත් පාරක් බදු ගෙවහල්ලකෝ. මහින්දගේ නාස්තිකාර වියදම් අඩු කලාම රට දියුුණු වෙනවා ඉන්දන අඩුවට දෙන්න පුලුවන් කියලා කියාගෙන ආපු ආණ්ඩුක් ආපහු අපෙන් බදු ගහන්නේ මොන පදනමින්ද? අනික ආදායම් බදු ෆයිල් අරිනවානන් වක්ර බදු ඔක්කොම අහෝසි කරල ඉන්න. ඕනි. වක්ර බදුයි ඝෘජු බදුයි දෙකම ගෙවන්න ජනතාව බැදිල නෑ

    ReplyDelete
    Replies
    1. වක්‍ර බදු කියන ඒවට ඉන්ධන වලට එකතු කරන බදුත් අයිතියි. ගිය ආණ්ඩුව කාලෙ ඒකාලෙ තිබ්බ තෙල් මිල අනුව ලීටරේ රුපියල් 100 ට දෙන්න කියල සරත් සිල්ව කිව්වෙ ඒකයි.

      කෙලින් බදු එකතුකිරීම වැඩි කිරීමෙන් වක්‍ර බදු යම් ප්‍රමාණයක් අයින් කිරීමට උත්සාහ කරන බව අය වැයේදී කියා තිබෙනවා. කෙසේ වෙතත් වක්‍ර බදු තිබිය යුත්තේ බදු ගෙවන අයත නොගෙවන අයත් අධ්‍යාපනය, සෞඛ්‍ය, අනික් රජයේ සේවාවන් ලබා ගන්නවා. ඒවා ලබා දීමට එහි සේවකයන්ට වැටුප් ආදිය ගෙවිය යුතුයි. එමනිසා එක්තරා ප්‍රමාණයකට වක්‍ර බදු පැනවීම හෝ එම සේවා වලට මුදල් අයකිරීම කල යුතුයි.

      වාහන් වලට බදු නොගැහැව්වොත් වෙන්නෙ මොකද කියල හිතල බලන්න. වාහන ගෙන්නන අය ඩොලර් හොයන්නේ නැහැ. ඒ වුනාට වාහන ගෙන්නන්න ඩොලර් යනවා. රටේ විදේශ මුදල් යොදවා යමක් රට ගේනකොට ඒ සඳහා ආනයන බදු අයකරන්නෙ ඒකයි. එහෙම නෙවෙයි නම් ගොට්ලර් ආණ්ඩුව ආවම ඒව අරන්දාන්න පුලුවන්නේ.

      Delete
    2. /අනික ආදායම් බදු ෆයිල් අරිනවානන් වක්ර බදු ඔක්කොම අහෝසි කරල ඉන්න. ඕනි. වක්ර බදුයි ඝෘජු බදුයි දෙකම ගෙවන්න ජනතාව බැදිල නෑ//

      මේක කොච්චර බොලඳ තර්කයක්ද? මොන ෆයිල් ඇරියත් බදු ගෙවන්නේ රටේ තිබෙන පවුල් වලින් 10-15% අතර ප්‍රමාණයක්. ඒ අයට විතරක් වක්‍ර බදු නැතිව භාණ්ඩ සපයන්න පුළුවන්ද? එහෙම නැත්නම් ඔබ කියන්නේ 15% කෙලින් බදු ගෙවන නිසා හැම දෙනාටම වක්‍ර බදු නැතිව භාණ්ඩ මිලදී ගන්න දෙන්න කියලද?


      අනික් කාරණය. රජයේ ගිණුම් වල වියදම් ඇමුණුම කියවලා බලන්න. රටේ ණය ගෙවන්න කීයක් යනවද, අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ශෙත්‍ර වලට කීයක් යනවද, නොමිලේ දෙන සෞඛ්‍යට කීයක් යනවද කියල. අධ්‍යාපනය සහ සෞඛ්‍ය ලබා දෙන්නේ කිසිම බද්දක් නැතිව. වක්‍ර බදු තියෙන්නේ ආනයන ආහාර ද්‍රව්‍ය වලට. මේව වරදිනම් ගොට්ලර් ආණ්ඩුවෙන් මේව වෙනස් කරන්න පුලුවන්නේ.

      Delete
    3. @ඉයන්

      ඔබ මගේ ප්රශනලට උත්තර දීලා නෑ.

      1) දැනටම වාහනයක වටිනාකමින් දෙතුන් ගුණයක් වැඩිපුර බදු ගෙවා මිලදී ගන්න වාහන සදහා වාහන අයිති කරැවන්ට නැවත බදු අයකිරීම සාධාරණද?

      2) මහින්දගේ වියදම්/නාස්තිය නැති කලාම බඩු මිල අඩුවෙයි, තෙල් මිල අඩුවෙයි කියා බලයට පැමිණි අාණ්ඩුවට මෙලෙස අසාධාරණ ලෙස බදු ගැසීමට සිදු උනේ ඇයි?

      3) වක්ර බදු ගෙවිය යුතු නම් සෘජු බදු කුමකටද? වක්ර බදු වලින්ම ආදායම පියවා ගැනීමට රජයට නොහැකිද?

      Delete

    4. වාහන බදු සහ ආදායම් බදු කියන්නේ දෙකක්. වාහන සඳහා බදු හැමදාම තිබුනා. ජපානයේ ගනන් වලට බදු නැතිව වාහන ගෙන්වන්න දුන්නොත් අද එනවට වඩා පස් හය ගුණයක වාහන මෙරටට ඒවි. 1977 ට පෙර වාහන ගෙන්වන්න දුන්නේ CRA නම් ගිණුම් හරහා අපනයනය මඟින් විදේශ විනිමය උපයන අයට විතරයි. නිදහස් අර්ථිකය එක්ක ඕනම කෙනෙකුට ගෙන්නන්න පුළුවන් වුණත් ඒ සඳහා බදු අයකරනවා. එම බදු වල එක පරමාර්ථයක් තමයි රටට එන වාහන ප්‍රමාණය පාලනය කිරීම.

      මේ කියන්නේ දෙතුන් ගුණයක් බදු ගසා ගෙන්වන වාහනත් මිලදී ගන්න සල්ලි තියෙන මිනිසුන් එම මුදල් නීති ගරුකව එනම් බදු ගෙවා උපයා තිබෙනවාද නැත්ද යන්නයි. අපනයන බදු ගෙවා ගෙන්වන වාහනයක් ගන්නා කෙනෙකුට තමන්ගේ ආදායම මත ගෙවිය යුතු බදු ගෙවිය යුතු නොවන වගේ දෙයක් තමයි ඔබ කියන්නෙ. බදු ගෙවා උපයාගත් මුදලින් වාහනයක් ගෙන තිබෙනවානම් බදු ලිපිගොනුවක් තිබුනා කියා අතිරේක බද්දක් ගෙවීමට සිදුවන්නේ නැහැ.

      දෙවෙනි ප්‍රශ්ණෙට පිලිතුරට හේතු කිහිපයක් තිබෙනවා. මහින්දගේ නාස්තිය සහ වියදම් අඩු කලාට ඔහු භාණ්ඩාගාරයට පිටින් අරගෙන තිබුණ ණය ප්‍රමාණයත් දැන් රජයට ගෙවන්න සිදුවෙලා. අනික බඩු මිල සහ රජයේ වියදම් කියන්නේ දෙකක්. උදාහරණයට පොල් මිල ඉහල ගිහින් තිබෙන්නේ බදු නිසා නොවෙයි. බදු නිසා ඉහල යා හැක්කේ ආනයනය කරන ආහාර වර්ග වල පමණයි. ආනයනික ආහර වල මිල ඒකාලයට වඩා එක්කෝ අඩුයි නැත්නම් ඒ අවුරුදු 3 කින් පසුවත් ඒ මට්ටමේම පවතිනවා. තවත් දෙයක් එම ආනයනික ආහාර වල මිල ඉහල යාමට වැඩිවී ඇති ඩොලරයේ වටිනාකමත් බලපානවා. ඩොලරය වැඩිවී ඇත්තේ ඇමෙරිකාවේ ආර්ථිකයේ ඇති ශීග්‍ර දියුණුව සහ අපගේ විදේශීය ණය ගෙවා ගැනීමේ ඇති අපහසුතා නිසා. විදේශීය ණය යොදා ගනිමින් ආදායම් නොලබන ව්‍යාපෘති (වරාය සහ ගුවන් තොටුපල වැනි ) දේවල් නිසා තව ණය ලබා ගනිමින් එම ණය මුදල් සහ පොලී ගෙවීමත් සිදුවෙනවා.

      මේ රජයේ පළමු අයවැයෙන් මන්ත්‍රී වරුන්ට සහ රජයේ සේවකයන්ට අඩු බද්දට වාහන ගෙන්වීම නවත්වන්න උත්සාහ කලත් දොස්තර වරු වැඩ වැරීම සහ මන්ත්‍රී වරුන්ගේ සහයෝගය නොලැබීම නිසා එය කල නොහැකි වුනා. මන්ත්‍රීවරු 225 වුනාට 10,000 කට වැඩි රජයේ සේවකයන්ට පර්මිට් ලැබෙනවා. ඒවාහන ගෙන්වීමටත් තවත් විදේශ මුදල් වැයවෙනවා.

      තව හේතුවක් තමයි මහින්ද GSP + නැතිකරගත් පසුව එම ආනයන කරුවන් බංග්ලාදේශයට යාම. බංගලා දේශයේ ඇඟලුම් අපනයනය 400% වැඩිවුණේ හොඳම ගැණුම් කරුවන් එහි ගිය නිසා. එමනිසා අපගේ අපනයන ආදායම විදේශ ණය ගෙවා ගැනීමට අතිශයින් මදිවීම. අපි GSP + අහිමි කරගන්න විට බංග්ලාදේශය කියන්නේ ඇඟළුම් තාක්ෂණය අතින් අඩු මට්ටමේ රටක්. මෙහෙ ඇඟළුම් කර්මාන්ත ශාල වැහුනාම බංග්ලාදේශ සමාගම් අපේ පුහුණු කලමනාකරුවන් ගෙන්වාගෙන ඔවුන්ගේ තාක්ෂණය ඉහල මට්ටමකට ගෙනාවා. අතිවිශාල ජනගහනයක් සිටින නිසා ඔවුන්ගේ වැටුප් මෙහෙට වඩා අඩුයි. දැන් GSP + නැවත ලැබුණත් ඒ නැතිවුණ අපනයනයන් නැවත එන්නේ නැහැ.

      වක්‍ර බදුවලින් පමණක් රජයේ ආදායම පියවා ගන්න බැහැ. කෙලින් බදු වන ආදායම් බදු, සුරාබදු, ආනයන බදු වැනි කෙලින් බදු වලින් තමයි රජයේ ආදායමෙන් විශාලතම ප්‍රමාණය ලැබෙන්නේ. ඉන් පසුව තමයි වැට් බද්ද වැනි පරිහරණය මත එකතු කරන බදු එකතු වෙන්නේ. වක්‍ර බදු පමණක් තිබ්බොත් වැට් ප්‍රතිශතය 50% පමණ කරන්න වෙනවා. අනික කෙලින් බදු බොහොමයක් ගෙවන්නේ ලාබහ් ලබන නිශ්පාදන සමාගම්, බැන්කු සහ සේවා සමාගම්. ඉහල ආදායම් ලාභීන් ගෙන් අයව ආදායම් බදු එනම් මෙම පෝස්ට් එකට අදාල බදු තවමත් රජයේ ආදායමෙන් සුළු කොටසක්.

      Delete
  7. ටැක්ස් ගෙවමු රට නගමු

    ReplyDelete
  8. බොහෝ අය හරියට තේරුම් ගෙන නොමැති මාතෘකාවක් පිළිබඳව ඉතා හොඳ සංවාදයක්. වැරදි අදහස් කිහිපයක්ම නිරාකරණය කර ගැනීමට කාගේත් අදහස් ප්‍රයෝජනවත් වෙනවා.
    සමහර රටවල තිබෙනවා නේද 'cash in hand' කියලා නිත්‍යානුකුල ලියවිලි නොමැතිව මුදල් හුවමාරු වන ගෙවීමේ ක්‍රමයක්. මේ ක්‍රමය නොයෙකුත් නම් වලින් අපේ රටෙත් තිබෙනවා. මහා පරිමාණ 'සීට්ටු දැමීම' මේ වගේ එකක් නේද?
    'ටැක්ස් ගෙවමු රට නගමු' යන අදහස නම් කදිමයි ලක්මාල් !

    ReplyDelete
  9. ගමේ ගෙදරකට සෙනෙහෙ පපා සිටි...
    බලු කුක්කට මොන බදුද අනේ...
    තනේ තියෙන කිරි ටිකටත් බද්දක්..
    ගෙවන්න වේවිද නුදුරු දිනේ..

    ReplyDelete
  10. වාහන සම්බන්ධව අදායම් බලපත්‍ර හැමෝම ගන්න නිසා ඒ ගැන ආයෙ වෙනම කතා කළ යුතුද...
    ලීසිං දාන එකා ස්ටෑම්ප් ඩියුටි සහ වැට් පවා ගෙවනවා...
    ආයෙ ස්මෝක් ටෙස්ට් වලට, ඉන්සුරන්ස් වලටත් වැට් ඇතුළුව ආයෙත් ගෙවනවා...

    එතකොට කම්පැණි වලින් ලැබෙන වාහන මුදලක් වියදම් නොකර නිකම්ම පදින අයට, රජයෙන් ඩ්‍රයිවර් එක්ක ඩීසල් එක්කම ලැබෙන වාහන පදින මිනිහට ඒ මුකුත්ම ටැක්ස් නැහැ නේද...
    ඔය වෙනස තමා පොඩි මිනිහට දැනෙන වෙනස...
    ඒවටත් වැලියු එකක් දාල ඒ ඒ අයගෙනුත් ටැක්ස් ගන්න ඕනෙ නැද්ද...

    ReplyDelete
    Replies
    1. ලොක්කා, ලිපිය නොකියා දාපු කමෙන්ට් එකක් වාගෙයි. වාහන පාවිච්චි කරන හෝ අයිති කිසිවෙකුට අමතර බද්දක් වැටෙන්නේ නැහැ. වාහනය ගැනීමට වියදම් කල මුදල බදු ගෙවා ලබා ගත් මුදලක්ද නැත්ද යන්න පමණයි සොයා බැලෙන්නේ.

      කලින් තිබුනේ වාහනයක් ගත්තම (විශේශයෙන්ම අධික වටිනාකම් වාහනයක්) අදාල පුද්ගලයාට ආදායම් වාර්ථාවක් එවෙන ලෙස දැන්වීම. එම ක්‍රමයෙන් පනින්න පුළුවන්. මේ ක්‍රමයෙන් බදු ලිපිගොනුවක් තබාගැනීම පමණයි අවශ්‍ය කරන්නේ. අතිරේක බදු ගෙවීමක් නොවේ.

      Delete
    2. පෞද්ගලික ආයතන වලින් වාහන ලැබෙන අයට මුල්‍ය නොවන ප්‍රතිලාභ ලෙස ගණනක් ආදායමට එකතු කර PAYE බදු ගෙවනවා. රජයේ අයට එහෙම නැහැ.

      Delete
  11. Only people who pay proper taxes are PAYE tax payers.

    ReplyDelete
  12. මට තියෙන්නෙ පුෂ් සයිකලයක් විතරයි ,ඒකටත් බදු ලිපිගොනුවක් අරින්න වෙයිද මන්ද?

    රටේ අනාගතේ තීරණය වෙන්න බදු ප්‍රතිපත්තිය ගොඩක් වැදගත්, ඒ ප්‍රතිපත්තිය හරි ආකාරයව ඡනතාව අතරට යවන එක ඊට වඩා වැදගත්. ඕක මිනිස්සු තේරුම් නොගන්න එකෙන් වෙන්නෙ රඡයෙ ආයු කාලය අඩු වෙන එක..

    ඡනතාව තමන්ගෙ දේශපාලන මත කියන කණ්ණාඩි එක්ක , තලගොයාවත් කිඹුල වගේ දකින්නෙ. මිනිස්සුන්ට වැරැද්දක් කියන්නත් බැ. මේ රඡයට තෙරෙන්නැ මිනිස්සුන්ට තේරෙන භාෂාවෙන් කියල දෙන්න

    ReplyDelete
  13. මට හිතෙනනේ ආදායම් බදු ගැන ලංකාවේ මිනිස්සුනගේ තියෙන දැනුම අල්පයි . ආදායම් බදු ප්‍රතිපත්තිය ලංකාවෙ ඇල් මැරිලා. හරියට කරනවනං ඇමතිලාගෙන් ඔයිට වැඩිය අයවිය යුතුයි. ඉන්දියාවේ දොඳ බදු ප්‍රතිපත්තියක් තියෙනවා
    විචාරක දියණිය

    ReplyDelete
  14. පැහැදිලි...මේ බදු ගෙවිම ගැන තනිකරම වැරදි පින්තුරයක් සමාජයට ලැබුනේ..."බදු" කියපු ගමන් බය වෙන මිනිස්සු ඉන්න රටක මේ ගැන නිර්මානාත්මක විදිහට මිනිස්සුන්ට දෙන්න තිබුනා.

    ReplyDelete
  15. ස්තූතියි

    ReplyDelete