(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.27, පෙ.ව.5.00) පැවිදි හෝ ගිහි වේවා තමා භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතු බවත්, අන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැති අතර ආගම් තුල අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙන බවත් බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති වී තිබෙන මේ අවස්ථාවේ අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය වැදගත් වන්නේ අන්තවාදී ඥානසාර වැනි සිවුරුකරුවෙකුගේ හැසිරීම කුමක් වුවත් මතවාදය නිවැරදි යයි අස්ගිරි මහා නායක ඇතුළු දුරදිග නොපෙනෙන උන්නාන්සේලා විසින් ප්‍රකාශකරන පසුබිමක් තුලදීය.
පසුගිය ජුනි මස 25 වන දින කළුතර බෝධිපරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ කී අතර එහිදී අගමැතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.