Friday, April 21, 2017

දොස්තර වර්ජන නවතන විදිහ


ලෙඩ්ඩුන්ගෙ ජීවිත වල තියෙන අවදානම පාවිච්චි කරල බ්ලැක්මේල් කරන දොස්තර වරුන්ගේ මේ ස්ට්‍රයික් කෙරුවාව සෑහෙන කාළෙකටවත් නතර කිරීමට සැලසුමක් ගැන යෝජනාවක් තමයි මේ. මීලඟ වැඩ වර්ජනයට සහභාගී වන හැම දොස්තරයෙක්ම සේවය අතහැර ගියා කියල සළකන්න ඕන. කිසිම හේතුවක් නිසාවත් ඔවුන්ට තිබුණ තනතුර නැවත නොදෙන ලෙස එය ක්‍රියාත්මක කරන්න ඕන. 

මේක ක්‍රියාත්මක කරන්න නම් වැඩිම වුණොත් පැය 48 ක් ඇතුලත මේ දොස්තර පුරප්පාඩු පුරවන විදිහක් කලින් සැලසුම් කර තියෙන්න ඕන. දොස්තර වර්ජනයක් ක්‍රියාත්මක කරන දිනට පෙර දින සහ එදින රජයේ රෝහලකට පැමිණීමෙන් එදින සිටම අවුරුදු හතරක කොන්ත්‍රාත් ක්‍රමයට සුදුසුකම් ලත් දොස්තරවරු බඳවා ගන්නවා කියන එක ප්‍රචාරය කරන්න ඕන. දැනට පිටපළාත්වල එහෙම නැත්නම් දුෂ්කර පළාත්වල සේවය කරන දොස්තර ලාට නගර වල පත්වීම් ගන්න මේක අවස්ථාවක් වෙනවා. ඒක නිසා ඒ අවස්ථාවේ වැඩ වර්ජනය කිරීමෙන් සේවය අහිමි වෙච්ච අයත් මේ තනතුරු වලට බඳවා ගන්න ඕන. ඒ එක්කම අවුරුදු 65-70 වගේ වයසක් යනකම් හොඳ සෞඛ්‍ය තත්ත්වයේ ඉන්න සුදුසුකම්  ලත් වෛද්‍යවරුත් අවුරුදු 2ක හෝ 4 ක කොන්ත්‍රාත් මත බඳවා ගන්න ඕන. කොහොම වුණත් පැය 36-48 යනකොට ස්ථාන වලට අවශ්‍ය වෛද්‍යවරු ප්‍රමාණයෙන් 75% වත් බඳවාගෙන අවසන් කරන්න පුළුවන් වෙයි. 

අසාධ්‍ය තත්වයේ හෝ හදිසි ප්‍රතිකාර අවශ්‍ය නොවන රෝගීන්ට රෝහල් වලට පැමිණීම දවස් කීපයක් ප්‍රමාද කරන්න දැනුවත් කිරීමෙන් තදබදය යම් ප්‍රමාණයකට අඩුකරගන්නත් කොන්ත්‍රාත් ක්‍රමයට බඳවා ගන්නා අය අසාධ්‍ය ලෙඩුන් සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය ලෙඩුන්ට ප්‍රතිකාර සඳහා යොදවන්නත් පුළුවන් වේවි.  ශල්‍ය වෛද්‍යවරු, ගැබිණි සහ කාන්තා රෝග විෂේසඥ්ඥයන් වගේ අය යම් ප්‍රමාණයක් හමුදා රෝහල් වලින් සහ ඉන්දියානු හමුදා වලින් තාවකාලිකව ලබා ගැනීමට සූදානම් කර තියන්නත් ඕන. 

බොහෝ දියුණු රටවල රෝහල් වලට වෛද්‍යවරු බඳවා ගන්නේ කොන්ත්‍රාත් ක්‍රමයට. කොන්ත්‍රාත් කාලය අවසන් වල විට පැමිණීම  වැඩ වල තත්ත්වය සළකලා බලල තමයි ඒවා දීර්ඝ කරන්නේ. අනික ඔය කාර් පර්මිට්, වැඩට නෑවිත් අතිකාල වගේ සෙල්ලම් ටික එක පාරින්ම නවත්වන්නත් මේ කොන්ත්‍රාත් ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්.  

මේක අවදානම් නැති ක්‍රමයක් නම් නෙවෙයි. සමහර විට ලෙඩ්ඩු 20-30 ක ගේ ජීවිත නැතිවෙන්නත් පුළුවන්. ඒවුණාට බොහෝ දෙනෙකුගේ යහපත සඳහා යමක් කරනකොට Collateral damage ඇතිවෙන එක වළක්වන්න බැහැ. එහෙම ජීවිත නැතිවෙන අයගෙ පවුල්වලට කුඩා සහනයක් ලෙස විශාල වන්දියක් ගෙව්වත් මේ වෛද්‍ය පිළිකාව හොඳ කරන්න වෙන ක්‍රමයක් නම් නැහැ. 

සෞඛ්‍ය, ප්‍රවාහණ, විදුලිය වගේ මහජනයා අපහසුවට පත්කරමින් තමන්ගේ ඉල්ලීම් දිනාගන්න උත්සාහ කරන අයට බලපත්‍ර තහනම් කර අලුත් බලපත්‍ර ලබා දීම, සේවය අත් හැරගියා ලෙස සළකා කොන්ත්‍රාත් ක්‍රමයට නැවත බඳවා ගැනීම වගේ ක්‍රියා මාර්ග ගැනීම ගැන මහජනයා දැනුවත් කිරීමෙන් ඔවුන්ගෙන් සහය ලබා ගන්නත් පුළුවන්.  

යහපාලනයෙන් ලැබෙන නිදහස ලැබිය යුත්තේ සාමාන්‍ය මහජනයාට මිස එම නිදහස යොදාගෙන අනික් මිනිසුන්ගේ ජීවිත වලට කරදර කරන අයටනම් නෙවෙයි කියන එක රජයක් තේරුම් ගැනීම නම් වැදගත්.





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.


41 comments:

  1. //යහපාලනයෙන් ලැබෙන නිදහස ලැබිය යුත්තේ සාමාන්‍ය මහජනයාට මිස එම නිදහස යොදාගෙන අනික් මිනිසුන්ගේ ජීවිත වලට කරදර කරන අයටනම් නෙවෙයි කියන එක රජයක් තේරුම් ගැනීම නම් වැදගත්.//
    ++++++++++++++++++++++++++++++++ එකඟයි

    However, there are two schools of thought:
    1.
    “True freedom is impossible without a mind made free by discipline.”
    ― Mortimer J. Adler
    2.If one is going to err, one should err on the side of liberty and freedom.
    - Kofi Annan
    දෙකම හරි. අවස්ථානුකූලව තෝරාගත යුතුයි මම හිතන්නෙ


    තව ප්‍රශ්නයක් තියනවා. ලංකාවට හොඳට අදාලයි මම හිතන්නෙ :-

    “People demand freedom of speech as a compensation for the freedom of thought which they seldom use.”
    ― Søren Kierkegaard

    :-DDD

    ReplyDelete
  2. According to world statistics, during Doctors strikes patients lives have been saved
    https://www.psychologytoday.com/blog/slightly-blighty/201510/why-do-patients-stop-dying-when-doctors-go-strike

    ReplyDelete
  3. Ane palayan gon hutto yanna. Naki wenakota thoge mole narak wenawada

    ReplyDelete
    Replies
    1. ගොඩක් රිදුනද?

      Delete
    2. Karanna puluwan huttak kiyapan ban

      Delete
    3. උඹට කහනවද මම මගේ බ්ලොග් එකේමට ඕන දේවල් ලිව්වම. පව් නොදී පල.

      Delete
    4. රිදෙන හින්ද තමයි ඌ රණ්ඩු වෙන්නේ උබ රණ්ඩු නොවී හිටපන් ඉයන්

      Delete
  4. ඉයන්ගේ සමහර අදහස,යෝජනා එක්ක මම එකග නොවුනත් මේ දොස්තර මාෆියාවට ඒරේහිව ඉයන්ගේ මැදිහත්විම මම අගය කරනවා.

    ReplyDelete
  5. ඕවා කරන්න ගියොත් අපි ආයේ ස්ට්‍රයික් කරනවා , මීට ගොමා සංවිධානය

    ReplyDelete
  6. දොස්තර මහත්තුරුන්ටයි නෝනලටයි සැර වැඩිද මන්දා.....

    ReplyDelete
  7. වර්ජකයන් සහ පාලකයන් එදත් අදත් හෙටත් ඔවුනොවුන් පෝෂණය කරගන්නා පිරිසක් නිසා මෙව්වට විසඳුම් කවදාවත් ලැබෙන එකක් නැහැ ඉයන්. මේ ක්‍රමය යටතේ කවදාවත් මේවට විසඳුම් නැහැ. කනගාටුවට කාරණය නම් ක්‍රමය වෙනස් කරන්නත් විකල්ප ක්‍රමයක් නැතිවීමයි.

    ReplyDelete
  8. What a brilliant plan! This is by far the smartest plan ever invented by a single mind! Ian you are a genius! What the hell are you still doing in this shitty country with these primitive sub-humans?! A mind like yours doesn't belong here.

    ReplyDelete
    Replies
    1. අනේ ඉන්ගිරිස් කමෙන්ට් දාන ඇනෝ ආයි එකක් දාල . හරි ෂෝයි අනේ

      Delete
    2. Ian, it's okay that you are gay. But please stop flirting with me!

      Delete
    3. අනේ ශෝයි තව ඉන්ගිරිස් කමෙන්ට් එකක්.

      Delete
    4. හොඳ ඉස්කෝලෙකට ගිහිල්ලත් ඉංග්‍රීසි ටිකක් හරියට ඉගෙන ගන්න බැරි වුනාද ඉයන්. බලන්නකෝ ඉතින්. ලැජ්ජයි නේ.

      Delete
  9. Agreed 100% Ian,

    "Obnoxious situations call for obnoxious solutions"

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
    2. ඉයන්,

      අපරාදෙනෙ කමෙන්ට් එක අයින් කලේ...ඒ කමෙන්ට් එකේ තිබ්බෙ මෙහෙමනෙ..

      "Aa me thattayath puka denna avith thiyenne"

      මගේ කොණ්ඩෙ ගිහිල්ල තට්ටයෙක් උනේ කොහොමද කියල පැහැදිලි කරන්ට මට අවශ්‍යයයි. ඒ හින්ද මම ඉයන් අයින් කරපු කමෙන්ට් එක ආයෙ දාල ඒ එක්කම මගේ පැහැදිලි කිරීමත් ඉදිරිපත් කරනව.

      ඇනෝ,

      මගෙ කොණ්ඩෙ ගියේ කොහොමද කියල පැහැදිලි කරන්ට අවස්ථාවක් ලබා දීම පිලිබඳව ඔබට ස්තූතියි.

      ලේ කෝප උනහම කොණ්ඩෙ යනව කියල අපෙ අත්තම්ම ඒ කාලෙ කියනව මට මතකයි. මම හිතන්නෙ ඒ කතාව ඇත්ත. මගෙ කොණ්ඩෙ ගියේම ලේ කෝප වෙලා.

      1. අම්මට බෙහෙත් අරන් දෙන්න නිවාඩු දාල ඇවිල්ල අම්ම එක්ක ඉස්පිරිතාලෙට ගියාම ඔන්න සායනයෙ දොර වහල. ජොස්තරල ඉස්ටැයික්. මොකෝ කියල හොදිවිසි කලාම නර්ස් ගොල්ලන්ට ස්ටෙතස්කෝප් එක පාවිච්චි කරන්ට දෙන්ට එපාය කියලලු. ඔන්න මගේ ලේ කෝප වෙනව.

      2. ආයම දවසකත් ඔහොම උනා. එදා ඉස්ටැයික් එකට හේතුව සම සෞඛ්‍ය පාඨමාලාවට උපාදි තත්වය දෙන්ට එපාය කියල

      3. තුන්වෙනි දවසෙ අනෙක් හැම රජයේ සේවකයින්ටම වගෙ ජොස්තර ගොල්ලටත් පැමිනීම අස්සං කරන්ට වෙනවයි කියල ආරංචියක් ඇවිල්ල ඒ ආරංචියට කට්ටිය ඉස්ටැයික්.

      4. ඊලඟ දවසෙ ජොස්තර රෙස්ට් රූම් එකේ කෑල්ලක් වෙන් කරල නර්ස්ලට දුන්නයි කියල ඒකට ඉස්ටැයික්.

      5. පස්වෙනි දවසෙ ජොස්තර දරුවන්ට ලොකු ඉස්කෝල දුන්නෙ නෑය කියල ඔන්න ආයම ඉස්ටැයික්.

      ඔය වගෙ ලේ කෝප වෙන්ට හේතු තව විස්සක් තිහක් ලියන්ට පුලුවනි. ඒත් ඔය මදැයි. ඉතිං ඔබ තුමාම පොඩ්ඩක් හිතල බලන්ට ඔය විදිහට ලේ කෝප වෙද්දි කොණ්ඩෙ නෙවෙයි ඔලුව ඉතුරු වෙච්චි එකයි නේද පුදුමෙ කියල..

      ආයෙම ඇනෝ තුමාට ස්තූතියි මගේ තට්ටේ උපත පිළිබඳව පැහැදිලි කිරීමට අවස්ථාව ලබා දීම පිළිබඳව...:)

      Delete
    3. +++++++++++++++++++++++++++++++

      Delete
    4. +++++++++++++++++++++++++++++++

      Delete
    5. Aaa mama hithuwe nurselata dokala hukana nisa kiyala ube ammath nurse neda uba wagema dokek hitiya nuwara ispirithale

      Delete
    6. ඇනෝ පුලුවනම් මෙන්න මේ විදිහට උත්තර දෙන්න අනවශ දේවල් නොකියා

      Delete
    7. Ano,

      /Aaa mama hithuwe nurselata dokala hukana nisa kiyala /

      ඒ ඉස්සර බං එහෙම ඩොකාල හිටියෙ. දැං ඉන්න ජොස්තරලට එහෙම එකක්වත් කරගන්ට බෑ. ඒ දහපදුරා කාලකන්නියො උංගෙ මෝලට අල්ල ගන්නෙ බෙහෙත් ගන්ට එන අහිංසක කෙල්ලො. ඊට පස්සෙ බෙල්ල මිරිකල මරල හතරවෙනි තට්ටුවෙං පාතටත් දානව..අපරාදෙ කියන්ට බෑ.

      / uba wagema dokek hitiya nuwara ispirithale/

      ෂෙහ්...එකයිද බං උඹ දැක්කෙ? ඇත්තම කිව්වොත් එකෙක් නෙවෙයි තුන් දෙනෙක්ම හිටිය....පාදඩදෙණිය පල්ල......

      Delete
  10. ඔහොම වෙන්නැති එකනෙ වැඩේ ඉතිං.

    ReplyDelete
  11. අනිවා මමත් එකගයි මොන ක්‍රමයකට හරි මුන්ගේ මේ ලොකු කම නැති කරනවානම් ඒක අපි වගේ පොඩි මිනිස්සුන්ට ලොකු දෙයක්

    ReplyDelete
  12. සත්තකින්ම ඉයන්, මේ අත්තනෝමතික වෛද්‍ය ඒකාධිකාරය බිඳ හෙලිය යුතුමයි.
    ඒත් අද පවතින්නේ මහින්ද රජයක් නම්, ඔබ මේ ප්‍රකාශය මේ ලෙසම කරනවාද?
    ඔබට එසේ කල හැකිනම් ඔබ ශ්‍රේශ්ටයි.

    කවුරුන් විසින් හෝ කෙදිනක හෝ කල යුතුම වැඩක්. එදා බුලත් අතක් විතරක් දීලා වෙදමහත්තුරුන්ගෙන් බෙහෙත් ගත් යුගයේ ජනතාව අද මේ දියුනුයි කියන යුගයට වඩා වාසනා වන්තයි.

    ReplyDelete
    Replies
    1. නයනේ මේ දොස්තර ප්‍රශ්ණෙට දේශපාලනය අදාල නැහැ. පාදෙනියට කට පරිස්සම් කරගන්න කියලා කොතලාවල ඇකඩමියේ වෛද්‍ය විද්‍යාලයක් ආරම්භ කල එකට මම පක්ෂයි. එකම දේ හමුදාවට විතරක් කරපු එක. ඔවුන්ට තිබ්බ බලය යොදාගෙන මේ රටේ උසස් අධ්‍යාපන ප්‍රශ්ණය සම්පූර්ණයෙන්ම විසඳන්න තිබ්බා. එම කාලයේ තිබ්බ සුදු වෑන් පවුලේ යහපතට නොව රටේ යහපතට යොදාගත්තානම් එය මහජනයාගේ යහපතට හේතු වෙනවා. වරක් රන්ජන් විජේරත්න රටේ හොර අරක්කු සහ පාතාල මර්ධනයට ජවිපෙ මර්ධන ක්‍රමය යොදාගත්තා. ඒකට වැඩි දෙනෙක් විරුද්ධ වුණේ නැහැ.

      Delete
    2. හරි ඉයන්, එතැනදී මම ඔබත් එක්ක එකඟයි,
      මහින්ද රජය විසින් සයිටම් ආයතනය ස්ථාපිත කරන්න අනුග්‍රහ දක්වපු එකටත් මම ප්‍රභලවම පක්ෂයි. ඒ වගේම දැන් මහින්ද, වාසු, දිනේශ් වැන්නන් එයට එරෙහිව කථා කිරීම ගැන මා විරුද්ධයි.
      මා කවදත් ඉතා අකැමැති දේශපාලන චරිත දෙකක් වන එස් බී හා ලක්ෂ්මන් කිරිඇල්ල යන අය ඍජුවම ගෙවා ඉගෙන ගන්නා විශ්ව විද්‍යාල පද්ධතිය ගැන පෙනී සිටීමට මම පක්ශයි.

      සියළු දෙනා මෙය ජාතික ප්‍රෂ්ණයක් ලෙස හඳුනාගෙන මේ මොහොතේ එය ස්ථිරවම විසඳා ගතහොත් රටේ ඉදිරි ගමනේ සුවිසල් පිම්මක් බවට එය පත් වේවි.

      Delete
  13. වර්ජනය කරනවාට පාලකයෝත් කැමතිය .මොකද තමන්ගේ උන් පුම්බගන්න මෙය හොඳම වෙලාව නිසා ..මොනවා උනත් කොන්ත්‍රාත් කියන්නෙත් මෑන් පවර්ම තමයි..අන්තිමට රටේ කිසිම කෙනෙකුට ස්ථිර රැකියාවක් නැති වෙයි ..දැනුත් ඔය ගුරුවරු බදොගෙන තියෙන්නේ සමහර පලාත්වල ස්වෙච්චා කියලා..අන්තිමට ඒ ගුරුවරු වැඩි වුනා ..ස්ත්රයික් කළා ..ස්කොල වැහුනා ..හුට පට ගොඩයි

    ReplyDelete
  14. සයිටම් කේස් එක ගැන ජනමත විචාරණයක් හරි ජනමත සමීක්ෂණයක් හරි තිබ්බනං හරි

    ReplyDelete
    Replies
    1. දියුණු රටවල රජයට හෝ මහජනයාට බරක් නොවී බොහෝ දෙනෙකුට උසස් අධ්‍යාපනය දෙන ක්‍රමය හඳුන්වා දෙන්න ජනමත විචාරණයක් තිබ්බ නම් හොඳයි. කැළණිය විශ්ව විද්‍යාලයෙන් කරන ලද ජනමත සමීක්ෂණයකින් 70% පමණ සයිටම් එකට කැමතියි කියා කෙනෙක් කිව්වා. මූලාශ්‍රයක් නම් ලැබුණේ නැහැ. ඇත්තටම කරුණු කිහිපයක් එකතු කොට ජනම්ත විචාරණයක් තිබීම නම් හොඳයි. උදාහරණයකට පිල් මාරුව නැවත තහනම් කරන්න මන්ත්‍රීල කවදාවත් එකඟ වෙන්නේ නැහැ. ඒවගේ වැඩි දෙනෙක් එකඟවන දේවල් එකතුකොට එක ජනමත විචාරණයක් තිබ්බ නම් රට එකපාරටම අඩි කීපයක් ඉස්සරහට තියන්න පුළුවන්.

      Delete
  15. දොස්තරලා ස්ට්‍රයික් කලාම හුඟක් රිදෙන්නේ දුප්පත් අහිංසකයින්ට. මොකද රජයේ ප්‍රතිකාර නැවැත්තුවට චැනල් එකට වෙලාවට යනවා. සල්ලි තියෙන අය පුද්ගලික රෝහලට යනවා. ස්ට්‍රයික් නම් ඒකත් නවත්වන්න ඕන.

    ReplyDelete
  16. ඇත්තම කියනවා නම් මම ඉයන්ගේ කටහ්වට ටිකක් විරුද්ධයි. වර්ජනය කිරීම කියන්නේ අයිතියක්. හැබැයි දොස්තරලා හම පුංචි දේටම වර්ජක්නය කිර්මත් ප්‍රශ්නයක්. මම මේ ලඟදි ලනක්වට අව වෙලේ ජාතික රෝහලට ගියා. ඇත්තම කිවොත් ලංකාවේ වෛද්‍යවරුන්ට පහසුකම් නැහැ. හරියට ඉඳගෙන කන්න තැනක් වත් විවේක ගන්න තැනක් වත් නැහැ. අලුතින් හදන රෝහල් තියනවද දන්නේ නැහැ . අනිත් ප්‍රශ්නය දේශපාලකයෝ කියන දේ අහන්නේ නැහැ. මිනිසුන්ට කන් දෙන්නේ නැහැ. ඉයන්ගේ ක්‍රමය ක්‍රියාත්මක කරන්න නම් දියවන්නාවේ ඉන්න උන් ටිකට දෙන වරප්‍රසාදත් අයින් කරන්න කියන්න. දොස්තරලට නෙමේ කිසිම කෙනෙකුට වාහන පර්මිට් දෙන එක නතර කරන්න.

    ReplyDelete
  17. මෙහෙම අත්තනෝමතිකව ස්ට්‍රයික් කරන එකනම් නවත්වන්න ඕන තමයි. සයිටම් ප්‍රශ්නේ නම් ටිකක් සාධාරණයි. දොස්තරලගේ මතය කොහොම උනත් සයිටම් වගේ ආයතනයක් පවත්වන එක වැරදි නෑ වගේම රටටත් හොඳයි, හැබැයි ඉතින් නියමිත ප්‍රමිතියකට අනුව. මේ දැන් කරනවා වගේ කළොත් ඉතින් සොරි තමයි

    ReplyDelete
  18. ඉස්සර තිබුන වගේ AMP සහ RMP (සහකාර වෛද්‍ය වෘත්තිකයින්) පුහුණු කිරීම වහාම ආරම්භ කර අවුරුද්දකට 1000 ක් බැගින් බඳවාගෙන තුන් වසරක් පමණ පුහුණු කර රෝහල් වලට යවන එක තරමක විසඳුමක් වේවි. විශ්ව විද්‍යාල වලට යාමට නොහැකි වූ AL Bio Science කළ අය මෙයට බොහොම කැමති වේවි. පාඨමාලාව ඉතා හොඳින් කරන අය කොන්දේසි මත පිට රටවලට යවා කඩිනම් පුහුණුවක් ලබාදිය හැකි වෙන්නත් පුළුවන්.

    ReplyDelete