Thursday, October 6, 2016

ඉන්දියාව සහ ලංකාවේ යුද්ධය

කලින් පෝස්ටුවේ යුද්ධය අවසන් වුන අයුරින් අවසන් වීමට බලපෑ හේතු ගැන වූ සංවාදයේදී මට වැටහුණු කාරණයක් වූයේ රාජපක්ෂවාදීන්ට යුද්ධය සහ ඒසමඟ බැඳුණු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන් පිළිබඳ ඇතේ අල්ප දැනුමක් බවයි. කාටවත්  ඉවරකරන්න බැරිවුණ යුද්ධය ඉවරකළ විශ්ම කර්මයා වශයෙන් ඔවුන් රාජපක්ෂ ගැන සිතා සිටින්නේ මේ අල්ප දැනුම නිසා වන්නට පුළුවන. විෂය නිර්දේශයට අයත් දේ කටපාඩම් කර විභාගවලදී වමෑරීමෙන් දැනුම ලබන අධ්‍යාපන ක්‍රමයකට නිසා මෙය සිදුවන්නට ඇත. රටේ සහ ලෝකයේ සිදුවන දේ ගැන කියවීමට හා ඒ ගැන විස්තර සෙවීමට උත්සාහයක් නොගෙන ලිඳේ ඉන්නා මැඩියන් මෙන් විභාග වලට හෝ රැකියාවට අවශ්‍ය දැනීමෙන් සීමා වන මෙවන් අය සිටින්නේ ලංකාවේ පමණක්ද යැයි මට නම් සැකයක්ද ඇත. අන්ධ අනුගාමිකයන් නොවන ඉතිහාසය ගැන නොදැනුවත් වීම නිසා වැරදි අවබෝධයක සිටින කෙනෙක් වෙත්නම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ඒ ගැන ලියන්නට තීරණය කලෙමි.

සිංගප්පූරුව, තායිවානය, හොංකොං සහ දකුණු කොරියාව අද දියුණු රටවල් ලෙස සැලකේ. මේ රටවල් වල ඒක පුද්ගල දළ ජාතික නිෂ්පාදනය ඩොලර් 22,000 සිට 55,000 දක්වා වේ. ශ්‍රී ලංකාවේ එය ඩොලර් 4,500 ක් පමණ වේ. 1960 ගණන් වල මුල් භාගයේ ශ්‍රී ලංකාව සිටියේ අසියානු කොටි ආර්ථික (Asian Tiger Economies) ලෙස හඳුන්වන මෙම රටවල් අතරය. (තායිවානය $602, සිංගප්පූරුව $516, ශ්‍රී ලංකාව $151, දකුණු කොරියාව $106) . මෙම රටවල් නිෂ්පාදන සහ අපනයන ආර්ථික ක්‍රමයන් හඳුන්වා දෙන කාලයේ එවකට ලංකාවේ මුදල් ඇමති වූ ජේ ආර් ජයවර්ධන මහතාටත් එය ලංකාවට හඳුන්වා දීමට අවශ්‍ය විය. 1967 දී ගත මෙම උත්සාහය එජාප නායකත්වයේ තිබූ ප්‍රශ්ණ නිසා යට ගියේය. මේ රට දියුණු රටක් කිරීමට නම් මෙම ආර්ථික ක්‍රමය හඳුන්වා දීම අත්‍යවශ්‍ය කටයුත්තක් බව ඔහු තේරුම් ගෙන තිබිණි. මෙවන් ක්‍රමයකට අවශ්‍ය ශක්තිමත් දේශපාලන නායකත්වය සහ දේශපාලන ස්ථාවරත්වය සඳහාද ඔහුට සැලසුමක් තිබිණි.  

1970 මැතිවරණයේදී වැඩිම ඡන්ද ප්‍රමාණයක් ලබා ගත් පක්ෂය වුවත් එකල තිබූ ඡන්ද ක්‍රමය අනුව එක්සත් ජාතික පක්ෂයට රජයක් පිහිටුවීමට නොහැකිවිය. දෙවන සහ තුන්වන පක්ෂ දෙක ඒකාබද්ධව රජයක් පිහිටුවන ලදී. කලින් සඳහන් කල ආසියානු ආර්ථිකයන් ශීග්‍රයෙන් දියුණු වෙද්දී නව රජයේ ප්‍රතිපත්ති නිසා ලංකාවේ  ආර්ථිකය දීර්ඝ කාලීන ප්‍රතිඵල සහිතව කඩා වැටුණි. ඉතා ඉහල මට්ටමක තිබූ වතු ආර්ථිකය ජනසතු කර  රජයේ පාලනයට පත්කරන ලදී. බැංකු සහ වෙනත් පෞද්ගලික ව්‍යාපාර රජයට පවරා ගන්නා ලදී.  ඉඩම් සීමා පණත මඟින් සිංහල ව්‍යාපාරිකයන්ගේ කොඳුනාරටිය කඩා දමන ලදී. 1975 පැවැත්වීමට තිබූ ඡන්දය 1977 කල්දමන ලදී. ඒවන විට අනෙක් රටවල් වලට සාපේෂව විශාල රාජ්‍ය අංශයක්, ආයෝජනය අපහසු කරවන කම්කරු නීති, අපනයන අංශ සියල්ල රාජ්‍ය භාරයට ගෙන ඒවායේ තරඟකාරී බව සහ එම ආයතන වල ඵලදායීතාවය සහමුලින්ම නැතිකර තිබිණි.

1977 දී රජය වෙනස් වී බලයට පැමිණි ජේ ආර් ජයවර්ධන මහතා වෙලඳපොල නිශ්පාදන ආර්ථිකය හඳුන්වා දෙමින් විදේශ ආයෝජන සඳහා මහ කොලඹ ආර්ථික කොමිසම (GCEC) සහ නිදහස් වෙලඳ කලාප ආදිය හඳුන්වා දෙමින් දියුණුව හඹායන ආසියානු රටවල් හා එකතුවන්නට උත්සාහයක් ගත්තේය. සිංගප්පූරුව ඇතුළු රටවල් තුන 1965 දී පටන් ගෙන 1977 වන විට අතිවිශාල දියුණුවක් ලබා ගෙන තිබිණි. එතෙක් සෝවියට් ගැති 1970-77 ශ්‍රී ලංකා රජයට සමාන වෙලඳ ප්‍රතිපත්තියක් අනුගමනය කල ඉන්දියාව ඔවුන්ගේ ආසන්නයේ තවත් සිංගප්පූරුවක් බිහිවීම ගැන බියක් දක්වන්නට විය. එයට හේතුව ඉන්දියාව අනුගමනය කල එවකට ලෝකයේ සමහර රටවල් කිහිපයක් පිළිගත් පසුව අසාර්ථක බව ඔප්පුවී සියළුම රටවල් අත්හල ආර්ථික ක්‍රමයේ අවාසි ලංකාව හරහාත් ඉන්දියාවේ දක්ශිණාංශික අදහස් දරන්නට ඔප්පුවීමට තිබූ ඉඩකඩය. (KDU Research paper - HDAK Amarawardhana) එම නිසා එකල ඉතා ප්‍රචලිත වූ දේශ සීමා හරහා ත්‍රස්තවාදය පැතිරවීම (cross-border terrorism) මඟින් රටවල් අඩපණ කිරීමේ ක්‍රියාවලියට ඉන්දියාව අවතීර්ණ විය. ඒ සඳහා ඔවුන් තෝරාගත්තේ 1976  කාලයේ සිට සුළුවෙන් ක්‍රියාත්මක වෙමින් තිබුණ දමිල බෙදුම්වාදී කණ්ඩායම්ය. තම දේශපාලන වෙනස්කම් කුමක් වුවත් රටට කෙරෙන අපරාධයකට විරුද්ධව නැගී සිටීමට එවකට ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි සමීප මිතුරියකවූ ගේ සිරිමා බණ්ඩාරණායක ඉදිරිපත් නොවිනි.  1970-77 වතු ජනසතුවේදී සිදුවූ වංචාවක් සම්බන්ධයෙන්  ප්‍රජා අයිතිය අහෝසිවී සිටි ඇය සිතන්නට ඇත්තේ ඉන්දියාව  ත්‍රස්තවාදීන්ට දෙන සහයෝගය හරහා හෝ ජේ ආර් ගේ රජය පෙරලා නැවත බලය ගැනීමට හැකිවේ යැයි කියා විය යුතුය. ඇගේ ඉන්දීය මිතුරුකම් නිසා රටේ විදේශ ඇමති පදවිය භාරගන්නා ලෙස ජේ ආර් කල ආරාධනය ඇය ප්‍රතික්ශේප කළාය. ජනාධිපති ජේ ආර් ජයවර්ධන BBC සේවය සමඟ සාකච්චාවකදී ඉන්දියාව ත්‍රස්තවාදීන් පුහුණු කරමින් රට අස්ථාවර කරන බවට කල චෝදනාව පහත වීඩියෝවෙන්.



1987 දී දමිල ත්‍රස්තවාදය නැත්තටම නැතිකර දැමීමට රජය වඩමරච්චි මෙහෙයුම ක්‍රියාත්මක කලේය. යුද්ධය නවත්වන ලෙස ඉන්දියාව කල ඉල්ලීම රජය නොසලකා හරින ලදී. ජයග්‍රහණය ඔන්න මෙන්න කියා තිබියදී යාපනයේ ජනයාට ආහාර නැත යන බොරුවක් පෙන්වා ආහාර පිරවූ ඉන්දීය නැවක් ලංකා මුහුදු සීමාවට ඇතුල් වීමට උත්සාහ කරන ලදී. දේශ සීමාවේදී එය නැවැත්වූ ශ්‍රී ලංකා නාවික හමුදාව එම නැවට ඇතුළු වුවහොත් වෙඩි තැබීමට තමන්ට අණ ලැබී ඇති බව දන්වන ලදී. එවිට එම නැව ආපසු හරවා ගෙන්වා ගැනීමට ඉන්දියාවට සිදුවිය. එතනින් නොනැවතුන ඉන්දියාව පූමාලේ මෙහෙයුම ක්‍රියාත්මක කලේය. ඉන්දියානු ගුවන් යානා ශ්‍රී ලංකා දේශ සීමාව උඩින් පියාසර කරන බවටත් ඒවා නිරුපද්‍රිතව ආපසු පැමිණිය යුතු බවටත් ඉන්දියාවේ  ශ්‍රී ලංකා මහකොමසාරිස් හරහා තර්ජනයක් ශ්‍රී ලංකා රජයට එවන ලදී. ඒ අනුව ඔවුන්ගේ ගුවන් යානා ලංකාව හරහා පියාසර කරමින් ගුවනින් පරිප්පු හෙල ලදී. එය ආහාර සැපයීමේ මානුෂික උත්සාහයක් නොව ශ්‍රී ලංකාව ක්‍රියාත්මක කරන ත්‍රස්තවාදයට එරෙහිව සටන නැවැත්වීමට කරන ලද තර්ජනයකි. 

ශ්‍රී ලංකාව කුඩා රටක් වුවත් විශාල රටක් වන ඉන්දියාව ලංකාව ආක්‍රමණය  කලහොත් අන්තිම උණ්ඩය දක්වා සටන් කරන බවට ජේ ආර් ජයවර්ධන නිවේදනයක් නිකුත් කලේය. මෙයින් වියරු වැටුනු ඉන්දියාව වහාම සාකච්චාවකට එලඹෙන්නේ නැත්නම් ඉන්දීය හමුදා දමිල ජනයා බේරාගැනීමට ලංකාව ආක්‍රමණය කරන බවට  රජයට දැනුම් දෙන ලදී. ලංකාව සිය
ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කරමින්
බටහිර මිතුරන්ගෙන් උදව් ඉල්ලා සිටියද ඔවුන් කීවේ ඉන්දියාව හා සාකච්චා කර ප්‍රශ්ණය විසඳාගන්නා ලෙසය. ඉන්දීය ආක්‍රමණයක් සිදුවුවහොත් සයිප්‍රසය ඇතිවූවාක් මෙන් රට කැඩීමට ඇති ඉඩකඩ සලකා ඉන්දියාව සමඟ සාකච්චා කිරීමට එලඹිනි. ඒ අනුව ඉන්දීය සාම සාධක හමුදාව ලංකාවට එවීමටත් ඒ හරහා සියළුම සන්නද්ධ කණ්ඩායම් නිරායුධ කිරීමටත්  ඉන්දියාව ඉදිරිපත් විය. ත්‍රස්තවාදී සංවිධාන නිරායුධ කිරීමෙන් රටේ යුධමය තත්ත්වය නැතිවන බැවින් ශ්‍රී ලංකා රජය එයට එකඟ විය. ඉන්දීය හමුදාවට පිස්තෝලයක් භාරදීමෙන් ප්‍රභාකරන් අවි භාරදීම ආරම්භ කලත් ඉන්දු ලංකා
අවි භාර දීමේ උත්සවයේ ඉන්දීය නිලධාරීන්
ගිවිසුමෙන් ඔවුනට වෙනම කලාපයක් හෝ බලය පැවරීමක් සිදු නොවන බව හෙළිවීමෙන් පසු ඔහු ඉන්දීය හමුදා සමඟ ගැටුමකට පැටලිනි. ප්‍රභාකරන්ගේ බලාපොරොත්තු කඩකරමින් සාම ගිවිසුමේ තිබුණේ බලය බෙදීයන පළාත් සභා ක්‍රමයක් මහජන ඡන්දයෙන් පත්කිරීමය. ඔවුන් කිරි පෙවූ කොටියන්ගේ නියම පාට ඔවුන්ට හෙලිවුණේ මියගිය ඉන්දීය භටයන්ගේ මලකඳන්
ඉන්දීය සෙබල මලකඳන් පැමිණීම ගැන පුවතක්
ඉන්දියාවට ලඟා වීමට පටන් ගැනීමත් සමඟය. 1988 දී බලයට පැමිණි ප්‍රේමදාස මහතා ඉන්දීය විරෝධී ආකල්පයක් ඇති අයකු වූ බැවින් ඉන්දීය හමුදා ආපසු යැවීමට ඔහු ක්‍රියා කලේය. එයට එක හේතුවක් වූයේ අඩුම වශයෙන් තුන්වරක් වත් ඉන්දීය හමුදා වලට ප්‍රභාකරන් අත්ඩංගුවට හෝ මරා දැමීමට හැකි අවස්ථා ලැබුණත් ඉන්දීය රහස් ඔත්තු සේවය එසේ කිරීමෙන් වැලකීමට ඔවුන්ගේ හමුදා වලට දුන් උපදෙස්ය. එම උපදෙස් වලට හේතුව වූයේ ප්‍රභාකරන් මරා දැමුවහොත් ලංකාව 'පාලනය' කිරීමට ඉත්තෙක් නැතිවන නිසාය. මෙම ආරවුල අවසන් වුණේ එල්ටීටීයී ක්‍රියාකරුවන් විසින් 1987 දී ඔවුන්ව බේරාදුන් එහෙත් ඉන්දු ලංකා ගිවිසුමට මුල්වූ රජීව් ගාන්ධි 1991 දී ඝාතනය කිරීමෙනි. ඒ වනවිට දකුණේ ත්‍රස්තවාදය මර්ධනය කර උතුර දෙස බැලුම් හෙලමින් සිටි ශ්‍රී ලංකා හමුදා ඉන්දියාවේ කොටින්ට එරෙහි මතය ප්‍රයෝජනයට ගෙන ඔවුන්ට එරෙහිව ක්‍රියා කිරීමට ඉඩ ඇතැයි යන අනුමානය පිට දකුණේ ත්‍රස්තවාදය පරාජය කල ජනරාල් රන්ජන් විජේරත්න 1991 මාර්තුවලදී ඝාතනය කරන ලදී. ඒ රජිව් ගාන්ධි ඝාතනයට මාස දෙකකට පෙරය. රජිව් ගාන්ධි ඝාතනයෙන් පසු යුද්ධයකට නාකත්වය දිය හැකි එවකට ප්‍රධාන පෙල සිංහල නායකයින් කිහිප දෙනෙකුම ඝාතනය විය. ඒ අතරින් රාජ්‍ය ආරක්ෂක ඇමති ලෙස මෙහෙයුම් කිහිපයකට නායකත්වය දුන් ලලිත් ඇතුලත්මුදලි සහ ඉන්දියාව සමඟ විශේෂ මිත්‍රත්වයක් තිබූ ගාමිණී දිසානායකද විය. කෙසේ වෙතත් එල්ටීටීයී නැව් විනාශ වීම ඇරඹුනේ රජිව් ඝාතනයත් සමඟය. 1996 පේඩුරු තුඩුවේදී ඉන්දියාව එල්ටීටීයී යුධ ආයුධ නැවක් විනාශ කලේය. ශ්‍රී ලංකා නාවික හමුදාව 1997 නොවැම්බර් වලදී මුලතිව් මුහුදේදී ආයුධ නැවක් විනාශ කරන ලදී, ඉන්දීය සහ ශ්‍රී ලංකා ඒකාබද්ධ ප්‍රහාරයකින් 1997 දී අන්දමන් දිවයින අසලදී තවත් ආයුධ නැවක් විනාශ කරන ලදී, 2003 මාර්තු සහ ජූනි මාසවලදී යුධ ආයුධ නැව් දෙකක් මුලතිව් මුහුදේදී ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විනාශ කරන ලදී. 1992 දී මලයාසියානු රජය තහනම් කල නැව් දෙකක් සමඟ 2005 වනවිට නැව් හතක් එල්ටීටීයීයට අහිමි වී තිබිණි.  


චන්ද්‍රිකා බණ්ඩාරණායක රජය කොටින් සමඟ සාම සාකච්චා කිරීමේ අරමුණින් බලයට පත්වුනත් ඔවුනට නැවත යුද්ධයකට අවතීර්ණ වන්නට සිදුවිය. 1987 මැදිහත්වීමෙන් පාඩම් ඉගෙනගෙන සිටි  ඉන්දියාව  ඒ සඳහා කිසිදු ආකාරයේ මැදිහත් වීමක් නොකරන ලදී. එම කාලයේ සිටි රොහාන් දළුවත්ත වැනි හමුදාපතිවරුන්ගේ යුධ ඥාණය සහ යුධ කිරීමේ හැකියාව ගැන විචාරක මහතා අදහසක් ඉදිරිපත්කරනු ඇතැයි යන බලාපොරොත්තුවෙන් කිසිවක් නොකියමි. 2001 රජය බලයට පත්වන විට කොටින්ගේ නොනවතින රැල්ල මෙහෙයුමෙන් විශාල ප්‍රදේශයක් හමුදාවට අහිමිව යුධ හමුදාවේ මානසිකත්වය පහලම අඩියක පැවතියේය. රජය විසින් බාහිර පාර්ශව කිහිපයක් සම්බන්ධ කරගෙන සටන් විරාමයකට පිවිසුනේ මෙම නාස්තිකාර යුද්ධය කෙසේ හෝ අවසන් කිරීමේ අදිටනිනි. ජපානය වැනි පාර්ශව සම සභාපතිත්වයෙන් කෙරුණු එම සාම සාකච්චා ක්‍රියා දාමය කඩා කප්පල් කිරීමෙන් එල්ටීටීයී හි නියම පාට බටහිර රටවල් වලට පැහැදිලිව පෙනිනි. මෙය සහ ඊට පසුව පත්වූ ආණ්ඩුවේ ලක්ෂ්මන් කදිරගාමර් විදේශ ඇමතිවරයාගේ බලපෑමෙන් එල්ටීටීය රටවල් කිහිපයක තහනම් විය. සාම ගිවිසුම තිබුණේ ගොඩබිම ප්‍රදේශ වලට බල පැවැත්වෙන පරිදි බැවින් සාම සාකච්චා කාලයේ කොටින්ට ආයුධ ලබා ගැනීම අපහසු විය. ආයුධ ප්‍රවාහණය කල නෞකාවන් දෙකක්   2003 මාර්තු 10 දින සහ ජූනි 14 දින ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් විනාශ කරන ලදී. කොටින්ගේ අනික් සැපයුම් මාර්ගය යුධ හමුදා කඳවුරු වලට පහර දී අයුධ ලබා ගැනීමද සාම ගිවිසුමේ කොන්දේසි නිසා කළ නොහැකි විය. ඒ අතර රජය ක්‍රියාත්මක කල රහස් මෙහෙයුමක් හරහා එල්ටීටීයී යුධ විසේෂඥයා වූ කරුණා ප්‍රභාකරන්ගෙන් ඉවත්විය. මේ හේතු නිසා ප්‍රභාකරන් සිටියේ උගුලෙන් ගැලවීමට බලා සිටි ඌරකු විලසය.    චන්ද්‍රිකා ගේ සාම වෑයම මෙන් නොව බටහිර රටවල් කිහිපයකගේ සහභාගීත්වයෙන් සහ නිරීක්ශණ කණ්ඩායම් සහිතව ක්‍රියාත්මක වූ සාම වෑයමක් නිසා තමන්ව කොටුවකට හිර කිරීමට රජය සමත්වූ බව ප්‍රභාකරන්ට තේරුම් ගොස් තිබිණි. එහෙත් රටේ සාමය නිසා ඩොලර් බිලියන හතරක පමණ මුදලක් සංවර්ධනය සඳහා දීමට ආධාර දෙන රටවල් එකඟවිය. චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් රනිල් ගේ රජය පෙරලා දැමීම නිසා එම සැලසුම් අවසන් විය.

මාවිල්ආරු සොරොව්ව වැසීමෙන් පසු සිහල උරුමයේ සහ ජනතා විමුක්ති පෙරමුණේ දැඩි බලපෑම නිසා හමුදා වලට සොරොව්ව බේරාගැනීමට අණ ලැබුණු විට එතනින් පසු ක්‍රියාත්මක වූ හමුදා ක්‍රියාන්විත නිසා ශ්‍රී ලංකා හමුදාවලට එල්ටීටිය පරාජය කල හැකි බව තේරුම් යන්නට විය. දකුණේ බොහෝ දෙනෙක් සිතුවේ ඉන්දියාව මැදිහත්වී යම් අවස්ථාවක එය නවත්වනු ඇත කියාය. බටහිර රටවල සිටි ඩයස්පෝරාව හරහා දේශපාලන සම්බන්ධතා ගොඩනගාගෙන සිටි එල්ටීටීය බලාපොරොත්තුවූයේ බටහිර රටවල් මැදිහත්වී යුද්ධය නවත්වනු ඇත කියාය. මෙය 1987 තත්ත්වයේ ප්‍රතිලෝමය විය. 1987 දී කොටින්ට සහය දෙමින් බටහිර රටවල් රජයට සහය දීම වැලැක්වූ ඉන්දියාව මෙවර රජයට සහය දෙමින් බටහිර රටවල් කොටිනට  (සටන් විරාමයක් මඟින්) සහය දීම වැලක්වීය. ප්‍රතිඵලය 1987 ට සමාන විය එනම් ඉන්දියාව සහය දුන් පැත්ත ජයග්‍රහණය කලේය. 

අවසන් වශයෙන් කිව හැක්කේ 2009 ජයග්‍රහණය පිටිපස සිටි ප්‍රධානම සාධකය ඉන්දියාව යන්නයි.  කලින් පෝස්ටුවේ කමෙන්ටුවක සඳහන් කල දෙයකින් මෙය නිමා කරමි. ඒ යුද්ධය අවසන් වීමට බලපෑ සාධක විශාල ප්‍රමාණය අතරින් ප්‍රධාන දෙකක් වන රාජපක්ෂ ජනාධිපතිත්වය සහ ඉන්දියාව ලබා දුන් සහයෝගය එකිනෙක සංසන්දනය කිරීමයි.  මේ සංසන්ධනයට පොදුසාධක ලෙස සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදාවන්හි නැගෙනහිර ජයග්‍රහණය ගත යුතුය. ඉන් පසුව රටේ ජනාධිපති කවුරුන් වුවත් ඉන්දියාවේ සහයෝගය සමඟ හමුදාව ජයග්‍රහණය කරනු ඇත. 1987 දීද ඉන්දියාව ලංකාවට සහයෝගය දුන්නානම් ලංකා හමුදා  යුද්ධය ඉවර කරන්නේ එදාය. අවාසනාවකට ඉන්දියාව එදා සිටියේ ප්‍රභාකරන් සමඟය. එම සහයෝගය නොවන්නට  රාජපක්ෂ නොව දෙවන ලෝක යුද්ධයේ වීරයා වූ වින්ස්ටන් චර්චිල් ලංකාවේ බලයේ සිටියත් යුද්ධය අවසන් නොවනු ඇත. ඔවුන් විසින් ඇතිකල ලංකාව දියුණු ලෝකය සමඟ එක්වීමට තිබූ අවස්ථාව නැතිකර දැමූ යුද්ධය ඉන්දියාවම  වෙනත් අවධියකදී ශ්‍රී ලංකා හමුදා සහ රටේ නායකත්වය  බටහිර බලපෑමෙන් ආරක්ෂා කර දමිල ත්‍රස්තවාදීන් පරාජය කල බව ඉතිහාසය සාක්ෂි දරණු ඇත.

මේ රට බෙදීමෙන් වලක්වාලීමට දිවිපිදූ, ඇස් අතපය අහිමිවූ සියළු හමුදාව සියළුදෙනාටත් තම ජීවිතය ගැන අවදානම ගෙන ත්‍රස්තවාදීන්ට විරුද්ධව ක්‍රියා කර රට වෙනුවෙන් දිවිපිදූ නායකයින් සියළුදෙනාටමන්, යුද්ධය නිසා දිවිපිදූ හෝ ආබාධිත වූ මායිම් ගම්මාන වල ඩොලර් සහ කෙන්ට් ෆාම් වල, සහ බෝම්බ වලට ගොදුරුවූ සියළු දෙනාටමත් නිවන් සුව පතමි










55 comments:

  1. ස්තුතියි ඉයන් .

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙතූ පළමුවෙනි සහ දෙවෙනි කමෙන්ට් වලට :))

      Delete
    2. 1987 ඉන්දියාව බටහිර රටවලට ගතු කියල ලන්කාවේ කීර්ති නාමයට හානි කලා නන් ඒකෙ සම්පූර්ණ වරද ඒ කාලේ හිටපු දේශපාලන නායකත්වය බාර ගන්න ඕනි. මොකද ලන්කාවට ඇත්තටම වෙන්නෙ මොකක්ද කියල ලෝකයට පැහැදිලි කරලා දෙන්න තරන් රාජය තාන්ත්රිිකත්වය නැත්තන් ඒ ආන්ඩුවෙන් ඇති වැඩේ මොකක්ද? 1987 ඉන්දියාව ලන්කාව ආක්රමණය කරන්න යූඇන්පීයේ දුර්වල රාජය තාන්ත්රිකත්වය නිසායි.

      2009 දී එහෙම නොවෙන්නේ ලන්කාව ජාත්යන්තර තලයේ මිතුරන් කණ්ඩායමක් නිර්මානය කරගෙන තිබුන නිසායි. වෙනස තියෙන්නෙ එතනයි.

      Delete
    3. ශීතල යුද්ධය, කලාප දේශපාලන බල අරගල, ලෝක දේශපාලන ඉතිහාසය ගැන වැටහීමක් නැති අයට හිතෙන්නෙ ලෝකෙ තියෙන්නෙ ලංකාව ඇතුලෙ කියල. මේකාලයේ ඇමෙරිකාවේ කිට්ටුම මිතුරෙකු වූ පාකිස්ථානයට බටහිර පාකිස්ථානය ඉන්දියාව විසින් කඩල බංගලාදේශය ඇතිකරනවවත් දන්නෙ නැතුව ඇති. කමෙන්ට් කිරීමට ඇති නිදහස රටේ බිහිවුණ මහ හොරා වෙනුවෙන් කිසිම තේරුමක් නැති මැදමූලන ලෝක දේශපාලන දැනීමේ කමෙන්ට් දමමින් කැත නොකර හොරුන්ට ආවඩන බ්ලොග් එකකට යෑම වඩා සුදුසුයි.

      Delete
    4. ශීතල යුද්ධය, කලාප දේශපාලන බල අරගල 2009 ත් තිබ්බා එහෙම තියා ගෙන තමයි යුද්දෙ ඉවර කලේ. අනික 1987 හිටියේ ඉන්දියාව විතරයි කොටි පැත්තේ. 2009 දී ඇමරිකාව, යුරෝපෙ, ජපානේ වගරටවලුත් කොටින්ගේ පැත්ත අරන් හිටියේ. ඒ ඔක්කොමත් එක්කයි යුද්දෙ කරන් ගියේ. අහවල් එකෙන් හරි ගහලා යුද්ද කරපන් කියන්න උන් හිටියට කරන විදිය මෙහෙමයි කියන්න කවුරැත් හිටියෙ නෑ එදා.

      දේශපාලන ඉතිහාසේ තියා රටේ ඉතිහාසයවත් දන්නෙ නැති අය හිතන් ඉන්නෙ ඇමරිකාවට වැදගෙන හිටියම හරි ඇමරිකාව තරන් කෙරැමෙක් ලෝකෙ නෑ කියල. ඒවා ගැන නොදන්නවනන් කියන්න ටියූශන් දෙන්නන්.

      බංගලාදේශ පකිස්තානෙන් කැඩුනෙ පකිස්තානේ ඉල්ලන් කාපු නිසා. නැතුව ඇමරිකාව උදව් කොකරපු නිසා නෙ‍මේ. පකිස්තානේ හිතුමතේට ඉන්දියාවට ගහල ඉල්ලන් කෑවට පස්සෙ ඇමරිකාවට රෙදි ඇදන් ඒ කෙසේ එකට අත දාන්න තිබුන ඉඩ නැතිවෙලා ගියා. හැබැයි ඇමරිකාව තමන්ගේ 7 වෙනි නාවික හමුදාවත් එවනව පකිස්තානේ උදව්වට 1971 දි.

      "In 1971, the United States sent part of its Seventh Fleet to threaten war with India on Pakistan’s behalf."

      https://warisboring.com/in-1971-the-u-s-navy-almost-fought-the-soviets-over-bangladesh-c65489bc72c0#.j05buxdpd

      යහපාලනේ මාදය ප්රජාතන්නතර වාදය මේකද ඉයන්? තමන් අතමැති පෝස්ට් වැටෙන කොට තර්ජනය කරලා කොමෙන්ට් කරැව එලවන එකද ප්රජාතන්තරවාදය? යහපාලනේ මේකද?

      Delete
    5. ඔබ හරි ශෙනාල්. දැන්වත් යන්න.

      Delete
    6. කො‍හේ යන්නද? ඔබතුමාලා බොරැ දානකන් ඒවාට විරැද්ධ වෙනවා...

      Delete
    7. මුලා නොවී ඇත්ත දැනගැනීමට කැමති අය දෙමල බෙදුම්වාදයේ පරිණාමය ගැන දැන ගැනීමට මෙම ලිපි පෙල කියවන්න.

      Delete
  2. ස්තුතියි ඉයන් .

    ReplyDelete
  3. ඒ කියන්නේ ප්‍රභාකරන් යනු ඉන්දියානු රෝ සංවිධානයේ කොන්ඩම් එකකි!

    ReplyDelete
    Replies
    1. ස්තූතියි රසික, කොන්ඩොම් එකක් කියන එකද ශුක්‍රාණුවක් කියන එකද වඩා ගැලපෙන්නෙ?

      Delete
  4. ලිපියේ අවසාන පේළි කිහිපයට මගේ ස්තූතිය.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. දුමින්ද කවියක් දායි කියල තමයි මමනම් බලාපොරොත්තු වෙන්නේ :))

      Delete
    2. අඩවිය බලන මුදු හැමදාමත් එයට
      බැරිවිය කොමෙන්ට් කෙරුමට මෙතුවක් මෙමට
      නැතිවිය වචන වැදගත් ඔය ලිපිවලට
      සිදුවිය නිහඬ වන්නට එම නිසා මට.....

      ජයවේවා!!!

      Delete
    3. දුමින්ද ඔබට බොහෝම ස්තූතියි කවියක් පබැඳීම ගැන. මම ඔබගේ කවිකාර හැකියාවේ ලොකු fan කෙනෙක්.

      Delete
    4. ස්තූතියි ඉයන් . ඉයන්ගේ මේ හරබර වාද විවාදවලට මගේ කවි නොගැලපෙන බවයි මට හිතෙන්නේ.

      ජයවේවා!!!

      Delete
  5. කලිං ලිපියට ඉතාමත් වටිනා අදහස් පක්ශව විපක්ශව මෙන්ම මැදිහත්වද ලැබී තිබුනා.. එවන් හරවත් සංවාදයක් මෙහිදීත් බලාපොරොත්තු වෙන්න පුලුවන්. අවසානයට විය යුත්තේ 'යුද්දයට' මුල්වූ හා එය අවසන් වීමට මුල්වූ කාරණා ගැන හැම දෙනාම පුලුල් අවබෝධයක් ඇති කරගැනීමයි. මෙය හුදෙක් පුද්ගලයක් දෙන්නෙක් ව ඔසවා තැබීමට හෝ පාගා දැමීමට ලගු විය යුතු නෑ.. ස්තූතියි ඉයන්.

    ReplyDelete
    Replies
    1. ඔබතුමාලනේ ජීවිත අවදානම අරගෙන ගිහින් ඔය නැව් විනාශ කලේ. ඒගැන ස්තූතියි කරන්න මේක අවස්ථාවක් කරගන්නවා.

      Delete
  6. මෙයාට පිස්සු.. යුද්ධය ඉවර කලේ මහින්ද. ප්‍රභාකර එයා බිත්තියට හේත්තු කලාම එයාට මල පැන්නා. එහෙම පැනලා ප්‍රභාට දුන්නා පුක නැති වෙන්නම. මේ රටේ ගැලවුම්කාරයා මහින්ද. මේ ජාතියේ ගැලවුම් කාරයා මහින්ද. මේ ආගමේ ගැලවුම් කාරයා මහින්ද. අපිට මහින්දගෙන් තොර ජීවිතයක් නෑ. මහින්ද ආයෙත් එනවා. එදාට අපි ඉයන්ලා ගැන බලා ගන්නම්. දැන්ම විසා රෙඩි කරගෙන ඉන්න.

    මහින්ඩ අපේ රට පමණක් නොව තිදෙව් ලොවටම අධිපති මහා ගැලවුම්කාරයාය.

    ලිපියේ අවසානයේ ඇති සියල්ල හෙලා දකිමි. සියල්ලම බැර විය යුත්තේ මහින්දටම පමණි. මහින්ද කැමති නම් අනික් අයට පොඩ්ඩ පොඩ්ඩ දුන්නාට අවුලක් නැත.

    මහින්දට ජයවේවා...
    අපි මහින්දට...
    මහින්ද අපිට...

    ReplyDelete
    Replies
    1. අපිත් එහෙමම තමයි. මේ නිකන් කම්මැලි කමට බොරු කිව්වට.
      මහින්දට ජයවේවා !! අපිට කෙලවේවා !!

      Delete
  7. / තම දේශපාලන වෙනස්කම් කුමක් වුවත් රටට කෙරෙන අපරාධයකට විරුද්ධව නැගී සිටීමට එවකට ඉන්දියාවේ අගමැති ඉන්දිරා ගාන්ධි සමීප මිතුරියකවූ ගේ සිරිමා බණ්ඩාරණායක ඉදිරිපත් නොවිනි./

    එහෙනං එහෙනං මොනව කියනවද? සිරිමක්කා අන්තිම කැත වැඩේ කලේ...නැද්ද ඉයන්?....:)

    ශාන්තුවර ජූනියස් (St.Junius) පව් නේද?

    /ඇගේ ඉන්දීය මිතුරුකම් නිසා රටේ විදේශ ඇමති පදවිය භාරගන්නා ලෙස ජේ ආර් කල ආරාධනය ඇය ප්‍රතික්ශේප කළාය./

    මේ කොයි කාලෙද ඉයන්? මම මෙහෙම දෙයක් ඇහුවමයි...

    ReplyDelete
    Replies
    1. රවී උඹෙ උපහාසය තේරෙනවා. උඹ ඒ අවස්ථාවේ හිටියනම් මොකද කරන්නේ? ජනාධිපතිවරයා කවුරු වුණත් රට එයාගෙ නෙවෙයි. මට විශ්වාසයි උඹගේ පරම හතුරා ජනාධිපති වුණත් රටට හානියක් වෙන බව තේරුණොත් උඹට පුළුවන් නම් උදව් කරනවා. රටට ජීඑස්පී නැතිවෙන්න යනකොට රනිල් උදව් කරන්න ඉදිරිපත් වුණා කියල උඹ දන්නව ඇතිනෙ. එතකොට සුනාමි එනකොට ජනාධිපති රටේ හිට්යේ නැහැ. ඒඅවස්ථාවෙදිත් ඔහු කලයුතු දේවල් කලා. ඒගැන ප්‍රසිද්ධ නොවුණට. ඉන්දියාව ඇතිකල කොටි ප්‍රශ්ණය මුලින්ම කඩල දාන්න සිරිමාට ඕන තරම් හැකියාව තිබ්බ.

      Delete
    2. ඉයන්,

      ඔබ හා එකඟයි. පටු දේශපාලන අරමුණු වෙනුවෙන් ජේ.ආර්. කොපමණ සිරිමට කෙණෙහිලිකම් කලත් රට වෙනුවෙන් ඇය ඒ සියල්ල අමතක කොට තම යුතුකම කලානම් ඇත්තටම ඉතාම විශිෂ්ඨයි. ඒත් ඔය කවුරුත් පෘථග්ජනයො. ඒ හින්ද මම සිරිමට දොස් කියන්නෙ නෑ.

      ඒ එක්කම මේකත් කියන්න ඕන. නේරු/ගාන්ධි පවුල සහ බණ්ඩාරනායක පවුල අතර සමීප මිත්‍රත්වයක් තිබුන බව හැබෑව. ඒත් මම හිතන්නෙ ඉයන් දන්නව ඉන්දියාවෙ රාජ්‍ය ප්‍රතිපත්ති තීරණය වෙන්නෙ පෞද්ගලික හැඳුනුම්කම් මත නොවන බව.විශේෂයෙන් ජේ.ආර්.ගෙ බටහිරට බර ප්‍රතිපත්තිය ඉන්දියාව තමන්ට දැඩි තර්ජනයක් කියල සලකන සන්දර්භයක් (Context) තුල ඔබ ඇත්තටම විශ්වාස කරනවද ලංකා රජයේ ඉන්දියාව කෙරෙහි ප්‍රතිපත්තියෙ කිසිදු වෙනසක් නොවී හුදෙක් සිරිමා-ඉන්දිරා පෞද්ගලික මිත්‍රත්වය මත පමණක් තම ප්‍රතිපත්තිය වෙනස් කරන්ට ඉන්දිරා කැමතිවෙයි කියල. I think that's just wishful thinking, nothing more.

      Delete
    3. රවී ඉන්දු ලංකා ගිවිසුමෙන් ඉන්දියාවවත් ලංකාවවත් ආර්ථික ප්‍රතිපත්ති වෙනකලේ නැහැනෙ. ඉන්දියාව සහ ලංකාව අතර සංහිදියාවක් ඇතිකරල ඉන්දියාවේ ප්‍රශ්ණ වොයිස් ඔෆ් ඇමෙරිකා ආදිය ගැන සම්බන්ධිකරණය කරල කොටින්ට සහය වෙන එක වලක්වන්න තිබුණ. අඩුම ගානෙ උත්සාහ කරන්න තිබුණ. අර ඉරානය ප්‍රාණ ඇපකරුවන් අල්ලගෙන ඉන්නකොට ජේ ආර් එයාගේ මල්ලිව "නහී වේරේන වේරානි' කියල කොල කෑලක ලියල යැව්ව වගේ. ඇත්තටා ඒ උත්සාහය කිසිම වැඩක් නොවුණත් ඇමෙරිකාව ගොඩක් අගය කලා.

      Delete
    4. ලංකාවේ රාජ්‍ය නායකයෝ ඒවගේ දෙකක් කරල තියෙනවා අනුන් වෙනුවෙන්. පළමුවෙනි එක 1951 සැන් ෆ්‍රැසිස්කෝ සාම සම්මේලනයේදී ඇමෙරිකාව සහ බටහිර ජාතීන් ජපානයෙන් වන්දි ඉල්ලනකොට ලංකාවේ මුදල් ඇමති ජේ ආර් ජයවර්ධන නහී වේරේන වේරානි කියන බුදු වචනය පාවිච්චි කරල කථාවක් කරලා ඒ සම්මේලනයේ තීරණය වෙනස් කලා. ද්වෙනි අවස්ථාව ඉන්දියාවයි චීනයයි දේශසීමා ප්‍රශ්ණයක් සිරිමා බණ්ඩාරණායක දෙපැත්තට කථා කරල විසඳුවා.

      Delete
    5. ඉයන්, ඔය නහි වේරේන වේරානී කතාව අතිශයෝක්තියක් මම හිතන්නෙ. කවුරුත් කියනවනෙ බටහිර ජාතීන් විශේෂයෙන්ම අමරිකාවට ඕනකම තිබ්බෙ ජපානෙන් විශාල වන්දියක් අරගෙන ජපානෙ ආර්ථිකට නැත්තටම නැතිකරල දාන්ටය ජේ.ආර්. ගෙ නහි වේරේන වේරානී කතාවෙන් පස්සෙ ඒ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් වෙලා ජපානෙ ගැන ලොකු කරුණාවක් පහල වෙලා වන්දි කතා ඔක්කොම අත ඇරල සමාව දුන්නයි කියල.

      ඒක විශ්වාස කරන්ට පුලුවන් කතාවක්ද ඉයන්? ඒ කියන්නෙ අමරිකාව තමන්ගෙ ජපානය ගැන තිබ්බ අදහස් සම්පූර්ණයෙන්ම වෙනස් කරගත්ත මේ ආසියාවෙ ඇබිත්තං කිසිම වැදගත්කමක් නැති පොඩිරටක ඇමති කෙනෙක් කරපු කතාවක් අහල? Please be realistic Ian, do you really think so?

      බුදු හාමුදුරුවොත් කියල තියන අර විචාර බුද්ධිය ඕන වෙන්නෙ මෙන්න මේ වගෙ අවස්තාවලදි...:)

      මම හිතන්නෙ මෙහෙමයි.දෙවෙනි ලෝක යුද්දෙන් පස්සෙ ඈත පෙරදිග අමරිකානු ආධිපත්‍ය දිගටම පවත්වාගන්ට ක්‍රමයක් ගැන අමරිකාව කල්පනා කලා. එක පැත්තකින් රුසියාව. අනික් පැත්තෙන් චීනෙ. එතකොට එයාල එක්ක කරට කර ඉන්ට තමන්ට හිතවත් බලවත් රටක් තියෙන්න ඕන. ජපානෙ තමයි ඒකට හොඳම විසඳුම. ඒකට ජපානෙ වට්ටල හරියන්නෙ නෑ.

      මම හිතන්නෙ ඔය වන්දි කතා ඔක්කොම ජපානෙ බයකරගන්ට කිව්ව එව්ව. අමරිකාවෙ එහෙම කල්පනාවක් තිබිලම නෑ. ඒක අස්සෙ ජේ. ආර්. ගිහිල්ල මෙහෙම කතාවකුත් කිව්ව. ඒ ඔක්කොම පිට දාල අමරිකාව තමන්ට ඕන දේ කරගත්ත.

      Delete
    6. This comment has been removed by the author.

      Delete
    7. රවී මේ විකිපීඩියා පිටුව බලන්න. රටවල් විශාල ප්‍රමාණයක් සහභාගී වූ මෙම සමුළුවේ කතා වලින් සඳහනක් කර ඇත්තේ සෝවීයට් දේශයේ අදහස, චීනයේ අදහස සහ ලංකාව ජපානයේ පැත්තට කල කථාව පමණයි. ඔබ ජේ ආර් විරෝධියෙක් බව මම දන්නවා. එහෙත් ලංකාවේ ස්වර්ණමය අවස්ථාවක් වෙන මෙය ගැන සිතීමට එය බාධාවක් කරගන්න එපා. මේ කථාව නිසා ජපානයේ ජේ ආර් ජයවර්ධනගේ පිළිරුවක් පවා තිබෙනවා. ශ්‍රී ජයවර්ධනපුර රෝහල නොමිලේ ලංකාවට ලබා දුන්නේ මේ නිසා.

      Delete
    8. ඉයන්,

      විකිපීඩියා එකේ එහෙම තියෙන්න පුලුවන්. මම කියන්නෙ කරුණාකරල ප්‍රායෝගිකව හිතන්න කියලයි. වෙන්ඩ පුලුවන් දේවල් සහ නැති දේවල් තියනවනෙ.මෙහෙම දෙයක් ප්‍රායෝගිකව වෙන්න පුලුවන්ද කියල හිතන්න එච්චරයි.

      ඒ කිව්වෙ ඉතාම සරළව කිව්වොත් අමරිකාව ජේ. ආර්. ගෙ කතාව අහල තමන්ගෙ ප්‍රතිපත්ති සම්පූර්ණයෙන්ම අංශක 180 ක් ආපහු හරවගත්තයි කියල ඔබ විශ්වාස කරන්නේද? එපමණයි. If you believe that no problem with me, But I don't.

      Delete
    9. ඔය ජනපති ජේ.ආර්. ගෙ නහි වේරේන වේරානී සම්බන්ධ කතාව ඉතා හොඳ කතාවක් බව ජපන් දේශපාලන විද්වත්තු කිහිප දෙනෙක්ම පිළිගත්තා. නමුත් එය විශාල සාදකයන් ලෙස ඔවුන් අදට නම් පිළිගන්නේ නෑ. ඒ හැම දෙනාම කිවේ ජපානයේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය බාරව සිටි සුප්‍රීම් කමාන්ඩර් වරයා වුණ ෆීල්ඩ් මාෂල් ඩග්ලස් මැක්ආතර් ඉතා හොඳ ක්‍රිස්තියානි ලබ්ධිකයෙකු වූ බවත්, ජපානයට ප්‍රජාතන්ත්‍රවාදය ලබාදී ජපානය නැවත ගොඩනැගීම ජර්මනියට වඩා වෙනස් ලෙස සුක්ෂමව සිදුකලේ ඔහුගේ බලය සහ වුවමනාව නිසා බවත්. ජපානයේ දැනට අවතින ව්‍යවස්ථාව මේජි ව්‍යවස්ථාවෙන් වෙනස් කර සාධනීය ලක්ෂණ එයට ඇතුලත් කරන්නත් සුප්‍රීම් කමාන්ඩර් වරයා විශාල මැදිහත්වීමක් කල බවයි මම දන්නේ.

      මම ජේ ආර් විරෝධියෙක් නොවෙයි. දේශපාලනය මයින්ඩ් ගේම් එකක් මිස කුණුහරුප කියාගන්න සිල්ලර එකක් නොවෙයි කියල මම හිතන්නේ. ජනපති ජේ ආර් එදා මෙදා සිටි හොඳම මයින්ඩ් ගේම් කරුවෙක්. මමත් මේ ගැන සොයා බැලුවේ ඒ නිසා වුනත් ජපනුන්ගේ තීරණාත්මක සාධකය වශයෙන් දකින්නේ සුප්‍රීම් කමාන්ඩර් වරයා යි.

      Delete
    10. කෙන්කියුශා බොහොම ස්තූතියි.

      Delete
  8. IPKF ආපු එකෙන් වැඩිම හානිය වුනේ LTTE එකට. ලංකාවට හානි වුනේ ඒක දඩමීමා කරගෙන දකුණේ කැරැල්ලක් ඇතිවුන නිසා

    ReplyDelete
    Replies
    1. ඔව් Pra Jay, IPKF නො එන්න රජීව් මැරෙන්නේ නැහැ. එහෙනම් කොටි සංවිධානය තවත් තියෙනවා. IPKF සමඟ සටන් කිරීමෙන් කොටින්ට ලොකු self confidence එකක් නම් ඇතිවුණා.

      Delete
    2. ඒ overconfidence නිසානෙ රජීව් ගාන්ධි මරල යහතින් ඉන්න පුලුවන් වෙයි කියල හිතුවෙ.

      අපේ දේශපාලකයින්ගේ මෝඩකම් ගැන කතා වුනාට අපි අමතක කරනවා ප්‍රභාකරන් කොයිතරම් ගොංකං කලාද කියන එක

      Delete
  9. ඉයන්,

    ඔබ මේ පුද්ගලයා පිලිබඳ සාමාන්‍ය කියවීමක් කළොත් හොඳයි. මේ තැනැත්තා K. M. Panikkar. වැඩිදුර කිසිවක් නොකියමි.

    - නිර්නාම


    -

    ReplyDelete
    Replies
    1. නිර්නාම,

      ඔබ මගේ මේ පෝස්ට් එක පිලිබඳ සාමාන්‍ය කියවීමක් කළොත් හොඳයි. මේ පෝස්ට් එක දෙමළ බෙදුම්වාදය 1

      වැඩිදුර කිසිවක් නොකියමි.

      -ඉයන්

      Delete
  10. This comment has been removed by the author.

    ReplyDelete
  11. මධ්‍යස්ථ සංවාදයක්. හැම දේකම ඇත්ත නැත්ත වෙනුවට එකම දෙයක් මන්තරේ වගේ ඔළුවට යැවෙන එකනේ අපේ වෙන්නේ. විශේෂයෙන් මේ වගේ දේවල් වලදී.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ඩිනේෂ්, ඔබ යමක් දැනගත්තානම් සතුටුයි. කරුණාකර මේ ගැන අන්තර් ජාලයේ ඇති අනෙක් පර්යේශණ පත්‍රිකා, ලිපි කියවලා බලන්න. එවිට සමහර දේශපාලකයින් කල නොමග යැවීම් ගැන ඔබටම අවබෝධයක් ලැබේවි.

      Delete
  12. 2009 වෙනකොට ඉන්දියාවට අපටත් වඩා ඕනෙකම තිබුණා LTTE එක පරාජය කරන්න. කොටින්ට කිරිපෙවීමේ විපාකය රජීව් ගාන්ධිගේ මරණයන් උගත් නිසාත්, ලෝකයෙන්ම දෝෂාරෝපණ ආ නිසාත්, ඉන්දියාව අපේ පදයට නටන තත්වයට ආවා. ඒ වගේමයි, ඉන්දියාවේ සාම සාධක ක්‍රියාන්විතය (Operation Pawan) නිකම් පුස්සක් වුණා.

    https://en.wikipedia.org/wiki/Operation_Pawan

    ඉන්දියාව අපිට තර්ජනය කරනවිට ලෝකයේ රටවල් බොහෝමයක්, 'සමාදානෙන් ෂේප් කරගනින්' කියලා අපිට කිව්වේ, ඒ රටවලට හොඳ වෙළඳපොළක් සහ ආයෝජන අවස්ථා, ඉන්දියාව තුළ තිබුණු නිසයි.

    මෙන්න මේ නිසා, අපි, ලංකාව තුළ, දකුණු ආසියාවටම අභියෝගයක් වන වෙළඳපොළක් සහ ආයෝජන අවස්ථා හදාගත්තොත්, අපිට උදව්වට ලොකු රටවල් එනවා අවශ්‍ය ඕනෙම වෙලාවක.

    ReplyDelete
    Replies
    1. විචා ඔබට බොහොමත්ම ස්තූතියි. මේ යුද්ධය අවසන් කිරීම සඳහා කෙලින්ම දායක වූ කෙනෙකු ලෙස ඔබගේ දායකත්වයට මගේ ප්‍රණාමය පිරිනැමීමට ඉඩ දෙන්න.

      තුන්වන ලෝකයෙන් පළමුවෙනි ලෝකයට ගෙනියන්න තිබ්බ අවස්ථාව තිබුණේ අනික් බොහෝ රටවල් සමාජවාදී ක්‍රම යොදාගත්ත කාලේ. අද රටවල් 180 ගණනෙන් වැඩි ගනනක් වෙලඳපොල ආර්ථිකය හඳුන්වා දීලා. සෝවියට් දේශය බිඳ වැටීමෙන් පස්සේ ඉක්මනින් එතනට යාමේ එම ජනේලය වැසුනා.

      Delete
    2. ඉන්දියාවට එල්ටීටි එක පරාද කරන්න උවමනාවක් තිබ්බෙ නැහැ. ඒවගේම ඉන්දියාවට එල්ටීටි එක ශක්තිමත් වෙනව දකින්න උවමනාවක් තිබ්බෙත් නැහැ. අනික ඉන්දියාවත් හිතුවේ නෑ ප්රභාකරන් පරාද වෙයි කියල යුද්දෙන්. උන් හිතන් හිටියේ හිගන්නාග‍ේ තුවාලේ වගේ ඔය ප්රස්නෙත් ඇදි ඇදි තියෙයි කියල.

      ඉන්දියාව අපිට තර්ජනය කරන කොට ‍සෝවියට් දේශය බිදවැටිල තිබුනෙත් නෑ ඉන්දියාව තමන්ගේ මාකට් එක ලෝකෙටම විවුර්ත කරල තිබ්බෙත් නෑ. ඒනිසා ඔය කියන බටහිරට හොඳ වෙළඳපොළක් සහ ආයෝජන අවස්ථා, ඉන්දියාව තුළ තිබුණු කියන මතය බිද වැටෙනව නිකම්ම.

      Delete
    3. බොහොම ස්තූතියි ශෙනාල්

      Delete
  13. ඒ ගොල්ලෝ එහෙමයි කියනව , මෙ ගොල්ලො මෙහෙමයි , කොහොමද දන්නැ

    ReplyDelete
    Replies
    1. මේව ගැන ලියවිච්ච දේවල් අන්තර් ජාලයේ කොතෙකුත් ඇත. ඒකාලෙයි ජීවත් වූ අය සමහරක් තවමත් ජීවත් වෙයි. ඇත්තටම වූ දේ සොයා ගැනීමට එතරම් අපහසු නැත.

      Delete
  14. එක් මිනිසෙකුට තවත් මිනිසෙක් තර්ජනයක් ලෙස පෙනෙන්නේ ඇයි කියලා මට තේරුන් ගන්න අමාරුයි ඉයන්..

    ReplyDelete
    Replies
    1. බුදුහාමුදුරුවො කියල තියෙන විදිහට නම් අවිජ්ජාව. මේ භවයේ මඩි ගහගන්න පුලුවන් තරමක් සංසාරෙම තියාගන්න පුළුවන් වෙයි කියල හිතනව ඇති. එහෙම නැත්නම් මේ භවය විතරයි සංසාරයක් නැහැ කියල හිතනව ඇති. එතකොට තමන් හැර අනික් හැමෝම තරඟකාරයො. නැතිකරන්න ඕන අය.

      Delete
  15. "දකුණේ බොහෝ දෙනෙක් සිතුවේ ඉන්දියාව මැදිහත්වී යම් අවස්ථාවක එය නවත්වනු ඇත කියාය. "

    තොප්පිගල කියන්නේ විශාල කැලයක්, අලිමංකඩ කියලා පාමංකඩ යනවා, ඕන ගොනෙකුට යුද්ධ කරන්න පුලුවන් කියපු අයත් ඔය ගොඩේ ඇති කියලා මම හිතනවා..

    ඉයන් මොනවා කිව්වත් අපිට ඒ දවස් වල තේරිලා තිබුන දේ තමා, මේ යුද්ධය කට්ටිය හිගන්නගෙ තුවාලෙ කරගෙන තිබුන බව.. එකෙකුටවත් ඒක සම්පූර්ණයෙන් ඉවර කරලා දාන්න උවමනාවක් තිබුනෙ නෑ...බොරු පැලැස්තර විසදුම් දිදී, අපිව ගොනාට අන්දගෙන උන් යුද්ධෙන් හම්බකරන් යුද්ධෙ ඇදගන ගියා..

    රටේ වාසනාවකට, මහින්ද, අනිත් අයගෙ බලපෑම මත නිසා හෝ, එයාගෙම තනි උවමනාවට මේක ඉවර කරනන් ඕනා තීරණය ගත්තා.. ඒකෙ ක්‍රෙඩිට් එක කාට ගියත්, පක්ෂ බේදෙකින් තොරව අද හැමෝම බයක් නැතුව රටේ ජීවත් වෙනවා.. අපි දන්න, අපිට තේරෙන යතාර්තය ඔච්චරයි..

    ඉන්දියාව කියන්නේ දෙපිට කාට්‍ටු සුනඛයෙක්.. ඌත් එක්ක වැඩි බජනෙට යන එක කොහෙන් කෙලවර වෙයිද දන්නේ නෑ. ඉන්දියාවෙන් අපිට එල්ල විය හැකි ඕනෑම තර්ජනයක් නවත්ව ගනන් තියන හොඳම ක්‍රමේ තමා වෙන බලවත් රටවල ආයෝජන ලංකාව තුල වැඩි කරගැනීම. එතකොට ලංකාවට වැදුනොත් තමන්ටත් වදින නිසා ඉන්දියාවට ඌට ඕනා ඕන විධිහට අපිව නටවන්න බැරිව යනවා...

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සෙන්නා. බොහොම ස්තූතියි.

      Delete
  16. Don't recall a Ian in BS1/2/3/4 or 5

    ReplyDelete
  17. sorry meant to ask, which class? at least a clue as to who you are

    ReplyDelete
  18. කියෙව්වා. දේශපාලනය ගැන ලොකු දැණුමක් නැති වුනත්, මෙච්චර මහන්සි වෙලා, ලස්සනට ලිව්ව ලිපියට , ටිකක්වත් දිග පිලිතුරක් ලියන්න ඕනෙ.

    මම ජේ.ආර්ට කැමති නෑ. රටේ හැම ආයතනයක්ම , හැම තීරණයක්ම දේශපාලනීකරණය කරන්න මුල්ගල තිව්වෙ ජේ.ආර් කියලයි මම හිතන්නෙ. ඒත් මේ ටිකත් කියන්න ඕනෙ, ජේ.ආර් තුල දේශපාලන නායකයෙක් ගාව තිබිය යුතු දක්ෂකම, කපටිකම සහ නායකත්වය සහ පෞරුෂත්වය අඩු නැතුවම තිබ්බා. ආර්ථික දූෂණ චෝදනා ඉතිහාසයේ ඔහුගෙ නම නැහැ. ගැහිලි පටන් ගත්තෙ චන්දිකාගෙ කාලෙ, ඒක උපරිම තලයකට ගෙනාවෙ මහින්ද.

    සිරිමා, ජේ.ආර්ගෙ අනිත් පැත්ත කියලයි මං හිතන්නෙ. බණ්ඩාරනායක ඝාතනයෙන් ආ මහජන අනුකම්පාව මත අගමැති වු, තානාන්තරයට නොසුදුසු චරිතයක්. ගේම ගෙනිච්චෙ වටේ හිටපු ෆ්ලික්ස් වගේ අය. ලිපියෙ සිරිමා සමය ගැන ඔබත් සමඟ එකඟයි. වෙන රටවලත් අසාර්ථක වු "ස්වයං පෝෂිත මුලාව" තේමාව කරගෙන රටේ ප්‍රපාතයට ගෙනිච්චා. ඒකට හවුල් වෙලා නැත්තටම නැති වෙච්ච සාම්ප්‍රධායික සමාජවාදී පක්ෂත්, ඒ විනාසෙට වග කියන්න ඕනෙ. අදටත් ජෙප්පො " අපටත් අවුරුදු පහක් දීලා බලන්න" කියනකොට, ඇඟේ මයිල් , ඉස්මයිල් වෙන මට " දීපල්ලා ...ල තියෙයි" කියල කියවෙන්නෙ ඒ නිසයි.

    මට රනිල් ගැන පැහැදීමක් නෑ. එහෙම පැහැදීමක් එන්න දෙයක් ඔහු ඔප්පු කරලත් නෑ. ඔහුගෙ මේ කාලෙ තුල කිසිම සුවිශේෂ දෙයක්, ව්‍යාපෘතියක් , ඉදිරි දැකීමක් ඇතිවෙයි කියලා බලාපොරොත්තුවකුත් නෑ.harmless and useless

    වැරදිත් ඇති ඒත් මේ මගේ අදහස.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බස්සා. ඔබ ගොඩක් දුරට හරි. ජන ජීවිතයට දේශපාලනය කාන්දු කලේ 1972 ජනරජ ව්‍යවස්ථාව. 1977 එකෙන් ඒක විශාල ලෙස උග්‍ර වුණා.

      Delete