Wednesday, October 12, 2016

ඇත්තටම දැක්කද?

කහපාට ගවුමකින් සැරසුන යුවතියක්


එක දවසක් මම අපි හැමෝම දන්න කෙනෙක්ගෙ ඔෆිස් එකට ගියා. කවුද කියල අහන්න එපා කියන්නෙ නම් නැහැ. ඒකේ බොස් තමයි අපි දන්න එක්කෙනා. ඇතුලට ගිය ගමන් මට උන්හිටි තැනුත් අමතක වුණා. ඒකට හේතුව එතනින් ඇවිදන් ගිය ලස්සනම ලස්සන කෙල්ලෙක්. කොච්චර ලස්සනද කියනවනම් අර මවන්න පුළුවන් කියල පම්පෝරිගහන එක මේ යකාට ඇත්තටම මවන්න පුළුවන් ඇති කියලත් මට හිතුණ. මට අපේ යාළුවත් එක්ක ආවේ මාර ඉරිසියාවක්. මෙච්චර ලස්සන කෙල්ලො වැඩකරන තැනට මට එන්න කියන්න තිබුණනෙ නේද? මම දන්නව අපේ යාළුව මාව මෙතෙන්ට එන්න කිව්වෙ නැත්තෙ මොකද කියල. ඒකට හේතුව අර අපේ යාළුවට වඩා මම හරි පෙනුමයිනෙ. ඒක නිසා මිනිහට තරඟයක් වෙයි කියල හිතන්න ඇති.


ඔගොල්ලො දැන් හිතනව  නේද මම නිකන් කට ඇරගෙන දිවත් එළියට දාල කෙල හල හල ඒ කෙල්ල දිහා බලන් හිටිය කියල. එහෙම වුනේ නැහැ. පොඩි කාලේ ඉඳන් කෙල්ලට නෝටිස් නොවෙන්න ෆුල් ප්‍රොෆයිල් එක ඔක්කොම කැමරා ඈන්ගල් වලින් ගන්න අපි එක්ස්පර්ට්ලනෙ. ඔක්කොම ඈන්ගල් වලින් කිව්වට මෙන්න මේවයි මම දැක්කේ කොණ්ඩෙ සහ මූණ ප්‍රදේශයයි, අත්දෙකේ යට හරියයි, දනිහෙන් පල්ලෙහා හරියයි තමයි ඇත්තම ශරීරෙ. ඉතුරු ටිකේ දැක්කේ ලස්සන ලා කහපාට ගවුමක්.

ඔය එහෙන් මෙහෙන් කෑලි කීපයක් දැකල මේ ලස්සන කෙල්ලෙක් කියල මට හිතුණෙ කොහොමද දන්නෙ නැහැ කියලත් හිතුණ. ඇයි යකෝ ඒ කහපාට ගවුම ඇතුලෙ වෙන මොනව හරි තියෙන්න බැරිද?  මට තේරුණේ අපේ පරණ පළපුරුද්ද නිසා අපේ හිත ඒවගේ දේවල් ටිකක් දැක්කම මේ ඉන්නේ කෙල්ලෙක්ය කියල හිතන්න පුරුදු වෙලා කියල. කොහෙදිද මම කියෙව්ව අපිට පේන්නේ අපි හිතේ හදාගෙන ඉන්න සම්මුති කියල. ලී කෑලි ටිකක් එහෙට මෙහෙට සම්බන්ධ කරාම ඒක තවමත් ලී කෑලි ගොඩක් හැටියට නොපෙනි පුටුවක් වගේ අපිට පේනව වගේ. 

ඔය ලා  කහපාට ගවුම් ඇඳපු ගෑණු ලමයින්ගෙ තියෙනව අමුතු ලස්සනක්. මට ඇත්තටම හිතුන මේවගේ ගවුමක් අරගෙන ගෙදර එල්ලල තියන්න. ඉඳල හිටල ගිහිල්ල බලල එන්න. ඒත් ඒක නිකම්ම නිකම් ගවුමක් නැත්නම් රෙදි කෑල්ලක්නේ. රෙදි කෑල්ලකට ඔච්චර ආස වෙන්නෙ මොකටද? මට මතක් වුණේ ඉස්කෝලෙ යන කාලෙ තාත්තා කියපු දෙයක්. එයා කිව්වෙ වැලක ගවුමක් වේලෙන්න දාල තිබ්බත් මම ඒකත් එක්කත් කථාකරන්න යයි කියල. හැබැයි ඇත්තටම මට  එච්චර විසයක් නම් තිබුණෙ නැහැ.
එක්ස්රේ ඡායාරූපයක්

හැබැයි ඔය ඇඳුම් විනිවිද බලන්න තරමට හැකියාවක් තියෙන ඇස් දෙකක් තිබුණනම් කියල හිතපු වාර නම් අනන්තයි. එක්ස්රේ යන්ත්‍ර හොයාගෙන මෙච්චර කාලයක් වෙනව ඔය විදිහෙ කණ්නාඩියක්වත් තාම හොයාගන්න මේ කට්ටියට බැරිවුණානෙ. එතකොටම මට හිතුනෙ වැරදිලාවත් අපේ ඇස් එක්ස්රේ මෙෂින්  එකක් වගේ  බලවත් වුණානම් මල කෙලියක් නේද වෙන්නෙ කියල. එහෙම වුණානම් මට ලා කහපාට ගවුම පේන්නේත් නැහැ, කොණ්ඩෙ අතපය පේන්නෙත් නැහැනෙ. එහෙම වුණා නම් මට ඒව පෙනෙනේ ඇවිදින ඇටකටු ගොඩක් වගේනෙ. ඔය ඇටකටු පින්තූර වලට ආස දොස්තරල ඉන්න පුළුවන් වුණාට මට නම් ඔය ඇටකටු ඇවිදිනව වගේ ඒවා බලාගෙන ඉන්න බැහැ. මොකද්ද ඒකේ තියෙන ලස්සන.


එක්ස්රේ එකට වඩා දියුණු ඇස් තිබ්බ නම් නේද? ආ ඒත් බැහැනෙ.  විනිවිද යන දියුණු ඇස් දෙකක් තිබුණනම් මොනවත්ම පෙනෙන්නේ නැතිවෙයි. එක්ස්රේ මෙෂින් එකකට වඩා ටිකක් අඩු විනිවිද දැකීමක් තිබුණ ඇහැක්වත් තිබුණනන් කියල හිතුණ.. ඒත් එතකොට අර ඇඟ ඇතුලේ තියෙන මස්, ලේ, වගේ දේවලුත් පෙනෙයිනෙ. සමහර විට එයා ටොයිලට් ගිහිල්ල තිබුනෙ නැත්නම් ඒ දහ ජරාවත් පෙනෙයිනෙ. අනේ අපොයි සංසාරෙත් එපා වෙනව එහෙම වුණානම්.

බලාගෙන යනකොට මම අර ලස්සන කෙල්ලෙක් කියල මොකක් හරි එකක්  දැකල තියෙන්නේ මගේ ඇස් දුර්වල නිසානෙ. ඒ දුර්වල ඇස් වලින් භාගෙට වහල පෙන්නපු මායාවක්නෙ.  ජූලි හතයි.  අනේ මේ දුර්වල ඇහැක් පෙන්නන දේවල් වලට රැවටිල මමත් මේව ලස්සනයි කියල හිතනව කියල දැනිල මට ලැජ්ජත් හිතුන. හොඳ වෙලාවට අපේ යාළුව තාම ආවේ නැහැ. මිනිහ මොනවහරි උයනව නැත්තං අඳිනව ඇති. ඔය කිව්වට මිනිහට මොනවත් මවන්න බැහැ. මේ සිතිවිලි ටික මගේ මොළේ කචල් කරල . ඒක නිසා මම ඉක්මනට ශේප් වෙලා එළියට ආව.


තරුණ කාණ්ඩෙ හැර අනික් අය ඔය ලස්සනයි කියන දේවල් ඇස් වලින් පෙන්නල රාගය එහෙම එනකොට මෙහෙම හිතල බැළුවොත් සෙතක් වෙයි නේද?  

102 comments:

  1. හෙට උදේම සයිට් එකේදිම හම්බුවෙමු..කහපාට ඇඳන් ඒවිද කියන එකනං ප්‍රොමිස් කල නොහැක...හැක්...!

    ReplyDelete
    Replies
    1. ඒ කියන්නේ මේ ඉයන් මරණානුස්මෘති භාවනාව වඩන්නේ චෙෆාකිගේ කෑල්ලකට

      Delete
    2. අජිත් ඒකට කියන්නේ මරණානුස්මෘති භාවනාව නෙමෙයි පිළිකුල් භාවනාව කියල.

      Delete
    3. /* මිනිහ මොනවහරි උයනව නැත්තං අඳිනව ඇති */

      මොකාවද උයන්නේ? මොකටද අඳින්නේ?

      Delete
    4. අජිත් එක පැත්තකින් හරි. මේ කථාවට චෙෆාකිට කිසිම සම්බන්ධයක් නැහැ. ඒවුණාට මේක දැකපු වෙලාවෙ ඉඳන් මට තර්ජනය කරල SMS එවනවා මරණානුස්මෘති භාවනාව වඩාගෙන මැරෙන්න ලෑස්තිවෙලා ඉන්න කියල.

      Delete
    5. රසික අපේ ප්‍රවීන බ්ලොග් කරුවකුගේ ටැග් ලයින් එක 'උයන, අදින මවන කෙනෙක්' කියන එක. හැබැයි මේ කථාව මනඃකල්පිතයි.

      Delete
    6. ///තරුණ කාණ්ඩෙ හැර අනික් අය ඔය ලස්සනයි කියන දේවල් ඇස් වලින් පෙන්නල රාගය එහෙම එනකොට මෙහෙම හිතල බැළුවොත් සෙතක් වෙයි නේද?///
      අපිලට ඕවා අකැපයි හීන්බබා සීයේ...!

      Delete
    7. අනේ ඔව් සෝරත පොඩි නම

      Delete
    8. ස්තූතියි ලාංකික. ඉයන් ඔය sms එවන්නේ භාවනා කරන කෙනෙක්ද, පරිප්පු උයන කෙනෙක්ද?

      Delete
    9. අජිත් මම හිතන්නෙ බේකන් කාල පරිප්පු ගැන ලියන කෙනෙක්

      Delete
    10. ඇයි අප්පා මෙහෙම කොරන්නේ අපිලට...!

      Delete
    11. අහක යන තොප්පි දාගන්න එපා චෙෆාකි. ඔය බේකන් කන්නෙ වෙන කෙනෙක්.

      Delete
    12. ප්‍රා පරිප්පු ගැනත් කොමෙන්ට් දානවද? චෙෆාකි ට බේකන් විතරක් මදි කියලනේ ඔය කියන්නේ.

      Delete
    13. ඉයන්ට ප්‍රොෆයිල් දෙකක් තියෙන බව මට පැහැදිලි වුණා. එකක් බ්ලොග් එක පවත්වාගෙන යන්න, අනික බ්ලොග් කියවන්න. නරකම නෑ වැඩේ.

      Delete
  2. සුදුම සුදේ කැකුළියො ඉඟි කරන තැනක්
    රිදුම නැතුව ඔෆිසියෙ වැජඹෙන්න ඉඩක්
    පුදුම වරය ලැබුනොත් ඉල්ලන්නෙ වරක්
    ඇඳුම නැතුව දැක ගත හැකි සුපිරි නෙතක්.......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. +++++

      බොහොම ස්තූතියි දුමින්ද. නියම, හාස්‍ය ජනක කවියක්.

      Delete
  3. මම ඔය ඔෆිස් එකට යන්නෙම රෑ වෙලානේ. සැහ්..

    ReplyDelete
    Replies
    1. පලයන් කළු කුමාරයා එනවා කියලා කියාවි. මටත් අඦගහපන් කව කුමාරයගේ සපෝටර් /බවුන්සර් හැටියට

      Delete
    2. ඒකනේ කමියෝ කියන්නෙ සුදුසුම වෙලාව බලලා යන තැනක යන්න ඕන කියලා. අපේ බොස් ඕව හංගලා තියාගෙන ඉන්නෙ.

      Delete
  4. මුලින්ම කියවං එනකොට හිතුණා අපේ ඉයන්ට මේ මොනවා වෙලාද කියලා . ඒත් මේක නම් සුපිරි ලිපියක් . ඔය අපේ සමහර හාමුදුරුවරුන්ගෙ බණට වඩා නම් බොහොම ඉදිරියෙන් . මට පෞද්ගලිකව දැනෙනදේ තමයි තරුණ අයටත් මේ වැඩේ අකැප නෑ. ස්තුතියි ඉයන් .

    ReplyDelete
    Replies
    1. මෙතූ ඔබ හරි. ඕන දේක ඇත්ත දැනගෙන ඒ සම්බන්ධ සතුටවල් ලබනවනම් බැඳීම වෙන්නේ නැහැ. රැවටී සතුට ලබන එක තමයි වැරදි. බොහොම ස්තූතියි.

      Delete
  5. පොඩි ලිපියකින් ලොකු කතාවක්... ඒ වුනාට ඉයන් දන්නවද? මේ ලෝකේ සතුටෙන්ම ඉන්නෙ, ‍රැවටිලා ඉන්න මිනිස්ස්සු...

    ReplyDelete
    Replies
    1. //මේ ලෝකේ සතුටෙන්ම ඉන්නෙ, ‍රැවටිලා ඉන්න මිනිස්ස්සුමේ ලෝකේ සතුටෙන්ම ඉන්නෙ, ‍රැවටිලා ඉන්න මිනිස්ස්සු//

      නියම කතාව !!

      Delete
    2. අර ක්‍රිස්තියානු ආගම් වල අදහන විදිහට පුනුරුප්පතියක් නැහැ කියල හිතුවොත් නම් කථාව හරි තමයි සෙන්නා. සංසාරයක් තියෙනව කියන එක අමතක කරල චූන් එකේ ඉන්නයි තියෙන්නෙ.

      Delete
    3. ආජන්ටිනාවේ ජනාධිපති කෙනෙක් හිටියා මට මහත්ක හැටියට නම ජුවන් පොරොන් එයා ළඟ කන්නාඩි දෙකක් තිබුන ඕනෑම ඇඳුමක් ඇඳන් හිටිය කෙනෙක්ගේ නිරුවත බලන්න පුළුවන් විධියේ. අන්න පුළුවන් නම් ඒක හොයා ගත්තොත් මරු

      Delete
    4. සමරසේකර මහත්මයාට ඒවගේ එකක් නිශ්පාදනය කරන්න පුළුවන් නම් කල්ල මරේ.

      Delete
    5. එහෙනම් මම කැමැතියි රැවටිලම ඉන්න.

      Delete
    6. තව අවුරුදු කීපයක් යනකොට අජිත්ටත් හිතෙයි රැවටුනා ඇති කියල.

      Delete
    7. අජිත්, ඒක හොඳයි.. එතකොට කළකිරීමක් නෑ.. හැමදාම සතුටෙන්.. හැබැයි ‍රැවටිලා.. හෙහ්

      Delete
    8. තමන් රැවටිලා නෑයි හිතන අයත් රැවටිලානේ ඉන්නේ. එකම දේ ඒගොල්ලෝ දන්නේ නැහැ රැවටිලා කියල.

      Delete
    9. ඒ කියන්නේ ඒ ගොල්ලො සතුටින්..... හෙහ් :D

      Delete
    10. Teen Agent කියන ෆිල්ම් එකේ ඔය වගේ කන්නාඩියක් තියෙනවා. අපි එක පාරක් ඔෆිස් එකේ සන්ග්ලාස් එකක් ගෙනැත් ඔයවගේ රඟපෑමක් කළා. අපේ කෙල්ලෝ ඇයියා ඇයියා කිය-කිය දිවුවා.

      Delete
  6. හ්ම්ම් හ්ම්ම් හිත නිවන කතා

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ශෂී, මේ මම කියන විකාර සීරියස් ගන්න එපා

      Delete
  7. සියල්ල ඇත්ත..ඒ ඇත්ත හැමෝම අවබොධ කර ගත්තනං හැමෝම නිවං දැකල ලෝකෙ හිස් වෙනවනේ...ලෝකෙ පවතින්නෙ රැවටිලා ඉන්න මිනිස්සු හංද

    ReplyDelete
    Replies
    1. WK ටපලවගෙනද මන්ද? එහෙම මිනිස්සු හිස් වෙන්නේ නැහැ. තව බිලියන ට්‍රිලියන ගණන් එක එක තැන්වල ඉන්නවා මනුස්ස ආත්ම ලබාගන්න බලාගෙන. ඔය දෙතුන් දෙනෙක් මෙහෙම හිතුවට ලෝකේ පැවැත්මට වෙන හානියක් නම් නැහැ.

      Delete
  8. හ්ම්.................අර............ Robot Office Assistant ගේ කතාව (ඔව් ඔව් අර පැන්සල් උල් කිරීමේ පහසුව සහිත, අන්න හරි) අසා තිබේද අප මැති තුමනි?

    ReplyDelete
    Replies
    1. හිතාගන්න පුළුවන් විචාරක තුමා නමුත් අහල නැහැ. වෙලාවක් ඇත්නම් කිව්වොත් ලොකු දෙයක්.

      Delete
    2. ඔෟක කිව්වේ දිවංගත ඔබ්සර්වර් මැතිතුමා. අන්තිමට ඇහුවාළු ඇයි යකෝ මට කිව්වේ නැත්තේ ඒ පැන්සල් කටර් එක කියලා කිව්වාළු අනිත් කොම්පැනි අයිතිකාරයා.

      Delete
    3. හැක් හැක් හැක්, අන්න උදාර තුමා දන්නවා කටන්තරේ. හප්පෝ මෙතන කියන්න බෑ. පොඩිහිටියන්ට පමණයි.

      Delete
  9. නෙදකිං කොහොම ගෑණියෙක් දිහා බලන්නෙ , ආතල් එක කෑවා

    ReplyDelete
    Replies
    1. මේවා චෙෆාකිට, උඹට වගේ තරුණ අයට ගැලපෙන්නේ නෑ කියලා කිව්වේ ඒකනේ අටමෝ

      Delete
  10. නෙදකිං කොහොම ගෑණියෙක් දිහා බලන්නෙ , ආතල් එක කෑවා

    ReplyDelete
    Replies
    1. අර ලේ පයින්ට් අටේ කතාව අහල තියනව නේද ..??

      Delete
    2. නැ නේ බ්ලොග් එකටවත් ලියහං

      Delete
  11. කහපාට ගවුම් නේද? මාත් අහුනානේ ගෙදර අල්මාරියේ ඒ ගවුම තාම තියනවා.

    ReplyDelete
    Replies
    1. දැන් මොනවකරන්නද ඇණයා ඒක සරමකටවත් කන්වර්ට් කරගනින්.

      Delete
  12. මසැසින් නෙමේ මනැසින් දකිනව කියන්නෙ ඕං ඕක වෙන්නැති මයෙ හිතේ..))

    ReplyDelete
    Replies
    1. ඔබ හිතේ ඇති දේ හරි යැයි මට සිතේ. ස්තූතියි වැසි

      Delete
  13. සිත නිවන කතා කියලත් කියනව ...
    මිදි ඇඹුල් කියලත් කියනව ....
    දත් නැතිදා උක් දඬු ගිනි තපින්ඩද ..?? කියලත් කියනව ...

    ReplyDelete
    Replies
    1. තෝ අහුවෙයකෝ මට. හුහ්.

      Delete
    2. එහෙම වෙන්නත් පුළුවන් ඇනෝප්ලීස්.
      විචාරක +++++

      Delete
    3. අප්පට සිරි මේක පරණ ලිපියක්නේ. විචාරක උන්නැහේගේ දුව දැන් මේ කමෙන්ට් ටික දැකලා මේ පැත්තේ එනවා. ඔන්න මට වග කියන්න බෑ. අංකල්ලා සෙට් එකාගේ ඔක්කොම සරං බිම වැටේවි.

      Delete
  14. දැන් ඉතින් එහෙමවත් හිත හදාගෙන ඉන්න බලමු. හෙහ්.

    ReplyDelete
    Replies
    1. ඔව් ඉතින් අපිට දැන් බෑනේ , හෙහ් හෙහ්
      Tk U Dinesh

      Delete
  15. මෙහෙම බණ කියන්න ගියොත් කෙල්ලන්ට හුලං තමයි.

    ReplyDelete
    Replies
    1. ඒ නිසා තමයි අර හැලපෙ කිව්ව අංග ජාන හදල තියෙන්නේ සුරංග . හැක්

      Delete
  16. ඔය වයසට හැදෙන රෝගයක්... සල්ලි තියෙනවා නම් බෙහෙත් ඇත...

    ReplyDelete
    Replies
    1. ඇත්ත මාතෙ, සහතික ඇත්ත.

      Delete
  17. පරණ කවියක දෙපදයක්-

    සමහරු පවසතත් ගැහැණිය අගේ කොට
    ඇය හරි හොඳයි පිළිකුල් භාවනාවට!

    ReplyDelete
    Replies
    1. රසික නියම කවියක් , හරිම තේරුම දෙනවා.

      Delete
  18. //පොඩි කාලේ ඉඳන් කෙල්ලට නෝටිස් නොවෙන්න ෆුල් ප්‍රොෆයිල් එක ඔක්කොම කැමරා ඈන්ගල් වලින් ගන්න අපි එක්ස්පර්ට්ලනෙ//
    //පොඩි කාලේ ඉඳන් කෙල්ලට නෝටිස් නොවෙන්න ෆුල් ප්‍රොෆයිල් එක ඔක්කොම කැමරා ඈන්ගල් වලින් ගන්න අපි එක්ස්පර්ට්ලනෙ//
    මේ කියන්නෙ විස්තර. තාත්තා දන්නෝ ඉයන් මාමගෙ හැටි. කොච්චර හැඩ කලත් සුවඳ කලත් අන්තිමේ මැරිල දිරල යන සරීර කූඩුවනෙ කියල ඉන්න තියෙනවනම් හොඳයි, ඒත් නොසැලකිල්ලෙන්ම ඉඳලත් බෑ ඉයන් මාමෙ, කෙල්ලොනෙ. ටිකක් පිලිවෙලට හැඩට ඉන්නෝනෙ කියලයි මටනම් හිතෙන්නෙ. (මම කොට, කැත, බතල එක වෙනම කතාවක්... මම කියන්නෙ අනිත් ගෑනු ළමයි..)

    ReplyDelete
    Replies
    1. මම ඒකාලේ හිතුවේ මගේ තාත්තා ඉරිසියාවට කියනව කියල හෙහ් හෙහ්. මේ අපි දැන් ඕගොල්ලොන්ට ඉරිසියාවට මේවගේ පෝස්ට් දානව වගේ. :) ලේ.හී මේක අනික් පැත්තට තේරුම් අරන් වගේනෙ. තමන් තමන්ගේ පෙනුම ගැන සැලකිලිමත් වීම ප්‍රශ්ණයක් නෙමෙයි නේද? නමුත් අපේ හිත් රාගිකව බැඳෙන දේවල් ගැන තමයි මෙහෙම හිතන්න පුළුවන් නම් හොඳ. උදාහරණයකට ගැහැණු කෙනෙක් නම් තමන් බැඳෙන පිරිමි අය ගැන. බොහොම ස්තූතියි.

      Delete
  19. කොහොමත් නිරුවත් රුපයකට වඩා හිත යන්නේ නිරුවත් නොවන රුපවලටනේ.සමහර විට එහෙම නිරුවත් රුපවලට වඩා නිරුවත් නොවන රුපවලට හිත යොමු වෙන එකෙන් කිසියම් හොඳ දෙයක් ඇති.එහෙම නැතුව නිරුවත් රුපවලට ලොල් උනොත් හැමෝම තවකෙනෙකුගේ නිරුවත බලන්න උත්සහා කිරීම තුලින් සමාජ ගැටලු උනත් ඇති වෙන්න පුළුවන්නේ.

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඔබ කියන්නෙ ආදරය සහ රාගය වෙනස ගැන කියල. මේ පෝස්ට් එක රාගය ගැන. ස්තූතියි මනෝජ්

      Delete
  20. http://www.architectmagazine.com/technology/architects-beloved-yellow-trace-becomes-a-mobile-app_o

    ReplyDelete
    Replies
    1. @ Ian, Thank you for thanking c-a for thanking me.

      Duh.. coming down with yellow fever?

      Delete
    2. Thank you for thanking each other and make us laugh..

      Delete
    3. Thank you for thanking each other and make us laugh..

      Delete
  21. මම පොඩිකාලේ යාළු වෙච්ච ළමයා හරි ලස්සන කහපාට ගවුමක් අඳිනවා . මම හරි ආසයි එකට අනිත් කැමතිම ගවුම් පාට තමයි කෙහෙල් දල්ලේ පාට /ලා කොළ පාට..

    ReplyDelete
    Replies
    1. ලා කොල පාටත් ලස්සනයි තමයි. ස්තූතියි කවිඳු

      Delete
  22. ඇයි ඉයන් කහ පාටම.. රතු පාට හරි යන්නේ නැද්ද..

    ReplyDelete
    Replies
    1. රතු පාටද චතූගෙ කැමතිම පාට?

      Delete
  23. නැ ඉයන්.. මම ඕනම පාටකට කැමතියි..

    ReplyDelete
  24. ඔය ටික හිතාගන්න නවතින එක තමයි අමාරුම හරිය..
    නිරුවත් උද්‍යාන+කොට ඇඳුම්+ස්ත්‍රී දූශන+බුර්කාව+අපචාර+නිදහස+වල්කම+සිත+දියුණුව
    මේ ඔක්කොම ගුලිකරලා ඔතපු කොලයක් වගේ කෙටි ලියමන.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගස්

      Delete
  25. අභිධර්මය සරලව...අගෙයි ඉයන්...හදිසියේ කියෙව්වේ...ඒකයි කමෙන්ටුව කෙටි...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි පොකුරු.

      Delete
  26. කහ පාට ආදර.. කහ පාට මල්.. දැං කහපාට ගවුම්.. හැබෑට කව්ද දන්නෙ ඔය මවන කෙනා ඇත්තටම වර්ණඅන්ධතාවය නැති කෙනෙක්ද කියලා.. හැක්..

    ReplyDelete
    Replies
    1. //ඔය මවන කෙනා ඇත්තටම වර්ණඅන්ධතාවය නැති කෙනෙක්ද කියලා//

      මවන කෙනා නේද මවනවයි කියන කෙනාද? එහෙම ඉශූ එකකුත් තියෙනව කියල ඇහිල තියෙනවා.

      Delete
  27. ඕක ආකල්පමය වෙනසක්. ඕකට වයස අදාල නෑ, හුඟ දෙනෙක් එහෙම හිතුවට. විඳිනවද විඳවනවද කියන තීරණය අපේ අතේ තියෙන්නෙ. අනුන් බලහත්කාරෙන් ඔලුවලට කාලාන්තරයක් තිස්සෙ ඔබ්බපු කුණුකන්දලුත් ඒ තීරණයට බලපාන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ආකල්ප වෙනසකට වඩා කාලයක් තිස්සේ පුරුදු කරපු වැරදි දැකීම ඒගැන වැඩි දියුණු මනසකින් බලා කියා දී ඇති ධර්මය හරහා නිවැරදි කරගැනීම නේද ඩූඩ්?

      Delete
  28. Replies
    1. ඔව් ඔව් ඩ්‍රැකී මේ කාලෙට ටිකක් විතර අස්පෙට් යන එක උප්පත්ති වරදක්.

      Delete
  29. ඕන්න මං පිඹගෙන ආවා අලුත් පෝස්ට් එක බලන්න. හෑ, මේ මොකක්ද, කෝ දේශපාලනේ? උඩින් පල්ලෙන් ස්කෑන් කලා. කෙල්ලෙක්ගෙ ෆොටෝ එකක් දාලා ධර්ම දේශනාවක් නේද? හහ්, අපි අහුවෙයි ඔව්වට? යස අගේට හිටිය මනුස්පය, ඔය ඔලුව කොහේ හරි වදින්න ඇති. එහෙම හිත, හිත මං ගියා.

    පුරුද්දට වගේ ආයෙ ආව. මේං බොලේ කෙමෙන්ට් අසූ තුනක්!. ඒ වංගියෙ කමෙන්ට් කියවලා, ලිපිය ආයෙ බැලුව. නරකම නෑ :)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි බසු මහතාණෙනි. මේ ඉතින් තරුණ කස්ටිය ගැන ඉරිසියාවට වගේ කියන කථා. හැබැයි ඇත්ත කියල තේරෙන්නෙ මම වගේ නහින දෙහින කාලෙට ආවාම තමයි.

      Delete
  30. ඔහොම බලන්න පුරුදු වෙන එක තේරුමක් නෑ.. ලස්සන දැකල, ලස්සන විඳලා ඒ ලස්සන අත ඇරලා දාන්න පුරුදු වෙන එකයි කරන්න ඕනේ මට හිතෙන විදියට.. ඔහොම බලන්න පුරුදු කරන්න ගිහින් නේද ලංකාවේ මිනිස්සුන්ගේ හිත් මෙච්චර අසංතෘප්ත වෙලා තියෙන්නේ.. මගේ අදහස ඒකයි . ඉයන් මේක ලස්සනට ලියල තියෙනවා. :)

    ReplyDelete
  31. සුන්දර කාන්තාවක් දිහා බලල අස්ථි පඤ්ජරයක් හිතේ මවාගන්න එක නෙවෙයි හපංකම ලොකු සර් අස්ථි පඤ්ජරයක් දිහා බලල සුන්දර කාන්තා රුවක් හිතේ මවාගන්න එක. අන්න ඒකටයි පරිකල්පන ශක්තිය නොහොත් ඉමැජිනේසං එක කියල කියන්නෙ....:)

    ReplyDelete
  32. කහපාටක් නොවන ජීවිතේ තවත් පාටක්.....
    ලස්සනයි...

    ReplyDelete
  33. මේ මගෙ ඔලුවට ආපුව.

    * ඉයන්ගෙ විසේ ඉහටත් උසේ

    * ඉයන් මනමාලයා නාකි ඉලංදාරියා

    මොනව උනත් බ්‍රා මෙන්ඩ එහෙම කරන එක හරි වැරදියි !!!

    ReplyDelete
  34. ක්ලැඩින් කියළා කියන්නේ තමයි. කොහොමත් අපේ ඇදුමටත් ක්ලැඩින් කියනවනේ. බලන්නකෝ ඕන කැත බිලිඩිමක් ලස්සන කරලා ගන්න හැටි. බිල්ඩින් වවලට එහෙම වුණත්, කෙල්ලන්ට ලස්සන ශරීරයක් නැතිනම් ඇඳුම් කොච්චර ලස්සන වුණත් වැඩක් නෑ. හින්දි නිලියෝ ගොඩ යන්නේ එයාලගේ ඇඟේ ලස්සන සහ ශාර්ප් ෆීචර් තියෙන නිසා. වැඩි කොටස මේකප් වලින් ගොඩ දාලා තියෙන්නේ. ඉයන් දැකලා තියෙනවද හින්දි නිළියෝ මේකප් නැතිව?

    ReplyDelete
    Replies
    1. Thank you Sudeeka. ඔව් සමහර පින්තූර දැකලා තියෙනවා. ඔවුන් සාමන්‍ය අය වගේ.

      Delete