Friday, September 9, 2016

ගී පද රචනා කිරීමත් කජ්ජක්ද?


ගී පද ලියන අවස්ථාවක පින්තූරයක්

බ්ලොග් අවකාශයේ ඉන්න තරුණ අයගේ තියෙන්නේ පුදුම හැකියාවල්. ලොවින් එකෙක් එක දෙයකට වෙයි සමත කියල කියල තියෙන්නෙ අද ඉන්න තරුණ සමාජය වගේ එකක් එන බව නොදැනගෙන වෙන්න ඕන. ඒතරම්ම එම හැකියාවල් විවිධත්වය විශාලයි. මම හිතනව සමහර විට තමන්ගේ තිබෙන හැකියාවල් නොදන්න අය ඉන්න පුළුවන් කියල. මීට කලින් ගීත රචනා කරල නැති අයට ඒක අත්හදා බලන්න අවස්ථාවක් දෙන්නයි අපේ හිතවත් බ්ලොග් කාරිණියක් සූදානම් වෙන්නේ. ඒක නිසා විවිධ එක්ස්කියුසස් නොදී හැමෝටම මේ සැප්තැම්බර් මාසයේ උත්සාහ කරල බලන්න අභියෝගයක් ලබා දෙන්නේ මම නෙවේ පුංචි කැකුළු මල් ලියන තුශාණි. 

අභියෝගය මේකයි. තුශාණි මේ ලඟකදී මනමාලියක් වෙලා කුලගෙට ගිය කෙනෙක්නේ. ඒ නිසා තමන්ට පුරුදු පරිසරයෙන් පිටකට ගිය යුවතියකට එන හැඟීම් ඇයටත් දැනිලා. ඒ පිළිබඳව කවි පන්තියක් දාල තිබුණ බව දකින්න ඇතිනෙ. මේ කවිපන්තියෙන් ගීතයකට සුදුසු පද මාලාවක් නිර්මාණය කිරීම තමයි අභියෝගය. එනම් කුලගෙට ගිය යුවතියකට කලින් හිටි නිවස, මව්පියන් සහ පරිසරය සිහිවී නැඟෙන සිතුවිලි.

ඔබ නිර්මාණය කරන ගීත රචනාව ඔබගේම බ්ලොග් එකේ පෝස්ට් එකක් විදිහට දමන්න. ඔබගේ පද රචනා වලින් එයා කැමතිම පද රචනා 5 ක් තුශාණි තෝරාගනියි. එම පහෙන් හොඳම පද රචනාව තෝරාගැනීමට සංගීතය සපයන කෙනෙක් සහ අජන්ත පීරිස් කියන ගායකයාට භාර කරනවා. එම ගීතයට සුදුසු ගායිකාවක් සොයාගෙන එම ගීතය නිම කරන ලද ගීතයක් කිරීම මම භාරගන්නම්. මීට කලිනුත් වර්ණ කරපු පදරචනයකින් ගීතයක් නිර්මාණය කල එක ඔබ බලන්න ඇතිනෙ. ඒ වගේ. 

ගීත පද ලියලා පුරුද්දක් තියෙන අය මේ අභියෝගය ගන්න එපා. මීට කලින් ලියා නැති කෙනෙක්ට අවස්ථාව දෙමු. 


තුශාණිගේ කවිපන්තිය තමයි පහල තියෙන්නේ



උදව්වක් ඕනේ මට 
සුළඟ මේ අහනවද 
අපේ ගෙදරට හොරෙන් 
ගිහින් එන්නට බැරිද ...

අම්මා තාත්තා එහේ 
සනීපෙන් ඉන්නවද
මම නැතුව පාළුවෙන් 
ඉන්නවද කියනවද ... 

මගුල්ගේ දා වගේ 
අම්මගෙ මූණ සතුටින්ද 
කඳුළු හෙම තිබුනොතින් 
පිසදාලා එනවාද  ...

මගෙ කාමරේ තාම 
කලින් තිබුනා වගෙද 
බෝනික්කෝ තරහා වෙලා 
නම් යාළු කරනවද ...

කාමරේ ලඟ රෝස
පඳුරේ මල් තියෙනවද 
මල් පිපිලා මම කොහෙද 
එබි එබී බලනවද ...

මාලා ගිරවුන් තාම 
පාන්දර එනවාද 
මම නිදියි හිතාගෙන 
ගී කියනවද තාම ...

සුදු පුළුන් ටෙඩී මගේ 
හොර ගෙඩියා වගේ නිදිද 
ගෙනියන්න එයාවත් 
එනවාමයි කියනවද ...

මම ගෙදර නැති අඩුව 
පා කරලා යවනවද 
හැමදෙනත් හැම දෙයත්
තිබුනා වගේ හදනවද ... 

එහෙම නැතිවුනොත් මට 
දුක හිතෙයි කියනවද
ඇවිත් යන්නට හනික 
එන බවත් දන්වන්න ...

1. තුශාණිගේ සංකල්පනාවට කුළුදුල්ම පදරචනය ශානි ශෂී කිවිඳියගෙන්

නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
මගේ මේ සුබ පැතුම් එහා ගමට ගෙනියන්න
අම්මගේ සුදු දෝණි සුවෙන් බව දැන ගන්න
අප්පච්චිටත් මෙතැන හාදු ඇති පවසන්න....

මං නැතුව පාලුවක් අම්මාට දැනෙනවද
පුරුද්දට අප්පච්චි තව පාර බලනවද
දොළ පාරෙ දණ්ඩි පැටවුනුත් මං හොයනවද
මතක ඇතුවම ආයෙ ඇවිත් මට කියනවද....

ආදර අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ....


2. ඉන්දික උපශාන්ත කවියා ගෙන්

ඈත ඉඳන් ආදරයෙන් බලා ඉන්න 
අප්පච්චී වගෙ හිනැහෙන සිහිල් සඳේ 
මගෙ පණිවුඩය අම්මට කියලා එන්න
ඇගෙ දුක නිවන්නට පසළොස්වක වෙන්න 


මගෙ ඇඳ ගාව හිඳ රෙදිවල සුවඳ බලා
අඬනා අම්ම සනසන්නට ලඟට වෙලා
බෝනික්කන්ට කියනවාද ඇයට හොරා
එනතුරු පුතෙක් එක්කන් කිරි සුවඳ පුරා

හවහට වතුර හැමදාකම නොලැබුනට
රෝස ගහේ එපා ඇයට රිද්දන්න
මම එනතුරා කටු අතු දුක් සඟවාන
මල් පිපියන් ඇගෙ තනියට හැමදාම



3. ඉවාන් පවුලූශා කවියාගෙන්


මගේ උණුසුම් සුසුම් මුසුවූ කඳුලු අරගන්න .
ඔබේ කෙහෙරැල් අතර රඳවා සිහිල් කරවන්න
මේඝ දූතිය මෑණියන්ගේ කනට කොඳුරන්න.
ලඟදි දවසක තුරුල් වෙන්නට ඒවි පවසන්න


රෝස පඳුට හෙමින් කොඳුරා මගෙ සෙනෙහෙ දෙන්න
දොරකඩටවී මග බලන බෝනික්කො නලවන්න
මගෙ කුටිය ලඟ සින්දු කියනා මාල ගිරවුන්ට 
තුති කියන්නට ලඟදීම මම එනවමයි ඔන්න


සෙනෙහෙ පිරි නව කැදැල්ලට වී තුටින් හිටියාට

යන්න ආසයි තාත්තගෙ සුලැඟිල්ල අල්ලාන 
මේඝ දූතිය මගේ හසුන් පත අරන් යනවාද
ආයෙමත් සුදු දෝණි එනවා කියා කියන්වද 


4.ඉකොනොමැට්ටා කවියාගෙන්

සුළඟේ... සුළඟේ...
හෙමින් හෙමින් හොරෙන් 
රිංගලා කවුළු දොරෙන් 
අපෙ අම්මව ආදරෙන් 
සිහි කලැයි කියා වරෙන් 
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

බෝනික්කෝ අඬනවාද ඇඳ යට හැංගිලා 
ටෙඩිය මගේ හීතලෙන්ද කොට්ටෙට ගුලි වෙලා 
රෝස කැකුළු ජනේලයෙන් මා කොහිදැයි බලා 
එබෙනවනම් සනසවපන් සිහිල් පවන් සලා 

හෙමින් හෙමින් හොරෙන් 
රිංගලා කවුළු දොරෙන් 
අපෙ අම්මව ආදරෙන් 
සිහි කලැයි කියා වරෙන් 
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...

පති කුලයට ගිය දුව ගැන විස්සෝපෙන් හිතේ 
මඟුල් දොහේ තිබුණු හිනා අම්මාගේ වතේ 
මැකී ගිහින් කඳුළු බිංදු උනා ඇතොත් නෙතේ 
ඇහේ වැදී ඇයට දියන් සිහිල මගේ අතේ 

සුළඟේ... සුළඟේ...
සුළඟේ... සුළඟේ...
සුළ...ඟේ...



5. දුමින්ද අබේසේකර කවියාගෙන්

මල් පෙති දග කරමින්නේ
තුරු දලු පත් නැටවෙන්නේ
සුළගෙ නුඹේ සීතලයට ලෝබ නිසාමයි
මගෙ තනියට තියා ගන්නෙ
මතක කතන්දර ගොතන්නෙ
අලුත බැන්ද මේ දෝනිට යාලු නිසාමයි

මාල ගිරව් මා ඇහුවද
උන්ට කන්න බත් දැම්මද
රෝස කැකුළු මුතු කදුලැලි පා කෙරුවාදෝ
බෝනික්කන් ඉකි බින්දද
ඒ හඩ මට ඇහුනෙ ඇද්ද
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ

සුසුම් වියන් මැද තනිවී
අම්ම හඩනවද දුක් වී
තාත්ත ඈ සනසන්නට ගී කිව්වාදෝ
මහ ගෙයි හිටි බඩ පිස්සී
ඔවුන් බලන්නට ළගදී
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ

සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ
සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ
සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ




6 නිර්මාණී කිවිඳියගෙන්

කොඳ කුසුමන් පිපී සුවඳ
බෙදන නිසල රාත්‍රියක
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික
කිරි පැණි ඉල්ලන්න නොවේ,
සාවිය ඉල්ලන්න නොවේ
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

මනාලියක් වී පෙර දා
කැදලි තනා ඉගිලුනාට
ඒ නිවසේ උණුසුම මට
සිහි වන වා හැම මොහොතෙම
සිත ඉගිලෙන මුත් නිවසට
යා නො හැකිය හනික එලෙස
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

දුවේ කියා අමතන හඬ
ඇහෙනව මට හැම මොහොතෙම
පුරුද්දකට මෙන් හැමතැන
හොයනවා ඇති මාව තාම
එහි රජයන පාලු ගතිය
මකා දමණු හැකිය නුඹට
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

 සමන් පිච්ච කඩොපුල් මල්
 පිපිලා ඇති මේ වෙනකොට
මා එනතුරු ඉන්නව ඇති
බුදු පාමුල සැනහෙන්නට
ලඟදිම එන බව පවසා
පනිවිඩයක් ගිහින් දෙන්න
සඳේ කැලුම් වඩිණුමැනවි
මගෙ දෝතට ඉතින් හනික

අම්ම තාත්තාගෙ දෑසෙ
සතුටු සිනා පුබුදුවන්න
සිතේ තියන  පාලු ගතිය
ගිහින් දමණු දුර ඈතක
සෙනෙහස උතුරණ කැදැල්ලෙ
මා සතුටින් බව කියන්න
ඒ ගැන දුක් නො වී තුටින්
 ඉදිණු මැනවි කියා දෙන්න
සමන් පිච්ච මල් සුවඳක
මා ඔතනා හාදු පේලි
ගිහින් දෙන්න මා වෙනුවට
සඳේ කැලුම් වඩිණුමැනවි

මගෙ දෝතට ඉතින් හනික

97 comments:

  1. Replies
    1. කොහෙද යන්නෙ මල්ලෙ පොල්.

      Delete
    2. ඇයි රැප් කියන්නේ සින්දු නොවෙයි ද? රැප්වල් ස්ථායි අන්තරා සීමා නෑ. මේ පද ගැලපෙන්නේ රැපකට තමයි

      Delete
    3. මහත්තයෝ රැප් කියන එක කලාවක්.ඒ වගේම රැප් වලට අදාල විරිත් රීතීන් තියනවා.විවාහ වී කුටුම්ම්භයක් අරඹන තරුණියකගේ ව්‍යාකූල සිතුවිලි සමුදාය රැප් වලට නගන්නේ පිස්සෝ.

      Delete
    4. ඔබේ ප්‍රකාශයට එකඟයි

      Delete
    5. මගේ යාලුවෙක් රැප් කරල මලා

      Delete
    6. තෑගී පාර්සල් ඔතලද

      Delete
    7. මගෙත් ඇනෝ යාලුවෙක් මලා උගේ යාලුවෝ මැරුණා කියලා කෙමෙන්ට් දාලා

      Delete
    8. රසික රැප් කිරීමට කෙටි පේලි නිසා සුදුසු බව හැඟුණත් ගීතයේ අදහසට එය සුදුසු වෙයිද?

      Delete
    9. රසික අදත් "හෝරා කිහිපයකට අන්තර්ජාලයෙන් බැහැර" වෙලා වගේ නේද.ඔය පොත හුඟක් පරණයි මෙයා.

      Delete
  2. එකවරටම මතක් වුනේ 'එන්න මඳ නලේ..." ගීතය (සහ කාලිදාසගේ මේඝ දූතය).

    https://www.youtube.com/watch?v=D_dD4-Dc27I

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මටත් කියවන්න ගත්තු ගමන් මතක් වුනේ එන්න මදනලේ ගීතය.
      මොකද මෙතැනත් පණිවුඩ කරු සුලඟ.
      හැබැයි පණිවුඩ යවන්නාත් ලබන්නාත් වෙනස්

      Delete
    2. :) ඕනම තැනකට ඉක්මනින් ගිහින් එන්න පුළුවන් සුළඟට නිසයි මම මේ වැඩේ සුළඟට භාර දුන්නේ..

      Delete
  3. උත්සාහ කරලා බලන්නම්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. ඔව් උත්සාහයක් අරගන්න...

      Delete
    2. මල් පෙති දග කරමින්නේ
      තුරු දලු පත් නැටවෙන්නේ
      සුළගෙ නුඹේ සීතලයට ලෝබ නිසාමයි
      මගෙ තනියට තියා ගන්නෙ
      මතක කතන්දර ගොතන්නෙ
      අලුත බැන්ද මේ දෝනිට යාලු නිසාමයි

      මාල ගිරව් මා ඇහුවද
      උන්ට කන්න බත් දැම්මද
      රෝස කැකුළු මුතු කදුලැලි පා කෙරුවාදෝ
      බෝනික්කන් ඉකි බින්දද
      ඒ හඩ මට ඇහුනෙ ඇද්ද
      සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ

      සුසුම් වියන් මැද තනිවී
      අම්ම හඩනවද දුක් වී
      තාත්ත ඈ සනසන්නට ගී කිව්වාදෝ
      මහ ගෙයි හිටි බඩ පිස්සී
      ඔවුන් බලන්නට ළගදී
      සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ

      සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ
      සුළගෙ නුඹත් එන බව මා කියා එනවදෝ
      සුළගෙ නුඹත් ඒ පැත්තට ගිහින් එනවදෝ

      Delete
    3. මේ තියෙන්නෙ තවත් අපූරු ගී පද රචනාවක්... හරිම ලස්සනයි දුමින්ද..

      Delete
  4. පෝස්ට් එකක් දා ගන්න හොඳ පොයින්ට් එකක්! හැක්.

    ආ.. කියන්න අමතක උනා නේ.. ගිය පාර ඉයන්ගේ සිත් ගත් ගී තෝරලා කවුරු දිනපුවද මංදා රුපියල් පන්දාහක මුදලක් ප්‍රා ජේ නීතිඥ මහත්තයා මට ගෙනත් දුන්න.. ඒක ගස් ලබ්බාගේ නිවාස ව්‍යාපෘතියට පරිත්‍යාග කරන්න මම තීරණය කරා.. ජයවේවා!

    ReplyDelete
    Replies
    1. බ්ලොගර්ස් ලගෙ වැඩේට ලැබෙන සහයෝගයට ඉස්කෝතු පැකැට්ටුවක් හිමිය.
      ජයවේවා..!!

      Delete
    2. කමියා. මම හිතන්නේ ඒ ඔබේ ත්‍යාග මුදල සහ සෙන්නාගේ ත්‍යාග මුදල. කම්මල සහ සොමියා තවම ප්‍රාජේ ගෙන් අරගෙන නැතිබව ඔහු කියනවා මතකයි.

      Delete
  5. මෙ රසික නෙමෙයි වෙන නෝටි ඇනෝ කෙනෙක් , රසික මේ වෙලාවට හොදටම නිදාාගන්නවා

    ReplyDelete
  6. අපි අහුවෙයි මේවට , අපේ වටිනා නිර්මාණ අපි දෙනවා රෝහන වීරසිංහ මහත්තයාටයි නන්ද මාලනී නෝනටයි ටයි

    ReplyDelete
    Replies
    1. අපි දෙන්නා අර සිමෙන්ති ඇඩ් එක හැදුවා වගේද?

      Delete
    2. මගේ යාලුවෙක් ඇඩ් එකක් හදල මළානේ.හරි පව් අනේ.ඊට පස්සෙ ඇඩ්වටයිසින් ෆර්ම් එකත් බංකොළොත් උනානෙ.හිහ් හිහ් හී.හූ ලල් ලල් ලා.

      Delete
    3. හා හා අයිවන් උඹට පිස්සුද රට්ටු ඉස්සරහ කලිසම ගලවන්ඩ හදන්නේ ඔලු වෙං , උඹේ නං කමක් මෙි අහිංසක මගේත්

      Delete
    4. හා හා අයිවන් උඹට පිස්සුද රට්ටු ඉස්සරහ කලිසම ගලවන්ඩ හදන්නේ ඔලු වෙං , උඹේ නං කමක් මෙි අහිංසක මගේත්

      Delete
    5. දෙපාරක් කියපු නිසා අටමගේ කලිසමයි යට කලිසමයි දෙකම ගලවලා

      Delete
    6. තව ටිකක් වෙලා හිටියනං අටමගෙ බ්‍රා එකත් ගැලවෙනව. හැක්..

      Delete
    7. අටමගේ කයිෂම ගැලවීම හෙළාදකිමු !!!!

      Delete
  7. ප්‍රස්තුත කාරණය ගැන ගී නම් ඕනා තරම් තියෙනවා. ඒත් මම කැමතිම ගීය තමයි "කැදැල්ලෙ දැඩිවූ කිටිල්ලී වගේ........"

    බලමු ඊට වඩා හොඳ එකක් එයිද කියලා

    ReplyDelete
    Replies
    1. මේ පද වැලත් අපූරුයි. සරළයි. හැඟුම් බරයි

      Delete
    2. බොහොම ස්තූතියි මාතලන්...

      Delete
    3. ආ මේ මාතලනුත් ඇවිත් ඉන්නෙ. මොකෝ මාතලන් දැන් සද්දයක් බද්දයක් නැත්තේ?

      Delete
  8. හිතට වැදුනා ...එල ද බ්‍රා කවි පෙළක් ..
    පොස්ට් එකක් දාන්නේ කොහොමෙයි අපිට බ්ලොග් එකක් නැතුව ..
    ඉදලා හිටලා නිසදසක් ලියලා තියනවා එත් ගීතයක් ලියන්න තරම් හැකියාවක් තියෙයිද මන්දා ? උත්සහා කරලා බලමු ..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා... ඔව් ඔව් .. උත්සාහ කරලා බලන්න ...

      Delete
  9. අපේ කුරුට්ටන්ට ප්‍රොජෙක්ට් එක බාර කලොත් කොහොමද?

    ReplyDelete
    Replies
    1. කෝ මේ කුරුට්ටෝ ටික මේ දවස් වල වැඩිය පේන්න නෑනේ..

      Delete
  10. මෙන්න Ian තවත් බට කැලයක් ගිනි තියනාවෝ!

    ReplyDelete
    Replies
    1. මේපාර ගිණි තියන්න යන්නේ තුශාණි මිස මම නොවෙයි. තාම නම් ගිණි පුපුරක් වත් දැක්කේ නැහැ.

      Delete
  11. හුට්ට පටස්.. එයැයි ලට ගෙවල් දොරවල් මතක් වෙන්නෙ මේ වගේ වෙන්න ඇති නේද? වහා ක්‍රියාත්මක වන පරිදි ගස්ලබ්බිව ගෙදර ගිහිං එන්න යවන්නෝන... හපෝයි... හීනෙන් වත් හිතුනෙ නෑ නෙව..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. උඹ තව ලබ්බියෙක්ව ගේන්නද හදන්නේ?

      Delete
    2. මමත් සදු ගෙදර යවලා පොඩි කැල්ලක් ගෙන්න හිතාගෙන ඉන්නේ

      Delete
    3. හිටපිය ඊලඟ පාර ආවම සඳුට මේක පෙන්නන්න

      Delete
    4. @කසුට්ටා
      සුල්තාන් වගේ ඉන්නයි කම්පනාව..

      @මෙණ්ඩා
      හිටු උඹට කොසු පාර ඉල්ලල දෙන්න..

      @ඉයන්
      එව්ව යුතුකම්..

      Delete
  12. කල්පනා කරලා බල්
    න්න ඕනේ...

    කොහොම උනත් නියම වැඩක්..

    ReplyDelete
    Replies
    1. මට හිතෙන්නෙම මේක නිර්මාණි දිනයි කියලයි

      Delete
  13. හොඳ අදහසක් ඉයන්...රසවත් නිර්මාණ රස විඳින්නට බලාපොරොත්තුවෙන් ඉන්නවා...

    මේ පදපෙළත් සරලයි...සුන්දරයි...

    ReplyDelete
    Replies
    1. පොකුරු ඔබට නම් මේක පහසුවෙන් කරන්න පුළුවන් වේවි. ඔබ කලින් ගීතයක් ලියපු කෙනෙක්ගේ ගණයට වැටෙනවා නේද? ඒ වුනාට මේ ගැණත් ලියන්න කියලා අඩ්දරයෙන් ඉල්ලා සිටින්නේ ඔබගේ පද ගැලපීම් සහ වචන භාවිතයේ හැකියාව දැක ඇති නිසා.

      Delete
    2. මොකකටද මචං අඩ්දරයෙන් කියන්නේ..මරු පද ගැලපීම..!
      මීට ඩිංගි මහත්තයා...

      Delete
    3. ඇත්තටම චෙෆාකි උඹට නම් පුළුවන් වෙයි මේක කරන්න. උඹගේ බිල්ඩිං නිර්මාණය සහ ඉවීම අප්සෙට් වුණත් උඹගේ කවි නම් නියමයි......දුවපියෝ

      Delete
    4. හපොයි බඩට වැදුනා පාරක්....!

      Delete
    5. හෙහ් හෙහ් චෙෆා. පිට රටවල් වලත් ලොකු බිල්ඩිං හදපු උන්ට සහතික දෙන්න අපි කවුද? ඔය තරුණ අයට ගී පද ලියන්න කියල තියෙන එකේ අපේ ඉන්න තරුණම බ්ලොග් කාරයෙක් හැටියට මේක කරගන්න පොඩි සප් එකක් දියන් අපේ තුශානිට

      Delete
    6. කොහේ කරන්නද...ඉයන් තුමාම කන්ඩිශන් එකක් දාලානේ ගී පද ලියලා පලපුරුද්දක් තියෙන අය රිවස් ගියර් එකට දාන්නය කියලා..ඉතින් අපි අයින් උනා...!

      Delete
    7. පොකුරු FB දාල තියෙන එක මෙතන පෝස්ට් කරන්න.

      Delete
  14. තුශානිගෙ කවි පෙළත් හිතට වැදුණා. ඒත් ඉතිං අපට ගීත ලියන්නට බෑනෙ. හදපු ගීත රස විඳින්න නම් එකතු වෙන්නං.

    ReplyDelete
    Replies
    1. බෑයි කියල බෑයි කියල බෑ. මෙච්චර කලා පසුබිමක් තිබෙන ඔබට නම් බැරි වෙන්නම බෑ.

      Delete
  15. හැක්.. අපි සිංදු ලිව්වොත් ඉතිං අහන එකාට නොමිලේ කං ඇබ ත් දෙන්න වෙයි.

    ReplyDelete
    Replies
    1. මගේ තනි වියදමිං හිඟාකාල හරි දෙන එකත් දෙනවමයි ඇබ දෙක ගානෙ බ්ලොග් අවකාසෙටම.. ඕ යේස්

      - ලේකං මචං -

      Delete
    2. මෙහෙම ලේකංල ඉන්නවනං මක් කොරන්න බැරිද. හැක්..

      Delete
  16. අලුතගෙනා මනාලි මතක් උනා. “සතියකට පෙර ගෙනාවර. විලිබරය මගේ රන්වන් මනාලිය.“

    ReplyDelete
    Replies
    1. ලියන්නකො මල් මලයෝ එකක්

      Delete
  17. ඒ වගේම “පුංචි දවස්වල නින්දට යද්දී පීතු පාදං නමා මහන් කියලා“ මතක් උනා.

    ReplyDelete
  18. දැන්නෙ මේක දැක්කේ , ම්ම්ම් බලමු උත්සහයක් අරන්... කවද හරි මම ලියපු පද පෙලක් ගීතයක් වෙනකන් හීන දකින කෙනෙක් මමත්.

    ReplyDelete
    Replies
    1. බලාගෙන ඉන්නවා ශාණි

      Delete
    2. නැවුම් සුවඳක සිහිළ අරන් එන පවනැල්ල
      මගේ මේ සුබ පැතුම් එහා ගමට ගෙනියන්න
      අම්මගේ සුදු දෝණි සුවෙන් බව දැන ගන්න
      අප්පච්චිටත් මෙතැන හාදු ඇති පවසන්න....

      මං නැතුව පාලුවක් අම්මාට දැනෙනවද
      පුරුද්දට අප්පච්චි තව පාර බලනවද
      දොළ පාරෙ දණ්ඩි පැටවුනුත් මං හොයනවද
      මතක ඇතුවම ආයෙ ඇවිත් මට කියනවද....

      ආදරේ අඩු නැතත් මේ සෙනෙහෙ කැදැල්ලේ
      අම්මෙ නුඹ සිහිවෙද්දි දුක ගලයි නිදැල්ලේ
      ඇගේ උණුහුම රැඳුණු උකුල් තල තොටිල්ලේ
      සුවඳ අරගෙන සුළඟ වරෙන් මෙහෙ ඇසිල්ලේ

      Delete
  19. අයියෝ කවි... මට ඇලජික්....

    ReplyDelete
    Replies
    1. ගිය පාර එකේ ජයග්‍රාහකයෙක් මේපාර ඉක්මනට පහුබහිනවා. උත්සාහ කරල බලපන් බං. අපි අතරනෙ We & We නෙ

      Delete
  20. ඉයන්, මේක ලස්සන ප්ලොට් එකක්. ඒ වගේම හරිම සුන්දර සහ සංවේදී කවියක්.

    මම බලාන හිටිය කවුරු හරි මේ ගැන ලියැවුන ලස්සනම සින්දුව මතක් කරයි කියල. දයා ද අල්විස් අතින් ලියැවුන, නිරන්ජලා සරෝජිනී ගැයූ ළා සඳ එළියේ තමයි මම දන්න විදියට සැමියගෙ ගෙදරට ගිය නව පතිනියක ගයන එකම ගීය.

    මම කවියෙක් හෝ ගී රචකයෙකුත් නෙමේ. ඒත් මේ ප්ලොට් එක අතාරින්න ලෝබ හිතුන. ඒ හින්ද ආසාවට ලිව්වට මෙලෝ රහක් ගැලපීමක් නැති ගානයි. දන්න එකෙකුට වැඩක් ගන්න එකෙකුට මේ අදහසුත් ප්‍රයෝජනයක් වෙයි කියල හිතල ඔන්න ඔහෙ මගේ අහවල් එකත් දාල යනව.

    ඈත ඉඳන් ආදරයෙන් බලා ඉන්න
    අප්පච්චී වගෙ හිනැහෙන සිහිල් සඳේ
    මගෙ පණිවුඩය අම්මට කියලා එන්න
    ඇගෙ දුක නිවන්නට පසළොස්වක වෙන්න

    මගෙ ඇඳ ගාව හිඳ රෙදිවල සුවඳ බලා
    අඬනා අම්ම සනසන්නට ලඟට වෙලා
    බෝනික්කන්ට කියනවාද ඇයට හොරා
    එනතුරු පුතෙක් එක්කන් කිරි සුවඳ පුරා

    හවහට වතුර හැමදාකම නොලැබුනට
    රෝස ගහේ එපා ඇයට රිද්දන්න
    මම එනතුරා කටු අතු දුක් සඟවාන
    මල් පිපියන් ඇගෙ තනියට හැමදාම

    ReplyDelete
    Replies
    1. තුශාණි මේක තවම දැකල නැහැ. බොහොම ස්තූතියි මචං කුළුදුලේම පද රචනයක් දැම්මට. පොඩි පොඩි එඩිට් පාරවල් දාල හදන්න පුළුවන්.

      Delete
    2. ආයි පාරක් කියෙව්ව. දෙවෙනි සහ තෙවෙනි වර්සස් නියමයි. පලමුවෙනි එක ආයි හිතමු

      Delete
    3. සමාවෙන්න මම එන්න ටිකක් ප්‍රමාද වුනා...

      මේ පද පේලි දකිනකොට හිතට පුදුමාකාර සතුටක් දැනෙනවා.. එකකට එකක් නොදෙවෙනි පද රචනාවන් ටිකක්...

      ගොඩක් ස්තූතියි...

      Delete
    4. ලස්සනයි... සුබ පැතුම් ඔයාටත්

      Delete
  21. ඉයන් මහත්තයෝ. මේකට තියෙන මගේ හැකියාවනම් බින්දුවටත් අඩු සීරෝ එකක්. 🙃

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා.. උත්සාහයක් අරගෙන බලමු...

      Delete
  22. ම්හු, එන්නේ නෑ මොකුත් ඔලුවට. පස්සේ බලමු.

    ReplyDelete
    Replies
    1. එනවා එනවා.. කොළයක් පෑනක් අරගෙන ලියාගෙන යන්න තියෙන්නේ... :)

      Delete
  23. කට්ටිය බරටම සින්දු ලියන්න පටන් අරන්නේ, කාව්‍යගේ නිර්මාණය දැක්කම ඇය මොන තරන් දක්ෂ ද කියලා හිතුනා.. අනිත් අයගෙත් පද පෙළවල් ලස්සනයි.. තුශානිගේ සිතුවිල්ල අනිත් අය මේ වගේ තමන්ගේ කරන් ලියන හැටි බලන්නත් ආසයි.

    මම කවදාවත් දැනිලා නැ මේ හැඟීම, වෙඩින් එක දවසේ මම ඇඬුවෙත් නැ, අනිත් අය ලියන පද රසවිඳින්න නම් පුලුවන් කදුළු එනකන්, "පුංචි දවස් වල වගේ" සින්දුව වගේ ඒවා.. ...බලමු තව කවුද ලියන්නේ කියලා.. දුමීගෙ පද මඟ එනවා කියල දැක්කා ඉයන්..

    ReplyDelete
    Replies
    1. ඔයාටත් පද රචනාවක් කරන්න බැරි වෙන්න නම් විදිහක් නෑ... පොඩි උත්සාහයක් අරගෙන බලමු නේද ....

      Delete
    2. ම්ම්ම්. ලියන්න නම් බැරි වෙන එකක් නැ තුශානි මේ අනිත් අයගේ නිර්මාණ වලින් වචන එකතු කරලා. ඒත් මම වැඩියෙන් කැමති ඉබේ ලියවෙනවා නම්.. එහෙම උනොත් බලමු..:)

      Delete
  24. ඔය සින්දු ලියනව වගේ වැඩනම් තේරෙන්නෙම නෑ අෆ්ෆා. හොඳ අදහසක් ආවොත් ට්‍රයි කරන එක අතාරින්නෙත් නෑ.

    ReplyDelete
    Replies
    1. උත්සාහයක් ගන්න කසුන්...

      Delete
  25. ගීතයකට අවශ්‍ය නම් තවත් කතාවක් කාන්තා පාර්ශවයක. කතාවක් තියනවා කියන්න. සිංහල සංගීතයේ ඇහිලා නැති මානයක. හැබැයි තවත් එක වැලපුමක් නොවිය යුතුයි.

    ReplyDelete
  26. සිංදු ලියන්න දන්නෙ නෑ අප්පා.
    ඒත් අපේ තුශානි වෙදහාමිනේගෙ වැඩක් අතාරින්න පුලුවනෑ

    ඒ නිසා කුරුටු ගෑව එකක් මෙන්න





    ReplyDelete
    Replies
    1. මගේ උණුසුම් සුසුම් මුසුවූ කඳුලු අරගන්න .
      ඔබේ කෙහෙරැල් අතර රඳවා සිහිල් කරවන්න
      මේඝ දූතිය මෑණියන්ගේ කනට කොඳුරන්න.
      ලඟදි දවසක තුරුල් වෙන්නට ඒවි පවසන්න

      රෝස පඳුරට හෙමින් කොඳුරා මගෙ සෙනෙහෙ දෙන්න
      දොරකඩටවී මග බලන බෝනික්කො නලවන්න
      මගෙ කුටිය ලඟ සින්දු කියනා මාල ගිරවුන්ට
      තුති කියන්නට ලඟදීම මම එනවමයි ඔන්න

      සෙනෙහෙ පිරි නව කැදැල්ලට වී තුටින් හිටියාට
      යන්න ආසයි තාත්තගෙ සුලැඟිල්ල අල්ලාන
      මේඝ දූතිය මගේ හසුන් පත අරන් යනවාද
      ආයෙමත් සුදු දෝණි එනවා කියා කියන්වද

      Delete
    2. අහ්.. දන්නෑ කිව්වට මේ ලියලා තියෙන්නේ තවත් අපූරු පද වැල් ටිකක්..

      බොහොම ස්තූතියි ඉවාන්..

      Delete
    3. අගේ ඇති උත්සහයක්... සුබ පැතුම්..

      Delete
  27. කවි ලියන්න බෑ. තුෂාණිගෙ කවිය අමුතුයි ,ලස්සනයි. බල්ලට පොල්ලෙන් ගැහැව්වා වගේ දඩස් ගාලා කෙලින්ම වැදුනා ඔලුවට. මොකක්ද කියන්න බැරි දුක්මුසු, පාළු ඒත් සුන්දර හැඟීමක් හිතට ආවා.

    ReplyDelete
    Replies
    1. :) බොහොම ස්තූතියි..

      බෑ කියලා හරියන්නෙ නෑ.. පුංචි උත්සාහයක් අරගෙන බලමු...

      Delete
  28. සුළඟේ... සුළඟේ...
    හෙමින් හෙමින් හොරෙන්
    රිංගලා කවුළු දොරෙන්
    අපෙ අම්මව ආදරෙන්
    සිහි කලැයි කියා වරෙන්
    සුළඟේ... සුළඟේ...
    සුළ...ඟේ...

    බෝනික්කෝ අඬනවාද ඇඳ යට හැංගිලා
    ටෙඩිය මගේ හීතලෙන්ද කොට්ටෙට ගුලි වෙලා
    රෝස කැකුළු ජනේලයෙන් මා කොහිදැයි බලා
    එබෙනවනම් සනසවපන් සිහිල් පවන් සලා

    හෙමින් හෙමින් හොරෙන්
    රිංගලා කවුළු දොරෙන්
    අපෙ අම්මව ආදරෙන්
    සිහි කලැයි කියා වරෙන්
    සුළඟේ... සුළඟේ...
    සුළ...ඟේ...

    පති කුලයට ගිය දුව ගැන විස්සෝපෙන් හිතේ
    මඟුල් දොහේ තිබුණු හිනා අම්මාගේ වතේ
    මැකී ගිහින් කඳුළු බිංදු උනා ඇතොත් නෙතේ
    ඇහේ වැදී ඇයට දියන් සිහිල මගේ අතේ

    සුළඟේ... සුළඟේ...
    සුළඟේ... සුළඟේ...
    සුළ...ඟේ...

    ReplyDelete
    Replies
    1. හරිම අපූරුයි...

      මේ එකකට එකක් නොදෙවෙනි පද රචනා දකිනකොට හරිම සතුටුයි...

      Delete
    2. ම්ම්ම් ලස්සනයි... තාලයක් හිතින් දාගෙන මුමුණන්න පුලුවන්... සුබ පැතුම්..

      Delete