Friday, September 16, 2016

යහපාලනය හොරා කන්නෝ

හෝමාගම සිට මහරගමට ස්ථාන මාරුවටත් හොඳ ඉස්කෝල ඉල්ලයි.



පසුගිය රජය කාලයේ යහපාලනයක් නොතිබුණ බැවින් පිරිසිඳු වතුර ඉල්ලූ රතුපස්වල වැසියන්ට උණ්ඩ වලට මුහුණ දීමට සිදුවුණි. ඩීසල් සහනාධාරයක් ඉල්ලා සිටි ධීවරයන්ටද වෙඩි උණ්ඩ ලැබිණි. තම වැටුපෙන් අසාධාරණ ලෙස විශ්‍රාම ක්‍රමයන්ට මුදල් කපා ගැනීමට විරුද්ධ වූ නිදහස් වෙලඳ කලාප සේවකයන්ට තිරිසනුන්ට ලෙස පහර දෙන ලදී. විශ්ව විද්‍යාල ක්‍රියාකාරීන් දෙදෙනෙකු මරා දමා හදිසි අනතුරු නිර්මාණය කෙරිණි. රජ පවුල සම්බන්ධ පෙම් ආරවුල් පවා විසඳුණේ දොස්තරවරුන් සහ පොලිස් නිලධාරීන් වැනි රාජ්‍ය තන්ත්‍රයම යොදවාගෙන සිදුකල ඝාතන වලිනි. රජයට අවාසි තීන්දු දුන් විනිසුරුවන් නෙරපා හරිනු ලැබිණි. ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනු වල හොරකම් පිලිබඳව දැනගත් ලසන්තව මරා දැමිණි.   බලපත්‍ර තහනමක් පෙන්වා ආණ්ඩු විරෝධී ජනමාධ්‍ය මට්ටු කෙරිණි. රටේ දරුවන් සහ විදේශිකයන් මරා දැමීමට හෝ දූණය කිරීමට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කිරීම අත්හිටුවිණි. විරුද්ධ අදහස් දක්වන්නන් අතුරුදන් වීමේ අනතුරට මුහුණ පෑහ. 

එල්.එල්.ආර්.සී කොමිසමේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමෙන් විසඳිය හැකිව තිබූ එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කමිටුවේ බලපෑම් ඡන්ද දිනීමට හොඳ අවියක් වන නිසා ඒවා විසඳීම නොකරන ලදී. එහි ප්‍රතිඵලයක් ලෙස රටේ ප්‍රධානතම ආදායම් මාර්ගය වූ ඇඟළුම් කර්මාන්තයට අත්‍යවශ‍ය වූ ජී.එස්.පී සහනය නැතිකරගෙන  ඒ නිසා කාන්තා රැකියා විශාල ප්‍රමාණයක්  නැතිකරගෙන අසරණ ගැහැණුන්ව තව තවත් මැදපෙරදිග වහල් කමේ යැවීමට මඟ පාදා දෙන ලදී. 2015 මාර්තු මස පැවැත්වීමට තිබූ එ.ජා මානව හිමිකම් කවුන්සිලයේදී බටහිර තේ සහ ඇඟළුම් මිලදී ගැණුම් මත යැපෙන රටේ ආනයන සම්පූර්ණයෙන්ම ඇණ හිටින ආර්ථික සම්බාධක පැනවීම ස්ථීර වෙමින් තිබිණි. රටේ අපනයන නිශ්පාදන ආදායම් නැතිවී, රැකියා නැතිවී, බලශක්ති සහ අනිකුත් අපනයන ගෙන්වීමට නොහැකිව රට සෝමාලියාවක් හෝ සැම්බියාවක් වීමට පෙර තම පාලනය දික්කර ගැනීමට උත්සාහ කරන විට එයට විරුද්ධව එළිපිට සහ රහසිගතව සංවිධානය වූවන් විසින් ඔවුන්ව බලයෙන් පහකලේ පොදු ජනයාට යහපාලනයක් පොරොන්දු වෙමිනි. 

ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට පොරොන්දු දෙමින් බලය පැමිනි ජනාධිපති වරුන් දෙදෙනා මෙන් නොව  යහපාලනය අරමුණු කරගෙන නව ජනාධිපති තම  බලතල පාර්ලිමේතුවට සහ ස්වාධීන කොමිසම් වලට පවරා දෙනු ලැබිණි. ජනමාධ්‍ය මර්ධනය සහ පුද්ගලයින් අතුරුදන් කිරීම් නැවතුණි. මේවා සිදුවූයේ මහජනතාවගේ වුවමනාව පිට ඔවුන් සඳහාය.  නිදහසේ තම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය මහජනයාට ලබා දීම සඳහාය. 

2009 යුද්ධය අවසන් වන විට කෝටි හතර ලක්ෂයක් වූ රජයේ ණය බර වරායක්, ගුවන් තොටුපලක්, කිලෝ මීටර් 150 ක පමණ අධිවේගී මාර්ග දෙකක් හැමදාම කැඩෙන තාප බලාගාරයක්, ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, නෙළුම් පොකුණක්, නෙළුම් කුළුණක්, පාරවල් කාපට් කිරීම වැනි දේවල් කිරීමට කෝටි නව ලක්ෂයක් කර තිබිණි. අධිවේගී මාර්ග සහ බලාගාරය හැරුණු කොට 125% කින් වැඩි වී තිබූ ණයබර ගෙවීමට ආදායම් ලැබෙන ව්‍යාපෘති කිසිවක් නොවිණි. එම ණය බර අඩුකිරීමට VAT වැඩි කරන විට එයින් අපහසුවට පත්වන්නේද මහජනයා මිස ඒවා ඉදිකිරීම් පෙන්නා ගසා කෑ වුන් නොවීම නම් සරදමකි.

මේවා එසේ වනවිට අතුරුදන් කිරීම් නොවන රජයට විරුද්ධ අදහස් දැක්වීමට ඉඩ ඇති යහපාලන ප්‍රතිපත්ති වලින් පොදු මහජනයාට  ලැබිය යුතු ප්‍රයෝජන හොරා කන්නන් පිරිසක් බිහිවී තිබීම නම් හාස්‍යයට කරුණකි. එලෙස යහපාලනය හොරාකන කණ්ඩායම් කිහිපයක් නම්;

පසුගිය රජය කාලයේ සයිටම් ඇතිකරන විට මීයට පිම්බාක් මෙන් සිටි (කොන්) දොස්තරවරු තමන්ගේ අසාධාරණ ගසා කෑම්  බේරාගැනීමට පාරට බසිති. ඔවුන්ට යහපාලනය යනු පොදුවේ හැම කෙනාටම ලැබිය යුතු දෙයක් නොව ලෙඩ්ඩුන් ඇපයට තබා ඔවුන්ගේ ආත්මාර්ථකාමී අරමුණු වල මස් රාත්තලම  ගැනීමට අවස්ථාවක් පමණි. (තමන් දේවත්වයේ ලා සලකන මේ මානසික ලෙඩුන් සේවය කරන  අවස්ථාවලදී ඇඳිය යුතු ලෝගුව පෙලපාලි වලට සහ විරෝධතා වලට සහභාගි වීමටත් ඇඳගෙන එන්නේ  එය නැතිවිට ඔවුන්ගේ පෞරුෂයක් නැති බවේ හෙළුව ප්‍රදර්ශණය වනවාට බියෙන්දැයි සිතේ.)

තමනට රිසිසේ ගසා කෑමට සුදුසු රේගු අඥාපණත වෙනස්කිරීමට විරුද්ධ වන රේගු නිලධාරීන්, ලෝකයේ සැමතැනම ක්‍රියාත්මක වන තාක්ෂණයක් වන සී.සී.ටී.වී හඳුන්වා දීමට විරුද්ධව වැඩ වරන ආගමන විගමන නිලධාරීන්, බීමතින් ගුවන්යානා පැදවීමට අවසර පතන ගුවන් නියමුවන් ද යහපාලන ආණ්ඩුව බිහිවුණේ ඔවුන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පමුණුවා දීමට යැයි සිතයි.

රටේ භාණ්ඩාගාරය මැද මූලන බේබදු ඩී ඒ රාජපක්ෂ උගේ ළමයින්ට සහ මුණුබුරන්ට තබා ගිය පෞද්ගලික දේපලක් ලෙස සලකා භුක්ති විඳිමින් හොරා කෑ එවුන් පොලිසියට, උසාවියට, ආණ්ඩුවට කෝචොක් දමන්නේ ඔවුන්ට සරත් ෆොන්සේකා මෙන් කලින් හිරගත කොට පසුව නඩු හදා, විනිසුරුවරුන්ට දොලපිදේණි දෙමින් හෝ තර්ජන කරමින් නඩු අසන ක්‍රමය යහපාලනය නිසා වෙනස්වී ඇති නිසා මිසක ඔවුන්ගේ ඇති නිර්භීත කමක් නිසා නොවේ.

කතුවරුන් අතුරුදහන් කිරීම සහ බලපත්‍ර තහනමට ලක් වීමේ අවධානමක් නැති නිසා පුවත්පත් සහ මාධ්‍ය ආයතන වේස කමේ යන්නේ ජාතිවාදය ඇවිස්සීමට සහ පරණ හොරා නැවත බලයට ගෙන ඒමට මිසක මහජනයාගේ වුවමනාකම් බියකින් සැකයකින් තොරව කරලියට ගෙන ඒමට නොවේ.

අවස්ථාවදීන් සහ සොරුන් සඳහා නොව පොදු මහජනයා සඳහාම පමණක්ම ක්‍රියාත්මක වියයුතු යහපාලන ක්‍රමයන් මෙම අවස්ථාවදී දොස්තර වරුන් ගෙන්, යටි අරමුණු මුදුන්පත් කර ගැනීමට ජාතිවාදය අවුස්සන මාධ්‍ය සංවිධාන සහ පුවත්පත් වලින්  සහ පසුගිය රජයේ හොර රැලෙන් නිදහස් කරවා ගෙන එහි සැබෑ අයිතිකරුවන් වෙත ලබා දීමට තව විප්ලවයක් අවශ්‍ය වී ඇත. 








82 comments:

  1. අනේ අම්මෝ මේ හු ඇම් පී කාරයෝ රාජපක්ෂ ලට තියන බයක් , මීට හීන්නි බබා සීයා

    ReplyDelete
    Replies
    1. "2009 යුද්ධය අවසන් වන විට කෝටි හතර ලක්ෂයක් වූ රජයේ ණය බර වරායක්, ගුවන් තොටුපලක්, කිලෝ මීටර් 150 ක පමණ අධිවේගී මාර්ග දෙකක් හැමදාම කැඩෙන තාප බලාගාරයක්, ක්‍රිකට් ක්‍රීඩාංගනයක්, නෙළුම් පොකුණක්, නෙළුම් කුළුණක්, පාරවල් කාපට් කිරීම වැනි දේවල් කිරීමට කෝටි නව ලක්ෂයක් කර තිබිණි. අධිවේගී මාර්ග සහ බලාගාරය හැරුණු කොට 125% කින් වැඩි වී තිබූ ණයබර ගෙවීමට ආදායම් ලැබෙන ව්‍යාපෘති කිසිවක් නොවිණි. එම ණය බර අඩුකිරීමට VAT වැඩි කරන විට එයින් අපහසුවට පත්වන්නේද මහජනයා මිස ඒවා ඉදිකිරීම් පෙන්නා ගසා කෑ වුන් නොවීම නම් සරදමකි."

      ඉයන් මේ අදහස ගැන මොකද කියන්නේ

      http://emgesathapaha.blogspot.com/2016/05/blog-post_13.html

      Delete
    2. "රටේ භාණ්ඩාගාරය මැද මූලන බේබදු ඩී ඒ රාජපක්ෂ උගේ ළමයින්ට සහ මුණුබුරන්ට තබා ගිය..,"

      ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ 13 පිටුව බලන්න.
      http://www.cbsl.gov.lk/pics_n_docs/10_pub/_docs/efr/annual_report/AR2015/Sinhala/5_Chapter_01.pdf

      ඉයන්, "යහපාලන" රජය යටතේ නිකුත්වුන 2014 සහ 2015 මහ බැංකු වාර්තාව ලිව්වේ මහින්ද ද නැත්නම් මහින්දගෙන් පගාවක් ගත්ත එකෙක්ද?

      හැමදේම කොලපාට කන්නාඩියෙන් බලන්න එපා.

      Delete
    3. I think whoever published this list has included names of children, which is pathetic, and parents should take legal action.

      Delete
    4. අසික්කිත ඉල්ලීම් කරල, අපි සුද්ධවතයෝ ඇමතිල වැරදි සහ හොරු කියල පෝස්ටරුත් අලවල, බොරුව එලිවෙනකොට ඒකටත් වැලක එල්ලෙනව. ලැජ්ජයි ඇනෝ. ලැජ්ජයි.

      Delete
    5. ඉයන්ට ,

      Anonymous September 16, 2016 at 9:00 PM
      Anonymous September 16, 2016 at 9:20 PM ගේ comment වලට කටඋත්තර නෑ වගේ?

      Delete
    6. ඉයන් තාම ජන්දෙට කලින් කට පාඩම් කර ගත්තු ඒවා කියන්නේ, ඒ නිසා තරහ අවසර අනෝ...

      සිහි එළවා ගත්කල "ඔය රිපෝට් ලියන ඔක්කොම මහින්දලගේ මිනිස්සු, ඕක හොර රිපෝට් එකක්" වගේ පිළිතුරක් ලැබුනත් පුදුම නොවන්න...
      එහෙම නැත්තන් මෙහෙම වෙන්න බැරිද, මහින්ද යන්න කලින් අම්බානක ණය ඉල්ලලා, යහපාලානේ ආපු ගමන් තමයි ඒවා ලැබිල තියෙන්නේ...
      ඒ වගේ උත්තරයක් නරකද...

      Delete
    7. "එහෙම නැත්තන් මෙහෙම වෙන්න බැරිද, මහින්ද යන්න කලින් අම්බානක ණය ඉල්ලලා, යහපාලානේ ආපු ගමන් තමයි ඒවා ලැබිල තියෙන්නේ..."

      නියම comment එක. ජහපාලන "පොයියො" (ටොයියන් කියා ජාතියක් නැත ) ඔහොම දෙයක් නොකිව්වොත් තමා පුදුම.

      Delete
    8. "ඉයන්, "යහපාලන" රජය යටතේ නිකුත්වුන 2014 සහ 2015 මහ බැංකු වාර්තාව ලිව්වේ මහින්ද ද නැත්නම් මහින්දගෙන් පගාවක් ගත්ත එකෙක්ද?"

      ඌරගේ මාලු උගෙ ඇඟේ තියලම කැපුවයි කිව්වලු. මං හිතන්නෙ ඉයන් කලිසම් සරොම් අඳින්නෙ මදුරුවො කනවට.

      Delete
  2. මහ බැන්කුවෙන් බැඳුම්කර හොරාකෑම හොරා කෑමක් නොවන බව මෙයින් දන්වා සිටිමු!

    දුමින්ද දිසානායක සබීතා ගේ බිල්ඩිම් කුලියටගැනීම දූසනයක් නොවන බවද දන්වමු!

    චතූ නගා ඇම්පයර් අපාර්ට්මන්ට්ස් ගත්තේද නැථි බව සන්වේගයෙන් දන්වමු!

    ReplyDelete
    Replies
    1. මේ චතූ නඟාට අනංමනං කියන්න විතරක් එන්න එපා හරිද. ඔය ඉතිං සාරසතුමා මාව දත් දොස්තරකෙනෙක් කරගන්න හදන්නෙ

      Delete
  3. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක්.

    ReplyDelete
  4. නිදහස් අදහස් ප්‍රකාශ කිරීමක්.

    ReplyDelete
    Replies
    1. අපි දැන් නිදහස් පක්ශෙත් එක්ක සන්ධාන ගත වෙලානෙ සලිත. ඒකයි

      Delete
  5. මේ ජි.එම්.ඕ.ඒ. මානසික රෝගියො සයිටම් එකට මෙච්චර විරුද්ද මොකද කියල තේරෙනවනෙ බොහොම පැහැදිලිව.තමන් ගහන ගහන පදේට නටන්නෙ නැති දොස්තරල බිහිවෙන එක මුංට නයාට අඳුකොල වගේ. එහෙම උනහම කොහොමද ළමයිංට ඉස්කෝල දීපියව් කියල ඉස්ටැයික් කොරන්නෙ? අම්මප මේ ආණ්ඩුව වෙන මොකවත් නොකලත් කමක් නෑ මේ ජොස්තර මාෆියාව නැති බංගස්තාන කරල දැම්මනම් මට ඒ හොඳටම ඇති.

    ජේ.ආර්. 80 ජූලි වර්ජකයින්ට කරපු දේ එක අතකට අසාධාරණ උනාට ඒ ගත්තු දැඩි තීරණයෙ සාධනීය ප්‍රතිඵල ඊට පස්සෙ අපිට ඇස්පනාපිට දකින්නට ලැබුන. කොමියුනිස්ට් සමසමාජ වෘත්තීය සමිතිවලින් මෙහෙයවපු At the drop of a hat වර්ජන ඊට පස්සෙ නැත්තටම නැතිවෙලා ගියා.

    ReplyDelete
    Replies
    1. ඔව් රවී 80 වර්ජනයෙන් වෙච්ච එකම හොඳේ ඒකයි. රටේ නීතියක් ගේන්න ඕන මිනිසුන් අපහසුවට පත්කරන වර්ජන ක්‍රියා තහනම් කරන. වර්ජන කරන්න ඕන වුන් පෞද්ගලික අංශයට යයි ඕන නැති වුන රජයේ සේවයේ ඉඳී. ඇයි බං බලාගෙන යනකොට මුන්ට විතරනෙ ඔක්කොම ප්‍රශ්ණ තියෙන්නෙ. රටේ අනික් ඔක්කොම පැත්තකට වෙලා මේ හැතිකරේට බෙදල ඉන්න වෙලා තියෙන්නේ. පොඩි මිනිස්සුන්ටත් ඇතිවෙලා තියෙන්නේ. ඕන පුකක් කියලා වර්ජනය කරන වුන් අස්කලා නම් ඉවරයි.

      Delete
    2. 80 වර්ජනෙන් ඊටත් වඩා හොඳ වෙනස්කම් ගණනාවක් සිද්ධවුනා. ලංකාවේ ඈත පලාත් වලට යෝගට් හඳුන්වා දුන්නේ 80 රැකියා නැතිවුනාට පස්සේ තමුන්ගේ ඇතුලේ හැංගිලා හිටි ව්‍යවසායනයා හඳුනාගත් වැඩ වර්ජකයෝ, ටියුෂන් සෙන්ටර්, සතර පත්තරේ, බත් පාර්සල් බිස්නස්, කීර පලා කොටු, ඇතුළු රාශියක් සාර්තක බිහිවීමට 80 වැඩ වර්ජනේ හේතු වුනා.

      අපේ ඉස්කෝලේ ඉතිහාසයේ මුල් වරට සහ 6ක් එකවරට විශ්ව විද්‍යාෙලට ගියෙත් යූ එන් පී ආණ්ඩුව රොතු බුරුතු පිටින් වන්නියට මාරු කරපු වාමාංශික ගුරුවරු නිසා.

      Delete
    3. ජේ ආර් ගේ යූ එන් පී ආණ්ඩුව ලෙස නිවැරදි වෙන්න ඕන

      Delete
    4. ලොල්... වර්ජකයන්ට දෙන්න ඕනි උත්තරේ ඒකද? වෙන උත්තර මුකුත් නැද්ද?

      Delete
    5. කුරුඳු පොලු කුරුඳු පොලු. ස්යිටම් එකට විරුද්ධ එවුන්ට දෙන්න ඕනේ කුරුඳු පොලු වලින්.

      Delete
    6. සයිටම් සහ අනෙක් පුද්ගලික ආයතනවලින් මුදල්ගෙවා ඉගෙනගෙන නිසි උපාධි ගන්න පුළුවන් කමක් ඇතිවීමට මමත් කැමතියි. ඒ අපේ රට දියුණු කරන්න පුළුවන් දියුණු කරනලද මානව සම්පත යොදාගෙන පමණයි කියන විශ්වාසය නිසා.

      හැබැයි Ravi මිත්‍රයා, ආණ්ඩුවේ අය වගේම වගේම සයිටම් ශිෂ්‍යයෝ දොස්තරලා වෙන්නෙත් ඔය මස් රාත්තල බලාගෙනම තමයි. සයිටම් අයත් දොස්තරලා වුනාට පස්සේ GMOA එකත් එක්ක එකතුවෙලා ඔය විදියටම වර්ජන තර්ජන දානවා මිසක් එතනින් වෙන්වෙලා මිනිස්සුන්ගේ පැත්තේ හිටගනිවී කියන බලාපොරත්තුවක් නම් තියාගන්න අමාරුයි. දැන් ඉන්න විදේශීය වෛද්‍ය උපධිදාරියෝ ලංකාවට ආවම GMOA එකටම හේත්තු වෙලා එයාල එක්කම එකතු වෙලා අපිඅට කොකා පෙන්වනවාට වැඩිය වෙනස් හැසිරීම් සයිටම් අයගෙන් බලාපොරොත්තු වෙන්නේ නෑ මම නම්.

      Delete
    7. කෙන්කියුෂා,

      මම හිතන්නෙ නෑ සයිටම් වෛද්‍ය උපාධිධාරීන් GMOA එකත් එක්ක එකතුවෙයි කියල. ඔවුන්ට පුලුවන් තරම් වල කපපු අකුල් හෙලපු GMOA එකත් එක්ක ඔවුන් එකතුවෙනව කියන්නෙ කරන්ට පුලුවන් නින්දිතම පාවාදීම.

      ඒත් මේ සිරි ලංකාවෙ ඔයිට වඩා පුදුම දේවල් වෙලා තියනව. ඒ හින්ද එහෙම නොවෙයි කියල අපිට කිසිම සහතිකයක් නම් නෑ තමයි. ඒත් මම කියන්නෙ එහෙම උනා හරි අඩු ගණනෙ සයිටම් එකෙන් පටන්ගෙන තවත් පෞද්ගලික වෛද්‍ය විවෘත කරල හැකි පමණ වෛද්‍යවරු බිහිකරන්ට ඕන.අඩුගානෙ චැනල් ෆී එක හරි අඩුවෙයිනෙ එතකොට. වෛද්‍යවරු හිඟය නිසානෙ මේ කෝණංගියංගෙ මේ රැස්පොට් එක.පඳුරකට පයිං ගහපුවම දොස්තරල දෙන්නෙක් විසිවෙන සයිස් එකට වැඩේ කලානම් අන්න හරි.ඔය කතාව කාලෙකට ඉස්සර කාලෝ ෆොන්සේකා මහත්තය කිව්ව මට මතකයි දැන් මොනව කිව්වත්...:)

      Delete
  6. කොහොම වෙතත් රනිල්තුමාගේ ෆේස්බුක් ස්ටේටස් එකට හැට්ස් ඕෆ්‍ .

    හෙට ඉඳල අලුත් ලේන් එකක් අරිනවා හැම හයිවේ ,එක්ස්ප්‍රස් වේ එකකම ඒක දොස්තරලට විතරයි
    හෙට ඉඳල හැම හංදියකම සුපර් මාර්කට් එකගානෙ අරිනවා ඒක දොස්තරලට විතරයි
    හෙට ඉඳල අලුතින් පෙට්‍රල් ශෙඩ් අරිනවා හැම හංදියකම ඒවා දොස්තරලට විතරයි
    හෙට ඉඳල අලුතෙන් කැම්පස් වල මෙඩිකල් ෆැකල්ටි අරිනවා ඒව දොස්තරලගෙ ලමයිංට විතරයි .
    හෙට ඉඳල අලුතෙන් xxxxx අරිනව ඒක දොස්තරලට විතරයි

    ReplyDelete
    Replies
    1. අර අන්තිම එක ගණිකා මධ්‍යස්ථානයක් ද?

      Delete
    2. අලුත් සොහොන් පිට්ටනියක් අරිනවා. එක GMOA එකේ නිලධාරීන්ට පමණයි.

      Delete
    3. හෙහ් හෙහ් ඇනෝ. හොඳම හොඳ අදහස. විශේෂ මනුෂ්‍ය කොට්ටාශයක් වන වෛද්‍යවරුන්ට බොරැල්ල කනත්තේ වැලලීමට අයිතිය දී අනික් සියළු දෙනාම අවශේෂ සුසාන භූමි භාවිතා කළයුතුය.

      Delete
    4. ඉස්සර මිනිස්සු කියන්නේ අර "මුන්ට යන්න වෙනම අපායක් හදන්න ඕනේ" කියල. :D

      Delete
    5. දත් දොස්තරලට වෙනම ඒවා ඕනෙ.
      පශු දොස්තරලාටත් වෙනම ඒවා ඕනෙ.
      ආයුර්වේද දොස්තරලාටත් ඕනෙ
      සිංහල වෙදවරුන්ටත් ඕනෙ
      පස්සෙ ගොඩ වෙද්දුන්ටත් ඕනෙ

      Delete
  7. මම නං දකින ප්‍රධාන ප්‍රශ්නය තමයි ඉයන් මේ රජයේ සන්නිවේදනයේ තියෙන බරපතල දුර්වලකම. නීතියේ ආධිපත්‍යය , ඔනෑම කෙනෙකුට ඕනෑම කෙනෙක්ව ප්‍රශ්න කිරීමේ හැකියාව ,කොටින්ම දැන් පුරවැසියො හැටියට විඳින නිදහස හිමිවෙලා තියෙන්නෙ යහපාලන ප්‍රතිපත්ති නිසා බව ජනතාවට තේරුම් කර්ල දෙන්න තරම් යහපාලන සන්නිවේදනය මෙහෙයවන්නන්ට ශක්‍යතාවක් නොමැතිවීම.
    ඒ තුල සියලු යහපාලන මූලධර්ම නෝන්ජල් කම් හැටියට ආශ්චර්‍යවාදීන් විසින් අර්ථගන්වනවා.

    ReplyDelete
    Replies
    1. //ඒ තුල සියලු යහපාලන මූලධර්ම නෝන්ජල් කම් හැටියට ආශ්චර්‍යවාදීන් විසින් අර්ථගන්වනවා.//

      +++++++++

      Delete
    2. සන්නිවේදනේ සාර්ථක වෙන්න නම්, ජනමාද්‍ය වේදීන්ටත් කෝටා පැකේජ් එකක්ම දෙන්න වෙනවා.

      Delete
    3. ඇයි මහින්දගේ කාලේ කාවවත් ප්රස්න කලේ නැද්ද? විපක්සයේ නොහැකියාවටත් මහින්ව වැරදි කාරයා කරාම හරිද? ඒතකොට ඒ කාලේ ජෙප්පන්ගේ කටේ පිට්ටු තිබුනාද?

      Delete
    4. ජෙප්පන්ගෙ කටේ තිබ්බ එක දන්නෙ නැත. උඹේ කටේනං මහින්දගේ ඇටේ තිබ්බ වග පෙනේ

      Delete
    5. ජෙප්පන්ට බැන්නොත් බලාගමු ඈ

      - ලේකං තුමා-

      Delete
    6. @ඉවාන් පවුලූශා පවු බන් උඹ නිකන් කිච වෙනවා.... උත්තර නැත්තන් කට වහන් හිටහන්...

      Delete
    7. මහින්දගේ කාලෙ ප්‍රශ්න කරපු වුන්ට වුනු දේ දන්නෙනැති උඹ වගේ එකෙක් එක්ක කතා කරාම කිච වෙනවා තමායි ගොනෝ

      Delete
    8. ඉවාන් බයියෝ බලාගෙන ඉන්නේ මොකාගෙ හරි වලිගෙක එල්ලෙන්න. අසික්කිත දොස්තරල ගෙ ඉල්ලීම් තමයි උන්ට පේන පිදුරුගහ. කට්ටිය එලියට බැහැල ඉන්නෙ ඒකයි.

      Delete
    9. ඉවාන් පවුලූශා

      මොනාද බන් ලැජ්ජයි ඔහොම කුණුකතා කිය කිය (// උඹේ කටේනං මහින්දගේ ඇටේ තිබ්බ වග පෙනේ//) රෙදි නැතුව කඩේ යන්න එපා.

      මමත් මරා කල්ලියට විරුද්ධව ඡන්දෙ දීපු උන්ගෙ හොර තක්කඩි කුපාඩි වැඩවලට එරෙහි පුද්ගලයෙක්. නමුත් මිනිහෙක් ටිකක් හරි ශීලාචාර විදිහට ප්‍රශ්නයක් ඇහුවම ඔහොම ගොන් උත්තර දෙන්න එපා. ඒකෙන් පේන්නෙ උත්තර දෙන එකාගෙ තියෙන ගොබ්බ මැටිමෝල් පාදඩකම විතරයි.

      මරාගෙ කාලෙ මාධ්‍යවලට තර්ජන ගර්ජන, සිරස ගිණිතියපු එක, මර්විය රූපවාහිණියෙ පිස්සු කෙළපු එක, එක්නැලිගොඩල අතුරුදන් කිරීම්, ලසන්ත ඝාතනය වගේ ඒව තොයෙනව. ඒ වගේම යහපාලන රෙජීමයෙත් මාධ්‍ය ආයතන හිමිකරුවන්ට තර්ජන කර විකාශන අයිතිය තහනම් කරන බව කීම, අගමැති පාර්ලිමේන්තුවේ පාර්ලිමේන්තුවේ නම් කිය කිය සමහර මාධ්‍යකරුවන්ට තර්ජන කිරීම වගේ සිද්ධි ඕනෙතරම්. මරාට ගහන ඔය තැටිය කොච්චර පරණද කිව්වොත් යහපාලනයට ඡන්දෙ දීපු සබුද්ධික වැද්ගත් මිනිස්සුන්ටත් දැන් ඔය වඳුරු කුණුහරුප අහල ඇති වෙලා. නොදකින්.

      Delete
    10. //ඉවාන් බයියෝ බලාගෙන ඉන්නේ මොකාගෙ හරි වලිගෙක එල්ලෙන්න. අසික්කිත දොස්තරල ගෙ ඉල්ලීම් තමයි උන්ට පේන පිදුරුගහ. කට්ටිය එලියට බැහැල ඉන්නෙ ඒකයි.//

      ඉයන් මරාට රෙදි නැතුව කඩේ යන අපත වහල් බයි රැල විතරක්ම නෙවෙයි, ඔය යහපාලන/ යූඑන්පී ගැති බත්බැලයොත් ඊට දෙවෙනි නැහැ. උනුත් මේ දොස්තර මාෆියාවගෙ ගොන් වැඩේ අල්ලගෙන මරාට ගහන හැටි බලන්න. දැන් බලන්න දොස්තරල ස්ට්‍රයික් කරාම මරාට අවු. ගාණක ඉඳන් ගහන ණය තැටියයි හොර තැටියයි වගේ ගහල ගහල ගෙවිල ගෙවිල චොර චොර ගාන පරණ තැටිම ගහනව දැකල මිනිස්සුන්ට දැන් ඇතිවෙලා. මරාට ගැහුවට කමක් නැහැ හැබැයි මොකක් හරි අලුත් ටොපික් එකක් හොයාගනිල්ලකෝ එකම මගුල කෙලින්නෙ නැතුව. අර ඩේසි ආච්චි සීන් එක විතර්යි ටිකක් විතර අලුත් හැබැයි ඒක යටිනුත් තියෙන්නෙ පරණ හොර තැටියමයි. ඔය හොරකම් ඔප්පු කරල උන්ගෙන් සල්ලි අයකරගන්න එකනම් මළාට වෙනැති බව දැන් මුලු රටම දන්නව නෙව.

      Delete
  8. In Sri Lanka nothing works fairly and democratically. People with power such as politicians abuse that power and do as they please. People with civil power such as high ranking officers in the forces and police, high ranking government officials use their power to get things done. Every body uses personal connections and friendships to get things done. People with ability to write and express themselves use that skill to bend things their way. Even people who have loud mouths use that to their advantage. Women with beauty/Men with physical strength use them as weapons to get things done, and no body is perfect. It is " the survival of the fittest". Although I do not agree with strikes in general in any profession, especially by doctors, these doctors are also entitled to get a suitable school to their children. If you say there is no priority to doctors in developed countries, there is no popular school concept in those countries. Every child gets a relatively good school which is nearest. This is not so in Sri Lanka, especially the periphery where there are no teachers, no laboratories. We will say a doctor working at Ampara wants to admit the child to the best school in Ampara...Is it a crime? Ask yourselves, would you have admitted to any school you get? It is human nature to try to find the best for you child. And in UK and USA doctors are paid a lot more than other professions. So if they do not like the school they got they can certainly afford a private school on their income. True, doctors are just another group of professionals, but in those countries they recognize the the special nature of this service economically.

    ReplyDelete
    Replies
    1. මෙය දොස්තර වරුන් ළමයින්ට ජාතික පාසැල් ඉල්ලා කරන වැඩ වැරීම සාධාරණීකරණය කිරීමට කරන බොලඳ උත්සාහයකි. මෙම කමෙන්ට් එක අනුව බොහෝ දෙනෙක් විවිධ ක්‍රම වලින් හොඳ පාසැල් ලබා ගනී. එම නිසා නීතියෙන්ම ඔවුන්ට හොඳ පාසැල් අවශ්‍ය බව කියයි. කොලඹින් රාජකීය ආදී පාසැල් ඉල්ලා මොවුන් වැඩ වරන බව මහජනයාට රහසක් නොවේ. කොලඹ පැමිණීමට බොහෝ වෛද්‍යවරුන් කැමති වන්නේ ඔවුන්ට චැනලිං හොද්ද කොලඹ සහ ප්‍රධාන නගර වලට හොඳ නිසාය. මෙම ප්‍රශ්ණය විසඳිය යුත්තේ ඌරාගේ මාළු උගේ ඇඟේ තබාම කැපීමෙනි. ජාතික පාසැල් ඉල්ලා නොසිටින වෛද්‍යවරුන්ට පමණක් ප්‍රධාන නගර වලට ස්ථාන මාරු ලබා දෙන්නේ නම් මේ සුනඛයන් වලිගය කකුල් දෙක අස්සේ රුවා ගෙන කොලඹට ස්ථාන මාරු ගනු ඇත.

      මෙම සුනඛයන්ට ඕනෑම දෙයක් සාධාරණීකරන කල හැක. කාර් පර්මිට් ඉල්ලා වැඩ වැරූ අවස්ථාවේදීද ඔවුන් අනික් සියළුම වෘත්තීන්ට වඩා විසේෂ වන ආකාරයත් ඇමෙරිකාවේ සහ සිංගපූරුවේ ඔවුන්ට සලකන ආකාරයත් වැනි අදා;අ නොවන තර්ක ඔවුන්ට ඕනෑ ලෙස පාවිච්චි කිරීමට රුසියෝය.

      Delete
    2. සයිබර වරිගෙ උණ්ඩියා:-
      දොස්තරට වඳින ගාථා පන්තිය....
      **********************************************
      ගිරාන ග්‍රන්ථ කිරියංච - පරිශීලේන සාගරං
      නළාය දීඝ උරේකත්වා - වචනේන මධුරං සුඛං
      කුළේසු අග්ග බ්‍රාහ්මණෝ - චැනලේන විපුලං ඵලං
      යේ සත්ත මහා කර්තව්‍ය - වෛද්‍යාචාර නමෝ නමං
      රචනංච පෙත්ත පැණියං - ඖෂධේන සමාගමෝ
      බලේන යේන විදේසන්තු - ත්‍යාග ලාභෝ මහත් ඵලං
      වෛද්‍ය විද්‍යා අධ්‍යාපනං - පෞද්ගලිකංච වාරණං
      තං පුග්ගලික රෝගශාලා - මහප්ඵල මාහම් සුඛං
      මහාය ටෝක දේසයන්තු - අහං ජනතා වාදිතං
      දාරක අග්ග පාඨශාලා - නදේත වැඩ වජ්ජනං
      මුඛාසන්න මැක්ක යන්තෝ - සබ්බතේ වැඩ වජ්ජනං
      බලේන යේන දීප භූතං - වෛද්‍යාචාර නමෝ නමං.....

      Delete
    3. එළ, එළ,එළ, එළ.....

      මෙන්න ජොස්තර කෝළම…………..

      සුදු කබායක් පළඳිනා,
      හිතේ විස ඉන් වහගෙනා,
      නලාවද ගෙල දරමිනා,
      ජොස්තරය එයි සබයටා,

      රුංද ගජිංතක්, රුංද ගජිං තක් රුංද ගජිංතක් තා...

      බදු රහිත වාහන බලපතා,
      ගන්ට අපි වැඩ වැරුවෙමා,
      ලෙඩුන් උගසට තබමිනා,
      අන්තිමට අපි දිනුවෙමා,

      ළමයින්ට පාසල් ඕනෙමා,
      විසාක රෝයල් පමණිනා,
      මෙවර අපි වැඩ වැරුවෙමා,
      කෙසේ හෝ අපි දිනමිනා,

      Delete
    4. ඔය කෝලන් කුට්ටමේ ඉන්න චරිත වලට හරියන නම් ටිකත් දාමුද?

      දේපනියේ කෝලම

      ගුටිකන මූණාවීන් කෝලම

      Delete
    5. පුද්ගලික විශ්විද්යලවලින් සමාජවාදයේ නියමයන්ට අනුව විය හැකි අසාධාරණය අශික්ෂණය උවමනා තරමටත් වැඩිය දකිමින්; නිදහස් අධ්‍යාපනයේ වෙනුවෙන් මරාගන්නට වුවද එනවා යයි කියූ ඊනියා සමාජවාදී පක්ෂ කැබලිතිද, සමාජවාදී ශිෂ්‍ය සංගම්ද ඒවා වෙනුවෙන් කයිවාරු ගසන අයද, අධ්‍යාපනයේ තිබිය යුතු නිදහසට එතෙක් මෙතෙක් එල්ලවූ බරපතලම පහර වූ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ඊයේ එල්ලකරන ලද මරු පහරට විරුද්ධව එකදු සමාජවාදී මාධ්‍ය නිවේදනයක් හෝ බ්ලොග් ලිපියක් හෝ ලිව්වීමට අසමත් වී ඇත. අධ්‍යාපනයේ තිබිය යුතු නිදහසට එතෙක් මෙතෙක් එල්ලවූ මේ බරපතලම පහරට විරුද්ධව මෙතෙක් ප්‍රතිපහාර එල්ල කර ඇත්තේ උග්‍ර ධනවාදීන් ලෙස හංවඩු ගැසුණු එක්සත් ජාතික පක්ෂයයි.

      වැඩවසම් ධපතියාට පහරදෙන ලෙස ඔවුන්ගේ සමාජවාදයේ උගන්වා ඇති නමුදු නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ වැඩවසම් වෘත්තිකයන්ගේ තුච්ච ක්‍රියාවන්ට එරෙහිවන ලෙස ඔවුන්ගේ මහදැන මුත්තාගේ පොතේ කියා නැති නිසා ඊනියා සමාජවාදීන් එසේ නිහඬව ඉන්නවා වෙන්නත් පුළුවන. මහදැන මුත්තා වලේ වැටුනුවිට පොතේ ලියා ගොඩගන්නා ලෙස කියන තෙක් බලාසිටි ගෝලයන්ට නොදෙවෙනි මේ ඊනියා සමාජවාදීන්ගේ හැසිරීම හරිම අපූරුය.

      මේ යෝජනාව ස්මජවාදීනගේ මහදැන මුත්තටලාටයි. නිදහස් අධ්‍යාපනයෙන් බිහිවූ වැඩවසම් වෘත්තිකයන්ගේ තුච්ච ක්‍රියාවන්ට ද එරෙහිවන ලෙස ඔබේ ගෝල පුවක් බඩිල්ලන්ට ඉදිකටු පැංචානට රබ්බොඩ අය්යලාට ඔබේ පොතේ දැන්වත් ලියා තැබීම ඉදිරි අනාගතයට ප්‍රයෝජනවත් විය හැකිය.

      Delete
  9. And do not bring the stupid argument doctors owe the country because they spent tax payers money. Everybody got free education and doctors put it to good use, so they are no more "indebted" than others.

    ReplyDelete
    Replies
    1. නොමිලේ අධ්‍යාපනයෙන් ප්‍රයෝජන ගෙන ඇත්තේ දොස්තර වරුන් පමණක් නොවේ. කටුබැද්ද ආදී විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් පරිගණක සහ අනිකුත් ඉංජිනේරු උපාධිධාරීන් පෞද්ගලික ආයතන වල සහ රටට විදෙශ විනිමය ලබා දෙන තවත් ආයතන වල සේවය කරති. ඔවුන් දොස්තර සුනඛයන් මෙන් විශේස වරප්‍රසාද ඉල්ලා සිටින්නේ නැත.

      Delete
    2. ///කටුබැද්ද ආදී විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් පරිගණක සහ අනිකුත් ඉංජිනේරු උපාධිධාරීන් පෞද්ගලික ආයතන වල සහ රටට විදෙශ විනිමය ලබා දෙන තවත් ආයතන වල සේවය කරති. ඔවුන් දොස්තර සුනඛයන් මෙන් විශේස වරප්‍රසාද ඉල්ලා සිටින්නේ නැත.///

      ඉල්ලුවට දෙන්නෙ නැහැ මෙයා. ඒ නිසා සද්ද වහල ඉන්නවද කොහෙද...

      Delete
  10. Another point, if every profession is the same why such a fuss when doctor's are on strike. If other professions have a right to strike, then doctors also do. Isn't it. However majority of the doctors(99%) are against strikes in their heart. And I for one do believe their service is special than other professions(special because they not have weekends off and new year/Christmas off, and work nights unlike many other government servants, and in they have the best interests of patients in heart -rich or poor) Therefore doctors should not make strikes a weapon (Does not mean they do not have a right to strike)

    ReplyDelete
    Replies
    1. කාර් පර්මිට් ඉල්ලා ලෙඩ්ඩුන් උගසට තැබූ සුනඛ දොස්තරලාගෙන් මීට වඩා හොඳ හැසිරීමක් බලාපොරොත්තු විය නොහැක. මිනිසුන් වැඩ වරන්නේ තම රැකියාවට අදාල දේවල් එනම් වැටුප්, ආදිය ලබා ගැනීමටය. කාර් පර්මිට් වලට, ළමයින්ගේ ඉස්කොලෙ වලට විශේශ වරප්‍රසාද ගැනීමට සාමාන්‍ය සේවකයන් වැඩ නොවරයි. රැකියා කරන්නේ රජයේ සේවයේ අය පමණක් නොවේ. පැය 24 සේවය අවශ්‍යවන තවත් රැකියා විශාල ප්‍රමාණයක් ඇත. දොස්තර සුනඛයන්ට ඕනෑම ප්‍රශ්ණයකදී පෙනෙනේ ඔවුන්ගේ සුද පමණි.

      Delete
  11. The current prime minister and his predecessors had 68 BLOODY years after independence to make all schools similar by improving human and material resources, so that these kind of problems would not have arisen today. Is not that a CRIME...

    ReplyDelete
    Replies
    1. එහෙනම් සියළුම පාසැල් එකම තත්ත්වයට ගෙන එන ලෙස ඉල්ලා දොස්තර සුනඛයන් වැඩ වැරිය යුතුය. අඩුම තරමින් පහසුකම් අඩු ඉස්පිරිතාල වැඩි දියුණු කරන ලෙස ඉල්ලා ඔවුන් වැඩ වරන්නේ නැත. ඔවුන් වැඩ වර්‍රනේ තමන්ගේ ආත්මාර්ථකාමී ඉල්ලීම් සඳහාම පමණි.

      Delete
    2. why doctors do not have a TUA asking government to improve education in all schools. Well answer is that is not doctors' responsibility...The general public have been electing these imbecile leaders for 68 years over and over again. Duty of a trade union is to look after its' members welfare...Not the issues of every Tom, Dick and Harry. However I must say I do not condone the recent TUA by GMOA, I think they got waylaid by the inappropriate and thuggish response by the so called education ministry(could have had some education for themselves). I mean would flattening tires of someones vehicles when they come for a discussion, could hardly be expected from a democratically elected government.

      Delete
    3. සේවා ස්ථාන මාරු රජයේ සේවයේ සිදුවන සාමාන්‍ය දෙයකි. දොස්තර සුනඛයන් ගේ මේ ඉල්ලීම ආත්මාර්ථකාමී සහ ලජ්ජාසහගත වන්නේ මේ නිසාය.

      1. ඉහත ලැයිස්තුවේ දක්වා ඇති පරිදි උදාහරණයකට හෝමාගම සිට මහරගම වෙත සථාන මාරුවීමක්ද දැනට සිටින පාසැලේ සිට කොලඹ ජාතික පාසැලකට ළමයාව ඇතුලත් කර ගැනීමට හේතුවක් ලෙස සැලකීම. මෙම ඉල්ලීම හෝමාගම පාසැලක සිට මහරගම පාසැලකට කල ඉල්ලීමක් නම් සාධාරණ ඉල්ලීමක් වන්නට තිබිණි. මෙහිදී ඉල්ලා ඇත්තේ කොලඹ 7 සිරිමාවෝ විදුහලයි.

      2. සාමාන්‍ය ලිපිකරු රැකියාවක් කරන අයකු වැඩ වැරුවොත් එයින් යමෙක් අපහසුවට පත්වූවත් එය නිවැරදි කරගැනීමට හැකි විය හැක. හමුදා නිලධාරීන්, වෛද්‍ය වරුන්ගේ වැඩ වැරුම් එසේ නොවේ. එම දෙය සමාජයේ අන් අයට ඇති දේවල් සියල්ලම තමන්ට ලබා ගැනීමට යොදා ගැනීම අසික්කිත දෙයකි.

      Delete
    4. වෛද්‍යවරුන් සේවා මාරුවීම් ලබද්දී ඔවුන්ගේ දරුවන්ට පාසැල් ලබා දීම ආණ්ඩුවක යුතුකමකි. යහපාලන ආණ්ඩුව එය පැහැර හැර නැත. නමුත් පාදෙනියගේ මාෆියාව ඉල්ලා සිටින්නේ අරුම පුදුම ඉල්ලීම්ය. හෝමාගම සිට මහරගමට මාරු වූ ජොස්තර විජේවංශගේ දරුවාට ඉල්ලන්නේ සිරිමාවෝ බාලිකාව ය. මුල්ලෙරියාව රෝහලේ සිට කොළඹ රෝහලට මාරු වූ ජොස්තර ගුණසේකරද සිරිමාවෝ එක ඉල්ලයි. පේරාදෙනියෙන් මහනුවරට මාරු වූ මිරිහැල්ල ජොස්තර මහාමායාව ඉල්ලයි. අපූරු ඉල්ලීමක් ඉල්ලන්නේ ජොස්තර මුබෂීර්ය. ඔහු මාතර සිට තංගල්ලට මාරු වී මාතර රාහුල විදුහල ඉල්ලයි. නිරෝෂන් ජොස්තර අංගොඩ සිට පාදුක්කට මාරු වී ඉල්ලන්නේ කොළඹ මහානාමයයි. තවත් එකෙක් කළුබෝවිල සිට කොළඹ මහ රෝහලට මාරුවී කොළඹ සුපිරි විදුහලක් ඉල්ලයි. මෙවැනි විහිළු රාශියකි. පාදෙනියගේ ගිනස් වාර්තා තැබූ දරුවන්ට සුපිරි විදුහල්ම ඉල්ලන ලැයිස්තුව මෙහි ඉහත ඉමේජයන්ගේ දැක්වේ. ඒවා විශාල කර කියවන්න. (Source Lankaenews.com)

      Delete
  12. "මෙරට අන් දරුවන් බහුතරයකට ද සුදුසු පාසැල් නැත. නමුත් ඔවුන්ගේ දෙමාපියන් ඒ ගැන අමාත්‍යංශය සමඟ කතා කරන්නේ නැත. වරද කාගේද ?" It is the fault of those parents. There is nothing wrong with someone who has that capability in doing that.

    ReplyDelete
    Replies
    1. ජාතික පාසැල් වලට ළමයින් ඇතුලත් කරගැනීමට ආසා කරන රජයේ සහ පෞද්ගලික අංශයේ ඕනෑම දෙමව්පියෙක් කැමතිය. එය දොස්තර සුනඛයන්ට පමණක් විසේශ අවශ්‍යතාවයක් නොවේ. තමන්ගේ සේවය අවශ්‍යම වන අය අපහසුවට පත්කර ඒ ඉල්ලීම් ලබා ගන්නේ දොස්තර සුනඛයන් පමණි.

      Delete
  13. යහපාලන ආණ්ඩුව නොදන්නා තවත් දෙයක් ලිංගික අල්ලස් ගැනීම...එය නිවීහැනහිල්ලේ කරගෙන යන නිවට නිවාලූ කටුකන්නන් පිරිසක් බිහිවෙමින් පවතී

    ReplyDelete
    Replies
    1. සත්‍ය නම් ලිංගික අල්ලස් ඉල්ලන්නත් ඉස්සර බලෙන්ම වගේ හම්වෙන ප්‍රවනතාවයක් හරිම ඉහල බවයි, දෙපැත්ත කැපෙන වචන කියන්න දක්ෂ නම් කෙහෙල් කැනම වැට පනිනවා.

      Delete
  14. අනේ දෙයියනේ පුරාවස්තු කොල්ල කාපු ඒවයි කටුගෙ කටු විතරක් කරපු ඒවයි නිදන්ගතවෙලා තිබුණ වස්තුව කොල්ල කාපු ඒවයි යහපාලනේටත් අමතක උනේ ඒකට නං කමක් නැති හන්දද ?

    ReplyDelete
  15. විදේශ ණය හෝ පොලිය ගෙවීම දේශීය බදු වැඩි කිරීමෙන් කළ හැකිද?

    ReplyDelete
    Replies
    1. මේකට පිළිතුර ඔබ දන්නවානේ රසික. මේවගේ කථාවක් කිව්වා විමල් වීරවංශ 1994 මැතිවරණෙදී. විදේශ ණය වලට අමතරව රටේ දේශීය ණය විශාල ප්‍රමාණයක් පසුගිය දශකයේ අරන් තියෙනවා. බොහෝ සුදු අලි ඉදිකිරීම වලට භාණ්ඩාගාරය ඇප වී තිබෙනවා. කෝටි නව ලක්ශයේ ණයෙන් භාගයක් විතර දේශීය ණය. උදාහරණයකට මාගම්පුර වරාය සඳහා දේශීය බංකු වලින් අරගෙන තියෙන දේශීය ණය ප්‍රමාණය අතිවිශාලයි. ඒ සඳහාම ගත් විදේශීය ණය වලට අමතරව.

      Delete
  16. මොකා මක්කා කීවත් මේක නොම්මර එකේ ගොබ්බ ආන්ඩුවක් ලොකු අයියේ..

    ආතල් එක කියන්නේ ආන්ඩුව ඒ ගොබ්බ කමම තම ජීවිකාව සඳහා යොදා ගැනීම..

    ReplyDelete
    Replies
    1. යහපාලනය කියන්නේ නෝන්ජල් කමක් වගේ නේද මාතෙ

      Delete
  17. oya okkoma marketing thamayi bola .. kalen kaleta apiwa raawttannawa eka eka lassna nam damala....

    ReplyDelete
  18. ලමයින්ට හොඳ ඉස්කෝල හොයන එක දෙමව්පියන් විදියට වරදක් නෑ.. ඒත් ඒ වගේ දේවල් වෙනුවෙන් වෘත්තීය අයිතිවාසිකම් භාවිතා කිරීම හරිම තුච්චයි.. උගත් වගකිවයුතු වෘත්තිකයෙකුට කොහොමවත් ගැලපෙන්නේ නෑ..

    ReplyDelete
    Replies
    1. In Sri Lanka nothing works fairly and democratically. People with power such as politicians abuse that power and do as they please. People with civil power such as high ranking officers in the forces and police, high ranking government officials use their power to get things done. Every body uses personal connections and friendships to get things done. People with ability to write and express themselves use that skill to bend things their way. Even people who have loud mouths use that to their advantage. Women with beauty/Men with physical strength use them as weapons to get things done, and no body is perfect. It is " the survival of the fittest". Although I do not agree with strikes in general in any profession, especially by doctors, these doctors are also entitled to get a suitable school to their children.

      Delete
    2. සමාජයේ අසාධාරණ කම් ඇතිවීම හැමෝටම පොදුය. ඒවා නිවැරදි කරගත යුත්තේ දොස්තර සුනඛයනුත් ඇතුලත්වන සමස්ත සමාජය එකතුවීමෙනි. එසේ නොමැතිව සමාජයේ අසරණ කොටසක් වන ලෙඩ්ඩුන් අමාරුවේ දැමීමේ හැකියාව පොදු සමාජයයේ අන් අයට නැති දේවල් අත්පත්කරගැනීමට යොදා ගැනීම සුනඛ ගතියකි. උදාහරණයකට විදුලිය හැමෝටම අවශ්‍යය. දොස්තර සුනඛයන් මෙන් නොව විදුලිය නැතිවුවහොත් සමස්ත සමාජයටම බලපායි. ළමයින්ට පාසැල් ළබාගැනීමට විදුලිය කපා හැරීමක් කිසිම රටක කවුරුවත් අසා නැත. මේවා සාධාරණීකරණය කිරීමට සුනඛ තර්කද ගෙන ඒම කල දේ මෙන්ම අසික්කිතය.

      Delete
  19. May be its not rational to ask a school when you are transferred to Bintenna, but should ask which one of the activists on facebook against doctors in general(not GMOA), would work in Bibile for 4 years and go to Bintenna for another 4 years while family is in Gampaha/Colombo while been paid a junior doctors salary. Don't you think if family is living in Colombo he should ask for a school in Colombo, since he would not be able to send the child to school in Bintenna while living alone in a dilapidated room, after all who gets the child from school?

    ReplyDelete
    Replies
    1. තවත් අසික්කිත තර්කයක් මේ සුනඛයා ගෙන ඇත. ස්ථාන මාරු සහිත රැකියාවකට තමන් එලෙඹෙන බව මේ සුනඛයන් දනී. මේ හා සමාන ස්ථාන මාරු සහිත රැකියා කරන්නේ දොස්තර සුනඛයන් පමණක් නොවේ. ලෙඩුන් බිල්ලටගෙන කේවල් කිරීමේ හැකියාව යොදාගනිමින් ඔවුන්ට පමණක් විසේශ වරප්‍රසාද ඉල්ලන්නේ ශිශ්ඨ සමාජයක ජීවත් වීමට නුසුදුසු අසික්කිතයන්ය.

      Delete
    2. When there is no logic he resorts to insults.... when you sleep with dirty politicians you learn their dirty tactics, I have not insulted anyone, but I must say people of low birth and low upbringing tend to do that.
      However Mr Wickremasinghe is a genuine man, a true Royalist

      Delete
    3. අපි හැමෝම වගේ තොරණ දැකල තියෙනවනෙ තොරණ බලල තියෙනවනෙ ඒ හැම තොරණකම තියෙනව කතාවක් අපිට තියෙන්නෙ අදාල කොටුවට අදාල කතාව දැනගන්න කොටු ටික සම්පූරණ උනාම කතාව සම්පූරණයි. මේ කාලෙ තොරණත් නෑ බලන්න. අපිට ලගදි දැකගන්න ලැබුන 550 ස් ජාතක පොතේවත් නැති ජාතක කතාවක්. ඒකට කියන්නෙ "GMOA ජාතකය" කියල. ඔවුන්ම ඇවිල්ල රගපෑව ඉසුරුපාය ඉස්සරහ. ඒ නාටකය බැලුවෙ නැති අයට අපි ගෙනාව සම්පූරන කතාව. යාලුවොන්ටත් උන්ගෙ ජාතකේ තම පෙන්නගෙන බලන්න.
      1. අධ්‍යාපන අමාත්‍යාංශයට බලෙන් ඇතුළු වී තම හිතවතියක යොදා ගෙන සිදුකළ ජවනිකාවේ දී යොදාගත් කොළඹ ජාතික රෝහලේ ගිලන් රථය...
      සාමාන්‍යයෙන් අයෙකු රෝගී වූ විට ගිලන් රථයක් ගෙන එන්නේ ආසන්නතම රෝහලෙනි.ඒ අනුව මෙහි පැමිණිය යුත්තේ ජයවර්ධනපුර රෝහලේ හෝ තලංගම රෝහලේ හෝ ගිලන් රථයකි.
      02-ගිලන් රථයේ වෛද්‍යවරයා ලෙස GMOA ලේකම් නවින්ද සොයිසා ම පැමිණෙන අයුරු ..සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ගේට්ටුවට පහර දෙමින් තම තිරිසන් ගතිය ප්‍රකට කරන අයුරු ...
      03-ගිලන් රථය ඇතුළු කර ගැනීමට තම මැර බලය යොදමින් ආරක්ෂකයන්ට පහර දෙමින් හපා කෑමට පනින GMOA ලේකම් නලින්ද හේරත් ප්‍රමුඛ සුනඛ පෝතක රැළ....
      04 සිට 09 දක්වා- මහජන දේපොළ අවභාවිතා කරමින් ගිලන් රථය ගෙන ඒමේ සැබෑ හේතුව හෙළිකරමින් බලහත් කාරයෙන් රැඳී සිටින ආත්මාර්ථකාමී රැළට කෑම සහ බීම අදින නඩය..
      10-11 -"දොස්තර කලන්තේ" නාට්‍යයේ ප්‍රධාන කාන්තා චරිතය නිරූපණය කළ වෛද්‍ය අංගනාව....
      * කලන්තයට හේතුව අධ්‍යාපන අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ විදුලිය විසන්ධි කිරීම බව කියන මැයට,යම් අපහසුවක් දැනුණි නම් ඉන් එළියට නාවේ ඇයි?
      *ඇයට විතරක් කලන්තෙ හැදුණේ ඇයි?
      * කලන්තයක් හැදුණා ම ගිලන් රථවලින් රෝගීන් රෝහල් ගත කරනවා ඔබ අසා තිබේ ද?එසේනම් පාසල් රැස්වීම් පැවත්වීමට පෙර ගිලන් රථ ගෙන්වා ගත යුතුය ..
      * කලන්තයටකට වත් මූලික ප්‍රතිකාරයක් කරගැනීමට නොහැකි වෛද්‍යවරුන් ඔවුන් ගැන ලැජ්ජා විය යුතුය.
      *මුන්ට පැයක් AC නැතුව ඉන්න කොට කලන්තෙ හැදෙනවනම් මුන් වර්ජනය කරන කොට අහිංසක ලෙඩ්ඩු කී දෙනෙක් කලන්තෙ දාන්න ඇත්ද? මියැදෙන්න ඇත්ද ?
      12- කිසිදු අතුරු අන්තරාවකින් තොරව ශ්‍රවණාගාරයේ වූ විසල් ජනෙල් පියන් ද හැර යස අපූරුවට පුටුවට පුටුවක් ළංකරගෙන කකුල් මේස උඩ දමාගෙන රැය පහන් කළ ආත්මාර්ථකාමීන් නඩය....

      Delete
  20. හොඳ වෙලාවට මං දොස්තර කෙනෙක් නොවුනෙ.
    මේක දොස්තරලට විතරක් තියෙන කුහකත්වයක් නෙමෙයි. මේ රටේ ආණ්ඩුවෙ රස්සාව කරන හැම එකාම පුලුවං හැම විදිහටම කරන්නෙ අනුං පරාණ ඇපේට තියාගෙන තමුංට මොනව හරි ගන්න බලන එක.

    ප.ලි. මාත් රාජ්‍ය සේවකයෙක්

    ReplyDelete
  21. දොස්තරලා පසුගිය කාලය පුරාවටම ආණ්ඩුව එක්ක ගැටෙන බවක් පෙනුනානේ.
    කොහොම වෙතත් දොස්තරලාගේ මේ ඉල්ලීම් නම් සාධාරණ නැහැ.මේ වැඩෙන් වෙන්නේ සාධාරණ හේතුවක් නිසා වෘත්තීය සමිති ක්‍රියාමාර්ග ගන්න අයවත් හැල්ලුවට ලක් කිරීමක්.විමල්ගේ ලෙමන් ෆෆ් උපවාසයෙන් උපවාසකරුවෝ ලැජ්ජාවට පත් කෙරුවා වගේ දොස්තරලා කරන මේ බොළඳ වැඩ වලින් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගත් හැල්ලුවට ලක් වෙලා යන එකයි වෙන්නේ.

    ReplyDelete
  22. තමනට රිසිසේ ගසා කෑමට සුදුසු රේගු අඥාපණත වෙනස්කිරීමට විරුද්ධ වන රේගු නිලධාරීන්, ලෝකයේ සැමතැනම ක්‍රියාත්මක වන තාක්ෂණයක් වන සී.සී.ටී.වී හඳුන්වා දීමට විරුද්ධව වැඩ වරන ආගමන විගමන නිලධාරීන්, බීමතින් ගුවන්යානා පැදවීමට අවසර පතන ගුවන් නියමුවන් ද යහපාලන ආණ්ඩුව බිහිවුණේ ඔවුන්ගේ පෞද්ගලික අරමුණු මුදුන්පමුණුවා දීමට යැයි සිතයි.//
    ඇත්තටම මේ ප්‍රශ්නය විසදන්න ආන්ඩුවට පුලුවන් වෙයිද. කස්ටම් සේවකයෙකුගෙ වැටුප් හා දීමනා සහ ඔහු මෙටෙහ්ක් උපයාගෙන ඇති ධනය සසදන දවස එයිද. ඇල්ලුවත් සල්ලි තල්ලුකලත් සල්ලි මරු.
    සීසී ටීවී කැමරා හයිකරනවට ආගමන නිළධාරීනුත් ෆින්ගර් මැෂින් හයිකරනවට ඩොකාලත් විරුද්ධවෙන එක අහන්න දෙයක් නෑ.
    වරප්‍රසාද ලත් නිළධාරීන්ට වන්දනාමාන කරන සම්ප්‍රදාය සමාජයෙනුත් ඉවත් කරන්න ඕන.

    ReplyDelete
  23. නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙනත් ලංකාවෙ දොස්තරලා සාමාන්‍ය ජනතාවට පෙන්වන රැස් මාරයි...සල්ලි දීලා ඉගෙනගෙන පිටරටවල දොස්තරලා ඒ රටවල රෝගීන්ට සලකන විදිය මමත් දැකලා තියෙනවා. විද්‍යාජෝති මහාචාර්ය කොල්වින් ගුණරත්න මහත්තයා කිව්වා වගේ පදුරක් පදුරක් ගානෙ ඩොකාලා හැදුවා නම් මුන්ගෙ රැස් බහිනවා. දැන් තියෙන තත්වය අනුව ඩොකාලගෙ උණ ඉක්මනින් බැස්සවිය යුතුයි. එහෙම නැති උනොත් අනිත් වෘත්තිකයනුත් මස් රාත්තලම ඉල්ලන්න පෙරට එනවා සිකුරුයි.

    ReplyDelete