Monday, December 14, 2015

සතුටින් ඉන්න විදිහක්


කුඩා කරුණක් තේරුම් ගතහොත් දිනකින් වැඩි කාලයක් සතුටින් සිටිය හැකි බව සිතමි. ඒ පිලිබඳව ඔබවත් දැනුවත් කිරීමට මේ පෝස්ට් එක. මීට කලින් මේ හා සමාන දෙයක් එනම් තමන්ගේ සතුටේ පාලනය අනුන්ට භාරදීම නිසා දුක් වන අය ගැන  පෝස්ට් එකක් ලීවා. ඒක කියවල නැත්නම් ඒකත් මෙතනින් කියවන්න. ඔබට ඒකත් ජීවිතේ දුක අඩුකරගන්න ඒක ප්‍රයෝජනවත් වේවි.

අද කියන්න අදහස් කරන දේනම්  තමන්ට අන් අය සිතනදේ ගැන දැනගැනීමට කිසිම හැකියාවක් නැති බව තේරුම් ගැනීම ඉතා ප්‍රයෝජනවත් බවයි.  ඒ කියන්නේ අනික් අය අපි කරන, කියන, අඳින දේවල් ගැන මෙහෙම හිතනවා ඇති කියලා අපි කරන උපකල්පනය බොහෝ විට වැරදි බවයි. මේක තේරුම් ගැනීම වැදගත් වන්නේ අපි හැමදාම කරන කටයුතු වලින් බොහොමයක් කරන්නේ මම 'මේ දේ මෙහෙම කලොත් මේ කෙනා මෙහෙම හිතාවි' කියල උපකල්පනයකින් නිසා. එකඟ වෙන්නෙ නැත්ද? 



උදාහරණ කිහිපයක් අරන් බලමු. කෙනෙක් ලස්සන සාරියක් ඇඳගෙන යනවා අනික් අය මේක ලස්සනයි කියල හිතයි, ඒ අයට මට හොඳ ඩ්‍රස් සෙන්ස් එකක් තියෙනවා කියල හිතයි වගේ දේවල් හිතාගෙන. එතකොට ඇත්තටම ඒ අය හිතනවා ඇත්තේ මොකද්ද? සමහර දෙනෙක්ට ඔබ ඇඳගෙන ගිය සාරියේ පාටවත් මතක නැතුව ඇති. අනික් අය ඒ අයගේ සාරිය ගැන හිතනවා ඇති. සමහර විට ඔබ අල්ලපු ගෙදර සිටින ගැහැණියට හෝ නෑදෑ කෙනෙකුට පේන්න සමහර දේවල් කරන කෙනෙක් වෙන්න පුලුවන්. එහෙම කරන්නේ ආ දැන් එයා හිතයි මටත් අලුත් පුටු සෙට් එකක් තියෙනවා කියලා වගේ දේවල් නිසා වෙන්න පුළුවන්. 

තව පොඩ්ඩක් පැහැදිලි කරන්නම්. තරුණ පිරිමි කෙනෙකුයි තරුණ ගැහැණු කෙනෙකුයි එකිනෙකාට මුහුණලා ඇවිදගෙන එනව කියල හිතන්න. තරුණයා හිතනවා මගේ කොණ්ඩෙ අවුල් වෙලාද දන්නෙ නැහැ, මේ ලස්සන කෙල්ල මගේ කොණ්ඩෙ ගැන, මගේ ශර්ට් එක ගැන මොනව හිතයිද දන්නෙ නැහැ කියලා. එතකොට කෙල්ල මොනවද හිතනවා ඇත්තේ ? එයා ගොඩක් වෙලාවට හිතන්නේ එයාගෙ කොණ්ඩෙ ගැනයි එයාගෙ බ්ලවුස් එක ගැනයි කොල්ල මොනව හිතන්ව ඇත්ද කියල. තවත් කෙනෙක් බොස් ලඟින් යනකොට බරටම වැඩ කියල පෙන්නන්න මූණ ඔබාගෙන වැඩකරන්න පුළුවන්. බොහෝ වෙලාවට එයා බොස් හිතන්නෙ සම්පූර්ණයෙන් වෙනස් දෙයක් ගැන වෙන්න තියෙන අවස්ථාව ගොඩක් වැඩියි. පිළිගන්නවාද අපි ඒ වගේ අනික් අය යම් දෙයක් හිතයි කියල හිතාගෙන කරන වැඩ තියෙනවා කියලා?


තව උදාහරණයක් ගමු. අපි හිතමු ප්‍රසිද්ධ ගෘහ නිර්මාණ ශිල්පියෙක් (අර හොඳට උයන්න පුළුවන් ඒ උනාට බයිට් හොඳ නෑ කිව්වම මල පනින ගෘහ නිර්මාණ ශිල්පියෙක්  හිතට ගන්නකෝ) අළුත්ම මාදිලියේ රේන්ජ් රෝවර් ඩිස්කවරි එකක් මාදින්නාගොඩ පාරේ එලවගෙන යනව කියල. සාමාන්‍යයෙන් මේවගේ වාහනයක් ලක්ශ 200 ක් විතර වටිනවා. එතකොට එයාට හිතෙන්න පුළුවන් එයා එම වාහනයේ යනකොට දකින අය 'අහ් අර මහත්තය ඉහල චෙයාමන් වගේ තානාන්තරයක් දරණ කෙනෙක්' කියල හිතයි කියලා. ඒ වුනාට පාරෙදී එම වාහනය දකින කෙනෙක් එහෙම හිතනවද කියල අපි දන්නෙ නැහැ. ඒක දකින එක කෙනෙක් එයාගෙ ගෙදර ප්‍රශ්ණයක් හිත හිතා යනව වෙන්න පුලුවන්. තව කෙනෙක් හදන්න භාරගත්ත මැශිමක් ගැන හිත හිතහිතා යනව වෙන්න පුලුවන්. තව කවුරුහරි කෙට්ටු කන්නාඩි දාන කෙනෙක් පරක්කු වෙච්ච බ්‍රා ඕඩරේ ගැන හිත හිතා යනව ඇති. ඒ එක්කෙනෙක්වත් අර ගෘහ නිර්මාණ ශිල්පියා හිතනවයි කියල හිතපු දේ නෙමෙයි හිතන්නේ. 


අපි කවුරුවත් මේ දේවල් කරන්නෙ මෙහෙම හිතාගෙන කියල මම කියන්නෙ නැහැ. ඒ වුනාට අපි ජීවත් වෙන නගරයේ ඉන්නේ ඔක්කොම අන්ධ මිනිස්සු නම් අපි ගොඩක් වටිනා වාහන පාවිච්චි කරයිද කියල හිතුවොත් පොඩ්ඩක් විතර තේරෙයි. එතකොට හිතන්න ඕන අපි බොහොම මහන්සියෙන් ගොඩක් වියදම් කරල කරන දේවල් කරන්නේ වෙන අය අපි ඒ අය හිතනවා යැයි හිතන දෙයක් හිතනවා යන උපකල්පනය මත බව.


මේ කරුණ තේරුම් ගත්තොත් ජීවත් වෙන්න ලේසි වෙනවා. සාරියක් අඳිනකොට අනේ මේ සාරිය ගිය සුමානෙත් ඇන්ද නිසා කට්ටිය මට වෙන සාරි නැහැ කියල හිතයි වගේ සිතිවිලි වලින් වෙන මානසික කරදරය නැති කරගන්න පුළුවන්. අපි අනික් අය හිතනවයි කියල හිතන දේ නෙමෙයි ඒගොල්ලන් හිතන්නෙ කියන එක හොඳට තේරිලා ටික කලක් යනකොට බොහොම සැහැල්ලුවක් දැනෙයි. සමහර විට වියදම් වුනත් අඩුවෙයි.



නීතිමය දැනුම්දීම - මෙහි එන චරිත හුදෙක් මනක්කල්පිත ඒවා බවත් ජීවත්වන හෝ ජීවත් වූ කෙනෙකුට සමානකම වෙත්නම් එය හුදෙක් අහඹු සිදුවීමක් බවත් සලකන්න. 

113 comments:

  1. සතුටින් සිටීමේ රහස තමයි බාහිර දේවල් බරක් කර නොගැනීම. අනුන් තමන් ගැන සිතන විදියෙන් වැඩක් නෑ. අනුන්ව පැත්තකින් තිබ්බාම තමන්ට ඉබේම සතුට ලැබෙනව. සතුට තියෙන්නෙ තමන්ගෙ සිතේ. එය නැතිකරගන්නෙ බාහිර දේවල් නිසා.අපි නිතරම අනුන්ව ඔලුව උඩ තබාගෙන ඉන්න නිසයි සතුට අහිමි වෙන්නෙ. අනුන් බිමින් තියල තමන්ට හරිය කියල හිතෙන නීති විරෝධී නොවන සමාජ විරෝධී නොවන දේවල් කරගෙන හිටියම ඉවරයි.

    අනුන්ට ඕන ඕන විදියට ජීවත් වෙන්න ගියොත් කවදාවත් සැනසිල්ලක් ලැබෙන්නෙ නෑ . ඉබේම අනුන්ගෙ සිරකරුවෙක් වෙනව.

    ReplyDelete
  2. // සාරියක් අඳිනකොට අනේ මේ සාරිය ගිය සුමානෙත් ඇන්ද නිසා කට්ටිය මට වෙන සාරි නැහැ කියල හිතයි වගේ සිතිවිලි වලින් වෙන මානසික කරදරය නැති කරගන්න පුළුවන්. // අැත්තට ම මෙහෙම හිතන්න පුළුවන් නම් අපේ ගෙදරත් සාරි ප්‍රදර්ශනාගාරයක් වගේ වෙන ඒකකුත් නැහැ...... අනික් පැත්තට කබඩ් ඒකේ මට කියලා තවත් ඒක කොටසක් හරි ලැබෙයිනේ...... දැනට තියෙන අල්මාරියේ කෑලි 06 න් මට තියෙන්නේ ඒකයි..... ඉතින් හිතාගත්ත හැකිනේ තත්වය...

    ReplyDelete
    Replies
    1. මචං උත්සාහවන්තයා ජය කොඩියට නැති කඩුව කොස් කොටන්නද කියල ඩිංගි මහත්තය කිව්වේ ඕකට තමයි. උත්සාහ කරල බලපං

      Delete
    2. කාන්චනා අක්කේ මෙන්නෝ.............කුරුටු කාන්තා අයිතීන් උල්ලංඝණය කරනෝ.........

      Delete
  3. ඉයන්
    ලොකු කරැනක් තේරැම් ගන්න පුලුවන් විදිහට සරලව ලියලා..
    එල ද බ්‍රා
    සම්පුර්න ඇත්ත..මේ කරනය හොදට තේරැම් අරගෙන පුරැදු පුහුනු වෙන්න පුලුවන්නම් ගොඩක් ප්‍රශ්න අඩුවෙයි..අමාරැයි ඒත් උත්සහ කරලා බලනවා..

    ReplyDelete
    Replies
    1. කොහොමහරි උත්සාහ කරපන් පෝස්ට් එක ලියපු මාංසියට ඒත් ඇති

      Delete
  4. රේන්ජ් රෝවරයකින් යන ගාම්භීර ලුක් එකක් තියන කෙනෙක් හරි නිර්භීත ඇඩ්වෙන්චරස් වෙන්න ඕනෙ කියල අපි හිතනව.
    ඒත් ඇත්තටම එයාට කවුරුහරි යාල යන්න අලි බලන්න කිව්වහම කලන්තෙ දාන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ජනවාරි වැඩේට පරණ ආමි කාරයෝ දෙන්නයි ලෝයර් කෙනෙකුයි වෙනුවට (පර්මිට් එකක් අයිති) දොස්තර කෙනෙකුත් එකතු කරමුද?

      Delete
    2. එක පාරක් කොහොමහරි ඇදගෙන යන්න ඕනේ...
      ඊට පස්සේ එයාගේ බය නැතිවෙලා ඒ වාහනේ දිගටම යාල දිහාවේ දකින්න පුළුවන් වෙයිද දන්නෙත් නැහැ...

      Delete
    3. එයාව දැකල අලි කලන්තෙ දායි කියල තමයි මම හිතන්නෙ.

      Delete
    4. ජනවාරි වැඩේ? ම්ම්ම්ම්ම්ම්ම්ම්???

      Delete
  5. ලස්සන බ්ලවුස් එකක් ඇඳගෙන මගෙ ඉස්සරහට ලලනාවක් එනවනම් මට හිතෙන්නෙ " ෂහ්...ලස්සන බ්ලව්ස් එක. ඒත් ඕක ගලවල අතේ අරගෙන ආවනම් තමයි ඊටත් ලස්සන " කියලනෙ. අනේ මන්ද ඉයන්..එහෙම හිතෙන්නෙ මටම විතරක්ද? නැත්නං හැමෝම එහෙමද?

    ReplyDelete
    Replies
    1. දෙන්නයි කියල දාගන්න..!

      Delete
    2. හැමෝගෙම වයිෆ්/GF ල බ්ලොග් බලන්නෙ නැද්ද?

      Delete
    3. රවී සමහර අයට ඔහොම හිතෙන්නෙ බ්ලවුස් එකයි බ්‍රා එකයි දෙකම ගැන. හැක්

      Delete
    4. චෑ..බ්ලවුස් වගේද බ්‍රා?

      Delete
    5. මාත් එල්ලුනා එකෙන්ම…

      Delete
    6. ගොඩක් අය ඒ ජාතියේ තමයි වගේ. ස්තූතියි පත්තරේ

      Delete
    7. PraJay

      / හැමෝගෙම වයිෆ්/GF ල බ්ලොග් බලන්නෙ නැද්ද? /

      බලනව බලනව අපෙ උන්දැනම් හිටපු ගමං බලනව…But she is very Understanding about blogs…actually it should be single understading... ඒ කියන්නෙ උන්දැ බ්ලොග්ස් බලපු දවසට මට හිටගෙන ඉන්ට වෙන්නෙ තනි අණ්ඩෙන්…..

      Delete
    8. ඔන්න අදතමයි දැනගත්තෙ අණ්ඩstanding කියන වචනෙ තේරුම. රවී ගේ 'underskirt' කියන වචනෙ නම් කලින් ඒ බ්ලොග් එකෙන්ම දැනගෙන හිටිය.

      Delete
  6. තව ටිකක් පැහැදිළි කළානම් හොදයි වගේ.

    ReplyDelete
  7. මම මේ මෛත්‍රී භාවනාව කරන ගමන්.....!!!!
    ඒ හින්දාම හොඳයි,,නැත්නම් මේ පොස්ට් එක කියෙව්ව ගමන් තට්ටුම තිහක් නගින්න වෙනෝ පොල්ලක් අරගෙන....හැක..හැක...!

    ReplyDelete
    Replies
    1. ඇයි චෙෆා මොකද්ද බං ප්‍රශ්ණේ. උඹද අර ඩිස්කවරි එකේ යනවයි කියල තියෙන්නේ. මං හිතන්නෙ වෙන එකෙක් ගැන. මාදිනාගොඩ පාරේ, උයන්න දන්න ගෘහ නිර්මාණ ශිල්පියෝ ඉන්නෙ උඹ විතරද කියල කව්ද ඇහුවලු

      Delete
    2. අර බැල්කනි වීදුරුවක් බිඳිල තිබ්බේ ඔයවගේ කතාවක් වෙන කාටනමුත් කලින් කියල තියෙන්ට ඇති...

      Delete
    3. වෙන්න පුලුවන් නේද සජ්ජා. චෙෆාකි මේ පැත්තේ එයිද? රක්ශණයක් ගන්නවා අදම

      Delete
  8. මං අහලා තියෙනවා අනිත් අය තමන් ගැන හිතනවයි කියන මේ හැඟීමේ අඩුවැඩි බව වයස, ගැහැණු පිරිමි බව සහ තවත් සාධක මත රඳා පවතිනවා කියලා. ඒ වගේම මේ හැඟීම දරුණුවටම දැනෙනවා නම් මානසික රෝග ස්වභාවයක් දක්වා දුර දිග යා හැකියි කියලා. මේ පෝස්ට් එක සරලව ලියලා තිබුණත් ගොඩක් වටිනවා . ස්තූතියි .

    ReplyDelete
    Replies
    1. හරියට හරි. ඒක මේකේ අන්තය. මේකේ සාමන්‍ය තත්ත්වය ගොඩක් ආසියාතික අයට තියෙනවා.

      Delete
  9. මෙන්න මේ කාරණය ගෙදර උන්දැට තේරුම් කරලා දෙන්න පුළුවන්නම්...

    මමත් කවුරුවත් අරෙහෙම හිතයි, මෙහෙම හිතයි කියන එක ගැන පොඩ්ඩක්වත් වොරි වෙන්නේ නැහැ. ඇඳුම් පැළඳුම් එහෙමත් ලොකුවට සළකන්නේ නැහැ. අඳින්න පුළුවන්නම් අවුරුදු පහ හය හෝ ඊට වැඩි උනත් අඳිනවා...
    සයිට් වල වැඩ කරන අපිට මොන කැටයම්ද. හෙහ් හෙහ්...

    ReplyDelete
    Replies
    1. තේරුම් කරල දෙන්න උත්සාහ කරල බලපන්.

      Delete
    2. වඳුරෙකුට අවකලනය උගන්නන එක ඊට ලේසි වෙයි මයෙ හිතේ...

      Delete
    3. සදුටත් ඔක පැහැදිලි කරනවට වඩා හොදයි අල්ලපු ගෙදර ටොමියට සිංහල කියලා දෙනවා..

      Delete
    4. ටොමිය කියන්නෙ වව්නියාවෙන් ගෙනාපු දෙමල කතා කරන බලු පැටියෙක්ලු.

      Delete
  10. මේ දවස් දෙක තුනේ ලෑන්ගෙ පරණම පෝස්ට් කීපයකුත් කියවපු නිසාම මේ පෝස්ට් එක ඔලුවට වැටුනු විදිහත් එක්කයි මේ කොමෙන්ට් එක.
    බ්ලොග් කොමෙන්ට් දකිනකොටත් මේ දේම දකිනවා තව විදිහකට.තමුන්ට හිතෙන දේ අවංකව නොකියන අවස්ථා දැකලා තියෙනවා.රචකයා මුකුත් හිතයි,මම මෙහෙම කිව්වොත් එයා මෙහෙම හිතයි,මම මෙහෙම කෙනෙක් කියල හිතයි වගේ හිතලා වෙන මොනාහරි කියලා මාරු වෙන අවස්ථා දැකලා තියෙනවා.
    තව දෙයක්.
    තමුන්ගේ සාමාන්‍ය අනන්‍යතාවයෙන් මිදිලා වෙනම චරිතයක් ජීවත්කරමින් බ්ලොග් ලොවේ විසීම වගේ දේවල් වෙන්නෙත්,
    'අනුන් මං ගැන මෙහෙම හිතයි,ඒ නිසා මට බාධාවක් වෙයි,අවංකවම කතාකරන්න බැරි වෙයි,පුද්ගලික ජීවිතේට හානියක් වෙයි' කියලා හිතන නිසා නේද?
    ඒ කියන්නෙ අනුන් හිතන විදිහ අනුමාන කරලා වැඩකිරීමත් - මයි කාර් මයි පැට්‍රල් තියරියත් අතර අපි නොහිතන මැදකුත් තියෙනවා නේද?
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හොඳ කරුණක්. අනුන් ගාව රස්සාවල් කරන අයට සීමා තියෙනව නෙ බං.

      Delete
  11. සහතික ඇත්ත ඉයන්.. අරයා මෙහෙම හිතාවි මෙයා අරහෙම හිතාවි කියලා අපි අපේ ගොඩක් දේ අපිට ඕන විදයට කරන්නෙ නෑ.. එමෙහ කළත් තවත් හිතට හරි නෑ වගේ එයා මොනා හරි හිතුවද දන්නෙ නෑ කියලා. ඔන එකෙක් ඔන එකක් හිතා ගත්තාවෙ කියලා හරි දේ හරි විදියට කළා නම් වැඩෙත් ගොඩ. හිතත් සතුටුයි..
    ජයවේ ඉයන්!

    ReplyDelete
    Replies
    1. මතක තියාගන්න ඕන දේ තමයි අපි එයා හිතයි කියන එක නෙමෙයි එයා හිතන්නෙ කියල. ස්තූති වර්ණ

      Delete
  12. Nice one Ian. There are some Sri Lankans I know-their whole lives are based on what others would think or say about them. They are in their own prison cells.

    ReplyDelete
    Replies
    1. Thank you Ano. Please try to educate the people who would be open to see the futility of what they are doing.

      Delete
  13. ඉයන්... එහෙම කල්පනා කලෝතින් අපි ඉන්නෙ මවාගත්ත දේවල් එක්ක. මවාගත්ත ජිවත් වන විදි, ක්‍රම, අඳින පළඳින හැම දෙයක්ම එක්ක. හැබැයි ඉතිං අපි හිතාගෙන ඉන්න වැඩේම වෙන වෙලාවල් නේද වැඩි? එක්කෙනෙක් දෙන්නෙක් නමුත් හිතයිනේ "අම්මට උඩු .. මාර වන්ඩිය.. මූ නං තදයෙක් තමයි" කියල...

    ReplyDelete
    Replies
    1. සජ්ජා මෙහෙම හිතපන්. අද උඹ කීදෙනෙක් නොදන්න අය දැක්කද? කීදෙනෙක් මතකද? ඒ ගොල්ලො ඇන්දගෙන හිටිය ඇඳුම් වල වර්ග නෝටිස් කරාද? ඒවා මතකද? එහෙම නැත්නම් අනික් අය නෝටිස් කරන්න ඇතියි කියලා හිතනවාද? ඒ උනාට ඒ ගොල්ලෝ ඒවා ලොකු ගණන් දීල ගන්න කොට, අඳින්න ඉස්සෙල්ල හැඩ වෙවී කොහොමද පේන්නෙ කියල කීපාරක් කන්ණාඩියෙන් බලන්න ඇතිද?

      Delete
  14. ජීවිත කලයක් පුරා අපි කරන්නෙ අනිත් උන් අපි ගැන හිතන දේ වෙනුවෙන්, උන්ට අපේ තරම පෙන්නන්න, අනුන්ව සතුටු කරන්න අපි ජිවිතේ විඳිනවට වඩා විඳවන එක. මං ඕක නිතර කිඋඅන දෙයක්. ජීවිතය පිලිබඳ ඔබගෙ දර්ශනය කදිමයි.

    ReplyDelete
    Replies
    1. Manosh ඔබ යමක් උකහා ගත්තානම් ඉතා අගෙයි

      Delete
  15. ඉයන් මගේ බ්ලොගේ හැමදාම කමෙන්ට් කළාට මම ඉයන්ගේ බ්ලොගේ කමෙන්ට් කරන පළවෙනි වතාව මේ වෙන්න ඇති.
    මගෙ ගැන කිව්වොත් මම නං මම ඇඳගෙන යන ඇඳුම කරන හෝ වාහනය ගැන කිසිම සැළකිල්ලක් නෑ වගේම අනික් අය කරන කියන දේවල් ගැනත් ඒ අයගේ ඇඳුම් පැළඳුම් වාහන ගැනත් කිසිම උනන්දුවක් දක්වන්නෙ නෑ.මා ගැන කවුරු කොයි විදියට හිතුවත් මට කිසිම ප්‍රශ්නයකුත් නෑ.

    ReplyDelete
    Replies
    1. එතකොට හැලපයියෙ 'ෆස්ට් ඉම්ප්‍රෙශන්', 'ස්මාට් ලුකිං ෆෙලෝ' වගේ කතා පුස්සක් කියලද කියන්නෙ? (ගේමට නෙමෙයි අහන්නෙ.මාතෘකාව තව විස්තර විදිහට ඇදුනොත් අගෙයි නිසා.)

      Delete
    2. හැලපෙ මේ බ්ලොග් එකට ආව එක මට ලොකු ගෞරවයක්. ඔබට අන් අය හිතන දේ ගැන හෝ නොහිතන දේ ගැන නොතකා ඉන්න පුලුවන් නම් එයින් විශාල පරිණත බවක් ලැබෙනවා.

      Delete
    3. Gas,
      First impression, smart looking කියන ඒවා බලපාන්නේ යම්කිසි යොදාගත් හමුවීමකදී. සම්මුඛ පරීක්ශණයකට යනවනම් සුදුසු විදිහට ඇඳගෙන යන්න ඕන. පොදුවේ දකින අය මෙහෙම හිතයි කියල හිතන දේ ගැන තමයි මේ කියන්නෙ. සම්මුඛ පරීක්ශණයකදී එන පුද්ගලයා ගැන විශේශ අවධානයක් යොමුකරනවා.

      නමුත් පාරේයන අපි නොදන්න කෙනෙක් ගැන අපි ඒ හැටි අවධානයක් යොමුකරනවාද? කෙනෙක් දවසකට වටිනා කාර් කීයක් දකිනවාද? ඒවායේ ගිය අය ගැන අපි විශාල ඉම්ප්‍රෙශන් එකක් ගත්තාද? ඒ මුහුණු දිහා වත් බැලුවාද? බැලුවානම් දැක්කානම් මතක තියෙනවාද?

      ඒවා නිකන් පාසිං ඉමේජර්ස්. ඒ කාර් වල නිශ්පාදන වර්ෂ, වර්ශන්ස් ගැන අපි හිතුවෙ වත් නැහැ නේද? ඒ උනාට අපි හිතයි කියල හිතාගෙන තමයි ඒ අයිතිකාරයා මිලියන ගණන දීල ඒවා ගන්නේ.

      Delete
    4. මං නං ඇත්තටම පාරෙ දකින වාහන හිතෙන් අගය කිරීමක් කරනවා. ඒ වෙන මොකටවත් නෙවෙයි. “මං දේකට ආසයි, ඒ ගැන උනන්දුයි, ඒවා අගය කරනව“ කියන හඅදහස මගෙ යටි හිතට කාවද්දන්න. එතකොට මගෙ යටිහිත ක්‍රියාත්මක වෙලා මට ඒ දේවල් ළඟා කරල දෙනව කියල මං දන්නව.

      Delete
    5. වාහනේ එලවන අය ගැන මොනවද හිතෙන්නෙ? හිතමු මර්සෙඩීස් බෙන්ස් S 500 එකක් කියල. මටනම් හිතෙන්නෙම මේ හාල් පාරුවා මැදපෙරදුග ගෑණු කීදෙනෙක් හොයන සල්ලි නාස්තිකරලද කියල විතරමයි.

      Delete
    6. “දකින විදිහටයි පේන්නෙ...“ - මහදැනමුත්තා (පරණ මිහිර පත්තරේක ගිය ලිපියක තිබුණෙ)

      Delete
  16. ඔබතුමා මං හිතන් හිටියට වඩා සමාජෙ ගෙන දැනුමක් තියෙන කෙනෙක්. මමත් මේ පොස්ට් එක කියවනකම් ඔය විදිහට හිතපු කෙනෙක්. එක එක මිනිස්සු එක එක විදියට තමයි අපි දිහා බලන්නේ

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං

      Delete
  17. එහෙනම් ඉතින් හැන්‍රි ෆෝඩ් මහත්තයා හදපු කාර් එක හැමදාම තියෙන්නේ ඕන..

    මම නම් කියන්නේ ෂෝ එක තියෙන්න ඕන.. කොච්චර කිව්වත් ඩෝන්ට් ජජ් ද බුක් බයි ඉට්ස් කවර් කියලා.. කවරේ කචල් නම් පොත ගන්නෙ නෑ.. ඒකනේ ඔක්කෝම පැත්තක තියලා කවරෙ පට්ටෙට හදන්නේ...

    දැන් නිකමට බලන්න මේ ලියන මහත්තයගෙ පස්සෙයි අර මක්කද එකේ යන මහත්තයගෙ පස්සෙයි මීයෝ රැලක් එන්නේ මොකෝ කියලා.. එහෙනම් ඉතින් අපේ පස්සෙනුත් එන්න එපාය..

    තෑන්ක්ස් පො ද වන්ඩර්පුල් නයි එනිවේ...

    අන්ඩ් පො ද කන්නාඩි කුට්ටම හොඳේ...

    ReplyDelete
    Replies
    1. නයි යන්න නයිට් ලෙස නිවැරදි විය යුතුය

      Delete
    2. මාතේ ඉස්සර කාර් හදන අය මිනිසුන්නේ ඔය දුර්වලතාවය හොඳටම ප්‍රයෝජනයට ගන්නවා. අවුරුදු 10 ක් වත් දුවන්න පුලුවන් කාර් එකක් ගත්තත් ඊලඟ අවුරුද්දෙ අළුත් මොඩ්ල් එකක් දානවා. අනික් අයගේ 'පිලිගැනීම' බලාපොරොත්තුවෙන් මිනිස්සු ඊලඟ මොඩ්ල් එක ගන්නවා. ගන්න මිනිහට තේරුණොත් බලන මිනිහ ඒ ගැන දෙන්නේ ඉතා අඩු අවධානයක් කියල ඒක නවතී. ඒ උනාට කාර් හදන උන් ලස්සනට ඒ දුර්වලතාව ආමන්ත්‍රනය කරන්න දන්නවා.

      Delete
    3. මීයෝ එන්නේ සා බොන්නනේ.....

      Delete
  18. එනකොට ටිකක් පරක්කු වුනා මචං...

    සතුට කියන මාතෘකාව දැක්කගමන්ම මට මතක්වුනේ ද්වේධාවිතක්ක සූත්‍රයේ කියවෙන "සෝවත්ථිකෝ පීතී ගමනීයෝ" කියන පාඨය.ඒකෙන් කියවෙන්නේ මම නුඹලාට සතුටින් ප්‍රීතියෙන් ඉන්න මාර්ගයක් දේශනා කරනවා කියන එකයි.බුදුසමය අනුවනම් සතුට නැතිවෙන්නේම කෙලෙස් බරිත බවත් එක්කම.

    ReplyDelete
    Replies
    1. උඹ හම්බුවුන වෙලාවක විස්තර අහගන්නං. ස්තූතියි මනෝ

      Delete
  19. ඒ උනාට සෑර් මං හරි ආසයි අර ලොකු ජිප් එහෙකට ..ආයෙ බොරු කියන්නෙ මක්කටෙයි .. ඕ යේස් :D

    ReplyDelete
    Replies
    1. තමන්ගේ ආසාවට යමක් කිරීම සහ අනික් අයගෙන් තමන්වෙත පිලිගැනීමක් බලාපොරොත්තුවෙන් කියන්නේ යමක් කිරීම යන දෙක ටිකක් එකිනෙකට සම්බන්ධ වූවත් දෙකක් කියා හිතනවා. ස්තූති පත්තරේ

      Delete
    2. ඇත්තම කියනවානම් යකා මුණ මොඩල් පඡරෝ එකකට

      Delete
  20. වෙන කෙනෙක් හිතන විදිහ අපට කවදාවත් හරියටම තේරුම් ගන්න බැහැ. (පුළුවන් අය ඇති. මට එහෙම අය කවදාවත් හමුවෙලා නැහැ.) ඒ වුනත් ඒ වැඩේ කොහොම හරි කළ හැකිනම් එයින් ලොකු වාසියක් ගන්න පුළුවන්. වෙනත් අයගේ සපත්තු වලට බැහැලා බැලීමෙන් අපට වෙනත් අය හිතන විදිහ තරමක් දුරට තේරුම් ගන්න පුළුවන්. ටික කලකට කලින් තිබුණු ප්‍රසිද්ධ ප්‍රශ්නයක්නේ "දෙමළාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය කුමක්ද?" කියන එක. මේකට එක් තැනක තිබුණු පිළිතුරක් තමයි "දෙමළාට දෙමළ වීම නිසා ඇති ප්‍රශ්නය දෙමළ නොවන කෙනෙකුට තේරුම් ගත නොහැකිය." කියන එක. මේ කතාවේ ඇත්තක් තියෙනවා. ඒත් මේ බැරි දෙයට අපට යම් උත්සාහයක් දැරිය හැකියි. අපේ රාමුවෙන් පිටත, අප පිළිනොගන්නා දේවල් ගැනත් ඉගෙන ගැනීම මෙයට එක් විසඳුමක්. වඩා සාර්ථක නිෂ්පාදකයෙක් හෝ අලෙවිකරුවෙක් කියන්නේ පාරිභෝගිකයින් සිතන ආකාරය හරියටම බැරි වුනත් කිට්ටුවට guess කළ හැකි අය. ඒ වගේම අපි නිශ්චිත මත, රුචි අරුචිකම්, ප්‍රතිපත්ති වල ගැලී සිටින ප්‍රමාණයට වෙනත් කෙනෙකුට අප හිතන ආකාරය guess කිරීම පහසුවෙනවා. වෙනත් කෙනෙකුට අප හිතන ආකාරය guess කිරීම පහසුවෙන තරමට අප යමක් වෙනුවෙන් ගෙවිය යුතු මිල වැඩිවෙනවා. (මෙතෙන්දී වෙනත් කෙනෙක් අපේ සතුට පාලනය කරනවා). ලෝකයට විවෘතව සිටි තරමට මේ මිල අඩුයි. එවිට අපේ සතුට වැඩියි. ඔබ විස්තර කර ඇත්තේ මේ දෙය.

    ReplyDelete
    Replies
    1. ඔබගේ පැහැදිලි කිරීම හරි. අපේ සිතිවිලි සහ සිතීමේ දුර්වල කම් exploit කිරීම තමයි වෙලෙන්ඳාගේ උපාය මාර්ගය. ඒකට අහු නොවී සිටිය හැකිනම් නාස්තිනොවී ඉතිරිකරගත හැකි මුදල් කාලය අතිවිශාල විය හැකියි. විශාලත්වය discreationary income අනුව වෙන්සවන බවත් තේරුම් ගැනීම වැදගත්.

      Delete
  21. හුගක් දේවල් ලොකුවට ඔළුවට දා ගන්නේ නැතුව ඉන්නවනම් සතුටින් ඉන්න පුළුවන්. අවශ්‍ය වෙලාවට අවශ්‍ය ප්‍රමාණයට හිතන්න පුරුදු වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. හරියට හරි හිත තමයි ජීවිතේ කරකවන්නේ. ඒක තේරුම් අරගන්න එක පලමුවෙනි පියවර

      Delete
  22. තමුන්නාන්සේ අපූරුවට මනෝවිද්‍යාත්මක මෙහෙයුමක් (Psychological Operation) කොරලා තියනවා. අම්මපා අර ගොඩනැගිලි උයන්නා හුටා.......... හදන්නා, කරකවලා අතෑරියා වගේ මේ වැඩේ.

    ඇත්තටම මෙවැනි ආකාරයට තමන් සිතන දේ ම අනුන් සිතනවාදැයි උපකල්පනය කිරීමත් මිත්‍යාවක එල්බගැනීමක් නේද?

    එක මනුස්සයෙක්, කළුවර වැටීගෙන එන යාමේ, ගඟකට බැස නිරුවතින් නානවලු. මිනිහා හදිසියේම දැක්කා, ඒ පැත්තේ හාමුදුරුවෝ එතනින් වඩිනවා. ඒ හාමුදුරුවෝ අනුන්ගේ සිත් කියවන්න දක්ෂයි ලු. මිනිහාට හිතාගන්න බැරිවුනා, මොකද කරන්නේ කියා. ඒ වෙලාවේ මිනිහාගේ කකුල වැදුනා ගංපතුලේ තිබුණු යමක. පරණ බේසමක්. මිනිහා එය තම ඇඟ ඉදිරියෙන් අල්ලාගෙන, හෙළුව වසාගත්තා. හාමුදුරුවෝ එතනට ආවම, මිනිහා හාමුදුරුවන්ගෙන් අහනවා, හොඳයි ඔබ වහන්සේට කියන පුලුවන්ද, මේ වෙලාවේ මගේ හිතේ තියෙන්නේ, මොකක්ද කියලා. හාමුදුරුවෝ පිළිතුරු දුන්නා. අපොයි පුළුවන්. ඔබ හිතාගෙන ඉන්නේ, ඔය බේසමට පතුලක් තියනවා කියලයි. නමුත් පතුලක් නැහැ. කියලා කිව්වා.

    ReplyDelete
    Replies
    1. ඔව් විචා හරියටම හරි. බේසමේ කථාව මරු. ගොඩනැගිලි උයන්නා... ප්‍රා ජේ මේක දැක්කනම් ගො.උ ඉඳල හමාරයි

      Delete
    2. ඉයන් පතුල නෑ...හොඳට හිතලා බලහං....පතුල ඇත්තෙම නෑ....

      Delete
    3. මචං මාතෘකාව වෙනස් කරන්න එපා. ගොඩනැගිලි උයන්නා කියන වචනෙ ආර්කිටෙක්ට් කියන වචනෙටත් හොඳ සිංහල පරිවර්ථනයක්. කෑම ගොඩනගන්නා කියන එක ශෙෆ් එකට හොඳයි.

      Delete
    4. කෝකි-වාස්තුවා නැත්නම් වාස්තු-කෝකියා.....එහෙම හොඳයි නේ? නැත්නම් තව එකක් තියනව..අරක්කැමි- වාස්තුවා...ආහ්...තව එකක් සූප-වාස්තුවා....

      Delete
    5. ගොඩනගන්නා කිව්වම බිල්ඩර් නේ බං..මාව මේසන් බාස් ගානට දාලානේ...මම නං කියන්නේ උයන මවන අඳින කෙනෙක් කියලා...නැත්නම් කනබොන එකෙක් කියපං..ඒක නම්බුයි ඔක්කොටම වඩා...

      රවි..ඇත්තම කියන්න මචෝ මම කැම්පස් සිලෙක්ට් වෙච්ච කාලේ හිතා හිටියෙ ටින්කරින් වැඩ එහෙම කරන්න උගන්නාවි කියලා වාත්තුයි වාස්තුයි මාරු වෙලා..

      Delete
    6. ඕක මොකද්ද චෙෆාකි මේ ලඟදි කට්ටියකට ලංකාවට බුදු දහම ගෙනාපු මහින්ද මහත්තයයි ලංකාවම හොරා කාපු මහින්ද හාමුදුරුවොයි මාරුවෙලා තිබ්බේ, (ඔව් ඔව් ඕනකමින් තමයි මමත් මාරුකලේ)

      Delete
    7. හෑ . මොකක්? බිල්ඩින් කන්නා? සොරි... උයන්නා නේද? ඒත් ඉතින් උයන්නෙ කාටහරි කාල දාන්නනෙ.
      ඉන්ටීරියරුත් කයිද?

      Delete
    8. යකුනේ මේ අහිංසකයා අත ඇරලා වෙන කාව හරි කාපියව්...

      Delete
    9. අරක්කැමි වාස්තුවා...

      Delete
  23. ඒ කවුද බන් අර කන්නාඩි දානවා කිව්වේ?? මෙන්ඩා ගැනද?

    ReplyDelete
    Replies
    1. නීතිමය දැනුම්දීම - මෙහි එන චරිත හුදෙක් මනක්කල්පිත ඒවා බවත් ජීවත්වන හෝ ජීවත් වූ කෙනෙකුට සමානකම වෙත්නම් එය හුදෙක් අහඹු සිදුවීමක් බවත් සලකන්න.

      Delete
  24. තව කෙනෙක් හදන්න භාරගත්ත මැශිමක් ගැන හිත හිතහිතා යනව වෙන්න පුලුවන්

    පිස්සුද අනේ මං පාරට බහින්නේ ඒවා කඩේ තියල

    ReplyDelete
    Replies
    1. ඇයි ඔච්චර බොරු කියන්නේ අනේ...!

      Delete
    2. චෙෆාකි කියන්නෙ උඹ හොඳට තියෙන මැශින් කඩනවා කියලා. ඒ නිසා මේ Uබ වෙන්න බැහැ. ඔන්න ඊලඟ දවසෙ මට ගහන්න එපා. ඌව අල්ලගනින්.

      Delete
    3. බෙල්ල උනත් මිරිකහැකි හායි ගාල දොර ඇරල දාල බුදියන හන්දා

      Delete
  25. වාහනේකට වියදම් කරද්දි මේ විදිහට හිතුවට වෙන වෙලාවකදි මෙහෙම හිතිල නෑ. මගෙත් තියන දුර්වල කමක් හදාගන්න හොද පෝස්ට් එකක්.

    ReplyDelete
    Replies
    1. ඔය තිබහ වෙලාවට ඉයන් කියන ඒව ගනන් ගන්න එපා කම්මලේ.....අනික උඹ වාහනයක් ගන්න කොට එහෙම හිතුවනං අනිත් වෙලාවටත් හිතන්නේ එහෙමම තමයි...
      ඕං හැලපයා නත්තලට එනවලු...!

      Delete
    2. ඔව් බං කම්මලයා ඒක ඇත්ත. මං තිබහ වෙලාවට කියන ඒවා කවුරුවත් සීරියස් ගන්නෙ නැහැ. බීපු වෙලාවට කියන ඒව කොහොමවත් ගනන් ගන්නේ නැහැ.

      Delete
    3. මගෙ ඔරලෝසු එකතුවයි, බෙල්ට් එකතුවටයි මේ පෝස්ට් එක හොදයි.
      කැඩිච්ච , එපා වෙච්ච ඔරලෝසු තියනවනම් මට දියල්ලා වටිනා සහතිකයක් දෙනු ලැබේ.

      //ඕං හැලපයා නත්තලට එනවලු...!//
      නෙරළු යායෙ පැදුරු පාටියක් දාමු.

      Delete
  26. අනුන්ට පේන්න බර ගණන් වියදං කරනව මිසක නැත්තං අපේ එවුවො හෙලිමෙනුත් යයි.
    හැබැයි මමනං බොහෝ දුරට එහෙම වියදම් කිරීමෙන් ඈත් වෙලා ඉන්නෙ.

    නියම ලිපියක්.

    ReplyDelete
  27. (අර හොඳට උයන්න පුළුවන් ඒ උනාට බයිට් හොඳ නෑ කිව්වම මල පනින ගෘහ නිර්මාණ ශිල්පියෙක් හිතට ගන්නකෝ)
    නිකන් පුරුදුයි පුරුදුයි වගේ.......

    අපි ජීවත් වෙන්නෙම අනුන් වෙනුවෙන් ගොඩක් වෙලාවට.. ඒක අපේ වැරැද්ද

    ReplyDelete
    Replies
    1. නීතිමය දැනුම්දීම - මෙහි එන චරිත හුදෙක් මනක්කල්පිත ඒවා බවත් ජීවත්වන හෝ ජීවත් වූ කෙනෙකුට සමානකම වෙත්නම් එය හුදෙක් අහඹු සිදුවීමක් බවත් සලකන්න.

      Delete
    2. ස්තූතියි සබරේ

      Delete
  28. හොඳ වෙලාවට 'බටේ දෙකට නැවිච්ච,පත්තුවෙන්නැති පිස්තෝලයක් තියාගෙන, තව යුද්ද කරන්නත් හදන එකා' ගැන නොලිව්වේ.

    ReplyDelete
    Replies
    1. අර විරහගී ගය ගයා ඉන්න කෙනාද විචා..??
      ( දුවපියෝ..........)

      Delete
    2. කවුද විචා ඒ? ඔබතුමා කර්නල් නිමල් රත්නායක කියා කෙනෙක් දන්නවාද?

      Delete
  29. වටිනා අදහසක් විස්තර ඇතුව ලියලා තියෙනවා. අපි ගොඩක් දේවල් කරන්නෙ ඇත්තට ම අපේ උවමනාවට ම නෙවි. ලෝකෙ ගැන හිතලනේ. නිතරම අපිට ඇහෙන්නේ "මිනිස්සු මම් ගැන මොනා හිතයි ද දන් නෑ.. ඒ මනුස්සයා මම් ගැන මොනා හිතුවද දන්නෑ.." වගේ දේවල්.ඕක ගොඩක් වෙලාවට ස්ත්‍රී පාර්ශවයට තමයි වැඩි. අනික් අය කොයි වෙලෙත් තමන් කරන කියන දේවල් ගැන අවදානයෙන් ඉන්නව කියල හිතෙන මානසික රෝගී තත්වයක් ගැනත් මම් අහලා තියෙනව..
    ජයවේවා...!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සම්පත්

      Delete
  30. දිග කොමෙන්ට් එකක් දැම්ම.. එක ඇවිත් නෑ වගේ.. සක්..
    මන් නම් හිතන්නේ show off එක යම් තරමකට හරි තියෙන්න ඕනි.. හැබැයි තමන්ට දරන්න පුළුවන් ප්‍රමාණෙකට.. නැත්නම් 'මේ සමාජේ' ඉහ ගහල ඉන්න අමාරුයි.. කොච්චර කියුවත් ප්‍රයෝගිකව කරන්න බෑ.. අඩුම තරමින් 'මුළු සමාජෙම' එහෙම හිතන දවසක් එනකම්වත්..

    ReplyDelete
    Replies
    1. මෙතන නම් කියන්නෙ ශෝ ඕෆ් එකේ වරදක් ගැන නෙමෙයි. අපි ශෝ ඕෆ් කරන්නේ එය දකින කෙනා මොනවගේ දෙයක් හිතයි කියලා බලාපොරොත්තුවෙන්ද? එතකොට අපි හිතයි කියලා බලාපොරොත්තුවෙන දේ ඒ පුද්ගලයා හිතයිද? අපිට කෙනෙකුගෙ හිතිවිලි බලෙන් දාන්න බැහැනෙ. අපි වියදම් කරගෙන ශෝ ඕෆ් එකක් කරලා දකින් පුද්ගලයින්ට ඒක ගැන හැඟීමක් ඇතිවෙන්නේ නැත්නම් එතකොට ශෝ ඕෆ් එකට ගිය වියදමෙන් ගත්ත ප්‍රයෝජනය මොකද්ද? ඇත්තටම ඉතුරුවෙන්නේ තමන් කරා කියන තමන්ටම ඇතිවන සංතෝශයක් මිස වෙන දෙයක් නැහැ. පොඩ්ඩක් හිතල බලන්න අපිට ශෝ ඕෆ් කරන කෙනෙක් ගැන අපි මොනවද හිතන්නේ? මේ යකා මෝඩයෙක්/පිස්සෙක්/බොරු ශෝ කාරයෙක් කියල නේද? එතකොට අපි ශෝ ඕෆ් කරන කොට අනික් අය වෙන විදිහකට හිතන්න තියෙන ඉඩ මොකද්ද?

      Delete
  31. ඉයන් ලොක්කා

    ඔබගේ "කතා සහ ලිපි" ආසාවකින් කියවනවා.
    අපි අපේ මව් බාසාවෙන් ලියවුන මේ ලිපි කියවලා ලබා ගන්නා "ලන්කාව පිලිබද" දෑනුම අපිට හරිම වෑදගත් දෙයක්

    අනෝෆිලස් මදුරුවෝ සද්ද දාගෙන ආවත් ඉයන් ලොක්කා බය නෑ

    ඒකට මම හරියට ගරු කරනවා

    තව ලියන්න

    Thank you very much.
    This the 1st time that I have visited your "comments area".
    Hope you won't get angry with me....

    ====Adrian Channa from Toronto====

    ReplyDelete
    Replies
    1. ඒඩ්‍රියන් බොහොම ස්තූතියි මේ බ්ලොග් එකට එනවට. අනේ මචං අපිත් ඉතින් කී බෝඩ් වීරයෝ තමයි. කවුරු හරි ගහන්න ආවොත් දුවන්නවත් බැහැ. තර්ක වලින් ගහගන්න නම් බයක් නැහැ.ඒ උපන් ගොන් කම නිසා. හික්ස්. Nice of you to keep in touch with your motherland through sinhalese blogs. How about getting in to writing one as well? Cheers !! Ian

      Delete
  32. අනුන් ගැන සොයන්න වෙන් කරන වෙලාව වෙන ඵලදායී වැඩකට යෙදෙව්වානම්, මේ රට අද ඊශ්‍රායලය, ජපානය.

    ReplyDelete
    Replies
    1. මචං මේක අනුන් ගැන සිතීම නෙමෙයි, අනුන් හිතනවා යැයි කරන අනුමාන මත අපේ හැසිරීම් ඇඳීම් පැලඳීම් කිරීම ගැන.

      Delete
  33. ඕක නිසානේ ඉයන් කවුරු මොනවා හිතුවත් කමක් නැහැ කියල හිතේ හැටියට මම බස් එකේ නිදාගෙන යන්නෙ ;) ... මම සතුටින් ඉන්නේ හැමදේම වෙන්නේ හොඳටනේ කියන සිතිවිල්ල ඔලුවේ තියාගෙන ..මොන ප්‍රශ්නයක් ආවත් ඉක්මනින් හිත නිදහස් කරගන්න පුළුවන් එතකොට :)

    ReplyDelete
    Replies
    1. මට හිතාගන්න පුළුවන් හංසියා බස් එකේ නිදාගෙන යන හැටි. මතක ඇතුව කොන්දට කියන්න බහින තැන නැත්නම් බස් ඩිපෝ එකේ නයිට් එක ගහන්න වෙන්නේ. ඇත්තටම අනික් උන් මොනව හිතුවත් ඇති දෙයක් නැහැ. අනික් අය හිතන්නේ ඒගොල්ලන්ගේ හිතේ හදා ගත්ත මිමි අනුව. ඒවගේම උන් හිතන ඒව අපිට පාලනය කරන්නත් බැහැ. ඉතින් මොකට වදවෙනවද.

      Delete
  34. අනිත් අය හිතන දේ ගැන කල්පනා කර කර ජීවිතේ අනාගන්න මිනිස්සු ඕනැ තරම් ඉන්නවා. තමන් ජීවත් වෙන්නෙ තමන්ගෙ හිතට එකඟව නම් ලෝකය තමන් ගැන මොනව හිතුවත් කමක් නෑ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නෙ නෑ ලෝකය මොනා හිතුවත් කමක් නෑ කියල ඕන දහජරා වැඩක් කරන්න තමුන්ට අයිතියක් තියෙනව කිය.. නේද ඉයන්??

    ReplyDelete
    Replies
    1. //ඕන දහජරා වැඩක් කරන්න තමුන්ට අයිතියක් තියෙනව කිය.. නේද//
      කොහොමටවත්ම නැහැ. අනුන්ගේ සිතිවිලි තමාට වාසි ලෙස වෙනස් කිරීමට අපි වියදම් කරගෙන කරන දේවලින් බැහැ කියන එක විතරයි මේකෙන් කියන්නෙ. ඔබ ඉතාම පරිණත මනසකින් යුතු කෙනෙක් බව පේනවා. සතුටුයි ඒ ගැන

      Delete
  35. මේක සිරා කතාවක් මචං. ඒ වගේම සමහර වෙලාවට විතරක් හරියන/වරදින සීන් එකක්. මට සම්බන්ධ උදාහරණයක් කියන්නං.
    උදාහරණයක් විදියට වටිනා ෂර්ට් එකක් එහෙම අරගෙන අඳිනකොට අපි සිරාවට හිතනව අපට වැඩි අවධානයක් යොමුවෙනව කියල. එහෙම හිතාගෙන ඉන්නව.
    තවත් සමහර වෙලාවට කතාබහකදි හෙලිවෙනව තවත් කෙනෙක් ඇඳගෙන ඉන්න එකක් සෑහෙන්න වටින ඇඳුමක් කියල. නමුත් ඌ ඒක කියනකල් අපි දන්නෙ නෑ ඇත්තටම ඒක වටිනවද කියල.

    ReplyDelete
    Replies
    1. උඹ කියන එක හරි. සාමන්‍යයෙන් රොලෙක්ස් අත් ඔරලෝසුවක් ලක්ශ ගාණක් වෙනවා. ෆේක් රොලෙක්ස් එකක් දාස් ගාණක්. මේ දෙකේ වෙනස අඳුන ගන්න බැහැ කවුරු හරි අතේ දාගෙන ඉන්නකොට. තමන්ගෙ අතට අරන් බලලා අඳුනගන්න පුළුවන් 1% කට විතර. ඉතින් යමෙක් ඔරලෝසු වලට ඇත්තටම ආස පුද්ගලයෙක් නොවී, තමන්ට මුදල් යහමින් තිබෙන බව පෙන්නන්න ලක්ශ ගානෙ රොලෙක්ස් එක දාගෙන ගියොත් අපරාදෙ නේද. මට නම් රොලෙක්ස් එකෙන් අර ඒ කාලේ තිබ්බ මොන්ඩියා එක අඳුනගන්නත් බැහැ.

      Delete
    2. මං කියන්නෙ ඔය දෙගොල්ලටම අමතරව "රොලෙක්ස්" කියන්නෙත් වටින ඔරලෝසුවක් බව නොදන්න පිරිසකුත් ඉන්නව.

      Delete
  36. මරු ලියවිල්ල ඉයන්....
    මෙච්චර කල් ආවා ගියාට තාම කොක්ක ගහගෙන නෑ නෙව....ඔන්න කොක්කකුත් ගහගෙනම ගියා.....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං

      Delete
  37. ඉයන්, අපි මෙවා ලිව්වට තාමත් මිනිස්සු තමන් හදාගත් කූඩු වල හිර වෙලා කියලා මට හිතෙනවා.. කොහොමද මේ කූඩු වල දොරවල් ඇතුලේ ඉන්න අයට හානි නොවෙන විදිහට ඇරල දෙන්නේ...

    ReplyDelete