Saturday, December 12, 2015

නිර්ධනයින් සූරාකන එක්සත් ජාතික පක්ෂය

සමහර දේශපාලන විශාරදයන්ට අනුව එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක්. මේ ධනපති කියන වචනය සහ සූරාකෑම කියන වචනේ වමේ බොහොම දෙනෙකුට බඩ ගෝස්තරේ රැකගන්න උදව් කරන තියෙනව. ඒකට මුල රටේ බලය ගන්න කලිසමයි, ආගමයි, කථාකරන භාෂාවයි, වෙනස් කරගෙන 'සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු' කියන කට්ටිය මේ සූරාකන ධනපති පන්තියෙන් ගලවගන්න 1956 ආපු ගැලවුම් කාරය  වෙන්න ඕන. 

මේ පෝස්ට් එකට අදහස ආවේ අමාවක අඩවියේ මේ පෝස්ට්  එක නිසා. ඒකට අනුව රජයේ සේවකයො, දොස්තරවරු, උසස් අධ්‍යාපනය ලබන ශිශ්‍යයො තමයි නිර්ධන පන්තිය. මේවගේ අසරණ නිර්ධනයන් ගැන කවදාවත් නොසිතපු එක්සත් ජාතික පක්ෂයට ධනපතියන්ගේ පක්ෂය කියන එක වරදකුත් නැහැ. අනික එක්සත් ජාතික පක්ෂය හැමදාම පෙනී හිටල තියෙන්නෙ ධනපතීන් වෙනුවෙන්.  උදාහරණයකට ඩී එස් සේනානායක මහත්තය ගල්ඔය ව්‍යාපාරය, ජනපද ව්‍යාපාරය හරහා ඉඩම් දීල පදිංචි කරපු ධනපතීන් තාමත් රටට බත් සපයනව. ස්වර්ණ භූමි ඔප්පු වලින් රජයේ ඉඩම් දුන්නෙත් ධනපතියන්ට. ජේ ආර් ගාමිණී වැනි අය කඩිනම් මහවැලි ව්‍යාපරය හරහා වතුර දුන්නෙත් ධනපතීන්ට, ඉඩම් දුන්නෙත් ඒගොල්ලලන්ට. ඒ ධනපති අයත්  ජීවත් වෙන්නේ කන්නේ බොන්නෙ  රටටම බත සහ කෑම සපයල. 



ඩඩ්ලි මහත්තයා ධනපතීන් රැකගන්න නොමිලේ හාල් දුන්න. ඒ විතරද මේ කට්ටිය නිදහස් අධ්‍යාපනය ගෙනල්ල, නොමිලේ පොත්, නොමිලේ දිවා අහාර, නොමිලේ නිල ඇඳුම් වගේ දේවල් ගෙනල්ල කලේ ධනපතීන්ව තව තවත් පෝශණය කරපු එක. එතකොට මහපොල වගේ දේවල් ඇතිකරල විශ්ව විද්‍යාල ප්‍රමාණය වැඩිකරල තව තවත් ධනපතීන්ටම පහසුකම් දුන්න. නිදහස් වෙලඳ කලාප වල රස්සාවල් මාර්ග හදල දුන්නෙත් ධනපතීන්ට. එහෙම කලේ රස්සාවල් තිබුණ නිර්ධන පන්තිය කරපු වැඩ වර්ජන කඩාකප්පල් කරල වර්ජකයො ගෙදර අරින ගමන්. ඔය වමේ පක්ෂ ඇවිල්ල නිර්ධන පංතියේ වෘත්තීය සමිති, සේවක වරප්‍රසාද ආදිය හදල, වැඩ වර්ජන කරල කරපු සේවය නැත්නම් මෙලහකට පෞද්ගලික අංශය තව ධනපති රොත්තකටම රස්සාවල් දීල.  අර 1994 දි කම්කරු ඇමති වුන උත්තමය කම්කරු ප්‍රඥප්තිය ගේන්න කියල නිදහස් වෙලඳ කලාපෙ වැඩ වර්ජන සංවිධානය නොකරන්න තව ධනපති ලොකු ගානකට අද වෙනකොට ඒකෙන් රස්සාවල් දීල. 

අර ප්‍රේමදාස මහත්තය උදාගම් ව්‍යාපාරය හරහා ගෙවල් ඔක්කොම හැදුවේ ධනපතීන්ට. තව ජනසවිය වගේ පසුකාලෙක අගවිනිසුරු ගෙදර ඇරල බේරගන්න  තරම් වටින දේවල් හඳුන්වා දුන්නෙත් ධනපතීන්ට. පස්සේ ඔය සමුර්ධි කියල හදාගෙන චන්ද මැශින් වලට පරිවර්තනය කලේ ඒ වර්ජනය කරන්න බැරි ඊලඟ වේල ගැන දන්නෙ නැති ධනපතීන්ට දුන්න පහසුකම්. එහෙම නොදී ඒ සල්ලිත් රස්සාවල් තියෙනෙ නිර්ධන පන්තියට දෙන්න ප්‍රේමදාස මහත්තයාට ඕනකමක් තිබුණේ නැහැ.

කාර් ගනන් වැඩි කරල, ලයිසන් මුදල වැඩි කරල, මේ ධනපති පක්ෂය නිර්ධනයට ගහල තියෙනෙ මේ අයවැයෙන්. අර ලාල්කාන්ත මහත්තය කියල තියෙන විදිහට ආණ්ඩුවේ රස්සාවල් තියෙන නිර්ධනයන්ට කිසිම දෙයන් නොදීපු අයවැයක් මේක. රටේ වාසනාවකට තමයි ගොවියන්ට, රස්සාවල් නැති අයට, ගෙයක් නැති, ආදායම් මාර්ග නැති උසස් අධ්‍යාපනය ගන්න අවස්ථා නැති ධනපතීන්ට වැඩ වර්ජන කරන්න බැරි. එහෙම වුනානම් ඔය රස්සාවල් තියෙන, උසස් අධ්‍යාපනය ලබන නිර්ධන පන්තිය නැතිකරල. නිර්ධන පන්තියේ කාර් පර්මිට් කපල ධනපති පන්තියට කන්න ජීවත් වෙන්න පර්ම්ට් දෙන්න යන එක කොහොමත් හොඳ නැහැ. ඒක නිසා වැඩ වර්ජන කරල හරි නිර්ධන පංතියේ අයිතිවාසිකම් රැකගන්න ඕන. 

හැමදාම නිර්ධනයන්ට පහර ගැසූ, වර්ජනය කර ඉල්ලීම් ඉදිරිපත් නොකළ ධනපතියන් වෙනුවෙන්ම පමණක් සේවය කර ඇති එක්සත් ජාතික පක්ෂය මේ රටේ දේශපාලනයෙන් පන්නා දැමිය යුතුයි. පැරා වැනි ධනපතීන්ට කඩේ යන අයට පර්මිට් හරහා ගෙන්වූ සුදු වෑන් ලබාදෙනු. පවුලෙ නෑදෑ නිර්ධනයට බෙදන්න දිනූ නිදහස අනතුරේ කියලා උද්ගෝශණය කරන්න පටන් ගනින්.

අම්මගෙ නිර්ධන පංතියේ පර්සිගේ පුතාලාටයි, වමේ කියාගන්නා වැඩ කරන මිනිස්සු පාරට බස්සන උන්ටයි  කියන්න තියෙන්නේ මෙච්චරයි. තොපි ආණ්ඩුවෙන් ගන්න පඩි පර්මිට් එහෙම ඔක්කොම ඉල්ලලා ඉවරවුනාමවත් මේ ටික හිතපල්ලා.

- උයා ගන්න දෙයක් නැතුව හූල්ලන උන් ගැන ස්ට්‍රයික් කොරපල්ලා
- ඉන්න තැනක් නැතිව අගු පිල් වල පොල් අතු මඩු වල උන්ට හෙවනක් ඉල්ලපල්ලා.
- මැදපෙරදිගට වහලුන් අරින්නේ නැතුව උන්ට කාර්මික, තාක්ශණික සුදුසුකමක් දීල රට රස්සා වලට අරින්න කියලා පිකට් කරපල්ලා.
- හොඳට වැඩකරන වුන්ව අස්කරලා බිස්නස් පාඩු කරගන්න පෞද්ගලික අංශයේ අයිතිකාරයෝ මෝඩයෝ නෙමෙයි. වැඩ නොකරන, හොරකම් කරන, කඩාකප්පල් වැඩ කරන වුන්ව වත් අස්කරන්න බැරි නීති නිසා තමයි ආයෝජනය කරන්න උන් බය. ඒනීති ඉස්සරහට රස්සාවලට යනවුන්ට වත් වෙනස් වෙන විදිහක් හදා ගන්න බල කරපල්ලා. එහෙම නොකලොත් රස්සා තියෙන වුන් ඇතුලෙ රස්සා නැති උන්ට මොන අයිතිවාසිකමක් වත් නැහැ කියලා තේරුම් ගනිල්ලා.
- සහනාධාර විතරක් නොදී ඒ පවුල් වලින් අඩු සුදුසුකම් වලින් හරි උසස් අධ්‍යාපන ආයතන වලට  අරගෙන උන්ව දුප්පත්කමෙන් ගොඩ දාන්න කියපල්ල.
-සෞඛ්‍යට තියෙන ගානෙන් උඹලගෙ පඩි ඔවර්ටයිම් වලටයි පුරෝල ඉන්න සේවකයොයි ගාන කපා ගන්න දගලන්නෙ නැතුව ශල්‍යකර්ම , බෙහෙත් වලට තියෙන ගාන වැඩිකරන්න ස්ට්‍රයික් කරපල්ලා. 

මෙහෙම දේවල් කරනවානම් ඕන තරම් පාරවල් බ්ලොක් කරපල්ලා. අපිත් එන්නම් උඹලත් එක්ක පාරට බහින්න. එහෙම නැතුව ඉස්මුරුත්තාව හැදෙනකන් රටෙන් කාල තවත් ඉල්ලන්න විතරක් පාරවල් වහල අපිට කරදර කරන්න ආවොත් පොලිසිය නොගැහුවත් මිනිස්සු උඹලට ගහනවා ඉක්මනටම.


59 comments:

  1. පට්ට සුපිරි කතාව. 99% ක් ඇත්ත. 99% කිව්වෙ වාහනයක් ගන්න එක මධ්‍යම පාන්තිකයන්ගෙ සිහිනයක් නිසා.
    එක්සත් ජාතික පක්ෂය මුල ඉදලම අනාගත දැක්මක් ඇතිව වැඩ කරපු පක්ෂයක් බව මමත් පිළිගන්නවා. නමුත් උතුරෙ ප්‍රශ්නෙදි ඔවුන් ගෙ ක්‍රියාමාර්ග මට අනුමත කරන්න බෑ. ඔවුන්ගෙ දියාරු පිළිවෙතට හේතුව සුළුජාතික ඡන්ද මත යැපීම වෙන්න ඇති.

    මහවැලිය ,ගල් ඔය වගෙ ව්‍යාපාර ගැන එදා වාමාංශිකයන්ගෙ තිබුන විරෝධය බලනකොට ඔවුන් මොනතරම් අදබාල පිරිසක්ද කියල හිතෙනවා.

    ReplyDelete
    Replies
    1. මචං මේක යූ එන් පී එක ගැන පම්පෝරියක් නෙමෙයි. අමාවක අඩවියේ නිර්ධන පන්තියට අළුත් අර්ථකතනයක් දීල තියෙනවා. එතකොට තමයි මට තේරුණේ ඒ නිර්ධන පන්තියට කොච්චර අසාධාරණයක්ද කරල තියෙන්නේ මේ රටේ කන්න නැති, රස්සාවල් නැති, උසස් අධ්‍යාපනය ගන්න අවස්ථා නැති ධනපතියන්ට හැමදාම 'කොරන' යූ එන් පී එක කියල.

      Delete
    2. **********************************
      ඒ විතරක් යැ

      ** 1980 දි රුපියල් 10ක් පඩි වැඩිකරන්න ඉල්ලපු දස දාස් ගාණක් ධනපතියො ජාතික සේවක සංගම් මැරයො දාල අතපය කඩල එක සැරේම ගෙදර යැවුවෙ ඔය එජාපය මයි

      ** ප්‍රේමදාස ධනපතියන්ට ගෙවල් විතරක් නෙමෙයි දුන්නෙ ධනපති පන්තියෙ කොල්ලො කෙල්ලො 60,000ක් ම ටයර් උඩ , ගගේ පාකරල යැවුවෙ. ප්‍රේමදාසගෙ ගම් උදාවට පිඩලි ඇල්ලුවෙත් දුගී දුප්පත් සොත්ති උපාලි උපාසක මහත්තය.

      ** ජේ ආර් ජයවර්ධන ගෙන පටන්ගෙන එතෙක් අමාරුවෙන් ගොඩනගාගෙන තිබ්බ රාජ්‍යය ආයතන ඒවගෙ හිටපු ධනපති සේවකයන්ව දොට්ට දාල රජයේ හිතවත් දුප්පතුන්ට කුණුකොල්ලෙට දුන්නෙත් ඔය එජාපයමයි

      ** ඉඩම් කොමිසමෙන් රජයට අත්පත් කරගත් සාරවත් ඉඩම් අක්කරේ රු 1.50ට, රු 2.50 බැගින් අක්කර සිය ගනන් දුප්පත් ජනාධිපතිවරු, අගමැතිවරු, ඇමතිවරු, හිතවත් පාක්ෂිකයන් අතර බෙදා දුන්නෙ එජාපයමයි.

      ** (අන්ත දුගි වර්තමාන යහපාලක අගමැතිගෙ මැණියන් වහන්සේ අක්කරය රැ25/= බැගින් අක්කර 40ක්ම 77 පැමිණි එජාප රජයෙන් ලබාගෙන ඇති සේක...!)


      ** දාස සමුහ ව්‍යාපාරය ඇතුළු සියලුම විරුද්ධවාදින්ගේ ව්‍යාපාර බිමට සමතලා කර තම හිතවත් දුගී දුප්පතුන්ගේ ව්‍යාපාර වලට ඉඩ සලසා දුන්නෙත් එජාපය මයි.

      ** එකල ධනපති භික්ෂුවක් වු මෙකල යහපාලක යතිවර මාදුළුවාවේ සෝභිත, මහාචාර්ය සරත්චන්ද්‍ර ධනපතියන් වෙනුවෙන් පොඩි රැස්වීමක් පවත්වන්න ගොස් ඇට තැලෙන්න දී කුණුකාණුවට වැඩැම්මුවෙත් එජාපෙ මයි. සාදු සාදු....සා.....

      ** ධනපති දෝස්තරලාටත් අඩු නැතුවම එජාපෙ සලකලා තියනවා.
      දුගී දුප්පතුන් වෙනුවෙන් එජාපය ආරම්භකල උතුරු කොළඹ වෛද්‍යවිද්‍යාලයට විරුද්ධ් වීම නිසා කොළඹ වෛද්‍ය පීඨයේ ත්‍රිමා විතාරණ, සරත් කොල්ලුරේ, වෙනුර එදිරිසිංහ, අතුල සේනාරත්න එක්ක 9ක් හා කොළඹ , පෙරාදෙනියෙ හිටපු ධනපති වෛද්‍ය ශිෂ්‍යයන් 120කට විතර පස් යට යැවුවෙත් එජාපයමයි.

      තව ගොඩයි දුප්පතුන්ට කරපු සේවාව...

      **********

      Delete
    3. එතකොට මාරාගේ වාර්තා ටිකට මොකද කරන්නේ. හමුදා අපරාධ ටික යාන්තම් ෂේප් කරගත්තේ කොහොමද කියලා මතක නැද්ද මචෝ?

      රනිලා කවදාවත් සත පහක් හොරකම් කරලා නැත. මරා කවදාවත් හොරකම් නොකර සිට නැත.

      Delete
    4. සහතික ඇත්ත ඇනෝ . උඹේ කටට ගල් කාලක් වක්කරන්න ඕන කමෙන්ට් එකට.
      එජාප පාලකයො එක්ක සංසන්දනය කලාම මහින්දල අහසට පොලව වගෙ. 60,000 මැරුවෙ පැහැරගෙන ගිහින් දෙතිස් වධ දීල

      රාජ්‍ය ආයතන නැත්තටම නැති කළා.

      රුපියල් දහය පඩි වැඩිකරන්න ඉල්ලපු අය ගෙදරම ඇරිය.

      උදුගම්පොලල වගෙ පොලිස්කාරයො එලිපිට ජඩකම් කලා. උසාවියෙන් වැරදිකාරය වුනාම ආන්ඩුවෙන් දඩය ගෙවල උඩුගම්පොලයට උසස්වීමක් දුන්න.

      ජේ ආර්ල ප්‍රේමදාසල කරපු බලු වැඩ ගැන ලියන්න ගත්තොත් අපට වෙන වැඩක් කරන්න වෙන්නෙ නෑ.

      ඇගලුම් කම්හල් ,මහවැලිය වගෙ ඉදිරි දැක්මක් ඇති වැඩපිලිවෙලවල් තිබුන කියලත් කියන්න තරම් අවංක වෙමු.
      නමුත් එජාප යුගයෙ අවුරුදු 17 ශාපය කාලෙ තිබුන භීශනය මම හිතන්නෙ නෑ දකුනු ආසියාවෙ කිසිම රටක තිබුන කියල.

      එජාප ප්‍රාදේශීය දේශපාලකයො නීතිය අතට අරන් හිටියෙ.නීතියක නාමමාත්‍රයක්වත් තිබ්බෙ නෑ.
      පාතාලය නඩත්තු කළේ ප්‍රසිද්ධියෙ.
      හොරමැරකම් ,අල්ලස් දූශන ,අපරාධ ගැන කියල නිමක් නෑ.
      යූඇන්පී කාරයො මේ හැම ප්‍රශ්නෙකටම දුන්නෙ එක උත්තරයයි.
      මොනව කළත් සංවර්ධනය කරනවනෙ කියල.


      නමුත් 1977-1994 ආන්ඩුව තරම් වැරදි කළේ නෑ කිසිම ආන්ඩුවකින්.

      Delete
    5. AnonymousDecember 12, 2015 at 1:45 PM@
      ජේ ආර් ප්‍රේමදාසට සම කල හැකි ජඩයෙක් නෑ බන්.
      හමුදා අපරාධ කියන්නෙ 88/89 කාලෙ කලුබළල්ලු කරපුව ගැන වෙන්න ඇති.
      ඒව ශේප් කළේ චන්ද්‍රිකා ආන්ඩුවත් එක්ක ඩීල් දාල.

      Delete
    6. අනේ ඩෝ නිකන් මරාට පුක දෙන්න එපා. බලාගෙන හිටපන් මරා සහ උගේ හැත්ත බුරුත්ත හෙට අනිද්දා වෙනකොට කොටුවෙන හැටි.

      Delete
    7. මේ පෝස්ට් එක ලියා ඇත්තේ කන්න නැති, රස්සා නැති, උසස් අධ්‍යාපනයෙන් හැලුන් 'ධනපති' පන්තිය ගැන අර්ථදැක්වීමක් ගැන සහ එම පන්තියට කල වැඩ කොටස ගැනයි. බලයේ සිටින විට ඇතිවන කැරලි මැඩ පැවැත්වීම ගැන නොවේ. මේ සමඟ තර්ක කිරීමට මෙම 'ධනපති' පන්තිය වෙනුවෙන් වෙනත් පක්ශ කල වැඩ කොටස ගැන කීමට යමක් නැත්ද?

      Delete
    8. කාගෙ වැරැද්දෙන් හරි එල්ටීටී සහ ජේවීපී කැරලි ඇතිවුනේ යූ එන් පී කාලෙ, ඒකාලෙ වුන දේවල් දකින්න ඕනෙ ඒ තත්වය යටතෙ. ඔය කැරලි දෙක නොතිබුනානම් ජේආර් ගෙ විශන් එක යටතේ රට දියුණු වෙලා.

      ( Sorry What I have written is an over-simplified analysis because I don't have enough time or energy to go into details, nevertheless it holds true in my view )

      Delete
    9. Pra Jay, I assume you have not heard of the Mayor Dhoraiappa killing in 1975 or Vadukkodai Resolution in 1976, or of the forming of JVP in 1965 and the insurrection in 1971. Those apart this post is about the work done for the people who didn't have jobs or land or water for cultivation.

      Delete
    10. @ I.
      I have heard of Doraiappa killing and now u mentioned a bit about the resolution. I'm vague about formation of JVP but know quite a bit about 1971.
      But, that not the point. I was saying a completely different thing.
      JR had vision (at least economically and socially) but along came LTTE and JVP and mucked everything up. If JR had MR's popularity and peace post 2009, he would have worked a real miracle.

      Delete
  2. ධනපති හෝ නිර්ධන පක්ෂ මෙහේ නෑ. තියෙන්නෙ බඩගෝස්තරවාදී පක්ෂ දෙකතුනක් විතරයි. වැඩේ තියෙන්නෙ එකගොල්ලක් සීමාව ඉක්මවා යද්දි එයාල වෙනුවට තවත් පිරිසක් රජ කරවන්න අපට සිදුවීම විතරයි.

    ReplyDelete
    Replies
    1. අමාවක හඳුණාගෙන ඇති නිර්ධන පන්තියට හැමදාම ගහන බඩගෝස්තරවාදී බව වැඩිම කට්ටිය ගැන තමයි රාජ් මං කිව්වෙ.

      Delete
  3. ප්‍රේමදාස මහත්තයා ගාමන්ට් ගමට ගෙනාපු එකෙන් ගම ගොඩක් දියුනුවුනා (වෙනදට සාපේක්ෂව)..නිකන් හිතන්න ගමේ තියන ප්‍රැක්ට්‍රි එකේ ළමයි රැපියල් ලක්ෂ 5ක් පඩි ගන්නවා කියලා අඩුම ඒකෙන් ලක්ෂ 4ක්වත් කැරකෙන්නෙ ගම ඇතුලේමයි..
    අඩුම තරමේ ගමේ කඩෙන් වැඩිපුර බඩු ටිකක් අරගෙන යනවා.
    පඩි දවසටවත් ත්‍රිවිල් එකක නැගලා කොටුවක් පනින්න යනවා..

    ReplyDelete
    Replies
    1. ඒවුනාට ප්‍රේමදාස මහත්තයා රස්සාවල් තියෙන නිර්ධනයන්ට නොකර රස්සාවල් නැති කන්න නැති ධනපතීන්ට වැඩ කරපු එක සම්පූර්ණයෙන්ම වැරදියි මෙන්ඩො, අර අමාවකගෙන් අහපන්.

      Delete
    2. ප්‍රේමදාසගෙ ඒ ක්‍රියාව ඇගයීමට ලක් විය යුතුයි. ඇත්තටම මට ඔහු ගැන මොනතරම් දැඩි විවේචන තිබුනත් ඒ වැඩේ අගය කරනවා. යූඇන්පී කාරයො යුද්දෙ දරුණුවට යන කාලෙ කොටින්ට පක්ෂ වුනා. හමුදාව පසුබහින කොට බෝම්බයක් පුපුරන කොට ගමේ යූඇන්පීකාරය ලැබුවෙ කාලකන්නි සතුටක්. ප්‍රභාකරන් මැරුන දා ලේ කොළ යූඇණ්පී කාරයො ගෙයින් එළියට බැස්සෙ නෑ .ලැජ්ජාවට. ලග නේ නෑයෙක් මැරුන වගෙ සිටියෙ. පස්සෙ කිව්ව ඔය කිව්වට ප්‍රභා මැරුනෙ නැතිව ඇති කියල නිව්ස් එකේ සැර බාල කළා. ඒ වගෙ පහත් මට්ටමට වැටෙන්න අපට බෑ. අනික මම කිසිම පක්ෂෙක හංවඩුවක් ගහගත්ත හරකෙකුත් නෙමෙයි. ඒ නිසා ප්‍රේමදාසගෙ හොඳ දේට හොඳයි කියනවා.

      Delete
  4. // මේ ධනපති කියන වචනය සහ සූරාකෑම කියන වචනේ වමේ බොහොම දෙනෙකුට බඩ ගෝස්තරේ රැකගන්න උදව් කරන තියෙනව. ඒකට මුල රටේ බලය ගන්න කලිසමයි, ආගමයි, කථාකරන භාෂාවයි, වෙනස් කරගෙන 'සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු' කියන කට්ටිය මේ සූරාකන ධනපති පන්තියෙන් ගලවගන්න 1956 ආපු ගැලවුම් කාරය වෙන්න ඕන. //

    නූතන ලන්කා දේශපාලන ඉතිහාසය සහ ලන්කා සමසමාජ පක්සයේ භූමිකාව ගැන නොදැන කල ප්‍රකාශයකි!

    ReplyDelete
    Replies
    1. රස්සා ඇතිවුන් ගැන නොව රස්සා නැතිවුන් ගැන ලසසප භූමිකාව මොකද්ද? ආණ්ඩුවෙන්ම රස්සා දෙන්න කියලද? පොඩ්ඩක් විස්තර කරපන් දැන ගන්න.

      Delete
    2. බන්ඩාරනායක මහතා අලුත් පක්සයක් හදන්න කලින් හිටියේ එ ජා ප යේ ය.

      මුල සිට ම එ ජා ප යට හරහට හිටිමින් දුප්පතුන් වෙනුවෙන් පෙනී සිටියේ ලන්කා සම සමාජ පක්සයයි. ඔය දනපති, ප්‍රතිගාමී, නිර්දන, හොරිකඩ, බත්ගොට්ටෝ, පීඩිත පන්තිය වැනි වචන නිර්මානය වුනේ ලන්කා සම සමාජ පක්සය මගින් මිස බන්ඩාරනායක මහතා නොවේ!

      Delete
    3. සරස ඔබ හරි .එකළ විපක්ශය වුනේ සමසමාජ පක්ශයයි.

      බන්ඩට ඕන වුනේ අගමැතිකමට ශෝට් කට් එකක්. ඩී එස් ගෙන් පස්සෙ අගමැතිකමට කෙල හලාගෙන් ඉදල හරියන්නෙ නැති බව දනගෙන පැත්ත මාරු කළා. බන්ඩාරනායකගෙ සමහර වැඩ අනුමත කරන්නෙ බෑ. රටේ ළමයින්ට ඉංග්‍රීසි ඉගෙනීම අධෛර්ය කරල තමන්ගෙ ළමයින් රට යවපු එක. හැබැයි රටක දියුණුවට ඉන්ග්‍රීසි අවශ්‍යමයි කියලත් කියන්න බැහැ. චීනය ,ජපානය වගෙ රටවල ස්වභාෂාවෙන් සංවර්ධනය කෙරෙනවා .

      Delete
    4. චීනය, ජපානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය වගේ රටවල් විශාල ප්‍රමාණයක් තමන්ගේ භාශාවෙන් තමයි බොහොම වැඩකටයුතු කරන්නේ. ඒවා එක්කෝ අධිරාජ්‍යවාදය හරහා තමන්ගේ භාශාව විදෙස් රටවල පතුරවපු රටවල් එහෙම නැත්නම් තමන්ගේ රටතුලම එම භාශාව කථා කරන අය විශාල ප්‍රමාණයක් සිටින රටවල්. ලෝක බිලියන් 6 ක් විතර වන ජනගහණයෙන් මිලියන් 18 ක් විතර කතා කරන භාශාවකින් දියුණු වෙන්න අමාරුයි. භාශාවක් කියන්නේ අදහස් හුවමාරු කරගන්න මාධ්‍යයක් නම් ඒ සඳහා එම භාශාව දන්න අය සිටිය යුතුයි. මම දන්න දක්ෂයින් සිටියා ඉංග්‍රීසි භාශාව නොදත් කම නිසා ඉදිරියට එන්න බැරිවෙච්ච අය. අද තරම් ඉංග්‍රීසි ඉගෙන ගන්න අවස්ථා නැතිකාලේ ගොඩක් දෙනෙකුට එහෙම වුනා.

      Delete
    5. බණ්ඩාරනායකට මම නම් "සෙවල බණ්ඩා" කියල කටපුරා කියන්නෙ ඔය භාෂා ප්‍රශ්නේ නිසයි....

      Delete
  5. මම මුලදී හිතුවේ උබ unpට කඩේ යනවා කියලා ඒත් එහෙම නෑනේ. ගියොත් බලාගෙනයි.

    ReplyDelete
    Replies
    1. යූ එන් පී කියන්නෙ මමත් ඇතුලුවන ජන කොට්ඨාශයක්. . ඉතින් මම මට කඩේ යන්නෙ නැතිව අනික් පර්සිගෙ පුතාලට කඩෙ යන්නද?

      Delete
    2. උබට පේන් නැද්ද උබලාගේ කොට්ඨාසේ උන් රට කන හැටි.
      ඔය කොට්ඨාසේන් වෙන එකකට දැම්ම පැන ගනින්. දැන් ප්‍රති විප්ලවයක් ගොඩනැගී ගෙන එන්නේ. බස් ගැමුණුත් ඔන්න 15 පටන්ගන්නවලු...

      Delete
    3. ප්‍රති විප්ලව එන්නේ රස්සාවල්, වත්කම්, තියෙන අයගෙන් වීම වැදගත්. රටේ සල්ලි වලින් කඩා කන්න කොටස අඩුවෙයි කියල නේ. මේ පෝස්ට් එක රස්සාවල් නැති, වත්කම් නැති, උසස් අධ්‍යාපනය නොලැබෙන කොටසක් වෙනුවෙනුයි.

      Delete
  6. මේ රටේ හොඳම දේශපාලන පක්‍ෂ කියලා එව්වා නැහැ.ඔක්කොම අවස්ථාවාදී දේශපාලනයක් තමයි කරන්නේ."එක්සත් ජාතික පක්ෂය" උනත් එහෙම තමයි.ධනපති,නිර්ධන කොහොම වෙතත් තමන්ගේ ගොඩ වැඩි කර ගැනීම තමයි කාගේත් බලාපොරොත්තුව.
    ඉයන්ගේ මේ ලිපියට ප්‍රස්තුත වෙච්චි පැරාගේ ලිපියත්,අමාවකගේ ලිපියත් දෙකම කියෙව්වා.පැරා ලියන සමහර කරුණු දැන් පිළිගන්න අමාරුයි මටත්.

    ReplyDelete
    Replies
    1. ඔව් මචං එහෙම හිතපං

      Delete
    2. හොඳ පක්ෂ නරක පක්ෂ කියලනම් ඒව නෑ. පක්ශෙක හංවඩුවක් පස්ස පැත්තෙ ගහගන්නව කියන්නෙ තමන් හරකෙක් කියල ලෝකෙට පෙන්නන එක. ලේ කොල ,ලේ නිල් කියල තමන්ව හදුන්වගන්න මීහරක් ඉන්නවා. උන්ට නිදහස්ව ලෝකෙ දකින්න බෑ .හරි වැරැද්ද දකින්න බෑ. තමන්ගෙ පක්ශෙන් කරන ඕන බලු වැඩකට මනාපයි. මට නම් එහෙම උනුයි අයි එස් කාරයොයි අතර වෙනසක් නෑ. මුනුත් අන්ධ භක්තිකයො අරුනුත් අන්ධ භක්තිකයො.

      Delete
  7. මෙන්න මේ වචන ටිකට නම් ලෑන්, බොක්කෙන්ම රෙශ්පෙට් හොඳේ.
    //උයා ගන්න දෙයක් නැතුව හූල්ලන උන් ගැන ස්ට්‍රයික් කොරපල්ලා
    ඉන්න තැනක් නැතිව අගු පිල් වල පොල් අතු මඩු වල උන්ට හෙවනක් ඉල්ලපල්ලා.
    හැතැප්ම ගණන පයින් යන වුන්ට පාරවල් බස් දෙන්න කියාපල්ලා.
    මැදපෙරදිගට වහලුන් අරින්නේ නැතුව උන්ට කාර්මික, තාක්ශණික සුදුසුකමක් දීල රට රස්සා වලට අරින්න කියලා පිකට් කරපල්ලා.
    රස්සා නැති එවුන්ට මොනව හරි රස්සාවක් හොයාගන්න රස්සා දෙන වුන්ට විතරක් අයෝජන සන බදු සහන දෙන්න කියාපල්ලා. උන්ට තව මිනිස්සුන්ට රස්සා දෙන්න පුලුවන් වෙන්න බඩ බලාගෙන කරන ඉල්ලීම් වලට වර්ජන කරන්න එපා කියපල්ලා.
    සහනාධාර විතරක් නොදී ඒ පවුල් වලින් අඩු සුදුසුකම් වලින් හරි උසස් අධ්‍යාපන ආයතන වලට අරගෙන උන්ව දුප්පත්කමෙන් ගොඩ දාන්න කියපල්ල.//
    ජයවේවා..!!

    ReplyDelete
  8. මේ අයවැයෙන් සුපිරි ඝණයට අයත්යැයි සැළකූ වාහනවලට කලින් වසර 5 ක් යනතුරු වාර්ෂිකව ගෙවිය යුතුව තිබු Luxury Tax එක ඉවත් කරපු එක ගැන ඉයන් හිතන්නේ මොනවද...

    ReplyDelete
    Replies
    1. ලොකු ශල්‍ය කරමයක් කරන්න ඕන ලෙඩෙකුට ඉස්සෙල්ල පැය දොලහක් නිරාහාරව තියල, නිර්වින්දනය කරල තමයිලු කරන්න පුලුවන්. ශල්‍ය කර්මය කරන්න කලින් ලේ කැටිගැහීමේ වේගය ගැන දැනගන්න ලෙඩාගෙන් ලේ ටිකක් ගත්තලු. ශල්‍යකර්ම ගැන දන්නෙ නැති එක් කෙනෙක් අහනවලු මෙච්චර මාරුවෙන් ඉන්න ලෙඩාගෙන් මොකටද අර ලේ ගත්තෙ කියල.

      Delete
  9. මා දන්නා දුප්පතුන් වර්ග දෙකක් ඉන්නවා. 1.දුප්පත්කමින් ගොඩ එන්න මොන තරම් උත්සහ කළත් සමාජයේ ඒ සඳහා ඉඩක් නැති නිසා දුක්විඳින කොටස 2. දුප්පත්කමින් ගොඩ එන්න වුවමනාවක් නැති කුසීත, පාදඩ කොටස . යූඇන්පිය සමහර කාලවලදී වැඩිපුර හිතුවේ මේ දෙවන කොටස ගැන කියල මට හිතෙනවා .

    ReplyDelete
    Replies
    1. මම එකඟයි. හැබැයි 'දුප්පත්' කමින් එලියට එන්න ඕනෑ නොකරන කට්ටිය දුප්පතු නෙමෙයි නේද? උදාහරණයකට මුඩුක්කු වෙනුවට හොඳ නිවාස දෙනවට අකමැති අය එසේ අකමැති වන්නේ ඒවායේ සිට කරගෙන යන කුඩු මත්පැන් බිස්නස් නිසා. එවිට ඔවුන් දුප්පතුන් ලෙස පෙනී සිටින ධනවතුන්.

      Delete
  10. Replies
    1. බොහොම ස්තූතියි විදානේ

      Delete
  11. ඉයන්............. මෙහෙම දේයක් තමා මට කියන්න තියෙන්නේ...

    හිටියාට වඩා දැන් වෙනස ගොඩක් හොදයි... ඒ වෙනස කොච්චර වෙනස් වෙලා තිබුණත් තවම හොදයි..... ඒ නිසා තාමත් දරාගෙන ඉන්නවා.... ඒච්චරයි....... ඒ අැරෙන්න කිසිවක් නැත.......

    ReplyDelete
    Replies
    1. උඩ පැන පැන පුක දුන්න උබල නරකයි කියල කොහොම කියන්නද..? ගලේ රුන්න බලල වගෙ තමයි

      Delete
    2. උඹලා මරාට පුක දුන්න වගේම කටටත් ගත්තා නේද

      Delete
    3. සමාවෙයන් කුරුටු මේ කමෙන්ට් එකට රෙස්පොන්ඩ් කරන්න බැරිවෙලා. උඹ කියන එක හරි මචං

      Delete
  12. //AnonymousDecember 12, 2015 at 5:36 PM
    උඩ පැන පැන පුක දුන්න උබල නරකයි කියල කොහොම කියන්නද..? ගලේ රුන්න බලල වගෙ තමයි//

    හිකිස් :)

    ReplyDelete
    Replies
    1. ‍යහපාලනයට ...... වේවා!!!

      Delete
    2. සරසයා දොස්තර කම පැත්තක තියලා මරාට පුක දුන්න දීමට අද මූට පුකක් ඉතුරුවෙලා නෑ. මේකා දැන් රෙන්නෙත් කටින්

      Delete
    3. කටේ දත් ගාන සීමා සහිත බැවින් එක් අයකුගෙන් ගැලවීමට හැකි දත් ගාණ සීමා වීම නිසා දත් දොස්තරලාට වෙන අසාධාරණය ගැන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගත යුතුය.

      Delete
    4. // සරසයා දොස්තර කම පැත්තක තියලා මරාට පුක දුන්න දීමට අද මූට පුකක් ඉතුරුවෙලා නෑ. මේකා දැන් රෙන්නෙත් කටින් //

      හිකිස් :)


      // කටේ දත් ගාන සීමා සහිත බැවින් එක් අයකුගෙන් ගැලවීමට හැකි දත් ගාණ සීමා වීම නිසා දත් දොස්තරලාට වෙන අසාධාරණය ගැන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් ගත යුතුය. //

      හිකිස් හිකිස් :):)

      Delete
  13. ඉතිහාසය පුරා වඩාත්ම ජනතා විරෝධී ලෙස කටයුතු කොට ඇත්තේ එක්සත් ජාතික පක්ෂයයි. විශේෂයෙන් අධර්මිෂ්ට ජේ.ආර්. සහ මිනීමරු ප්‍රේමදාස. ප්‍රේමදාස බෝම්බෙන් මැරුණ කියල දැන ගත්ත මොහොතෙ දැනුණ සතුටට හූ තියල උඩ පැන්න පාරට තව පොඩ්ඩෙන් ඒ දවස්වල හිටිය කුලී ගෙදර වහලෙ මගෙ ඔලුවත් වදින්න ගියා. එහෙම නිදහසක් ජීවිතේටම දැනිල නැහැ.
    එක් පරම්පරාවක් මේ බිහිසුණු සමය අමතක කොට ඇත. ඊළඟ පරම්පරාව අත්විඳ නැත.

    ReplyDelete
    Replies
    1. මේ පෝස්ට් එක ලියා ඇත්තේ කන්න නැති, රස්සා නැති, උසස් අධ්‍යාපනයෙන් හැලුන් 'ධනපති' පන්තිය ගැන අර්ථදැක්වීමක් ගැන සහ එම පන්තියට කල වැඩ කොටස ගැනයි.

      රස්සා නැති එවුන් අනන්තවත් රස්සාවල් හොයද්දී රස්සා ඇති වුන් ස්ට්‍රයික් කරන කොට එවන්න මරධනය වුනා. හාමුදුරුවරු, රජයේ නිලධාරීන්, හමුදා භටයින්, මරණකොට, බස් ට්‍රාන්ස්ෆෝමර් ගිනි තියනකොට, දවසක් හැර දවසක් රටම අකර්මන්‍ය කරනකොට එවන් සංවිධානයකින් රට බේරා ගැනීමට ජනතා විමුක්ති පෙරමුණ මර්ධනය කල බවත් ගොඩක් දෙනෙකුට අමතකව ගිහින්.

      Delete
    2. ප්‍රේමදාස ප්‍රභාකරන් වගේ එතකොට ??? කිරිබතුත් ඉව්වද?? ප්‍රේමදාස කියන්නෙ නායකයෙක්.... ජෙප්පො මර්ධනය කරද්දි අකටයුතුකම් වෙච්ච එක හැබෑව... හැබයි එදා ජෙප්පො රට ඇල්ලුව නං අද අපි හිඟාකනව.. ඇත්ත ඒකයි... පුද්ගලිකව පවුලෙ යමෙකුට යම් දෙයක්, වරදක් වෙලා උඩපැන්න නං ඒක සාදාරනයි... නැත්තං.... වහලෙ ඔලුව වදින්න තිබ්බෙ...

      Delete
    3. හෙහ් හෙහ් හෙහ් හෙහ් සජ්ජා @ සොරි මචන් . මම පහළ කොමෙන්ට් එක දාල නිදාගන්න ගියා. එතකොට උඹව මතක් උනේ.
      කොමෙන්ට් එක අයින් කරන්න නැගිටින්න කම්මැලිකමේ ඔහෙ තියෙන්න ඇරිය.

      ජෙප්පන්ගෙ ප්‍රශ්නෙ නෙමේ බං .ඒ කාලෙ මරාගෙ කාලෙ වාගෙම රාජ්‍ය භීෂනයක් තිබුනා. රජයේ ප්‍රතිව්‍යුහගතකරන වැඩසටහන යටතේ වන්දියක් දීල තාත්තගෙ රස්සාවත් නැතිවෙලා තිබුනෙ. ඒක පුද්ගලික ප්‍රශ්නයක් තමයි. අපේ පවුල ශ්‍රීලනිප නිසා ඒකත් ආන්ඩුවෙ ගිනුමට බැරවුනේ.

      දැන් මටනම් කිසිම පක්ශයක් එක්ක දේශපාලන ලැදියාවක් නෑ.

      Delete
    4. පුද්ගලික ප්‍රශ්ණ නිසා එහෙම වෙච්ච එක සාධාරණයි මතේ... ඒ නිසාම තමයි මහින්දගෙ ආනුභාවෙන් ජිවත් වෙච්ච එවුං දැන් මැරෙන්න හදන්නෙ.. සාධාරණයි...

      Delete
  14. නොකී කතා @ මටත් මතකයි ඒ දවස. එදා අපේ වෙල් වැඩ. අම්මයි තාත්තයි කුලීකාරයයි වේලාසනින් වැඩනවත්තල ගෙදර එනව. මම බැලුව මේ මොකද කියල. හැමෝගෙම මූනු වල සතුට උතුරනවා. " ප්‍රේමදාසට වෙඩි තියල මැරිලලු " කියල තාත්ත කියන කොට මට සන්තෝසෙට නිච්චි නිනවු නැතිව ගියා ( එහෙමයි ආරංචිය ඇවිත් තිබුනෙ ) .මම එතකොට ඉස්කෝලෙ යන පොඩි එකා. මම සතුටට ගේ වටේ නැටුව . එදා දැනුන සතුට ඒක මතක් වෙද්දි මට අදත් දැනෙනවා.

    එතකොටම මිනිස්සු රතිඥ්ඥ පත්තු කරනවා ඇහුන. මිනිස්සු මහපාරට ඇවිත් නටනව හැම තැනම මංගල්‍ය ශ්‍රීයක්. ටවුමෙ කිරිබතුත් ඉව්වලු. අපේ ගෙදර අය දුක් වුනා රතිඥ්ඥයක් පත්තු කරන්න බැරි වීම ගැන.

    ReplyDelete
    Replies
    1. රේමදාස, ලලිත්, ගාමිණී යන අය මැරුවේ එල් ටී ටී යී එක. ඒගොල්ලෝ තමන්ගේ සහ තම පවුලේ අයගේ ජීවිත රැක දෙන්න කියලා ප්‍රභාකරන්ට කාප්පම් ගෙව්වේ නැතුව වෙන්න ඇති. ප්‍රභාකරන් හැම විටම මැරුවේ අනාගතේදී බෙදුම්වාදයට හානියක් කරන්න පුලුවන් කියල හිතපු අයව විතරයි. ප්‍රභාකරන් තමන්ට හානියක් කරන්න පුලුවන් කියල එයාට හිතුන අයව මරනකොට රතිඥ්ඥා පත්තු කරපු එක ගැන එයත් සතුටු වෙන්න ඇති. ඒ වුනාට තාම සමුර්ධි කියල දෙන සහනාධාරය ගෙනාවේ ප්‍රේමදාස 'ජනසවිය' නමින්. ගෙවල් නැති අයට ගෙවල් ලැබුනේ උදාගම් ව්‍යාපාරය නිසා. ඒව ඔක්කොම රතිඥ්ඥා පත්තු කරන්නම සුදුසු වැඩ.

      Delete
  15. ඔය කොයි පක්ෂෙත් සමස්තයක් වශයෙන් ගත්තම එකයි. ඒ වගේම කොයි පක්ෂෙත් ඉන්නවා රටේ පොදු යහපත වෙනුවෙන් යම් යම් දේ කරපු අය. ඒ අයම විනාශකාරී දේවලුත් කරලා තියෙන අවස්ථා තියෙනවා. පක්ෂයට පොදුවේ වදින්නෙ අන්න ඒ පුද්ගල ක්‍රියාකාරිත්වය උඩ වදින ලේබලය.

    ReplyDelete
    Replies
    1. රස්සා නැති, උසස් අධ්‍යාපනය අහිමිවූ 'ධනපතීන්' ට අනික් අය මොනවද කලේ කියල තමයි සංසන්දනය කරන්න උත්සාහ කරන්නේ. ඒ වෙනුවට දෙකොටසම කරපු වැරදි විතරයි සංසන්ධනය කරන්න ගොඩක් දෙනෙක් කැමති.

      Delete
  16. දැන් එතකොට (රනිල් ප්‍රමුඛ) එජාපය වැරදි කරලම නැද්ද? මේ කොමෙන්ට් එක මිට පෙර ලිපියට මා එක්කල කොමෙන්ටුවේම දිගුවක් බව කරුණාවෙන් සලකන්න. :p

    ReplyDelete
    Replies
    1. කමී, ඒ පෝස්ට් එක පසුවට. මෙතන කරපු වැරදි සංසංදනයක් නෙමෙයි ක්‍රල තියෙන්නෙ. රස්ස්වල් නැති, ආදායම් මාරග නැති අය වෙනුවෙන් පක්ශ දෙක කරල ටියෙන ඒව සංසංදනයක්.

      Delete
  17. මම නම් මේ පක්ෂ දෙකටම එච්චර කැමැත්තක් නෑ.හේතුව දැන් පක්ෂ දෙක නමට විතරයි.හැමදම මේ දෙක්ම ඉන්නේ එකම පිරිස එහෙට මෙහෙට පිනුම් ගහමින්.වාමාංශික කියන උනුත් මොකක්හරි වචනයක් අල්ලගෙන ඒක හැමදාම පට්ට ගැහුවා මිසක රටට කරපු සේවයක් නෑ.මම මගේ පලමු වෙනි ඡන්දයම දැම්මේ ස්වාධින කණ්ඩායමකට.ඒත් දෙමළ මනුෂ්‍යකුට(සිංහලදේශපාලඥයන්ටත් වැඩිය සිංහල අයට වැඩකලේ ඒ දෙමළ මනුෂ්‍යා).ඉන් පස්සේ මේ වෙනකම් ඡන්දේ දාන්නේ නෑ.

    මම එහෙම උනත් අපේ පවුලේ අනිත් හැමෝම UNP.ඒකට හේතුවක් තියනවා.අපි මුලින්ම (89 කාලේ)හිටපු ගම්මාන අති දූෂ්කරයි.ඒ ගම්වල විශාල පිරිසක් හිටියා.කටු මැටි ගෙවල් තමයි වැඩි.කිසිම අදායමක් නෑ.99% ක්ම කලේ කුලි වැඩ.නමුත් හැමදවසකම කුලි වැඩ නෑ.කොටින්ම ගමේ හැමෝම ගොඩක් දුප්පත්.ඒ දවස්වල ඒ වටේ තිබුන සියලු ගම්මාන එහෙමයි.UNP ආණ්ඩුවෙන් 1990 වගේ ඒ ගමේ හැමෝටම වෙනත් ප්‍රදේශ වලින් ඉඩම් ලබා දුන්නා.නිවස හදන ඉඩමට අක්කර භාගයයි තව වෙනම කෘෂි ඉඩමට තේ අක්කර එක හමාරක් පමන දුන්නා.නිවසක් හදාගන්න වෙනම ආධාර දුන්නා.අලුත් ගම්මානවලට එන්න මහවැලියෙන් නොමිලේම ප්‍රවාහන පහසුකම් ලබා දුන්නා.පහසුකම් අතර විදුලිය,දුරකතන,ප්‍රධානපාර,පාසල් වගේ සියල්ල තිබුනා.පක්ෂ භේදයකින් තොරව මේ සියල්ල හැමෝටම ලබාදුන්නා.මොනවත්ම නැතිව හිටපු මිනිස්සු අද ගෙවල් හොදින් හදාගෙන යාන වහාන පවා ගත්තේ අර ලබා දුන්න ඉඩම් වලින් ලැබුන ආදායම් වලින්.

    ReplyDelete
    Replies
    1. ඔහොම ටිකෙන් ටික හරි ඒ කට්ටිය ගොඩ දාගන්න ඕන. ඔය වගේ වැඩ ගැන සංසංදනයක් තමයි මේ පෝස්ට් එකේ අරමුණ

      Delete