Friday, July 7, 2017

පොල් මැල්ලුම් ෂාණරයේ කථා නිර්මාණ තරඟ ප්‍රතිඵල





තරඟයට සහභාගී වුණ රොමා, දුමී, තරිඳු සහ අරූට නැවතත් මගේ ස්තූතිය. තරඟයේ ගරු විනිශ්චයකාර රවී වීරසිංග මැතිතුමා එතුමාගේ තීන්දුව දන්වා තියෙනවා. තීන්දුව එතුමාගේ වචන වලින්ම පහල පලවෙනවා.


ත්‍යාග වල පොඩි වෙනසක් කරන්න අවසර. ස්ථාන තිබුනේ තුනයි. අන් තරඟ වගේ නොව මේක ටිකක් අ(ති)සාර්ථක තරඟයක් නිසා තරඟ කරුවන් සිටියේ හතර දෙනයි. එම නිසා හතර වන ස්ථානයකුත් එකතු කරල සහභාගී වුණ හැමෝටම ජයග්‍රහණය කරන්න අවස්ථාවක් දෙන එක හොඳයි කියලා හිතුනා. මට විශ්වාසයි ගරු විනිශ්චයකාර තුමත් ඒකට එකඟ වෙයි කියලා. ඒ අනුව පළමුවෙනි ස්ථානයට රු. 15,000/= ත්‍යාගය, දෙවන ස්ථානය 10,000/= ත්‍යාගය එහෙම තියෙද්දි තුන්වන ස්ථානයේ ත්‍යාගය රු.7,500/= සහ හතරවෙනි ස්ථානයට රු.5,000/= වශයෙන් වෙනස් වෙනවා. ඔබ හතර දෙනාට කාලය  මිඩංගු කරමින් මගේ පිස්සු වලට අනුග්‍රහය දැක්වූවාට නැවතත් ස්තූතියි.



මෙන්න ඔබ පුල පුලා පොල පොලා බලා සිටි ඒ තීන්දුව

ෂමා වෙන්ටෝන මැල්ලුං කතන්දර විනිශ්චය මෙච්චර දවස් පමා වුනාට....:(

මේ දවස්වල මෙහෙ රස්නෙ බොහොම අධිකයි. ඒ එක්කම හදිසි වැඩක් ඇවිල්ල අපි උදේ හතේ ඉඳලහවස හය වෙනකල් එක දිගට වැඩ. තේ වෙලාවටවත් යන්ට නෑ පෑන්ට්‍රි එකට. තේ එකත් ලඟට ගෙනත් දෙනව. දවල් කෑමත් කෑවයින් නොකෑවයින් ආපහු එනව ඩෙස්ක් එකට. ඉතිං එහෙම පැය එකොළහක් ඩෙස්ක් ටොප් ස්ක්‍රීන් එක දිහා බලා ඉඳල හවස ගෙදර ආවම ආය කම්පියුටරේ දිහා බලන්නවත් හිතෙන්නෙ නෑ. 

හරි ඒ ඇති මගේ නිදහසට කාරණා නොහොත් විත්ති වාචකය. 

දැන් තරඟෙට ඉදිරිපත් වුනු කතා හතර ගැන…... මේ පොල් මැල්ලුම් ෂානරය කියන්නෙ තනිකර ඉයන්ගෙ සංකල්පයක්. ඉතිං එහෙම උනහම ඉයන්ගෙ නිර්ණායක අනුව තමයි තරඟය විනිශ්චය කරන්න වෙන්නෙ.

ඒ අනුව පොල් මැල්ලුං කතාවක එකිනෙකට සම්බන්ධ නොවෙන සිද්ධීන් එහෙම නැත්නම් වෙනස්ම පුද්ගලයින්ට මුහුණ දීමට සිදුවන සිද්ධීන් කිහිපයක් එක පොදු යම් සාධකයකින් එකට ඈඳී තිබීම වැදගත්. 

එහෙම බලනකොට රොමාගෙ කතාව ඒ නිර්ණායකයට ගැලපෙන්නෙ නෑ. එකම පුද්ගලයෙකුට ජීවිතේ යම් යම් අවස්ථාවන්හිදී මුහුණ දීමට සිදුවන සිද්ධීන් සමූහයක් වශයෙන් ගත්විට නම් ඔහුගේ කථාව සාර්ථකයි. 

අනිත් කථා තුන අඩු වැඩි වශයෙන් ඉයන්ගෙ නිර්ණායකයට අනුව නිර්මාණය කරල තියනව.ඒ අතරිනුත් කථාව ගලා යාමේ අනාකූලතාවය සහ ඒ සමඟ එකිනෙකාට අසම්බන්ධ පුද්ගලයින් සුමට ලෙස නිර්මාණයට යොදා ගැනීම යන කාරණා අතින් දුමීගෙ කථාව ඉතාම සාර්ථකයි.

ඒ නිසා මගේ තීරණය මෙහෙමයි.

1. "ජීවිතයද මේ" - දුමී

2. "නොනවතින ජීවිත" - අරූගේ ලෝකය

3. "එකමත් එක කතා තුනක්" - තරිඳු ලක්ෂාන්






මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

59 comments:

  1. Please add links to the 4 stories - Economatta

    ReplyDelete
    Replies
    1. hi econ the links are given in the previous post

      Delete
  2. Replies
    1. බොහොම ස්තූතියි ප්‍රසන්න

      Delete
  3. සහභාගි උනු ජයග්‍රහණය කළ සියළු දෙනාටම සුබ පැතුම්..!! මේ වගේ දෙයක් සංවිධානය කල ඉයන් අයියටත් , ගරු විනිසුරු රවී අයියටත් ස්තූති වන්ත වෙන්නේ ලියන්නට පෙළෙඹවීමට ප්‍රවීණයින් හැටියට ඔබ දරන උත්සාහය නිසාමයී..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි එරන්දි

      Delete
  4. ජයග්‍රාහකයින් සියළු දෙනාටම සුභ පැතුම්. මෙවැනි රැලි විටින් විට නිර්මාණය කරන ඉයන් අයියටත්, ගරු විනිශ්චයක් ලබාදුන් රවී මහතාටත් ස්තූතිවන්ත වෙමි. සම්මාන හා මුදල් නොවැතත් මෙවන් වූ රැලි ඉදිරියටත් ඇති කරන මෙන් නැවතත් ඉයන් අයියාගෙන් ඉල්ලා සිටිමි. මන්ද ඒවායින් බොලොග් ලොවැහි යම් ප්‍රබෝධයක් හා අභිප්‍රේරණයක් බොලොග් ලියන්නන්ට ලැබෙන බව මාගේ හැගීමයි.

    (ඉයන්ගේ නිර්ණායක තුළ වූවේ වෙනස් වූ ඉසව් තුනක කතා තුනක් මිස වෙනස් පුද්ගයින් තුනක් වටා ගෙතුණු කතා තුනක් නොවන බව මාගේ වැටහීමයි. ඒ පිළිබදව ඉයන්ගෙනුත් පැහැදිලී කිරීමක් මා කතාව ලිවීමට පෙර ලබා ගත්තාය.
    එම ඉයන්ගේ අභි‍යෝගය සදහන් ලිපියේ තැනක මෙසේද විය //එහෙම නැත්නම් කථා තුනේම කථා නායකයා හෝ එක චරිතයක් එකම නමකින් ඉන්න එකම කෙනෙක් ආදී වශයෙන්.// ලෙසය.... එහි වූ ක්‍රම කීපයක් අතුරින් මා උකහා ගත්තේ මෙම ක්‍රමයයි. )

    ReplyDelete
    Replies
    1. මැල්ලුම් කතා මටත් ආගන්තුක හින්දම ඒ උපදෙස්ගැන මට තියෙන්නෙත් තරමක අපහැදිලි බවක් රෝමා.
      කොහොමවුණත් රෝමාගෙ කතාවෙත් අමුතුම රසයක් තිබ්බා.

      Delete
    2. රොමා,

      ඇත්තටම එහෙම දෙයක් ඉයන් කියල තිබ්බ නම් සමාවෙන්න.එතන වරද මගේ. කොහොම උනත් ඔබේ කතාව අගෙයි. ඒකෙ වාදයක් නෑ...

      Delete
    3. බොහොම ස්තූතියි රොමා ඔබ මේක ගැන ගත්ත උනන්දුවට

      Delete
  5. රස්තියාදුකාරයාගේ නිර්මාණයට මීට වඩා තැනක් ලැබිය යුතුයි.

    ReplyDelete
  6. මාත් මේ වැඩේට උත්සාහ කලා. මට බැරිවුනා. මං ලියල තියෙන්නෙ කතා නෙවෙයිනෙ. අනෙක එව්වත් වැඩිහරියක් අච්චාරු, කොත්තු, හත්මාලුව, කලවං පලා මැල්ලුං වගේ. එව්වා කලවං කරලා වෙනිං එකක් ලිව්වොත් ඒක අපේ අම්මා රෑ උයපුවයිං උදේට හැලිවලංවල ඉතුරුවෙන ටික එකට අනලා බින්දුවට දෙන කෑම එක වගේ අප්පිරියා සහගත දෙයක් වෙනවා. අනික මට අලුතින් ගොතලා කතා තුනක් ලියලා එව්වා අමුණන්න තරං නිර්මාණ හැකියාවක් නෑ. ඔය හංදා මේ වගේ ඉහළ සාහිත්‍ය පෙරලියකට මට ඉහ දාන්ට අමාරුයි.

    හතර දෙනාටම තෑගි දීම අගය කළ යුතුයි. ඒ වගේම කලිං කලට බ්ලොග් ලෝකෙ කිචිකවලා, ලියන අයට උළ් පන්දං දීලා බ්ලොග් පවත්වාගන්නට දරන වෑයමට ඉයන් මාමාට මාගේ හදපිරි සුභාසිංශන මෙයින් පළ කර සිටිමු (කොහෙවත් යන්නෑ). අසා සිටි ඔබ සැමට ඉස්තූතියි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සුරංග. එක අතකට උඹේ කථාත් එක්තරා විදිහක රස මැල්ලුම් තමයි

      Delete
  7. සුබ පැතුම් හතර දෙනාටම.මෙවන් තරඟයක් හදුන්වා දුන් ඉයන්ට බොහොමත්ම ස්තූතී ඉස්සරහටත් විවිධ ඉසව් ඔස්සේ මෙවන් බ්ලොග් රැලි ඇති කරන්න ඔහුට හිතේවා...

    ReplyDelete
    Replies
    1. ශානි තමන්ගෙ ආදර කථාව ලියමින් ඉන්න නිසා වෙලා මදිවෙන්න ඇති. හෙහ් හෙහ්. බොහොම ස්තූතියි ගත්ත උනන්දුවට

      Delete
  8. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනා ඉයන් මාමාට...එතුමා වගේ බ්ලොග්කරුවන්ට අත හිත දෙන කෙනෙක් ඉන්නවා කියන්නේ අපේ දක්ෂතා වැඩි දියුනු කර ගන්න අපිට ලොකු අවස්ථාවක් ලැබෙන එක... ඒක හුඟක් ලොකු උදව්වක් අපිට....

    ඊළඟට ජයග්‍රහණය කල දුමීටත්, තරිඳු මල්ලියටත් සුභ පැතුම් එක් කරන්න කැමති...

    මට හිතෙන්නේ මගේ කතාව මං ගොඩක් අච්චාරු කලා වැඩි කියලා... ඉයන් මාමගේ හැඳින්වීම අනුව එක එක කතාවන් මං වෙන වෙනම ලියලා කොටස් වලට කඩලා, එකක් ඇර එකක් වගේ දාලයි කතාව ලිව්වේ... නමුත් අනික් අය ඒතරම් ගොඩක් කතාව කඩලා තිබුනේ නැහැ.. ඒ නිසා මගේ කතාව සමහරවිට පැටලිලි වෙන්න පුලුවන්... මගේ පෞද්ගලික මතය අනුව මං ලියපු අනික් කතා වලට සාපෙක්ශව මගේ මේ කතාව සාර්ථක මදි.. මොකද මං හදිස්සියේ මේක ලිව්වේ... නමුත් මං කතාව යමක් ගන්න විදියටයි නිර්මානය කලේ.. මාතෘකාව උනත් යෙදුවේ එහෙම... ආයේ මං අනිවාර්යයෙන් මේ විදිය කතා සම්බෝලයක් ලියන්න බලාපොරොත්තු වෙනවා..

    අන්තිමට අලුත් බ්ලොග්කාරිනියක් විදියට මගේ බ්ලොගය සාර්ථක කර ගන්න අත හිත දෙන රෝමාන්තික රස්තියාදුකාරයා බ්ලොග් අඩවියේ රෝමා අයියටත්, දූමීටත්, වාසිතයේ මිතිල මල්ලිවත්, තරිඳු ගේ ලෝකයේ තරිඳුවත්, කඩදාසිකොලයේ ලිඛිතා අක්කවත්, සඳවතිය අඩවියේ සඳවතිය, බක්කරේ , ඇතුලු නම් නොකියපු කියපු හැමෝවම ආදරෙන් මතක් කරන්නත් ස්තූති කරන්නත් කැමතියි..

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි අරූ ඔබ ගත්ත උනන්දුවට. ජයග්‍රහණයටත් සුභ පැතුම්

      Delete
  9. මැල්ලුමක් ලුණු දෙහිද සමගින් හොඳින් අඹරා දෙනු කියා
    ඉල්ලුමක් කෙරු ඉයන් රවි සොහොයුරන් වෙත ස්තූතිය තියා
    තල්ලුවක් බ්ලොග් ලොවේ ජයකට හැම තැනක විසිරී ගියා
    මැල්ලුමක් හැදු සැමදෙනාටම තියමි සුභ පැතුමක් ලියා....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී . ජයග්‍රහණයට සුභ පැතුම්

      Delete
  10. /එම නිසා හතර වන ස්ථානයකුත් එකතු කරල සහභාගී වුණ හැමෝටම ජයග්‍රහණය කරන්න අවස්ථාවක් දෙන එක හොඳයි කියලා හිතුනා. මට විශ්වාසයි ගරු විනිශ්චයකාර තුමත් ඒකට එකඟ වෙයි කියලා./

    ආය මොනවද? මම එකඟයි, මම එකඟයි...

    ඒ වගේම මම මේ අවස්ථාවේ ගරු තරඟ සංවිධායක කුම් පොල් මැල්ලුං කතා සංකල්පයේ නිර්මාතෘ ඉයන් තුමාට මතක් කොට සිටින්නට කැමතියි අති ගරු විනිසුරු තුමාටත් යම් තුටු පඬුරක් ලබාදෙන්නේ නම් වැඩේ සර්ව සම්පූර්ණ බව.

    මම දන්න විදිහට එතුමාගේ මුදල් අපේක්ෂාවක් නොමැත. අර මනරම් පෙට්ටියේ බහාලූ දෙවරක්පෙරුම උන්නැහේලා හතර දෙනෙක් ( කතන්දර හතරක් නිසා ) හොඳටම ප්‍රමාණවත්ය.

    ReplyDelete
    Replies
    1. රවී තුමා ඔහොම බිව්වොත් නම් අපිට වැඩි කල් කතා කියවන්න ලැබෙන එකක් නෑ. ඒ නිසා එක බෝතලයක් පමණක් ලබා දෙන ලෙස ඉල්ලා සිටිමි :)

      Delete
    2. Winisuruwanta paga deema hela dakimi. Ow, Hitagena

      Delete
    3. ස්තූතියි රවී නැවතත් වැඩ බහුලම කාලයක කරපු උදව්වට. අරව ටික ලෑස්ති කරල තියන්නම්

      Delete
    4. හරි කොතෙන්ටද එන්න ඕනේ??

      Delete
    5. කියවපු කට්ටියටත් මොනවා හරි දෙනවා නම් හොඳයි ඕං .//අර මනරම් පෙට්ටියේ බහාලූ දෙවරක්පෙරුම උන්නැහේලා//

      Delete
  11. ජයග්‍රාහකයින් හැමෝටම සුභ පතමි. මෙවන් තරඟයක් පවත්වා, නිදිගත් බ්ලොග් ලොව ඇහැරවන්නට දැරූ උත්සාහය අගය කරමි. තමන්ගේ වැඩක් කරගන්නට තිබෙන කාලය මෙවන් දේකට යෙදවූ තරඟ සංවිධායක තුමා ටත්, විනිසුරු තුමාටත්, ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. තරඟ කරුවන් අමතක වුණා.
      තමන්ගේ වැඩක් කරගන්නට තිබෙන කාලය මෙවන් දේකට යෙදවූ තරඟ කරුවන්ටත් ස්තුතියි.

      Delete
    2. එමා ඔබට බොහොමත්ම ස්තූතියි මේ තරඟය සම්බන්ධයෙන් උනන්දුවක් දැක්වීම සහ හැමෝම ධෛර්‍යමත් කිරීම ගැන මෙන්ම ගරි විනිශ්චයකාරතුමාවත් උනන්දු කිරෙම්ම ගැන.

      Delete
  12. ි මේ කෙටිකතා තරඟය පවත්වල අපි වගේ ආධුනික බ්ලොග් කරුවන්ව උනන්දු කිරීම ගැන ඉයන් මහතාට ගොඩක් ස්තුතියි , ඒ වගේම විනිසුරු තුමාටත් ගොඩක් ස්තුතියි..
    මේ කෙටිකතා තරඟය ගැන මාව දැනුවත් කලේ දුමී අයියයි , රොමා අයියයි , ඒ දෙන්නටත් ගොඩක් ස්තුතියි .
    ඒ වගේම බ්ලොග් ගැන මෙලෝ දෙයක් දන්නැතුව හිටිය මාව බ්ලොග් ලෝකෙට අරගෙන ආවෙ වාසිතය ලියන මිතිල මල්ලි , එයාටත් ගොඩක් ස්තුතියි .

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තූතියි තරිඳු. ජයග්‍රහනයටත් සුභ පැතුම්

      Delete
  13. ඉයන්ගේ වැඩේ නම් හොඳයි.. දිනපු හැමෝටම සුභ පැතුම්

    ReplyDelete
    Replies
    1. මොහොම ස්තූතියි ඇනෝ අදහස් දැක්වූවාට

      Delete
  14. තරගයක් ගැන හිත පහලඋනු, ත්‍යාගයන් දෙන්නට සිත පහලඋනු.. ඈයන්ට. බෝම ස්තුතියි

    තරග කර සියලු දෙනාටත් උණුසුම් සුභ පැතුම්

    ජ ය ‍වේ වා !!!

    ReplyDelete
  15. එළකිරි!!! තාම කතා හතරෙන් එකක්වත් කියවන්න බැරිඋනා :((

    ReplyDelete
  16. සම්මාන ප්‍රදානයට ඇවිත් කතාවක් කරල ගියා. ඒකත් නෑ.. ජය වේවා. බුකිය පාලු කරන්නත් බෑනේ මං යනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දේශක තුමා පොඩි වෙලාවකට හරි බුකිය පාළු කරගෙන ආවාට. :)

      Delete
  17. සුබ පැතුම් ..කතා ටික කියවන ගමන්

    ReplyDelete
  18. සුභ පැතුම් දිනපු නොදිනපු හැමදෙනාටම .. ස්තුතිය ඉයන්ට .....

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සඳවතිය

      Delete
  19. හොඳම කට්ටියට දීල තියනවා. ජය වේවා.

    ReplyDelete
    Replies
    1. Thank you Ajith, Also for the publicity via Nelumyaya site

      Delete
  20. බ්ලොග් ලියන්නෝ අභිපේ‍්‍රරණය (motivate) කරන්නට ගත් උත්සාහයට ඉයන් මහතාට ස්තූතියි. එසේම රස මැල්ලුම් ලියාපු මයේ මිතුරන්ටත් ස්තූතියි. දඩිබිඩියේ් මැල්ලුම් ලියන්නට කොළොම්පුරේට බැරිවුනත් ඒ සියල්ලන්ගේ ලියාපු මැල්ලුම් රස වින්දෙමි.
    ආ තව දෙයක් සිංහල බ්ලොග් සමාජගතවෙලා මදිබවයි මට හිතෙන්නේ බැරිද සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනියන්නට මේවාගේ කුමක්හෝ වැඩ පිලිවෙලක් ඇති කරන්න.

    ReplyDelete
    Replies
    1. //ආ තව දෙයක් සිංහල බ්ලොග් සමාජගතවෙලා මදිබවයි මට හිතෙන්නේ බැරිද සිංහල බ්ලොග් ජනතාව අතරට ගෙනියන්නට මේවාගේ කුමක්හෝ වැඩ පිලිවෙලක් ඇති කරන්න.// කොළොම් පුරේ මල්ලි. වැඩේ නම් හොඳයි. අපිත් ට්‍රයි කොලා නොවැ. අවුරුදු තුනක් සම්මාන දීලා රවී තුමා හෙම හොඳම බ්ලොග්කරු කරලා. උන්නැහේ සිංහල පත්තරේ කට සකච්චාවකුත් සකච්චවකුත් දීලා තිබ්බේ. ඒ වුනාට බ්ලොග් වලට ප්‍රසිද්ධියක් එන්න නැතුව ඇති. ඔන්න ඔබතුමා දන්නේ නැතුව ඇති ඒ කාලේ හොඳම බ්ලොගේට සුපියල්ම දාහකුත් මාසෙකට නාමිකව දෙන්න බැලුවනේ හිටන්. ඔය ඉයන් ගොයියා හෙම පස්සේ සපෝර්ට් එකක් දුන්න තමයි.
      මාසයේ හොඳම බ්ලොගයට රුපියල් දහසක්
      පස්සේ තමයි තේරුනේ බ්ලොගාල ඕක හෙන අපහාසේට ගත්ත කියල. පෝසත් බ්ලොගාල තමා වැඩිපුරම ඉන්නේ.
      නෙළුම් යායේ මාසික ත්‍යාගය සහ සම්මානය
      ඉතින් ඔය අදහස් ඔක්කොම සලකා බලා පෙර කළ වැරදි සොයා බලා බ්ලොග්කරුවන්ම එකතු වෙලා හොඳ වැඩක් පටන් ගන්න එක තමා හොඳ. පැත්තක් ඉඳන් සහයෝගයක් දෙන්න පුළුවන්.

      Delete
    2. අලුතින් බ්ලොග් ලේකෙට ආ මම දැනන් හිටියේ නෑ ඉස්සර කරන්න හදපුවැඩ. ස්තුතියි දැනුවත් කලාට හොදවැඩක් කරද්දි බනින එක මේ ලංකීකයන්ගේ හැටියක්නේ අජිත් මහතානනි. නෙළුම්යායටත් එක එහෙම තමයි. මට දැනුන දෙයක් නම් මේ බ්ලොග් කියවන්නෙත් එවාට කොමෙන්ට් දමන්නෙත් එකම පිරිසක් විතරයි. කොමෙන්ට් නොදැමුවාට තවත් බොහෝ අයත් කියවනවා ඇති එත් බහුතරයක් බ්ලොග් කියන්නේ මොකක්ද කියලා දන්නේ නෑ. නෙළුම්යාය අතිඋත්කර්ශවත් විදිහට මෙවර වොටරස් එජ් එකේ පැවැත්වුවත් ජනමාධ්‍යවලින්වත් ලැබුනු ප‍්‍රචාරය අල්පයි කියලා හිතුනා දැනුනා. ඒකයි එහෙම කිව්වේ. අපි මොනවා ලිව්වාත් කියවන පිරිස අඩුනම් ටික කලකින් බ්ලොග් වලින් ලියන අය ඈත්වෙලා යාවි. බහුතරයක් තාමත් අන්තර්ජාලය යොදාගන්නේ සමාජජාල වල සැරිසරන්න විතරයිනේ. බ්ලොග් වලින් කොච්චර දැනුම සම්භාරයක් බෙදාහදාගන්නට පුළුවනි නේද? උත්සාහයක් දරමු

      Delete
    3. මේ වගේ දෙයක් කරනකොට පති කිහිපයක් බලන්න වෙනවා.
      1. දේශපාලකයෝ ගෙනාවට විරුද්ධ කට්ටිය ඉන්නවා. දේශපාලකයෝ කියන්නේ අර හරියට ලංකාවේ ඇතුවත් බැරි නැතුවත් බැරි කට්ටියක්. දේශපාලකයෝ ගෙනාවම සමගිය බිඳෙන බව ඇත්ත. මොකද ලංකාවේ ඕක හුඟක් ආවේගිව බලන දෙයක් නිසා.
      2.තවත් කොටසක් ඉන්නවා නිකන් ස්විට්සර්ලන්තේ, ඩෙන්මාර්ක් වගේ. තමන්ගේ පිරිසක් සමග සුහද කතාබහ , සින්දු ගැන හැඟීම් ගැන පරණ මතකයන් කතා කරගෙන ඉන්නවා. ඒ අය මේක වර්ධනය වෙනවට හෝ පිතට යනවට විරුද්ධයි.
      3. තුන්වන කොටස තමන්ගේ කැමැත්තෙන් ආසාවට බ්ලොග් ලියන අය . ඒ අයට ඔකේ ප්‍රශ්නයක් නැහැ.
      4. සමාජීය වුවමනාවන් පිරිමසන්නට තමන් සේවයක් කරන්නේ කියල හිතාගෙන ලියන අයත් ඉන්නවා. ඒ අයටත් ඕක ප්‍රශ්නයක් නොවෙයි.
      අලුත් ක්‍රමයකට පටන් ගමු කියන අදහස මගෙත් තියනවා.

      Delete
  21. ජයග්‍රහනය කළ හැමදෙනාටත්, මේ වගේ තරගාවලි සංවිධානය කරන ඉයන්ටත් සුභපැතුම්... ආ, ඒ වගේම ගරු විනිශ්‍ය ලබා දුන් රවී තුමාටත් සුභ පැතුම්...

    මං එදා කියුව වගේ තරගයට පසුව /ඔන්න කතාවක් ලියුවා...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නිර්මාණි.

      Delete
  22. හැමෝටම සුබ පැතුම්...
    ඒ උනාට කතා හතරම කියවල ඉවර කරන්න තවම ඉඩක් ලැබුනේ නැහැ... ;(

    ReplyDelete
  23. සුබ පැතුම්..!!

    ReplyDelete
  24. තරග සංවිධායකටත්, ජයග්‍රහණය කළ සැමටත් ගරු විනිශ්චයටත් සුබ පැතුම්

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි විචාරක දියණියනි

      Delete
  25. ජයග්‍රාහකයින් සියලුම දෙනාට සුබ පැතුම්... ඉයන්ටත් බොහොමත්ම ස්තූතිවන්ත වෙනවා මේ කරපු කර්තව්‍යට... ජයවේවා ...

    ReplyDelete