Thursday, July 27, 2017

මැදමූලන අතකොළු



තෙල් වර්ජනයේ ප්‍රධාන මෙහෙයවන්නා ලෙස පෙනී සිටිමින් හමුදා නිලධාරීන් ගේ ජීවිත බේරුණේ ඔවුන් යැවූ තෙල් නිසා යැයි කිවූ පුද්ගලයා කාගේ වහලෙක්ද යන්න මුහුණු පොතේ පළවූ ඉහත පින්තූරයෙන් හෙලිවී ඇත. 

තෙල් වර්ජනයෙන් රට දණ ගැස්සවීමට සිතූ අයගේ අණ පිළිපැදි මොහු පාරම්බෑවේ තෙල් බෙදා නොහරින බව කියමිනි. හමුදාව තෙල් පරිශ්‍රයන් අත්පත් කරගත් පසු ඔහු කීවේ එක බව්සරයක් වත් එළියට ගැනීමට නොදෙන බවය. බවුසර් සහ කෝච්චිය තෙල් බෙදා හැරීම සඳහා පිටත්වූ පසුව ඔහු කීවේ හමුදාව ඉවත්වන්නේ නම් අත්‍යවශ්‍ය සේවා සඳහා තෙල් නිකුත් කිරීමට සූදානම් බවය. හවස් වන විට කීවේ ජනාධිපති සමඟ සාකච්චාවෙන් පසුව වර්ජනය සතියකට කල් දැමූ බවය. 

හම්බන්තොට වරාය සම්බන්ධ ගිවිසුම මේ සතියේ අත්සන් කරන බැවින් ලබන අඟහරුවාදාට වර්ජනය කල්දමා ඇත්තේ කුමකටද යන්න පැහැදිලිකල යුත්තේ එක තෙල් කඳුලක් බෙදා නොහරින බවට පාරම්බා ඊට පසුව එක එක වැල් වල එල්ලී පසුබැස්ස මේ වීරයාමය.  මුහුණු පොතේ සහ බ්ලොග් අවකාශයේ හොල්මන් කරන මැදමූලන අතකොළු  හා මේ අතකොළුව අතර වෙනසක් තිබේද?




මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

8 comments:

  1. තටම තටම දාන පෝස්ට් වලින් පේන්නෙ පුක මහල බඩයන්න බේත් දීල වගෙ වගෙ අමාරුවෙන් ඉන්නව කියලනෙ. ආණ්ඩු කොරන්න පටන් අරගෙන් අවුරුදු දෙකක් ගියත් බය ඇරිල නෑ

    ReplyDelete
  2. මේ චාමර තරංග කියන්නෙත් මැදමූලන අතකොළුවක්, තනියෙම හිතන්ඩ බැරි නිකම්ම නිකං වහලෙක් බව දාපු කසිකබල් කොමෙන්ටුවෙන්ම පේනවා.

    ReplyDelete
    Replies
    1. This comment has been removed by a blog administrator.

      Delete
  3. Heh.. නට්ටේ හිටන් ගොම කියන්නේ ඕවට.. :)

    ReplyDelete
  4. එතන කිහිප කන්දයක්ම ඉන්නවා වගේ නේද? මම මුලදී හිතුවේ ජවිපෙ සමස්ත ලංකා වෘත්තීය සංගමය කියකියල මෙහෙයවන්නේ. මෙහෙම නම් ඉතින් ආණ්ඩුවේ ඇමතිවරයෙක් වෙන අර්ජුනත් සම්බන්ධ ඇතිනේ.

    ReplyDelete
  5. මුව මෙහයවන උන්ට ගහමු බන් මම අර කිව්ව් විදිහට ඔඩිකොලෝන් දාලා

    ReplyDelete
  6. කැලේ ඉන්න කොටි ඔක්කොම එකයි පුල්ලි ටික විතරයි වෙනස් :D

    ReplyDelete
  7. මං හිතුවෙ මේකා ජෙප්පෙක් කියලා, බලනකොට මැදමුලන බයියෙක්නෙ...! මීට කලින්ම හමුදාව දාල මේවා නැවැත්තුවානම්, මේ වගේ කබ්බො ෆෝම් වෙන්නෙ නෑ!!!

    ReplyDelete