Thursday, December 28, 2017

ඇයි පිරිමින්ට මෙහෙම වෙන්නේ?

අළුත විවාහවූ ජෝඩුවක්

'බඳිනවා' කියන එක බොහෝ ලාංකිකයන්ගේ ජීවිතේ කල යුතු දේවල් වල තිබෙන ප්‍රධානතම අංගයක්. ඒකේ තර්කානුකූල පැත්ත ගැන තමයි මගේ කුකුස. බොහෝ දෙනෙක් කිරි ආහාර වර්ග වලට කැමතියි. අද සුපර් මාකට් එකෙකට ගියොත් විවිධ රසැති කිරි, කිරි වලින් තැනූ චීස්, බටර්, යෝගට් වැනි නිශ්පාදන, යෝගට් ගත්තත් විවිධ රසැති යෝගට් ආදී වශයෙන් කිරි ආහාර වර්ග හැටහුටාමාරක් තියෙනවා. එහෙම තියෙද්දී තමන්ගේම කිරි පරිභෝජනයට එළ දෙනෙක් ගන්න හිතන කෙනෙක් ඉන්න පුළුවන්ද?    


විවාහවීම එළ දෙනෙක් ගැනීමට සමාන කිරීම ගැන අමනාප වෙන්න එපා. ආදරය, ආදරය කරන දෙදෙනෙකුගේ එක්වීම වගේ දේවල් වල අලංකාරයක් තියෙන බව මම පිළිගන්නවා. මේ පෝස්ට් එකේදි මම හිතුවේ එවන් එක්වීමක තිබෙන දීර්ඝ කාලීන තර්කානුකූල බව පමණමයි. එම නිසා හදවතින් නොව ඔළුවෙන් සිතා ප්‍රතිචාරයක් දක්වන මෙන් ඉල්ලා සිටිනවා. 

Saturday, December 23, 2017

මේ ගෙදරවැඩ ටික කරන්න



දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා කරන්න හොඳ වැඩ දෙකක්.

මුදල් දීල ගන්න නව කථාවන්ට වඩා කුතුහලය, තරුණ ආදරය ආදිය ඇතුලත් වෙච්ච කථාවක කොටස් 14 ක් ම ලියල තියෙනව බ්ලොග් රචිකාවියක්. ඒකේ පලමුවන කොටස මෙතනින් කියවන්න.

තරුණ බ්ලොග්කාරිණියක් ඔක්කොම පිරිමි බ්ලොග් කරුවන්ට උපහාස කරගෙන විවාහය ගැන කථිකාවක් විවෘත කරල තියෙනවා. ඒක මෙතන. ගිහින් දෙකක් කියල එන්න.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Sunday, November 19, 2017

ලංකා ඊ නිව්ස් -2017.නොවැ.18, ප.ව‍‍‍‍.2.15) ජනාධිපතිවරයා ගේ ජනමාධ්‍ය මර්දනය පිලිබඳ ප්‍රකට මාධ්‍යවේදී පෝද්දල ජයන්ත මහතා ජනාධිපතිවරයා වෙත ලිපියක් යවමින් අකෘතඥකමේ සීමාවක් තිබිය යුතු යැයි පවසයි. එම ලිපිය සම්පූර්ණයෙන් පහත දැක්වේ.  

පෝද්දල ජයන්ත
[email protected]
12 - 11- 2017
ශ්‍රී ලංකා ජනාධිපති
මෛත්‍රීපාල සිරිසේන මහතා
ජනාධිපති කාර්යාලය
කොළඹ
ශ්‍රී ලංකාව
මහත්මයාණෙනි.,

අකෘතඥභාවයේද සීමාවක් තිබිය යුතුය.

මහින්ද රාජපක්ෂ ඒකාධිපති පාලන සමයේ එහි නිත්‍ය කොටස් කරුවෙකුව සිට ඔබ ඉන් පිටතට පැමිණියේ, එහි වූ දුර්දාන්ත පාලනය, මනුෂ්‍ය ඝාතන, පැහැරගෙන යෑම්, මහා පරිමාණ වංචා දූෂණ, ජනමාධ්‍ය මර්දනය ඇතුළු දහසකුත් එකක් අපරාධ ඉවසා දරා සිටීමට නොහැකිම තැන යයි පළමු ජනමාධ්‍ය හමුවේදීම රටට කියා සිටියේ ය.