පෙර ලිපිය නිසා සති අන්තයේ මට හීන් බබා සීයා ගෙන් කෝල් එකක් ආව. එයා කියනව එයගේ චරිතය පාවිච්චි කරගෙන විකාර අදහස් මිනිස්සුන්ට දාන්න එපාය දානවනම් ඉඩම් වාහන නැති අයටත් කරන්න පුළුවන් දේවල් කියන්න කියලා. අනික අපේ හිතවත් D.G.M බස්සා පෝස්ට් එකක් දාල තියෙනව එයයි හීන් බබා සීයයි අතර සංවාදයක්. ඔන්න ඔය දේවල් නිසා සුළුවෙන් ආරම්භ කරන්න පුළුවන් ව්‍යාපාර ගැන මම දන්න විදිහට විස්තරයක් තමයි මේ. සුළුවෙන් කිව්වෙ ආරම්භය විතරයි හරියට කරගෙන ගියොත් කෝටිපතියෙක් වෙන්න බැරි වෙන්නේ නැහැ. අර හිත ඇත්නම් පත කුඩාද කියලත් කියල තියෙනවනෙ.
ඔක්කොටම ඉස්සෙල්ලා ව්‍යාපාරයක් සාර්ථක වෙන රහස් ටික කියල ඉන්නම්. කාට හරි පාවිච්චි කරන්න දෙයක් හදනකොට ඒක තමන්ට පාවිච්චි කරන්න හදනවා කියලා හිතලා හොඳටම හදන්න. කවදාවත් බාල බඩු, පරණ කෑම වගේ දේවල් විකුණන්න එපා. එවායේන් වෙන හානිය විශාලයි. ගොඩක් දෙනෙක් නැතිවෙන්නේ ඉක්මනින් ලාභ ගන්න බාල දේවල් විකුණන නිසා. හොඳ දෙයක් කරනකොට කට වචනෙන් ඉස්සරහට ගොඩක් බිස්නස් හැදෙනවා. ඒවගේම ආහාර නොවන දේවලට අවුරුද්දක වගකීමක් දෙන්න බය වෙන්න එපා. එතකොට පාරිභෝගිකයාට බයක් නැතුව ගන්න පුළුවන්. ඒවගේම යමක් කැඩුණොත් ඉක්මනටම හදල දෙන්න. මේවා ඕනෑම ලොකු පොඩි ව්‍යාපාරයකට පොදුයි.