Wednesday, October 12, 2016

ඇත්තටම දැක්කද?

කහපාට ගවුමකින් සැරසුන යුවතියක්


එක දවසක් මම අපි හැමෝම දන්න කෙනෙක්ගෙ ඔෆිස් එකට ගියා. කවුද කියල අහන්න එපා කියන්නෙ නම් නැහැ. ඒකේ බොස් තමයි අපි දන්න එක්කෙනා. ඇතුලට ගිය ගමන් මට උන්හිටි තැනුත් අමතක වුණා. ඒකට හේතුව එතනින් ඇවිදන් ගිය ලස්සනම ලස්සන කෙල්ලෙක්. කොච්චර ලස්සනද කියනවනම් අර මවන්න පුළුවන් කියල පම්පෝරිගහන එක මේ යකාට ඇත්තටම මවන්න පුළුවන් ඇති කියලත් මට හිතුණ. මට අපේ යාළුවත් එක්ක ආවේ මාර ඉරිසියාවක්. මෙච්චර ලස්සන කෙල්ලො වැඩකරන තැනට මට එන්න කියන්න තිබුණනෙ නේද? මම දන්නව අපේ යාළුව මාව මෙතෙන්ට එන්න කිව්වෙ නැත්තෙ මොකද කියල. ඒකට හේතුව අර අපේ යාළුවට වඩා මම හරි පෙනුමයිනෙ. ඒක නිසා මිනිහට තරඟයක් වෙයි කියල හිතන්න ඇති.

Thursday, October 6, 2016

ඉන්දියාව සහ ලංකාවේ යුද්ධය

කලින් පෝස්ටුවේ යුද්ධය අවසන් වුන අයුරින් අවසන් වීමට බලපෑ හේතු ගැන වූ සංවාදයේදී මට වැටහුණු කාරණයක් වූයේ රාජපක්ෂවාදීන්ට යුද්ධය සහ ඒසමඟ බැඳුණු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන් පිළිබඳ ඇතේ අල්ප දැනුමක් බවයි. කාටවත්  ඉවරකරන්න බැරිවුණ යුද්ධය ඉවරකළ විශ්ම කර්මයා වශයෙන් ඔවුන් රාජපක්ෂ ගැන සිතා සිටින්නේ මේ අල්ප දැනුම නිසා වන්නට පුළුවන. විෂය නිර්දේශයට අයත් දේ කටපාඩම් කර විභාගවලදී වමෑරීමෙන් දැනුම ලබන අධ්‍යාපන ක්‍රමයකට නිසා මෙය සිදුවන්නට ඇත. රටේ සහ ලෝකයේ සිදුවන දේ ගැන කියවීමට හා ඒ ගැන විස්තර සෙවීමට උත්සාහයක් නොගෙන ලිඳේ ඉන්නා මැඩියන් මෙන් විභාග වලට හෝ රැකියාවට අවශ්‍ය දැනීමෙන් සීමා වන මෙවන් අය සිටින්නේ ලංකාවේ පමණක්ද යැයි මට නම් සැකයක්ද ඇත. අන්ධ අනුගාමිකයන් නොවන ඉතිහාසය ගැන නොදැනුවත් වීම නිසා වැරදි අවබෝධයක සිටින කෙනෙක් වෙත්නම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ඒ ගැන ලියන්නට තීරණය කලෙමි.

Sunday, October 2, 2016

යුධ වීරයන්ට අනදර කරන යහපාලන දේශද්‍රෝහීන්

ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ඉදිරිපත්වූ නීතීඥයන්

ගෝඨාභය රාජපක්ෂ මහතාට විරුද්ධව නැඟුණු අල්ලස් චෝදනාවකට නඩු පැවරී පලමු දිනයේදීම ඇප ලැබිණි. ඔහුගේ නඩු දිනයේ නීතීඥයන් විශාල පිරිසක් අධිකරණ ශාලාවට පැමිණ සිටියහ. සමහරුන් ෆේස්බුක් සහ අනිකුත් සමාජ මාධ්‍යවල සටහන් තැබුවේ යුද්ධය ජයග්‍රහණයට උරදුන් වීරයා අල්ලස් චෝදනාවකට ලක් කිරීම යහපාලන රජයේ පළිගැණීමක් බවත් කවදාවත් දමිල ජනතාව ප්‍රභාකරන්ව මෙවන් පලිගැනීමකට ලක් නොකරන බවත්ය.

මෙසේ තර්ක කරන අයට අනුව යහපාලනයට ඡන්දය දුන් අය, එම රජයට සහයෝගය දක්වන මෙවන් යුධ වීරයන්ට 'කරදර' කිරීමෙට පංගුකාරයන් බවත් එම නිසාම ඔවුන් දේශ ද්‍රොහීන් බවත්ය. පළමුවෙන්ම ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් සහ ඔහුගේ සොයුරු හිටපු ජනාධිපති මහින්ඳ රාජපක්ෂ මහතාගෙන් යුද්ධය අවසන් කිරීමට  ලැබුණු දායකත්වය සුළුපටු නොවන බව හැමෝම පිළිගනිති.  මගේ විශ්ලේශණය අනුව ලෝකයේ ඇති ඉතා කුඩා රටක් වන ලංකාව ගැන ලෝක ජනමතයෙහි වැදගත් බව සහ වටිනාකම නොතේරුණු ජනාධිපතිවරයෙකු බලයේ සිටීම යුද්ධය අවසන් කිරීමට විශාල පිටිවහලක් වූ බව පිළිගත යුතුය. එමෙන්ම ආරක්ෂක ලේකම් ලෙස සිටි අය එම ජනාධිපතිගේ සොහොයුරෙකු  වීමත් ඔහුත් කලින් සිටි හමුදා නිලධාරියෙක් වීමත් මෙම ජයග්‍රහණයට හේතු විය. එවකට හමුදාපති තනතුරේ නොසිටි කොටින් සමඟ යුද්ධය ජයග්‍රහණය කිරීමට දක්ෂ  සරත් ෆොන්සේකා මහතා හමුදාපති කිරීම ගෝඨාභය රාජපක්ෂ මහතා  කල දෙයක් බවත් රහසක් නොවේ.