![]() |
| කහපාට ගවුමකින් සැරසුන යුවතියක් |
එක දවසක් මම අපි හැමෝම දන්න කෙනෙක්ගෙ ඔෆිස් එකට ගියා. කවුද කියල අහන්න එපා කියන්නෙ නම් නැහැ. ඒකේ බොස් තමයි අපි දන්න එක්කෙනා. ඇතුලට ගිය ගමන් මට උන්හිටි තැනුත් අමතක වුණා. ඒකට හේතුව එතනින් ඇවිදන් ගිය ලස්සනම ලස්සන කෙල්ලෙක්. කොච්චර ලස්සනද කියනවනම් අර මවන්න පුළුවන් කියල පම්පෝරිගහන එක මේ යකාට ඇත්තටම මවන්න පුළුවන් ඇති කියලත් මට හිතුණ. මට අපේ යාළුවත් එක්ක ආවේ මාර ඉරිසියාවක්. මෙච්චර ලස්සන කෙල්ලො වැඩකරන තැනට මට එන්න කියන්න තිබුණනෙ නේද? මම දන්නව අපේ යාළුව මාව මෙතෙන්ට එන්න කිව්වෙ නැත්තෙ මොකද කියල. ඒකට හේතුව අර අපේ යාළුවට වඩා මම හරි පෙනුමයිනෙ. ඒක නිසා මිනිහට තරඟයක් වෙයි කියල හිතන්න ඇති.

