Thursday, July 18, 2024

දෙවෙනි මනාපෙ දිනයිද?

Anura, Ranil & Sajith



ජනමත සමීක්ෂණ (opnion polls) ලංකාවේ එතරම් ප්‍රචලිත දෙයක් නෙවෙයි. ඇමෙරිකාවේ සහ අනික් රටවල නම් මේවා දවස ගානේ වගේ වෙනවා. ඒ වගේම ඒ ප්‍රතිඵල ප්‍රසිද්ධ වෙනවා. Institute for Health Policy විසින් පවත්වන ලද එවන් ජන මත විචාරණයක් අනුව අද ජනාධිපතිවරණයක් පැවැත්වුවහොත් චන්ද බෙදී යන්නේ පහත දැක්වෙන ප්‍රතිශත අනුව.

අනුර කුමාර දිසානායක 39%
සජිත් ප්‍රේමදාස             38%
රනිල් වික්‍රමසිංහ          15%
පොහොට්ටුව                7%

මෙසේ චන්ද බෙදී ගිහින් කිසිම කෙනෙක් 50% කට වඩා චන්ද ලබා නොගතහොත් බොහෝ රටවල දෙවෙනි වටයක් පවත්වනවා. එහිදී වැඩිම චන්ද ගන්න දෙදෙනා අතර තරඟයක්. ලංකාවේ බොහෝ විට ප්‍රධාන පක්ෂ දෙකක් අතර තිබුණු තරඟය නිසා එවැනි දෙවන වටයක් ගැන නීතියේ නැහැ. ලංකාවේ තියෙන්නේ දෙවෙනි මනාපය දිය හැකි ක්‍රමයක්. මම හිතන්නේ මෙතෙක් පැවති ජනාධිපති චන්ද වලදී දෙවෙනි මනාපය ගණන් කිරීමක් සිදුවුණේ නැහැ. නමුත් තුන් කොන් සටනක් ලෙස පෙනී යන මෙවර ජනාධිපතිවරණයේදී මේ දෙවන මනාපය තීරණාත්මක සාධකයක් වෙන්න ඉඩ තියෙනවා.

ජනාධිපතිවරණයේදී ඉහත ජනමත සමීක්ෂණය අනුව චන්ද වැටීමක් සිදුවුවහොත්  වැඩි දෙනෙක් දෙවන මනාපය දෙන කෙනා ජනාධිපති වෙන්න පුළුවන්.

මෙම දෙවන මනාප ගණන කිරීමේ ක්‍රමය මට පැහැදිලි නැහැ. එක් කෙනෙක් මට කිව්ව හැටියට වැඩිම චන්ද ගත් දෙදෙනාට අනික් අයගෙන් දෙවන මනාප වැටිච්ච ඒවා උඩ දෙදෙනාට එකතු කිරීමෙන් තමයි ඒක වෙන්නේ කියලා. එහෙම නම් මගේ උපකල්පනය මේකයි. 

අනුර කුමාර දිසානායකට චන්දය දෙන අය වෙනම කට්ටියක් නිසා ඔවුන් වෙන කාටවත් දෙවෙනි මනාප දෙන එකක් නැහැ. ඒ එක්කම ඔහුගේ පක්ෂය අනික් පක්ෂ වල චන්ද දායකයන් අතර එතරම් ජනප්‍රිය නැහැ. ඒ නිසා ඔවුන්ට අන් අයගෙන් දෙවෙනි මනාප ලැබීමේ සම්භාවිතාව අඩුයි. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සහ සජිත්ට  හෝ පොහොට්ටුවට චන්දෙ දෙන අය අනුරට දෙවෙනි මනාපයක් දීමේ අවස්ථාව අඩුයි කියලයි මගේ උපකල්පනය. ඒ නිසා රනිල්ට චන්දෙ දෙන අය සජිත්ට දෙවෙනි මනාපයක් දුන්නොත් බොහෝ විට සජිත් මෙයින් ජයග්‍රහණය කරන්න පුලුවන්.

ඒ ක්‍රමයට නැතුව හැමෝගෙම දෙවෙනි මනාප අපේක්ෂකයාට කෙලින්ම ලැබුණු චන්ද වලට එකතු කරනවනම්, රනිල්ට පොහොට්ටූවේ සහ සජබේ දෙවෙනි මනාප ලැබී ජයග්‍රහණය කරන්න පුළුවන්. හරියටම දෙවෙනි මනාප ගණන් කරන විදිහ දන්න කෙනෙක් ඉන්නවනම් කමෙන්ට් එකකින් දැනුවත් කරන්න.

කෙසේ වෙතත් කිසිම අපේක්ෂකයෙක් මේ දෙවෙනි මානප දීම ප්‍රවර්ධනය කරන එකක් නැහැ. එම නිසා තුන්වන පාර්ශව වලින් මෙවර මැතිවරණයේ දී දෙවන මනාපයේ වැදගත්කම ගැන චන්ද දායකයින් දැනුවත් කිරීමක් වෙයි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.