Saturday, December 23, 2017

මේ ගෙදරවැඩ ටික කරන්න



දවස් තුනක නිවාඩුවක් තියෙන නිසා කරන්න හොඳ වැඩ දෙකක්.

මුදල් දීල ගන්න නව කථාවන්ට වඩා කුතුහලය, තරුණ ආදරය ආදිය ඇතුලත් වෙච්ච කථාවක කොටස් 14 ක් ම ලියල තියෙනව බ්ලොග් රචිකාවියක්. ඒකේ පලමුවන කොටස මෙතනින් කියවන්න.

තරුණ බ්ලොග්කාරිණියක් ඔක්කොම පිරිමි බ්ලොග් කරුවන්ට උපහාස කරගෙන විවාහය ගැන කථිකාවක් විවෘත කරල තියෙනවා. ඒක මෙතන. ගිහින් දෙකක් කියල එන්න.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

20 comments:

  1. Good recommendation Ian. Thanks.

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. /මුදල් දීල ගන්න නව කථාවන්ට .....කථාවක කොටස් 14 ක් ම ලියල තියෙනව බ්ලොග් රචිකාවියක්//

    නැහ්, අපෝ තාම කොටස් දොලහයි. ඒ ටික එක කටකටත් මදි :(

    //තරුණ බ්ලොග්කාරිණියක් ඔක්කොම පිරිමි බ්ලොග් කරුවන්ට උපහාස කරගෙන විවාහය ගැන කථිකාවක් විවෘත කරල තියෙනවා. ඒක මෙතන. ගිහින් දෙකක් කියල එන්න//

    බැහ්!


    ReplyDelete
    Replies
    1. කාලෙකට පස්සේ දැක්කේ.
      Compliments of the season

      Delete
    2. ස්තූතියි. මෙහෙ උන්දලා හිතන් ඉන්නෙ, නත්තල් පප්පගෙ ගේ තියෙන්නෙ මෙහෙ කියල නෙව. ඊට හපන්,මෙදා පාර "වයිට් ක්‍රිස්මස්". උන්දලාට නං සතු‍ටු ඇති, ඒත් අපි වගෙ අසරණ ඝර්ම-කලාපීය පක්සීන්ට නං අබ සරණයි.

      මං එක සැරයක් , වින්ටර් එකේ මුල් හරියෙ කාක්කෙක්ව දැක්කා. ඔහෙට කියන්න ඌ හොඳ සිංහලෙන් "කාක්" කියල කිව්ව නෙව?

      Delete
    3. /* ඒ ටික එක කටකටත් මදි */

      මේ බස්සා හිතාගෙන ඉන්නේ මෙව්වා කජු ඇට කොට්ටම්බා ඇට කියලා වෙන්ඩැති! :P

      Delete
  4. බොහොම ලආසන කථාවකට මග පාඩුවට ස්තූතියි
    විචාරක දියණිය

    ReplyDelete
  5. අහා..

    ඒකයි එහෙනම් මේ පිළිතුරු දී ගන්නත් බැරි තරම් කොමෙන්ටු වැහි වහින්නේ ඒ පැත්තෙ. බොහොම ස්තුතියි ඔබට.

    ඒකත් මරු වැඩේ වෙලා තියෙන්නේ. දැන් අපේ බ්ලොග් ලියන උදවියගේ බිරින්දෑවරුත් ඉතින් ඔය වගේ ජීවිත ගත කරන විවාහක ගෑණු නේ? නාකි වෙච්ච පිරිමි විතරක් බ්ලොග් ලියන්නෙ මොකෝ? ගෑනුන්ට වෙලාව නැද්ද නැත්නම් උන්ට ලියන්න හැකියාවක් පිහිටල නැද්ද?

    මම හිතුවේ එතන ඒ වගේ කතිකාවක් යාවි කියල. වැඩේ එච්චර සාර්ථක නෑ වගේ.

    කොහොම උනත් ඔබට ඔය කතාව අදාළ නෑ. වයසත් 87ක් වෙච්ච තනිකඩ සීය කෙනෙක් වෙච්චි කොට!

    ReplyDelete
  6. ඒ පැත්තේ යන්න ඕනේ. සුභ නත්තලක්

    ReplyDelete
  7. ඔබතුමාට බොහොමත්ම ස්තූතියි ආයෙමත් වතාවක් මගේ බ්ලොග් අඩවියට අලුත් යාළුවෝ ගොන්නක් එව්වාට. පළවෙනි වතාව මතකද, අර ගීත දාසයනේ. :)

    මං මේ කල්පනා කළේ කොටස් දාහතරක් කොහෙද තියෙන්නෙ කියලයි. දහතුන් වෙනි කොටසත් අද තමයි දැම්මේ. :D

    ReplyDelete
    Replies
    1. ඒ කථාව ගොඩ දෙනෙක් කියවන්න වටිනවා. ඔබේ උත්සාහයත් උපරිමයි.

      Delete
  8. හැම තැනම කොමෙන්ට් කියවල තිබ්බට මානවිකාවගේ බ්ලොග් එකට ගොඩ උනේ අදමනේ.. ඒ ඔත්තුවට ස්තුතියි! ඒක මරු..

    ReplyDelete