Friday, February 3, 2017

සයිටම් නඩු තීන්දුව ගැන ‘ආනුභාවනන්ද‘ ලියයි (Lankaenews)

හොරෙක් (GMOA)

(ලංකා ඊ නිව්ස් -2017.පෙබ.02, ප.ව.9.30) සටනින් තොර ජයග්‍රහණයක් නැත. මාලාබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයේ (සයිටම්) උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි වීමේ අවස්ථාව සලසා දුන් අභියාචනාධිකරණ තීන්දුව දැවැන්ත සටනක විශිෂ්ඨ ජයග්‍රහණයකි. සයිටම් සිසුන්ගේ ජයග්‍රහණයකට වඩා එය “අධ්‍යාපනයේ නිදහස“ පිළිබඳ ජයග්‍රහණයකි. මෙම ජයග්‍රහණයට දායක වීමට හැකි වීම පිළිබඳ අපි ආඩම්බර වෙමු. මෙය දොස්තර නෙවිල් ප්‍රනාන්දුගේ ජයග්‍රහණයක් වශයෙන් හඳුන්වාදීමට බොහෝ දෙනෙක් උත්සාහ ගත්ත ද ඔහු මේ සටනින් පලා ගියේ බොහෝ කලකට පෙර ය. ඔහු සිය ශික්ෂණ රෝහල මෙන්ම සයිටම් ආයතනය ද රජයට බාර දී අත සෝදා ගැනීමට තීරණය කර ඒ පිළිබඳව ප්‍රසිද්ධ ප්‍රකාශයන්ද කර තිබිණ. මෙම සටන ඉදිරියට ගෙන ගියේ සයිටම් ආයතනයේ සිසුන්, දෙමාපියන්, ආචාර්ය මණ්ඩලය සහ ‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් පෙනී සිටි පුරවැසියන් විසින් බව එම සටනට සහභාගී වූවන්ගේ ගෞරවය වෙනුවෙන් සටහන් කළ යුතුය. 

‘අධ්‍යාපනයේ නිදහස‘ වෙනුවෙන් වූ සටන ඉතා දුෂ්කර විය. සටන් කිරීමට සිදුවූයේ මාර සේනාව සමඟ ය. අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සහ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති ෆැසිස්ට්වාදී සංවිධාන සමග ප්‍රජාතන්ත්‍රවාදී සීමාවන් හි සටන් කිරීම ඉතා දුෂ්කරය. පෙරටුගාමී නම් ෆැසිස්ට්වාදී දේශපාලන බලවේගයේ නියෝජනය වූ අවිවිශිබම කිසිදු සාකච්ඡාමය විසඳුමකට සූදානම් නොවන ෂයිලොක් වර්ගයේ සංවිධානයකි. “නිදහස් අධ්‍යාපනය“ ආරක්ෂා කිරීමට යැයි සිය ගණනක් සිසුන් පාරට ගෙන එන්නේ ඔවුනගේ දේශපාලන න්‍යාය පත්‍රය ශක්තිමත් කිරීමට මිස සිසුනට ඇති ඇල්මකට නොවේ. 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු එවැනිම පටු ගෝත්‍රික අවස්ථාවාදී කණ්ඩායමකි. ඇම්බියුලන්ස් සේවාවකට පවා එරෙහි වන, තම අරුම පුදුම ඉල්ලීම් වෙනුවෙන් ලක්ෂ සංඛ්‍යාත රෝගීන් ජීවග්‍රහයට ගැනීමට හැකි මිනීමරු ත්‍රස්ත සංවිධානයකි. රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන වෛද්‍යවරුන් මහා බ්‍රහ්මයාගේ අහවල් තැනින් නිර්මාණය වන්නේ යැයි සිතා සිටින ඔවුන් තම වෘත්තියට තර්ජනයක් විය හැකි සියළු බලවේග මර්දනය කිරීමට ඉදිරිපත් වන ගෝත්‍රික සංවිධානයකි. 
සම වෛද්‍ය සිසුන්ට වසර 4 කට අධ්‍යාපනය ලබා දීමට විරුද්ධ වූ ඔව්හු හෙදියන් වෛද්‍ය නලාව භාවිතා කිරීමට පවා විරුද්ධ වූහ. සහකාර වෛද්‍යවරුන්ට, හෙදියන්ට අධ්‍යාපන අවස්ථා පුළුල් කිරීම, නව ගිලන් රථ සේවාව ආරම්භ කිරීමට ඇතුළු සෑම ප්‍රගතිශීලී යෝජනාවකටම මෙම ගෝත්‍රික සංවිධානය විරුද්ධ වූහ. තමන් පිලිබඳව විශාල හීනමානයකින් පෙලෙන මෙම කණ්ඩායම ‘රජයේ වෛද්‍යවරයා‘ යනු ජනතාව පුද පූජා පැවැත්විය යුතු චරිතයක් බව වදාරති. 
මහාචාර්ය කාලෝ ෆොන්සේකාගේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවද මෙම ෆැසිස්ට් ත්‍රස්තවාදී සංවිධාන දෙකට ගැලපෙන මට්ටමේ ප්‍රජාතන්ත්‍රවිරෝධී සංවිධානයකි. සයිටම් සිසුන් දෙදෙනෙකු තමන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරන ලෙසට අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ අවස්ථාවේ මහාචාර්ය කාලෝ කියා සිටියේ අධිකරණයේ තීන්දුව කුමක් වුවද තමන් සයිටම් සිසුන් වෛද්‍ය සභාවේ ලියාපදිංචි නොකරන බවයි. මෙය අධිකරණයට අපහාස කළ උද්ධච්ඡ, නීච ප්‍රකාශයකි. එබැවින් මේ මාර පිරිස අධ්‍යාපනයේ නිදහසට අභියාචනාධිකරණය ලබා දුන් තීරණය පිළිගෙන වේදිකාවෙන් බැස යන්නේ නැත. ඔවුන් ‘අධ්‍යාපනයේ නිදහස‘ විනාශ කරන ගෝත්‍රික කල්ලිවාදය ස්ථාපිත කිරීම වෙනුවෙන් ඉදිරියේදී නව වටයකින් සටනට එළැඹෙනු ඇත. එබැවින් අද අප භුක්ති විඳිනුයේ ‘අධ්‍යාපනයේ නිදහසේ‘ පළමුවටයේ ජයග්‍රහණය පමණි.

කබරගොයා තලගොයා කර ගැනීම

මෙම පරාජයෙන් පසු නිවේදනයක් නිකුත් කරන රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක සමන්ත ආනන්ද කියා සිටින්නේ තම සංගමය ‘වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය හා ගුණාත්මක භාවය ආරක්ෂා කිරීම සඳහා සෑම අවස්ථාවකදීම පෙනී සිටින අතර ඒ සඳහා අවශ්‍ය වුවහොත් ජාත්‍යන්තරයට යෑමට සූදානම් බවයි.‘ 
මෙම ප්‍රකාශය රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ මුග්ධභාවය අපූරුවට හෙළි කරන්නකි. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යනු ලියාපදිංචි වෘත්තීය සමිතියකි. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මකභාවය ආරක්ෂා කිරීමේ වගකීම නීත්‍යාණුකූලව පැවරී තිබෙන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ය. මෙය කන්න ඕනෑ වූ විට කබරගොයා තලගොයා කර ගැනීමේ උත්සාහයකි. 
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය නමැති වෘත්තීය සමිතිය පසුගිය ඉතිහාසය පුරාම කටයුතු කළේ වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය වර්ධනය කිරීමට නොව විනාශ කිරීම සඳහා ය. “රජයේ වෛද්‍යවරුන්“ යැයි ඔවුන් හඳුන්වන ගෝත්‍රික පිරිසට අමතරව සෞඛ්‍ය ක්ෂේත්‍රයේ කිසිදු කණ්ඩායමකට නව අධ්‍යාපන දැනුම හෝ ප්‍රායෝගික පුහුණුවක් ලබා ගත නොහැකි අන්දමට ලක්ෂ ගණනක් රෝගීන් ජීවග්‍රහයට ගෙන විරෝධතා ගොනු කෙළේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය යි. උදාහරණයකට හෙදි අධ්‍යාපනය වසර තුනේ සිට හතර දක්වා ඉහළ දැමීමට රජය උත්සාහ කළ අවස්ථාවේ මෙම ගෝත්‍රික සංවිධානයේ මාරාන්තික විරෝධය ගෙන හැර දැක්විය හැකිය. අවශ්‍ය නම් මෙවැනි උදාහරණ ලැයිස්තුවක් අපට ඉදිරිපත් කළ හැකිය. එබැවින් හදිසියේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය සහ ගුණාත්මක භාවය මතක් වීම විසිළු සහගත ය. 
දෙවන කරුණ වන්නේ අභියාචනාධිකරණ තීරණයට එරෙහිව “ජාත්‍යන්තරයට“ යන බවට එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශකයා කරන විහිළුවයි.  මේ ගෝත්‍රික ත්‍රස්වාදී සංවිධානයේ නායකයන්ට අවබෝධ නොවූ නමුත් අභියාචනාධිකරණය ලබා දුන් තීරණය අපේ රටේ අධ්‍යාපනය ජාත්‍යන්තරයට ගෙන යෑමේ ප්‍රවේශයයි. මේ ගෝත්‍රිකයන් යන්නට සූදානම් වන ජාත්‍යන්තරයේ ඇත්තේ අධ්‍යාපනය ලැබීමේ නිදහසයි. මේ ගෝත්‍රික ෆැසිස්ට් සංවිධානයේ නායකයන් ජාත්‍යන්තරයට ගොස් පවසන්නේ තම ගෝත්‍රයේ සාමාජිකයන්ට හැර අනෙක් කිසිවෙකුට උසස් අධ්‍යාපනයට අවස්ථාව නොදිය යුතු බවද? මෙයට වඩා විගඩමක් තවත් තිබිය හැකිද? 

නඩුකාරවරු වෛද්‍ය සභාවේ රෙදි ගලවති

ශ්‍රී ලංකා වෛද්‍ය සභාව “ගෝඨා පීඨය“ හෙවත් කොතලාවල වෛද්‍ය පීඨයට සහ මාලාබේ වෛද්‍ය විද්‍යාලයට (සයිටම්) එකිනෙකට වෙනස් හැඳි වලින් සලකා ඇති බව පසුගියදා අභියාචනාධිකරණය දුන් තීන්දුවේ සඳහන් කර තිබේ.
‘ගෝඨා පීඨයේ‘ ප්‍රමිතිය පරීක්ෂා කිරීම සඳහා මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ්, මහාචාර්ය රංජනී ගමගේ ඇතුළු සිව් දෙනෙකුගෙන් සමන්විත පරීක්ෂණ කණ්ඩායමක් ගොස් ඇති අතර එම පරීක්ෂාව අවසානයේ පිටු දෙකකින් යුතු ඉතා කෙටි වාර්තාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ඉදිරිපත් කර තිබේ.
“ මෙම පරීක්ෂණ චාරිකාවේ දී ඉදිරිපත් කළ කරුණු සහ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් සැළකිල්ලට ගන්නා පරීක්ෂණ කණ්ඩායම මෙම ආයතනයට නිසි තත්ත්වයෙන් යුතු හමුදා වෛද්‍යවරුන් බිහි කිරීමට හැකිය. මෙම වෛද්‍ය පීඨය ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන අතර වසර 2015 දී මෙම වෛද්‍ය පීඨයට අයත් වන රෝහල් ඉදි කිරීම් සම්පූර්ණ කළ පසුව හමුදා වෛද්‍ය උපාධිධාරීන් ට එහි දී පුහුණුව ලබා ගත හැකිය“ යනුවෙන් එම පිටු දෙකේ වාර්තාවේ සඳහන් වේ.
අභියාචනාධිකරණ විනිසුරන් වන විජිත් මලල්ගොඩ සහ එස්.තුරෙයිරාජා යන මහත්වරුන් ලියා ඇති දීර්ඝ නඩු තීන්දුවේ සඳහන් කරන ආකාරයට වෛද්‍ය සභාවේ පරීක්ෂක කණ්ඩායම ඉදිරිපත් කරන පිටු දෙකේ වාර්තාවේ කොතලාවල වෛද්‍ය පීඨයේ පහසුකම් පිලිබඳ විස්තර දක්වා ඇත්තේ ඡේද දෙකක් පමණක් බවත් එමගින් මෙම වෛද්‍ය සිසුන් ‘ඉතාම ඉහළ මට්ටමේ‘ පුහුණුවක් ලබා දෙන බවට නිගමනයකට එළැඹ ඇති නමුත් ඒ වන විට එම වෛද්‍ය පීඨය සතු වනවා යැයි කියන ඇඳන් 700 කින් යුත් ශික්ෂණ රෝහලේ ඉදි කිරීම් කටයුතු පවා නිමාකර නොතිබුණු බවයි.
සයිටම් ආයතනයේ ප්‍රමිතිය සහ පහසුකම් නිරීක්ෂණය කළ වෛද්‍ය සභාවේ කණ්ඩායමේ නායකයා වූයේ ද මහාචාර්ය රිෂ්වි ෂෙරීෆ් ය. එම කණ්ඩායමට ද මහාචාර්ය රංජනී ගමගේ මහත්මිය ඇතුලත් විය.  
අභියාචනාධිකරණය මෙම වාර්තා දෙක පරීක්ෂා කිරීමේ දී සයිටම් සහ කොතලාවල වෛද්‍ය පීඨය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව එකිනෙකට වෙනස් ප්‍රමිතීන් දෙකක් යොදාගෙන තිබෙන බව පැහැදිලි යයි විජිත් මලල්ගොඩ සහ එස්. තුරෙයිරාජා මහත්වරුන් සිය නඩු වාර්තාවේ අවධාරණය කරති. ( පිටු 28-29)

පරාජිත ෆැසිස්ට්වාදීන්ගේ නව වටයේ සටනට මෛත්‍රී ගොදුරු වෙයිද?

අභියාචනාධිකරණ තීරණය හේතුවෙන් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ අභ්‍යන්තර අර්බුදයක් නිර්මාණය වෙමින් පවතී. සංගමයේ ලේකම් සොයිසා සිය සාමාජිකයන්ට ලිපියක් යවමින් අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට විශේෂ රැස්වීමක් කැඳවා තිබේ. එම ලිපිය ලැබුණු බොහෝ වෛද්‍යවරුන් පාදෙණිය, හේරත්, සොයිසා ආදීන්ගේ මව් ගුණ ගායනා කරමින් සිටිති. පසුගිය වනචර දශකය පුරා රාජපක්ෂ රෙජීමයට කඩේ යමින් තම පෞද්ගලික අවශ්‍යතා සපුරා ගත් මෙම කණ්ඩායම ‘සයිටම්‘ විරෝධී සටන ආරම්භයේදී පාවා දුන් බව ඔව්හු කියති. රාජපක්ෂ රෙජීම සමයේ ඔවුන්ගේ ආධාරයෙන් ආරම්භ කළ ‘සයිටම්‘ ආයතනයට එදා විරුද්ධ නොවී එය ස්ථාපිත වීමට ඉඩ දුන් බව ඔව්හු පෙන්වා දෙති. ‘සයිටම්‘ සටන පරාජය වූයේ කොතලාවල ආරක්ෂක පීඨයේ වෛද්‍ය පීඨයක් කිසිදු විරෝධයකින් තොරව ආරම්භ කිරීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඉඩ හැරීමත් සමග බවත් දැන් සාකච්ඡා කිරීමට දෙයක් ඉතිරි වී නැති බවත් ඔව්හු කියා සිටිති. 
මේ ලිපිය ලියද්දී අවසන් වරට දැන ගන්නට ලැබුනේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් ලේකම් නවීන් ද සොයිසා හෙවත් ‘ගුටිකන මූණා‘ නමැත්තා අද (2) පැවැති මාධ්‍ය හමුවකදී ‘ප්‍රමිතියකින් තොර වෛද්‍යවරුන්‘ බිහිවීමට ඉඩ දෙමින් රාජිත සේනාරත්න සෞඛ්‍ය ඇමැතිවරයා සයිටම් හිතවාදී ප්‍රතිපත්තියකින් කටයුතු කරන බැවින් ඊට විරෝධය දැක්වීම සඳහා සතියකින් පසු අඛණ්ඩ වෛද්‍ය වැඩවර්ජනයක් කරන බව ප්‍රකාශ කර තිබිණ. වැරදි නිවැරදි කරගැනීමට සතියක කාලයක් ලබාදෙන බවටද ඔහු පුරසාරම් දොඩා තිබිණ. මින් ගම්‍ය වන්නේ අප අනතුරු අඟවන්නා සේම මේ ෆැසිස්ට්වාදීන් නිකම්ම වේදිකාවෙන් බැස නොයන බවයි.  
සයිටම් ආයතනය ආරම්භ කිරීමට සූදානම් වූ අවස්ථාවේ දී රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පාදෙණිය විශාල විරෝධතාවයක් මුලදී ගොනු කෙළේය. එවක උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක කෙළේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තිබූ පාදෙණියගේ පෞද්ගලික ලිපි ගොනුවේ පිටපතක් තමා භාරයට ගැනීමයි. ඉන් පසුව පාදෙණිය එස්.බී.ගේ අතේ නැටවෙන රූකඩයක් මෙන් විය. කොතලාවල ආරක්ෂක පීඨයේ ‘ගෝඨා වෛද්‍ය පීඨය‘ ප්‍රමිතියකින් තොරව ආරම්භ කරන අවස්ථාවේ (අවම වශයෙන් ගොඩනැගිල්ලක් හෝ නොමැතිව) රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සාමාජිකයෝ කලබලයට පත් වූ අතර එම වැඩ පිළිවෙලට විරෝධය දක්වන ලෙසට නායකත්වයට බල කළහ. එහෙත් ගෝඨාභය රාජපක්ෂ ලබා දුන් එක දුරකථන ඇමැතුමකින් තම කලිසමේ සුළු දිය පහ කර ගත් පාදෙණිය ඉන්පසුව ‘ගෝඨා පීඨය‘ ගැන කටක් ඇරියේ නැත. අද තම සාමාජිකයන් නගන ප්‍රශ්න හමුවේ අසරණ වී ඇති පාදෙණිය, හේරත්, සොයිසා කල්ලියට සිය ඉතිහාසය මකා දැමිය නොහැකිය. 
මේ කල්ලිය පසුගිය වනචර දශකයේ රාජපක්ෂ රෙජීමයට කඩේ ගියේ රෙදි නැතිව ය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේදී හෙද සංගමයේ සභාපති මුරුත්තෙට්ටුවේ ආනන්දගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවැති මහින්ද රාජපක්ෂට සහයෝගය පළ කිරීමේ වෘත්තීය සමිති රැස්වීමට සහභාගී වූ පාදෙණිය කියා සිටියේ “යහපාලනයකට තව කල් වැඩි“ බව යි. 
වරු තුනෙන් තම ජනමතය පාවා දුන් මෛත්‍රීපාල සිරිසේන පසුගියදා මුරුත්තෙට්ටුවේ ආනන්දගේ උපන් දිනය වෙනුවෙන් අභයාරාමයට රිංගූ නමුත් ලජ්ජා බයක් ගෑවී හෝ තිබෙන මනුස්ස පරාණයකට එය සිදුකළ නොහැකිය. තමාව අඩි හයක් පහළ දැමීමට කුමන්ත්‍රණය කළ ගුබ්බෑයමකට රිංගුවා පමණක් නොව එහි සිටි බයියන්ගේ ‘ස්වයං වින්දනය‘ වෙනුවෙන් උද්දීපනයද සැපයී ය. දැන් අප වෙත වාර්තා වන්නේ නඩුවෙන් පරාජිත පාදෙණියලා ද මෛත්‍රීපාල සිරිසේන හමුවී අලුත් අඩව්වක් ඇල්ලීමට යන බවයි. 

වම් අත වෙනුවට දකුණු අත කපන රජයේ වෛද්‍යවරුන්ගේ “ප්‍රමිතිය“

‘අධ්‍යාපනයේ නිදහසට‘ විරුද්ධ කණ්ඩායම් දැන් කරළියට ගෙන එන අලුත්ම අපවාදය වන්නේ ‘සයිටම්‘ ආයතනයෙන් බිහි වී වෛද්‍ය සභාවේ ලියාපදිංචි වන නවක වෛද්‍යවරුන් රෝගීන් මරා දමනු ඇති බවයි. රජයේ වෛද්‍ය පීඨයන් බිහිකළ ‘රජයේ වෛද්‍යවරුන්‘ ගේ නොසැළකිල්ලෙන් පසුගිය කාලයේ කෙතරම් අහිංසක රෝගීන් පිරිසක් මිය ගොස් ඇති ද ? වම් අත වෙනුවට දකුණු අත කපා දැම්මේ රජයේ වෛද්‍ය පීඨ වල “ඉහළ“ ප්‍රමිතිය නිසා ද? වෛද්‍ය නොසැළකිල්ල හේතුවෙන් රෝගීන් මරා දැමීමට අමතරව රෝගී තරුණියක් දූෂණය කර ඝාතනය කළේ ද මෙම ඉහළ ප්‍රමිතිය නිසා ද? එම ස්ත්‍රී දූෂක ඝාතකයා ආරක්ෂා කර ගැනීමට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සෑම උත්සාහයක්ම ගත්තේ ය. 
ප්‍රමිතිය පිළිබඳ අවලාදය අද ඊයේ මතු වූවක් නොවේ. උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය (රාගම) ආරම්භ කළ අවධියේ ද මෙම තැටියම වාදනය කෙළේය. මුදලාලි කෙනෙකු ආරම්භ නොකළ ලාබ නොලබන වෛද්‍ය විද්‍යාලයක් වූ උතුරු කොළඹ විද්‍යාලය විනාශ කෙළේ ද මෙවැනි අවලාද නගමිනි. එදා උතුරු කොළඹ වෛද්‍ය විද්‍යාලය විනාශ නොකෙළේ නම් අද වන විට ‘සයිටම්‘ ආයතනයට වඩා ප්‍රමිතියෙන් ඉහළ පෞද්ගලික වෛද්‍ය පීඨ රාශියක් බිහි වීමට අවස්ථා තිබූ අතර ශ්‍රී ලංකාව ආසියාවේ පෞද්ගලික උසස් අධ්‍යාපනයේ කේන්ද්‍රස්ථායක් වීමට ඉඩ තිබිණ. අන්තවාදී, අවස්ථාවාදීන්ගේ පුහු විරෝධතා හේතුවෙන් එම ඓතිහාසික අවස්ථාව අපට අහිමි විය. ඒ අවස්ථාව දකුණු කොරියාව, මැලේසියාව, බංගලාදේශය සහ ඉන්දියාව අත්පත් කර ගත්තේ ය. මෙම ගෝත්‍රවාදී, කුහකයන් පිරිස පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පමණක් නොව ඇතැම් රජයේ වෛද්‍ය පීඨ ගැනද කථා කරන්නේ ඒ ආකාරයෙන්මය. 
ශ්‍රී ජයවර්ධන පුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨය ආරම්භ කළ අවධියේ කොළඹ සහ පේරාදෙණිය වෛද්‍ය පීඨ වල සිසුන් පමණක් නොව ඇතැම් ආචාර්යවරුන්ද ප්‍රසිද්ධියේ කියා සිටියේ ජයවර්ධන පුර වෛද්‍ය පීඨයේ ප්‍රමිතියක් නොමැති බවත්, එම පීඨයෙන් බිහි වන නවක වෛද්‍යවරුන් අතින් රෝගීන් මිය යන බවයි. අලුතින් ආරම්භ කරන ඕනෑම අධ්‍යාපන ආයතනයක ප්‍රමිතිය ඉහළ දමා ගැනීමට කාලය සහ නිශ්චිත මග පෙන්වීමක් අවශ්‍යය. වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය තහවුරු කිරීම වෛද්‍ය සභාවේ වගකීමයි. එම වගකීම ඉටු නොකර ‘සයිටම්‘ සිසුන්ට අවශ්‍ය සායනික පුහුණුවට වැට බැඳ, ඔවුන්ට පුහුණුව නැතැයි අවලාද නැගීම තරම් නින්දා සහගත නීච නිහීන ක්‍රියාවක් තවත් වේද? 

සයිටම් සිසුන්ගේ සුදුසුකම් අසන ජවිපෙ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ගිය සුදුසුකම් සඟවයි

දොස්තර නෙවිල් ප්‍රනාන්දු ‘සයිටම්‘ ආයතනය ආරම්භ කළ අන්දම හෝ එහි ප්‍රමිතිය පිළිබඳ අපට සෑහීමකට පත් විය නොහැකිය. එහෙත් අප පෙනී සිටින්නේ ‘සයිටම්‘ ආයතනය වසා දැමීම වෙනුවෙන් නොව නිසි නියාමනයෙන් යුතු පෞද්ගලික විශ්ව විද්‍යාලයක් ස්ථාපිත කිරීම වෙනුවෙනි. එක් පෞද්ගලික වෛද්‍ය පීඨයක් වෙනුවෙන් නොව නිසි ප්‍රමිතියෙන් යුතු පෞද්ගලික වෛද්‍ය විද්‍යාල දහසක් වෙනුවෙනි. අධ්‍යාපනයේ නිදහස වෙනුවෙනි.
වසර 2020 දී බලය ලබා ගැනීමට සූදානම් වන ජවිපෙ සහ ඔවුනට අනුබද්ධ සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය තරඟ කරමින් සිටින්නේ පෙරටුගාමීන් සමග ය. පෙරටුගාමීන්ට වඩා අන්තගාමී ෆැසිස්ට්වාදී වී අධ්‍යාපනයේ නිදහස විනාශ කරන්නේ කෙසේද යන්න පිළිබඳව ය. ‘සයිටම්‘ ආයතනයේ සිසුන් මූලික සුදුසුකම් නොමැති බවට අවලාද නගන ජවිපෙ නායකයන් කළ යුතුව ඇත්තේ සිය සදාදරණීය නායක රෝහණ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට තිබූ සුදුසුකම් මොනවාද යන්න හෙළි කිරීමයි. එදා රෝහණ විජේවීර ලුමුම්බා සරසවියේ වෛද්‍ය අධ්‍යාපනය හැදෑරීමට ගියේ අපොස උසස් පෙළවත් නොමැතිවයි. ඔහුට තිබුනේ අපොස සාමාන්‍ය පෙළ සුදුසුකම පමණි. එසේ නම් රජයේ වෛද්‍ය පීඨයන්ට ඇතුළුවීමේ අවම සුදුසුකම් වලට වඩා වැඩි සුදුසුකම් සහිත ‘සයිටම්‘ සිසුන්ගේ අධ්‍යාපන මට්ටම පරීක්ෂා කිරීමට ජවිපෙට ඇත්තේ කුමන සදාචාරයක් ද? රජයේ වෛද්‍ය පීඨයන්ට සාමාන්‍ය සාමාර්ථ 3 කින් (එස් තුනකින්) ඇතුලත් වුවද ‘සයිටම්‘ ආයතනයට සාමාන්‍ය සාමාර්ථ තුනකින් ඇතුළු වූ එකදු සිසුවෙක් හෝ සිසුවියක් නොමැත. වසර ගණනාවක් පුරා එල්ල කළ අවලාද, බොරු, පදනමක් නොමැති චෝදනා තවදුරටත් වලංගු නැත. 
එහෙත් ෆැසිස්ට්වාදී පෙරටුගාමීන්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ජවිපෙ මෙන්ම වෛද්‍ය සභාව ගෞරවාන්විතව වේදිකාවෙන් බැස යන්නේ නැත. පළමුවටයේ පරාජයෙන් වියරු වැටී සිටින මේ බලවේග ඔවුන් ලැබූ පරාජය මකා ගැනීමට ඉදිරියේ දී ලේ හලනවා සිකුරු ය. ඉතා දුර්වල සහ ප්‍රතිගාමීන් සමග යහන් ගතවීමට ඇඟිලි ගනිමින් සිටින ජනාධිපතිවරයාට බලපෑම් කරනවා නියත ය. දෙවැනි වටය වඩා දුෂ්කර ය. නමුත් සත්‍ය සහ සාධාරණය ජයගත යුතුම ය. ඒ සඳහා කැපවෙමු..!

බොරුකාරයන්ට කනේ පාරක් !! SAITAM සිසුන් රජයෙන් පවත්වන විභාගයකට මුහුණදීමට සූදානම් ලු.

24 comments:

  1. රජයේ වෛද්‍ය පීඨයන්ට සාමාන්‍ය සාමාර්ථ 3 කින් (එස් තුනකින්) ඇතුල් වෙන්ඩ පුලුවන්ද .....එහෙම ආපු අය ඉන්නවද ....අඩේ මම ඒක දන්නේ අද

    ReplyDelete
    Replies
    1. ටික කාලෙකට ඉස්සරින් මොනරාගලින් හේම ආවා, දැන් ඔය ලොකුවට සද්දේ දාන බොහොමයන් එහෙම උදවිය, කොහොමටත් දුෂකර පලාත්වලින් පළවෙනිවතාවෙන් කවුරුවත්ම මෙඩිකල් කොලේජ් එවෙන්නෙම නෑ බොහොවිට තුන්වෙනි පාර තමා හරියන්නේ, ඒ පලාත්වල පළවෙනි වතාවෙන් ගොඩයන්නේ නම විතරක් රෙජිස්ටර්වල ඇති අයයි. ළඟපාත දොස්තර ගොන් තඩියෙක් ඉන්නවා ඒ පවුලේ දොස්තරලාම තුනයි මුල්ගම වලපනේ,අය්යා මෙඩිකල් ස්ටුඩන්ට් කාලේ මල්ලිලා වෙනුවෙන් වලපනෙන් ඒඑල් ලියලා තමා පාස්කරලා තියනවා කියන්නේ.

      Delete
    2. ලංකාවේ ඕනෑම රාජ්‍ය විශ්ව විද්‍යාලයකට ඇතුල්වීමේ අවම සුදුසු කම අදාල විශයන් තුනකට සාමාන්‍ය සාමාර්ත තිබීම පමණි. එයට අමතරව සමහර පාඨමාලාවලට සාමාන්‍යපෙළ ගණිතය, ඉංග්‍රීසි වැනි විශයන්ට සාමාන්‍ය හෝ සම්මාන සාමාර්ත අවශ්‍යයි. නමුත් සීමිත අවස්ඨා සහ වැඩි ඉල්ලුම නිසා මෙවැනි අවම සුදුසුකම යටතේ වරිතමානයේ වෛද්‍ය සහ ඉංජිනේරු පිඨවලට ඇතුලත් විය නොහැක. ගියවර අවම අගය සහිතව වෛද්‍ය පීඨයට ඇතුලත් වෙ ඇත්තේ 1.4... ක Z අගයක් සහිත කිලිනොච්චි දිස්ත්‍රක්කයෙනි . එහිදී උසස් පෙළ ප්‍රතිඵලය A,B,C හෝ B,B,B විය හැක .

      Delete
    3. So why do you lie Ian? Refer to serenddipity's comment. It has to be ABC or BBB in minimum.

      Delete
    4. ඔව් ඒක ඇත්ත. මම ඒ එල් කරපු 1985 අවුරුද්දේ එස් 3න් පිට පලාත් වලින් මෙඩිකල් ගියා. ඒත් කොළඹින් බී 1, සී 2, එස් 1 තියෙන එකාට කැම්පසුත් නැහැ.
      අද ඔය කෑ ගහන හුඟක් උන් ඒ වගේ අඩු ලකුණු වලින් පිට පලාත් වලින් ගිය උන්.

      Delete
  2. සමස්ත ජනතාවට මෙමගින් සිදුවන යහපතක් මා හට තේරුම් ගත නොහැක.. දරුවන් වෙනුවෙන් රුපියල් ලක්ෂ අනුවක් වැය කල හැකි දෙමාපියන්ට ආරක්ෂිතව මෙරටදීම ඔවුනට වෛද්‍ය උපාධියක් ලබාදිය හැක.. එමගින් බිහිවන්නන්ගේ ප්‍රමිතිය හා දුෂ්කර ප්‍රදේශ වලට සේවය කිරීමට ඇති කැමැත්ත අපට දැකගත හැකි වනුයේ කාලයත් සමගිනි.. නමුත් මෙය ධනය, බලය එක්රැස් වූ අයගේ මුලිකත්වයෙන් සිදුවන්නක් නිසා බහුතරයට යහපතක් සිදු වීමට ඇති ඉඩ ඉතා අල්ප බව මගේ අදහසයි..

    ReplyDelete
    Replies
    1. පෞද්ගලික අඩ්ද්‍යාපන ආයතන කෙරෙහි වූ බාධා මැඩලූ කල එය ඉතා හොඳ ආයෝජනයක් ලෙස රටේම පිළිගැනීමට ලක් වෙනවා. එවිට මූල්‍ය ආයතන මේ හොඳ ආයෝජන අවස්ථාවෙන් ප්‍රයෝජන ගැනීම පිණිස සිසුන් වෙත ශිෂ්‍ය ණය ක්‍රම හඳුන්වා දෙනු ලබනවා.
      අන්න එහෙමයි මධ්‍යම පාන්තිකයින්ට මෙවැනි ක්‍රම වලින් යහපත උදා වන්නේ. අනෙක මෙය දේශීය පීඨයක් වන නිසා මූල්‍ය ආයතන වල විශ්වාසය වැඩි වනවා.

      Delete
  3. //‘සයිටම්‘ ආයතනයේ සිසුන් මූලික සුදුසුකම් නොමැති බවට අවලාද නගන ජවිපෙ නායකයන් කළ යුතුව ඇත්තේ සිය සදාදරණීය නායක රෝහණ විජේවීර ලුමුම්බා වෛද්‍ය විද්‍යාලයට ඇතුළු වීමට තිබූ සුදුසුකම් මොනවාද යන්න හෙළි කිරීමයි. // +++++++++++++++++++++++++++++++++++++++

    ReplyDelete
  4. මුන්ට තියෙන්නේ පැහදිලි ඉරිසියාව ...ලෝබකම කුහකකම

    ReplyDelete
  5. එදා කොටුවේ පාර පුර මිනිස්සුන්ට අවහිර වෙන විදිහට මුන් හැසරුනේ පිස්සෝ වගේ කොනක ඉදලා වෙඩි තියලා දාන්න ඕනේ

    ReplyDelete
  6. ලෝකේ බොහෝ රටවල් වල රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය අලුත් කලයුතු වගේම යම් වැරදි සිදුකර ඇත්නම් එම බලපත්‍රය අවලංගු කරනවා.

    සයිටම් උපාධිදාරීන් හෝ රජයේ උපාධිදාරීන් හෝ විදේශීය උපාධිදාරීන් කිසිවෙකු රෝගී ප්‍රතිකාර සඳහා නිපුණත්වය නොපෙන්වා නැවත නැවත වැරදි/අතපසුකිරීම් සිදුකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් සැදීමයි අවශ්‍ය.

    එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙන නිසා රෝගීනට ගැටළුවක් වෙන්නේ නෑ. SLMC එක එහෙම කරන්නේ නැත්තේ එතකොට තමුන්ගේ රාජ්‍ය විශ්විද්‍යාලවල උපාධිදාරී අය කරන අප්‍රමාණ වැරදි වලටත් දඩුවම් ලැබෙන ක්‍රමයක් ඇවිත් දැන් කරන වගකීම් රහිත දේවල් කරන්න බැරි වෙන නිසා.

    මේ නියමිත ක්‍රමය හදන්නේ නැතුව SLMC & GMOA වටේ යන්නේ තමුන්ගේ දුර්වලතාවයන් වහන්න තිබෙන ආවරණය රැකගන්න ඕනේ නිසා කියලයි මට නම් තේරෙන්නේ.

    ReplyDelete
  7. පුද්ගලික අද්යාපන ආයතනවල ප්‍රමිතියේ යම් ගැටළුවක් තිබේනම් එය නිවැරදි කල යුතුමයි. කල යුත්තේ පුද්ගලික සහ රජයේ අධ්‍යාපන ආයතනවල ප්‍රමිතිය ඉහල නැංවීම විනා එම ආයතන වසා දැමීමට බලකිරීම නොවේ.. එහෙත් කරන්න කියන්නේ වහල දාන්න කියලයි. එතන තියෙන්නේ කුහකත්වය කවලම් වෙච්චි වෙනත් අවශ්‍යතාවයක් මිසක් ලංකාවේ ලෙඩ්ඩු ගැන තියන අවංකම කරුණාව නෙවෙයි. එහෙම කරුණාවක් මේ වෛද්‍ය සභාවට තිබුනානම් අපේ රටේ සෞක්‍ය පහසුකම් මීට වඩා හුඟක් වැඩි දියුණු වෙන්න තිබුන.

    අද්‍යාපනය පුද්ගලික අංශයේ ලාභ ලබන ව්‍යාපාරයක් විදිහට ලංකාවට එළිදැක්වුණේ මහා පරිමාන ටියුෂන් වලින් සහ ජ්‍යාත්‍යන්තර පාසල් වලින්. එව්වට විරුද්ද නොවුන වුර්තිකයින් වෛද්‍ය විද්‍යාලය පුද්ගලික අංශයට ගියාම විරුද්ද වෙනවා..අරුම පුදුම ප්‍රතිපත්ති මෙව්වා,..ඒක හරියට පොඩි නයා මරන්නේ නැතුව ලොකු නයා මරන්න කියනවා වගේ කතාවක්.. ඒත් ප්‍රායෝගිකව ගත්තම පොඩි නයා කෑවත් මැරෙනවා ලොකු නයා කෑවත් මැරෙනවා..

    වඩා වැදගත් වෙන්නේ අද්යාපනයේ ප්‍රමිතිය මිසක් ඒක රජයේද පුද්ගලිකද කියන එක නෙවෙයි.

    ReplyDelete
  8. ඉයන්,

    හරිම කාලෝචිත මාතෘකාවක් ඔබ සාකච්චාවට ගත්තේ. මුනින්ම මාලබේ නෙවිල් ප්‍රනාන්දු කියන්නේ දැනට හිරේ ඉන්න ඕනේ කෙනෙක් ඔහු කර ඇති අක්‍රමිකතා විශාලයි මේ (සයිටම්) ප්‍රශ්නයේදී නමුත් එසේ වූ නිසා මෙය හොර උපාදි කඩයක් නෙමෙයි.

    මෙයට ගිහිල්ල තියෙන්නේ සුදුසුකම් ඇති ළමයින්, මේ අය විදේශයකට ගියානම් අනිවාර්යෙන් දොස්තර වරයකු සීමට පුළුවන් වගේම ලංකා මුදලින් රුපියල් ලක්ෂ 100ට වැඩි මුදලක් වැයකරන්න ඕනේ, මෙයින් අපට නැතිවන්නේ විදෙශ විනිමයයි. මෙනිසා පුද්ගලික වෛද්‍ය විද්‍යාල අපට උවමනා කරනවා. අනෙක් කරුණ තමයි වැඩිම ලකුණු ගන්න ළමයින් නෙමෙයි රජයේ වෛද්‍ය විද්‍යාලයට එන්නේ දිස්ත්රික්ක කොටව මත අඩු ලකුණු ඇති අයත් වෛද්‍ය විද්‍යාලයට එනවා අගනගරයේ වැඩි ලකුණු ගත් ළමයට වෛද්‍ය විද්‍යාලය අහිමි වෙනවා, ඔවුන්ට මුදල් තියනවනම් පිටරට යන්න පුළුවන් ඔවුන් ශ්‍රී ලංකාවේ පුද්ගලික වෛද්‍ය විද්‍යාලයකට යනවනම් ඔවුන්ට කියනවා උපාධි කඩෙන් උපාදි ගන්නවා කියල මේ අනුව මෙය ඉතා අසාධාරන සදාචාර විරෝධී දෙයක්.

    දැන් මම තව පැත්තක් පෙන්නන්නම් නවීන වෛද්‍ය විද්‍යයාව ඔය කියන තරම් දියුණු නෑ අප දැනගත යුතු දෙයක් තමයි ඇමරිකාවේ දොස්තර වරුන්ගේ වරදින් මිනිස් ජිවිත 250,000 අහිමි වෙන බව.
    http://www.bmj.com/content/353/bmj.i2139 මෙහෙම කියන්නේ ලෝව පිළිගත් වෛද්‍ය ජර්නලයක්
    මේවයේ තොරතුරු ලෝකයාට නොලැබෙන්නේ දොස්තර වරුන්ගේ වැරදි හෙළිදරව් වීම වැළකීමට ශ්‍රී ලංකාවෙත් පිටරටත් වෛද්‍යවරුන් වගබලාගෙන ඇති නිසා.

    ශ්‍රී ලංකාවේ මරණ පරීක්ෂණයක් කරන්නේ ලෙඩා රෝහල් ගතවී පැය 24 ට අඩු කලකදී මිය ගියොත් විතරයි,, ඒ කියන්නේ දින ගණනක් රෝහල් ගත වී ඇති කෙනෙක් මිය දිය විට මරණ පර්යේෂනයක් කරනවා නම් වෛද්‍යවරය වැරදි කරු වීමට බොහෝවිට ඉඩ තියෙනවා. මේක තමයි රහස වෛද්‍ය වරයකු ශ්‍රී ලංකාවේ මෑත කාලයේ මෙවැනි වරදකට වරදකරු නොවීම.

    දැන් බලමු වෛද්‍ය වර්ජනයක් නිසා වෙන්නේ මොකද්ද කියල http://www.huffingtonpost.co.uk/dr-raj-persaud/when-doctors-go-on-strike_b_1513689.html
    මම හිතන්නේ වෛද්‍ය වර්ජනයක් අවස්තාවේ මරණත් සාමාන්‍ය අවස්ථාවල මරණත් ගණන් බලිම වටිනවා.

    ReplyDelete
    Replies
    1. ඔබ කියන කතාව ඇත්ත . වෛද්‍ය වරයෙක්ට විරුද්ධව වෛද්‍ය සභාවට පැමිණිලි කරන්න අගතියටපත් පාර්ශවයට දිව්රුම් පෙත්සමක් මගින් කල යුතුයි. එහෙත් පරික්‍ෂණය සිදුවන්නේ නෑ . සිදුවුවත් එය මන්දගාමීයි. මම දන්නා හැටියට ලංකාවේ වෛද්‍ය සභාව විසින් තවම එවැනි වෛද්‍ය වරයෙක් හට විනය ක්‍රියාමාර්ගයක් ගත් අවස්ඨාවක් නෑ !

      Delete
  9. අන්තර්ගත්යේ වන දේශපාලන ඒක පාක්ශික භාවය හා දේශපාලනික වෛරය හැරදමා ප්‍රස්තුතය සැලකූ කල හොඳ ලිපියක්.
    මෙහි අවසානයේ දක්වා ඇති සයිටම් සිසුන් රජයේ විභාගයකට මුහුණ දීමට කැමැත්ත පල කල ප්‍රවෘත්තිය ඇත්තෙන්ම හොඳ සාධනීය ඉදිරි පියවරක්.
    එහෙත් එය වෛද්‍ය සභාවෙන් පවත්වන ඇක්ට් 16 වැනි හොරාගේ අම්මාගෙන් පේන ඇසීමක් නම් නොවිය යුතුයි. ඇක්ට් 16හරහා ටියුශන් මගින් හොද්ද බොර කර ගත් වෛද්‍ය හොරුන්ටත්, තවත් නොයෙකුත් උන්ටත් ඉල්ලම් සාදා නොදී මෙවන් වූ විභාගයක් විභාග දෙපාර්තමෙන්තුව මගින් හෝ වි වි ප්‍රථිපාදන කොමිසම මගින් පැවැත්විය යුතුයි.

    ReplyDelete
  10. ඇයි ළකුණු වැඩි අය වෛද්‍ය, ඉංජිනේරු කරන්නේ ? ඇත්තටම ඒවා වෘත්තියකට අදාල පාඨමාල නමුත් පර්ියේෂණ කරන්න , විද්‍ය්ඤයෙක් වන්න නම් මුලික විද්‍යාව ඉහලට ඉගෙන ගන්න ඕන ඒකට හොඳ විද්‍යා පිඨයට ඇතුල්වීම . මම දන්නවා සමහර දක්‍ෂ ළමයි කැමති නෑ වෛද්‍යවරයෙක් හෝ ඉංජිනේරුවෙක් වෙන්න . ඔව්න්ට අවශ්‍යයි විද්‍ය්ඥයෙක් නැත්නම් ගණිතඥයෙක් වෙන්න. නමුත් දෙමව්පියන්ගේ බල කිරිම නිසා ඔවුන් අර ජනප්‍රිය යයි සම්මත පාඨමාලා තෝරගන්නවා

    ReplyDelete
  11. මේ ගැන ලියවුන හොඳම ලිපියක්

    ReplyDelete
  12. මෙතැන ගොඩක් අය සයිටම් එකට පක්ෂව ලියන බව පේනවා. නමුත් ඉයන් මට ඇත්තටම පොඩි ප්‍රශ්න වගයක් තිබෙනවා. ඕනෑම විශ්ව විද්යලයා ප්‍රමිතියක් අවශ්‍යයි. මෙතන කැපී පෙනෙන ප්‍රශ්න දෙකක් තිබෙනවා.
    1. එකක් උසස් පෙළ ලකුණු නොදීම. ඒ කියන්නේ උසස් පෙළ අසමත් ය ඉන්න පුළුවන්. එක වැරදියි. පිටරට යවනාවන් නම් එහෙම අය ඒකත් වැරදියි හොඳද?
    2. මේගොල්ල ACT 16 වැනි විභ්ගයක් ලනක්වේ නිසා කරනන් ඕන නැහැ. නමුත් වෛද්‍ය සභාවේ අනුමැතිය අනිවාර්යයි. මොකද හැම රටකම ඒක එහෙමයි. වෛද්‍ය සභාවකින් තම ඒ තීරණය ගත යුත්තේ.
    3. මේ අද දොස්තර කෙනෙක් කියපු දෙයක්:

    හෑන්ඩ්ස් ඔන් ප්‍රැක්ටිස් නෑ සයිටම් එකේ
    මම දන්න විදිහට උගන්වන්නේ ඇක්ට් සික්ස්ටීන් පාස් නැති ෆොරින් ග්‍රැඩ්ස්ලා.. එයාලා ඉන්ටර්න් නොකර කොහොමද සායනික පුහුණුවක් දෙන්නේ
    එයාලත් ඇක්ට් සික්ස්ටීන් කරානම් හරි
    ඇක්ට් සික්ස්ටීන් එකට තියෙන්නේ ලෝකල් බැච් කරන එම් සී කියු එකමයි ඒ එක්කම අමතර පේපර්ස් 3ක් ලියනවා... ෆොරීන් අය
    ප්‍රැක්ටිකල් උනත්.. සියලු හිස්ට්‍රි ගැනීම් විමසීන් පරීක්ෂා කිරීම් අර එක්සැමිනර්ස්ලා ඉස්සරහ කරන්න ඕනෙ
    ලෝකල් අයට පේෂන්ට් එක්ක මිනිත්තු 40ක් විතර නිදහසේ කතා කරන්න දෙනවා... ෆොරීන් අයට එහෙම දෙන්නෙ නෑ... ඉන්ටර්විව් කරන්න ඕනෙ එක්සැමිනර් බෝඩ් එකක් ඉස්සරහ එතකොට එයාලා කතනය සහ බාෂා දැනුමත් බලනවා ෆොරීන් ග්‍රැඩ්ස් ලාගෙන්

    ReplyDelete
  13. මේ බ්ලොග් ලියවිල්ලත් හොඳයි.
    https://ajperera.wordpress.com/insights/

    ReplyDelete
  14. මේක මගේ නෙමේ:ෆේස්බුක් එකෙන්:
    මන් මේ කියන්නට යන්නෙ දොස්තර මහත්තුරැ නිදහස් අධ්‍යාපනය සුරකිමුයි අරක මේකයි කියා කිව්වත් ඒ අයගේ ඇත්ත පැටිකිරියයි. පේරාදෙනීය විශ්ව විද්‍යාලයේ සම සෞඛ්‍ය විද්‍යාපීට අවසන් වසර සිසුන් වන අප මේ ගැන හොදින්ම දනී. අප පීඨයට ඉහලම z අගයන් වලින් කැම්පස් වලට ඇතුල් කරගන්නා අතර උදාහරනයක් ලෙස පශු වෛද්‍ය උපාදියට පවා වඩා වැඩි z අගයක් ඇති උපාදි වන physiotherspy,mls වැනි උපාදිද ක්‍රියාත්මක වේ. බොහෝ ද්‍රිස්තික්ක වලින් අඩු z වලින් පැමිනි වෛද්‍ය සිසුන්ටද වඩා වැඩි z අගයක් ඇති සිසුන් බහුතරයක් ඉගෙනුම මෙම පීටයේ ඉගෙනුම ලබයි. එපමනක් නොව වෛද්‍ය, දන්ත වෛද්‍ය උපාදිවලට යෑමට තිබියදී එවාට නොගොස් පැමිනි සිසුන්ද සිටිති.කොටින්ම දොස්තර මහත්තුරැ පාරම්බෑවට සමහර අඩු z ඇති ද්‍රිස්ත්‍රික්ක වලින් පැමිනි දොස්තර මහත්තුරැන්ට වඩා ප්‍රතිපල ඇති nursing උපාදිදාරීන් අදද පේරා කැම්පස් එකට ගියොත් බලාගත හැක. මා මෙලෙස හැදින්වීමක් කරේ ඔබට වඩා හොද චිත්‍රයක් මවාගැනීමට පහසුවීම පමනක්ම නිසාය.
    2005 පලමු සිසු කන්ඩායම විශ්ව විද්‍යාලයේ මෙඩිකල් පැකල්ටියට ආ දින කලු කොඩි දමා හූ කියා සම සෞඛ්‍ය සිසුන් නිදහස් අධ්‍යාපනයේ නිදහස් සෞඛ්‍යයේ නාමයෙන් පන්නා දැමීය. ඉන්න තැනක් නැතිවූ එම සිසුන්ට සනාතන මන්දිරිය පාමුල මාස ගනනක් ලැග අවසානයේ වෙනම පීටයක් ලේ කදුලු මතින් ලබාගැනිනි.එතනින් නොනැවතී දහසක් දුක් කරදර වලින් බැටකා අවසන අදත් සායනික පුහුනවට පේරාදෙනි,නුවර රෝහල් නිදහස් අධ්‍යාපනයේ හා සෞඛ්‍යයේ නාමයෙන් ලබා නොදුන් ජී එම් ඕ මහත්තුරැ හා වෙද සිසුන් නිසා අදටත් කුරැනෑගල රෝහලට,හලාවතට, වැලිසරට වැනි ඈත රෝහල්වල බෝඩිම් වී අතින් මුදල් වියදම් කරගෙන කාලය නාස්තිකරමින් දුස්කරව ඉගෙනීමට සිදුව ඇත.
    සායනික විද්‍යාගාර කබාවේ දිගද ඔවුන්ට ප්‍රස්නයක් විය. අත වැහෙන්නට වෙද සිසුන් මෙන් තිබුනොත් එය තමුන්ගේ පැලැන්තියට හානියක් බව සිතූ ඔවුන් සම සෞඛ්‍ය සිසුන්ගේ කබාවෙ අතද කප්පාදු කලේය.
    ප්‍රතිකාර සදහා කෙතරම් අවශ්‍ය උවද වෙද නලාව රැගෙන යාමට වෛද්‍යවරැ අපට ඉඩ නොදෙයි. රෝග විනිස්වය වෙදනලාව නැතුව වැරදී ලෙඩා මැරනත් ඔවුන්ට කමක් නැත. ඊට වඩා තමුන්ට විතරක් උරැම ආභරනයක් ලෙස සිතා වෙන කාටවත් නොදියයුතුයැයි ලන්කාවේ පමනක් සිටින උඩගු දොස්තර වරැ සිතයි.
    මගේ පුද්ගලික සිදුවීමක් සිහිපත්කරමි. මම වෙද සිසුන්ගේ උත්ඝෝශනයකට පෙර දින සහභාගී විය. එයට බහුතර වෙද සිසුන් සහභාගී නොවුනු අතර ඔවුන් සායනික පුහුනවට යද්දි අප ඔවුන් වෙනුවෙන් එයට සහභාගී විය. පසුදින මා කුරැනෑගල රෝහලේ ප්‍රතිකාර ලෙඩුන්ට කරන විට එයට ඈත තියා කින්ඩියට සිනාසුනු වෙද සිසුන් හා වෛද්‍යවරැ මා පෙන්නා මුනුත් ලෙඩ්ඩුන්ට ප්‍රතිකාර කරනවායැයි කියමින් සිනාසෙමින් ඔවුනොවුන් කතාකරනවා මට ඇසුනි. මට මේ කුහකත්වය පිලිබද දැනුනු පිලිකුල විස්තර කර නොහැක.
    තවද සමසෞඛ්‍ය උපාදිය වසර 4 සිට වසර 3 කප්පාදුකර ඉගෙනීමේ අයිතිය අවුරැද්දකින් අඩුකලේ තමුන්ගේ උපාදිකාලසීමාවට සමාන වේයැයි බියටද නැත්තම් නිදහස් අධ්‍යාපනය ගැන සිතාද සෞඛ්‍යයේ ප්‍රමිතිය ගැන සිතාදැයි ප්‍රමිතිය ගැන දැන් බොරැවට කියෝන දොස්තර මහත්තුරැන්ගෙන් මට අහන්නට ඇත.
    සම සෞඛ්‍ය සිසුන්ට මෙතරම් සුදුසුකම් තිබුනත් වසර ගනනක් යනතුරැ රජයේ රැකියාවලට ඒමට දොස්තර මහත්තුරැ ඉඩ නොදුනි.
    වසර 4 උපාදිදාරීන්ට මෙරට ලැබෙන sl කාන්ඩයේ වැටුප වෙනුවට අදටත් වසර 2 ඩිප්ලෝමා වේතනයෙන් එහා සතපහක් අවුරැදු හතරහමාරක (4.6)උපාදියක් ලබන සම සෞඛ්‍ය උපාදිදාරීන්ට නොදෙන්නට වෛද්‍යවරැ කටයුතුකර ඇත.

    (උපුටා ගැනීමකි)

    ReplyDelete
    Replies
    1. ඔය කතාව ඇත්ත බව තමයි මගේ දැනුම නම්.

      එත් ඉතින් නොමිලේ සමසෞඛ්‍ය උපාදියට ඉගෙන ගන්න මේ අයට අවස්ථාව නැති වෙනකොට දැනෙන මේ දුක වේදනාව ඉච්ඡා භංගත්වය; මුදල් ගෙවලා ඉගෙන ගන්න අනිත් අයගේ අවස්තාව නැති කරනකොට අනික් අයටත් දැනෙනවා කියන එක මෙයාලට අමතක වෙන එක තමයි ගැටළුව.

      සම සෞඛ්‍ය උපාධි අයගේ අවස්තාව අවහිර කිරීමෙන් වෛද්‍යවරු තමුන්ගේ අවස්තාව රැකගන්න එක වැරදියි නම්, සල්ලි ගෙවා ඉගෙන ගන්න ළමයින්ගේ අවස්ථාව අවහිර කිරීමෙන්, රජයේ වී.වී. සිසුන් තමුන්ගේ අවස්ථාව රැකගන්න හදන එකත් වැරදියි.

      Delete
  15. වුන්ගේ සන්ගමයෙන් බෙදාහැරි අපදුටු ලීප්ලට් වලට අනුව නම් ඒ ලොව අනෙක් රටවල පරිදි ඔවුන්ගේ ඒකාදිකාරය නැතිවී මෙරට රෝහල් පරිපාලනයට පිසියොතෙරපිස්ට් කෙනෙක් නර්ස් කෙනෙක් වෛද්‍ය රසායනාගාරවරයෙක්,විකිරන ශිල්පියෙක්, ඖෂදවේදියෙක් ඒ යැයි ඔවුන් දක්වන බියයි. ඔවුන්ගේ තත්වයට හානියක් වෙයි යැයි වන බියයි. ලන්කාවේ පිසියෝස්ලට නමට ඉදිරියෙන් Dr. යන්න භාවිතාකලොත් වැඩේ බලාගත හැක. ලෝකයේ කෙසේ වෙතත් මේ කොදෙව් මානසිකත්වයෙන් ඉන්න අපට එව්ව වැඩක් නැතැයි ඒ මහත්තුරැ හිතයි.
    මෙවැනි අසාදාරන නිසා අද මෙම උපාදිදාරීන් ගනනාවක් විදේශ රටවල ඉහල ප්‍රතිලාභ ඉහල වැටුප් වලට ඇදෙයි. මෙරට රෝගීන් ගනනාවක් සුවපත් කිරීමට තිබු අවස්තාව එමගින් නැතිව යයි. අවුරැදු 4. මාස 6 ඉගෙනුම ලබා රැපියල් 15000 පඩියට වැඩකරන්නට වනවාට කවුරැත් කැමති නැත. නමුත් එසේ වැඩ කරන ඉහලම අද්‍යාපන මට්ටම් ඇති උපාදිදාරීන් අද ලන්කාවේ බහුතරයක් රෝහල් වල සිටින්නේ දොස්තර මහත්තුරැන්ගේ කරැනාවට පින්සිදු වෙන්නටයි. ඔවුන්ගේ අනාගතය, පවුල් වල ඉරනම, දෙමාපියන්ගේ බලාපොරොත්තු කඩවීම්, ඔවුන් අද විදින ප්‍රස්න දුස්කරතා සියල්ලට වෛද්‍ය සන්ගමය වගකියයුතුවේ.
    ලෝකයේ ඉහලම වේතන ලබන හා වැඩිම පිලිගැනීමක් ඇති රැකියා 10 අතර physiotherapy, nursing වැනි සෞඛ්‍ය ක්ෂේත්‍රයේ රැකියා ඇත. මා මෙසේ කීවෙ මුදල් ගැන පැවසීමට නොව වෛද්‍යවරැන්ගේ බිය හා වන අසාදාරනකම් වඩා හොදින් තහවුරැ කිරීමටය.
    මේ එක පැතිකඩකි. සාදාරණ අසාදාරණත්වය ඔබ තීරනය කරන්න. තවත් කරැනකි. ඔය එක වෙද සිසුවෙක් වත් වෛද්‍යවරයෙක්වත් කොතලාවල, IIHS වැනි තැන් වල සෞඛ්‍ය උපාදි විකුනද්දී මීක් කියාවත් කීවේ නැත. එම සේවා අතේද රෝගී ජීවතය ඔවුන් අත රැදී ඇති අවස්තා බොහෝය. නමුත් රෝගීන්ට ආදරේ නිසායැයි බොරැවට කිඹුල් කදුලු වගුරන ඔවුන්ට ඒවා අදාල නැත.
    කියන්නට ගියොත් හෙට වෙනකන් කියන්නට කරැනු ඇත.
    කවුරැහරි වෛද්‍යවරයෙක් වෛද්‍ය සිසුවෙක් නිදහස් අද්‍යාපනය, සෞඛ්‍යයේ ප්‍රමිතිය නිදහස් සෞඛ්‍ය ගැන කතාකලොත් කනෙන් ඇද හීන් හිනාවක් දමා මෙම පෝස්ටුව පෙන්නන්න.(මෙය මෙවැනි මතයක් නොදැරෑ සමහර වෙද සිසුන්ට,වෛද්‍යවරැන් වැනි සැබෑවටම නිදහස් අද්‍යාපනය, සෞඛ්‍ය ගැන සිතන මිනිසුන්ට කොහෙත්මඅදාල නැත) (උපුටා ගැනීමකි)

    ReplyDelete