බුරන හැම බල්ලාටම ගල් ගැසීමට ගියොත් ඔබගේ ගමනාන්තය කරා ලන්ගා වීම අපහසු වනු ඇත. |
සිංහල බ්ලොග් අවකාශයේ සාපේක්ෂව නවකයෙකු වුවත් ජීවත් වී ඇති කාලය අනුව සමාජය ගැන පළපුරුද්දක් ඇති කෙනෙකු හැටියට නෙළුම්යාය බ්ලොග් සම්මාන ගැන ලඟකදී ඇතිවූ කථාබහ ගැන මා බලා සිටියේ ඉමහත් පිළිකුලෙනි. මුදල් ඇති වුන්, නැතිවුන්, තරුණයන්, වයසක අය, ආදී වෙනස්කම් වලින් තොර සමාජයක් වූ බ්ලොග් අවකාශයේ සැරිසැරූ කුඩා කාලය තුල ලත් අත්දැකීම් වලින් ජීවිතයේ අන් කටයුතු හරහා ලබා ගත් සතුට මෙන්ම සතුටක් මම ලැබුවෙමි. සාමාන්‍ය සමාජයේ අය අපට හමුවන්නේ පුද්ගලයා ප්‍රථමයෙන් සහ ඔහුගේ හැකියාවන් පසුව බැවින් හැකියාවන් පළමුවෙන් දැක ඒ පිටිපස සිටින පුද්ගලයන් දැන හඳුනා ගැනීමට ලැබීම නැවුම් එමෙන්ම සතුටුදායක අත්දැකීමක් විය.