Saturday, October 22, 2016

ඉතින්, ඉතින් හීන් බබා සීයේ

Buy - Sell

සමාජයේ සම්මුතිය වන අකාරයේ ජීවිතයක් ගෙවීමට අපි බොහොම දෙනෙක් හරි කැමතියි. රැකියාවේ යම් තත්ත්වයකට ආවම ගෙයක් සහ වාහනයක් තියෙනවනම් රස්සාවකට හිහිල්ල ගෙදර එන එකයි, සුමානේ අන්තිමට ළමයින්ව පන්ති අරගෙන යන එකයි කරගෙන කිසිම වෙනසක් නැතුව ජීවිතේ ගෙවන එක මොන තරම් සොමිද? නේද?

ඔය හැමදාම එකම විදිහට අවුරුද්දෙන් අවුරුද්ද ගෙවා දාන්නෙ නැතුව පොඩ්ඩක් ස්පයිස් අප් කරල ගන්න එහෙම හිතිල නැත්ද? ඕනනම් චෙෆාකි වගේ කාමසූත්‍ර අළුත් වර්ශන් එක ඩවුන්ලෝඩ් කරල ස්පයිස් අප් කරන්න ට්‍රයි කරන්න පුළුවන්. වැඩිපුර අවදානමක් ගන්නෙ නැතුව ඒවගේ කරපු මගෙ යාළුවෙක් ගෙ කථාවකින් පටන් ගන්නම්. මේක සිද්ධ වුණේ 1990 දශකයේ. මේ යාළුවාට සහ ඔහුගේ බිරිඳට රැකියාවල් , ඉන්න ගෙයක් සහ වාහනයක් තිබුණා. එක දවසක් කොහෙ හරි වාහනේ නවත්වගෙන එයාගේ බිරිඳ ශොපිං කර කර ඉන්නකොට එක පුද්ගලයෙක් එයාගේ වාහනේ විකුණනවද කියල අහල තියෙනවා. 


මෙයාත් කම්මැලි කම යන්නත් එක්කලා එහෙම අහපු එක්කෙනෙත් එක්ක කථාවට වැටිලා කාර් ගැන, විකුණන විදි ගැන, කාර් සේල් ගැන එහෙම ගන විස්තර දැනගෙන. ඊට පස්සේ සුමාන අන්තිමට ළමයින්ව පන්ති වලට දාල ගෙදර නෑවිත් ලඟ තියෙන කාර් සේල් වලට ගිහින්  ඒවයේ  මිල ගණන් ආදිය එහෙම හදාරලා. මීට වඩා නොකියා කථාවේ අන්තිමට එන්නම්.  මාස කිහිපයක් යද්දී මිනිහා තමන්ගෙ වාහනේ විකුණලා. එක පාරක් නෙමෙයි තුන් හතර පාරක්. එකම වාහනේ නෙමෙයි. වෙන වෙනම වාහන. එයාගෙ ක්‍රමය වුණේ මේකයි. තමන් පාවිච්චි කරන වාහනය ගත්මුදලට වඩා කුඩා ලාභයක් තියාගෙන විකුණන ගාණක් තීරණය කරනවා. ඒ අතර විකුණන්න තියෙන හොඳ වාහනයක් දැක්කොත් ඒක අරගෙන තමන්ගෙ එක විකුණනවා. ඒවට ලීසින් එහෙම තියෙන නිසා ප්‍රාග්ධනය යන්නේ ඔහුට දරාගත හැකි ගාණක්. කොහොම වුණත් මිනිහට හැමදාම පාවිච්චියට වාහනයකුත් තියෙනවා. ඒ එක්කම ඒවා විකුණමින් ගණිමින් අමතර ආදායමකුත් හොයනවා. අපිට වුණත් වාහනයක් ගන්න ඕන වුණහම කථා කරන්නෙ මිනිහට තමයි. යාළුකමට කියලා ලාබෙට එකක් හොයල දෙන්නම් කියලා මිනිහගෙ කන්ටැක්ට්ස් වලින් වාහනයක් හොයල දෙනවා. 'ලාබෙට' කියන්නෙ ලාබෙ වාහනේ ගන්න එකාට නෙවෙයි එයාට. :). මේක කොච්චර දුර ගියාද කිව්වොත් රස්සාවෙන් අස්වෙලා මේ වැඩේට බැස්ස නිසා මිනිහ සෑහෙන  පෝසතෙක් වුණා. ඒක නැවතුණේ එයාගේ බිරිඳට ඇමෙරිකාවට යන්න ග්‍රීන් කාඩ් එකක් ඇදුනම. 

මේ ක්‍රමය තමන් ඉන්න ගෙදරට වුණත් කරන්න පුළුවන්. වැඩිපුර ඉඩම් කෑල්ලක් තියෙනවනම් ඉන්න ගෙදරත් එක්ක සෙල්ලම් නොදා ඒකත් එක්ක ඒදේ කරන්න පුළුවන්. අපි බොහෝ දෙනෙක් ඉඩමක් ගත්තම ඒක ගණන් වැඩි වෙනවා දැකලා තමන්ගේ වත්කම කොච්චර වැඩි වෙලාද කියලා ගණන් හදනව වුණත් ඒක ට්‍රේඩ් කරලා අමතර ආදායමක් ලබාගන්න තත්ත්වෙට යන්නේ නැහැ. එහෙම නැත්නම් තාම මොන්ටිසෝරි යන ළමයෙක්ට බඳින දවසට ඒක දෙන්න හීන මව මවා ඉන්න එකත් කරනවා. නිකමට හිතන්න මොන්ටිසෝරි යන ළමයා බඳින වයසට එනකොට අවුරුදු 20 ක් විතර යනවා. ඒ කාලයේදී ඉඩම් විසි තිස් ගාණක් අරන් විකුණලා තියෙනවනම් කොච්චර ලාභයක් එකතු කරගන්න පුළුවන්ද.  

දැන් අපේ බ්ලොග් මිතුරෙක් ගෙයක් හදනවා. ඒක පදිංචි වෙන්න පුළුවන් තරමට හදාගෙන ඒකට පදිංචියට යයි. ඊට පස්සේ අමතර වැඩි පුර මුදලක් අතට ලැබුණම ඒකට එක එක කෑලි එකතු කරයි. ඔහොම අවුරුදු 15-20 ක් යනකොට ඒකේ මොඩල් එක පරණයි කියලා මොඩිෆයි කරයි. එහෙම නැත්නම් නැත්නම් කුලියට දෙන්න කොටසක් ඇඩ් කරයි. එහෙම කරලා අවුරුදු විස්සකින් තිහකින් විතර ළමයෙකුට දුන්නම එයා එක්කො ඒක විකුණලා දානවා. එහෙම නැත්නම් මෙව්ව පරණ ස්ටයිල් කියල අර හදපු ගේ බිමට සමතලා කරල වෙන එකක් හදනවා.  

මේක මෙහෙම හිතුවොත් මොකද. බටහිර රටවල වගේ නෙමෙයි ලංකාවෙ ගෙයක් ගදනවට වඩා කුලියට ඉන්න එක ලාභයි. අපේ බ්ලොග් මිතුරා අද කොහෙ හරි කුළියට ඉන්නවානෙ. එහෙමම ඉඳගෙන ඔය හදන ගෙදර ඉවර වුණාම එතකොට ඉඩමෙ වටිනාකම වැඩි වෙලා තියෙන එකයි, ඉවර කරන්න ගිය වියදමට තව 25% ක් විතර එකතුකරලා විකුණන්න උත්සාහ කරනවා. විකුණුනාම තව ඉඩම් කෑල්ලක්  අරගෙන ආයිමත් එකක් හදනවා. ඒකත් විකුණනවා. ඒ වගේ. අද  තියෙන ikman.lk සහ lankapropertyweb.com  වගේ විශාල ප්‍රමාණයක් නොමිලේ ඇඩ් දාන පුළුවන් වෙබ් අඩවි නිසා ගැණුම් කරුවො විකුණුම් කරුවො හොයා ගන්න එකත් හරි ලේසියි. ඕක අවුරුදු 8-10 කරනකොට තමන්ට ඒ ලැබෙන ලාභයෙන්ම වැඩිපුර ගෙයක් ඉතුරුවෙයි. අනික ගෙයක් හදනකොට ඒවයේ තියෙන කොන් , වැටෙන වලවල් ඔක්කොම ඉගෙන ගන්න පුළුවන්. ගොඩක් දෙනෙක් ජීවිත කාලෙදිම හදන්නේ එක ගෙයක් නිසා ඒ ලබා ගන්නා දැනුම ඊට පස්සේ ප්‍රයෝජනවත් වෙන්නේ බොනකොට ගෙවල් හදන සබ්ජෙක්ට් එක ආවොත් ඒ ගැන කථා කරන්න විතරයි.

සුරංගගේ බ්ලොග් එකේ තිබුණා තේ ගස් හදාගෙන ආදායම ගන්න විදිහ. දොස්තර කවිඳු ගේ බ්ලොග් එකේ තිබුණා කුඹුරු කෑලි වල එලවළු වවලා ආදයම් ගන්න විදිහ. වැව් ඉස්මත්තගේ  නිර්මාණයක් තිබුණා බුද්ධ පින්තූර තොග වශයෙන්  අරගෙන සිල්ලරට විකුණන කථාවක්. මේවගේ දේවල් කථා කියවීමේ ආශාව සන්තර්පනය කරගෙන නවතිනවට වඩා පොඩ්ඩක් එහාට හිතන්න තල්ලු කරන පෝස්ට්ස්. තමන්ගේ තියෙන නිර්මාණ හැකියාව, අතේ තිබෙන අතිරික්ත මුදල්, නැත්නම් උඩදි කිව්ව වගේ තියෙන මොටර් බයිසිකලේ, කාර් එක හෝ ගෙදර වගේ මේ හැම දෙයක්ම ආදි කාලේ වගේ පරම්පරාවෙන් පරම්පරාවට නොයවා තමන්ට අතිරේක ආදායම් මාර්ග හදාගන්න පුළුවන් දේවල් විදිහට බලන්න  උත්සාහ කලොත් කොහොමද?

මෙහෙම හිතුවේ නැත්නම් අපිත් හීන් බබා සීයාගේ වයසට ආවම සෝරත හාමුදුවන්ට කියන්න වෙන්නෙ මෙන්න මෙහෙම.




"පොඩි හමුදුරුවන්ට කියන්න හාමුදුරුවනේ මම තරුණ කාලෙ රස්සාවට ගියා හවසට ගෙදර ආව."

"ඉතින්,  ඉතින් හීන් බබා සීයේ ඊට පස්සේ?

"ඊට පස්සෙ පහුවෙනිදාත් රස්සාවට ගියා හවසට ගෙදර ආව "

කියල තමයි.



පෝසත් වුණාම බ්ලොග් ලියන්න වෙලාවක් නැත්නම් ඉඳල හිට ඇවිල්ලා කමෙන්ට් එකක් වත් දාල යන්න අමතක කරන්න නම් එපා.







75 comments:

  1. ඇතැම් රැකියා තියෙනවා ඉයන් හීන් බබා සීයගෙ කතාන්තරේ තමා එතැනදි සිද්ධ වෙන්නෙ....හුග කලක් යනකම්...ඒකෙත් පැති දෙකක් තියෙනවා......එක්කො ගිවිසුම නැත්තන් කරුමය...ඔය දෙකෙන් කෝක හරි ඉස්සර වුණානම් අර දෙවල් කරන්න පුළුවන්...එතකං ඕව මොනවටවත් අතගහන්න එපාය කියල කියන්නෙ මගෙ ආදරණීිය බිසවුන්නාන්සෙ

    ReplyDelete
    Replies
    1. බිසවුන්නාන්සේ ගේ නමින් කරන්න බැරිද? අර අළුත්ගමගේ වගේ.

      Delete
    2. වැව්...ඉයන් කියන්නේ රැකියාවට අමතරව අපේ වටේ කැරකි කැරකී තියෙන අවස්ථාවන් එන්ටර්ප්‍රයිසින් විදියට පාවිච්චිකරලා අමතර ආදායම් මාර්ග සලසගන්න කියලයි මට හිතුනේ..ඒවාත් පරිස්සමින් කරන්න පුලුවන් ක්‍රම තියෙනවා කියන එක ඔය සුරංගගේ කමෙන්ට් එකට දාලා තියෙන රිප්ලයි එකේ තියෙනව නේද...?
      මොනා කලත් අළුත්ගමගේලා කරපු දේවල් නං කරන්නවත් හිතන්නෙපා ඕං..නැද්ද හීන් බබා සීයේ...!

      Delete
    3. ධනාත්මක චින්තනය පොවන්ඩ ඕනෙ....

      ඉයන් කිව්ව වගේ අලුත් අලුත් දේවල් හොයා ගන්න එකතමා වටින්නෙ....ට්‍රයි කරනව මේ පාර ඉදන් කරන්න....ඒත්අලුතෙන්ම නෙමේ....ඉයන් කිව්ව වගේ ඈගෙ නමින්ම පටං ගන්ඩ ඕනෙ...එෆ්සීඅයිඩී අරං යයිද කියල බයයි

      Delete
    4. ඔව් චෙෆ් මහත්මයා උත්සාහ කරනවා මං

      Delete
    5. වැව් බය නැතුව කරන්න. පොඩියට පටන් ගන්න. උපදෙසක් එහෙම ඕන නම් චෙෆාකිගෙන් හරි මගෙන් හරි අහන්න.

      Delete
  2. මටත් ඔය වගේ වැඩක් කරන්න හිතුණා. ඒ හිංදා මං මේ දවස්වල තේ ඉඩං හොයනවා. එහෙම එකක් ගත්ත ගමං ඉදිරියට කරන්නේ මොකද්ද කියලා හිතන්න ඕනෑ.

    වාහන ලීසිං කරලා ගන්න එක පාඩුයි. ෆුල් ඉන්ෂුවරන්ස් දාන්න වෙනවනෙ. ඊට ලාබයි ණයට සල්ලි ගන්න එක. අදත් ලක්ෂ තුනයි ගානකට බෙන්ස් එකක් විකුණන්න දාලා තිබුනා. ඒක ගත්තොත් ලක්ෂ පහකට දෙන්න පුලුවන් පස්සෙ කාලෙක.

    ReplyDelete
    Replies
    1. මේක මෙහෙම හිතන්න සුරංග. ඔබට අද ලක්ෂ 3 ක් නම් තියෙන්නේ ඒ ගානට අරගෙන 5% ක් තියාගෙන වික්කත් ලැබෙන්නේ රුපියල් 15,000/=. උඹට ජොබ් එක තියෙන එකේ ලීස් එකක් දාල මිලියන් දෙකක් වාහනයක් කැරකෙව්වොත් 5% කියන්නේ ලක්ෂයයි. ඉන්සුවරන්ස් එක ගන්න වෙන්නේ එක පාරයි. මොකද ඒක තමන්ගේ නමට තියෙන නිසා ඊලඟට ගන්න වාහනේට මාරු කරගන්න පුළුවන්. ඒවගේම comprehensive ඉන්සුවරන්ස් එකක් තියා ගන්න එක ඇඟට ගුණයි මොකද 3rd party තියාගෙන හදිස්සියේ වාහනේ කුඩු වුණොත් බිස්නස් එකත් ඉවරයි.

      Delete
    2. සුරංග තේ වගාවට සෑහෙන කම්කරු දායකත්වයක් අවශ්‍යවෙනවා නේද? තේ පැල තවානක් අඩු ඉඩම් ප්‍රමාණයක කරන්න පුලුවන් නේද? ලාභ ලැබීමට අවම තේ ඉඩම් වපසරිය බැලුවම ලොකු ප්‍රාග්ධනයක් අවශ්‍ය නිසාත් කම්කරු ප්‍රශ්නය නිසාත්, පොහොර මිල ගැන එහෙම හිතුවමත් එච්චරම හොඳ ව්‍යාපෘතියක් වෙයිද තේ ඉඩමකට ආයෝජනය කරන එක..අද තේ මිලෙත් අවුලක් තියෙනව නේ..ප්‍රාජේ කම්මල එහෙම ඔය සබ්ජෙක්ට් එක ගැන දැනුවත් මට වඩා....

      Delete
    3. තේ දාන්න හදන එක නම් ඒ තරම්ම හොඳ වැඩක් නෙමෙයි. ශ්‍රම හිඟය තමයි ගැටලුව. හොඳට මහන්සි වෙන්න පුලුවනි නම් තේඅක්කරයක් හද‍ෙ ගන්න පුලුවනි. හැබැයි අපි ජොබ් කරන ගමන් නම් කරන්න අමාරුයි...

      Delete
    4. මං කල්පනා කලේ බැංකු ණයක් අරගෙන තේ වවාපු ඉඩමක් ගන්න. තේ අක්කරයක් කරන්න දෙන්නෙක් හිටියහම ඇති. මේ දවස්වල පහතරට තේ දළු කිලෝ එකක් අසූවක් විතර වෙනව. ඉතිං ඕක පාඩු නෑ. එකම අවුල අයිතිකාරයෝ තේ ඉඩං විකුණන්නෙ අස්ප ගනං වලට. ඒ කියන්නේ අක්කරයක් ලක්ෂ 12-20 අතර. අක්කර හතර පහට වැඩි එව්වා නං ටිකක් සාධාරණ ගානට තියෙනවා. නමුත් සම්පූර්ණ ඉඩමෙ ගාන මිලියන තුනට එහා. අනෙක ඒ තරම් ලොකු ඒව නඩත්තු කරන්න අමාරුයි.

      අපි ප්‍රසන්නලෑ ගම පැත්තෙ ගොඩකවෙලිං හැතැප්ම බර ගානක් දුර ටැට්ටරේකිං මිසක් යන්න බැරි දිහාවකත් ගියා තේ ඉඩමක් බලන්න . ඒකනං ගාන අඩුයි. ඒ වුනාට ඒක නිරවුල් නෑ. අන්තිමට ආපහු ආවෙ බයිසිකලේ පෙරලගෙන අතපය හම ගහගෙන.

      තවම හොයනවා වවාපු තේ අක්කරයක්. ලක්ෂ 8 ට අඩුවෙන්‍. හම්බවුනොත් ගොඩයන්න ලේසියි.

      Delete
    5. සුරංග තේ සෙල්ලම දන්න නිසා ගොඩයන්න ලේසියි. මමත් හිතන්නේ පාඩු ලබන්නේ ස්ථීර සේවකයින් ඉන්න විශාල වතු. වැඩ කරන්න කුලී කාරයො අරගෙන දවස් පඩි නොවී එකඟ වෙච්ච වැඩ කොටසට ගාණ එකඟ වෙලා කරානම් ලාභ ගන්න පුළුවන්. අනික ඔබට තේ කර්මාන්තය ගැන වැවීම ගැන අනික් අයට වඩා වැටහීමක් තියෙන නිසා තවත් ලේසියි. ඔබට සුභ පතනවා සුරංග.

      Delete
    6. සුරං, උඹ ගොඩකවෙල ආවෙ තේ ඉඩං බලන්නද? වෙළඟපොල පැත්තෙ ඉඩං නං ලාබයි තමයි. නිරවුල් ඒවත් නැතුව නෙමෙයි. මගේ යාලුවෙක් ගාවත් ඔහොම අඩුගානට අරං තේ වවපු ඉඩමක් තිබුණ. මම හිතන්නෙ උෟ ඒක විකුණුව. (නෑ ඌ මළේ නෑ. හැක්..) උඹට ඕනනං මම ‍ඒ පැත්තෙන් ඉඩමක් තියේද බලන්නං.

      Delete
    7. ඔව්. මං බලපු ඉඩම අයිති දේවාලෙට. ඒ පාරෙ යන්න අමාරුයි. වැස්ස කාලෙට ගිහිං හමාරයි. ඔය හේතු දෙක හිංදා අතෑරල දැම්මා. නැත්තං රස්සාව දාලා ගිහිං කලත් ලාබ ගන්න පුලුවං එකක්.

      Delete
    8. සුරංග රස්සාව තියාගනම කරන දෙයක් කරන්න. අඩුම ගාණෙ අවුරුදු 2-3 ක් විතර. රස්සවේ අදායම වගේ තුන්ගුණයක් වත් එන තත්ත්වෙකට එනකම් රස්සාව අතාරින්න එපා. ඒක අනවශ්‍ය අවදානමක් ගැනීමක්. අනික තේ වගාවකින් එක පාරටම ආදයම එන්න පටන් ගන්නෙ නැහැනෙ.

      Delete
  3. මේක බලද්දි වැව් මේ දවස්වල ලියාගෙන යන කථාව මතකෙට ආවා. එකයි මේකයි දෙකම කෙනෙක්ට ඉදිරියට අඩියක් තැබීමට දිරිදෙන ලිපි කියලයි මට හිතෙන්නේ. ස්තූතියි ඉයන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමින්ද

      Delete
  4. වටිනා අදහස් ටිකක් ඉයන්...ටිකක් මහන්සි වෙලා හිතල බලල තමන්ගේම හැකියාවන් පාවිච්චි කලොත් මේ වගේ දේවල් ඒ තරම් අමාරු වැඩ නෙවේ...

    ReplyDelete
    Replies
    1. මිනිසුන්ට හැකියාවන් ගොඩක් තිබෙනවා. අපි ගොඩක් ඒ එක හැකියාවක් විතරක් දිගටම පාවිච්චි කරමින් බෝරිං ජීවිත ගෙවනවා. පොඩ්ඩක් බිත්තර කට්ට කඩාගෙන එලියට එන්න බලන්නේ නැහැ. පොකුරු ඉන්න රටේම කීදෙනෙක් ගැහැණු පිරිමි මේවගේ එළියට ඇවිල්ල ඉහා තත්ත්ව අතකරගෙන තවත් අයට උදව් කරගෙන ඉන්නවද නේද? බොහොම ස්තූතියි පොකුරු.

      Delete
    2. ඉයන්, අපි අර කලිනුත් පෝස්ටුවක කතා වුනා වගේ ලංකාවේ මිනිස්සු වැඩියෙන්ම බය සමාජ සම්මත බිඳින්න...ඒ හන්ද අන්තර්ජාලය හරහා මේ වගේ අදහස් සමාජගත කරන අපේ තරුණ පරපුරට ලොකු ශක්තියක්...

      Delete
  5. අම්මපා තමුන්නාන්සේ සාස්තරයක් කිව්වද මන්දා. මමත් මේ දවස්වල කාර් අයිඩියා එකක පැටලිලා ඉන්නේ.

    අර විදිහට ඉතා සුළුවෙන් පටන් අරන්, අද කුරුණෑගල තියන ලොකුම කාර් සේල් එකක් හිමි, මගේ යාලුවෙක් ඉන්නවා. ඔහු, තමා කල රජයේ රැකියාවෙන් අස්වුණා, ටිකක් දියුණුවනවිට. අද ඔහු මහා ව්‍යාපාරිකයෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි විචා. ඔබතුමාගේ අළුත් කර්තව්‍යට හදවතින්ම සුභ පතනවා.

      Delete
    2. විචා..මටනම් හිතෙන්නේ දැනටමත් සමාජයීය වශයෙන් ඔබ ධනාත්මකව ලොකු වැඩ සම්බාරයක් කරනවා...පුලුවන්නම් මුල්‍යම සාධක නැතත්, රෙජිමන්ටල් ඕඩර් එකෙන් ලැබිච්ච අචාරශීලී භාවය ඔබ වටේ සිටින, අතරමංවූ තරුණ පරම්පරාව ඔවුන්ගේත් රටේත් ඉදිරගමනට වැඩදායකවන ආකාරයේ ව්‍යාපෘතිවලට යොමුකරන්න බලන්නකෝ..!

      Delete
    3. මටනම් හිතෙන්නේ රට හදන්න යනවට වඩා හොඳයි විචා මේවගේ බිස්නස් එකක් අටන් අරගෙන අතට වැඩිපුර එන එකෙන් කීයක් හරි එක දුප්පත් පවුලක් හරි නගා සිටුවන්න යොදාගන්නවනම්. එතකොට යමක් කලා කියල හිතටත් සතුටුයි, එන ආත්මවලදි මාරු කරගන්න පිං ටිකකුත් ලැබෙනවානෙ. රට හදන්න යන එකෙන් ඉතුවෙනේ ක්‍රෝධයයි ද්වේශයයි කනස්සල්ලයි විතරයි.

      Delete
    4. චෙෆාකි. බොහොම අගනා අදහසක්. මා දැනටමත් හමුදාවෙන් විශ්‍රාම ගත් සෑහෙන පිරිසකට අයාලේ යන්න නොදී සුදුසු රැකියා වලට යොමුකර තියනවා.

      ඊයේ පෙරේදා, මම දැනට පාවිච්චි කරන වාහනයේ සිග්නල් ලයිට් පත්තු වෙන්නේ නැතුව, එය හදාගන්න ගිය ගරාජයේ සිටි තරුණ කාර්මිකයන් තිදෙනෙකුගෙන් ඇහුවා, ඔබ දැනට වැටුප කීයක් ලබනවද කියා, රු 30000 ක් කිව්වා. මා ඊළඟට ඇහුවේ ඔවුන්ගේ වයස, එය 22 - 29 අතර. මා ඇහුවා රු 40000 ක පමණ වැටුපක්, කෑමබීම, ඉඳුම් හිටුම්, ඇඳුම් පැළඳුම්, වෛද්‍ය පහසුකම්, බැංකු ණය, ආදිය සමග හමුදාවට බැඳෙන්න කැමතිද කියා.

      දන්නවද පිළිතුර?

      හවසට ගෙදරයන්න තියන රස්සාවකට තමයි කැමති.

      Delete
  6. අනේ ඉතිං හවසට ගෙදර එන්නවත් අපිට රස්සාවක් නැතිකොට

    ReplyDelete
    Replies
    1. ඕකනේ කියන්නේ..හංසමාලිට ගොඩාක් අයට නැති, ඒත් වටිනාම දෙයක් අත ලඟම තියෙනවා..ඒ කියන්නේ කාලය...ඒ ගැන හිතලා තමන්‍ට තියෙන හැකියාවන් අතරින් වඩාත්ම සිත්ගත් හැකියාවක් ඔබතුමියට නොමිලේම ලැබිලා තියෙන කාලය කියන සම්පත පාවිච්චි කරලා ඉදිරියට තම පවුල ගෙනියන්න ව්‍යාපෘතියක් පටන් ගන්නකෝ...ඔබතුමියමයි දන්නේ මොනාද කරන්න පුලුවන් කියලා...හිතලා බලන්න ඒ ගැන..
      ජයවේවා...!!

      Delete
    2. නිහඬ සිත්තරාවිට ඇත්තටම මේවගේ එකක් කරන්න වෙලාව තියෙනවානෙ. එහෙ මෙහෙ දුවන වැඩ වලට පවුලෙ පිරිමි කෙනෙක් ගෙ සහයෝගය හරි කවුරු හරි වැඩට ගන්න පුළුවන් යමක් කරනවනම්. සිත්තර ඇඳල එක ikman.lk හෝ wow.lk හරහා විකුණන එකත් හරියන්න පුළුවන්. ඒ වගේ දේවල් සපයන අය ලංකාවෙ හරිම අඩුයි. අනික් එක ඇඳීමක් replicate කරන්න තාක්ෂණය දැන් තියෙන නිසා හැම එකන නැවත අඳින්න ඕන වෙන්නෙත් නැහැ. greatbigcanvas.com වෙබ් සයිට් එකට ගිහින් බලන්න ඒවගේ දේවල් ඔන්ලයින් සප්ලයි කරන සමාගමක් ගැන.

      Delete
    3. ඉයන් සහ චෙෆාකි මහත්වරු දෙන්නම බොහොම ශූර ව්‍යාපාරිකයින් වග නම් පේනවා...ඔය විදියට හිතන මම දුටු අනිත් කෙනා තමයි අපේ අම්බලන්ගොඩ කතා ලියන මිත්‍රයා...ඔහුත් රජයේ රැකියාවත් එක්ක තමන්ගේ ව්‍යාපාරයක් කල කෙනෙක් ලංකාවේ ඉද්දි...ඒ වගේම රජයේ සේවකයෙක් වුන ඔහුගේ පියා එයින් පිටට අඩියක්වත් නොතියා, ඔහුවත් රජයේ සේවයටම සින්න කරන්න උත්සාහ කර හැටි ගැන මට කියල තියනවා...ලංකාවේ මේවා පරම්පරාගත සම්මුති...

      මගේ පාසැල් මිතුරියක්, චිත්‍ර අන්තර්ජාලය හරහා, අන්තර්ජාතිකව අලෙවි කරනවා...කලා හැකියාවක් ඇති කෙනකුට අද අනතර්ජාතික මට්ටමින් පවා වෙළඳ පොලක් තියනවා...ඒ දේවල් ගැන බොහෝ දෙනා හිත යොමු කරන්නේ නැති එකයි ගැටලුව...සම්පත් ඇත්තේ තමා ළඟමයි...ඒවා මුදල් කරන විදියයි සොයා ගන්න ඕනේ...

      Delete
  7. නියම ලිපියක් ඉයන්. මමත් ඉස්සර හිතුව අනේ මට ගෙයක් හදා ගන්න කොච්චර කල් යාවිද කියල. දැන් ඒ අදහස අතෑරල තියෙන්නෙ. මොකද ලංකාවෙ කෝටි ගණන් වියදම් කරල ගෙවල් හදාපු අපෙ යාලුවො ඒව මකුලුවන්ට දීල මෙහෙ ෆ්ලැට් වලට ඔහේ ඉන්නව.

    අනික වාහනයක්. වාහනයක් ගන්න යනව කියන්නෙ අඩුම ලක්ෂ පණහක්. ඒ ගාන නිකම් බැන්කුවෙ තිබ්බත් අවුරුද්දට එන පොළියෙන් පුලුවන් වාහනයක් රෙන්ට් එකටත් අරගෙන ඒකට ඩීසලුත් ගහන්න අපි ඉන්න මාසෙ පාවිච්චියට.

    දැන් තියෙන්නෙ එක හීනයයි. බලමු, වැඩේ භාගයක් තියෙන්නෙ ලොකු මහත්තය ගාව. වැඩේ ලස්සනට ආවොත්, බිල්ඩිමම විකුණල තව එකක් ගහනව.

    ReplyDelete
    Replies
    1. ඒක හීනයක් නෙවෙයි මචෝ...පොඩිකාලයක් ඉඩදෙන්න...පොඩ්ඩක් අවුල් මේ ටික දවස...ලබන මාසේ මැද වෙනකොට යතාර්ථයට කිට්ටු වෙන්න බලමු..හාද..?

      Delete
    2. බොහොම ස්තූතියි ඉන්දික. අතාරින්න එපා මචං. චෙෆාකි ගොඩ දාල දෙයි.

      Delete
  8. මටත් කීපදෙනෙක්ම කිව්වා ඔහොම අනුන්ට කර කර ඉඳලා හරියන්නේ නෑ මොකක් හරි මහාපරිමාණ වගාවක් හරි මොකක් හරි කරන්න නෝනා සහ ළමයා වෙනුවෙන් කියලා. ගමනැගුම යටතේ හදපු පොල් , කෙසෙල් පැල එකක් වත් නෑ දැන්. ලෙනදොර හරියට වගාව බලාගත්තේ නෑ. මම තවම හරියන කෙනෙක් ( පොඩි කාලේ අපි වගේ උනන්දු ගොවියෙක් ) හොයනවා හම්බවුනාම කුරුඳු, ගම්මිරිස් හෝ මුන් ඇට වගේ වගාවක් ලොකුවට කරවන්න හිතේ තියෙනවා. මගේ නිවාස වැඩ වල ප්‍රතිලාභීන් අතර හමුවූ හොඳ මිනිහෙක් ඉන්නවා. එයා තවම මගේ යාළු ඉංජෙක් ළඟ ට්‍රේන් වෙනවා . මිනිහා නැගලා ආවොත් කන්ස්ට්‍රක්ෂන් පැත්තේ දේකට මිනිහා හරහා ඇත ගහන්න පුළුවන්.. කරුමෙට ලංකාවේම මොකක් හරි කරන්නමයි හිතෙන්නේ.. තවම "කාලය, දීපය, දේශය... ආදී පස් මහා බැලුම් බලමින් ඉන්නේ...

    ReplyDelete
    Replies
    1. බොහොම්ස් ස්තූතියි කවිඳු ලින්ක් එකට. ඒවගේම ඔබගේ සැලසුම් ඉතා සාර්ථක වේවා කියලා පතනවා. වටේ ඉන්න අයටත් උදව් කරගෙන යන ඔබ වැන්නෙක් ව්‍යාපාරිකයෙකුත් වුණොත් ගොඩක් දෙනෙක්ට හොඳ වෙයි.

      Delete
  9. මටත් කීපදෙනෙක්ම කිව්වා ඔහොම අනුන්ට කර කර ඉඳලා හරියන්නේ නෑ මොකක් හරි මහාපරිමාණ වගාවක් හරි මොකක් හරි කරන්න නෝනා සහ ළමයා වෙනුවෙන් කියලා. ගමනැගුම යටතේ හදපු පොල් , කෙසෙල් පැල එකක් වත් නෑ දැන්. ලෙනදොර හරියට වගාව බලාගත්තේ නෑ. මම තවම හරියන කෙනෙක් ( පොඩි කාලේ අපි වගේ උනන්දු ගොවියෙක් ) හොයනවා හම්බවුනාම කුරුඳු, ගම්මිරිස් හෝ මුන් ඇට වගේ වගාවක් ලොකුවට කරවන්න හිතේ තියෙනවා. මගේ නිවාස වැඩ වල ප්‍රතිලාභීන් අතර හමුවූ හොඳ මිනිහෙක් ඉන්නවා. එයා තවම මගේ යාළු ඉංජෙක් ළඟ ට්‍රේන් වෙනවා . මිනිහා නැගලා ආවොත් කන්ස්ට්‍රක්ෂන් පැත්තේ දේකට මිනිහා හරහා ඇත ගහන්න පුළුවන්.. කරුමෙට ලංකාවේම මොකක් හරි කරන්නමයි හිතෙන්නේ.. තවම "කාලය, දීපය, දේශය... ආදී පස් මහා බැලුම් බලමින් ඉන්නේ...

    ReplyDelete
  10. මෙන්න "ගම නැගුමේ " ලින්ක් එක ..http://helmalu.blogspot.com.au/2015/12/blog-post_25.html

    ReplyDelete
  11. පොඩියට හරි බිස්නස් එකක් පටන් ගන්න ඒක හොදයි තමයි. තමුන්ට දැනුම තියන දෙයකින්ම පටන් ගන්න එකද එහම නැත්නම් වැඩි වෙළද පොලක් තියන දෙයක් පටන් ගන්න එකද හොද කියලා මේ ලිපිය තව විස්තර කරලා තව පොස්ට් එකක් ලියන්නත් උබට පුලුවන්

    ReplyDelete
    Replies
    1. මොනවහරි පටන් ගන්නවනම් මොන අංශෙන්ද කියල කිව්වොත් ඒ ගැන හොයල දන්වන්න පුළුවන් මෙන්ඩා

      Delete
    2. දැනට මම සම්බන්ද දෙයකට ..ඇත්තම කිවොත් මේ දවස් වල ටික ටික ඒ ගැන බලාගෙන යනවා...හිමිට උබගෙන් උපදෙසක් ගන්නම්

      Delete
  12. Replies
    1. Thank you Maathe. Sincerely hoping at least one would leap in to it.

      Delete
  13. හොඳ ලිපියක් ඉයන් .
    මේ කතාවෙන් පාඩමක් ගන්න අපේ ගොඩක් මිතුරන්ට බැරි ඔවුන් තමන්ගේ ගෙදර හෝ වාහානයට ආදරය කරන්න පටන් ගන්න නිසා. සත්‍ය මිලට අමතරව ඔවුන් තමන්ගේ දේපලට සෙන්ටිමෙන්ටල් මිලක් එකතු කරගන්නවා. එතකොට ඒවා අත්හරින්න බෑ .

    ReplyDelete
    Replies
    1. තන්හාය ජායති සෝකෝ යකෝ....

      Delete
    2. Maathalan,

      සෝකෝ කියල තිබ්බ අසූ ගණං වල මරු කලසං රෙදි ජාතියක්. හාරා කියල එකකුත් තිබ්බ.

      Delete
    3. අපි ඉස්සර කියන්න "තණ්හාය ජායති ශෝකෝ සුමනෝ" කියලා

      Delete
    4. ඔව් ඒ දවස්වල 'තණ්හාය ජායතී සෝකෝ', 'තණ්හාය ජායතී ඩෙනිම්' දෙකම තිබ්බා

      Delete
    5. තිලක් / කවිඳු,

      Moffi ටී ෂර්ට්ස් මතකද? එතකොට Depi සහ Blackman ෂර්ට්ස්? සපත්තුවලින් නොම්මර එක බාටා කොම්පැණියෙන් ගහපු Mocassino....හෙහ්,හෙහ්, පෝස්ට් එකක්ම ලියන්ට වෙයි වාගෙ.

      Delete
    6. මම හාරා කලිසම් ඇඳලා රැන්ග්ල්ර් ෂර්ට් ඇඳන් උසස් පෙළ ක්ලාස් ගිය හැටි ලිව්වා මතකයි පැරණ පොස්ට් එකක . ඔව් නැත්නම් අලුත් එකක් ලියමු ඔන්න ඔහේ..

      Delete
    7. මෙන්න මේකේ ලිව්වේ ..http://helmalu.blogspot.com.au/2016/06/blog-post_6.html

      Delete
    8. රවී....ලොකු කතාවකට මුල පුරන්න වගේ යන්නේ. ලියපන්..ලියපන්.

      Delete
    9. බොහොම ස්තූතියි තිලකසිත. ඔව් ඔය උපාධානයෙන් ගැලවෙන්න අමාරුයි.

      Delete
    10. අරූ, බොලා හදන්නෙ නිදහස් සිතුවිලි කියවන අපි වගේ හුදී ජන පාඨකයා තවත් අමාරුවෙ දාන්න ද?

      Delete
  14. වටිනා අදහස් ටිකක් මටත් වැඩිය මගෙ සත්තලන්ට ඒ නිසා මම මේ පෝස්ට් එක සත්තලන්ට පෙන්නන්න ඕනේ

    ReplyDelete
    Replies
    1. සාර්ථක වෙන්න පතනව ශානි. එකම දේ සත්තලංට කියන්න එයාගේ ඇඹේණිය සත්තලං බඩු ගන්න වැඩේත් දීර්ඝ කාලීනව මහ නාස්තියක් කියල. ඒව අරගෙන හංගගෙන ඉන්නවට වඩා ඒ සල්ලි කීප වතාවක් යම් දෙයක් අරගෙන් විකුණන්න යොදාගත්තොත් හොඳයි කියල.

      Delete
  15. හැම පැත්තම හිත හිතා ඉන්නේ නැතුව කොහෙන් හරි පුලුවන් තැනකින් පටන් ගන්න ඕන.

    ඉයන් කියනවා වගේ ඉන්න බිත්තර කට්ටෙන් එළියට එන්න පුලුවන් නම් අවස්ථා හොයා ගන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චතූ. ඔබ හරියටම හරි

      Delete
  16. සල්ලි හම්බකරනවාට වඩා මිනිස්සු හම්බකරන්නෙ කොහොමද කියල හිතන මිනිස්සු බිහිවෙයිද??

    ReplyDelete
    Replies
    1. ඒ ගැන පෝස්ට් එකක් දාන්නකො උඩුවා.

      Delete
    2. මිනිස්සු හම්බකරල බැ බං සල්ලිත් ඕන

      Delete
    3. සල්ලි තියෙන මිනිස්සු හම්බ කරපල්ලා. ඒක තමයි හොඳම විදිහ.

      Delete
  17. නියම ලිපියක් ඉයන්.

    අපිටනං විකුණන්න කියල ඉඩමක් නෑ. හැබැයි අවුරුදු ගානක් කිසිම වැඩක් නැතුව කැලේ වැවිල තිබ්බ ඉඩමෙ කෑල්ලක් බැංකුවට තියල ලෝන් එකක් අරං හැදුව 13x35 ස්ටෝස් කාමර දෙකක්. දැන් දෙකම කුලියට දීල තියෙන්නෙ. ඒ ලොන් එකේ අවුරුදු අට ඉවර උනාට පස්සෙ තමයි ඉතිං ඒකෙ ඉතුරු කෑලි තුන ගැන හිතන්න වෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ලෝන් එකේ භාගයක් විතර ගෙවුණම ආයිමත් බංකුවට කථා කරන්න. එතකොට ඉඩමේ වටිනාකම වැඩිවෙලා තියෙන නිසා ඒක උඩ තව ලෝන් එකක් ගන්න පුළුවන් වෙයි. ඒ අතරතුර බ්ලොග් ගල් ටිකක් එහෙම ටික ටික හරි ගෙදරම හදාගන්න. හැමාසෙකම පොඩි ගාණක් ඉතුරු කරගන්න පුළුවන්නම් මාස හයකට සැරයක් පොඩ්ඩ පොඩ්ඩ හදන්න. අවුරුදු 8 ඉවර වෙනකම් බලාගෙන හිටියොත් අද වගේ දෙගුණයකට එහා යයි ඊලඟ කෑලි වලට.

      Delete
  18. වාහන විකුනන සංකල්පය හිතට ඇල්ලුවා...දැන් ලංකාවෙ ඇන්ටික් ස්කූටර් වලට සෑහෙන ඉල්ලුමක් තියෙනවා...මමත් ඇන්ටික් ලෝලියා නිසා ඒ පැත්ත ගැන හිතන්න කියලයි බැලුවෙ. මොකද මගේ ඇන්ටික් ස්කූටරේටත් සෑහෙන ඔෆර්ස් එනවා වටෙන්ම...

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි සිරා. ටිකක් අබලන් තත්ත්වයේ තියෙන ඒවගේ ස්කූටර් කීපයක් හොයාගෙන රිපෙයා කරලා පේන්ට් කරලා විකුණන්න පටන් ගන්න. හොයා ගන්න බැරි පාට්ස් එහෙම තියෙනවා නම් eBay එකෙන් ඕඩර් කරල ගෙන්න ගන්නත් පුළුවන්.

      Delete
  19. කිව්වට මොකද ඉයන් දැන් නම් ජීවිතේ ගොඩක් අමාරුයි තමයි. දැන් අතට සල්ලි එනවා අඩුයි. මමත් වෙන බිස්නස් එකකට බහින්න මේ දවස්වල ඒ ගැන ස්ටඩි කරනවා. ඉයන්ලාගේ ලොකු මහත්තුරුන්ට කියන්න සාමාන්‍ය මිනිස්සු හරි අමාරුවෙන් දැන් ජීවත් වෙන්නේ කියලා. පොඩි බිස්නස් කාරයෝ ගොඩක් වැටිලා.

    ReplyDelete
  20. ඔය විදියේ වාහන විකුණන මගේ හොඳ යාලුවෙකුත් ඉන්නවා.
    (නැහැ නැහැ මලේ නැහැ.)

    ReplyDelete
  21. අට්ටි ගහන සංකල්පයෙන් සිංහලයා මිදෙන්න සෑහෙන්න කල් යයි. අපේ බහුතර වැඩිහිටියන් හීං බබා ලා තමයි. උන්දලාට අපේ අතීත විභූතිය හැර වෙන යමක් නැහැ කියන්න. ඔය රටේ අතීතය ගැන පාරම්බාන කොට හිතා ගන්න ඒකත් අර හීං බබා ගෙ අප්පොච්චා කරපුවා වාගේ කෙබර තමයි කියලා..

    ReplyDelete
  22. සහතිකෙන්ම මොරාල් අප් වෙන පොස්ටුවක්

    ReplyDelete
  23. මලකඩ කැඩුනා... බලමු ගේමක් ගහන්න.
    ජයවේවා..!!

    ReplyDelete