කලින් පෝස්ටුවේ යුද්ධය අවසන් වුන අයුරින් අවසන් වීමට බලපෑ හේතු ගැන වූ සංවාදයේදී මට වැටහුණු කාරණයක් වූයේ රාජපක්ෂවාදීන්ට යුද්ධය සහ ඒසමඟ බැඳුණු දේශීය සහ ජාත්‍යන්තර ක්‍රියාදාමයන් පිළිබඳ ඇතේ අල්ප දැනුමක් බවයි. කාටවත් ඉවරකරන්න බැරිවුණ යුද්ධය ඉවරකළ විශ්ම කර්මයා වශයෙන් ඔවුන් රාජපක්ෂ ගැන සිතා සිටින්නේ මේ අල්ප දැනුම නිසා වන්නට පුළුවන. විෂය නිර්දේශයට අයත් දේ කටපාඩම් කර විභාගවලදී වමෑරීමෙන් දැනුම ලබන අධ්‍යාපන ක්‍රමයකට නිසා මෙය සිදුවන්නට ඇත. රටේ සහ ලෝකයේ සිදුවන දේ ගැන කියවීමට හා ඒ ගැන විස්තර සෙවීමට උත්සාහයක් නොගෙන ලිඳේ ඉන්නා මැඩියන් මෙන් විභාග වලට හෝ රැකියාවට අවශ්‍ය දැනීමෙන් සීමා වන මෙවන් අය සිටින්නේ ලංකාවේ පමණක්ද යැයි මට නම් සැකයක්ද ඇත. අන්ධ අනුගාමිකයන් නොවන ඉතිහාසය ගැන නොදැනුවත් වීම නිසා වැරදි අවබෝධයක සිටින කෙනෙක් වෙත්නම් ඔවුන්ගේ ප්‍රයෝජනයට ඒ ගැන ලියන්නට තීරණය කලෙමි.