Thursday, December 24, 2015

රනිල්ගේ බොරු

රනිල්ගේ බොරු



කමියාගේ ඉල්ලීමක් ඉටුකරන්න කියල හිතුන. ඉල්ලල නාගන්න වෙයිද කියලත් හිතුන. ඒවුනාට මේ යහපාලනය පොරොන්දු වුන රනිල් කරන දේවල් ගැන නොකියත් බැහැ. පටන් ගමු ඥාති සංග්‍රහයෙන්ම. මොකද යහපාලනේ පටන්ගත්තෙත් ඒකෙන් නිසා. සිරිසේන සහෝදරයා අධ්‍යාපන, දුප්පත්කම නැතිකිරීම, කෘශිකර්මය වගේ සබ්ජෙක්ට් එකකට බැස්ස නම් ප්‍රශ්ණයක් නැහැ. බැස්සෙ ටෙලිකොම් එකට. එතන හොද්ද බොරයි කියල කවුරුත් දන්නවනෙ. ඒවගේ උතුම් ආදර්ශයක් දුන්න ගමන් අලියගෙන් දිනපු අර්ජුන මහත්තයත් එයාගෙ අයියව දැම්මෙ අර රටට ඕන තැනකට එහෙම නෙමෙයි. කෙලින්ම වරායට. ඔන්න යහපාලනේ විරුද්ධ වෙච්ච ඥාති සංග්‍රහය. රනිල්ගෙ බොරුව ඒවයෙන් ඔප්පු වෙනව නේද? . 


ඊලඟට එච් එන් ඩී ඊ සිසුන්ට පහරදීම බලන්න. යහපාලන පොලිසිය දුන්න බැටේ. එතකොට පාර්ලිමේන්තු ඡන්දෙට ඉස්සෙල්ල තිබ්බ යහපාලන ආණ්ඩුවෙන් දුම්රිය දෙපාර්තමේන්තුවට අවශ්‍ය දේවල් පුළුවන් තරම් ලංකාවේ දේවල් වලින් ශ්‍රමිකයන්ගෙන් ගන්න ගත්තු කැබිනට් තීරනය වෙනස් කරල ආයි පාරක් ඉන්දියාවෙන් බලවේග කට්ටල ගන්නයි දුම්රිය මාරග අළුත්වැඩියා කරන්නයි රනිල්ගෙ ප්‍රවාහන ඇමති නිමල් සිරිපාල ගත්තු උත්සාහය. රනිල්ගෙ කට්ටිය කොලේ වහලමයි ගහන්න බලන්නේ.ඊයේ පෙරේදා යූ එන් පී එකෙන් පත්වෙච්ච හිරුණිකා නෝනා එයාගේ ඩෙෆෙන්ඩරෙන් මිනිහෙක් පැහැරගෙන ගිහිල්ල. සුදු වෑන් කළු වෑන් කියල ලොකු ටෝක් දිදී හිටපු අය කෙලින්ම නොම්මර ගහගෙනම ඇවිත් වැඩි දීල. 

ඔන්න යූ එන් පී කට්ටිය. පේනව නේද මේ යූ එන් පී කට්ටිය ඔක්කොම ඔයවගේ තමයි. ඒගොල්ලො සම්මුති ආණ්ඩුව නිසා ආණ්ඩුවේ ඉන්න ශ්‍රී ලංකා නිදහස් පක්ශයේ කට්ටිය මිස යූ එන් පී එකේ අය නෙවෙයි, හරි අලියගෙන් ඡන්දෙ ඉල්ලපු ශ්‍රී ලංකා කාරයො කියල කියන ගොන් තර්ක  ඔට්ටු නෑ හරිද?

 මේ කමියට පොරොන්දු වෙච්ච පෝස්ට් එක නෙමෙයි. ඒක වෙනම.

26 comments:

  1. මචං ඉයන්............ අාණ්ඩුවනං අාණ්ඩුව..... ජනාධිපති කියනවා අයවැය ගැන ඒයා දන්නෑ කියලා..... වැරදි කරාම උන් යූඒන්පී නෙමෙයි කියනවා.... සහසුද්දෙන් ම පක්ෂයක් පෙන්නන්න පුළුවන් ඒකෙක්වත් පාර්ලිමේන්තුවේ නැහැ..... හැමෝම ක්‍රොස් වෙච්චි අය...... මේවා නෙමෙයි මචං වැදගත් වෙන්නේ මොකා වුණත් කරපු වැරැද්ද වැරැද්දම තමයි............ (රිදුනා නං සොරි...... නොකියා කොහොමෙයි)

    ReplyDelete
    Replies
    1. කුරුටු බොහොම ස්තූතියි. ඔව් මචං මම පිලිගන්නවා. ඒකනෙ කිව්වෙ මේ අය යූ එන් පී නෙමෙයි කියන එක ඔට්ටු නෑ කියල . හැක්

      Delete
  2. නවීන් එයා ගේ මාමා (තාත්තගෙ නගින්ගෙ සුවාමිපුරුසයා) වන රොහාන් පෙතියාගොඩ ව තේ මන්ඩලේ සබාපති කමට පත් කිරීම මතක් වුනෙ නැහැ වගේ...

    ReplyDelete
    Replies
    1. රවී ගේ නෝනගෙ මාමා රක්ශණ සංස්ථාවට එකත් අමතක වුණා

      Delete
  3. රාජිත මාමියි එයාගෙ පවුලයි අමතක උන එක හොඳයි අප්පා.. එයාගෙ පක්ශෙ නම් එයාටත් මතක නැතුව ඇති
    ජයවේවා..!!

    ReplyDelete
  4. දැන් බොලාට තේරෙනවැයි, ඔය දෙකම එකක් කියලා?

    ReplyDelete
  5. එහෙනම් මතක තිබ්බ නෙහ්? බලමු පොස්ට් එකම කියෝලා..

    ReplyDelete
  6. මදයි කොලා. අන්තිමට අපිට තමා කෙලවෙන්නේ...එක්කෝ මුන් පොරොන්දු නොවී කරපන්කෝ...හිතට දුකක් නෑනේ එහෙනම්.
    (අද පෝය හොදේ කට්ටිය අම්මලා මතක් කොර ගන්න එහෙම එපා)

    ReplyDelete
  7. කවුරු ආවත් වෙන්නෙ ඔය ටික තමයි ඉයන්.

    ReplyDelete
  8. මොන සෙල්ලම් දැම්මත් අවුරුදු පහකට වැඩේ ඉස්තිරයි... බයියෝ පව්.. අවුරුද්දක් දෙකක් පරිප්පුවක් කන්න වෙයි.. 77 ත් දින්න ගමන් දිවිය ළෝකේ පහළ උනේ නෑ...

    ReplyDelete
    Replies
    1. ඔවු ඉතින් ෙපරැම්පුරාලා ලබා ගත්තු බලය ෙනාවැ... රට පාවලා දීලා හරි කමක් නෑ එක දවසක් හරි බලය තිෙයනවානන්...

      Delete
    2. // මොන සෙල්ලම් දැම්මත් අවුරුදු පහකට වැඩේ ඉස්තිරයි //

      "pie in the sky"
      › something that you ​hope will ​happen but is very ​unlikely to ​happen:

      http://dictionary.cambridge.org/dictionary/english/pie-in-the-sky

      Delete
    3. No worries M8.... //but is very ​unlikely to ​happen//

      Delete
  9. රනිල් මේ රටේ මිනිස්සුන්ගේ ආකල්ප වටහාගන්නකොට ආයිත් පැරදිලා තියේද කියලයි බය!

    ReplyDelete
  10. වැරදි තියන බව හැබෑව... ලංකාවේ ඉන්නේ කිඹුල කනවා ඉවසන්න පුළුවන් කොහිල කටුව ඉවසන්න බැරි එවුං නෙ. අයවැය යද්දී ජනතා වාදීව වෙනස් වෙන එක බයියෝ දකින්නෙ " මුන්ට එක වත් හදාගන්න බෑ" කියන මානසිකත්වයෙන්. ගෝඨා හිටිය නං එකෙක් කටක් හොල්ලන්නෙ නෑ ඔය එකකට වත්. උද්ඝෝෂණ නෑ, අයවැය දැම්මොත් දැම්ම . ඊට පස්සේ 2500න් ජීවත් වෙන්න පොර ටෝකුත් දෙනවා. මිනිස්සු උස්සල මැරුව. නෑදැයෝ ලොකු තැන් වලට දැම්මෙ ප්‍රාදේශීය සභාවට ඉල්ලලා පැරදුන එකාගේ ඉඳල. මිනිස්සුන්ට මොන වරදක් දැක්කත් එළිපිට බනින්න නිදහස තියනවා අද. උද්ඝෝෂණ කරන්න පුළුවන්. එක පාරයි ළමයිට ගැහුවෙ ඊට පස්සේ පොලිසියේ ගහපු එවුන්ටත් යම්තාක් දුරකට හෝ නීතිය ක්‍රියාත්මකයි. දැන් අමුඩ ගහගෙන අරලිය ගහේ තාප්පෙත් නගිනව. ඕන එකෙක්ට කාටුන් අඳිනවා. ආණ්ඩුවේ ඉන්න එවුන්ම තමන්ගේ එවුං විවේචනය කරනව. ඔව්ව තිබ්බද ඉස්සර? මැරවියා අර සමුර්දි කාරය ගස් බඳිනකොට ආණ්ඩුවේ එකෙක් කට ඇරියද? අපේ කාලකන්නි හැත්ත කැමති රාජාණ්ඩු වලට. රජෙක් යටතේ ඉන්න ගෝත්‍රිකයෝ වෙන්න. රජා ඇරියත් කටක් හොල්ලන්නෙ නෑ... ප්‍රජාතන්ත්‍රවාදය ටිකක් හෝ පෙන්න තියන ආණ්ඩු කැඳ ආණ්ඩු. මහින්ද වගේ ගොර ගොර ගගා පපුවට තඩිබාගන්නේ නැති නිසා, රැවුලක් නැති නිසා,නිළියන්ට අරින්නෙ නැති නිසා මෛත්‍රී පෙන්දා.. රාජාණ්ඩුව තව ටිකක් තිබ්බ නං බලාගන්න තිබ්බ. 165 ට පෙට්‍රල් ගහගෙන දුවනකොට 2550ට ගෑස් වලින් උයනකොට කිරිපිටි ගිනි ගණන් දීල පොඩි උන්ට පොවනකොට මික් නොකියපු එවුං දේශගුණය සහ අවුරුද්දේ පලදාව ගැන ගැටළු නිසා දෙහි මිරිස් ගණන් යනකොට රෙද්ද උස්සන් කෑගහනවා. නිසාන් ලීෆ් තියා පුෂ් බයිසිකල් කටුවක් ගන්න සල්ලි නැති එකා විදුලි වාහන බද්දට බෙරිහන් දෙනව. අන්න ඒක අඩු කොරල. රවියගේ "කැඳ අයවැයෙන්". රිසානා නිදහස් කොරනවා කියල ඒකිව මරපු දවසෙත් පාර්ලිමේන්තුවේ කියපු පොන්න විදේශ ප්‍රතිපත්තියක් තිබ්බ රටේ, සජින් වාස්ල රටේ සල්ලි වලින් ඩිප්ලොමැටික්ස් වලට ගිහින් වැල බලපු රටේ, ක්‍රිස් නෝනිස්ට ගහපු රටේ, ප්ලේන් පුරවන් ගිහිං හෙළුවැල්ලෙන් නටන එවුන්ගේ රටවල් වලට ආධාර දීපු රටේ , අල්ලපු රටේ එකාව වත් යු එන් එකේදී චන්දෙ නොදෙන තත්වෙට ඩිප්ලොමැටික් බල්ලට දාල තිබ්බ රටේ අන්න ගල් ගහල මරන්න තිබ්බ ගෑණි හිරේට දාල ශේප් කරගෙන. වැරදි තියනවා ඕන තරම්. හැබැයි අරුගේ රාජාණ්ඩුවට වඩා තාමත් මට නං මේක දහස් වාරයක් හොඳයි..

    ReplyDelete
    Replies
    1. අයවැය හදද්දි තේරෙන් නැද්ද මේක රටට හොදද නරකද කියලා? අයවැය හදන්නෙ බබ්බුද? අයවැය හදලා මිනිස්සු කෑගාපුවාම වෙනස් කරලා අන්තිමට කියනවා ජනතාවට කන් දෙනවා කියල. ලොල්ම තමා. අනික උඹලා නිකන් බබ්බු වගේ කතාව. මහින්දයාගේ කාලේ උද්ගෝශන ක‍ලේ නැද්ද? මහින්දයා‍ට විරැද්ධව ‍කතා කලේ නැද්ද? නිකන් බයිලා එපා බන්.

      Delete
  11. රනිල් නරක ම නෑ.. බට් මනුස්සයට රියැලිටිය මොකද්ද තේරුං ගන්න බැරි ලෙඩක් මිනිස්සු එක්ක කලවං වෙන්න බැරි ලෙඩක් තියෙයි
    ඒ අතිං ඒ ටැක්ටික් මරාට ගානට පිහිටලා තියෙයි

    ReplyDelete
  12. මම මේ ආණ්ඩුව මොකක්ද කියලා හරියට තේරුම් ගත්ත දවසට පෝස්ට් එකක් දානවා.

    ReplyDelete
  13. දැන් සනීපද? එහෙමටැයි කියලා වෙනසක් නෑ!!

    ReplyDelete
  14. අර විචාරක කියන්න වගේ තේරුන දාකට මමත් දානවා ලොකු පොස්ට් එකක්....

    ReplyDelete
  15. ලොකු හොඳක් නෙමෙයි , ඉස්සරට වඩා හොඳයි.
    එච්චරයි.

    ReplyDelete
  16. ආණ්ඩුවක් ගත්තු ගමන් රට සිංගප්පූරුවක් කරන්න බැරි නව හැබෑව .. එත් අවුරුදු පහ අවසාන වෙද්දී ආණ්ඩු දෙකෙන්ම වංචා කරපු උදවියට නිසි දඬුවම් ලැබුය යුතුයි... එහෙම බැරිනම් ලංකාව වටේම හිරගෙවල් වල ඉන්න මිනිස්සු ටිකත් නිදහස් කරලා දාන්න ඕන කියල මම යෝජනා කරනවා.. මොකද හිරේ ඉන්න ඕන එවුන් පාර්ලිමේතුවේ ඉද්දි තෝරාගත්තු දුප්පත් පිරිසක් විතරක් හිරගෙවල් වලට ගාල් කිරීම අසාධාරණයි.

    අවුරුදු පහ අවසාන වෙද්දීවත් බුද්ධිමත් මිනිස්සුන්ට විතරක් පාර්ලිමේන්තු යන්න පුළුවන් වෙන ක්‍රමවේදයක් හදල ගියොත් ලොකු පිනක්... හිරේ ඉන්න ඕන එවුන් පාර්ලිමේන්තු ගිහින් රට විනාස කරන එකෙන් රට බේරගත්තොත් ලොකු කුසලකර්මයක්.. යහපාලනය මෙතෙක් ආ ගමන් මගෙන් තේරෙන්නේ අගමැති තුමා ජනාධිපති තුමාව අභිබවා යමින් තියෙනවා කියල විතරයි. බහුතර චන්ද පදනම ආරක්ෂා කරගන්න මේ ආණ්ඩුව නොකළයුතු දේ කරමින් ඉන්නවා කියන දේ නම් පැහැදිලියි.

    ReplyDelete
  17. අදයි ඉයන් උබේ බ්ලොග් එකට ආවේ.. හික් හික්. මේ නම් ෂුවර් එකට ලංකාව ගැනනම් නෙමෙයි ලියල තියෙන්නෙ.. ලංකාව කියන්නේ අර මොකක්ද අකන්ඩතාවය 100% තියෙන රටක්නේ හිටන්. ඒකනිසා මෙව්ව ඔක්කොම බොරු හිටන්..!! ලොල් ද මන්දා ....

    ReplyDelete