2015 කියන්නේ ගොඩක් වෙනස්කම් අළුත් අත්දැකීම් වලට මුහුණ දුන් වසරක්. සමහර අය එකඟ නොවුනත් රටේ ඇතිවෙච්ච දේශපාලන වෙනස්වීම ඉතාම හොඳ ආරම්භයක් වසරට ලබා දුන්නා. ඒ වෙනස තව ගොඩක් දුර යන්න ඇතිබව වෙච්ච සමහර දේවලින් පැහැදිලියි. සමහර වෙනස් කම් සිදු කර ගන්න මමත් පෞද්ගලිකව උත්සාහ ගන්නවා.
දෙවෙනි වෙනස තමයි අවුරුදු 12 කට පසුව පළමු වරට තනිව ජීවත් වන්නට සිදුවීම. පහුගිය අවුරුදු දොලහේ මා සමඟ සිටි පුතා උසස් අධ්‍යාපනයට විදේශ ගත වුනා. ඒකත් එක්තරා විදිහක සහනයක්. ඔහු වෙන්වී යාම ඉතා සුළු හෝ හිඩැසක් ඇති කරත් මනස ගොඩක් දුරට නිදහස් වුනා. ඒ නිදහසත් එක්ක 2009 විතර ඉඳන් තිබිච්ච බ්ලොග් එකත් දුහුවිලි පිහදාල ගත්තා.
බ්ලොග් එකක් කිව්වට මේක වැඩි දෙනෙක් කියෙව්වේ නැහැ. මේකේ ප්‍රධාන කර්තව්‍ය වුනේ පුවත්පත් වලට ලියූ ලිපි වල සොෆ්ට් පිටපත් සංරක්ශණය. අවුරුදු හයටම තිබ්බේ එක කමෙන්ට් එකද කොහෙද. අර ගොඩනැඟිලි උයන්නා හෙවත් චෙෆාකි කමෙන්ට් එකකින් සින්ඩිකේට් වලට දාන්න කියපු නිසා එක පාරටම වැඩිදෙනෙක් කියවන බව තේරුණා. ඒ නිසා රවී, අපූර්වි, නෙලුම්යායේ අජිත්, විචාරක, පොඩ්ඩි, හැලපේ, ඉකොනොමැට්ටා, උපේක්ෂා, හංසි, මෙතූ, පත්තර මල්ලි, රසිකලොජි, රාජ්, කුරුටු, වර්ණ, ඩ්‍රැකී, දේශක, මනෝ මන්දිර, මිත්‍රවර්ණ, බණ්ඩා, Dude, Praසන්ன, විදානේ මනොජ්, අම්බලන්ගොඩ, මහේෂ්, වැනි ප්‍රවීනයන් සයිබරයේ හඳුනාගන්නට හැකි වුණා.
ඒවගේම චෙෆාකි, මාතලන්, ඉවාන්, අටම්, සජ්ජා, ලොකුපුතා, ප්‍රාජේ, මෙන්ඩා, බස්සි, කමියා, , කැමා ඇනෝප්ලීස්, නලින්, කම්මල (1) , කම්මල (2), කටුස්සා, ගස්ලබ්බා වැනි බ්ලොග් කරුවන් සැබෑ ජීවිතයේ හමුවෙන්නත් අවස්ථාව ලැබුණා. (මෙතනින් ප්‍රාජේ මම බොහෝ කලක් හඳුනන කෙනෙක් වුනත් ඔහු බ්ලොග් අවකාශයේ සිටින බව දැනගෙන සිටියේ නැහැ). එම නිසා එක්තරා වයස් පරතරයක සහ වෘත්තීන් කිහිපහයකට සීම වී තිබූ මගේ මිතුරන් ප්‍රමාණය මෙම වසරේදී වඩාත් පුළුල් වුනා.
මේ වෙනස්කම් නිසා 2015 මට අමුතුම ඒවගේම සතුටට පත් වසරක් වුනා. මගේ 2015 වසර වර්ණවත් කල ඔබ සැමට මගේ ප්‍රණාමය පුදකරන අතර, ඔබ සියලු දෙනාටම තෘප්තිමත් 2016 වසරක් වේවා යැයි ඉත සිතින් ප්‍රාර්ථනා කරනවා.
ඉයන්
රනිල්ගේ බොරු
කමියාගේ ඉල්ලීමක් ඉටුකරන්න කියල හිතුන. ඉල්ලල නාගන්න වෙයිද කියලත් හිතුන. ඒවුනාට මේ යහපාලනය පොරොන්දු වුන රනිල් කරන දේවල් ගැන නොකියත් බැහැ. පටන් ගමු ඥාති සංග්‍රහයෙන්ම. මොකද යහපාලනේ පටන්ගත්තෙත් ඒකෙන් නිසා. සිරිසේන සහෝදරයා අධ්‍යාපන, දුප්පත්කම නැතිකිරීම, කෘශිකර්මය වගේ සබ්ජෙක්ට් එකකට බැස්ස නම් ප්‍රශ්ණයක් නැහැ. බැස්සෙ ටෙලිකොම් එකට. එතන හොද්ද බොරයි කියල කවුරුත් දන්නවනෙ. ඒවගේ උතුම් ආදර්ශයක් දුන්න ගමන් අලියගෙන් දිනපු අර්ජුන මහත්තයත් එයාගෙ අයියව දැම්මෙ අර රටට ඕන තැනකට එහෙම නෙමෙයි. කෙලින්ම වරායට. ඔන්න යහපාලනේ විරුද්ධ වෙච්ච ඥාති සංග්‍රහය. රනිල්ගෙ බොරුව ඒවයෙන් ඔප්පු වෙනව නේද? .
කුඩා කරුණක් තේරුම් ගතහොත් දිනකින් වැඩි කාලයක් සතුටින් සිටිය හැකි බව සිතමි. ඒ පිලිබඳව ඔබවත් දැනුවත් කිරීමට මේ පෝස්ට් එක. මීට කලින් මේ හා සමාන දෙයක් එනම් තමන්ගේ සතුටේ පාලනය අනුන්ට භාරදීම නිසා දුක් වන අය ගැන පෝස්ට් එකක් ලීවා. ඒක කියවල නැත්නම් ඒකත් මෙතනින් කියවන්න. ඔබට ඒකත් ජීවිතේ දුක අඩුකරගන්න ඒක ප්‍රයෝජනවත් වේවි.
අද කියන්න අදහස් කරන දේනම් තමන්ට අන් අය සිතනදේ ගැන දැනගැනීමට කිසිම හැකියාවක් නැති බව තේරුම් ගැනීම ඉතා ප්‍රයෝජනවත් බවයි. ඒ කියන්නේ අනික් අය අපි කරන, කියන, අඳින දේවල් ගැන මෙහෙම හිතනවා ඇති කියලා අපි කරන උපකල්පනය බොහෝ විට වැරදි බවයි. මේක තේරුම් ගැනීම වැදගත් වන්නේ අපි හැමදාම කරන කටයුතු වලින් බොහොමයක් කරන්නේ මම 'මේ දේ මෙහෙම කලොත් මේ කෙනා මෙහෙම හිතාවි' කියල උපකල්පනයකින් නිසා. එකඟ වෙන්නෙ නැත්ද?
සමහර දේශපාලන විශාරදයන්ට අනුව එක්සත් ජාතික පක්ෂය ධනපති පක්ෂයක්. මේ ධනපති කියන වචනය සහ සූරාකෑම කියන වචනේ වමේ බොහොම දෙනෙකුට බඩ ගෝස්තරේ රැකගන්න උදව් කරන තියෙනව. ඒකට මුල රටේ බලය ගන්න කලිසමයි, ආගමයි, කථාකරන භාෂාවයි, වෙනස් කරගෙන 'සඟ, වෙද, ගුරු, ගොවි, කම්කරු' කියන කට්ටිය මේ සූරාකන ධනපති පන්තියෙන් ගලවගන්න 1956 ආපු ගැලවුම් කාරය වෙන්න ඕන.
මේ පෝස්ට් එකට අදහස ආවේ අමාවක අඩවියේ මේ පෝස්ට් එක නිසා. ඒකට අනුව රජයේ සේවකයො, දොස්තරවරු, උසස් අධ්‍යාපනය ලබන ශිශ්‍යයො තමයි නිර්ධන පන්තිය. මේවගේ අසරණ නිර්ධනයන් ගැන කවදාවත් නොසිතපු එක්සත් ජාතික පක්ෂයට ධනපතියන්ගේ පක්ෂය කියන එක වරදකුත් නැහැ. අනික එක්සත් ජාතික පක්ෂය හැමදාම පෙනී හිටල තියෙන්නෙ ධනපතීන් වෙනුවෙන්. උදාහරණයකට ඩී එස් සේනානායක මහත්තය ගල්ඔය ව්‍යාපාරය, ජනපද ව්‍යාපාරය හරහා ඉඩම් දීල පදිංචි කරපු ධනපතීන් තාමත් රටට බත් සපයනව. ස්වර්ණ භූමි ඔප්පු වලින් රජයේ ඉඩම් දුන්නෙත් ධනපතියන්ට. ජේ ආර් ගාමිණී වැනි අය කඩිනම් මහවැලි ව්‍යාපරය හරහා වතුර දුන්නෙත් ධනපතීන්ට, ඉඩම් දුන්නෙත් ඒගොල්ලලන්ට. ඒ ධනපති අයත් ජීවත් වෙන්නේ කන්නේ බොන්නෙ රටටම බත සහ කෑම සපයල.
මගේ පූරුවේ වාසනාවකට තමයි ලංකාවේ දොස්තර කෙනෙක් වෙන්න පුළුවන් වුනේ. වෙන රටක හිටියනං දොස්තර කෙනෙක් වෙනකොට ඩොලර් ලක්ශ හතරක් විතර ණය වෙලා. මෙහෙ එහෙමද? මේ මෝඩ මිනිස්සු ඉන්නකන් උන්ගෙ සල්ලිවලින් ඉගෙන ගන්න පුලුවන්. උන්ට තේරෙන්නේ නැහැ නිදහස් අධ්‍යාපනය කියන්නෙ නොමිලේ අධ්‍යාපනය නෙමෙයි කියන එක. ආදි කාලේ සල්ලි තියෙන අයගෙ ලමයින්ට විතරලු උසස් අධ්‍යාපනය ගන්න පුළුවන්. ඒක වෙනස් කරන්න ඒ කියන්නේ හැමෝටම ඒ අවස්ථාව දෙන්න කියල කවුද මේ කන්නන්ගර කියල කෙනෙක් නිදහස් අධ්‍යාපනය කියල එකක් ගෙනාවලු. ඒකෙන් කරන්න තිබ්බෙ සල්ලි තිබුණත් නැතත් උසස් අධ්‍යාපනය දීල රස්සාවක් හොයා ගත්තට පස්සේ පඩියෙන් පොඩි ගාණක් අඩුකරගෙන ඒ වියදම පියව ගන්න එකයි. එහෙම වුනානම් අවුරුද්දක් ගානේ බිලියන පනහක් විතර උසස් අධ්‍යාපනයට වියදම් කරන්න ඕන වෙන්නෙ නැහැ.