Tuesday, June 27, 2017

අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි.


(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.27, පෙ.ව‍‍‍‍.5.00)  පැවිදි හෝ ගිහි වේවා තමා භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතු බවත්, අන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැති අතර  ආගම් තුල අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙන බවත් බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති වී තිබෙන මේ අවස්ථාවේ අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය වැදගත් වන්නේ අන්තවාදී ඥානසාර වැනි සිවුරුකරුවෙකුගේ හැසිරීම කුමක් වුවත් මතවාදය නිවැරදි යයි අස්ගිරි මහා නායක ඇතුළු දුරදිග නොපෙනෙන උන්නාන්සේලා විසින් ප්‍රකාශකරන පසුබිමක් තුලදීය. 
පසුගිය ජුනි මස 25 වන දින කළුතර බෝධිපරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ කී අතර එහිදී අගමැතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.
“අද අමරපුර නිකායේ සාමනේරයන් වහන්සේලා 300 නමක් උපසම්පදාව ලබා ගන්නවා. අමරපුර නිකායේ ඉතිහාසය මම විශේෂයෙන් කිව යුතු නැහැ. අතීතයේදී පහත රට බෞද්ධ ප්‍රබෝධයට රුකුලක් ලෙස අමරපුර නිකාය කටයුතු කළා. 19 වන ශත වර්ෂයේ බෞද්ධ ප්‍රබෝධය සදහා අමරපුර නිකාය කටයුතු කළා. එය අප කවුරුත් අමතක නොකළ යුතුයි. අමරපුර නිකායේ එම ගෞරවය ආරක්ෂා කර ගනිමින් අප ඉදිරියට යා යුතුයි. පුජ්‍යපාද කොටුගොඩ ධම්මාවාස හිමියන් අමරපුර නිකායේ නව මහා නායක ලෙස සහභාගි වන මෙම පළමු උත්සවයේදී මම උන් වහන්සේට සුභ ප්‍රාර්ථනා කරමින් දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරනවා.
මම මහා නායක ස්වාමීන් වහන්සේ සමඟ දශක ගණනාවක් තිස්සේ ආශ්‍රය කරනවා. අපි බෞද්ධ කටයුතු ජාතික කටයුතු ආදී වැඩ කටයුතු ගණනාවක් පිළිබදව සාකච්ඡා කර තිබෙනවා. එමනිසා මෙම අමරපුර නිකාය උන්වහන්සේගේ නායකත්වයෙන් තවත් ඉදිරියට දියුණු වේවා කියා මම සුභ පතනවා.
මෙහි පැමිණෙන විට මට එක් සිද්ධියක් මතකයට නැගුණා. පසුගිය දිනක මා නිව්යෝක් නගරයේ සිටින විට මගේ මිත්‍රයෙකු මා හමුවීමට පැමිණියා. අබලන් වී ගිය පැරණි පල්ලියක ගොඩනැගිල්ලක් ඔහු මිලදී ගත් බවත් එය දැන් බෞද්ධ කටයුතු, ධර්ම දේශනා ආදිය සදහා යොදවන බවත් එහිදී ඔහු පැවසුවා. එවිට අවශ්‍ය කරන මුදල් සොයා ගත්තේ කෙසේදැයි මා විමසුවා. මා දන්නා තරමින් එම ප්‍රදේශයේ එතුමාත් ඇතුළුව තව එක් ශ්‍රී ලාංකිකයෙක් පමණයි ජීවත්ව සිටියේ. නමුත් එම ප්‍රදේශයේ සියල්ලන් එකට එක්වී අවශ්‍ය මුදල සොයා දුන් බව ඔහු පැවසුවා. නගරයේ ජීවත් වන බෞද්ධ නොවන සුදු මිනිසුන්ගේ එකතුවෙන් එම මුදල් සොයා දුන්නේ දැයි මා විමසුවා. එවිට එම නගරයේ බොහෝ පුද්ගලයන්ට බුද්ධ ධර්මය පිළිබද අවබෝධයක් ඇති බවත් අනෙක් පුද්ගලයන් බුද්ධ ධර්මය පිළිබදව දැනගැනීමට කැමැත්තක් දක්වන බවත් මීට පෙර ධර්ම දේශනාවකට සංඝයා වහන්සේ වැඩම කළ අවස්ථාවකදී ඔවුන්ද ඊට සහභාගි වූ බවත් ඔහු මා සමග පැවසුවා.
එමෙන්ම මෙම පැරණි පල්ලියේ ශාලාව බෞද්ධ ධර්ම දේශනා සදහාත් අනෙකුත් වැඩ කටයුතු සදහාත් ගැලපෙනම ස්ථානය බව ඔවුන් සියල්ලන්ගේම එකතුවෙන් තීරණය කර තිබෙනවා. එය එම ප්‍රදේශයේ සමස්ත ප්‍රජාව විසින් එකමුතුව ගත් තීරණයක්. අද ලෝකයේ බුදු දහම පිළිබදව අළුත් උනන්දුවක් ඇති වී තිබෙනවා. වෙනත් භක්තිකයන් වුවත් මේ ධර්මය කුමක්ද, බුදුන් වහන්සේ යනු කවුද ආදිය පිළිබදව දැන ගැනීමට කැමැත්තක් දක්වනවා.
ඇමෙරිකානු ජනතාව පළමුවෙන්ම බෞද්ධ ධර්මය පිළිබදව දැන ගත්තේ චීනය, කොරියාව ආදී මහායන බෞද්ධ ධර්මය ඇති රටවල් හරහායි. අප ශ්‍රී ලංකාවේදී ඕල්කට් මැතිතුමා පිළිබදව කරුණු අධ්‍යයනය කළත් ඉන් බොහෝ දෙනෙක් චීනය, ජපානය, කොරියාව, තායිවානය ආදි රටවල් සමගත් සම්බන්ධතා පවත්වා තිබුණා. ඉන් ඇතැම් අය වියට්නාමයටත් ඇතමුන් කාම්බෝජියාවටත් පැමිණියා. අද ලෝකයේ විශ්ව විද්‍යාල තුළ ආසියාව, දකුණු ආසියාව, අග්නිදිග ආසියාව බෞද්ධ ධර්මය ආදිය පිළිබදව පාඨමාලා ද පවතින බැවින් ඒ සම්බන්ධයෙන් විශේෂ උනන්දුවක් ඇතිව තිබෙනවා. එය පුදුමයට කරුණක්. බටහිර ලෝකය වර්තමානයේ තරම් දියුණුව පැවති යුගයක් තවත් නැහැ. තාක්ෂණයෙන්, තොරතුරු තාක්ෂණයෙන් ආදි සියල්ලන්ගෙන් බටහිර ලෝකය ඉදිරියෙන් පසුවනවා. මේ වනවිට ඔවුන් මනස කුමක්දැයි දියුණු යන්ත්‍ර යොදාගෙන පරීක්ෂණ පවා සිදු කරනවා.
මීට පෙර නොතිබූ ධනයක් බටහිර ලෝකය තුළ වර්තමානයේ තිබෙනවා. එය ඇමරිකාව, එංගලන්තය, ජර්මනිය ඇතුළු යුරෝපා රටවල්වල සිදුවෙනවා. නමුත් මේ වනවිට ඇතැම් අයට ලෞකික ජීවිතය පිළිබද ගැටළු මතුවී තිබෙනවා. බලවත් රාජ්‍යයන් ලෙස යුද්ධ කිරීමේ අවසානය කුමක්ද, ලෞකික සැප සම්පත්වල අවසානය කුමක්ද, එවැනි ගැටළු ඔවුන්ට මතුව තිබෙනවා. මීට විකල්පය කුමක්දැයි ඔවුන් කල්පනා කරනවා. බුද්ධ ධර්මය පිළිබද ක්‍රමානුකූල නැඹුරුවක් ඇතිවන්නේ එවිටයි. එංගලන්තයේත් මේ වන විට බෞද්ධාගමිකයන් විශාල වශයෙන් සිටිනවා. එහි විහාරස්ථාන පාලනය වන්නේත් ඉංග්‍රිසි බෞද්ධයන්ගේ සහයෝගයෙන්. බුද්ධ ධර්මයට වැඩි වශයෙන් නැඹුරු වන්නේ ජර්මන් ජාතිකයන්.
වර්තමානයේ දී ඔවුන් වැඩි වශයෙන් ථෙරවාදී බුද්ධ ධර්මය පිළිබද අවධානය යොමු කරනවා. බුද්ධ ධර්මය පිළිබදව පුවත්පත් සඟරා ආදියෙන් දැනුම ලබාගන්නවා. බුද්ධ ධර්මය තුළ තණ්හාව, වෛරය, ක්‍රෝධය, හිංසාව, ප්‍රචන්ඩ ක්‍රියා ආදිය ප්‍රතික්ෂේප කරනවා. ඒ දර්ශනය බටහිර ලෝකය තුළ අවධානයට ලක්වී තිබෙනවා.
අපට මේ අවස්ථාවේ සිදු කිරීමට තිබෙන්නේ මේ ධර්මය තව දුරටත් පැතිරවීමයි. එවිට ඇතැම් පිරිස් බුද්ධ ධර්මය වැළඳ ගනිවි, ඇතැම් අය ධර්ම දේශනා ආදියට සහභාගි වී දැනුම ලබා ගනිවි. කෙසේ හෝ බුද්ධ ධර්මය පැතිරීවීමට ඉඩ සැලසීමට අප කටයුතු කළ යුතුයි. බෞද්ධ පොත් පත් ඉංග්‍රීසි භාෂාවෙන් වැඩි වශයෙන් ලියවී ඇත්තේ තායිලන්තයේයි. ඉන් දෙවැනි තැන හිමිවන්නේ ශ්‍රී ලංකාවටයි. අපි ඒ තත්වය තවත් දියුණු කළ යුතුයි.
ඇතැම් විදේශිකයන් වෙහෙර විහාරස්ථාන වෙත ගොස් මල් පහන් පුජා කරනවා. ඇතැමුන් ඊට වඩා ගැඹුරින් බෞද්ධ ධර්මය අධ්‍යයනය කිරීමට මෙහි පැමිණෙනවා. එමනිසා අද මෙලෙස උපසම්පදා ලබන ස්වාමීන් වහන්සේලාත් ඇතුළුව අප සියළු දෙනාම එම තත්වය වර්ධනය කර ගැනීමට කටයුතු කළයුතුයි. ඒ සඳහා විදේශ භාෂා පිළිබද දැනුම අත්‍යවශ්‍යයි. බුද්ධ ධර්මය නොමැති රටවල ජනතාවට බුද්ධ ධර්මය පිළිබදව සාමාන්‍ය අවබෝධයක් ලබා දීමට නම් විදේශ භාෂා පිළිබද දැනුම අවශ්‍ය වෙනවා.
පසුගියදා අප ජාත්‍යන්තර වෙසක් සමුළුව සාර්ථකව පැවැත්වුවා. බෞද්ධාගමික රටක් ලෙස ඉන් අපට විශාල කීර්තියක් ප්‍රසිද්ධියක් හිමි වුණා. එවැනි දේ සිදු කරන අතර තුර අප විශේෂයෙන් බුදු දහම ආරක්ෂා කළ යුතුයි. බුදු දහම පිළිබද වැරදි මත ඇතිවීමට ඉඩ නොදිය යුතුයි. පැවිදි හෝ ගිහි වේවා තමා භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතුයි. අන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැහැ. බුද්ධ ධර්මය තුළ පමණක් නොව කිසිදු ආගමක් තුල අන්තවාදයට ඉඩක් නැහැ. නමුත් ඇතැම් ආගම් තුලට අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙනවා. බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති මේ අවස්ථාවේ අප අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි. “

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

17 comments:

  1. ඔය පින්තූරයෙන් කියවෙන්නේ රනිල් ධර්ම දේශනා කරන විට සාදුලා වැඳගෙන අසා සිටියා ය කියන එක ද?
    ;-)

    ReplyDelete
    Replies
    1. බටහිර ජාතිකයන් බුදුදහම කෙරේ යොමුවෙන්නේ භාවනා කිරීම හරහායි, ඔවුන් ට ඇති දැඩි මානසික අසහනය අඩුකරගැනීමට Stress management ක්‍රමයක් ලෙසයි ඔවුන් භාවනාව තෝරාගන්නේ, ඔවුන් දැනගන්නවා මෙයින් විශාල සහනයක් ඇතිවන බව ඉගාවට මේ ගැන වැඩි දුරට සොයන්න බටහිර මනසක් ඇති මිනිසා පෙලබෙනවා, අද තියන තක්ෂණය අනුව බොහෝ අය මහායාන භාවනා ක්‍රම වලට යොමුඋනත් ඔවුන් ගවේෂණය ආරම්බ කල වහාම තේරුම් ගන්නවා ථෙරවාද සුත්‍ර පිටකය තමයි වසර සියගණනක් තුල අඩුවෙන්ම වෙනස් වීම් වලට භාජනය උනේ කියල.

      දැන් තමයි ඔවුන් ථේරවාදය දෙසට යොමුවෙන්නේ, නමුත් මෙහි ඇති ලොකුම ප්‍රශ්නය තමයි ථෙරවාදී ස්වාමින් වහන්සේලා අති බහුතරය භාවනා නොකරන අය වීමත් බොහෝ දෙනා කුඩාකාලයේ කිසිම අවබෝදයක් නොමැතිව පැවිදි කර ඇති නිසා ජිවිතයේ මුලික අරමුණ ධනය එකතු කිරීමත් විදෙස්හාගත වීමත් කියන කාරණය, නමුත් මේ පිරිස අතර අතලොස්සක් ඉන්නවා නිවැරදි ක්‍රමයට පැවිදි වෙලා ජීවිතයේ යත්ර්තය සොයායන පිරිස. මේ ස්වාමින් වහන්සේලා බොහෝවිට තම සිත දියුණු කිරීමේ යෙදෙනවා.

      කෙනෙක් පුදුම වෙයි ශ්‍රී ලංකාවේ කොපමණ ඇමරිකානු ස්වාමින් වහන්සේලා අතිදුෂ්කර ආරන්‍ය සේනාසන වල වාසය කරනවාද කියල, නමුත් මේ ස්වාමින්වන්සේලා කිසිවිටකත් සමාජ සේවා කටයුතු වලට රුජුව සහබාහි වන්නේ නෑ.

      මෙතැනදී යමක් කියන්න ඕනේ බුදු දහම ගැන යථාර්තය ප්‍රයෝගිකව අත්තද්කිනේ මේ ප්‍රතිපත්ති වල සිටින ස්වාමින් වහන්සේලා උනත් රටේ සම්මුතියේ සිටින මහජනයා බුදුදහම ගැන යම් අදහසක් ගන්නේ තම පන්සලේ ස්වාමින් වහන්සේ ගෙනුයි, යම් විදියකින් මේ ස්වාමින් වහන්සේලා නැතිවුනොත් බුදුදහම තුල තියන දේ මහජනතාවට ගෙනයාම නැත්තටම නැති වෙනවා.

      එහෙම උනානම් අන්‍යාගමික කොටස් වලට ඉතා පහසු වෙනවා මහජනයා නොමග යවන්න, එහෙම උනත් පන්සල් වල සිටින ස්වාමින්වහන්සේලා නානසාර හාමුදුරුවෝ වගේ හැසිරුනොත් මහජනයාට ඇති අප්‍රදාදය තවත් වැඩිවෙනවා මිනිසා මේ ප්‍රශ්නයේදී ඉතා කල්පනාකාරී වෙන්න ඕනේ.

      රනිල් මෙතන කරන්නේ බොරදියේ මාලුබාන එකයි, ඒ කියනේ ඔහුට අවන්කවම උවමනාව තියනවනම් කරන්න ඕනේ ජාතිවාදී ආගම් වාදී අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් දෙන්න නිතිය හදල සැමට එක විදියට ක්‍රියාත්මක කරන්න.

      ස්වාමින් වහන්සේලාගේ විනය පාලනයට එක් එක් නිකාය වල සම්මුතියන් ක්‍රියාත්මක කරන වැඩපිළිවලක් ඇතිකර දුෂිත වැඩකරන චිවරදාරීන් ඉවත් කළහැකි වෙනවා, දැන් තියන ක්‍රමයට මහානායක වරුන්ට උසාවි යන්න ඕනේ, නමුත් බුදුරජානන් වහන්සේ පනවා ඇති විනය තුල රටේ අධිකරණයට ස්වාමින්වහන්සේලා යාම අනුමත කරලා නෑ (එසේ යන භ්ක්ෂුවට ඇවත් සිදුවෙනවා ) මෙනිසා මේගැන ක්‍රියාමාර්ග ගැනීම සිදුනොවීම නිසා දුෂණ වැඩි වෙනවා.

      කෙසේ වෙතත් බුදුරජානන් වහන්සේගේ අදහසකින් මෙය ඉවර කරන්නම් "ආනන්ද , යම්දවසක මේ සාසනය අතුරුදහන් කරන්නේ මේ සාසනය ට පිටින් සිටින පුද්ගලයන් නෙමෙයි මේ සාසනය ඇතුලේ සිටින පුද්ගලයන් විසිනුයි "

      අද නානසාර හමුදුරුවූ ලවා කරවන්නේ මෙයයි.

      Delete
    2. //රනිල් මෙතන කරන්නේ බොරදියේ මාලුබාන එකයි, ඒ කියනේ ඔහුට අවන්කවම උවමනාව තියනවනම් කරන්න ඕනේ ජාතිවාදී ආගම් වාදී අදහස් ප්‍රකාශ කරන පුද්ගලයන්ට දැඩි දඩුවම් දෙන්න නිතිය හදල සැමට එක විදියට ක්‍රියාත්මක කරන්න.//

      ඔබ කියන එක වැරදි නැහැ. නමුත් මේ අවස්ථාවේ ප්‍රායෝගික නැහැ. එක කට්ටියක් බුද්ධාගම, හමුදා සෙබළුන්, සිංහල ජාතිය යොදාගෙන ආපහු පවුලේ බිස්නස් එක පටන් ගන්න ඉන්න වෙලාවක ඒක කරන එක දේශපාලන සිය දිවි නසාගැනීමක්.

      Delete
  2. /* අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි */

    රනිල් ගේ කතාව නම් වැදගත්. නමුත්, නානසාරලා පිනුං ගහනවා!

    ReplyDelete
    Replies
    1. රසික ස්තූතියි. සිරිසේන/රනිල් ට තියෙන අනික් තෝරාගැණීම නාන සාරව රිමාන්ඩ් කරල මහින්දගේ උගුලෙ වැටෙන එක.

      Delete
  3. කරුණු කාරණා එකතු කරගෙන කරපු හොද කතාවක්

    ReplyDelete
  4. සිරිමා, ජේ ආර් ගේ සිට ප්‍රේමදාස, චන්ද්‍රිකා, මහින්ද, සිරිසේන සහ රනිල් දක්වා හැම ලොක්කම කියන්නේ නම් මේවගේ කතා තමයි ඒත් බුදු දහමට වෙච්ච සෙතක් නම් පෙනෙන්නේ නෑ. මොනවා උනත් රනිල් බණ දෙසද්දී හාමුදුරුවෝ වැඳගෙන අසා සිටින එක නම් මරු.

    ReplyDelete
    Replies
    1. මේ අවස්ථා දෙකකදි ගත්ත පින්තූර දෙකක් නේද? අදාල අඩවියේ යොදාගෙන තිබ්බ පින්තූරයම මේකටත් දැම්මා.

      Delete
  5. ආගම මිනිස්සුන්ගේ පෞද්ගලික දෙයක් විදිහට තියල ඒකට රාජ්‍ය අනුග්‍රහය, දේශපාලකයන්ගේ නිල වශයෙන් ආධාර උපකාර ආදිය නොමැති වුනොත් පූජක පක්ෂයට අවාසියි ඒත් ආගමට හෝ ධර්මයට හොඳක් වෙයි.
    දැන් දේශපාලකයින් හා පූජකයින් එකිනෙකාගෙන් පෝෂණය වෙනවා. දෙගොල්ලොම මහජනයාගේ පරපෝෂිතයින්

    ReplyDelete
  6. අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි.

    ඊට කලින් මේවගේ බයිලා කියලා බ්ලොග් ලියලා මම ද පොරක් වෙමි කියලා හිතලා NGO යායකින් බද්ගොස්ත්රක් හොයාගන්න එවුන්ගෙන් .

    ReplyDelete
  7. ඇමරිකා එක්සත් රාජ්‍යය යනු ඇංග්ලිකන් ක්‍රිස්තියානි රටක්.
    එහි ඇත්තේ බටහිර ක්‍රිස්තියානි නූතනත්වයේ ඇංග්ලිකන් සංරචකයේ ඇමරිකානු ප්‍රභේධයයි.
    මෙය ‍කැනඩාව වැනි රටක තත්වයට වෙනස්.
    එහි ඇත්තේ බිරිතානි අනුකාරක ඇංග්ලිකන් සංස්කෘතියක්.
    ඒ අනුව ඇමරිකා එක්සත් රාජ්‍යයේ ඇංග්ලිකන් සංස්කෘතිය අදීන එකක් ලෙස සැලකිය හැකියි.
    නමුත් ඇමරිකා එක්සත් රාජ්‍යය පිහිටා ඇත්තේ ලොව ප්‍රධාන කතෝලික කලාපය වන ලතින් ඇමරිකාව අසලයි.
    ඇමරිකා එක්සත් රාජ්‍යය සහ මෙක්සිකෝව අතර තාප්ප බැඳීමට යෝජනා කරන්නවුන් සිටීමත්,ඇමරිකා එක්සත් රාජ්‍යය සහ කැනඩාව අතර එසේ තාප්ප බැඳීමට අවශ්‍ය අය නැතිවීමටත් හේතුව මෙම ඇංග්ලිකන් සහ කතෝලික සංස්කෘතීන් අතර ගැටුමයි.
    එසේ නැතුව එය ආර්ථික සාධක ඔස්සේ තේරුම් කිරීමට යෑම කෂිකබල් මාක්වාදී ක්‍රියාවක්.
    ඇමරිකා එක්සත් රාජ්‍යයේ ප්‍රධාන සංස්කෘතිය ඇංග්ලිකන් ක්‍රිස්තියානි සංස්කෘතිය වුවත් එහි දෙවෙනි සංස්කෘතිය වන්නේ ලතින් ඇංමරිකානු කතෝලික සංස්කෘතියයි.
    භාශා ගැන සැලකුවහොත් දෙවන බස ස්පාඤ්ඤ බසයි.
    කතෝලික සංස්කෘතියෙන් ඇංග්ලිකන් සංස්කෘතික ආධිපත්‍යයට වන බලපෑම වැලැක්වීමට ඇංග්ලිකන් ක්‍රිස්තියානි බලවේග අපූරු උපක්‍රමයක් භාවිතා කරනවා.
    එනම් ඇංග්ලිකන් නොවන සියළු සංස්කෘතීන් සියල්ල අතර ව්‍යාජ සමානත්මතාවයක් ඇතිකර දෙවැනි සංස්කෘතිය ලෙස කතෝලික සංස්කෘතියට හිමිතැන අහිමි කිරීමයි.

    ඇමරිකා එක්සත් රාජ්‍යයේ ථේරවාද පන්සලකින් වුනත් සිදුවන්නේ මෙයයි.
    ඇමරිකා එක්සත් රාජ්‍යයේ වසන සිංහල බෞද්ධයන් කලයුත්තේ පන්සල්වල නාම පුවරු ඉංග්‍රීසි සහ ස්පාඤ්ඤ දෙබසින්ම සටහන් කිරීම.
    ඉංග්‍රීසි ස්පාඤ්ඤ දෙබසින්ම ධර්ම දේශනා කිරීම සහ පොත්පත් පලකීරීම මඟින් ඇමරිකා එක්සත් රාජ්‍යයේ දෙවැනි සංස්කෘතියටද ගරු කිරීමයි.

    ReplyDelete
    Replies
    1. Nice explanation dude. Well explained the American cultural issues.

      But why shall we take care of Hispanic American cultural heritage?? It's not related to us and let themselves to take care of it.

      Delete
  8. A new book on Buddhist Jātaka Stories

    https://transyl2014.blogspot.ca/2015/05/a-new-book-on-buddhist-jakata-stories.html

    ReplyDelete
  9. අන්තවාදයනම් කුමන ආගමක් තුලත් මිලෙජ්ජයි

    ReplyDelete
  10. මෙතනදි රනිල් කරන්නේ යහපත් අන්තවාදින් සහ ආගම් වල සැර අඩු නියොජනයක් තෝරාගැනීම..ඒ කිව්වේ ඥාණසාර වැනි පුද්ගලයින් සමග සාකච්චා කොට විසදුමක් ගන්න අමාරුයි...එහෙත් ඊට වඩා අමරපුර රාමඥ්ඥ නිකාය සමග සාකච්චා කොට ගැටලුවක් විසදාගන්න පහසුයි.. ඒ නිසා මේ සූටියට කරන්නේ විශාල ධාරාව වෙනුවට වෙනත් ධාරාවක් ෆෝම් කිරීම...මෙය දේශපාලනිකව දක්ශ ක්‍රමවේදයක්..ඒත් මෙය නිකංම තැන් තැන්වල කරන හුදකලා කතා වලින් විතරක් කරන්න අමාරුයි..ටික්ක හොද වැඩපිලිවෙලක් අවශයයි..

    ReplyDelete
  11. +++++++++++++++

    ReplyDelete