Saturday, April 29, 2017

සුභ ගමන් විචාරක තුමණි


56 comments:

  1. සෑහෙන කාලෙකට ඒ අඩුව දැනේවි.. :'(

    ReplyDelete
    Replies
    1. බ්ලොග් අවකාශයේ දැවැන්තයෙක් වූ විචාරක (මේජර් WMJ ගුණරත්න මහතා) මහතා අභාවප්‍රාප්ත වී ඇත. එතුමාගේ දේහය පිලිබදව අවසන් කටයුතු ලබන සදුදා (මැයි 1 දින) කුරුණෑගල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ. මේ වනවිට එතුමාගේ දේහය තැන්පත් කර ඇත්තේ නොම්බර 100, දිද්දෙණිය වත්ත,පළමු පියවර, බෝයගනේ,පොතුහැර(කුරුණෑගල) යන ලිපිනයේ ඇති එතුමාගේ නිවසේයි.

      කොළඹ සිට ගමන් මාර්ගය- කොළඹ නුවර පාරේ අඹේපුස්ස හරහා කුරුණෑගල දෙසට පැමිණෙන්න. අඹේපුස්ස සිට කුරුණෑගල මාර්ගයේ කිලෝමීටර් 25 ක් පමණ පැමිණෙන විට පොතුහැර රේල්වේ ක්‍රොසිං එක හමුවේ. එය පසු කොට මීටර් 500 ක් පමණ ඉදිරියට යන විට වම් ඇත්ත පැත්තේ ලියනගේ එන්ටප්‍රයිස් නමැති බැකෝ, ඩෝසර් ආදිය විකුණන සේල් එකක් ඇත. එය පසු කොට මීටර් කිහිපයක් යන විට වම් අත පැත්තේ දිද්දෙණියවත්ත,පළමු පියවර මාර්ගය ඇත. එම මාර්ගයේ මීටර් කිහිපයක් යන විට විචාරක මහතාගේ නිවස (මේජර් ගුණරත්න) සුදුකොඩි දමා ඇති නිසා සොයාගත හැක.

      Delete
  2. ඔහු තවමත් තරුණයි. අකල් වියෝවක්.
    සුබ ගමන් විචාරක තුමණි !

    ReplyDelete
  3. ආයුධ වලින් නොව දැනුමින් සන්නද්ධ කල මේජර් ගුණරත්න හෙවත් විචාරකතුමාට නිවන්සුව ලැබේවා.

    ReplyDelete
  4. ඔහුට නිවන් සුව අත්පත් වේවා...!

    ReplyDelete
  5. ඔහුගේ ලිපි වලින් සමාජය සන්නද්ධකල දක්ෂ ලේකඛයෙක්
    කනගාටු දායක පුවතක්
    අවසන් කටයුතු සිදුවන දිනය හා වේලාව ගැන බ්ලොග් අඩවි තුල වාර්ථා වන්නේ නැතිද?
    පෞද්ගලිකව ඔහුව නොහඳුනන ඔහුගේ ලිපි රසිකයන්හට ඔහුගේ අවමගුලට හෝ සහභාගී වීමට ඉඩක් නැතිද?

    ඔහුට සුගති උත්පත්තියක් පතමු !

    ReplyDelete
    Replies
    1. Mata email ekek daanna..gedarata yanna location eka daannm
      Isuruc70@gmail.com

      Delete
    2. විචාරකගේ ගෙදරට යන පාර , වරකපොලින් , අඹේපුස්සට ඇවිත් , කුරුනැගල පාරෙන් එන්න කියුවා , පොතුහැර පාස්කරලා රේල්වේ කෝසින් එක පහුකරගෙන කිලෝමීටර් එකක් ආපුවහම ලියනගේ කියල බැකෝ ජේ සි බි විකුනන කඩයක් තියනවා කියුවා , ඒක පාස් කරහම කන්දක් තියනවා කියුවා , කන්ද නැග්ග ගමං වමට තියන පාර , දිද්දෙනිය වත්ත , පලවෙනි පියවර , ඒ පාරේ මීටර් සීයක් විතර ඇවිත් මේජර් ගුනරත්නගේ ගෙදර අහන්න කියුවා කාගෙන් හරි

      Delete
  6. කිසිදින අප හමු නොවූන ද ඊමේල් වලින් , මුහුණු පොතෙන් අප මිතුරන් වූයෙමු. බ්ලොග් ලෝකයට ඒමට මට අත හිත දුන්නේය​. යහපත් මිනිසෙකු , හිත හොඳ මිතුරෙකු මෙන්ම හමුදා නිලධාරියෙකු වූ මේජර් ගුණරත්න හෙවත් විචා තුමාගෙන් සමු ගනිමි. ඔබට නිවන් සුව.

    ReplyDelete
  7. නිවන් සුව ලැබේවා.

    ReplyDelete
  8. ආරංචිය ලද මොහොතේ සිට ලොකු හිස් බවක් දැනෙනවා එතුමාට සුබ ගමන්

    ReplyDelete
  9. සුභ ගමන් විචාරකතුමනි......

    ReplyDelete
  10. මට ඔහු blog අවකාශයේ සිටි හොද ගුරුවරයෙක්, එමෙන්ම කාරුණික මිතුරෙක්. සැබෑ මිනිසෙකු වන ඔහුගේ අකාල අභාවය මට මහත් කම්පනයක්, නිවන් සුව පතමි .

    ReplyDelete
  11. බ්ලොග් ලොවේ සිටින සෑම තරාතිරමක අයෙකු සමගම ඉතා ලෙන්ගතුව කටයුතු කළ අයෙක්.
    සුබ ගමන් විචාරක තුමනි.

    ReplyDelete
  12. සැබැවින් නොදු‍ටුමුත්,
    ලොකු අයියෙකුම වුනු,
    නොකියාම වෙන්ව ගිය
    විචාරක සුභ ගමන්
    ස්තුතියි අන්තර්ජාලයට.

    ReplyDelete
  13. He wrote with a passion and the writings were both entertaining and informative.
    May he rest in peace.

    ReplyDelete
  14. Gotabaya RajapaksaApril 29, 2017 at 4:29 PM

    This comment has been removed by a blog administrator.

    ReplyDelete
  15. නිරතුරුවම අපව දැනුමින් සන්නද්ධ කල ඔහුට පතන්නෙමි නිවන් සුව. සුභ ගමන් විචාරකතුමනි.

    ReplyDelete
  16. එතුමාට නිවන් සුව පතමු

    ReplyDelete
  17. ඔබට සුබ රාත්‍රියක් විචා!!!

    ReplyDelete
  18. ජීවීතය ගැන අපූරු පාඩමක් කියල දුන්
    නිහතමාණී සොඳුරු මිනිසා...
    ඔබට සුබ ගමන්...

    ReplyDelete
  19. ඔබට සුභ ගමන් විචාරක තුමා

    ReplyDelete
  20. දවස් ගානක් බ්ලොග් ලෝකෙන් ඈත්වෙලා ඉඳල ආයෙමත් ලියන්න කියවන්න පටන්ගනිද්දි විචාරක යන්න ගිහින්..
    කමක් නෑ.
    මේ ගමන යා යුතුමයි.
    ඔහුගෙ ජීවිත කාලෙ අර්ථවත් එකක් බව විශ්වාසයි

    ReplyDelete
  21. ලොකු දුකක් දැනුනා ..
    පුලුවන් වුනොත් හෙට යනවා..

    ReplyDelete
  22. " දැනුම , මනුසත්කම දෙකම බෙදාදුන් නිහතමාණී සෘහද මිනිසෙක් විචාරකතුමා. "
    අත්නොහැර ලිපි කියවපු අඩවියක් " විචාරකගේ අඩවිය " දැකලා , කතාබහ නොකර තිබුනත් ( E-Mail ගණුදෙනු කිහිපයක් නම් සිදුකරා. ) හිතට තඩින් දැනුණ වෙන්වීමක් ..

    ඔහුට නිවන් සුව ලැබේවා ...!

    ReplyDelete
  23. :( සුබ ගමන් ඔබට

    ReplyDelete
  24. විචාරක ගියත් විචාරක ලිව්වා දේවල් තවත් කාලයක් යනකම් සිංහල පාඨකයන්ගේ බුද්ධිය,රසය වර්ධනය කරාවි.සුබ ගමන් ඔබට.!

    ReplyDelete
  25. සුභ ගමන් විචාරක !!!

    ReplyDelete
  26. ඇත්තෙන්ම දැනුම, හිතවත්කම දෙකම බෙදාදුන් එජාපය ප්‍රමුඛ යහපාලන රජයක් පැතූ ඒ වෙනුවෙන් සෘජුව අදහස් දැක්වූ නිහතමාණී සෘහද මිනිසෙක් විචාරකතුමා. මාත් අත්නොහැර ලිපි කියවපු අඩවියක් " විචාරකගේ අඩවිය " දැකලා , කතාබහ නොකර තිබුනත් හිතට තදින් දැනුණ වෙන්වීමක් ..!

    ඔහුට නිවන් සුව ලැබේවා ...!

    ඔහු සිංහල බ්ලොග් ලොව ෆීල්ඩ් මාශල් වරයායි. ඔහු සිහිකරන සිංහ නාදයක් අපට අසන්න ලැබුණේ ඊයේ කැමබ්ල් පිටියේ පැවති එජාප මැයි රැළියේදි

    හිටපු ජනාධිපති දූෂිත මහින්ද රාජපක්‍ෂ පණ යන තුරු සාටකයෙන් එල්ලා තැබිය යුතු යයි ඇමති ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා ඊයේ කැමබ්ල් පිටියේ පැවති එජාප මැයි රැළිය අමතමින් කියනව ඉයන් දැක්ක නේද. නියම කතාව ඉයන්, බොක්කටම වදින සිරා කතාවක් වගේම මෝඩ බයියන්ගෙ බොකු කූල් වෙන කතාවක්. ඒ වගේම 2005 වසරේදී රාජපක්‍ෂ මහතා ජනාධිපතිවරණය ජය ගැනීමට කොටි සංවිධානයට ඩොලර් බිලියන දෙකක මුදලක් ලබා දුන් බවද ඔහු එහිදී අනාවරණය කලා.

    ReplyDelete
  27. බ්ලොග් ලෝකයේ සියල්ල දකිමින් විඳිමින් ලියමින් සිටි සොඳුරු මිනිසෙකුගේ නික්ම යෑම !

    ReplyDelete
  28. සුබ ගමන් විචා අයියේ....ගත කළ අතිතය තාමත් මතකයි.

    ReplyDelete