Friday, April 28, 2017

ශ්‍රී ලංකාවේ විනය ගොඩනැගීම ෆොන්සේකාට භාර කරයි (දෙවන කොටස)


(ලංකා ඊ නිව්ස් -2017.අප්‍රේල්.28, පෙ.ව‍. ‍‍‍7.45) යහපාලන ආණ්ඩුව විසින් සරත් ෆොන්සේකාට බාර දෙන්නට යන නව වගකීම පිළිබඳ විවිධ දෙනා විවිධ අදහස් දක්වන අතර එය කඩාකප්පල් කාරී ක්‍රියා වලින් මහජනයාගේ ජන ජීවිතය කඩා වැටෙන්නට ඉඩ නොදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කරන නව සැලැසුමක් බවත් එය වම්මුන් දොඩවන ආකාරයේ මර්දන යන්ත්‍රයක් නොවන බවත් එය කිසි සේත්ම පාර්ලිමේන්තුවෙන් පිටත නිමවන ආයතනයක් නොවන බවත් රජයේ ඉහල තැනකින් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙරිණ
පසුගිය කාලයේ පැවත්වූ සමහරක් වැඩ වර්ජන කිසි සේත්ම නීත්‍යාණුකූල ඒවා නොවේ. උදාහරණයක් ලෙස ආසන්නම වැඩ වර්ජනය වූ පසුගිය අප්‍රේල් 21 වෙනිදා පොලොන්නරුව දිස්ත්‍රික්කය පුරා පැවැත්වූ වෛද්‍ය වැඩ වර්ජනය ගත හැකිය. එය පාදෙනියගේ හෙංචයියෙකු බලාපොරොත්තු වූ ස්ථානයකට වෙනත් වෛද්‍යවරයෙකු පත් කිරීම නිසා පුද්ගලික වෛරයක් පිරිමසා ගැනීමට කරන ලද වැඩ වර්ජනයකි. එම වෛද්‍යවරයා පත් කර තිබුනේ අමාත්‍යාංශය විසින් වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේද අනුමැතිය මත අතිශය නීත්‍යාණුකූල ලෙසිනි. වර්ජනය කරන බව දැනුම් දුන්නේ ද හෙට උදේ සිට වර්ජනය කරන බව කියා අද සවස ය. එවැනි වැඩ වර්ජන ලෝකයේ කිසිදු කම්කරු ප්‍රඥප්තියක නැති, නීත්‍යාණුකූල නොවන වැඩ වර්ජන පමණක් නොව සම්පූර්ණයෙන්ම කඩා කප්පල් කාරී ත්‍රස්තවාදී ක්‍රියාවන් ය.


එවන් අවස්ථාවකදී සාමාන්‍ය ජන ජීවිතය කඩා වැටීම වැළැක්වීම පිණිස අත්‍යාවශ්‍ය සේවා ක්‍රියාත්මක කිරීමට සිදුවීම වගකිව යුතු රජයක වගකීමකි. එවැනි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමට නම් ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේද ජනමාධ්‍යයන්ගේ මෙන්ම සිවිල් සංවිධාන වලද ඒකමිතික ක්‍රියාවලියක් අවශ්‍ය වන්නේය. ත්‍රිවිධ හමුදාවන්හි සේවය ලබා ගැනීමට සිදුවන බැවින් එවැනි වගකීමක් සඳහා සරත් ෆොන්සේකා මහතා තෝරා ගෙන තිබිණි. සත්‍ය වශයෙන්ම මෙවැනි අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑමේදී ත්‍රිවිධ හමුදා මෙහෙයැවීම මෙතෙක් ක්‍රියාත්මක කෙරුණේ තනි විධායක ජනාධිපතිවරයා යටතේ වුවද විධායක ජනාධිපති ධූරය අහෝසි කිරීමට බලාපොරොත්තු වන මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තමන් සතු විධායක බලතලයක් පාර්ලිමේන්තුවට පැවරීමේ තවත් ක්‍රියාමාර්ගයක් ලෙස මෙය සැලකිය යුතු ය.  
කෙසේ වෙතත් මෙය කැබිනට් මණ්ඩලයට වගකියන කැබිනට් සාමාජිකයෙකු සඳහා ලබා දෙන වගකීමක් මිස පාර්ලිමේන්තුවට හෝ කැබිනට් මණ්ඩලයට පිටතින් ඇති කරන වෙනත් මර්දන ආයතනයක් නොවේ. කෙසේ වෙතත් මෙය තවමත් යෝජනාවක් පමණි.
සරත් ෆොන්සේකාට යලි හමුදාපති කම දෙනවා යයි වාර්තා කර තිබුනේ ද අසත්‍යයකි. හමුදාවෙන් විශ්‍රාම ගත් හමුදාපති වරයෙකු යලිත් හමුදාපති ලෙස පත් කිරීමට හමුදා පණත යටතේ කිසිදු නෛතික හැකියාවක් ද නැත. ලෝකයේ කිසිදු රටක එවැනි දෙයක් කරලාද නැත. 
රටේ විනය හදන්න අලුතින් ආයතනයක් හදනවා යන්නද තතු නොදැන කියන කතාවකි. රටක විනය හදන්නට අමුතුවෙන් කිසිවක් අවශ්‍ය නොවන අතර රටේ නීතිය තිබෙන්නේ එකී විනය පවත්වා ගෙන යෑමට ය. එ් නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා නීතිය සහ සාමය අමාත්‍යාංශයක් සහ පොලිසියක්ද අධිකරණයක්ද පවතින්නේ ය. අනෙක් අතට ආගම් සියල්ලෙන්ම කරන්නේ ද මිනිසුන්ගේ විනය හැදිම ය. එබැවින් ෆොන්සේකා ලවා විනය හැදීමේ කතාවද විහිළුවකි. 

විජේවීරගේ සුරංගනා කතාව පරදන මෝල්කාන්තගේ කතා

‘උද්ඝෝෂණ හා අරගල, මර්දනය කිරීම සඳහා ඇමති සරත් ෆොන්සේකාගේ නායකත්වයෙන්, විශේෂ හමුදා බලඇණියක් ගොඩනගනවා‘ යැයි ජනතා විමුක්ති පෙරමුණේ අංක එකේ බක පණ්ඩිතයෙක් වන ලාල්කාන්ත නමැත්තා ඊයේ කඩිමුඩියේ නිවේදනයක් නිකුත් කර තිබුණු අතර වසර 50 කට වැඩිය පරණ ඒ පක්ෂයේ තවමත් ඉන්නේ විචාර බුද්ධියක් නැති විජේවීර පන්නයේම මෝඩයන් බව ඉන් පැහැදිලිය. 1971 කැරැල්ලට කලින් රෝහණ විජේවීර විසින් ගාලු වෙරල තීරයේ විශාල භූමියක කළු ගල් ගොඩ බා තිබෙන ස්ථානයක් පෙන්වා කියා සිටියේ ධනපති ආණ්ඩුව එහි ඇමරිකානු හමුදා කඳවුරක් හදන්න යන බවය. මේ කළු ගල් ගෙනත් ඇත්තේ ඒ කඳවුරේ තාප්පයට යැයිද ඔහු රස කර කීවේය. එකල සිටි වික්ටර් අයිවන්ලා ද සුනන්ද දේශප්‍රියලා ද ලයනල් බෝපගේ ලාද විජේවීර කියන්නේ ඇත්තක් යැයි ඇදහූහ. ඇමරිකානු තර්ජනයට එරෙහිව සන්නද්ධ අරගලය දියත් කළ යුතු යැයි විජේවීරගේ කතාව එක හෙළාම පිලිගත්හ. අවසානයේ එහි තනා තිබුනේ අදටත් පවතින කොග්ගල මහ හෝටලය ය. මෝල්කාන්තයාගේ ‘විශේෂ හමුදා බළ ඇණියද‘ එවැන්නකි. 
හිටපු හමුදා නායකයෙකු යොදවා බිය ගන්වනවා යැයි ද ලාල් කාන්ත කියා තිබිණ. මේකාගේ ඔළුව හොඳ නැතිදැයි ප්‍රශ්න කළ යුතුය. එකී හමුදා නායකයාගේ නායකත්වය යටතේ පෙරමුණකින් ඡන්දය ඉල්ලා මන්ත්‍රීවරුන් ලෙස ජවිපෙ 2010 සිට අවුරුදු 5 ක්ම පාර්ලිමේන්තුවේ සිටියේ බයෙන්දැයි ප්‍රශ්න කළ යුතුය. 2010 දී ෆොන්සේකා නමැති හිටපු හමුදා නායකයා රටේ ජනාධිපති කරන්නට යද්දී බය වුනේ නැතිදැයි ප්‍රශ්න කළ යුතුය. ඇත්තටම ලාල්කාන්ත මෙතරම් ගොබ්බයෙක් යැයි දැන ගත්තේ ඊයේ නිවේදනයෙනි.  
ප්‍රජාතන්ත්‍රවාදී යහපාලන ආණ්ඩුවක් විසින් ජනතා මර්දනය සඳහා සත්‍ය වශයෙන් විශේෂ හමුදා ආයතන පිහිටුවන්නේ නම් පළමුවෙන්ම ඊට විරුද්ධ වන්නේ 2015 දී වැට උඩ සිටි මෝල්කාන්තලා නොව යහපාලන ආණ්ඩුව බලයට ගෙන ඒමට ඍජුව කැප වූ ලංකා ඊ නිව්ස් ඇතුළු පනහක් පමණ වූ සිවිල් සංවිධාන බවද ජනතාවට වගකීමකින් කිව යුතුය. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

14 comments:

  1. Another brilliant elaboration of this matter of vital importance chosen so wisely by Ian.

    ReplyDelete
    Replies
    1. ඇනෝ ඔයා ඉන්ගිරිස් ඉගෙන ගත්තෙ කොහෙන්ද කියල කියනවද? ඔයාගේ ඉන්ගිරිස් හරි 'පොලිශ්ඩ්'.

      Delete
    2. අනුරාධපුර සෙන්ට්‍රල් එකෙන් ඇයි අවුල්ද ?

      Delete
  2. // ......කඩාකප්පල්කාරී ක්‍රියා වලින් මහජනයාගේ ජන ජීවිතය කඩා වැටෙන්නට ඉඩ නොදී අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යෑම සඳහා නිර්මාණය කරන නව සැලැසුමක් බවත් එය වම්මුන් දොඩවන ආකාරයේ මර්දන යන්ත්‍රයක් නොවන බවත් එය කිසි සේත්ම පාර්ලිමේන්තුවෙන් පිටත නිමවන ආයතනයක් නොවන බවත් රජයේ ඉහල තැනකින් ලංකා ඊ නිව්ස් වෙත ප්‍රකාශ කෙරිණ//
    This is needed and the majority will welcome it.
    But, why doesn't the Government say this officially and clearly rather than allow individual ministers to voice their own interpretations?

    ReplyDelete
    Replies
    1. Btw, I wrote in English because of some glitch in my Unicode. And I don't write Sinhala in English characters because I find that so hard to read, So, wrote in English.
      This disclaimer/explanation is offered with the sole purpose of deflecting any shots fired my way by Ian in his new aggressive persona. (Psst.... Ian, I do like your new replying style. It adds zest to this blog. I can't wait till my Sinhala font returns to participate in the fun, so jumped in with my tarnished English)

      Delete
  3. මෝල්කාන්තයාගේ විශේෂ හමුදා බළ ඇණිය.....

    ReplyDelete
  4. යකෙකු බැඳන් වැඩ ගත්තා වගේ? - මේ කොමෙන්ට් එක කලින් එකේ තිබුනේ. මටත් බය ඔය වගේ දෙයක් වෙයිද කියල? ෆොන්සේකා ශුවර් නැහැ කියල නේද හැමෝම කියන්නේ? ජවිපෙ නම් මොනවා කියනවද මන්ද? එයාලමනේ ඇත්තටම ෆොන්සේකා ජනාධිපති කරන්න කියල ගෙනාවේ?

    ReplyDelete
    Replies
    1. කවුරුත් ශුවර් නැති ලෝකයේ ෆොන්සේකා විතරක් ශුවර් වෙන්න බැහැ. ජීවිත කාලයෙම හමුදාවෙ ඉඳල, හොරකම් නොකර, හමුදාව අවසාන අරමුණ කරා උපාය මාර්ගිකව මෙහෙයවල ගොඩක් අනික් ශුවර් නැති අයට වඩා ටිකක් හරි ශුවර් කියල මට හිතෙනවා අජිත්. මේ බයියො කුලප්පු වෙලා තියෙන්නෙ ඒගොල්ලොත් යටි හිතින් ඒබව දන්න නිසා කියලයි මගේ නිගමනය.

      Delete
  5. සරත් ෆොන්සේකා මහත්මයා කියන්නේ ඉතාම හොදින් මිනීමැරීම සදහා පුහුණු වූ අයෙක්. ඔහුගේ දෑතේ ලක්ෂ 3 කට වඩා සිංහල දෙමල ජනතාවගේ රුධිරය තැවරී තිබෙනවා. 88/89 භීෂණ සමයේ සිට 2009 තෙක්. ඔහුගේ හමුදා උතුරේ ද්‍රවිඩ ජනයා ඇතුළු ළමා ළපටින් සහ කාන්තාවන් මරා දැම්මේ සුදු පොස්පරස් අඩංගු පොකුරු බෝම්බ හෙලා කිසිදු හිත් පින් නැති ලෙසයි. ඉන්පසු උතුරේ ද්‍රවිඩ ජනතාවගේ නිජබිම මංකොල්ල කෑමේ ප්‍රධානියා ෆොන්සේකා මහතායි.

    ඔහුගේ හමුදාවල අමානුෂික වෙඩි බලය හමුවේ මරා දැමුණු ජනයාගේ ආත්ම වලට සැනසීම ලැබෙන්නේ කවදාද? ඔහු නැවත කැසකවන්නේ දකුණේ ජනයාටද උතුරේ ඉරණමම අත්කර දීමට නොවේද?

    ReplyDelete
  6. ඒ පක්ෂයේ තවමත් ඉන්නේ විචාර බුද්ධියක් නැති විජේවීර පන්නයේම මෝඩයන් //
    වසන්ත කියන්නෙත් ඒ පක්ෂයේ ඉන්න හොදට තියන ආයතන වහන මෝල් වහන්සේ කෙනෙක්

    ReplyDelete