Saturday, February 11, 2017

අපි යමු ඉදිරියටම !!!!!

බුරන හැම බල්ලාටම ගල් ගැසීමට ගියොත් ඔබගේ ගමනාන්තය කරා ලන්ගා වීම අපහසු වනු ඇත.

සිංහල බ්ලොග් අවකාශයේ සාපේක්ෂව නවකයෙකු වුවත් ජීවත් වී ඇති කාලය අනුව සමාජය ගැන පළපුරුද්දක් ඇති කෙනෙකු හැටියට නෙළුම්යාය බ්ලොග් සම්මාන ගැන ලඟකදී ඇතිවූ කථාබහ ගැන මා බලා සිටියේ ඉමහත් පිළිකුලෙනි. මුදල් ඇති වුන්, නැතිවුන්, තරුණයන්, වයසක අය, ආදී වෙනස්කම් වලින් තොර සමාජයක් වූ බ්ලොග් අවකාශයේ සැරිසැරූ කුඩා කාලය තුල ලත් අත්දැකීම් වලින් ජීවිතයේ අන් කටයුතු හරහා ලබා ගත් සතුට මෙන්ම සතුටක් මම ලැබුවෙමි. සාමාන්‍ය සමාජයේ අය අපට හමුවන්නේ  පුද්ගලයා ප්‍රථමයෙන් සහ ඔහුගේ හැකියාවන් පසුව බැවින් හැකියාවන් පළමුවෙන් දැක ඒ පිටිපස සිටින පුද්ගලයන් දැන හඳුනා ගැනීමට ලැබීම නැවුම් එමෙන්ම සතුටුදායක අත්දැකීමක් විය.

සැමදා කැමති සමාජ සේවා කාර්‍යයන් සඳහා හැකියාවන් හරහා ඇතිකරගත් විශ්වාසය මතම දායක වීමට ලැබීම බ්ලොග් ලිවීම හරහා බලපොරොත්තු නොවූ එහෙත් ඒනිසාම ලැබුණු ඉතා තෘප්තිමත් අත්දැකීමකි. තරුණ, මහළු භේදයකින් තොරව හැකියාවන් මත බ්ලොග්කරුවන් අගැයීමට පත්වනු බලා සතුටක් විඳීමට නෙළුම්යාය සම්මාන උළෙල මට අවස්ථාවක් ලබා දුන්නේය. මිනිසුන්ගේ තරාතිරම් මත සහභාගී වී ඇති සුහද හමුවලට වඩා තරාතිරම් නොතකන විවිධ හැකියාවන් සහ මත දරන විවිධ වයස් වල අය සමඟ වූ සුහද හමුවීමන්ද මට මහත් සතුටක් ගෙනදුන් බව පිළිගත යුතුය. තනිවම බ්ලොග් ලිවීමට එහා ගිය අත්දැකීම් සමූහයක් නෙළුම්යාය නිසා සහභාගීවීමට ලබුණු සමාජ සත්කාර ව්‍යාපෘති, සම්මාන උළෙලවල්, සුන්දර මිනිසුන් හමුවීම නිසා ලැබීමට මම වාසනාවන්ත වීමි.

නෙළුම්යාය සම්බන්ධ සම්මාන උලෙල, සමාජ සේවා කටයුතු, සුහද හමු ආදිය ස්වේච්චාවෙන් සංවිධානය කරන අය පිළිබඳව මගේ ඇත්තේ ගෞරවාදර හැඟීමකි. ඒ ඔවුන් පෞද්ගලික ලාභ ප්‍රයෝජන නොතකා ඒ සඳහා වන කැපවීම මම දැක තිබීම නිසාය. විනිශ්චය මණ්ඩල වල මම නොසිටියත් හැම අංශයකටම සුදුසූම අය තෝරාගැනීමට ඔවුන් අතර වන සාකච්චා, වාද විවාද සමහරක් අසා තිබීම නිසාය. වෘත්තීය ජීවිතයේ දකින ඉහල තරාතිරම් වල සිටින අය විවිධ තීරණ ගැනීමේදී දක්වන පාක්ෂික භව, අනෙකාගේ මතයට ගරු නොකිරීම, හේතු රහිතව කඩේ යාම ආදිය එම සාකච්චා වල මම නොදුටු නිසාය.

බ්ලොග් ලෝකයේ යහපතට විවේචනය කරන අය කිහිප දෙනෙක් සිටින බවත් ඔවුන්ගේ විවේචන ගැන අදහස් දැක්වීම හා වාද විවාද කිරීම පොදු අරමුණේ ප්‍රගමනය සඳහා වැදගත් වන බව මම පිළිගනිමි. එහෙත් විවේචනය කරන්නාගේ අරමුණු ගැන වටහා ගැනීමක් නොකර ඒවාට පිළිතුරු දීමට උත්සාහ කිරීම නිශ්ඵල දෙයක් බව වටහා ගැනීමට පරිණත බවක් නැත්නම් වන්නේ පටු ආර්ත්මාර්ථකාමී අරමුණු මුදුන්පත් කරගැනීමට ඕනෑම පහත් වැඩක් කිරීමට බලාගෙන සිටින පිරිසකට වේදිකාවක් සකසා දීමකි. පසුගිය සම්මාන උළෙල සංවිධානය කරන අවස්ථාවේදීද විවිධ මත ගැටුම් ඇතිවුණ බව රහසක් නොවේ. එහෙත් එම මත ගැටුම් ඇතිවුණේ ඒ සඳහා දර දිය අදින අය අතරය. එම මත ගැටුම් විවිධාකරයෙන් සමථයකට පත්වුණේ එම වෙනස් මත ඇතිවුණේ කලයුතු කාර්‍යයයේ සාර්ථකත්වය පැතූ පිරිසක් අතර වීම නිසාය. එවන් මත ගැටුම් සමථයක පත්කරගැනීමට කාලය මිඩංගු කිරීම සාධාරණය. එම කාර්‍යයයට ශ්‍රමයෙන් හෝ අදහසකින් වත් සහයෝගය නොදක්වන පිරිසක් විසින් ගෙනයන ව්‍යාපාරය සිදුවන්නේ එහි ප්‍රගමණය වෙනුවෙන් නොව මෙම උළෙල කඩාකප්පල් කිරීමේ අරමුණෙන් පමණක්මය යන දේ තේරුම් ගැනීම අපහසු නැත. එවන් අයවළුන් සමඟ වාද විවාද කිරීම ඔවුන්ගේ එම කඩාකප්පල්කාරී ක්‍රියාවලට පිළිගැනීමක් ලබා දීමක් වේ. 

නෙළුම්යාය සහ එහි වටිනාකම තේරුම් ගෙන ඇති අය සහ තේරුම් ගන්නා අය වෙනුවෙන් එය දිගටම පැවතිය යුතු දෙයකි. අඩුම වශයෙන් ඊට වඩා සංවිධානාත්මක ව්‍යුහයක් ඇති ආයතනයකින් එවන්නක් සිදුවන තුරු එම අඩුව පිරවෙන්නේ නෙළුම්යායෙනි. මා දන්නා තරමට පළමුවෙනි සම්මාන උළෙලට වඩා දෙවන උළෙල සහභාගීත්වය සහ අනික් කරුණු මත ඉදිරියෙන් තිබිණි. මින් ඉදිරියට එය තවත් විශාල සහභාගීත්වයකින් පැවැත්වෙනු ඇති බව මගේ විශ්වාසයයි.  එය බ්ලොග්කරුවන්ට එපාවූ දවසක එය  සහභාගී වන ප්‍රමාණය අඩුවී යනු ඇත. එවන්නක් සිදුවුණොත් පමණක් ඒ ගැන තීරණයක් ගැනීමට ඉඩ තබා කඩාකප්පල්කාරීන්ට ඔවුන්ගේ ක්‍රියාකාරීත්වයන් එලෙසම කරගෙන ඉඩ දී සිටීම වඩා උචිත දෙයක් යයි මම සිතමි.

මෙම කඩාකප්පල්කාරී ව්‍යාපාරයේ යටි අරමුණු ගැන සමහර බ්ලොග් කරුවන් ලියා ඇත. තවත් අය ඊමේල් මඟින් සහ අනික් විදි වලින් ඒ ගැන කථා කර ඇත. එවන් පහත් අතිශය ආර්ත්මාර්ථකාමී අරමුණු සඳහා සමාජ ව්‍යාපාරයක් කඩා බිඳදැමීමට උත්සාහ කරන අයට දිය හැකි එකම පිළිතුර වඩාත් හොඳින් එම කාර්‍යය සඳහා කැපවීමයි. ඒ සඳහා දැනට සංවිධානය කරන අය ගියවරටත් වඩාත් කැපවීමෙන් ක්‍රියාකරනු පෙනීම සහ කලින් සම්බන්ධ නොවූ අයත් ඉදිරිපත්වීම මෙම කඩාකප්පල්කාරී ව්‍යාපාරය බොහෝ දෙනෙක් පිළිකුල් කරන බවට ඇති හොඳ සාක්ෂියයි.

නෙළුම්යායට සම්බන්ධ වී ඇති අය ගැන සමාජයේ ඔවුන්ට වඩා වැඩි කලක් ජීවත් වී ඇති මට ඇත්තේ එකම එක චෝදනාවකි. ඒ ඔවුන් සමහරකගේ ඇති අති සංවේදී බවයි. අබුද්දස්ස කාලයේ සමාජ කටයුතු වලට එනවිට තිබියයුතු ඉබි කට්ට ඔවුන්ට නැත.  ඵල ඇති රුකට ගල් වදින බව සහ බල්ලන් බිරුවට ගැල දිගටම යායුතු බව ඔවුන් වටහා ගත යුතුය. අනුන්ගේ හැකියාව සහ තමන්ගේ නොහැකියාව නිසා ගල් ගසන්නන් මෙන්ම පටු අරමුණු මුදුන්පත්කර ගැනීමට ගල් ගසන්නන්ද ඇත්තේ බ්ලොග් ලෝකයේ පමණක් නොවේ. බොහෝ කකුල් හතරේ බල්ලන් බුරන්නේ ගැල නිසා තමාට හෝ තමාගේ ස්වාමියාට හානියක් වන බවට ඇති වැරදි වටහාගැනීමක් නිසාය. කකුල් දෙකේ බල්ලන් බුරන්නේ අවුරුදු ගණනක් සූප්පු කරකර සිටි කට්ට නැතිවීම නිසාය. ඔවුන් සිතන්නේ ඔවුන්ගේ කට්ට ගත්තේ ගැලේ යන අය කියාය.



ඔවුන් ඔවුන්ගේ කාලය යොදවා කට්ට හොයාපුදෙන් අපි යමු ඉදිරියටම !!!!!






89 comments:

  1. //නෙළුම්යාය සහ එහි වටිනාකම තේරුම් ගෙන ඇති අය සහ තේරුම් ගන්නා අය වෙනුවෙන් එය දිගටම පැවතිය යුතු දෙයකි. අඩුම වශයෙන් ඊට වඩා සංවිධානාත්මක ව්‍යුහයක් ඇති ආයතනයකින් එවන්නක් සිදුවන තුරු එම අඩුව පිරවෙන්නේ නෙළුම්යායෙනි//

    අන්න ඒකයි හිටං මාත් කියන්නෙ

    ReplyDelete
    Replies
    1. අටම් සම්මාන වලට තෝරගන්න ලිපි හොයාගන්න වෙන මහන්සිය මට පේනවා මමත් ත්‍රෙඩ් එකේ ඉන්න නිසා. උඹ වගේ අය මේවට වැය කරන කාලය දරන මහන්සිය නොපෙනෙන අය නොදකින අය කියන කථා නම් හාස්‍යජනකයි.

      Delete
    2. ඔව්වටත් බැනුං අහන්ඩ වෙයි ඉදිරියට ....ඇගේ ගෑවෙනව යැ අප්පා

      Delete
    3. නෙළුම්යාය සහ එහි වටිනාකම තේරුම් ගෙන ඇති අය සහ තේරුම් ගන්නා අය වෙනුවෙන් එය දිගටම පැවතිය යුතු දෙයකි. අඩුම වශයෙන් ඊට වඩා සංවිධානාත්මක ව්‍යුහයක් ඇති ආයතනයකින් එවන්නක් සිදුවන තුරු එම අඩුව පිරවෙන්නේ නෙළුම්යායෙනි x 2

      Delete
  2. ඔව්ව නැති ලෝකයක් තියේද ලිංතොට මල්ලි.. ඕන දේකට මූන දීගෙන ඕණ දේ අරගෙන නැති දේ විසි කරගෙන යාමයි වටින්නේ.. ඔය නෙළුම් යායේ සම්මාන උත්සවේ සංවිධායකයන්ගෙන් ඇත්තෙන්ම පය බිම ගහල කතා කරන්නේ, ඕනම අවලාදයකට උපේක්ෂාවෙන් මුහුණ දෙන්නේ කමියා විතරයි.. ඒ ලයිප් ස්ටයිල් එක අනිත් අයත් ඇප්ලයි කරොත් ඔය පඩත්තර කතා නතිං. අනිත් එක තමා කව්රු කෝම කිව්වත්, හිතමු ජනාධිපති ඇවිත් කිව්වා කියල මේ නෙළුම්යාය සම්මාන උළෙල ඉතා වටිනා එකක් කියලා.. ගල් ගහන එක නතර වනවද?? නෑනේ. ඒක නිසා යන ගමන ගියා. ඔය කියන දේවල් වලින් ගත යුත්ත ගත්තා. වැඩක් නැති දේ අතෑරලම දැම්මා එච්චරයි.

    මම නං ඕකට විරුද්ධව උන්නේ.. ඇයි දෙයියනේ අවුරුදු දෙකටම සම්මානයක් නෑ. මේ පාරත් නැති උනොත් බරපතල ව්වේචනයක් දානවා සියලු මුලය අක්කරමිකතා එක්කම.. හැක්

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් දේශක බොහොම ස්තූතියි

      Delete
    2. මොනවා දැම්මත් කමක් නැහැ. අඩුම ගානේ මේ සැරේවත් වරෙන් කණු තියන්නේ නැතිව.

      Delete
  3. අජිත් ධර්මකීර්ති යනු නෙලුම්‍ යායේ තනි අයිතිකරු බවත් එය ලංකා නිවුස් වෙබ් ආයතනයේ අතකොලුවක් බවත් ඒ සියල්ලම එක් දේශපාලන කාණ්ඩයක් නියෝජනය කරන බවත් හිතාගෙන ඉන්න කීපදෙනෙක් ඒ ගැන කියමින් උඩ පනින අතර සමහර විට එකාම විවිධ නම් වලින් නං දොඩවනවා වන්නටද පුළුවන.

    ලංකාවේ සමාජයට යහපතක් කරන්න යතොත් බැනුං අහන්නටම වෙන බව අනගාරික ධර්මපාල තුමාද කියා ඇත

    ReplyDelete
    Replies
    1. //ලංකාවේ සමාජයට යහපතක් කරන්න යතොත් බැනුං අහන්නටම වෙන බව අනගාරික ධර්මපාල තුමාද කියා ඇත//

      අජිත් / කමී / අටම් මෙන්න කියමන.

      Delete
    2. හෝව් හෝව් ....මාත් ඔයා වාගේ තමයි ඉලියේ ඉදං පුලුවං දෙයක් කරනවා මිසක් අයිතිකාරයෙක් නෙමෙයි ....අජියත් නැද්ද මන්දා දැං ....ඕක තනිකර කමියගේ

      Delete
    3. ///ඕක තනිකර කමියගේ ///
      දැන් ඌ අපි එක්ක වැඩ කරන්නෙත් නැති එකේ ඌට බනින්න ලේසියි, ඒ නිසා සම්පුර්ණ අයිතිය කමියට දෙමු...

      Delete
    4. //ලංකාවේ සමාජයට යහපතක් කරන්න යතොත් බැනුං අහන්නටම වෙන බව අනගාරික ධර්මපාල තුමාද කියා ඇත//

      මේ මාලේවන ධර්මවිජය හාමුදුරුවො (කලින් අනගාරික ජී.අයි.ඩී. ධර්මසේකර) ධර්මපාල තුමා ගැන කියල තියෙන කරුණක්...නිකම් මේ Deja vu ගතියක් වගෙ පේන්නෙ නැද්ද?...:)

      ඒකයි එතුමාට තිබ්බ කලකිරීම. අමෙරිකාවේ චිකාගෝහී දී දේශණය පවත්වන්න ගිය වෙලාවේ ඉන්දියාවේ ස්වාමී විවේකානන්ද කියන මහා උගතා ටවත් අත් පුඩි නොගහපු උදවිය වයස 29 ධර්මපාලතුමාට ඔල්වරසන් දී අත්පුඩි ගැසුවා. මුලාසනයේ සිටි මහාචාර්ය බැරෝස් කිව්වා මට පේන්නේ ජේසුතුමා කහපාට ඇඳුමකින් මෙහි පැමිණ ඇති සේයාවක් කියලා.

      එතුමා පටන් ගත්තා බෞද්ධ ඉස්කෝල , එතුමාගේ අක්කර විසි පහක ඉඩමක තමා පන්නිපිටියේ ධර්මපාලය පිහිටෙව්වේ. හාර්දාස් ගානක් දරුවෝ උගෙන ගන්නවා එහි අද . එතුමාව අපේ සමාජයේ සිටි බටහිර ගැත්තන්ට විෂ වුණා. ඒගොල්ලෝ නිතරම එතුමාගෙන් අය වැය ඉල්ලුවා

      විජේවීර හා මාක්ස්වාදය අතහැර බුදු මගට පිලිපන් විප්ලවවාදියා..!!!

      Delete
    5. බොහොම ස්තූතියි රවී. තම තමන්ගෙ වියදමින් කරන දේවල අය වැය ඉල්ලන්නේ ඒගොල්ලන්ගෙන් කාල ඇඳල ඉන්නව කියල හිතාගෙනද මන්ද.

      Delete
    6. ඕකේ අයිතිකාරයා සුරංග කියල කොච්චර කීවද කෝ අහනවයි

      Delete
  4. යමක් අගයකර සම්මානදීම එම කාර්යේ නියුතුවූවන් දිරිගැන්වීමක්. නෙළුම් යාය සම්මාන උළෙලත් ඒ වගේ. හැමදේම අඩුපාඩු තිබෙනවා, අඩුපාඩු අවම කිරීමයි කළ හැක්කෙ. බල්ලන් බිරුවත් ගැල යා යුතුමයි, අනික ඔය බුරන බල්ලොත් හපා කන්න බය උන්. බොහොමයක් උන් දඩාවතේ යන වල් බල්ලො ටිකක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රොබට්. ඕවා කියන අයට අනවශ්‍ය වැදගත්කමක් දෙන්න ඒවට ප්‍රතිඋත්තර බඳින්න උත්සාහ කිරීම නොකල යුතුයි.

      Delete
  5. අපේ බ්ලොග් අවකාශයේ ඉන්නෙත් අපේම සමාජයේ හැදුනු වැදඩුණු කට්ටිය. ඒ අය අතර නාහෙට අහෙන්න නැති අය, තමන් පමණයි හැමවෙලේම හරි කියලා හිතන අය, තමන්ගේ දේශපාලන දැක්ම හැමෝම ෆලෝ කලයුතුයි කියලා හිතන අය වගේම හැමදේකම වැරද්දක් දකින්න විතරක් පුරුදු වෙලා ඉන්න අයත් ඉන්නවා. කොයි දේ කරන්න ගියත් එහෙම අය ඒකට කොක්කක් අදින්න තමයි බලන්නේ. ඉයන් ඉහලින් කිව්වා වගේ බ්ලොග් නිසා සිදුවුණ හොඳ දේවල් , හමුවූ හොඳ මිනිස්සු ගැන එහෙම හිතලා මේ හැමදේම වැරැද්ද දකින (අවාසනාවකට අපේ ජාතික ආකල්ප නියෝජනය කරන ) පිරිස නොසලකා අපිට හොඳයි කියා හිතෙන දේ කරන් ඉදිරියට යන්නයි තියෙන්නේ.

    ReplyDelete
    Replies
    1. එකඟයි කවිඳු. බොහොම ස්තූතියි.

      Delete
  6. පොඩි කාළේ ඉඳලා සමිති සමාගම්වල වගේම, පක්ෂ සමිති වලත් ඉඳලා දැකලා තියෙන දේවල් නිසා, මම ඔතනින් මුලින්ම ඉවත් උනා. ඕක නැති කරන්නෙත්, ඕකට මඩ ගහන්නෙත් ඕක ඇතුලේ ඉන්න අයමයි. වෙන කවුරුත් නෙමෙයි. නැත්නම් කොහොමද දෙන්නෙක් තුන්දෙනෙක් කතා කළ දේවල් ලෝකයම දැන ගන්නේ?

    නෙළුම් යායත් ළොකු ළොකු වැරදි ගොඩක් කළා... වඩා වැදගත් දේ එය පිළිගැන්මට තරම් අදාල පුදගලයින් නිහතමානී වීමයි..

    ජය වේවා.....!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කමෙන්ට් එකට මාතෙ.

      Delete
  7. So glad you posted this Ian. The conversation (if you can call it so) on this issue initiated by a certain blogger and his companions was beyond ridiculous. And as you have v.well said "කකුල් දෙකේ බල්ලන් බුරන්නේ අවුරුදු ගණනක් සූප්පු කරකර සිටි කට්ට නැතිවීම නිසාය" +++++++

    ReplyDelete
    Replies
    1. Criticism is good as long as the intentions of criticising is good as well. Thanks Ano

      Delete
  8. සියුම් කලා හැකියාවන් ගරු කරමී
    ලැබුම් නරක හොඳ ඉවසන්නට කියමී
    පියුම් පිපෙන තුරු මග බලමින් හිඳිමී
    නෙලුම් සුවඳ පැතිරෙන්නට සුභ පතමී......

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කවි පෙලට දුමින්ද

      Delete
    2. බොහොම ලස්සන කවි පෙළ.

      Delete
  9. හිටං හිට්ං කියා දඟලන පිස්සු හුටං කෙනෙකු සමාන්තර තල දර්පන දෙකක් මැදට වී ප්‍රතිබිම්බ සමග සංවාසයේ යෙදෙමින් සතුටක් ලබනවා මම ද දුටුවෙමි.

    ඒ ගැන ලියූ නිසා යළි නොලියමි.

    නෙළුම් යායට සුභ පතමි.

    ඉයන්ට ද ස්තුතියි.

    මෙන්න ඉයන් සහ අජිත් ධර්මා සිහිකළ යුතු පැරණි කවියක්.

    "ඉඳ ඉඳ එක වෙහෙර......"

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසික

      Delete
  10. මිනිස්සුන්ගේ හැකියාවන් අගය කරන්න මේ වගේ දේවල් අවශ්‍යයි. ඕනෑම කෙනෙක් තමන්ගේ දක්ෂතා අගයනවට කැමතියි. නෙලුම් යායට කාලය ශ්‍රමය කැප කරන සියලු දෙනාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි කුරහන්

      Delete
  11. විවේචනය ඉතාම පහසුයි. ඒත් යමක් කිරීම ඊට වඩා හුඟාක් අමාරුයි. මිනිසුන් දිනෙන් දින යම් යම් දේ ඉගෙනගනිමින් පවතින ස්භාවය නෙලුම් යායටත් පොදුයි.. ඉරිසියාවට හරි කුහකමට හරි වදින ගල් වලින් නෙලුම් යාය තව තවත් තමුන්ගේ සත්කාරය හදාරමින් ඉදිරියට යාවි. බල්ලෝ බිරුවට කදු පහත් වෙන්නේ නැහැනේ ඉයන්..

    (මේ වතාවෙවත් සහභාගී වෙන්න බැරිවීම ගැන දැනෙන්නේ හරිම කනගාටුවක්. මරෙන්න් කලින් එක වතාවක් හරි සහභාගී වෙන්න පුළුවන් වේවි කියන බලාපොරොත්තුවෙන් බලන් ඉඳීම ඇරෙන්න දුර ඉන්න අපි මක් කරන්නද..)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ගොඩයා, දැක ගන්න ආසාවෙන් ඉන්නේ.

      Delete
  12. ඉයන්. ඒ කියන්නෙ එයාලට ඕනි විදිහට අපේ මතය කියන්නත් බැහැ කියලද?

    දැන් ඉයන් ඔයාලම නේද මේ නිකං දෙන බ්ලොග්ස්පොට් එකට නීති දාගන්ට ගියේ..??

    තරහ වෙන්ට එපා ඉයන් මෙහෙම කිව්වට.

    ඉස්සරනම් බ්ලොගර් ලා සියල්ලම වගේ දැනගැනීමට අසාවෙන් හිටියත් දැන් නම් ලංකාවට ආව දවසක කිහිපදෙනෙක් පමණක් මුණගැසීමට කැමතියි.

    අනික මම අහල තියෙන දෙයක් තමයි තරහ ගිය වෙලාවට කියන බොහෝ දේ ඇත්ත වගේම ලියන දේ වලුත් ඇත්ත. (මම නෙමෙයි 😂)

    ෆුල් හිලේරියස් කියන්නෙ එයා බලෙන්ම මම අහන්නෙත් නැතිව මට ලියල එවපු දේ, එයාම දැන් නැහැ කියනව 😂😂😂

    මටනම් ඔය සම්මාන උළලේ අයවැය නම් ඕන නැහැ.

    හැබැයි ඕකෙන් සිංහල බ්ලොගර් ලා බේද බින්න කළා.

    මොකද ඉස්සර තිබ්බ බ්ලොග් ගේට්ටු අවුරුදු උත්සව කලේ බ්ලොගර් ල (අයිතිකාරයෝ හෝ සංස්කාරකල නෙමෙයි) මිසක් අඟහරු ලෝකෙන් ඇවිල්ල නෙමෙයි.

    ඉයන් දන්නෙ නැතිනම් දන්නා අයගෙන් අහල බලන්න.

    මහත්මා ගුණය කියන්නේ ඒකට මිසක් දේශපාලනයේදී වගේ විසිල් බල්ටි ගහන අයට සැලකීම නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. උඹගේ මේ මතය වරදියි මචෝ... වෙන තැන්වල මම උත්තර දෙන්න ගියේ නැත්තේ.. ඇනෝ කොමෙන්ට්ස් දාන නපුංසකයෝ නිසා... නෙළුම් යාය මේක බේද බින්න කළේ නෑ.. මේකට වටිනාකමක් එක් කලා... බ්ලොග් කියවන ප්‍රමාණය වැඩි උනා...

      පළමුවෙනි එක තනිකරම අජියගෙ තනි ගේමක්.. මට ඒ දේ තේරුන නිසා හැමෝම එපා කියද්දි උන් දිපූ සම්මානේ මම බාර ගත්තා. ඒක මට වැදගත් නිසා නෙමෙයි.. බ්ලොග් කියන දේ ජනතාව අතරට යන්න ඕන නිසා.. කොහොම හරි මම ගෙදර එන්නත් කලින් අපේ පවුලෙම ගොඩාක් උන් නිව්ස් වලින් දැකලා ඇහුවා මොකක්ද බං ඒ සීන් එක කියලා (අටමා සාක්කී) පවුලේ උන් දැනගත්තෙත් එදා..

      බ්ලොග් වල බේද බින්න කම් අපි ආපු කාළෙත් තිබුනා... ඒක මේ නෙළුම් යාය නිසා උන දෙයක් නෙමෙයි. ඒක බ්ලොග් ලියන කාළකන්නින්ගෙම වැඩක්. අජිත්ට ගහන්නේ කවුරුත් නෙමෙයි. නෙළුම් යායෙම ඉන්න උන්. ස රසා බජට් ඉල්ලන්නේ ස රසට නෙමෙයි... අජිත් මේකෙන් කනවයි කියලා හිතන ඔය වැඩේටම සම්බන්ධ උන් ස රසා ෆෝම් කරන්නේ. මොකෝ නැත්නම් කොහොමද නෙළුම් යාය උත්සව වල කතා කරපු දේවල් ස රසා දන්නේ.

      අජියා ඇත්තටම පව්... මම ඌට කිව්වා මේකෙන් අයින් වෙන්න කියලා, කරන එකෙකුට කර ගන්න ඇරලා. ඒක උගේ තීරණයක්. ඒත් මම දන්න තරමින් නම් අජිත් කියන්නෙත් ස රස කියන්නෙත් රත්තරන් මනුස්සයෝ දෙන්නෙක්. ඒත් දෙන්නම් කාළකන්නින්ගේ ගුලි කනවා.

      බ්ලොග් ගැන අනාගතේ කවුරුන් හෝ ලියන කොට. මොකාගේ නම නතත් අජිත් සහ නෙළුම් යායේ නම කියවෙයි..

      උඹ වැරදි මතයක ඉන්නේ ටික්කෝ....

      Delete
    2. //////අජියා ඇත්තටම පව්./////////

      සහතික ඇත්ත. මම මේ ගැන මීට වඩා කියන්නේ නැහැ,

      කරන කෙනෙකුට කරගන්න දීලා, අකැමති අය පැත්තකට වෙලා හිටියම ඉවරයි. මේ මම ඉන්නේ.

      Delete
    3. හරි මචෝ මාතලන්. උබ කියනවනම් එච්චරයි. එකක් දෙකක් ඇර අනිත් ඔක්කොම උබ නිවැරදි කළා මෙතන. අර කිව්වා එකත් දෙකත් මම අල්ලල දැම්ම. මොකද මම ෆෝන් එකෙන් හරි කථා කල (උබත් දන්නවනේ ඉල්ලීමක් කරන්ට වගේ දෙයක් ඇරෙන්ටනම් මම කවදාවත් බයිල කතා කරන්ට බ්ලොගර් ලට කෝල් කරලා නැහැ) දෙතුන් දෙනා ඇරෙන්ට උබ බොහෝ පිරිසක් දන්නව අඳුරනව ආශ්‍රය කරන නිසා මට වැඩිය සැහෙන දෙයක් උබ දන්නව කියල.

      බොහොම ඉස්තුතියි මාතලන් ලොක්ක මාව නිවැරදි කෙරුවාට. ඔන්න ඔහොමයි බන් වැරදි නිවැරදි කරන්නෙ..

      Delete
    4. නිවැරදි කර ගන්න ඕන අනිත් දෙකත් කියපන් මචෝ.... මම දන්න දෙයක් නම් කියන්නම්... කොහොමත් බ්ලොග් එක ලියාගෙන පාඩුවේ හිටහන්... වැඩි බජනෙට යන්න එපා හැම එකා එක්කම.. මොකෝ බ්ලොග් කියන්නේ මේ කාළකන්නි සමාජෙම පැතිකඩක්.. වෙන දෙයක් නෙමෙයි.. කැරියෝ වැඩියි... මිනිස්සු අඩුයි...

      Delete
    5. මාතෙ, ටිලාන්, අරුණ බොහොමත්ම ස්තූතියි.

      Delete
    6. අවුලක් නෑ මාතලන් ලොක්ක. ඔය කියල තියෙන දේත් හොඳටම ඇති. බ්ලොග ලියන්න හිතාගත්තෙ ඒ කාලෙ නටපු නන්දන වින්දන දැන් පොඩ්ඩ පොඩ්ඩ අමතක වෙලා යනව කියල හිතුන නිසා. කවදාහරි ළමයෙක්ටවත් පෙන්නන්ට පුළුවන් මෙව්ව තමයි බොගෙ අප්පුච්ච (😂) කොරේ කියන්ට.

      උබට සුභ සති අන්තයක් වේවා..!! 👊🏽

      Delete
    7. ටිලාන්......මම අවවාද, අනුශාසණා දෙනවා කියලා හිතන්න එපා. මම ඒ මොඩ්ල් එකේ බුවෙක් නෙමේ. තමන්ට අවශ්‍ය දේ කරන්න තමන්ට අයිතියක් තියෙනවා. නමුත් මාතා අන්තිමට කියලා තියෙනදේ හිතට ගනින්. ඌ කවුරු ගැන. මොනවා ගැන කියනවද කියන එකවත් හිතන්න යන්න එපා.

      Delete
    8. අරුණ තුමො. උබ වගේම මාතලන් තුමාත් මේ පෙන්වාදුන් දේ බොහොම හොඳයි. මට මිනිස්සු ඕනිම කෙනෙක් මම කියූ කෙරූ යං දෙයක් වැරදිනම් ඒ වගේම නිවැරදි කරනවානම් කිසිම භේදයක් නැතුව නිවැරදි කරගන්නවාය. ඒත් ඕනෑන දෙයක් මේ වක්කඩක් වැනි කටෙන් කියූ පලියට පර්සනල් විදිහට ගන්නේ නැත.

      ඔබ දෙපලට ස්තුතියි හිටං

      🙏

      Delete
    9. Me huyanne phone eke sinhala font eka weda karanne naha...
      Mamath aththatama kemathiy saamakaami waathaawaranayakata...

      Delete
    10. Me huyanne phone eke sinhala font eka weda karanne naha...
      Mamath aththatama kemathiy saamakaami waathaawaranayakata...

      Delete
    11. ///Me huyanne phone eke sinhala font eka weda karanne naha/////
      හුයන්න කන්න හිතෙන්නේ ඔය වෙලාවට තමයි නේද ලොකු පුතේ....

      Delete
    12. To loku putha..:

      https://www.google.com/intl/si/inputtools/try/

      Delete
    13. ලක්බිම පත්තරේ "හිස් අහස" ගැන කියවලා බ්ලොග් ගැන දැන ගත්තු දා පටන් මම බ්ලොග් වලින් ගොඩක් දේ ලබා ගත්තා ...කවුරු හරි මම වගේම නොදන්නා කෙනෙකුට මේ බ්ලොග් වල වටිනාකම කියලා දෙන්න හදනවනම් එයාට මම පුටුවෙන් නැගිටලා විසිල් එකක් ගහනවා

      Delete
    14. ගොඩක් දේ ගත්තා ද

      Delete
    15. ඇත්තටම ගොඩක් දැනුම ලබා ගත්තා ...
      එකකට එකක් වෙනස් බ්ලොග් වල තියන්නේ එකකට එකක් වෙනස් කරුණු

      Delete
  13. අජිත්ට ගහන්නේ කවුරුත් නෙමෙයි. නෙළුම් යායෙම ඉන්න උන්. ස රසා බජට් ඉල්ලන්නේ ස රසට නෙමෙයි... මොකෝ නැත්නම් කොහොමද නෙළුම් යාය උත්සව වල කතා කරපු දේවල් ස රසා දන්නේ.

    හරි ප්‍රශ්නට අවා මාතලන් දැන් හිතන දේ කෙලින් ලියන්න කවුද මේ කෙනා හෝ කට්ටිය ?

    පසුගිය වාර කීපයක් සිට අහපු දෙයකින්නේ [බජට්/ විනිශ්ව මන්ඩලෙයි] දැනගත්තේ මේ වැඩේට ඉන්ටපොල් ලිස්ට්එකේ ඉන්න පොරවලුත් මේවට සම්බන්ද කියලා

    මෙවර කැනඩාවේ ඩොක්ටර් මැන්ටල් ට දෙන සම්මානය ගැන කවුරුත් දන්නවනේ ටක්කෙට එක පොරසිද්ද රහසක්නේ . ඕවා කොහොමද එලියට එන්නේ කියලා ඇනොලගෙන් අහලා වැඩක් නෑ
    [ඇනෝ කියන්නේ ඇනෝ ඉන්තේගිරිසි තේරුම අනුව ]

    ReplyDelete
  14. එක් අතකින් බනින අයගෙන් සිද්ද වෙන්නෙත් විශාල සේවයක්. මෙතෙක් කලක් නොබැලූ නොකියවූ අයගේ අවධානය බැනුම් නිසා ලැබෙනවා. බල්ලෝ බුරන්නේ ඇයිදැයි බලන අයට ගැල ඉදිරියටම ඇදෙන බවත්, බුරන්නේ සඳට වුව එය වඩා දිදුලමින් බැබලෙන බවත් පෙනෙනු ඇත. බ්ලොග් සම්මාන උළෙලට ජයවේවා

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි ගුණසිංහ මහත්මයා

      Delete
  15. මොකක්ද යකෝ මේ සීන් එක?

    මම හිතුවේ ආතල් එකට යන වලියක් කියලා...

    සොරි වෙන්නොනා හැමෝම.
    නොදන්නා නිසාමයි ඇහුවේ.
    කාලෙකින්නේ බ්ලොග් පැත්තේ ආවේ.

    ReplyDelete
    Replies
    1. එහෙම නම් අපිටත් 'වලි' කමෙන්ට් එකක් දාල හිනා වෙන්න පුළුවන්. ඊට වඩා සැලසුමක් යටින් තියෙන එකක් කියලයි වැඩි දෙනෙක් කියන්නෙ.

      Delete
  16. ඉස්සර රාජකීය විද්‍යාලයෙන් බ්ලොග් සම්මාන උලෙලක් කළා.. මට මතක විධිහට ඒකෙනම් මේ වගේ වැල් බයිලා තිබුනේ නෑ...බොහොම ලස්සනට වැඩේ කෙරුණා...

    නෙළුම්යාම සම්මාන උලෙල තියන්ඩ කලින්, උන්ම කෑ ගහන්ඩ ගන්නවා බල්ලො බුරනෝ කියලා..හැබැයි බල්ලො බිරුවට අපි ගනන් ගන්නේ නෑ.. ගැල ඉදිරියටම යන්වා කියලා.. බුරන්නේ බල්ලොනම් මොකට වද වෙනවද ඒ ගැන බ්ලොග් පෝස්ට් දදා, කරණ වැඩේ කරගෙන යන්නැතුව...

    ReplyDelete
    Replies
    1. // ගැල ඉදිරියටම යන්වා කියලා.. බුරන්නේ බල්ලොනම් මොකට වද වෙනවද ඒ ගැන බ්ලොග් පෝස්ට් දදා, කරණ වැඩේ කරගෙන යන්නැතුව...//

      කථාව ඇත්ත සෙන්නා. පිළිගන්නවා.

      Delete
    2. //නෙළුම්යාම සම්මාන උලෙල තියන්ඩ කලින්, උන්ම කෑ ගහන්ඩ ගන්නවා බල්ලො බුරනෝ කියලා..හැබැයි බල්ලො බිරුවට අපි ගනන් ගන්නේ නෑ.. ගැල ඉදිරියටම යන්වා කියලා..// සෙන්න.. මචං උඹ මේක කියුවේ මම ලියපු පෝස්ට් එකටනම්.. හි..හි.. මම ඒකෙන් කරන්නේ නෙලුම්යායට ප්‍රසිද්දියක් අරන් දෙන්න හදන එක.. නෙගටිව් මාකටින්ද මොකක්ද කියන්නේ? අන්න ඒක.. ඒක මචෝ මම මේ පාර විතරක් නෙවෙයි කලින් වතාවෙත් කරා.. ගණන් ගන්න එපා ඒවා.. මගේ ළඟ ඇරියස් නෑ.. :)

      Delete
    3. හෙහ් හෙහ්...ඒකත් එහෙමද ? මම හිතුවේ ඇත්තටම උඹලට බල්ලෙක් හපන්න පැනලා කියලා... ඒත් මම කොහෙවත් දැක්කෙ නැති නිසා බල්ලෙක් බුරනවා... මුන් බල්ලෙක්ව හිතෙන් මවන් බය වෙලා කියලාත් හිතුනා... :D

      ඉයන් ගේ පෝස්ට් එකත එහෙම එකක් වෙන්නැති එහෙනම්...

      මොනාවුනත් ගැල ඉදිරියටම යන එකයි වැදගත්...

      ජය !

      Delete
  17. සතුටින් සිටීමට සියළු දෙනාටම අයිතියක් ඇත. යමෙක් අනුන්ගේ සතුට පැහැර ගැනීමට උත්සාහ කරන විට නිහඬව සිටීම නිවට කමකි.
    උබගේ ලිපියට අත් දෙකම උස්සලා එකගතාවය

    ReplyDelete
  18. All though, I don't comment much I am a regular blog reader and I really appreciate the commitment of the bloggers. All the best for nelumyaya

    ReplyDelete
  19. ජ ය වේ වා !!

    ජ ය වේ වා !!!

    ජ ය වේ වා !!!!!

    ජ ය වේ වා !!!!!!!

    ReplyDelete
  20. නෙලුම් යායට විරුද්ධවීම දේශපාලන උවමනාවක් මත බව විරුද්ධවන්නන්ගේ කමෙන්ට්වලින්ම වක්‍රාකාරයෙන් පෙනේ.
    ඒවා පෞද්ගලිකව නොගෙන වැඩේ කරගෙනයාමට (අටම්පහුර සහ කල්‍යාණමිත්‍ර එය කරන ආකාරයට) ශක්තිය තිබිය යුතුයි.

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි Pra Jay

      Delete
    2. අටම්පහුර සහ කල්‍යාණමිත්‍ර ට පෞද්ගලිකව ගහන්නේ නැහැනේ ප්‍රා. එතනත් එක්තරා ප්‍රමාණයක දේශපාලන හේතු සහ හමුදා හේතු තියෙන්න පුළුවන් ඉතින්. හා හා :) ගහන්න ගහන්න වඳින එකත් මෝඩයලු නේ.

      Delete
  21. මන් බොලොග් වලට සෑහෙන්ඩ අලුත් ඒත් මට පුලූවන් උපරිම සප් එක දෙනවා වචනෙකින් හරි වැඩේට

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මචං

      Delete
  22. //ඒ ඔවුන් සමහරකගේ ඇති අති සංවේදී බවයි//

    මෙන්න මේක මමත් දැක්කා. ඔය පළමු බ්ලොග් සම්මාන උළෙල යහපාලනේට කඩේ ගිය අය වෙනුවෙන් දුන්න සම්මාන ටිකක් වගේ අපිටත් මුලින් පෙනුණා. නමුත් ඒ කාරණය මම පසුව කල්පනා කරලා බැලුවම තේරුණා. ඒ කාළය(2014 අවුරුද්දේ) වැඩි දෙනෙක්, පැවතී රජය විවේචනයට මේ අවකාශය යොදා ගත්තා. සාපේක්ෂව වැඩි ලිපි ප්‍රමාණයක් දේශපාලනය අලලා ලියවුණා. උදාහරණයකට හොඳම කවි සම්මානේ දෙන්නෙත් දේශපාලනය ගැන ලියවුණු ඒවාට. ඉතිං මේ ගැන සාධාරණ සැකයක් ඇති වෙනවා. අනික සංවිධායක මණ්ඩලයම තේරුම් ගත් දෙයක් තමයි මුළු බ්ලොග් අවකාශයම පීරන්න ඒ අවස්ථාවේ ඉඩක් නොතිබුණ බව. ඉතිං මුල එකේ අඩුපාඩු දෙවෙනි එකෙන් මග අරුණා, කියලා බලන් හිටපු අයට තේරුම් ගියා. දැන් මේක වඩා පුළුල් වෙන ලකුණු පෙන්වනවා. කෙනෙක් තමන්ගේ හිතේ තියෙන විනිශ්චයක් ඉටු නොවුනාම කේන්ති ගන්න එක සාධාරණයි. හැබැයි ඕවා එළිපිට කියන්න ගියාම සරම ඇඳන් ඔලුවෙන් හිට ගත්තා වගේ වෙනවා. කාට හරි සම්මානයක් දීම ලියන අපි හැමෝටම දෙන සම්මානයක් වෙනවා. මොකද එමගින් අකර්මන්‍ය ලියන්නන් උනන්දු වන නිසා. මේ පාර තමන්ගේ ඒවා ඉදිරිපත් කරන්න කියා කියා තිබීම, තමන්ට සම්මාන ලැබිය යුතු යයි සිතා සිටින අයට ඇනපු ටොක්කක් ලෙස අපිට දකින්න පුළුවන්. තමන්ගේ නම නිර්දේශ වුණාම තමන් අකමැති නම්, ඒ ගැන සඳහන් කරලා ඉල්ලා අස් කරගන්න පුළුවන්. මම පසුගියවර ඒ දේ කළා. තමන්ට නුසුදුසු දෙයක් ගෞරවාන්විතව ප්‍රතික්ෂේප කරන්න අපිට කොන්දක් තියෙන්න ඕනේ. මිදී ඇඹුල සීන් දැමීමෙන් තමන්ගේ තත්වය පහළ වැටෙන බව දැනගැනීම හොඳයි. අර හෙන්රි මහතා වගේ අත්දැකීම් තියෙන අය කරන විවේචන වලින් අදහස් ගන්න පුළුවන්. මමත් වෙනත් කටයුතු වල සංවිධාන කරන නිසා දන්නවා, ප්‍රායෝගික අත්දැකීම් නැති අය විවේචනය කරනවා. මම කලිනුත් කියලා තියෙනවා "විවේචනය පහසුයි දෙයක්, කරනවට වඩා". ඒ නිසා ඉදිරියට යෑම වැදගත්.

    තවත් දෙයක්. මේක දේශපාලන අරමුණකින් වුණානම්, දෙවෙනි සම්මාන උළෙලක් නැති වෙන්න තිබුණා.

    ReplyDelete
    Replies
    1. එහනම් මේ සැරේ නෙලුම් යයේදී සෙට් වෙමු

      Delete
    2. බොහොම ස්තූතියි මචං දීර්ඝ කමෙන්ට් එකට.

      Delete
    3. //තවත් දෙයක්. මේක දේශපාලන අරමුණකින් වුණානම්, දෙවෙනි සම්මාන උළෙලක් නැති වෙන්න තිබුණා.// ඇවිද්ද පය මේක මඔයාට තේරුණ බව ඒ දවස් වලම ලිව්වා නේද? ස්තූතියි. අපි මුලින් හිතුව වගේ 2014 දෙසැම්බර් තිබ්බ නම් .

      Delete
  23. බල්ලෝ බිරුවාට හපා කන්නේ නැතිනම් අවුලක් නැහැනේ.
    නෙළුම් යාය සම්මාන උළෙලට ජය පතමි.....!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනෝජ්

      Delete
  24. දවස් තුනක් ලෝන්ග් වීක් එන්ඩ් එකේ කඩේ වහල ගෙදර හිටිය නිසා මේක මිස් උනා.. ගොඩක් දෙනෙක් හොඳ කියල තියෙනවා.. ඒ වගේම සමහරු විවේචනය කරලා තියෙනවා.. දෙකම සාදරයෙන් පිලිගන්නවා. මම නම් මේ මඟුල කරන්නේ තනිකරම ඇම්මට.. මට දේශපාලනෙකුත් නෑ.. පක්ශේකුත් නෑ. මම හිතන්නේ මේ කේස් එකේදී වැඩියෙන්ම වැලි යන්නේ මායි අජිත් අයියයි.. ඒවා හැබැයි පිටට පෙන්නේ නෑ. අජිත් ට උවමනාව තිබ්බ නෙලුම්යායත් එක්කම බ්ලොග් සංසදයක් පිහිටවන්න.. ඒක ව්‍යර්ථ කරේ මම මාතලන් අටම් අපි කට්ටිය.. අජිත් ඒක කරන්න ගියේ හොඳ හිතින්.. වඩා සංවිධානාත්මකව බ්ලොග් හරහා සමාජ මෙහෙවරක් කරන්න කියල.. ඒත් අජිත් ට වඩා හොඳින් ලංකාවේ සිස්ටම් එක දන්නා නිසා අපි ඒකට එක හෙලා විරුද්ද උනා. ඒ වගේම තමයි බ්ලොග් වලට සම්මාන දෙන එක.. ඒක නිසා බ්ලොග් වලට ලැබෙන ඉහල ජනප්‍රසාදය වටිනවා. ඉතින් ඒ වැඩේට අපි උදව් කරනවා. එච්චරයි.
    ඒ වගේම මාතා කියපු 'ඇතුලේ ඉඳන් අවුස්සනවා' කියන කේස් එකත් සැලකිය යුතු කතාවක්.. මේක මටත් අදාළ නිසා ඒ ගැන අජිත් හා මාතලන් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා..
    පිටින් ඉඳන් දැකපු දේ පැහැදිලිව ලිවිම පිළිබඳව ඉයන් ට ස්තුතියි!

    ReplyDelete
    Replies
    1. කමියා දාපු කමෙන්ට් එකක් නිසා මට යමක් කියන්න හිතුනා. මේ නෙළුම් යාය ගැන නොවේ. මිනිස්සු කොටසක් බ්ලොග් කියවනවා සහ ලියනවා සහ කමෙන්ට් කරනවා. ඒ අය අතරින් සමහරක් තම මානසික සහනය සඳහා ලියනවා. සමහරු මානසික අසහනය පිටකර ගැනීම සඳහාත් ලියනවා. මේක කවුරුත් අදාල කර ගත යුතු නැහැ. මම කියන්නේ බ්ලොග්ස් ලියන අයට ලියාගෙන යන්න දෙන්න. ඒවාට ආපහු සම්මාණ ඕන නැහැ. මේකට ඔහේ පාවෙන්න දෙන්න සැහැල්ලුවෙන්. ෆේස් බුක් අස්සේ ඕඅන දෙයක් වුනාවේ. නමුත් මේක බ්ලොග්ස්.

      සම්මානවලින් උත්තේජන ලැබෙනවානම්, ඔය සම්මාණ ගත්ත අයගෙන් කීයෙන් කී දෙනාද තාම සක්‍රීයව බ්ලොග් ලියන්නේ. එදා ඉඳන්ම ඇම්මට ලියන රසික, පැරා, මාතලන් වගේ අය ඉන්නවා. මම නම් කියන්නේ බ්ලොග්කරුවාට ලැබෙන හොඳම උත්තේජනය තමයි කමෙන්ට්ස්. ඒක කරන්න ඕන. ඒක වැදගත්. ඒකයි මම සීයට අනූවක් බ්ලොග්ස්වල ගිහින් ගිහින් කමෙන්ට් කරන්නේ. යට ඉඳන් උඩට හිතන එක තමයි වඩා වැදගත්. මේ මගේ පෞද්ගලික අදහස් නෙළුම් යායට අදාල නොවේ.

      Delete
    2. අනිත් එක මට හිතෙනවා, බ්ලොග්ස් ඇතුලේ චැරිට් ෆන්ඩ්ස් ඉල්ලන සහ එකතුකරන එකත් හොඳ වැඩක් නෙමේ. ඒ කරන්නේ පවිත්‍ර, පිරිසිඳු චේතවාවෙන් බව සැබෑය. නමුත් උදව්වක්, පදව්වක් කර ගන්න බැරි කියවන්නොත් අපහසු තාවයකට පත්වෙනවා නේද කියා සිතමි.

      Delete
    3. අනේ මන්දා මට වැදිලද කියලා...තව එකක් තමයි...අලුත් අලුත් බ්ලොග්ස් සින්ඩිවලින් හෝ පෝස්ට්ස් තුලින් ඉන්ට්‍රඩියුස් කිරීම. අජිත් කුමාරත් ඒ වැඩේ කරනවා. ඒක හෙන ෆිට් එකේ කරන සෙට් එකක් ඉන්නවා. උන්ට මගේ ෆුල් සැලියුට් එක!!!!!!!!!

      Delete
    4. අරූ අයිය අවංකව කියන දේට වගේම ඒ අදහස්/ මත දැරීමට අරූ අයියට තියෙන නිදහසටත් ගරු කරනවා.. මම විශ්වාස කරන විදියටනම් බ්ලොග් කියන්නේ mass media වල අනාගතය.. ඉතින් මිනිස්සුන්ව දැන්මම එතනට පෙළඹවීම නරක නෑ. මේ වැඩේට මම උදවු කරන්නේ ඒ පදනමෙන්. අනික මේකට ඇක්ටිව්ලි සහබාගි වීමෙන් මම දන්නවා වැඩි පිරිසක් තමන් ලියන දේ ඇගයීමට ලක් වෙනවට කැමතියි. මේක බ්ලොගර්ස් ලා අතින් ප්‍රතික්ෂේප වෙච්චි දවසට ඉබේම නතරවෙයි. දැනට තියෙන්නේ ඉල්ලුමක්. මේකට විතරක් නෙවෙයි බ්ලොග් වසන්තය ටත් එහෙමයි..

      චැරිටි ගැන නම් මාත් පුද්ගලිකව ලොකු උනන්දුවක් නෑ. මෙතෙක් කල් බ්ලොග් එක හරහා කරපු වැඩ දෙක තුනම එක එක පුද්ගලයෝන්ගේ ඉල්ලීම් වලට මගේ උපකාරය ලබා දීම විදියට තමයි කරේ. උදාහරනෙකට ඉස්කෝලෙකට වතුර දුන්නේ ඉන්දික කොඩිතුවක්කු (සිංහයා) කරපු පුද්ගලික ඉල්ලීමකට සහයෝගයක් වශයෙන්. ඒ කටයුත්තේ වැඩි බර දැරුවෙත් ඉන්දිකමයි. මම කරේ සංවිධානය කරපු එක විතරයි. ඒකට බොහෝ දෙනෙක් කැමැත්තෙන් උපකාර කරා. ඒ හැමෝටම පොදුවේ විය පැහැදම් උණු ආකාරය හා කරන ආකාරය මේල් මගින් දන්වල අදහස් අරගෙන තමයි ඒ වැඩ කරේ.. (තාම) ඒවා ගැන කතාවක් අහන්න උනේ නැත්තේ මගේ හිතේ ඒ විදියට කරපු නිසා තමයි. දැන්නම් ෆේස් බුක් වල එහෙම පොදු වැඩ කරනවා කියන්නේ ඇදගෙන නෑමක්. ඒත් ඒවට නම් බය නෑ. මේ ටිකේ අවිවේකි කම නිසයි එහෙම විශේෂ වැඩක් නොයෙදුණු නිසයි තමයි මොකුත් නොකළේ. ඉදිරියට බලමු.

      Delete
    5. /////මේකට ඇක්ටිව්ලි සහබාගි වීමෙන් මම දන්නවා වැඩි පිරිසක් තමන් ලියන දේ ඇගයීමට ලක් වෙනවට කැමතියි./////////

      කමියා මචෝ...සීයට සීයක් එකඟයි. ඒක වෙන්න ඕන. හැබැයි පතුලේ ඇගයීම හෝ විචාරය තමයි කමෙන්ට්ස් වලින් කරන්නේ. කීයක් බ්ලොග් ලියන්නන්ට කිසිම කමෙන්ට් එකක් නොවැටී තියෙනවද..ඇයි බැරි මේකේ සැරිසරන අයට අඩුම ගානේ...මම කියෙව්වෙමි..කියලවත් අකුරු ටිකක් කොටන්න. මට හිතෙන්නේ මේක ආර්ට් එකක් කියලා. හොඳම බ්ලොග් පෝස්ට් එක ලියන්නා, කමෙන්ට්කරුවා හා මනා සංවාදයක් මෙන්ම තවත් සංවාදකරුවන්, තම අඩවියට වඩම්මාගත හැකි සංවාදකරුවෙක් විය යුතුය. "මම පොර..මම ලිව්වා..තොපි කියවපන්" කියලා හිතපු කාලේ පහුවෙලා ගොඩක් කල්ය. යමක් රඳා පවතින්නේ එහි පදනම වඩාත් යතාර්තවාදී වුනොතින් පමනි. මේ ගැන ලියන්න ගියොත් එය ශාස්ත්‍රීය ලෙවල් එකට වැටෙන්නත් පුලුවන.

      Delete
    6. අරුණ පෙරේරා ගැන මේ ගැන දවස් ගණන් බිබී , නොබී වාද කර ඇති හෙයින් මේ ගැන කීවක් කියන්නට කැමති නැත. බ්ලොග් ඔහේ පාවී යනවා නම් හොඳයි. නමුත් ඉංග්‍රීසි බ්ලොග් ලෝකයේ මේ සිංහල බ්ලොග් ලෝකයේ තරම් සංවිධානත්මක බවක් නැති නිසා මිට වඩා ප්‍රශ්න වැඩියි. මෙම මේ අදහසම ලන්ඩන් වල හමුවක කියල එතැන් හිටි කෙනෙක් මාව හලලා වැඩේ කලා. නමුත් එක පාරයි ඉවරයි. මට හැම වෙලේම අවශ්‍ය වුනේ ලංකාවේ පිරිසක් හදන්න විතරයි. ඊට පස්සේ ඒක ඉබේම යාවි. සහය නැත්නම් නවතීවි.
      //අජිත් ට උවමනාව තිබ්බ නෙලුම්යායත් එක්කම බ්ලොග් සංසදයක් පිහිටවන්න.. ඒක ව්‍යර්ථ කරේ මම මාතලන් අටම් අපි කට්ටිය.. අජිත් ඒක කරන්න ගියේ හොඳ හිතින්// ඒ කීම වල් අහල අපි වැඩේ නැවත්තුවනේ. නමුත් මම අදත් හිතනවා ඒක හොඳ වැඩක් කියල. සංසදයක වැදගත්කම වැඩි. අපි බ්ලොග් ID එකක් නිකුත් කරලා ඒක හරහා රජයේ ලියා පදිංචිය අරන් බ්ලොග් කරුවන්ට ජන මාධ්‍ය වේදීන්ට වගේ නිවාස ණය අරන් දෙන්න, රක්ෂණ අරන් දෙන්න , පිටරට ශිෂ්‍යත්ව අරන් දෙන්න වගේ දේවල් තමා කරන්න හැදුවේ . එංගලන්තයේ ජන මාධ්‍ය පදනමක් සහයෝගය දෙනවා කියලත් කිව්වා. නමුත් නීත්‍යනුකුල සංසදයක් නැතිව ඒවා කරන්න බැහැ. මගෙන් වචනයක් නැති වුනහම ඔවුන් වෙනත් කට්ටියක් හෙව්වා. ඒ අයටත් හරි ගියේ නැහැ. දැන් ඔවුන් (පදනම්) නේපාලයේ සහ ඉන්දියාවේ වැඩ. හැබැයි මම දැන් කැමතියි ඒක නොකරපු එකට. පිටරට ngo වලින් මුදල් ගත්ත කියල කතාවක් එන්න තිබ්බ ඒ පදනම එක්ක එකතු වුනානම්. එංගලන්තයේ මේ හුඟක් පදනම් තියෙන්නේ සල්ලි වැඩිපුර තියෙන මිනිස්සු ඒවා පරිත්‍යාග කරන නිසා. නැත්නම් මැරුණම වෙන කවුරුත් නැති නිසා මේවට අවසන් කැමැත්ත ලියන නිසා. ඒ මිනිස්සු කොන්දේසි නැතිව එම උදව් කරන්නේ. මේ සංකල්පය ලංකාවේ අයට තවම තේරෙන්නේ නැහැ.
      අනිත් එක තම ඔය ණය ලබාදීම ආදිය බ්ලොග්කරුවන්ට වැඩක් නැහැ කියන එක තේරුම් ගත්ත එක. ඔක්කොම හෙන සල්ලි කාරයෝ මේකේ ඉන්නේ. ව්‍යාපාරිකයෝ, කළමනාකාරවරු, දොස්තරවරු, නීතිඥයෝ. බ්ලොග් ලියන්නේ හොබියට කියල තේරුණා නේ. ඉතින් ඔය සංසද තියල උදව් කරන අදහස බොළඳ එකක් බව වැටහුණා.

      Delete
    7. සමාවෙන්න.
      අරුණ පෙරේරා මහතා සමග මේ ගැන දවස් ගණන් බිබී , නොබී වාද කර ඇති හෙයින් තව දුරටත් ඒ ගැන කියන්නට කැමති නැත. --යනුවෙන් වෙනස් විය යුතුය.

      Delete
    8. බොහොම ස්තූතියි කමී, අරූ සහ අජිත්

      Delete
    9. ///// අපි බ්ලොග් ID එකක් නිකුත් කරලා ඒක හරහා රජයේ ලියා පදිංචිය අරන් බ්ලොග් කරුවන්ට ජන මාධ්‍ය වේදීන්ට වගේ නිවාස ණය අරන් දෙන්න, රක්ෂණ අරන් දෙන්න , පිටරට ශිෂ්‍යත්ව අරන් දෙන්න වගේ //////////

      අජියා....මොනයම් හේතුවකට හරි මේක නොකෙරුනු එක ගැන මට පෞද්ගලික මනාපයක් තියෙනවා. එහෙම වුනා නම් බ්ලොග්ස් කියන්නෙත් කුළියට ලියන්නන්ගේ තිප්පොලක් වෙන එක. එහෙම ලියන අය දැනටත් ඉන්නවාද කියන එක මම අදාල කරගන්නේ නැහැ. ඒකට උදාහරන අපේ මාධ්‍ය ඉතිහාසයම පුරා ඇති. ඒක නොවුනු එක හොඳයි.

      ////අනිත් එක තම ඔය ණය ලබාදීම ආදිය බ්ලොග්කරුවන්ට වැඩක් නැහැ කියන එක තේරුම් ගත්ත එක. ඔක්කොම හෙන සල්ලි කාරයෝ මේකේ ඉන්නේ. ව්‍යාපාරිකයෝ, කළමනාකාරවරු, දොස්තරවරු, නීතිඥයෝ. /////////

      මේකේ පදනම ඔය කියන විදිහම නෙමේ. මටත් වඩා අමාරුවෙන් ජීවිත සටන ගෙනියන ගමන් බ්ලොග් ලියන එවුන් ඇති. ලිවීම ආර්තික මාර්ගයක් වුනා නම් හොඳයි හිතන සහ එය විය යුතු අයට, අජියා උඹලා දන්න දන්න මාර්ගවලින් මොකක් හරි මාධ්‍ය ආයතනයකට ලියන්න සෙට් කරලා දීපන්. උන් එතකොට කීයක් හරි හම්බකර ගනියි, එදිනෙදා වියදම පිරිමහගන්න හරි. ඒකේ කිසි වරදක් නැහැ. අජිත් ධර්ම මහත්මයා මෙය නිසි අයුරින් ගෝචර කරගනියි කියා මම හිතනවා.

      Delete
    10. //ඒ මිනිස්සු කොන්දේසි නැතිව එම උදව් කරන්නේ. මේ සංකල්පය ලංකාවේ අයට තවම තේරෙන්නේ නැහැ. // නමුත් අමතක වුණා ලියන්න. ශ්‍රී ලංකාවේ එහම අය ඉන්නවා. බ්ලොගලියන අය අතරෙත් ඉන්නවා.
      අරුං පෙරේරා මහත් ලියු දේවලට විරුද්ධත්වයක් නැහැ. මම දන්නවා හැමෝම එහෙම නෙවි කියල. පොඩි අපොස උසස් පෙළ කරන ළමයි සහ ඉගෙන ගන්න අයත් ඉන්නව. නමුත් පෞද්ගලිකව අවශ්‍ය උදව්වක් කිරීම ඇර සංසදයක් වැඩක් නැහැ කියල මමත් හිතනවා දැන්. අපෙන් පස්සේ අය අවශ්‍ය නම් කරයි.

      Delete
    11. සිංහල බ්ලොග්කරුවන් ගේ සංගමය (Sinhala Bloggers Union) කියා සංවිධානයක් මුල් කාලයේ ඇරඹුණා. එමගින් කළේ බ්ලොග්කරුවන්ට අවශ්‍ය පහසුකම්, උපදෙස් සැපයීමයි. සින්ඩිකේටරයක් ද තිබුණා. සින්ඩිකේටරය මෑතක් වනතුරුම ක්‍රියාත්මක වුණා.

      ඒ කටයුතු සංවිධානය කළේ කාලිංග ඇතුළත්මුදලි ඇතුළු ස්වේච්ඡා පිරිසක්.

      සංගමයේ එක් වාර්ෂික රැස්වීමකට (2009 දෙසැම්බර්) මාත් සහභාගී වී තියෙනවා. එදා රැස්වීමට සහභාගී වූ චානුක වත්තේගම ඉන් පසුව ඉරිදා ලක්බීම පත්තරේ බ්ලොග් ගැණ විස්තර සහ උපුටා ගත් කොටස් සහිත ලිපි මාලාවක් පළ කළ නිසා, සිංහල බ්ලොග්වලට පාඨකයින් සහ රචකයින් (Eg: Indika Kodituwakku) බිහිවුණා.

      Delete
  25. Replies
    1. බොහොම ස්තූතියි ඩියෝන්

      Delete
  26. " බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික ...


    බලලා ඉවරයි ලියවෙන බ්ලොග් ටික
    ටික කලෙකින් සිංහල බාසේ
    සිරිකොත තණ කන නෙලුම් හරක් රැල
    පන්නන්නට සැරසෙවු රාළේ

    නිකම්ම ලැබෙනා රිසි අය ලියනා
    බ්ලොග හට ලී කෙලි මොටද අනේ
    ලී කොට ගන්නට අත යට මුදලක්
    ගෙව්වා නේදෝ ගෙවුනු දිනේ

    අනේ ඔබේ දරු කැලම හඬන විට
    මොනවද නුඹ ඔවුනට දෙන්නේ
    බණේ සිටින දෙවියෝ අද ඇත්නම්
    මුන් ටික හතරට පලනවනේ
    ජනවරි අට සිට නිදහස ඉල්ලන
    පිපී වැනී ගිය මල් පිපුණා
    යතුරු පුවරුවට විවේකයක් නැත
    බ්ලොග් ලොව යුධ ගිනිදැල් නැගුණා

    සප්පායන් වී ජාතික ආලෙන්
    යතුරු පුවරු ටික මුව තියලා
    හප්පන්නේ කවදද පර ගැතියන්
    සිංහල බ්ලොග් ලොව කැති ගහලා
    රට ගැන හිතනා අප වැනි පුඟුලන්
    පෙරමුණකට රැස්වන සද්දේ
    නෙලුම් කකුළු රැල දිය කෙළියාවේ
    ටිකකට උතුරන තුරු හොද්දේ

    සිංහල බ්ලොග්කරුවන් විසි කරලා
    අමුණයි ලීකොට පිටිපස්සේ
    සාරස නම් බ්ලොග් ලොව වැඩි දෙවියෙක්
    මාර සෙනඟ මැද යම යුද්දේ
    කෙහෙල් කුරුල්ලන් වාගේ රුපු හිස්
    අට ඉස් බෙක් විසිවී වැටුණා
    බ්ලොග් ලොව මරණය මියුරුය කියලා
    සාරසයන් සටනට වැදුණා

    ගී පද - පරාක්‍රම කොඩිතුවක්කු ශුරීන් වීර පුරන් අප්පු චිත්‍රපටයට කළ පද රචනයක් ඇසුරින් මොණරවිල

    මුල් නිර්මාණය සඳහා

    ගී තනු - ප්‍රේමසිරි කේමදාස ශුරීන්
    ගායනය - සුනිල් එදිරිසිංහ ශුරීන් "

    ReplyDelete