Tuesday, May 24, 2016

ජංගම දුරකථනය මගින් ද අධ්‍යාපනය

(ලංකා ඊ නිව්ස් -20­­­­16.මැයි.24, පෙ.ව‍‍.4.40)  සෑම සිසුවෙකුටම පාහේ වර්තමානයේ දී ජංගම දුරකථනයක් තිබෙන අතර එම ජංගම දුරකථනය මගින් ද අධ්‍යාපනය ලබා ගැනීමේ නව ක්‍රමවේදයන්ට අප ගමන් කළ යුතු යැයි කියමින් ලංකාවේ අනාගත අධ්‍යාපන සිහිනය යථාර්තයක් කර ගන්නා ආකාරය අගමැති රනිල් වික්‍රමසිංහ මහතා හෙලි කෙළේය. ඒ ඊයේ (23) බම්බලපිටිය මුස්ලිම් බාලිකා විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප්‍රධානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි. වසර 75 කට වඩා පැරණි බම්බලපිටිය මුස්ලිම් බාලිකා විදුහලේ මෙම උත්සවයට අධ්‍යාපන ඇමැතිවරයා ද සහභාගී විය. 

වැඩි දුරටත් කථා කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා.... “වසර 13 ක් අනීවාර්ය අධ්‍යාපනය ලැබීම සඳහා අධ්‍යාපන ක්‍රමයක් අප ඇති කර තිබෙනවා. මුස්ලිම් කාන්තා විද්‍යාලය වැනි පාසල්වල සිසුනට නම් අනිවාර්යෙන්ම වසර 13 ක අධ්‍යාපනයක් ලැබෙනවා. මේ ආසන්නයේ ඇති හින්දු කාන්තා විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය වැනි පාසල්වලත් සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබෙනවා. නමුත් රටේ බහුතර පාසල් සංඛ්‍යාවක එම වසර 13 ක සම්පූර්ණ අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ.

මෛත්‍රීපාල සිරිසේන මහතා යටතේ ඇති කළ ජාතික ආණ්ඩුවට අධ්‍යාපන ක්‍රමය සම්බන්ධයෙන් නව ප්‍රතිපත්තියක් තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රධාන පක්‍ෂ සියල්ලම එම ප්‍රතිපත්තියට සහයෝගය ලබා දෙනවා. අධ්‍යාපනය දේශපාලන ක්‍රීඩාවක් බවට පත් නොකර අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු හඳුනාගෙන ඒවා සකසා ඉදිරියට යාම ජාතික රජයේ අරමුණයි. 
මා මෙහි පැමිණීමට පෙර අධ්‍යාපන අමාත්‍යවරයා සමග සාකච්ඡා කොට වත්මන් අධ්‍යාපනය සංඛ්‍යා ලේඛණ ගෙන්වා ගත්තා. එම සංඛ්‍යා ලේඛණ අධ්‍යයනය කිරීමෙන් පාසල් අධ්‍යාපනය ලබන සංඛ්‍යාව පිළිබඳ අවබෝධයක් ලබා ගත හැකියි. 
2000 වසරේදී සිසු සිසුවියන් තුන් ලක්‍ෂ තිස් එක්දාහස් හයසිය හැටතුනක් පළමු වසරට ඇතුළු වුණා. වසර 11 ක් ගත වී සාමාන්‍ය පෙළ විභාගය වන විට පනස් නව දහසක් පමණ අධ්‍යාපනය හැර ගොස් තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව එක් ලක්‍ෂ දහසය දහසක් පාසල් අධ්‍යාපනය ලැබීමෙන් ඉවත් වී තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයට ඉදිරිපත් වූ ඉතිරි සිසුන්ගෙන් 50% කට වත් උසස් අධ්‍යාපනය ලැබීමට අවස්ථාව ලැබුණේ නැහැ. එම අවස්ථාව ලැබුණේ ස්වල්ප දෙනෙකුට පමණයි. එසේ නම් 50% කට වැඩි පිරිසකට අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ. අප වැනි රටක එවැනි විශාල ප්‍රතිශතයකට අධ්‍යාපනය නොලැබී යාම විශාල අපරාධයක් බව කිව යුතුයි. එය විශාල මිනිස් සම්පතක් අපතේ යෑමක් වශයෙන් හැදින්විය හැකියි. 
සම්පූර්ණ අධ්‍යාපනයක් ලබා දුනහොත් සමාජයෙන් අපට මීට වඩා හොඳ ප්‍රතිඵලයක් ලබා ගත හැකියි. ඒ නිසා අප මේ තත්ත්වයට දැන් මුහුණ දිය යුතුයි. අප නිදහස් අධ්‍යාපනයක් පිළිබඳව කතා කරනවා නම්, එක් කාරණයක් සිහියේ තබා ගත යුතුයි. අප ඒ යුතුකම 100% යක් ඉටු කරන්නේ නැහැ. රජයේ පාසල්වලට අමතරව පෞද්ගලික පාසල්වලට යන ශිෂ්‍ය සංඛ්‍යාව අඩු කළහොත් මේ ප්‍රතිඵලය මීට වඩා අසාර්ථක වනවා. සාමාන්‍යයෙන් පෞද්ගලික පාසල්වල විභාග ප්‍රතිඵල හොඳ මට්ටමක තිබෙනවා. අනතුර තිබෙන්නේ නිදහස් අධ්‍යාපනය ලබන සිසු සිසුවියන්ටයි. 
අධ්‍යාපන අමාත්‍යංශයත්, අපත් සාකච්ඡා කොට නව අධ්‍යාපන ප්‍රතිසංවිධාන වැඩ සටහන යටතේ පළමුවෙන්ම සිදු කරන්නේ වසර 13 ක අධ්‍යාපනය සෑම සිසුවෙකු සඳහාම ලබාදීමයි. එසේ නම් අප ඒ සඳහා වසර 13 ක් යනතුරු අධ්‍යාපනය අනිවාර්ය කළ යුතුයි. සිසුවකු හෝ සිසුවියක පාසල් නොගියහොත් ඔවුන් හට හෝ දෙමව්පියන්ට දඬුවම් කිරීමෙන් ප්‍රතිඵලයක් ලැබෙන්නේ නැහැ. ඔහු හෝ ඇය පාසල් නොයන්නේ මන්දැයි යන හේතුව අප සොයා බැලිය යුතුයි. අප ප්‍රතිකාර කළ යුත්තේ එම හේතුවටයි. සමහරවිට ආදායම් ප්‍රශ්නයක් විය හැකියි. ඇතැම්විට මාපියන් අතර ප්‍රශ්නයක් විය හැකියි. අප ඒ ප්‍රශ්නය දෙස බලා ඊට පිළියම් යෙදිය යුතුයි. ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යංශයට විශේෂ වගකීමක් තිබෙනවා. 
සාමාන්‍ය පෙළ විභාගයෙන් විශාල පිරිසක් අසමත් වනවා. දෙවැනුව අප ඒ පිළිබඳව සොයා බැලිය යුතුයි. සාමාන්‍ය පෙළ විභාගයේ අවශ්‍ය කරන විෂයන්වලින් සමත් වන්නේ නැත්නම් ඒ අයට පාසලෙන් පිටවී යාමට සිදු වෙනවා. එම ක්‍රමය නැති කර සාමාන්‍ය පෙළ විභාගයෙන් පසුව සියලූ දෙනාටම වැඩිදුර අධ්‍යාපනය ලැබිය හැකි පරිදි අප නීති සම්පාදනය කරනවා. විශ්ව විද්‍යාලයට ඇතුළුවීමට අවශ්‍ය සිසු සිසුවියන්ට සාමාන්‍ය පෙළ විභාගයෙන් අවම සුදුසුකම් ලබා ගෙන උසස් පෙළ විභාගයෙන් නම් කළ විෂයන්වලින් සමත් විය හැකියි. අපගේ ජාතික රජයේ අධ්‍යාපන ප්‍රතිපත්තිය අනුව සාමාන්‍ය පෙළ විභාගයේ විෂයන් කිහිපයක් අසමත් වුණා යැයි සිසුන් උසස් අධ්‍යාපනය ලැබීමෙන් ඉවත් විය යුතු නැහැ.
මේ ක්‍රමය යටතේ සිසු සිසුවියන් වසර 13 ක් පාසලේ රඳවා ගැනීමට අපේක්‍ෂා කරනවා. නමුත් මේ විෂය මාලා ක්‍රමයෙන් පමණක් එය කළ නොහැකියි. විශ්ව විද්‍යාලයට පිවිසෙන අයට නම් මේ විෂයමාලා හොඳයි. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයේදී අමතර විෂය මාලා කිහිපයක් ඇතුළු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. උසස් පෙළ විභාගයටත් එවැනි විෂයන් කිහිපයක් ඇතුළු කිරීමට නියමිතයි. 
එවිට සංගීතයට දක්‍ෂ අයට සංගීතය ඉගෙන ගත හැකියි. ක්‍රීඩාවට දක්‍ෂ අයට ක්‍රීඩා ඉගෙන ගත හැකියි. තමන්ට අවශ්‍ය නම් ගණිතය සහ ක්‍රීඩා ඉගෙන ගැනීමට හැකියාව තිබෙනවා. මේ යටතේ තමන් යන මාර්ගය තමන්ට තීරණය කරන්නට හැකියාව ලැබෙනවා. ඒවගේම අධ්‍යාපනය ලැබිය යුතු ආකාරය පිළිබඳව උපදෙස් දීමටත් අප කටයුතු කරනවා. අප ඉදිරියට යන්නේ ඒ ආකාරයටයි. 
වර්තමානයේ ඩිජිටල් යුගයට පා තබා ඇති නිසා ඩිජිටල් තාක්‍ෂණයත් පාසල්වලට ගෙනෙන්නට කටයුතු කරනවා. ඒ පිළිබඳව අප වැඩිදුර සාකච්ඡා කරනවා. අනාගත අධ්‍යාපනය සඳහා තොරතුරු තාක්‍ෂණයත්, ඩිජිටල් දැනුමත් අත්‍යවශ්‍යයි. තව වසර 10 කින් අපගේ පාසල් වර්තමානයේ තිබෙන තත්ත්වයට වඩා සම්පූර්ණයෙන්ම වෙනස් වේවි. 
සෑම සිසුවෙකුටම පාහේ වර්තමානයේ දී ජංගම දුරකථනයක් තිබෙනවා. එම ජංගම දුරකථනය මගින් ද තොරතුරු ලබා ගැනීමට හැකියාව තිබෙනවා. අප ඒ අයුරින් නව ක්‍රමවේදයකට ගමන් කළ යුතුයි. එම ක්‍රමවේද පිළිබඳ අප සැලසුම් සකසමින් තිබෙනවා. ඒ සැලසුම් සකසන අතර අප තවත් කාරණා පිළිබඳව අවධානය යොමු කළ යුතුය. අනාගතයේදී පාසල් සිසුන් සංඛ්‍යාව තවත් ලක්‍ෂ 10 කින් පමණ වැඩි වේවි. එය මෙවැනි පාසල්වලට ප්‍රශ්නයක් නොවේ. නමුත් කුඩා පාසල්වලට එම අභියෝගයට මුහුණදීම සඳහා ඉඩකඩ සොයා ගත යුතුයි. එමෙන්ම ගුරුවරුන් තවත් බදවා ගත යුතුයි. ඒ ගුරුවරු පුහුණු කිරීමේ වගකීම තිබෙනවා. ඒ වගේම විදුහල්පතිවරු පුහුණු කිරීමේ වගකීම තිබෙනවා. පාසල්වල මෙම නව වැඩසටහන් ක්‍රියාත්මක වනවා දැයි පරීක්‍ෂා කිරීම සඳහා වෙනම පරීක්‍ෂක පිරිසක් පැමිණෙනවා. එමගින් සෑම පාසලකම ප්‍රතිඵල අධීක්‍ෂණය කළ හැකියි. එමෙන්ම සෑම පන්ති කාමරයකම අඩු පාඩු සහ ප්‍රතිඵල පරීක්‍ෂා කරන්නට හැකියාව තිබෙනවා. 
විදුහල්පතිවරයෙකුට තමන්ගේ පාසල හසුරුවන්නට බැරි නම් හොඳ අධ්‍යාපනයක් ලබාදීමට බැරි නම් ඒ විදුහල්පතිවරයා මාරු කරන්නට සිදු වනවා. එම අංශ ප්‍රධානියා ඉවත් කරන්නට සිදු වනවා. ගුරුවරුන් හොඳ අධ්‍යාපනයක් ලබා දෙන්නේ නැතිනම් ඒ පිළිබඳව හේතු සොයන්නට සිදු වෙනවා. එමෙන්ම ගුරුවරුන්ට වසරකට දින දෙකක් පාසලෙන් පිටවී ගුරු පුහුණුව සඳහා පිහිටුවන මධ්‍යස්ථානයට පැමිණ තමන් උගන්වන විෂයන් පිළිබඳ දැනුම අලූත් කර ගැනීමට අවස්ථාව ලබා දෙනවා. වසර 5 ක් 6 ක් ගත වූ පසුව දැනුම අලූත් කර ගැනීම සඳහා ගුරුවරුන්ට වසරකට දින 5 ක් පමණ වෙන් කිරීමට හැකියාව ලැබේවී. 
ගුරුවරයා හෝ ගුරුවරිය සිසුනට අධ්‍යාපනය ලබාදීමට පෙර තමන්ගේ දැනුම විටින් විට අලූත් කර ගත යුතුයි. ලෝකයේ දියුණු රටවල තිබෙන ක්‍රමයත් එයයි. ලෝකයේ ප්‍රධාන රටවල් බොහෝමයක පවතින අධ්‍යාපන ක්‍රමයට අනුව එරට සාමාන්‍ය පෙළ විභාගයක් නැහැ. එරට පාසල්වලින් පාසලේ සිට සමාජයට යන අධ්‍යාපනයක් ලබා දෙනවා. මෙවැනි ක්‍රමයක් ඇති කරනවා නම් එහි පාලන වැඩ කටයුතු කළ යුත්තේ අධ්‍යාපන අමාත්‍යංශය නොවේ. අප ව්‍යවස්ථාව අනුව එම වැඩ කටයුත්ත පැවරෙන්නේ පළාත් සභාවටයි. 
අධ්‍යාපන අමාත්‍යංශය අධ්‍යාපන ප්‍රතිපත්ති සම්පාදනය කරනවා. විෂය මාලා හදනවා. ගුරු පුහුණුවීම් ලබා දෙනවා. විෂය මාලා ක්‍රියාත්මකවීම පිළිබඳ සලකා බලනවා. ඒ සඳහා වෙනම පරීක්‍ෂණ කණ්ඩායමක් පත් කර ඒ අයගේ වාර්තා අනුව අප පළාත් පාසල්වලින් කරුණු විමසනවා. ජාතික පාසල් සහ පෞද්ගලික පාසල් හැර ඒ ඒ පළාතේ පාසල් පාලනය පළාත් සභාවට ලබා දෙනවා. පාසලේ එදිනදා වැඩකටයුතු විදුහල්පති විසින් බලා ගත යුතුයි. පාසල් මණ්ඩලයෙන් අනුමත කරන ලද සංවර්ධන සැලැස්මක් අනුව එම වැඩ කටයුතු සිදු කළ යුතුයි.
වාර්ෂික අධ්‍යාපන සැලසුම් ජාතික අධ්‍යාපන අමාත්‍යංශයෙන් සහ පළාත් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සැකසෙනවා. එමෙන්ම විශේෂ අධ්‍යාපන වැඩසටහනක් දැන් අධ්‍යාපන අමාත්‍යංශයෙන් සකස් කරමින් සිටිනවා. එම වැඩ පිළිවෙළ අධ්‍යාපන අමාත්‍යංශයට තනිවම ක්‍රියාත්මක කරන්නට බැහැ. අපගේ ව්‍යවස්ථාව අනුව අධ්‍යාපනය සම්බන්ධ බලතල ගණනාවක් පළාත් සභාවට ලබා දී තිබෙනවා. මා අධ්‍යාපන අමාත්‍යවරයා වශයෙන් සිටින සමයේදී එම කෙටුම් පත් සකස් කළා. එම නිසා මෙම සැලසුම කෙටුම්පතක් ලෙස සකසා පළාත් අධ්‍යාපන අමාත්‍යවරුන්, පළාත් අධ්‍යාපන ලේකම්වරුන් පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂකවරුන් සමග මේ පිළිබඳව සාකච්ඡා කළ යුතුයි. එයින් එකඟත්වයකට පැමිණි පසුව පාර්ලිමේන්තුවේ තේරිම්කාරක සභාවට ඉදිරිපත් කර ඔවුන්ගේ අදහස් ද ලබා ගෙන කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කොට කැබිනට් මණ්ඩලයෙන් අනුමැතිය ලැබුණු පසුව නව කෙටුම් පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ හැකියි. 
මේ සියලු දේ සිදු කිරීම සඳහා මුදල් අවශ්‍යයි. මේ සඳහා වැය වන මුදල කොපමණ දැයි යන්න ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය සහ භාණ්ඩාගාරය සමග සාකච්ඡා කරනවා. අප මුදල් වැය කළ යුත්තේ ඒ සඳහායි. අප ජාතික ධනය වැය කරන්නේ අනාගත පරපුර සඳහා හොඳ අධ්‍යාපනයක් ලබා ගැනීමටයි. ජනාධිපතිවරණයේදී මෛත්‍රීපාල සිරිසේන මහතාත් ඒ පිළිබඳව පොරොන්දුවක් ලබා දී තිබෙනවා. එමෙන්ම ජාතික ආණ්ඩුවේ තිබෙන පක්‍ෂත් ඊට පොරොන්දු ලබාදී තිබෙනවා. ඒ මුදල් ලබාගෙන අධ්‍යාපනය ඉදිරියට ගෙන යාමට කටයුතු කරනවා. අප මේ දිනවල සාකච්ඡා කරමින් සිටින්නේ එම නව ක්‍රමවේදය ස්ථාපිත කිරීම සඳහායි. 
අධ්‍යාපනයට අප වැඩිපුර මුදල් වැය කරනවා නම් ඒ සඳහා ආදායම සොයා ගන්නවා නම් වැඩි කල් යාමට පෙර අපට ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලබා ගැනීමට ද හැකියාව ලැබෙනවා. ශීඝ්‍ර ආර්ථික දියුණුවක් ලැබුණු පසුව අධ්‍යාපනය මෙන් සෞඛ්‍යයට ද වැඩිපුර මුදල් ලැබෙනවා. අප ක්‍රියාත්මක කරන්නේ ඒ වැඩපිළිවෙළයි. මීට පෙර එම වැඩසටහන ක්‍රියාත්මක නොකළේ ඇයි දැයි ඇතැමුන් විමසනවා. අපේ රටේ ආර්ථිකයේත්, ගෝලී ආර්ථිකයේත් අස්ථාවර බවක් තිබුණා. ඒ අස්ථාවර බව දැන් අප සකස් කර තිබෙනවා. ඒ පිළිබඳව දැන් ප්‍රශ්නයක් නැහැ. අපට ඉදිරියට ගමන් කිරීමට හැකියාව තිබෙනවා. 
එක් අතකින් ආර්ථිකය සංවර්ධනය කිරීමට, අධ්‍යාපනය සඳහා වියදම් කිරීමට, අධ්‍යාපනය ලබන සිසුන් උසස් අධ්‍යාපනය සඳහා යොමු කිරීමට මෙන්ම කාර්මික පුහුණුව සඳහා යොමු කිරීමටත් මුදල් අවශ්‍යයි. එම අධ්‍යාපනය ලැබුණු පසු අප රැකියා ලබා දිය යුතුයි. ශීඝ්‍ර ආර්ථික සංවර්ධනය සහ අධ්‍යාපනයේ දියුණුව අත්වැල් බැදගෙන ඉදිරියට යන යුගයක් අප නිර්මාණය කරනවා. අපගේ අධ්‍යාපන වැඩ සටහන් සැකසීම සඳහා විදුහල්පතිවරුන්ට මෙන්ම ගුරුවරුන්ටත් අදහස් ලබාදීමේ හැකියාව තිබෙනවා. අපගේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමටත්, වසර 13 ක අනිවාර්ය අධ්‍යාපනය ලබා දීමටත් සැමගේ සහයෝගය අපේක්‍ෂා කරනවා. 

----------------------------------------------------------------------
මේ බ්ලොගයේ අරමුණ රටට අදාල සහ සමාජයට අදාල කරුණු පිලිබඳව මගේ අදහස් බෙදා ගැනීමටත් ඒවා ගැන බුද්ධිමත් මිතුරන් සමඟ සංවාද කිරීමටත් පමණකි. නිර්නාමිකව වුවද කරුණු මත පදනම්ව සංවාද කිරීමට ඉඩ සලසා ඇත. එහෙත් නිර්ණාමිකව පැමිණ ඔවුන්ගේ හීන මානයන් මුදා හැරීමට සහ එමඟින් සංවාදය ඔවුන්ගේ පටු අරමුණු කෙරෙහි යොමු කරවීමට උත්සාහ දරණ අය සමඟ වාද කිරීමට මගේ කාලය හෝ මෙම බ්ලොග් අඩවිය මිඩංගු නොකරමි. එවන් කමෙන්ට් ඩිලීට් කරමි.

78 comments:

  1. බස්නාහිර පලාතෙ කුබුරු ඉඩම් ගොඩකරල මහා නගරයක් හදන්න්න ඕනෑ කියපු එකානෙ...දුරකථනයෙන් උගන්නන්න හදන්නෙ .. අන්තිමට තියන ටිකටත් කෙළල දාන තමයි ඉවර කරන්නෙ.

    මැරෙනකන් මූට කොමන් සෙන්ස් පහල වෙන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. අගමැතිතුමා ඉහත කියා ඇති පරිදි මේ රටේ සිටින යගෙන් 50% කට වඩා උසස් අධ්‍යාපනයක් ලබා ගැනීමට නොහැකිවූ පිරිසකි. බස්නාහිර මහා නගර සැලැස්ම සකසන්නේ ලංකාවේ සහ සිංගප්පූරුවේ නගර නිර්මාණය පිලිබඳ මනා දැනුමක් ඇති අයයි. නිසි අධ්‍යාපනයක් නොලැබූ බොහෝ දෙනෙකුට එවන් සැලසුම් තේරුම් ගැනීමට තබා හොරා නොකා ජීවත් වීමට හරියාකාර රැකියාවක් සොයා ගැනීමටද නොහැක. ඔවුන්ගෙන් කිහිපදෙනෙකුට කුඹුරු ගොඩ කරවා නගන තැනීමක් ලෙස පෙනීයාම රටේ අධ්‍යාපන ක්‍රමය නිසා සමාජය වැටී ඇති අති අවාසනාවන්ත තත්ත්වයට උදාහරණයකි.

      Delete
    2. මෙම ඇනෝවරයා පුද්ගලයින්ට අපහාස වන අකාරයේ සහ නොසරුප් වදන් භාවිතා කරමින් කරන ලද කමෙන්ට් එකක් ඩිලීට් කරන ලදී. ශිශ්ඨ සම්පන්න ලෙස වචන භාවිතා කිරීමට හැකියාවක් නැති අයගේ කමෙන්ට් වලින් මගේ බ්ලොගය දූශිත කිරීමට ඉඩදීමට කිසිම බලාපොරොත්තුවක් නැත.

      Delete
    3. රනිල් ටත් ‘කොමන් සෙන්ස්‘ පහල වුනොත් අපි අනාතයි, මොකද ලොක්කටත් ටිකක් විතර ‘කොමන් සෙන්ස්‘ තියනවනේ.

      Delete
  2. ජන්ගම දුරකතනයෙයෙන් අද්යාපනය ඉතා හොඳ දෙයකි!


    http://www.thesundayleader.lk/2016/05/22/rajitha-off-the-hook-in-fishy-deals/

    ReplyDelete
    Replies
    1. වනචර දශකයේ හොරෙක්නේ එයා

      Delete
  3. අධ්‍යාපනය යනු සියලු දේය කියලයි මම හිතන්නේ.

    ලෝකයට අවශ්‍ය මිනිසුන් නිර්මාණය කිරීමේ අධ්‍යාපනය වගේම රටට අවශ්‍ය මිනිසුන් නිර්මාණය කිරීමේ අධාපනය යන කොටස් දෙකම එකට මුහු වීමෙන් වඩා හොඳ අධ්‍යාපන ක්‍රමයක් බිහිවේය යන්න මගේ අදහස.

    නොර්වේ වගේ රටවලට වැඩිපුර බලපාන ඕසෝන් වියනේ සිදුරු ගැන පාසල් අධ්‍යාපනයේ අඩංගු වුනත් (අපි අනුමාන කරන ආකාරයට) අපේ රටේ රෝහල් ගතවීම් වලට දෙවන බහුලම හේතුව ගෘහ තුල වාතයේ ගුණාත්මක භාවය වැනි දේ ගැන සඳහනක්වත් අපේ අධ්‍යාපනයේ නැතිවීම කණගාටුවක්.

    අධ්‍යාපනය රජයෙන්ද පුගලිකව ද කියන එකට වඩා වැදගත් වෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මක භාවය එකසේ නියාමනය කිරීමත් රට සහ ලෝකය දැන් තිබෙනවාට වඩා, ජීවත් වීම සඳහා හොද තැනක් කිරීමට සිතන මිනිසුන් එකී අධ්‍යාපනයෙන් බිහි කිරීමත් යන කාරණා බවයි මම හිතන්නේ.

    ReplyDelete
    Replies
    1. //නොර්වේ වගේ රටවලට වැඩිපුර බලපාන ඕසෝන් වියනේ සිදුරු ගැන පාසල් අධ්‍යාපනයේ අඩංගු වුනත් (අපි අනුමාන කරන ආකාරයට) අපේ රටේ රෝහල් ගතවීම් වලට දෙවන බහුලම හේතුව ගෘහ තුල වාතයේ ගුණාත්මක භාවය වැනි දේ ගැන සඳහනක්වත් අපේ අධ්‍යාපනයේ නැතිවීම කණගාටුවක්.//

      හරියටම නොදන්න නමුත් ඔබ කියන ඩේට සමාන් අදහසක් තමයි අගමැති තුමා පහත ආකාරයට ප්‍රකාශ කර සිටින්නෙ.

      "විශ්ව විද්‍යාලයට පිවිසෙන අයට නම් මේ විෂයමාලා හොඳයි. ඒ නිසා සාමාන්‍ය පෙළ විභාගයේදී අමතර විෂය මාලා කිහිපයක් ඇතුළු කිරීමට ද අධ්‍යාපන අමාත්‍යංශය තීරණය කර තිබෙනවා. උසස් පෙළ විභාගයටත් එවැනි විෂයන් කිහිපයක් ඇතුළු කිරීමට නියමිතයි"

      බොහොමත්ම ස්තූතියි ඔබට

      Delete
    2. මේ ලිපිය කියවා බලන්න......

      සමතුලිත අධ්‍යාපනයක් සඳහා සෞන්දර්ය විෂයන් කියා මේ ලිපියේ කියවුනත්...එය සෞන්දර්යට පමනක් අදාල නොවී පොදුවේ සැලකිල්ලට ගතයුතු කාරනයක්.

      Delete
    3. බොහොම ස්තූතියි අරූ

      Delete
  4. වසර 13ක් අනිවාර්‍ය අධ්‍යාපනය සැම සිසුවෙකුටම ලබා දීම සංකල්පීය වශයෙන් ඉතා වැදගත් කාරනයක්. මේ ගැන පසුගිය රජයේ අධ්‍යාපන ඇමති ධූරය දැරූ බන්දුල ගුණවර්ධණ ද යම් උතසයක් දැරුවා මෙන්ම ප්‍රථිපත්තිමය වශයෙන් පසුගිය රජයත් මේ අදහස දැරූබවක් අපි දනිමු.
    කෙසේ වෙතත් මෙහිදී වඩා වැදගත් වන්නේ සියලු සිසුන් වයස 18 වනවිට විශ්ව විද්යාල වලට හෝ වැඩි දුර අද්‍යාපනයට පිවිසීමට හැකි වනසේ අධ්‍යාපන ක්‍රමය සැකසීමයි.
    වයස 18 පැන්න (නීත්‍යානුකූලව විවාහ වී දරුවන් ලැබීමට සුදුසු ) පුද්ගලයින් නිල ඇඳුම් අන්දවා පාසැල් යැවීමේ විහිළුව නතර කිරීමටත් තරුණයෙකුට හෝ තරුණියකට වයස 22 හෝ 23 වනවිට සුදුසුකම් සපුරා රැකියාවක නිරත වීමටත් හැකි වන සේ මේ ක්‍රමය නිවැරදි විය යුතුයි.
    අගමැති තුමාගේ ප්‍රකාශය මෙවැනි වූ ඉදිරි පියවරක ධනාත්මක ආරම්ඹයක් සේ දකිමු.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි නයනේ. ඉතාමත් සාදරයෙන් පිළිගන්නවා ඔබතුමාව. ඔබ කියන එක හරි. අගමැතිතුමා අද අධ්‍යාපන ක්‍රමයෙන් හැලෙන අවස්ථා එනම් සාමාන්‍ය පෙලින් පසුව සහ උසස් පෙලින් පසුව යන්න පැහැදිලිව සඳහන් කර තිබෙනවා. එයින් මට තේරුණේ එසේ හැලෙන අය අඩුකොට සහ ඒ සඳහා අනිකුත් මාර්ග හරහා අධ්‍යාපනය ලබා දෙමාට උත්සාහ කරන බවයි. එය තාක්ශණික විශයයන් හරහා විය හැකියි. කෙසේ හෝ බැල මෙහෙවරට මිනිසුන් රට පටවන තත්ත්වයෙන් කාර්මික සහ තාක්ශණික අංශවලින් විදේශ සහ දේශීය රැකියා සොයන පිරිසක් බිහි වුණොත් එයත් ජයක්.

      Delete
    2. අමුතුවෙන් පිළිගන්න දෙයක් නැහැ, මම ඉස්සර හිටි "සිතුවිළි සී"
      හැබැයි අර "නාස්ති වුනු තරුණ දිවියක්" ලිපියේ තියෙන හිතවතිය කථාව ගැලෙව්වේ නැත්නම් පිළිගැනීමේ ඉස්පිල්ල ගලවන්න වෙයි හරිද!

      Delete
  5. රනිල්ලාට හොද අදහස් තිබුනාට ක්‍රියාත්මක කිරීමේදි සිදුවන්නේ මෙය අනිත් අතට සිදුවීමය

    ඇමතිවරයා අධ්‍යාපනය සංවර්ධනය කිරීම සදහා පළමුව සිදුකලේ කුලියාපිටියේ සිට බස්වලින් තම ආධාරකරුවන් ගෙන්වාගෙන පාසැල්වලට කම්කරුවන් සහ මුරකරුවන් ලෙස පත්කීරිමය (කලින් ආණ්ඩුවේ ඇමතිලාද එසේමය)

    එමෙන්ම එක් එක් පාසැල අනුව අවශ්‍ය ගුරුවරුන් ප්‍රමාණය පිලිබදව හෝ යම් පාසැල් කිහිපයක් ඒකාබද්ධකර මානව හා භෞතික සම්පත් භාවිතාකල හැකි ක්‍රමවේදයක් පිලිබදව හෝ අදහසක් මෙම ඇමතිවරයාට තිබේයැයි මම සිතන්නේ නැත. එමෙන්ම දුෂ්කර ප්‍රදේශවන උතුරු මැද පවතින ගුරු පුරප්පාඩු පිරවීම සදහා අයදුම්පත් කැදවා ඇති විභාගය පැවැත්වීමට කටයුතු නොකරමින් තිබෙන්නේ අධ්‍යාපනයේ ගුණාත්මකභාවය වැඩිකිරිමට වඩා එය දේශපාලන ගැටලුවක් බවට පත්වී තිබෙන නිසාය

    අගමැතිවරයා තමන්ගේ යෝජනාවන් හා තමන් කිරීමට බලාපොරොත්තුවන දේ පිලිබදව සුරංගනාකතා පවසමින් සිටියද ඒවා කිසිවක් ක්‍රියාත්මක කිරීම සදහා මුලපුරන්නේ නැත. එලෙස නොකරන්නේ හැකියාවක් නොමැති නිසාද යන්න හෝ අවශ්‍යතාවයක් සැබවින්ම නැති නිසාද කියලා හරියම දන්නේ රනිල් ආර්ථිකය සංවර්ධනය කරනකම් බලා සිටින ඉයන්ලාටමය

    ලස්සන කතාන්දර පොත් ලියු ලේඛකයින්ට කතානදරවල මෙන් සුන්දර ජිවිත ගතකරන්නට ප්‍රායෝගිකව නොහැකිවුවා සේ මේවා කියවීමට පමණක් සුදුසු ලේඛනවේදැයි අපි බලා සිටිමු.....

    ReplyDelete
    Replies
    1. ප්‍රදීප් ඔබ කියන දේවල ඇත්තක් තිබෙනවා. එහෙත් අගමැතිවරයා කලින් සිටි අධ්‍යාපන ඇමතිවරයෙක් වීමත් එකල ඔහු කල දේවලුත් දන්න නිසා මෙම අංශය ඔහුගේ කාලයේදී දියුණුවක් පෙන්නනු ඇතැයි යන්න මගේ බලාපොරොත්තුවයි.

      Delete
    2. ප්‍රදීප් මංගල සමග බොහෝදුරට එකඟ විය හැකිය.

      //අගමැතිවරයා තමන්ගේ යෝජනාවන් හා තමන් කිරීමට බලාපොරොත්තුවන දේ පිලිබදව සුරංගනාකතා පවසමින් සිටියද ඒවා කිසිවක් ක්‍රියාත්මක කිරීම සදහා මුලපුරන්නේ නැත. එලෙස නොකරන්නේ හැකියාවක් නොමැති නිසාද යන්න හෝ අවශ්‍යතාවයක් සැබවින්ම නැති නිසාද කියලා හරියම දන්නේ රනිල් ආර්ථිකය සංවර්ධනය කරනකම් බලා සිටින ඉයන්ලාටමය

      ලස්සන කතාන්දර පොත් ලියු ලේඛකයින්ට කතානදරවල මෙන් සුන්දර ජිවිත ගතකරන්නට ප්‍රායෝගිකව නොහැකිවුවා සේ මේවා කියවීමට පමණක් සුදුසු ලේඛනවේදැයි අපි බලා සිටිමු//

      ++++++++++++++++

      මා සිතන්නේ මෙය ඉයන්ලාවත් දන්නේ නැති බවය. අපට ඇත්තේ හුදෙක් බලාසිටීම නොව හැකි පමණින් සංවිධානය වී රජයට යම් බලපෑමක් කිරීමය. කෙසේ නමුත් වත්මන් රජය (කැන්දහැලියක් මෙන් එහෙන් මෙහෙන් අටවාගත් එකක් නිසාද මන්දා) පසුගිය අන්ත දූශිත රාජපක්ෂ රෙජීමයට වඩා සංවිධනාත්මක මහජන බලපෑම්වලට සංවේදී වනුඇත කියායි.

      Delete
    3. සමාජය සංවිධානගතව බලපෑම් කිරීම ඉතාම හොඳ දෙයක්. එය සිදුවිය යුත්තේ අද වන්නා සේ අධ්‍යාපන අවස්ථා අඩු කිරීමට නොව මහජනතාවට බරක් නොවී හැකිතාක් වැඩි කරන පැත්තටයි. උදාහරණයකට පෞද්ගලික විශ්ව විද්‍යාල වලට විරුද්ධ වන අවස්ථාවාදීන්ට විරුද්ධව පෞද්ගලික විශ්ව විද්‍යාල ඇතිකිරීමටත්, ඒවා ජාත්‍යන්තර ප්‍රමිතීන්ට නියාමනය කිරීමට විනිවිද පෙනෙන නියාමන කොමිසම් පත් කිරීමටත් , ආර්ථික පසුබිම කුමක් වුවත් අවශ්‍ය ඕනෑම අයකුට ඒවාට ඇතුලත්වීමට හැකිවන් සේ සිසු ණය ක්‍රම ඇතිකිරීමටත් සංවිධානාත්මක බල කිරීමක් තිබෙනවානම් එය නොසලකා සිටීමට රජයකට බැරිවෙනවා.

      Delete
  6. කොටසක් කියනවා 'බුදු අම්මෝ ළමයෙක්ට නම් ෆෝන් එකක් අල්ලන්නවත් දෙන්න එපා.... බුදු අම්මෝ ඌ ඌ' කියල.

    එකේම අනික් අන්තය කියනවා 'ෆෝන් එකක් අධ්‍යාපනය දෙන්න පුළුවන්' කියල.

    මේ දෙක අන්ත දෙකක් වගෙයි මට පෙනෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ෆෝන් එකෙන් රැග් එක දෙන්න බැරිද?

      Delete
    2. මොකද බැරි? හැබැයි රැග් වෙන්න පටන් ගත්තම හොටුපෙරන්න තහනම්!

      Delete
    3. // ෆෝන් එකෙන් රැග් එක දෙන්න බැරිද? //

      පෝර්න් බලන්නත් ඇහැකි!

      Delete
    4. වාහනයක්, ඕනෑම උපකරණයක්, ගැහැණියක හෝ මිනිසෙකු ඒවා යහපතට පරහරණය කිරීමට නොහැකිනම් හෝ නොදන්නේ නම් එය භයානකය. කලින් මෙන් නොව අද දුරකථන වල කුඩා ප්‍රමාණය සහ හැකියාව අනුව එය ළමයින්ගෙන් වෙන්කර තැබීමට නොහැකිය. කලින් රටට එන පොත්පත් සහ වීඩියෝ පාලනයෙන් කාමුක දේවල් වැලැක්වුවත් අද එය වැලැක්විය නොහැක. එබැවින් එම රෞසාගෙන් ප්‍රයෝජනයක් ගැනීමට සිතිය යුතුය. එය යූටියුබ් ආදී දේ හරහා ළමයින්ගේ අධ්‍යාපනයට, අනිකුත් ක්‍රම මඟින් ඔවුන්ගේ ආරක්ෂාවට, යොදා ගැනීම වරදක් නොවනු ඇති. බොහොම ස්තූතියි උපේක්ශා ප්‍රා සහ සාරස.

      Delete
    5. පොඩි එකාට ඩයලොග්ලාගේ සුරක්ෂා ඩිවයිස් එක ඉස්කොලෙට අරන්යන්න අවසර ගන්නත් මම හොඳ රැගක් කෑවා.

      Delete
    6. උපේක්ෂා,

      මේවා සියල්ලම දේශපාලන වේදිකාවල සුපුරුදු ලෙස සියළු පක්ෂවල දේසපාලුවන් දෙසා බාන සුරංගනා කතන්දර වලින් තවත් එකක් පමණි. අඩු වශයෙන් අගමැතිවරයා දැනට රයයේ මෙන්ම බොහෝ පුද්ගලික/ ජාත්‍යන්තර පාසැල්වලට පවා ෆෝන් ගෙනයෑම තහනම් බවවත් දන්නේ නැති බවක් හෝ එය නොසලකා ඇති බවක් පෙනේ.

      සාරස සහ ඉයන්,

      මම මෙහිදී ඉයන් සමග 100% එකඟයි.

      Delete
    7. පාසැලට ෆෝන් ගෙනයාමෙත් , ෆෝන් හරහා ඉගෙනුම් විඩියෝ ආදිය යැවීමත් යනු දෙකක්. ෆෝන් හරහා එවන ඉගෙනුමට අදාල විඩියෝ ආදිය ගෙදරදී බලා ගන්න පුළුවන්. පාසැලේදී ගුරුවරුන් උගන්වන ගමන් ඒවාට අදාල නෝට්ස්, පුනරීක්ශණ සටහන්, විශයයට අදාල වෙනත් අයගේ දෙසුම්, ප්‍රායෝගිකව විෂයයට අදාල විඩියෝ ආදිය අන්තර් ජාලය හරහා ලබා දෙන්න පුළුවන්. අන්තර් ජාල පහසුකම් අඩු අයට ෆෝන් එක හරහා තරම දුරට ලබා දෙන්න පුළුවන්. පාසැලට ගෙනයාමට හැකිවීම හෝ නොහැකිවීම එයට අදාල වන්නේ නැහැ.

      Delete
  7. මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි....

    ඒත් කරුමය කියන්නේ ජේ ආර්ට වගේ රනිල්ට හොඳ සෙට් එකක් නැති වීම හා අවුරුදු ගානක් රට කෑ කාලකන්නි පිරිසක් ජාතික ආන්ඩුවක් කියා රෙද්ද අස්සේ දා ගැනීම...

    ReplyDelete
    Replies
    1. මාතෙ මේක තේරෙන්නෙ ටික දෙනෙකුට විතරයි. ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි රනිල් ගැන කියල තියෙන දේ දන්නවනම් ගොඩක් අය ඔහුට කරන අපහාස කරන්නේ නැහැ. ඔහු මේ රටට නොගැලපෙන නායකයෙක්. මෙරටට ඕන බොරුවෙන් සහ හොරකමෙන් පාලනය කරන අය විතරයි.

      Delete
    2. මාතලන් සහ ඉයන්,

      ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යනු කිසිදු දැක්මක් හෝ රට සහ එහි ජනතාව ගැන නිසි අවබෝධයක් ඇති නායකයකු නොවේ. නමුත් ඔහු කලින් කලට කොහෙන් හෝ ජිමික්ස් එකක් අල්ලාගෙන යම්කිසි රස පිරුණු කතා ගොතා කියා ආතල් දෙන අතර ඔහුගේ අන්ධ අනුගාමිකයෝ ඉන් මනමෝහනයට පත්ව දැඩිසේ බලාපොරුත්තු දල්වාගනිති. අවසන කිසිවක් සිදු නොවේ. ඔහු නිසි දැක්මක්, වැඩපිළිවෙලක් ඇති නායකයකුනම් දැනටත් ඔහු සමග සිටින චම්පික රණවක්, සරත් ෆොන්සේකා, අතුරලියේ රතන හිමි, මහින්ද සමරසිංහ සහ වෙනත් රටට හිතැති උගත් විද්වතුන් සම්බන්ධකරගෙන නිසි වැඩපිළිවෙලක් අරඹන්නට ඕනෑතරම් කාලයත් අවස්ථාවත් තිබූ නමුත් එවැන්නක් කිරීමේ හැකියාවක් හෝ උවමනාවක් පෙනෙන්නට නැත.

      //මේ රටේ දැක්මක් තියෙන එකම නායකයා රනිල් පමණයි//

      එජාප පාක්ශික ඔබලා මෙසේ කියන විට මෙයම මරා කල්ලියේ වහල් බයියෙක්ගෙන් ඇසූවිට ඒ මරා බවද ජෙප්පෝ අනුර කුමාර බවද පෙරෙට්ටෝ කුමාර් ද හෙළ උරුමය චම්පික බවද පවසනු නිසැකය. නමුත් දැන් දැන් රටේ දැන උගත් ජනතාව වටහාගෙන ඇති පරිදි මෙරට දේශපාලනයේ නිසි දැක්මක් ඇති නායකයෙක් නැත.

      //ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝඩි රනිල් ගැන කියල තියෙන දේ දන්නවනම් ගොඩක් අය ඔහුට කරන අපහාස කරන්නේ නැහැ.//

      මෝඩි යනු සාමාන්‍ය දේශපාලකයකු මිස දාර්ශනික විද්වතකු නොවේ. ඔහු පැවසුවේ ඔහුට වඩාත් සමීප ලාංකික නායකයා ඔහුට සුපිරි ලෙස පෙනෙන බව පමණි. ඔන්න ආචාර්ය අබ්දුල් කලාම් වැනි නිර්දේශපාලනික විද්වතකු පැවසුවානම් මීට වටිනාකමක් එක්වන්නට ඉඩ තිබුණි.

      අප විසින් කෙසේ හෝ ඒබ්‍රහම් ලින්කන්ගේ සිට ලී ක්වාන් යූ, මහතීර් මොහමද් දක්වා වූ සැබෑ ලීඩර්ශිප් කොලිටීස් තිබෙන අපේ පන්නයේ මෙරටට ගැලපෙන නායකයකු බිහි කරගත යුතුමය. අප රටේ සිටි නමුත් අවාසනාවට අපට අහිමි වූ එබඳු විභවයක් සහිත නායකයන් ලෙස මා සිතන්නෙ එජාපයේ එදා සිටි උපාලි විජේවර්ධන සහ ලලිත් ඇතුලත්මුදලි යන මහත්වරුන්ය. ප්‍රේමදාස සහ රාජපක්ෂ යන දෙදෙනාද වැඩට දක්ශයින් නමුත් නිසි උගත්කමක් හෝ දැක්මක් නොතිබුණු නිසා අප රටට ලැබුණු ස්වර්ණමය අවස්ථා විනාශ කළහ.

      මා පැවසුවේ මගේ අවංක අදහසයි. මගේ නිර්දය විවේචනයන්ගෙන්ද කර්ණ කටුක අතිශය කර්කශ වදන් වලින්ද ඔබ දෙපලගේ සිත් රිදුනානම් ඊට සමාව අයදිමි. මෙය ලියූවේ කිසිවකුට රිදවීමට නොව මගේ අදහස් කියාපෑමට පමණක් බව අවධාරණය කරන'තර පෝස්ටුව හා නොගැලපේනම් මකාදැමුවාට කම් නැත.

      ස්තූතියි !

      Delete
    3. ඇනෝ අපගේ අදහසට වෙනස් වුවත් ඔබගේ අදහසට මෙහි ඉඩ ඇත. මකා දැමීමට කිසිම හේතුවක් නැත. මකා දමන බව අදහස් කලේ ශිශ්ඨ නොවන ලෙස හෝ, යම්කිසිවෙකු පහත් ලෙස හෙලා දකින කමෙන්ට් සහ පෝස්ටුවට අදාල නැති සහ කමෙන්ට් කරුවන් කෝප ගැන්වීමට හෝ සමහරුන්ගේ ආර්ත්මාර්ථකාමී න්‍යාය පත්‍රවලට සංවාදය යොමුකිරීමට ගන්නා කමෙන්ට් පමණි. පෝස්ටුවේ අදහස් වලට විරුද්ධ වීම හෝ විරුද්ධව කරුණු දැක්වීම හොඳ සංවාදයකට අවශ්‍යම දෙයකි.

      Delete
  8. කොහොමද රනිල් 2014ට ඉස්සෙල්ලා ඔය කතාව කීවා නම් ෆුල් පබ්ලිසිටිය නේද? එහෙනම් ටීවී චැනල් වලට මාස 6කට වෙන මොකුත් නිවුස් ඕන නෑ.

    ප්‍රින්සිපොල් අති බහුතරේට මොබයිල් සහ ඉන්ටනෙට් නයාට අඳුකොල වගෙයිනේ, කොම්ෆියුටර් බොහොම සාමාන්‍ය භාවිතයට ඇවිල්ලා අවුරුදු 10ක් විතර වෙලාත් ඒක පාචිච්චිකරගන්න බැරි ඔයි මිනිස්සුන්ට විදුහල්පතිවරු කියන එකත් ලැජ්ජාවට කරු‍නක් කියලයි මට හිතෙන්නේ.

    අධ්‍යාපන දෙපාර්තමේන්තුව මකලා හදන්නේ නැතුව මොබයිල් ලර්නින් වලට යන්න පුළුවන් කියා හිතන්න අමාරුයි,පලාත් අධ්‍යාපන දෙපාර්තුමේන්තුවලින් ගුරුවරුන්ට ඉගෙනුම් උපකාරක සොෆ්ට්වෙයාර්වලට තරඟ තියනවා, පවර්පොයින්ට් වීව් එකක් .exe ෆයිල් එකක් විදිහට සේව් කරලා යැව්වාමත් තරඟයෙන් දිනන්න පුළුවනි.

    ReplyDelete
    Replies
    1. හොඳ අදහසක් ඇණයා. රජයේ සමහර ආයතන වලට පරිගණක එනවිට මෙවන් ප්‍රශ්ණ තිබුණත් කාලයත් සමඟ ඒවා විසඳෙනවා නේද?

      Delete
  9. ////// “වසර 13 ක් අනීවාර්ය අධ්‍යාපනය ලැබීම සඳහා අධ්‍යාපන ක්‍රමයක් අප ඇති කර තිබෙනවා. මුස්ලිම් කාන්තා විද්‍යාලය වැනි පාසල්වල සිසුනට නම් අනිවාර්යෙන්ම වසර 13 ක අධ්‍යාපනයක් ලැබෙනවා. මේ ආසන්නයේ ඇති හින්දු කාන්තා විද්‍යාලය, විශාඛා විද්‍යාලය, රාජකීය විද්‍යාලය, ආනන්ද විද්‍යාලය, ඩී.එස්. සේනානායක විද්‍යාලය වැනි පාසල්වලත් සම්පූර්ණ අධ්‍යාපනයක් ලැබෙනවා. නමුත් රටේ බහුතර පාසල් සංඛ්‍යාවක එම වසර 13 ක සම්පූර්ණ අධ්‍යාපනය ලැබෙන්නේ නැහැ//////

    ඉයන්.....රනිල් අධ්‍යාපනය දෙස නවීන කන්නාඩියකින් බලන එක හොඳයි. අච්චු පොතෙන් එහාට ලෝකයක් තියෙනවා කියලා දරුවන්ට ඒත්තු යන ක්‍රමයක් දැන්වත් කතාවෙන එකවත් වටිනවා.

    මම උපුටා දැක්වූ කොටසට අදාලව ප්‍රශ්නයක් තියෙනවා. වසර 13ක අධ්‍යාපනයක් රනිල් සඳහන් කරන පාසල්වලට ලැබෙන්නත්, අනිත් බහුතර පාසල්වලට නොලැබෙනවා කියන්නේ..රනිල් සඳහන් කරන පාසල්වලට බලපාන අමුතු ක්‍රමවේදයක් හෝ චක්‍ර ලේඛන තියෙනවාද? ඒ කියන පාසල්වලින් සා/පෙල අසමත්ව පාසැල් අධ්‍යාපනය හමාර කරන දරුවන් නැද්ද? ඔහු කියන්නට උත්සාහ කරන්නේ කුමක්ද කියා ඉයන්ට අදහසක් තියෙනවද?

    ReplyDelete
    Replies
    1. අරූ කොලඹ පාසැල් වලත් අවුරුදු 13 සම්පූර්ණ නොකර පිටව යන අය ඇති. හැබැයි දියුණු පාසැල් වලට සාපේක්ශව නොදියුණු පාසැල් වල එසේ හැර යන සංඛ්‍යාව වැඩි බව වෙන්න පුළුවනි ඔහු අදහස් කලේ. තව දෙයක් වන්නට පුළුවන් ඔහු කියා ඇති පරිදි වෙනස් හේතූන් නිසා පාසැල් හැර යන සංඛ්‍යාව පිටපළාත්වල වැඩි බව. සියළුම පාසැල් වලට උසස් පෙල හැදෑරීමට එකම සුදුසුකමක් තිබෙන ක්‍රමයක දැනට වෙනත් වෙනස් කමක් නම් මටත් හිතා ගන්න අමාරුයි.

      Delete
  10. මම දන්නා ඉස්කොලෙක ප්‍රින්සිපල් කෙනෙක් පහුගිය වසරේ 6 -11 පංතිවල ළමයි 20ක් විතර පේල් කරලා, නැවත ඒ පන්තියේම ඉගෙන ගන්න, එහෙම කරාම ඒ ළමයි ඉස්කොලේ අතැරලා යයි කියලා ඔහු ප්‍රසිද්ධියේම කියනවා. මේ ගැන අපි දන්නා හඳුනන නිළධාරීන් කීප දෙනෙකුම දැණුවත් කරත් කිසිම ක්‍රියාමාර්ගයක් අරගත්තේ නෑ. ඒ පාසලේ ඉන්න මගේ නෑදෑයා නාමිකව පැමිණිල්ලක් ඉදිරිපත් කරන්න බයයි, මේ පැමිණිල්ල ඉදිරිපත්කළ හැකි විශ්වාසදායක කෙනෙකු ඉන්නවාද?

    ReplyDelete
    Replies
    1. ඉක්ම්මනින් උත්තරයක් දෙන්නම්

      Delete
  11. මේවා ක්‍රියාත්මක කිරීමේ අපහසුතා ඇතිවෙන්න පුළුවන් උනත් මේ වගේ කතාවක් කරන්න පුළුවන් අගමැතිවරයෙකු සිටීම ගැන සතුටුයි. ඔහු ප්‍රශ්ණ හොදින් තේරුම්ගෙන තිබීමම වටිනවා

    ReplyDelete
    Replies
    1. ඔබ හරි සඳ වියමන් . ඔබට බොහොම ස්තූතියි.

      Delete
  12. යම් සිසුවෙක් පාසල් ගමන නතර කලොත් එහි වගකීම පන්තිබාර ගුරු භවතාට සහ විදුහල්පතිට පැවරෙන ක්‍රමයක් දැන් ක්‍රියාත්මකයි.ප්‍රාථමික අංශ වල මෙය දැඩිව ක්‍රියාත්මකයි. මේකම ඇති දැනට.
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. ඔව් ගස් බොහොම ස්තූතියි

      Delete
  13. මේක නම් හොඳ මාතෘකාවක් ඉයන්... මීට කාලෙකට ඉස්සර OLPC නම් ව්‍යාපෘතියක් ඇරඹුණා....

    http://techsayura.blogspot.com/2015/06/OLPC-Project.html

    මේ වගේ ව්‍යාපෘතියක් ආවොත් වසරක් ගානෙ පොත් මුද්‍රණයට වැයවෙන අධික මුදල අඩු කරන්න පුලුවන්. ඒ වගේම ළමයින්ට ඩිජිටල් ක්‍රමයට හොඳ අධ්‍යාපනයක් දෙන්නත් පුලුවන්...

    ReplyDelete
    Replies
    1. ඔබ හරියට හරි රොහාන්. තාක්ශණය ඇතිකරල වැඩක් නැහැ ප්‍රයෝජනයට ගන්නේ නැත්නම්.

      Delete
  14. ඉයන් අංකල් කාලෙකින් ... අපිට රටින් ගෙනාපු ටොෆි චොකලට් නැතිද ? ;)
    හරි මාතෘකාවට බහිමු ...

    //අධ්‍යාපනය දේශපාලන ක්‍රීඩාවක් බවට පත් නොකර අධ්‍යාපන ක්‍රමයේ ඇති අඩුපාඩු හඳුනාගෙන ඒවා සකසා ඉදිරියට යාම ජාතික රජයේ අරමුණයි.
    මේ ගැන නම් ඉහලින්ම එකඟයි

    ඉයන් අංකල් මම පෞද්ගලිකව කැමතියි පාසලේ ඉගෙන ගන්න කාල සීමාව වසර 13 වඩා අඩු කරන්න.අඩු වයසින් සියලු දැනුම ලබල උපාධියක් ගන්න තත්වෙට මේ අධ්‍යාපන ක්‍රමය හැදෙනවානම් හොඳයි කියල හිතෙනවා . නිකමට හිතන්න අවුරුදු 13 පාසල් ගිහින් තව අවුරුදු තුනක් හතරක් උසස් පෙළ විභාගත් තුන් පාරක් විතර කරල කැම්පස් යන්න දඟලන කෙනෙක් කියමුකො එයා තව අවුරුදු හතරක් එහෙත් ඉඳල කැම්පස් අවුට් වෙද්දි වයස විසිහතට කිට්ටුයි. ඒ වෙද්දි එහෙම නැතිව උසස්පෙළ කරපු ගමන් ජොබ් එකක් කරගෙන වෙන උපාධි පාඨමාලා කරන අය අවුරුදු 25 වෙන්න කලින් ජොබ් එකත් ස්ථාවර කරගෙන උපාධියත් සම්පූර්ණ කරගන්නවා. මට පේන්නෙ මේ ක්‍රමේ කොතැනක හරි අවුලක් තියනව.

    තව දෙයක් ,හැමදාම අලුත් දේවල් ක්‍රියාත්මක වෙන්නෙ කොළඹ අවට ඉහල පෙලේ පාසල් වලට මම කොළඹ පාසලට එන්න කලින් හිටපු ගමේ පාසලේ විද්‍යාගාරයේ උෂ්ණත්වමායක් වත් හොයාගන්න නැති තත්වයක් තිබ්බෙ. පාසල් දෙකයි තියන පහසුකම් වලයි වෙනස හොඳටම තේරුණා. මොනවා හරි දෙයක් කරනවානම් ඒ ප්‍රතිලාභ ලංකාවෙ හැම පාසලකටම සමානව ලැබිය යුතුයි කියලයි මම හිතන්නෙ.ගමේ පොඩි පාසලක උනත් හොඳ උගතෙක් බිහිවෙන්න පුළුවන් නිසා.

    ReplyDelete
    Replies
    1. //නිකමට හිතන්න අවුරුදු 13 පාසල් ගිහින් තව අවුරුදු තුනක් හතරක් උසස් පෙළ විභාගත් තුන් පාරක් විතර කරල කැම්පස් යන්න දඟලන කෙනෙක් කියමුකො //

      අවුරුදු 13 කියන්නේ උසස් පෙල හෝ සාමාන්‍ය පෙලට පසු කාල ඇතුළුව. එම නිසා අද පවතින ප්‍රමාණයට වඩ වැඩි වන්නේ නැහැ. ඒවගේම උසස් අධ්‍යාපනය අවුරුදු එක (සහතික), දෙක (ඩිප්ලෝමා), තුන සහ හතර( උපාධි) ලෙස වෙයි. ඒවා 13 ට අමතරව.

      //මොනවා හරි දෙයක් කරනවානම් ඒ ප්‍රතිලාභ ලංකාවෙ හැම පාසලකටම සමානව ලැබිය යුතුයි//

      අගමැතිවරයාගේ කථාවේ එය පැහැදිලිව කියා තිබෙනවා. සියළුම දෙනාට එම අවස්ථාව ලබා දීම කියන එක තමයි ඔහු අදහස් කර තිබෙන්නේ.

      බොහොම ස්තූතියි හංසි

      Delete
    2. ඉයන් අංකල් මම කීවෙ මගේ අත්දැකීම් එක්ක :) මම කැම්පස් එකෙන් උපාධිය අරන් යද්දි වයස විසිහය වෙනව. සමහර රැකියා තියනව වයස් සීමාව විසිපහ වන.ආයෙම කැම්පස් නොගිය මගේම යාළුවො වෙන බාහිර උපාධි කරලා දැන් පශ්චාත් උපාධි කරනවා. කැම්පස් නොගිහින් ජොබ් එකක් කරන ගමන් බාහිර උපාධියක් කරානම් මේ වෙද්දි ස්ථාවර වෙන්න තිබ්බ කියල හිතෙන අවස්ථා නැතිව නෙවේ. මට දැනෙන විදිහට මේ කාලේ දිග වැඩියි.

      Delete
    3. හංසි, ඔබ ඔය මතුකරන ප්‍රශ්ණය ඉතාම සාධාරණ මානුශික ප්‍රශ්නයක්.
      ඇත්තෙන්ම මේ ලංකාවේ වයස 18 පැනපු තරුණ තරුණියෝ (දරුවෝ කියන්නේ කොහොමද? ) පාසැල් නිල ඇඳුම් ඇඳගෙන පාසැල් යාම මහා විකාරයක්.
      ඇත්තෙන්ම පාසැල් දරුවන්ට උසස් අධ්‍යාපනයට ඇතුළු වීම වයස 18 දී සිදු විය යුතුයි. පාසැල් ගමනේ අවසානය 17 දී විය යුතුයි. මෙන්න මේකටයි රජය සැලසුම් හැදිය යුත්තේ.
      හැබැයි හංසි කියන විදියට තුන්වරක් උසස් පෙල කරපු කෙනෙකුගේ ප්‍රශනය රජයේ හෝ ජාතික ප්‍රශ්නයක් විය යුතු නැහැ. මොකද කෙනෙක් තුන් වරක් උසස් පෙල කරන්නේ තමන්ට ශිශ්‍යත්වයකින් උසස් අධ්‍යාපනය ලැබීමට කෙසේ හෝ සුදුසු කම් හදා ගැනීමටනේ. (හැබැයි ඉතින් මගේ තර්කය සාධාරණ වෙන්න මේ රටේ උසස් පෙල සමතුන් හැමෝටම නොමිලේ නොවෙයි නිදහසේ උසස් අධ්‍යාපන වරම් තිබිය යුතුයි )

      Delete
    4. බොහොම ස්තූතියි නයනේ. ඔබේ අදහසට එකඟයි

      Delete
    5. නයනේ...මේකට මොකක්ද විසඳුම. අවුරුදු 13ක් පාසල් යාම අනිවාර්ය වෙලා තිබුනේ නැහැනේ. මේ අනිවාර්ය කිරීම තුලින් පාරට වැටෙන කොටස වෙනත් වෘත්තින් සඳහා යොමු කිරීමේ වෲතිය පාඨමාලා පාසල තුලින්ම හඳුන්වාදීම (නවීකරණයවූ සිලබස් තුලින් ) හරහා තමයි වසර දහතුනක් වැඩේ කරන්න වෙන්නේ. එහෙම නැතුව එදා බද්දියුදින් මොහොමඩ් හඳුන්වා දුන් මොඩ්ල් එකෙන් මේ වැඩේ කරන්න බැරුවෙයි. එහෙම නම් ඕ ලෙවල් වලින් එලියට යන අයට සාර්තක පාඨමාලා හා ප්‍රායෝගික දැණුම දෙන්න ටෙක්නිකල් කොලෙජස් හඳුන්වා දිය යුතුයි. ක්‍රමවේද හොයන්න ඕන අධ්‍යාපනඥයෝ මිසක් දේශපාලකයෝවත්, හැඟීම්බර සමාජ ක්‍රියාකාරිකයෝ වත් නොවේ. ඔවුන්ගේ අදහස් වැදගත් වෙයි. අද අපේ සමාජයේ එඩියුකේශනල් තියරිස්ට්ලා මොනවද කරන්නේ. පාසල් හදනවද...අධ්‍යාපන ක්‍රමවේද එලියට ගේනවද? මේක අර්බුදයක් නෙමේද? හඳ බලන්න ඕන තැන සුළැඟිල්ල දිහා බලාගෙන සිල්ලර උත්තර හොයනවා. දේශපාලකයෝ තීරන අරන් නිලධාරීන්ට බයිට් දෙනවා. මම උගත් මිනිහෙක් නොවේ. ඒත් මට සමාජ ඉවක් තියෙනවා.

      Delete
    6. මෙන්න මේ කියන දේ පොඩ්ඩක් කියවලා බලන්න.

      රටකට සිස්ටම් එකක් තියෙන්න ඕන. මම කියන්නේ නැහැ ඒක 'සුද්දාගේ' විදිහටම වෙන්න ඕන කියලා.

      Delete
  15. අධ්‍යාපනය හිතෙන හිතෙන වෙලාවට, හිතෙන හිතෙන කාලයට අනුව, ප්‍රමාණය, වර්ණය, රසය, සංයුතිය වෙනස්වන කේක් ගෙඩියක් නොකරගත යුතුයි. මේ ගැන කලකට ඉහතදී මා ලියන ලද ලිපියක්,

    මෙතනින් බලන්න

    පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් තොරවවෙනස් කල නොහැකි අධ්‍යාපන ප්‍රතිපත්තියක් සෑදීම ඉතා වැදගත්.

    ReplyDelete
    Replies
    1. විචා මගේ පෞද්ගලික අදහස නම සිදු විය යුත්තේ ඔබ කියන දේ අනික් පැත්ත. එනම් අධ්‍යාපනය, කෘශිකර්මය, වාරිමාර්ග, රැකියා උත්පාදනය, බල ශක්තිය, වගේ යටිතල අංශ දේශපාලනයෙන් සම්පූර්ණයෙන්ම ඉවත් කිරීමයි. උදාහරණයකට දියුණු රටවල මධ්‍යම රජයන් හෝ ප්‍රාදේශීය රජයන් යටතට ඇතුලත් වන්නේ ද්විතීයක අධ්‍යාපනය දක්වා පමණයි. කෘශිකර්මය වැනි දේවල් රජයේ පාලනයට අයත්වන්නේ ප්‍රතිපත්ති සම්පාදන තත්ත්වයේදී පමණයි.

      Delete
  16. ලංකාව ඇතුලේ ඔය දේවල් සාර්ථක කර ගැනීම කොයිතරම් දුරට හැකි වෙයිද කියන එක අවුලක් උනත් ස්මර්ට් ෆෝන් වලින් ටැබ් වලින් අධ්‍යාපනය ලබන එක බටහිර රට වලනම් බොහොම සමාන්‍ය දෙයක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දිනේශ්. පටන් ගැනීමේදී ප්‍රශ්ණ තියෙන්න පුළුවන්. කලක් යනකොට ක්‍රම ක්‍රමයෙන් හරියාවි.

      Delete
  17. මම කියන්නේ හොද වැඩක්
    අලුත් දෙයක් කරන්න අකමැති අය කෑ ගහපුදෙන් මේක කරන ඒක හොදයි

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මෙන්ඩා

      Delete
  18. කියවූවෙමි. මගෙ අදහසනං අපේ රටේ මිනිස්සුන්ට ඕනෙම දේක අහුවෙන්නෙ වැරදි පැත්ත. ජානගත අවුලක්ද මන්දා. පාඩම් මුවාවෙන් දරුවො නරක දේට ඇබ්බැහි වෙන්න නොදී දෙමාපියන්ට හරිම අවදියෙන් ඉන්න වෙයි ඊටපස්සෙ.

    මාත් එකඟයි හංසිගෙ අදහසට. නාකි වෙනකල් තියෙන පාසල් අධ්‍යාපනේ කාලෙ අඩුකරනවනම් මාත් කැමතියි. ලංකාවෙ මේ වයස වැඩි නිසා අපිට අහිමි වෙන අවස්ථා හරිම වැඩි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලේපාටහීන. අගමැතිතුමාගේ අදහස පාසැල් කාලය අවුරුදු 13 ක් දක්වා දීර්ඝ කිරීමක් ගැන නොවෙයි. අදටත් උසස් පෙල විභාගය අවස්න කරන අයකු වසර 13 ක් පාසැල් කාලයක් ගෙවනවා. ඔහු කියන්නේ විශාල ප්‍රමාණයක් සාමාන්‍ය පෙලට පෙර, පසුව සහ විශ්ව උසස් අධ්‍යාපනය නොලබා පිටවීම ගැනයි. එසේම සියළු දෙනාට අඩුම තරමේ උසස් පෙල දක්වා යාම අනිවාර්‍යය කිරීමක්. එහිදී උසස් පෙල ලෙස හැමෝම අදකරන දේවල්ම නොව විශ්ව විද්‍යාල වලට යොමු නොවන අයට ජීවත් වීමට සහ රැකියාවක් සොයා ගැනීමට අවශ්‍යකරන දැනීම එම අවුරුදු 13 තුලදී ලබා දීම.

      මෙයින් වෙන විශාලම වාසිය තමයි බැල මෙහෙවර කරන්න විදේශ ගත නොවී ලබා ගත් දැනීමෙන් මෙහිදී හෝ පිටරටකදී රැකියාවක් ලබා ගැනීමට හැකියාවක් හැමෝටම ලබා දීම. මෙයින් අද විශ්වවිද්‍යාල හරහා යන අයගේ ඉගෙනීමේ කාලය දික්වීමක් ගැන අදහස් වෙන්නේ නැහැ

      Delete
  19. පහල පන්තිවලදි අධ්‍යාපනය හැර යන ගොඩ දෙනෙක් ආර්ථික අපහසුතා තියෙන පවුල් වල අය. ලංකාවෙ තියෙන අධ්‍යාපන ක්‍රමය අනුව අවුරුදු 13 ක් ඉගෙනගත්තත් ඒ ළමයින්ට ඒකෙන් ප්‍රයෝජනවත් යමක් ලැබෙන්නෙ නෑ. අඩු වයසෙන් රැකියාවකට යොමු වෙන එක ඊට වැඩිය හොඳයි කියලයි ඒ අය හිතන්නෙ. හැමදාම එකම දේ උගන්නනවට වඩා සමාජයට වැඩදායී අධ්‍යාපන ක්‍රමයක් ඇතිවෙන්න තව කොච්චර කාලයක් යයිද මන්ද.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න බොහොම ස්තූතියි. මම හිතන්නෙ රජයේ අදහස වන්නෙත් එයයි. උදාරණයකට ජීව විද්‍යා විෂයයන් වෛද්‍ය හෝ විද්‍යා උපාධි සඳහා ප්‍රයෝජනවත් වුනත් එම මාර්ගයට නොයන අයට එය නාස්තියක්. එම නිසා රැකියාවකට සහහ් ජීවිතයට උපයෝගී කර ගත හැකි විෂයයන් උසස් පෙලට ඇතුලත් කිරීමත් සාමාන‍ය පෙල කඩඉමක් ලෙස නොසලකා හැලෙන අයව එම නව මාවත ඔස්සේ උසස් පෙලට යොමු කිරීමත් තමයි මෙම අනිවාර්‍යය 13 අවුරුදු අධ්‍යාපනයේ අදහස.

      Delete
  20. සාමාන්‍ය පෙළින් පසුබසින දරුවන්ට ඔවුන්ගේ දක්ෂතා අනුව කාර්මික, තාක්ෂණ, සෞන්දර්ය, සමාජ වැඩ වගේ වෙනත් විෂ්‍ය ක්ෂේත්‍රයන් ඔස්සේ උසස් පෙළ හදාරන්නත් එය විශ්ව විද්‍යාල උපාධිය දක්වාම පුළුල් කරන්නත් හැකි නම් හොඳයි... මෙතනදි පාසල් අධ්‍යාපනය වගේම විශ්ව විද්‍යාල අධ්‍යාපනයත් පුළුල් වෙන්න ඕන. විෂය ක්ෂේත්‍ර අතින් වගේම පහසුකම් අතිනුත්...

    රජය මේ කටයුත්ත හරි හරියට කරනවනම් අපිට අනාගතය ගැන හොඳ බලාපොරොත්තුවක් ඇති කරගන්න පුලුවනි. ජපානය දෙවෙනි ලෝක යුද්දයෙන් පස්සෙ ‘‘රන් බිජුවට ව්‍යාපෘතියෙන්‘‘ පෙර පාසල් දරුවන්ගෙන් පටන් ගත්ත අධ්‍යාපන, සංස්කෘතික, සමාජ ප්‍රතිසංස්කරණ වැඩපිළිවෙල ආදර්ශමත් වැඩක් විදියට මේ වෙලාවෙ මතක් වෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්තර්ජාලය, ජංගම දුරකථනය මේ නව තාක්ෂණය අධ්‍යාපනයෙදි විතරක් නෙවි හැම වැඩකදිම යහපත් විදියට යොදාගන්න පුලුවනි. ඒ ගැන අවබෝධය ඇති කරන එකත් විය යුතු දෙයක් කියලයි මට හිතෙන්නෙ.

      Delete
    2. මෙම වෙනස දේශපාලන අරමුණු වලින් තොරව රැකියා ලැබීම පැත්තෙන් රටේ අධ්‍යාපනයේ පවතින දුර්වලතාවයන් නිවැරදි කිරීමේ උත්සාහයක් ලෙසයි මම මෙය දකින්නේ. තිබෙන ක්‍රමය නිසා විශාල ප්‍රමාණයක් තාක්ශණික නොවන රැකියා වලට යොමුවීම, රැකියා නොලැබීම, බැල මෙහෙවරට පිටරට යාම වගේ වැරදීම් කවදා හෝ කවුරු හෝ සෑදිය යුතුයි. යටිතල සංවර්ධනය කියන්නේ මේවට. වැඩිම පගාවට පාරවල් කොන්ත්‍රාත් දීම නෙමෙයි.

      Delete
    3. ඉයන් මේ වැඩේ නිසිලෙස ක්‍රියාත්මක කරන්න නම් අධ්‍යාපන අමාත්‍යාංශයේ එක තැන පල්වෙන ක්‍රියාවලිය සහ උඩුබුරන නිළධාරීවාදය කනපිට හරවන්න ඕන. එහෙම නැත්නම් කන්නන්ගර මහත්තයා වලෙන් නැගිටලා ආවත් හූනු බිජ්ජක ප්‍රතිසංස්කරණයක් කරන්න බැහැ කියලා වෙන වැඩවලින් පේනවා. රජය සහ ගුරු සංගම් අතර මනා සම්බන්ධතාවයක් ගොඩනගා ගැනීම අත්‍යවශ්‍ය සාධකයක් බව රනිල් වටහා ගතයුතුයි.

      Delete
    4. ඒක නම් ඇත්ත. ලඟකදි ඉඳන් රනිල්ට හොස්ස ලඟින් මැස්ස යන්න බැහැ වෙලා. මේක කරන්න බැරිවුණොත් ඒක ව්න්නෙ ගුරු සංගම් වල විරෝධය නිසා. තව අවුරුදු 20-30 යනකොට ගුරුවරු කියන කොටස තාක්ෂණයෙන් රිප්ලේස් වෙනවා. තාක්ෂණය ගැන ගුරුවරු බිය වෙන්න හේතු තියෙනවා. එක විෂයක එක හොඳ ගුරුවරයෙක්ට තාක්ෂණය හරහා මුළු රටටම උගන්නන්න පුළුවන්. දුර්වල ගුරුවරු නැතිවෙන්න ඉඩ තියෙනවා. වෙන රස්සාවක් හොයාගන්න බැරි නිසා ගුරු වෘත්තියට ආපු එන අයට මේකෙ තියෙන භයානක කම තේරුණොත් මොනවහරි කෑලක් ඇදගෙන ලෙඩ දාන පුලුවන්. Thanks Aru

      Delete
  21. අවුරුදු 13 ක් ප්‍රාථමික ඉගැන්වීම් සඳහා වැඩියි...
    හැමෝටම ඒ ලෙවල් කරන්න දෙන ක්‍රමයක් හදනවනම් හොඳයි, එහෙම කරනවනම් ඕ ලෙවල් ඉවත් කරන්න පුළුවන්...
    ලංකාවේ දැන් තියෙන ඉගැන්වීම් ක්‍රමය ළමයින්ට ලොකු පීඩාවක්, ඉස්කෝල වල තියෙන්නේ ඉගැන්නිල්ලක් නෙමෙයි, උසස් අධ්‍යාපනය සඳහා නිර්දේශ කළහැකි පිරිස සීමා කිරීමේ කඩුල්ලක්...
    හැම අවුරුද්දෙම ඒ කඩුල්ල ඉහළ දානවා, ඒකෙන් ළමයි යන්ත්‍ර වගේ වෙනවා...
    ඒ ඉගෙන ගන්න දේවල් කැම්පස් එකට වැඩකුත් නැහැ බොහෝ වෙලාවට...

    ඉන්දියාවේ අවුරුදු 18-20 වෙද්දී උපාධියක් ගන්න පුළුවන්, සමහර විට ඒ උපාධි ඉන්දියාවේ ගණන් ගන්නේ නැතුව ඇති, නමුත් ඉන්දියානුවන් බහුතරයක් අඩු වයසෙන් පිටරට වලට ගිහින් සෑහෙන මුදල් ප්‍රමාණයක් තමන්ගේ රටට එවනවා...
    අපේ රටේ කැම්පස් එකකින් එළියට යන්න අවම අවුරුදු 23ක් 24 ක් වගේ යනවා...
    අපෙත් ඒ වගේ ක්ෂණික තාක්ෂණ සේවා සඳහා රට යවන්න පුළුවන් ශ්‍රම බලකායක් හදන්න ඕනේ...
    එතකොට ගෙදරක වැඩට ගිහින් කාන්තාවක් හම්බු කරනවා වගේ හතර පස් ගුණයක මුදලක් එක පුද්ගලයෙක් හරහා රටට ගෙන්න ගන්න පුළුවන්...

    මොබයිල් එකෙන් දැනුම බෙදන එක හොඳයි, හැබැයි ලංකාවේ බහුතරයකට ඒ පහසුකම අත්විඳින්න අවශ්‍ය පහසුකම් තියෙනවද කියන එක මුලින්ම හිතල බලන්න ඕනේ නේද...
    නැත්තං ආපහු කොළඹට කිරි ගමට කැකිරි කතා කරළියට ඒවි...
    මොකද තාම ගම කියන එක යතාර්ථයක්...

    ReplyDelete
    Replies
    1. //මොබයිල් එකෙන් දැනුම බෙදන එක හොඳයි, හැබැයි ලංකාවේ බහුතරයකට ඒ පහසුකම අත්විඳින්න අවශ්‍ය පහසුකම් තියෙනවද කියන එක මුලින්ම හිතල බලන්න ඕනේ නේද...//

      පාසැල්පොත් සහ නිල ඇඳුම් වගේ ඒකත් සමහර විට ආණ්ඩුවෙන් දෙයි. කොහොමත් මේක පටන්ගෙන ටික කාලයක් යනකොට අවශ්‍ය දේවල් හැදෙයි.

      Delete
  22. 13ක් ඉගෙන ගන්න කලින් ඉස්කෝලෙකට දා ගන්න ඕනි.. ඒකට හැකියාවක් තියෙනවද අද? ඉස්සර ලංකාවේ මොන පළාතකට රස්සාවට ගියත් පවුල එක්ක යන්න පුළුවන් මොකද ඒ ළඟ තියෙන පාසලකට ඕනෙම වසාකදී ළමයෙක්ව ඇතුලත් කර ගන්න පුළුවන්.. අද? 5 ශිෂ්‍යත්වය කියන්නේ යුද්දයක්. ඕ ලෙවල් වලින් කරන්නේ පොඩි කාලේ ඉඳල පොදු වැඩට දුවල පැනල වැඩ කරන සමාජශීලි ඕනේ වැඩකට අත හුරු.. බය නැතුව වැඩක් බාර දෙන්න පුළුවන් ඒත් පොත් පාඩම් කරලා ගොඩ යන්න බැරි/ අකැමති හොඳම සිසු සිසුවියෝ කොටසක් 'තොපිට ඉගෙන ගන්න බෑ.. දෙමවුපියන්ගේ සල්ලි කන කාලකන්ණි' කියන ලේබල් එක ගහලා වට්ටන එක.. ඒ ලෙවල් වලින් කරන්නේ විශ්ව විද්‍යාල වල ඉඩ තියෙන ගානට ළමයි ටිකක් සෙට් කර ගන්න එක..
    අදහස් නම් හොඳයි ලොකු සර් ගේ.. ඒත් ප්‍රයෝගිකව තියෙන මේ වගේ ගැටළු විසඳලා ඉන්න ඕනි ලොකු වැඩ කරන්න කලින්..

    ReplyDelete
    Replies
    1. කමියෝ අර ඇඳ උඩ අස්සය ගෝං ටික් ටික් ටික් කරනකොටම ඉස්කෝලෙකට දාගන්න විදිහ හිතෙනවනම් ටක් ගාල උපායමාර්ගික පසුබැසීමක් කරල කොන්ඩොම් එකක් දාගන්න මතක් වෙයි. හෙහ් හෙහ්.

      ලොකු සර්ගේ මේ අදහස අළුත් සොයා ගැනීමක් නම් නෙවෙයි. බොහෙඔ මටහිර අධ්‍යාපන ක්‍රමවල මෙය භාවිත කරනවා

      Delete
  23. ඉයන් නැවත ඇවිත් වගේ. අපේ පොඩි දෙන්නටම මොබයිල් තියනවා (හැමෝටම වගේ දෙමාපියන් අරන් දීල තියෙන්නේ) . විදුහලේදී කතා කරන්න තහනම්. නමුත් අන්තර්ජාලයට ගොස් දෙන මාතෘකා ගැන සෙවීමට අවසර දෙනවා. විදුහලේ වයිෆයි එකට ලොග් වෙලා.

    ReplyDelete
    Replies
    1. ලංකාවෙත් පෞද්ගලික පාසැල් එකක හෝ දෙකක මේ ක්‍රමය තියෙනවා. දරුවන් තමන්ගේ පැවරුම් ඉදිපත් කල යුත්තේ පාසැලේ අඩවිය හරහා. බොහොම ස්තූතියි අජිත්

      Delete
    2. මම දනන් විධිහට එංගලන්තයේ බොහෝ පාසැල් වල දැන් එහෙමයි ඉයන්. සෙන්ට්‍රල් වෙබ් අඩවියක තමා පැවරුම් හා ගෙදර වැඩ තියෙන්නේ. මටත් ඕන වෙලාවක බලන්න පුළුවන් මොනවාද ගෙදර වැඩ කියල. ළමයි ලොග් වෙලා බලනවා. සමහර පැවරුම් download කර ගන්නවා. බලල කරපු වැඩ ටික ලකුනු කරනවා.

      Delete
    3. ස්තූතියි අජිත්. මේ ක්‍රමයේ ලොකු වාසි තියෙනවා. උදාහර්නයකට ළමයාට අසනීප නිසා පාසැලට යාමට නොහැකිවූවිට හෝ වෙන ප්‍රදේශයකට හෝ රටකට ගිය විටත් අදාල පැවරුම් සම්පූර්ණ කර නියමිත කාලයට ඉදිරිපත් කිරීමේ හැකියාව. ඒවගේම කියවීමට නිර්දේශිත දේවල් මුද්‍රණය නොකොට ඊමේල් හරහා සිසුනට බෙදා දීම. මේ සංකල්පය ගුරුවරුන්ටත් පහසුවක්.

      Delete
  24. ඉයන් ලා මොනවා කිවත් අපි අපේ ළමයින්ට හැර අනිත් ළමයින්ට ඉහලට ඉගන ගන්න තියන හැම ක්‍රමයක්ම නවත්තන්න ඕනේ
    ගාර්මන්ට් වල මහන්න ළමයි නැති උනොත් අපි ලොක්කෝ වගේ ඉන්නේ කොහමද ?
    මේවා ජාතන්තර කුමන්ත්‍රණ

    ReplyDelete
    Replies
    1. ඔව් බං ඒක ඇත්ත

      Delete

  25. //අගමැතිවරයා තමන්ගේ යෝජනාවන් හා තමන් කිරීමට බලාපොරොත්තුවන දේ පිලිබදව සුරංගනාකතා පවසමින් සිටියද ඒවා කිසිවක් ක්‍රියාත්මක කිරීම සදහා මුලපුරන්නේ නැත. එලෙස නොකරන්නේ හැකියාවක් නොමැති නිසාද යන්න හෝ අවශ්‍යතාවයක් සැබවින්ම නැති නිසාද කියලා හරියම දන්නේ රනිල් ආර්ථිකය සංවර්ධනය කරනකම් බලා සිටින ඉයන්ලාටමය//
    මෙහෙම කිව්ව කෙනාගෙ කටට මසුරං දාන්න ඕනේ.
    රනිල්ගෙ කෙරුවාව අපි හොඳට දන්නවා.
    සුරංගනා කතා පප්පෙක්.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හෙන්රි

      Delete
  26. රනිල් ගැන මේයට පෙර තිබු පැහැදීම මා තුල දැන් නැහැ.එයට එක හේතුවක් තමයි ඔහු කියන දේත් කරන දෙයත් අතර තියෙන දුරස්ථභාවය.නමුත් ඔහුගේ මේ යෝජනාව බොහෝම අගේ ඇති දෙයක්.අධ්‍යාපනය එක තැන පල් වෙන්නක් නොවිය යුතුයි.නව තාක්ෂණයත් එක්ක අපේ අධ්‍යාපනයත් ඉදිරියට යා යුතුයි.හැබැයි අගමැතිගේ මේ ප්‍රකාශ වචන වලට විතරක් සිමා නොවේ නම් අගෙයි.

    ReplyDelete
    Replies
    1. මේ විදිහට තමයි ලංකාවේ ගොඩක් දෙනෙක් හිතන්නේ. ඒකට හේතුවක් තියෙනවා. යමක් සම්පූර්ණයෙන්ම සැලසුම් කර ඉවර වෙන්න ඉස්සර දවසට දෙකක් ගානේ ප්‍රවෘත්ති සාකච්චා සහ රැස්වීම් වල කියන ක්‍රමයකට තමයි රට පසුගිය දශකයේ හුරු වුනේ. උදාහරණයකට මාගම්පුර වරාය සම්බන්ධව උත්සව කීයක්, තිබුණද. ජලාශ හයක් හදපු මහවැලි ව්‍යාපාරයේ මුල්ගල් සහ විවෘත කිරීම විතරයි. 2003 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩටහන යටතේ ඩොලර් බිලියන් හතරක සහන ණය යටතේ සැලසුම් කරපුව තමයි රාජපක්ශ 8% චීන ණය අරගෙන තුන් හතරක ගුණයක වියදමින් කළේ. මම දන්නා විදිහට අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන ක්ශේත්‍රයේ විශාල වෙනස්කම් සිදුවෙන දේවල් අඩුම වශයෙන් එකක් තව ටික කලකින් දැනගන්න ලැබෙයි. ඒකත් සම්පූර්ණ සැලසුම් ඉවර කරලා කැබිනට් අනුමැතියට එනකොට පමණක්. පොඩි ඉඟියක් දෙන්නම් මෙහෙම. අද තියෙන විශාල් පසැල් කීපයක් හරහා විශාල ප්‍රමාණයකට උසස් අධ්‍යාපනය දෙන තැනකට එන්න පුළුවන්.

      Delete
  27. හිතෙන්නේ නැද්ද ඉයන් අධ්‍යාපනය මුල සිට පදනම් විය යුත්තේ දරුවෙක් තුල තිබෙන ආවේණික හැකියාව සොයා යාම මිස එක්තරා රාමුවකට කොටු වි දරුවන් වැඩිහිටියන් දක්වා ගෙනයාම නොවේය කියලා. තමන් තුල තිබෙන හැකියාව සොයා ගැනිම තුලින් ස්වාධීන වෙන්න අධ්‍යාපනය මුල සිටම (මම කියන්නේ හොඩිය පන්තියේ සිට ) ප්‍රතිසංවිධායන උනොත් බොහෝ දරුවන්ට හැකි වෙවි අවුරුදු 18 වෙනවිට තමාගේම දෙයක් ආරම්භ කරන්න ජිවත් වීමට..ඒ හරහා වැඩි දුර අධ්‍යාපනය එල්ලයක් ඇතිව සිදු කර හැකියි. මට දැනට තියන ක්‍රමය එක්ක පේන දෙයක් තමයි මොන තරන් ඉගෙන ගත්තත් රැකියාවකට නිශ්චිත එල්ලයක් අරමුණක් පැහැදිලි මදි කම..ස්ථාවරකට ඒමට ගතවන කාලය වැඩිකම තරුණ ජිවිතය අපතේ යැවිමක් විදිහට මට මේ තියන ක්‍රමවේදය හරහා පේනවා දැනෙනවා..ඒ වගේම දරුවගේ සහජ හැකියා බොහෝ සේ අපතේ යනවා කියලත් මට හිතෙනවා හරිහැටි හඳුනාගැන්මක් නැතිකම නිසා.. අපි අවුරුදු 18 පැනලත් ( නිත්‍යානුකුල වැඩිහිටියන් වු පසුත් ) දෙමාපියන්ගෙන් යැපෙනවා.. එම සංවේදාත්මක සමාජ ගැටලුවත් අපි ලිහිය යුතුයි කියා මට හිතෙනවා.. තමන්ගේ වයසට දරන්න බැරි බර කර තියන් ඉන්න වැඩිහිටි දෙමාපියන් දකින විට....

    ReplyDelete