![]() |
| රට බංකොලොත් බවින් මුදාගත් අයගේ තනතුර අද හොබවන කෙනා |
කලින් පෝස්ට් එකේ ජනාධිපති තුමා ආර්ථික අර්බුධයෙන් රට ගොඩනැගීමට ක්‍රෙඩිට් එක ගන්න කරන උත්සාහය ගැන ලිව්වාම මගේ මිත්‍රයා අජිත් ධර්මකීර්ති අයවැය විස්තර කරමින් පිළිතුරු කමෙන්ට් දාල තිබුණා. ඒ නිසාම මේ අයවැය ගැන මගේ අදහස මේ පෝස්ට් එකෙන්.
ඇත්තටම මේ අයවැය කිසිම නව චින්තනයක් පෙන්වන එකක් නෙවෙයි. තියෙන ආදායම් මාර්ග සහ වියදම් වලට අළුත් ඉලක්කම් ටිකක් දාපු කොල 68 ක් පමණයි.
ගෙදරටක හෝ ආයතනයක අයවැයක් හදනකොට ආදයම් වැඩි කරගැනීම සහ වියදම් අඩුකිරීම ගැන පුළුල් අධ්‍යනයක් කර ඒවාට අදාල වැඩ පිළිවෙලවල් වගේම ඒවා ක්‍රියාත්මක වන ආකාරය පිළිබඳ උපායමාර්ගික සැලැස්මක් අඩංගු විය යුතුයි.
රජයකින් විසඳුම් සෙවිය යුතු ශ්‍රීලංකාවේ ආකෘතික (structural) ප්‍රශ්ණ මේවායි.
1. රට තුල උසස් අධ්‍යාපන අවස්ථා හෝ ආයතන මදි කමින් ඇතිවී ඇති ප්‍රශ්ණ. එනම් තාක්ෂණික උගතුන් රට තුල බිහිවීම සීමා සහිත බැවින් තාක්ෂණික ශ්‍රමය අවශ්‍ය වන අයෝජන රටට නොපැමිණීම. එම අවස්ථා නොමැති කමින් ත්‍රිරෝධ රථ ව්‍යාපාර සහ මැද පෙරදිග රැකියා වල නාස්තිවන තරුණ ජීවිත.
2. ඉහත හේතුව නිසාම වසරක් පාසා උසස් අධ්‍යාපනය සඳහා රටින් පිටවන ඩොලර් බිලියනයට අධික විදේශ විනිමය ප්‍රමාණය සහ බංග්ලදේශය වැනි කලින් නොදියුණු රටවලුත් උසස් අධ්‍යාපනට විදේශ සිසුන් ගෙන්වාගෙන විදේශ විනිමය ඉපයීම මෙහි ඇති කිරීමට නොහැකිවීම.
3. ඉහත ප්‍රශ්ණය නිසාම මුදල් ඇති අයගේ දරුවන් උසස් අධ්‍යාපන ලබා ගැනීම සහ දුප්පතුන්ගේ ඊලඟ පරම්පරාවත් දුප්පත් වීම. බොහෝ රටවල මෙන් අධ්‍යාපන ආයතන සහ පවුලේ ආදායම අනුව ලබා දිය හැකි සිසුණය ක්‍රමයක් යෝජනා කල හැකිව තිබුණා.
4. රජයේ වියදම් වසරින් වසර වැඩිවීම සහ රජයේ වියදම් අඩුකිරීමට සැලසුමක් හෝ අවශ්‍යතාවයක් නොමැතිකම.
5. රටේ ඇති යටිතල පහසුකම් වල අඩුපාඩුකම් නැතිකිරීමට ඒ අංශ දේශීය හා විදේශීය පුද්ගලික අයෝජනය ලබා ගැනීමට සැලසුම් නොමැතිවීම. කලින් රජයයන් මෙන්ම බොහෝ විට කොමිස් ලබා ගැනීමට සියළුම යටිතල ආයෝජන රජය මඟින්ම කිරීමට උත්සාහ කිරීම. උදාහරණයකට ලංගම බස් ගැනීමට රජයේ මුදල් වෙන්කිරීම. බස් වල අයෝජන පුද්ගලික අංශයට භාර දිය හැකි අතර, ලංගමට බස් අවශ්‍ය නම් ඔවුන්ට ඒවා ලීසින් ක්‍රමයට ලබා ගත හැක. ඒ සඳහා අයවැයෙන් මුදල් වෙන්කිරීම විහිළුවකි.
6. රජයෙන් සපයන සේවාවන් වලට සාධාරණ මුදලක් ඒව පාවිච්චි කරන අයගෙන් අයකර නොගෙන සියළුම මහජනයා වෙත බදු හෝ ණය බර පැටවීම. අධිවේගී මාර්ගවල මෙන්ම අනිකුත් මාර්ග වලටත් පාවිච්චි කිරීමේ ගාස්තු අයකිරීම (user pay) හෝ උසස් අධ්‍යාපනයට යන මුදල්වලින් කොටසක් හෝ උපාධිධාරීන් රැකියා ලබා ගත් පසු පොලී රහිතව වැටුපෙන් කොටස් වශයෙන් අයකර ගැනීම වැනි ණය සහ බදු නොවන ක්‍රම වලින් රජයේ වියදම් පියවා ගැනීමට උත්සාහ නොකිරීම.
7. රජයේ මිලදී ගැනීම් සහ කොන්ත්‍රාත් සඳහා පරිගණකගත ක්‍රමයක් මඟින් කිරීමට නොසිතීම සහ එයින් ඇතිකල හැකි පාරදෘශ්‍ය බව සහ මහජනයාට දත්ත ලබා ගැනීමට පහසු කිරීම මඟින් සොරකම සහ කොමිස් අඩු කිරීමට සහ රජය මඟින් පාරිභෝජනය කරන වියදම් අඩුකර ගැනීමට උත්සාහ නොකිරීම.
මෙවැනි තව බොහෝ දේවල් 'උගතුන්' ගෙන් සමන්විත 'සිස්ටම් චේන්ජ්' එකෙක් සඳහා යැයි කියමින් පත්වුන රජයකට සිතා බලා මේ අයවැයෙන් රට වෙනම මාවතකට යොමු කරන්න තිබුණා. ආදායම් බදු ඉහල යාමට එක හේතුවක් වන්නේ රනිල් ගේ රජයෙන් හඳුන්වා දුන් වයස 18 වැඩි අයට බදු ලිපිගොණුවක් අනිවාර්‍ය කිරීම වැනි දේවල් නිසයි. ක්‍රමයේ දුර්වලතා හදුනා ගැනීමට මෙන්ම සමහර දෙනෙක් නොකැමති එවැනි වෙනස්කම් කිරීමට ප්‍රශ්ණය වටහා ගැනීමේ හැකියාව, පිළිතුරු සම්පාදනය කිරීමේ හැකියාව සහ වෙනස් කම් කිරීමට ශක්තිය තිබිය යුතුයි.
එසේ නැතුව පරණ අකෘතියට අළුත් ඉල්ලකම් යොදා පැය හතරක් කියවීමෙන් හෝ අනුන්ගේ වැඩවලට ක්‍රෙඩිට් ලබා ගැනීමට බොරු කියවීමෙන් ඒක විශ්මයජනක අයවැයක් වෙන්නේ නැහැ.

පදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?
ReplyDeleteපදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.
එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”
මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..
ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…
එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්‍ර්‍රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.
ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..
ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..
හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..
@ Ano 1.40 PM
Deleteරට හදන්න හැදුවට නම් කමක් නෑ, ඒක නෙවෙයි නේ, ඔය සමහරක් රට ඉන්න රට හරක් ලංකාවේ ඉන්න කාලකන්නි හොර දේශපාලකයන්ට අමු සෙලුවෙන් කඩේ යන එකයි උන් කෝටි ප්‍රකෝටි ගණනින් හොරකම් කරලා කප්පම් අරගෙන මාට්ටු වුණාම උන්ගේ පූප හෝදන්න පූප ඉරාගෙන සක්කිලි විදියට නටන එකනේ බන් කැතම වැඩේ.
දේශපාලන පක්‍ෂ වල ප්‍රතිපත්තිමය කරුණු වෙනුවෙන් පෙනී සිටීම ගැන අපට ගැටලුවක් නෑ, ලංකාවේ පුරවැසිභාවය තියෙනවා නම් සහ ලංකාවේ සැලකිය යුතු කාලයක් ජීවත් වෙනවා නම් සහ ලංකාවේ ආයෝජන කරලා තියෙන කෙනෙක් නම් ලංකාවට ඇවිල්ල ඡන්දය දීල ගියාට කමක් නෑ, මේ සම-හරක් අමු සක්කිලි ඇවිල්ල මේ මාලිමාවේ ඉන්න පල් හොරුන්ට පූපත් දෙන්න යන එකනේ මෙතන තියෙන ප්‍රශ්නය
හොඳ පෝස්ට් එකක් ඉයන්, ඔයා කියපු ගොඩක් දේවල්වලට එකඟයි. ලංකාවේ ආර්ථිකය ඇදගෙන යන්නේ නන්දලාල් වීරසිංහ ඇතුලු මහ බැංකුව සහ මුදල් අමාත්‍යාංශයේ නිලධාරීන් ඇතුලු රාජ්‍ය යාන්ත්‍රණය, රනිල් වික්‍රමසිංහ මහතා ඒ දවස්වල හදපු සිස්ටම් එක IMF program එකත් එක්ක එහෙමම යනවා
ReplyDeleteමේ ආණ්ඩුව කරන කිසිම මගුලක් නෑ අනුර දිසානායක මුදල් අමාත්‍යාංශයේ නීලධාරීන් හදල දෙන අයවැයක් උස්සගෙන ඇවිත් මෙලෝ වැඩකට නැති බහුබූත දොඩවනවා වාචාල දොඩවන බීපු පිස්සෙක් වගේ, එදිනෙදා වැඩ කරගන්න බැරුව මෝඩ තකතීරු ඇමතිවරු එක්ක ආණ්ඩුව ඇදගෙන නානවා, මොළේ කළඳක් නැති ඩෝබි මීහරක් ටික දෙනෙක් වඳුරු කුණුහරුප කිය කිය හෝදන්න හදනවා ඒත් හෝදන්න බැහැ ඒ තරමටම ගඳයි අජූතයි
ඩෝබියෝ යක්ෂාවේශ වෙන පෝස්ට් මෙව්වා. බලාගෙන ඉයන්, මේ ආණ්ඩුව කුඩු අයිස් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ නිසාත් කංජිපානියා ඇතුලු ආණ්ඩුවේ පාතාලය හරහා කෝටි ගණනක black economy එක තනිකරම මෙහෙයවන ආණ්ඩුවට කීකරු නැති පාතාලය මර්දනය කර ආණ්ඩුවට සම්බන්ධ පාතාලයන් ඇති කරගෙන යන නිසාත් මේවා දැකලා කේන්ති අරගෙන අනතුරක් කරන්න උනත් පුළුවන්, අහල ඇතිනේ ඉස්සර අපි උපදින්නත් ඉස්සර ලංකාවේ මහා පරිමාණ භීෂණ යුගයක් බිහිකරපු ජවිපෙ පක්ෂය යටතේනේ ආණ්ඩුව ක්‍රියාත්මක වෙන්නේ.
ReplyDeleteආණ්ඩුවේ අයවැය ලේඛනයේ ගණන් ඉතාමත්ම බොරු ව්‍යාජ ලෙස හදපු ප්‍රායෝගික නැති ගණන්, උදාහරණ විදිහට ආණ්ඩුව අයවැයෙන් සුඛෝපභෝගී බස් හයසීයක් ආනයනය කරන්න කියලා වෙන් කරලා තියෙන්නේ මිලියන 3,600යි. නමුත් දැනට පවතින අඩුම මිලට ගන්න තියෙන ඉතාමත්ම ලාබම ඉන්දියන් මගී ප්‍රවාහන බස් එකක් ආසන 40ට වැඩි ඒවා පටන් ගන්නේ අවමය ලක්ෂ 110ක් නැත්නම් මිලියන එකොළහකින්
මිලියන 3600 ය 600 න් බෙදුවාම ලක්ශ 60 නේද ඇහුවාම මට ගණන් බෑ කියලත් බනිනවා. ලක්ෂ හැටකට හොඳ මට්ටමේ පවතින පරණ ඉන්දීය බස් එකක්වත් ගන්න බෑ, ලඩයක් ඇරුණාම.
ඔය වගේ ගොඩක් ගණන් වැරදියි. තව උදාහරණ රජයේ සේවකයන් මිලියන එක හමාරකට සහන පොලියට ණය දෙන්න වෙනකරලා තියෙන ගානත් ඒ වගේම ජෝක් එකක්. ගොඩක් ඒවා ඔය වගේ ජෝක්
ඔය ඩොබිලා ගැන නම් කතා කරලා වැඩක් නෑ මාලිමාවේ ඩෝබි හැතිකරය නම් low IQ මොලේ කළඳක් නැති මීහරක් හැත්තක්, සරල මූලික ගණිතය වත් බැරි අමු ගොබ්බ රට හරක් 🤣🤣
Deleteමාලිමාවට කඩේ යන ඩෝබිලාට උත්තර දෙනවාට වැඩිය හොඳට වෙලා ඉන්න මී හරකෙක්ට අවකල සමීකරණ උගන්වන්න පුළුවන් 🤣🤣🤣
@ Ian
ReplyDeleteමම එංගලන්තයේ Blackwells වලින් පොත් දෙකක් ගෙන්නුවා. ඒක ගන්න ඩි.ආර් විජේවර්ධන මාවතේ තියෙන postal එකේ පාර්සල් අංශයට ගියා. පොත් වලට වටිනාකම රැ 15,000 යි . ගහපු බදු මෙසේයි. CCF 250, VAT 2970, SSCL 413 එකතුව 3,633. එංගලන්තයේ පොත් වලට VAT හෝ වෙන බදු ගහන්නෙ නෑ. ඕන්න දැන් ලංකාවේ තත්ත්වය දැන් මේ අයවැයෙන් පොත් වලට බදු තවත් වැඩි කරලාලු නොදකින් ශ්‍රමදාන කරලා පත් කරපු ඇවිදින පුස්තකාල 😒, ශ්‍රමදාන නෙවෙයි සෙමදානයක් කරලා අමු ගොබ්බ අමනයො ටිකක් බලයට පත් කරලා, නොදකින්
මේ ගහන මහ බදු කන්දරාව දරාගන්න බැරිව වැඩිකලක් යන්නමත්තෙන් මෙම ආන්ඩුව වැටෙනවා
ReplyDeleteමොකා ආවත් පොඩිමිනිහටම තමා වැඩ පෙන්වන්නේ බදු ගහනවා කිය කිය අපි ඒවට පයිල්හදලා යවන්න ඔිනේ හැමෝටම ලිපිඑවලා මොනවා කරන්න හදනවද කාටත්තේරෙන් නැ මෙිෂරටෙි හිගන්නගේඉදන් බදුගෙවනවා මහාපරිමානේ ව්‍යා පාරිකයන්ගෙන් බදුගහනවා සාමාන්‍යය මිනිසාටත්බදුගහන්නහදනවනමි මෙිරජයෙත්අවසානය ළංවෙයි වගේ මෙිබදු පයිල්නිකන්හදන් නැ සාමාන්‍ය මිනිසාටඑයසැදිමට බැහැ සරලකුුමයක් තියෙන්නඔිනේ විස්තරදන්වන්න නැතිනමි හැදුනුමිපත්අන්කයෙන් විස්තර ලබාගන්න මෙිඅයට පුලුවන්කම තියෙනවා නමුත්එහම එකක් කරන්නේ නැ හැ අපිට වෙච්ච කරුමයක් මෙක
ඉයන් තඹුත්තේගම වාණිජ නගරයක් විදියට සුපිරිම නගරයක් කියලා ගොන් ආතල් එක මේ වතාවටත් දීලා කුජීත වුණා නේද? 😂😅🤣
ReplyDeleteමේක් තඹුත්තේගම ග්‍රේට් අගේන්
- තඹුත්තේගම පච තලගොයා.
මේක් තඹුත්තේගම ග්‍රේට් අගේන්
- තඹුත්තේගම පච තලගොයා.
මේක් තඹුත්තේගම ග්‍රේට් අගේන්
- තඹුත්තේගම පච තලගොයා.
😂😂😂😂😂😂😂😂😂😂😂😂😂😂
මුන් ඇවිල්ල ඔරිමජිනල් ගංකබරු, අපි මැදමුලන ගංකබරයින්ට ඉස්සර බැන්නේ අපරාදේ ඉයන්, බලාගෙන ගියාම උන් හොඳයි මේ තඹුත්තේගම කෙබර කොටා වගේ අමු මැටි ගංකබර මී වෘෂභ රාජයෙක් එක්ක හැරෙන්න වත් බෑ උන්ටවත් 😅😂🤣
තොපිට යකෝ ලැජ්ජා නැද්ද මුන්ට කවුද ගොවි පුතා කියන්නේ අහිගුන්ඨික ජේප්පෝ ගොවිතැන් කරලා කාපු උන් නෙමෙයි මුං් ඇවිල්ලා කැට හොල්ලලා අනුන්ගෙන් හිඟා කාපු උන් නැත්නම් හොරා කාපු කප්පම් අරං කෝටිපතියෝ වෙච්ච පල්හොරු, මුන්ට කොහෙන්ද ගොයියන්ගේ දුක දැනෙන්නේ උඹලා හිතුවේ තඹුත්තේගම පඟර නැට්ට ආවට පස්සේ සුරපුරයක් කරයි කියලා නේද මේ සැරේත් පෝලිමේ ගිහිල්ලා ගහපල්ලා කතිරේ ඒ කරලා ගමට එනකොට සරම උස්සගෙන ඉඳපියන් අහිගුන්ඨික ජේප්පොන්ට පස්සේ පැත්තෙ ඇරලා යන්න ටොපිට ඔහොම වෙලා මදි
Deleteඉයන් ආර්ථිකය වගේම ලංකාවේ මේ දවස්වල පවතින දේශපාලන තත්ත්වය දෙස බලන විට ඔයාට මොකද හිතෙන්නේ?
ReplyDeleteපහුගිය 2024 වසරේ ජනපතිවරණ මහමැතිවරණය ඉතාමත්ම සාර්ථකව NPP එක ජයග්‍රහණය කරපු 70ක් විතර NPP එකට බලය ලැබුණ මොරවක ආසනයේ තියෙන ලංකාවේ විශාලතම සමූපකාර සමිතියේ නිලවරණය අද පැවැත්වී තිබෙනවා
මේකයි ප්‍රතිඵලය
//බෙරලපනාතර සමූපකාර සමිතියට නිලධාරීන් තෝරා පත් කර ගැනීම සඳහා වන නිලවරණය අද දිනයේ පැවැත්විණ.
ඡන්ද හිමි සාමාජිකයන් ගණන එක් ලක්ෂ පනස්දහස ඉක්මවූ ලංකාවේ වැඩිම සාමාජික සහිත විශාලතම සමූපකාර සමිතිය ලෙස මෙය සැලකෙයි.
මෙවර පැවති නිලවරණයේදී විපක්ෂ නියෝජනය කරන කණ්ඩායම් විසින් ආසන 84ක් ජයගෙන ඇත.
වර්තමාන ආණ්ඩු පක්ෂයේ මැති ඇමැතිවරුන් රාශියක්ම මෙම නිලවරණයට පැමිණ සිටි අතර වර්තමාන ජාතික ජන බලවේග රජය මෙම නිලවරණය ජයග්‍රහණය කිරීමට මේ සම්බන්ධව මහත් උත්සාහයකින් මහත් පරිශ්‍රමයක් දරමින් විශාල දේශපාලන මෙහෙයුමක් ක්‍රියාත්මක කළත් ප්‍රතිඵල අනුව ජාතික ජන බලවේගය සහය දුන් කණ්ඩායමට හිමිව ඇත්තේ ආසන 15කි.//
මාලිමාවට රැල්ල ගැහුවේ 2023 /24 කාලේ රට පුරාම පැවති විවිධාකාර සමූපකාර සමිති නිලවරණ වලින්, ඒ කාලේ අනුරට සමුපකාර ජනාධිපතිවරයා කියලා මඩකුත් ගැහුවා ඔහුගේ දේශපාලන විරුද්ධවාදීන්, නමුත් මේ සමුපකාර වල දේශපාලන බලය ඔහුගෙන් මේ විදියට දිගින් දිගටම ගිලිහී යන්නට හේතුව ලෙස ඔයාට හිතෙන්නේ මොකද? මේ ගැන විස්තර සහිතව පෝස්ට් එකක් දාන්න පුලුවන්ද?
ඉයන් අයවැයේ හොඳම කොටසක් ඔයාට මිස්වෙලා, 2025 නොවැම්බර 08 ඉඳලා ලීසින් දෙන සීමාව 50% දක්වා අඩු කරලා, වාහනවල වටිනාකමින්, මහජන බදු මුදලින් කෝටි ගණනින් නාස්තිකාර වියදම් කරමින් සුරසැප විඳින කාලකන්නි ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ට නිලධාරීන්ට කෝටි හාරදාස් ගණනක අලුත්ම සුඛෝපභෝගී ඩබල් කැබ් ගෙන්වන කොට අහිංසක ජනතාවට පොඩි කාර් එකක් ගන්න පොඩි ඩිමෝ බට්ටෙක් ගන්න බැරුව හූල්ලනවා නේද? ලංකාවේ බදු බරින් මිරිකෙමින් අමාරුවෙන් ඉන්න අසරණ මිනිස්සු වාහනයක් ගන්න අවශ්‍යතාවය නිසා, පොඩි සුලු ව්‍යාපාර කරලා පණ කෙන්ද ගැටගහගන්න පොඩි ත්‍රීවීල් එකක්, පොඩි මිනි ට්‍රක් එකක් වගේ වාහනයක් අමාරුවෙන් මිලදී ගන්න ගියාම කරන්නේ උපරිම ෆිනෑස් එකකට ගිහින් අතින් අඩුගානක් දාල ගන්න උත්සාහ කරනවා දැන් ඒක 50% ට අඩු කලාම දැන් අලුත් වාහන තියෙන්නෙ අවම ලක්ෂ 70 න් උඩ ලක්ෂ 35 ක්වත් නැතුව වාහනයක් ගන්න හිතන්නවත් බෑ.
ReplyDeleteඒ නිසාම හොඳටම පට්ට ගහපු කබල් පරණ වාහනයක් තමා ගන්න වෙන්නෙ ඒකත් සමහරුන්ට නෑ . ලක්ෂ 12 ට අලුත්ම ජපන් ටොයෝටා විට්ස් වාහන දෙන්නම් කියල ප්‍රසිද්ධියේම වේදිකාවල බොරු කියලා හොඳම ජපන් බයික් තරුණයන්ට අඩුවට ගන්න අවස්ථාව අනිවාර්යයෙන්ම දෙනවා කියලා රටේ නැති පට්ට පල් බොරු කෙබර දෙසාබාලා ජනතාව හොඳම එකෙන් රවට්ටලා බලයට ආපු උන් වාහන ගෙන්වනකොට උපරිම බදු ගහල ආදායම භාණ්ඩාගාරෙට අරගෙන මිනිහෙක්ට වාහනයක් ගන්න තිබුන අවස්ථාව සම්පූර්ණයෙන්ම නැති කලා 🤌ඒකත් කමක් නෑ සමහර ඩෝබි මී හරක් හිතනවා ඒකත් හොද වැඩක් කියල උන්ට වාහනයක් ගැන හිතන්නවත් බැරි එවුන් නිසා අනික් උන්ටත් එහෙම ගන්න බැරි වෙන තරමට උන් කැමති 🧭🧭🐂🐂 මාලිමා හරක් 🧭🧭🧭🐃🐃🐂🐃
ලංකාවෙ ආර්ථික ගමන් මඟේ සැබෑ බිහිසුණු බව අපට වැටහෙන්නේ, ඉදිරි 2026 අයවැය ලේඛනය දෙස බලන විටයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ (IMF) කොන්දේසි යටතේ සකස් වන සෑම අයවැයක්ම රටේ ජනතාවගේ ගෙල වටා තවත් තද කරන බදු කඹයක් වැනියි. මේසැරේ මූලිකම අවදානම වෙන්නේ වැට් (VAT) බද්ද තවදුරටත් 20% හෝ ඊට වැඩි ප්‍රතිශතයක පවත්වාගෙන යෑමට උත්සහ කරන එක. ඒකෙන් දිනපතා අප ගන්නා ආහාරයේ සිට ඇඳුම් පැළඳුම් දක්වා සියල්ලේම මිල ඉහළ දමන අතර, මධ්‍යම පන්තියට සහ පහළ ආදායම් ලාභීන්ට එය දරාගත නොහැකි බරක් වනු ඇත. එපමණක් නොව, පුද්ගලික ආදායම් බදු (PAYE) ගෙවිය යුතු අවම සීමාව තවදුරටත් පහළ දැමීමෙන් මධ්‍යම පාන්තිකයාගේ අතේ ඉතිරි වන ශුද්ධ මුදල (Disposable Income) විශාල ලෙස කප්පාදු වනු ඇත.
ReplyDeleteමෙම අධික බදු බර නිසා සිදුවන්නේ භාණ්ඩ හා සේවා මිල ඉහළ යාම, නැවතත් උද්ධමන පීඩනයක් ඇති වීම සහ එය පාලනයට මහ බැංකුවට පොලී අනුපාත ඉහළ මට්ටමක තබා ගැනීමට සිදුවීමයි. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ සාමාන්‍ය මිනිසුන්ට නිවසක් හෝ ව්‍යාපාරයක් සඳහා ණයක් ගැනීම තවත් දුෂ්කර වීමයි.
මේ අධික බදු බරට අමතරව, විදුලිය, ජලය සහ ඉන්ධන සඳහා වූ සහනාධාර කප්පාදු තවදුරටත් දැඩි වනු ඇත. පිරිවැය පදනම් කරගත් මිල සූත්‍රය දැඩි ලෙස ක්‍රියාත්මක වන විට, ලෝක වෙළඳපොළේ කුඩා මිල වෙනස්වීමක් පවා විදුලි බිල සහ ඉන්ධන මිල ක්ෂණිකව ඉහළ දමා, පවුල් ආර්ථිකයන් කඩා බිඳ දමනු ඇත. මෙවැනි තත්ත්වයක් යටතේ අස්වැසුම, ප්රජාශක්ති සමෘද්ධි වැනි සමාජ ආරක්ෂණ වැඩසටහන් ද සැබෑ අවශ්‍යතා ඇති අයට පමණක් සීමා කිරීමේ මුවාවෙන් දැනට ලැබෙන බොහෝ පිරිසකට අහිමි වනු ඇත. මෙම සියලු ක්‍රියාමාර්ග මගින් අවසානයේ සිදුවන්නේ ධනවත් සහ දුප්පත් අතර පරතරය අතිශයින් පුළුල් වීම පමණි.
පසුගිය ජනාධිපතිවරණයේදී මම ඡන්දය දුන්නේ සජිත් ප්‍රේමදාස මහතාට වුවත්, එය සජිත්ට පක්ෂව දුන් ඡන්දයකට වඩා අනුර කුමාර මහතාට විරුද්ධව දුන් ඡන්දයක් විය. නමුත් ඔහු ජනාධිපති වී වසරක් පමණ ගතවන විට මගේ සිතට එන්නේ, අනුර මහතා ජනාධිපති වීම එක අතකට හොඳක් වූ බවකි. මක්නිසාද යත්, ඔහු යටතේ යන ආර්ථික ප්‍රතිපත්තිය පැහැදිලිවම රනිල් මහතා යටතේ ඉදිරියට යන්නට තිබූ අයිඑම්එෆ් වැඩපිළිවෙලම වන බැවිනි. එම වැඩපිළිවෙල ක්‍රියාත්මක වූ අනෙක් රටවලට අත් වූ ඉරණම අනුව, ලංකාව නැවත නැවතත් බංකොලොත් වීම යනු කාලය පිළිබඳ ප්‍රශ්නයක් පමණකි. බොහෝ දුරට, මේ ආණ්ඩුවේ ධූර කාලය තුළදීම එය යළිත් සිදුවනු ඇති අතර, එය කලින් වතාවටත් වඩා දරුණුවට අපට දැනෙන්නට පුළුවන. ලංකාවේ ජීවත් වන කෙනෙක් ලෙස එය වෙනවට මම අකමැති වුවත්, මේ ගමන් මඟ තුළ එය වළක්වන්නට නොහැකි බව මම තරයේ විශ්වාස කරමි.
කෙසේ වෙතත්, පළාත් සභා සහ බලය බෙදීම සම්බන්ධයෙන් ගත් විට, ජාතික ආරක්ෂාව සහ ඒකීයභාවය ගැන හිතන අයට ලොකුවට විරුද්ධ වෙන්න දෙයක් අනුර මහතාගේ ආණ්ඩුවෙන් සිදුවී නැහැ. ඔවුන් බලයට එද්දී කියූ දේ කිසිසේත්ම නොකර, පළාත් සභා ඡන්ද දිගින් දිගටම කල් දාන බවක් පෙනේ. මේක පුදුම විය යුතු නැත; මක්නිසාද යත් මාලිමාව කියන්නේ ජවිපෙම තවත් එක් අවස්ථාවාදී කපටි සොර පෙරමුණක් පමණක් වන බැවිනි. ඔවුන්ට වැදගත් වන්නේ කෙසේ හෝ බලයේ සිටීම පමණි. ආර්ථිකය, දේශපාලනික කාරණා හෝ විදේශ සබඳතා ගැන ඔවුන්ට නිශ්චිත ප්‍රතිපත්තියක් ඇති බවක් පෙනෙන්නේ නැත. ඒ ඒ වෙලාවට දේශපාලනික බලය රැක ගන්නට හෝ වැඩිකර ගන්නට කළ හැකි ඒ ඒ දේ පමණක් ඔවුන් කරති. මාලිමා උපදේශක මහාචාර්ය නිර්මාල් වැනි අය කොතරම් අකමැති වුවත්, බලය බෙදීම යනු තිබෙන බලය අහිමි කර ගැනීමක් නිසා අනුර වැනි බලලෝභී අවස්ථාවාදී පටු දේශපාලකයෙක් තම බලය බෙදාවි කියා මම හිතන්නේ නැහැ. කොටින්ම මාලිමාව තිබෙන බලය අහිමි වන දේවල් කිසිසේත්ම කරන්නේ නැහැ. ඔවුන් කරන්නේ පුළුවන් තරම් ග්‍රාමීය මට්ටමේ සහ පරිපාලනය පවා හැකිතරම් දේශපාලනිකරණය කරල තම බලය කෙසේ හෝ වැඩිකරගැනීමයි. කෙසේ වෙතත්, ඔවුන්ගේ මේ අවස්ථාවාදය නිසා හෝ වාර්ගික පදනමින් පළාත් සභාවලට බලය නොබෙදීමට ගනු ලබන පියවරට මම කැමතියි.
සමහර විට සජිත් ආවා නම්, ඔහු ජනප්‍රියවාදී වීම සඳහා හෝ අඩුම තරමින් අයිඑම්එෆ් ක්‍රියාවලියෙන් වෙනස් වෙන්න යම් උත්සාහයක් ගන්නට ඉඩ තිබුණත්, ඔහු බලය බෙදීම අතින් ජවිපෙට වඩා "ප්‍රගතිශීලී" වෙන්න ඉඩ තිබ්බා කියා මම සිතන්නේ. ඇත්තටම ලංකාව ඒකීය රාජ්‍යයක් විදියට පවතින්නේ පත්වෙන ජනාධිපතිවරුන්ගේ බලලෝභය නිසාම බව පැහැදිලියි. පළාත් සභාවලට ඉඩම් සහ පොලිස් බලය ගියා කියන්නේ ජනාධිපති සහ කැබිනට් මණ්ඩලයේ බලය විශාල ලෙස අඩුවීමක්. විශේෂයෙන්ම, මේ වනවිට මාලිමාවේ ජනප්‍රසාදය කලින්ට වඩා දැඩිලෙස අභියෝගයට ලක් වූ පසුබිමක, පළාත් සභාවල බලය විපක්ෂයට ගියොත්, ඔවුන්ට ඇතිවන දැඩි දේශපාලන පීඩනය සුළුපටු නොවනු ඇත. ඒ නිසා, මේ ආර්ථික අර්බුදයේ දරුණුතම ප්‍රතිඵලවලට මුහුණ දෙන අතරේ, ලංකාවෙ දූෂිත දේශපාලන නායකයන් තවදුරටත් බලය තමන් සතු කර තබා ගැනීමට ගන්නා උත්සාහය අපට වඩාත් හොඳින් දැකගන්නට ලැබේවි.
@ ඉමල්ක
Deleteහොඳට හොයලා බලන්න මම මේ කියන කාරණය..ඔය හැත්තෑ හය වසරෙ ශාපෙ ගැන කියව කියව ලංකාව පාලනය කරපු හිටපු පාලකයන්ට අම්ම මෝ නැතිව බැන වදින පිටරටවල්වල ජීවත් වෙන හැට පැනපු ජේවීපී මුත්තලා සහ පණහ පැනපු අංකල්ලා ඇන්ටිලා ඉන්නවා නේද?
පිටරට ජීවත්වුනු අවුරුදු හතලිහට පනහටම උන්
ලංකාවට ගිහින් තියෙන්නේ දෙපාරයි නැත්තම් තුන්පාරයි..අවුරුදු දහයකට පහලොවකට සැරයක් තමා ලංකාවට යන්නේ..උන් හිතන්නේ තාම ලංකාව උන් රටින් එද්දී හැටේ හැත්තෑවෙ දශකවල තිබුන තත්වෙන් තමා තාම තියෙන්නේ කියලා..
ඔය වගේ සමහර නාකි ජෙපි ගොන් පඬියො යූටියුබ් චැනලුත් අටවගෙන ටියුබ් එකෙන් රට හදනවා..උන් මුලු ලොකේ වටේම යනවා..හැබැයි අවුරුදු දහයකින් පහලොවකින් ලංකාවෙ පස් පාගලා නෑ..ලංකාවෙ පාරක තොටක ඇවිදලා නෑ..ලංකාවෙ මිනිස්සු දැන් ජීවත් වෙන විදිය දැකලා නෑ..උන්ට මතක කොලඹ මුඩුක්කු ටිකයි,ගුරු පාරවල් ටිකයි,ගංවල කටුමැටි ගෙවල් ටිකයි,මොරිස් මයිනර් කාර් ටිකයි විතරයි...
පිටරටවල්වල නාකි වෙන හැටපැනපු ජෙපි හැත්ත ආන්නේමයි! 😅
//මේ අයවැය කිසිම නව චින්තනයක් පෙන්වන එකක් නෙවෙයි//
ReplyDeleteඑකඟයි. ඒත් JR චින්තන, ප්‍රේමදාස ස්වෙට් ෂොප් චින්තන සහ රට බංකොලොත් කල මහින්ද චින්තන වලත් ටැංජිබල් දෙයක් තිබුණද? තිබුනා නං රට බංකොලොත් වුනේ කොහොමද කියන සාධාරණ සැකය එන්නෙ නැත්ද?
මේ ගැන පෝස්ට් එක ලියන්නම්. බංකොලොත් වෙන්න හේතුව එකක් රටෙ ණය බර දරාගන්න බැරි විදිහට වැඩි වෙන්න හේතුව තව එකක්. ණය ගැන උදාහරණයක් දෙන්නම්. අද වසරකට විදේශ අධ්‍යාපනයට ඩොලර් බිලියනයක් වැය වෙනවා. රටේ පුද්ගලික විශ්ව විද්‍යාල දාන්න දුන්නම් එයින් වැඩි ප්‍රමාණයක් ඉතිරිවෙලා. ඒ එකතුව බිලියන 30 ක් විතර. ඒවගේම අඩු ගානෙ ඩොලර් මිලියන 300-400 ක් විදේශ සිසුන්ගෙන් උපයගෙන. ඊලඟ තාක්ෂණික අයෝජන සහ අපනයන. ගොඩක් සම්බන්ධ අයෝජන ගියේ ඉන්දියාවට. ඒ පුහුණු අය අඩු සහ ඔවුන්ගේ වියදම වැඩි නිසා. ඒකට මහින්ද හොරාකාපු බිලියන 16ත් තිබ්බනන් අද ණයක් නැහැ. ඒ කියන්නේ මේකට වැඩිම වගකියන්න ඕන ජවිපෙ සහ කොටි සංවිධානය. දෙක මහින්ද.
Deleteමෙිිි මාලිමා මීහරක් හැත්තට මොකුත්ම ගැන අවබෝධයක්ද නෑ...ඉයන් අයියේ..කයිය විතරයි...දිගුකාලීන සැලසුමිි තියා..ඔබ තුමා කියනවා වගේ ..කෙටි කාලීන සැලසුමි්වත් නෑ..
Deleteඉයන් ලංකාවේ සංචාරක කර්මාන්තය ගැන වෛද්‍ය පාලිත රාජපක්ෂ හොඳම කතාවක් කියලා තිබුණා රෝහලට ආපු විදේශීය කාන්තාවක් ගැන සිදුවීමක් මත පදනම්ව
Deleteදැන් ලංකාවට වැඩි හරියක් එන්නෙ අඩුම බජ්ට් එකෙන් යන්න බලන හිඟන්නො ටිකක්. ජර්මන් එන්ග්ලන්ඩ් කිව්වට උන් අපිට වැඩිය අමු හිඟන්නො.යන්නෙ ට්‍රීවිල් එකේ කන්නෙ රොටී
ඉතින් හිතන්නකෝ පිටරටවල්වල හිඟන්නො සංචාරක ගමනාන්තය ලෙස තෝරගන්නෙ ලංකාව මොකද ඒ රටවල් වල හිඟන්නො 200ක් විතර සෙට් වෙලා සංචාරක වීසා අරන් ලංකාවට ආවම ලංකාවේ ගොබ්බ තකතීරු මරිමෝඩ ආණ්ඩුවේ ඇමතිවරු මහජන මුදල් මිලියන ගණන් නාස්ති කරලා අර හිඟන්නන් උඩ පැනලා බුලත් දීලා බෙර ගහලා වෙස් නැට්ටුවො පෙරහැරකින් නටනටා කැන්දන් එන්නෙ, හිඟන්නො එහෙම පිලිගන්න ලංකාව තියෙන තත්වෙ හිතාගන්න පුළුවන්නි, එංගලන්තය ජර්මනිය වගේ රටවල් වලිනුත් එන්නේ හිඟන්නෝ, පල් හොරු තක්කඩි වැඩ කරන හාල්පාරුවෝ නම් අනිත් රටවල් ගැන කියන්න ඕන නෑනේ නේද? ඒ අස්සේ ආණ්ඩුව එයාපෝට් එකෙන් ලංකාවේ ලයිසන් එක කූණුකොල්ලෙට ටුවරිස්ලාට දෙන එකෙන් ටැක්සි කාරයන්ට ගයිඩ්ලාටත් හුලං උන් 2500 ට පරණ මරුටි හරි පරණ කබල් ත්‍රීවිලරය 1000 ට අඩුවෙන් රෙන්ට් එකට අරගෙන ආතල් ගන්නවා රටට හුළං,
ලංකාවට සල්ලි තියෙන ටුවරිස්ලාට ආකර්ෂණීය රටක් ලෙස නවීකරණය කිරීම සහ ජාත්‍යන්තර වශයෙන්ද සන්නාම කිරීම වගේ දෙයක් ගැන විස්තර සහිතව ලියන්න පුළුවන්ද ඊළඟ පෝස්ට් එකේ?
ගිය ආණ්ඩු වලට බැන්නාට උන්ටත් වැඩ කරන්න දුන්නේ නැත්තේ ජේවීපී කාරයො නේද ඉයන්? මතකද අසූව දශකයේ දීපු වද?
Deleteඅවුරුදු 76 වගේද මුන් අවුරුද්දෙන් රටටම කෙලෙව්වනේ. තිබුණ වාහන කුණුකොල්ලෙට උන්ගේ පක්ෂයේ හිතවතුන්ට විකුණලා ආයි අලුතෙන් කෝටි හාරදාහක් වටින වාහන ගේනවා. මුං වගේ මී හරක්🐃🐄 . කොහෙද ආපු ගමන් කුඩු කන්ටේනර් තුන්සිය ගානක් නිදහස් කරන්නේ රට ඇතුලට කුඩු ගෙනාවා. ඇත්තටම මුංගෙ පක්ෂයේ උන් කුඩුගේන එක නැවැත්තුවා නං ලංකාවේම කුඩු මේ වෙලාවේ නවත්තන්න පුළුවන්
@ Ian
Deleteඇමති චතුරංග අබේසිංහ මහතා ලංකාවට (සමහරවිට ලෝකයටම?) අලුත් අලෙවිකරණ සංකල්පයක් හඳුන්වා දී තිබෙනවා. මේ සංකල්පය ගැන ආර්ථික විද්‍යාව අනුව, අලෙවිකරණ සහ ගිණුම්කරණ දැනුම මත පදනම්ව විස්තර සහිතව පෝස්ට් එකක් ලියන්න පුළුවන්ද?
මේ චතුරංග අබේසිංහ ඇමතිතුමාගේ නව අදහස්
///සීනි කඩේ විප්ලවය: “එක කඩයට එක බඩුවක්, එක බඩුවට එක කඩයක්”...!!!! 🛒✨💪
ජාතික ජන බලවේගයේ නවීන ආර්ථික විප්ලවීය සංකල්ප වලට අනුව ලංකා සීනි සමාගම මගින් නුගේගොඩ අලුතින්ම පටන් ගත්ත දුඹුරු සීනි අලෙවිසැල ගැන සමහරක් විහිළු කරනවා දැක්කා. “සීනි විතරක් විකුණන්න වෙනමම කඩයක් මොකටද?” කියලා අහනවා. ඇත්තටම මේක තමයි නවීනත්වය අනුව ලංකාවට වඩාත්ම උචිත නියම විප්ලවීය සංකල්පය! මේකේ තියෙන වටිනාකම නොතේරෙන අයටයි මේ කියන්නේ.
හිතන්නකෝ, හැමදේටම වෙනම කඩයක් තියෙන ලෝකයක්. ලොකු ලූනු කඩේ, රතු ලූනු කඩේ, අමු මිරිස් කඩේ, ගම්මිරිස් කඩේ, රට අල කඩේ, ලංකාවේ අල කඩේ… ආයෙත් හැමතැනම හොය හොය දඟලන්න ඕන නෑ.
✅ පාරිභෝගිකයට පහසුව: සීනි ඕන නම් කෙලින්ම යන්නෙ සීනි කඩේට. අල ඕන නම් අල කඩේට. බඩු හොයන්න සුපර්මාකට් එකේ රැක් ගානේ රවුම් ගහන්න ඕන නෑ. කාලය ඉතුරුයි, ශ්‍රමය ඉතුරුයි.
✅ ව්‍යාපාරිකයාට ලේසිය: මුදලාලිටත් හරිම ලේසියි. තමන්ගේ කඩේ තියෙන්නේ එකම බඩුවක් නිසා තොග කළමනාකරණය, මිල තීරණය කිරීම, සේවක පුහුණුව හරිම සරලයි. හොරෙක් ආවත් ඌට ඕන දේ තියෙන්නේ එක කඩේක විතරයි.
✅ විශේෂඥ සේවාව: සීනි කඩේ ඉන්න කෙනා සීනි ගැන A-Z දන්නවා. පැණි හදන හැටි, හකුරු වර්ග, උක් ගසේ ඉතිහාසය පවා එයාගෙන් අහගන්න පුළුවන්. ඒ වගේම තමයි ලූනු කඩේ ඉන්න එක්කෙනා.
✅ දේශීය නිෂ්පාදකයාට ශක්තියක්: මේ ක්‍රමය හරහා දේශීය ගොවියාට තමන්ගේ නිෂ්පාදන සඳහා ස්ථිර වෙළඳපොළක් ලැබෙනවා. උක් ගොවියාට, අල ගොවියාට, ලූනු ගොවියාට තමන්ගේ බෝගය විකුණගන්න වෙනම තැනක්.
මේක දැනටම ජාතික ජන බලවේගය ලංකාවටම හඳුන්වා දී ඇති “එක රටක්, එක නීතියක්” නවීන සංකල්පය වගේ “එක කඩයක්, එක බඩුවක්” කියන නවීන සමාජවාදී විශිෂ්ටතම සංකල්පය. මේකේ තියෙන ගැඹුර තේරුම් ගන්න. මේ යන්නේ නිකන් ගමනක් නෙවෙයි, ජාතික ජන බලවේගය ලංකාව තුල සිදුකරන්නේ නවීනත්වය සමග දැවැන්ත ආර්ථික විප්ලවයක්! 🇱🇰💪//
ඔබ හරි ඉයන් . ඒක මේ වගේ හොඳ බජට් ඉදිරිපත් කිරීමක් නෙමේ තමා . https://www.youtube.com/watch?v=Na1E3wGra0c
ReplyDeleteඑක එක පාට කණ්ණඩි දාගත්තාම
ReplyDeleteඒ පාටින්ය බැලු හැම දේකම පෙනුම
ඇත්තයි මටත් වැටහෙන්නේ නං මෙහෙම
හොඳයි කතා අඩු කොට වැඩ වැඩි කෙරුම
ගව සිත් නොරිදවා
Deleteපුන්නක්කු නොවරදවා
බොරුපෙම් උපදවා
පට්ටි නලවයි (පච) කොටා සැමදා ❤️👌😉
නිදී මහත්මයා...........,
Deleteකවිය ලස්සනයි, මට අය වැය ගැන ඒතරම් දැනුම් තේරුම් නැති නිසා ඒ ගැන කමෙන්ට් කලේ නෑ, ඔයාගෙ කවිය රසවිංදා, මට තේරෙන විදියට නම් කවුරු කොහොම මොනව හරි කරල , බොරු බේගල් මවල පුම්බල රටේ අහිංසක ජනතාව මුලාකරල රවට්ටල දේශපාලන බලය ලබාගෙන , එය රැකගැනීමට තව තවත් බොරුම විතරක්ම කියලා අහිංසක ජනතාව තව තව මුලා කරනට උත්සාහයන් දැරීමේදී පඹ ගාලේ පැටලීම අනිවාර්යයි . බොරුව තාවකාලිකයි ඒ නිසාම මේ දේ දිගටම කරගෙන යන්න බැහැ . වැඩිකල් නොගොස් මහජනතාව සත්‍යය අවබෝධ කරගැනීමත් අනිවාර්යයි . ඒ වනවිට රටට ජාතියට ආගමට මිනිසුන්ට වෙන්න ඕන දේ , හානිය වෙලා හමාරයි ....
හැබැයි......මේ අපරාධකාරයන්ට මනුස්ස භවයක් නැවත කවදාවත්ම ලැබෙන එකක් නැහැ .... අනිවාර්යයෙන්ම අචීචිමහ නරකාදියට ඇදගෙන යන ගමන මරණ මංචකයේදී සිද්ධ වෙනවාමයි ....
මේ බ්ලොග් එකේ මම කාලෙකට කලින් ජානකී වීජේරත්න කවුද කියලා ලිව්වා. ඒක කියවපු අය ජානකී ගැන දන්නවා. සනත් ගැන කියන්න අළුත් දේවල් උවමනා නෑ. වික්ටර් අයිවන් ලියපු චෞර රැජිණ කියන චන්ද්‍රිකාගේ ජීවිත කතාව කියවපු අය දන්නවා සනත් ගැන. රෑකාන්ත චන්ද්‍රලේඛා ප්‍රහාරය වගේම අනෝජා ගේ ගෙට ගිණිතියපු එකේ සිට එකල සිදුවුනු කලු සිදුවීම් වලට සනත් සම්බන්ධ බව හුගක් අය දේශපාලනය ගැන දන්නවනම් දන්නවා. අනික් කාරනේ තමයි සබීතා ඇතුළු නිළියන් ගණනාවකට සනත්ගෙන් සිදුවුනු බලාපොරොත්තු කඩවීම්. සනත් ලංකාවේ සිනමාව ඇතුලේ ඉතා ජනප්‍රිය වෙන්නේ රංගනය වගේම විශාල පුරුෂ ලිංගයක් හිමි කෙනෙක් විදිහට. ලංකාවේ බිහිවුනු විශාලම පුරුෂ ලිංගයක් හිමි නලුවා සනත් ඒක චෞර රැජිණ පොතෙත් තියෙනවා. එකල ජනපතිනියට සනත් නැතුවම බැරි කෙනෙක් උනේ ඇයි කියලා. දැන් ජානකී ඒ දේ හිමිකාරිණිය වෙලා. හැබැයි මේ මොන දේවල්වලින්වත් මෙයාලගේ අදුරු අතීතය වහන්න බෑ, ඒ ගැන ඉයන්ගේ අදහස මොකක්ද?
ReplyDeleteඇතැමුන් පවසන අන්දමට දැන් ආණ්ඩුව මුහුදෙන් ගේන ඒවා අල්ලන්නේ ආණ්ඩුවේ දූෂිත දේශපාලුවන් වරායෙන් කන්ටේනර්වලින් පිට කරපු හොර අයිස්,කුඩු සහ වෙනත් මත්ද්‍රව්‍ය ටොන් ගණනක් විකුණගන්න බැරිවෙන නිසාද...?
ReplyDeleteමේව දැක්කම තමයි රනිල් වික්‍රමසිංහ කියන්නේ කොච්චර ග්රේට් මහත්තයෙක් ද කියලා තේරෙන්නේ රනිල් වැටුණු රට ගොඩනගලා මෙහෙම කටමැත දෙඩෙව්වේ නැහැ. අභිමාණය හා සැබෑ නායකත්වය එයයි.
ReplyDeleteරනිල් ගොඩනැගූ රට බාරගත් මිනිසා රාජ්‍ය ආයතන සියල්ලම පාහේ නැවතත් පාඩු ලබන තත්වයට පත්කර, රනිල් කලයුතු කතාව කියමින් මෝඩ චූන් දිදී උදම් අනනවා.
ලැජ්ජයි නෙමෙයි හතර විලිලැජ්ජයි...
ඉබේ චූන් ගන්න ගොන් පච රිලා මොටා රට වලපල්ලට ගෙන යනු නිසැකයි
ඊළඟ පෝස්ට් එක දාන්න ඉයන්ට මගෙන් යෝජනාවක් !
ReplyDelete"ශ්‍රී ලංකාව සොයාගත්තෙ අනුර කුමාර දිසානායක බව ඔබ දන්නවාද..?
🚩 කොලොම්බස් එක්ක දේශාටනයෙ යෙදෙනකොට අනුර කුමාර දිසානායක තමයි ලංකාව හොයාගත්තෙ.. විජය කුමාරයයි ෆාහියන් හිමියි ආවෙ ඊට පස්සෙ..
🚩 අනුර ලංකාවට ගොඩ බහිනකොට කුවේණි කපු කැට කැට හිටියෙ. කුවේණි ලඟට අනුරව එක්කෙගෙන ගිය බල්ලා තමයි සමන්ත විද්‍යාරත්න..
🚩 එතකොට ගින්දර හොයාගෙන තිබ්බෙ නෑ. චතුරංග අබේසිංහ තමයි ඉස් ඉස්සෙල්ලම ගල් දෙක අතුල්ලලා ගින්දර හොයාගෙන ඊටපස්සේ ඩයිනමයිට් හොයාගන්න තත්වෙට පවා පත් උනේ..
🚩 බිමල් රත්නායක තමයි රෝදය හොයාගත්තෙ. ඊටපස්සේ ඔහූ ඒක දියුණු කරලා මුහුදෙ නැව් වලින් සහ ගුවන් යානා වලින් ගමනාගමනය කරන තත්වෙට පත් කරා. භාණ්ඩ ප්‍රවාහනය සඳහා කන්ටේනර් භාවිතා කිරීමත් ඔහුගේ සොයා ගැනීමක්. රොකට් තාක්ෂණය සොයා ගැනීමෙ ගෞරවයත් ඔහුට හිමි වෙන්න ඕන.
🚩 භාණ්ඩ වලට භාණ්ඩ හුවමාරු කරන ක්‍රමය නවත්තලා ඔය මුදල් කියන ඒකකය සොයා ගත්තෙ වසන්ත සමරසිංහ. ඔහු ඒක ක්‍රීප්ටො කරන්සි දක්වා දියුණු කරා..
🚩 ඒවා ආදම්ට බූට් එක තියලා, තහනම් ගහේ ගෙඩි කාලා හරිනි එක්ක එකතු වෙලා තමයි මානව සංහතිය බෝ කරන්න පටන් ගත්තෙ.
🚩 ලාල්කාන්ත තමයි සතුන් පස්සෙ පන්නලා දඬු මුගුරු වලින් ගහලා සත්තු මරාගෙන කන දඩයම් යුගය නිමා කරලා කෘෂිකාර්මික යුගය හොයා ගත්තෙ...
🚩 බී ඩි සරත් තමයි ඔය පස්ස හෝදන්න වැල්ලට යන එක, සරම උස්සගෙන බැද්දට යන එක නතර කරලා වැසිකිළිය හොයාගත්තෙ..
🚩 නාමල් කරුණාරත්නගෙන් තමයි මිනිස්සු පරිනාමය වෙන්න පටන් ගත්තෙ. ඒත් ඔහු තමා ඉන්නෙ හෝමෝ ඉරෙක්ටස් යුගයෙ.. ඔහු තාම හෝමො සේපියන් තත්වෙට ඇවිත් නෑ. ඒ නිසා තමයි ඔහු තාමත් තමන්ගේ ලඟම නෑයො වෙච්ච රිලව් ගනන් කර කර යන්නෙ.
🚩 ජගත් මනුවර්ණ තාම ඉන්නෙ හෝමෝ නියැන්ඩරිතාල් අවධියෙ. ඒ නිසා තමයි රිලවු දාන්න දූපත් හොයාගෙන යන්නෙ..
🚩 ගිනිමැල ගහලා, පරෙයියො අතේ පණිවිඩ යවන යුගය පටන් අරගෙන නවීන ඩිජිටල් ස්මාර්ට් යුගය දක්වා තොරතුරු තාක්ෂණය දියුණු කරේ විජිත හේරත්..
🚩 මිනිස්සු ගල් ගහලා මරණ ක්‍රමය නවත්තලා ඔය ගම්සභා ක්‍රමයෙ සිට රෝම ලන්දේසි නීතිය දක්වාම ගොඩනැගුවෙ හර්ෂණ නානායක්කාර..
🚩 කැටපෝලය හොයාගෙන එය ගල්කටස් එක දක්වා ක්‍රමිකව දියුණු කරලා නවීණ න්‍යෂ්ටික මිසයිල දක්වා වර්ධනය කරේ ටිල්වින් සිල්වා..
🚩 තියුණු ආයුධ වලින් සැත්කම් කරන ක්‍රම පටන් අරගෙන නවීන ස්කෑනර් යන්ත්‍ර දක්වාම වෛද්‍ය විද්‍යාව දියුණු කරේ නලින්ද ජයතිස්ස. ඔය පොලොන්නරු යුගයෙ හම්බ වෙන පැරණි රෝහල් නලින්ද ජයතිස්සගෙ Private Practice කරපු ක්ලිනික්ස්.
🚩 අයිසැක් නිවුටන්ගෙ නියම තුනට වඩා අනුරගෙ තුන නියමයි කියලා හොයාගත්තෙ ප්‍රමිෂ්කා...
දැන් ඔබට තේරෙනවද ඔය ගෑස් පෝලිං යුගය, තෙල් පෝලිං යුගය නිමා කරලා රට සමෘද්ධිමත් කරේ අපි කියලා හර්ෂණ නානායක්කාර ඇමතිතුමා අයවැය විවාදෙදි පාර්ලිමේන්තුවෙදි කිව්වෙ බොරු නෙවේ කියලා."
මේ අදහස වැඩිදියුණු කරලා ලස්සනට ලියන්න බලන්න 😂
@ Ian
ReplyDeleteදශක ගණනාවක් තිස්සේම විශ්ව විද්‍යාල සිසුන්ව, රැකියා විරහිත උපාදි දාරීන්ව පාරට දාලා,
පෙලපාලි යවලා,
උන්ගෙ කරපිටින් පාර්ලිමේන්තු ඇවිල්ලා...
" ඔය ළමයි දැන් ගෙදර යන්න "
අපේ වැඩේ හරි.
අපි ඊළඟ පාර විපක්සයට ආවාම ආයෙ පාරක් පාරට බහිමු.
එතකම් ඉගෙන ගන්න.
එතකම් විභාග ලියන්න.
"නිදහස් අධයාපනය සුරකින්න" අන්තරේ ඕන නෑ.
අපි ඉන්නවා.
අපි කැම්පස් ඉන්න කාලෙ හඳුන්නෙත්ති සෙරෙප්පු කබල් දෙකක් දාගෙන කමිසෙ යට කරන්නෙ නැතුව එළියට දාගෙන,
ගිරිය පුප්පගෙන නිදහස් අද් යාපනය අදිරාජ්ජ වාදීංගෙන්, ධනපතියන්ගෙන් බේරා ගන්න අපිව දැනුවත් කරනවා.
එතකොට එයා හඳුනා, හඳුන් අයියා,
අපිට මග පෙන්වන්න පහළ උණු දෙවි කෙනෙක් වගේ තමා කට්ටිය අදහගෙන හිටියේ. දැන් ඌ ටයි කෝට් ඇඳගෙන පාර්ලිමේන්තුවේ කැන්ටිමේ කේක් ගෙඩි වල සීනි තවරනවා.
මට කියන්න තියෙන්නේ මාලිමාවට තවමත් කඩේ යන තකතීරුවන්ට;
සිහිනයෙන් අවදිවන්න සහෝදරවරුනි.
මේකට කියන්නෙ හොඳම එකෙන් අරිනවා කියලා. 🤣🤣🤣🤣🤣
ඇත්තටම මට අහන්න ප්‍රශ්නයක් තියෙනවා, දේශපාලනය සහ ඩබල් කැබ් කියන විකාරය ගැන?
ReplyDeleteමේ දවස්වල ලංකාවේ වර්තමාන ආණ්ඩුව පොදුවේ රජයේ වාහන තියෙන 80,000 මදිවෙලා තවත් අලුත්ම brand new luxury Double කැබ් රථ 2,000ක් විතර ආනයනය කරන්න කෝටි හාරදාහක් වගේ අතිවිශාල මුදලක් නාස්ති කරන්න හදනවා කියලා ගොඩක් අය ආණ්ඩුව විවේචනය කරනවා අපි දකිනවා
කොහොම හරි මේ අලුත් ආණ්ඩුව රටේ රාජ්‍ය පරිපාලනයට වගේම දේශපාලනය කරන අයට 'ඩබල් කැබ්' දෙන සංස්කෘතික කෑල්ලක් හදාගෙන තියෙනවා.
ප්‍රශ්නය තියෙන්නෙ ඇයි අපි මේ 'පික් අප් ට්‍රක්' මොඩල් එක දේශපාලනයට ගාව ගෙන තියෙන්නේ කියලා.
නිෂ්පාදන වියදම වැඩි කාර්වලට වඩා සෑහෙන මිලෙන් වැඩි සහ බදු රහිත මිල ගත්තාම luxury SUV වල මිලට ඉතාමත්ම ආසන්න වන මේ වගේ පිකප් ට්‍රක් කියන මේ වාහනේ හදලා තියෙන්නේ පිටිපස්සේ බරක් පටව ගෙන යන දේවල් වෙනුවෙන්. නැත්තම් මඩ පාරවල, ඕෆ් රෝඩ් දුවන අදහසකින්. ගොවිපොළ වල, කැලෑ වැඩ වලට වගේ දේවලට.
මේක ඇයි දේශපාලකයන් පාවිච්චි කරන්නේ?
රටේ හැම තැනම වගේ දැන් පාරවල් හැදිලා. අඩුම ගානේ 95% කට වැඩිය රට පුරාම කාර් එකක යන්න පුළුවන්. ඕෆ් රෝඩ් ට්‍රක් ඕනේ නෑ. හයිබ්‍රිඩ් කාර් ගත්තාම සෑහෙන්න ලාබයි
ඒ වගේම ඕෆ්රෝඩ් පිකප් ට්‍රක්රථවල පිටිපස්සෙන් එදිනෙදා ජීවිතයේදී කිසිම වැඩක් ගන්න බෑ. විවෘත වලිග කොටස ඔහේ තියෙනවා. සාමාන්‍ය SUV එකක වගේ බූට් අවකාශයේ මුකුත් දාගෙන සාමාන්‍ය විදියට පාවිච්චි කරන්න බෑ. පොලකින් එලවලු මාළු ගත්තත් ඒක පිටිපස්සේ තියාගෙන එන්න බෑ. ඇරලා දාලා යන්න බෑ. පිටිපස්සෙ සීට් පේලිය එච්චර comfortable විදියට හදලත් නෑ. ඒවා නවන්නත් බෑ.
ඉතිං මෙහෙම වාහනයක් මංත්‍රීවරුන්ට මොකටද? කැලෑ පනින්නද? ඔවුන්ට එහෙම වැඩ වලට වඩා තියෙන්නේ නිල රාජකාරි නොවේද?
අනෙක රාජ්‍ය පරිපාලනය වෙනුවෙන් මේ පික් අප් ට්‍රක් ගන්න එකෙන් වෙන්නෙත් සම්පත් අපතේ යෑමක්. වැඩිය වැඩක් ගන බැරි පිටිපස්සේ කෑල්ල ඔහේ තියෙද්දි ඉස්සරහ කැබින් කොටසේ හිරවෙලා යන්න අපි ආස ඇයි?
අර දේශපාලන අන්ධ සංස්කෘතියේ සංඛේතයක් බඳු මේ පික් අප් ට්‍රක් තාමත් ආණ්ඩුවෙන්ම අරගෙන මංත්‍රීන්ට දෙන එකත් අලුතින් ප්‍රතිසංස්කරණයක් කර ගන්න බෑ වගේ වැඩක් තමයි. තිබුන එකේම දිගුවක්. පරණ වයින්ම තමයි. චින්තනය හමස් පෙට්ටියේ.
මාසික ප්‍රවහන දීමනාවක් දී නිදහස් වීම වෙනුවට, පික් අප් ට්‍රක් තොගයකට කර ගැසීම කෙතරම් ප්‍රඥාගෝචර ද?
රජයේ සේවකයන්ට සහ මන්ත්‍රීලාට රාජකාරි වැඩ වලට ටැක්සිවල යන්න සුදුසු දීමනාවක් දීලා රජයේ තියෙන වාහන ටිකත් විවෘතව open online bidding Auctions දාලා ජපානයේ වාහන වෙන්දේසි කරන විදිහට විවෘතව වෙන්දේසි කරන්න පුළුවන් නේද? එතකොට රජයට පාඩු වෙන්නෙත් නෑ ඒත් ආණ්ඩුවට සම්බන්ධ ගජමිතුරු හවුලට කුණු කොල්ලයට වාහන දෙන්න ලැබෙන්නෙත් නෑ හැබැයි.
හේන් වැහෙයි - පාර පිරෙයි | ගොවි සංවිධාන රැසක් මහ පාරේ විරෝධයේ... | ආර්ථික මධ්‍යස්ථානත් ගොවීන්ගේ සහායට එයි | "ගොවි පුතෙකුත් රජ වුණා...ගොවියාටම කෙළවුණා"
ReplyDeleteමන්ත්‍රීවරුන්ට, ආණ්ඩුවට වාහන මදි නම්, රුපියල් කෝටි 1250 ක වාහන ගෙන්වන්න ඕන නම්,
ReplyDeleteඇයි ගෝල්ෆේස් එකේ මහා සංදර්ශනයක් දාලා තිබුණු වාහන තමන්ගේ හිත මිත්‍රයන්ට විකුණලා දැම්මේ ?
එදා අපිට කිව්වේ ආණ්ඩුවට වාහන අතිරික්තයක් තියෙන කතාවක්නේ ?
මේ ආණ්ඩුවේ අනුර ඇතුලු සියලුම දෙනා හැරෙන හැරෙන පැත්තට කියන පට්ට පල් අතේ පැලවෙන ටොම් පච බොරු බේගල් වලට එරෙහිව අනිත් අය නඩු දැම්මා නම් සහ ආණ්ඩුවේ හෙංචයියන් නැතුව හරියට ආරක්ෂක අංශ ක්‍රියාත්මක වුණා නම් මේ ආණ්ඩුවේ ජනපති ඇමතිවරුන් ඇතුලු අති බහුතරයක් අධිකරණයට සාක්ෂි සහිතව ඉදිරිපත් කරන්න කටයුතු කළොත් මේ අයගෙන් ගොඩක් අය හිරේ ඉන්න ඕන කියලා සමාජ මාධ්‍ය ජාල වල කියන කතාව ගැන ඉයන් ගේ අදහස මොකද්ද?
ReplyDelete+++++++++++++++
ReplyDeleteමේ පහල තියන ලින්ක් එක මම දාන්නේ pra jay සහ Ian දෙන්නටම
Deletehttps://m.youtube.com/watch?v=oSo425WLmOQ
මේ නූගතෙක් කියලා කොන්කරපු හද්දා පිටිසර මොණරාගල ඈත ගමක නූගත් මිනිහා කරන කතාව බලන්න, මෙයාගේ කතාව සහ ප්‍රායෝගික දැනුම එක්ක ඔය කියන ඇවිදින පුස්තකාල වලට හැරෙන්නත් බෑ නේද අද?
ඉයන්, ඔයා මොකද හිතන්නේ හර්ෂ ඩි සිල්වා ගැන? පොරගේ ආචාර්ය උපාධියත් රන්වල කේස් එක වගේ කියලා සමාජ මාධ්‍ය ජාල වල සමහරු කියනවා නේද?
ReplyDeleteදැන් අනුර කුමාර ජනාධිපති තනතුරක් අරගෙන පොරගේ බැරිබැරියා මෙලෝ වැඩකට නැති කයිය පමණයි කියන එක එක්ස්පෝස් වුණා වගේ, බලයක්, තනතුරක් ලැබුණම රෙදි ගලවගන්න අනිත් බුවා තමයි හර්ෂ ඩි සිල්වා.
මිනිහට කටින් නම් දෙන්න පුලුවන් ඇට්ටි හැලෙන්න.
හැබැයි පොරගේ හැකියාවන් ගැන රනිල්ට නම් හොඳ කියවීමක් තිබුණා.
මංගලට මුදල් ඇමැති තනතුර දීපු රනිල් හර්ෂ පොඩි නියෝජ්‍ය ඇමති තනතුරක් දීලා ෂේප් එකේ එක්ස්පෝස් නොකර තියාගෙන හිටියා
ලංකාවේ හැම නායකයෙකුටම ආර්ථිකය හසුරවන්න කණ්ඩායමක් හිටියා.
රනිල්ට පාස්කරලිංගම්.
මහින්දට කබ්‍රාල්, පී.බි හිටියා.
පාස්කරලිංගම් ලා, පී.බි ලා, කබ්‍රාල් ලා ඇත්තටම තමන්ගේ විෂයේ දක්ෂයො.
හැබැයි සජිත්ට ආර්ථිකය සම්බන්ධයෙන් ඉන්නේ හර්ෂ නම් පොරටත් අබසරණයි.
කොටින්ම අද සජිත් දේශපාලනිකව පරාද වෙන්න සෑහෙන ලොකු වැඩක් හර්ෂ කළා.
2022 අරගලය වෙලාවේ රට භාරගන්න මුල්ම ආරාධනය ආවේ සජිත්ට.
හැබැයි ඒ වෙලාවේ ආර්ථිකය කිරලා මැනලා මේක ගොඩගන්න බෑ කියලා සජිත්ට කිව්වේ හර්ෂ.
සජිත් පස්සට ගියේ ඒකයි.
හැබැයි රනිල් අවබෝධයෙන් තේරුම් අරගෙන තනතුර බාර ගත්තා. ගත්තා විතරක් නෙවෙයි අවුරුද්දෙන් රට ස්ථාවර කළා.
ඕං හර්ෂගේ ආර්ථික දැනුම.
හර්ෂ සෑහෙන ජනප්‍රියවාදියි.
මිනිහා රැල්ල යන පැත්තට ගහන්නේ.
ඒ වගේම මිනිහා හැම වෙලාවෙම තමන් තනියෙන් ගොඩ යන්න දගලන චරිතයක්.
තමන් ඉන්න ධාරාව, පක්ෂය ගොඩනගන්න මිනිහට කිසිසේත්ම උවමනාවක් නෑ.
හැබැයි මිනිහා මාකටිං දන්නවා. ටීම් වර්ක් වෙච්ච, රනිල් පස්සෙ ඉදපු සුවසැරිය, දඹුල්ලේ ශීතාගාරය වගේ ගොඩක් ප්‍රොජෙක්ට්ස් වල මිනිහා තනියම ලකුණු දාගත්තා.
රනිල් ඒකට ඉඩදුන්නා. හැබැයි ඒ වගේ ජනප්‍රිය නොවුනු වොක්ස්වැගන් ෆැක්ට්‍රිය රනිල්ගේ පිට දාලා මෑන් ශේප් වුණා.
සජිත්ට දේශපාලනික අනාගතයක් අවශ්‍ය නම් ආර්ථිකය සම්බන්ධයෙන් ඇත්තටම දක්ෂ, අවංක, ටීම් වර්ක් කරන්න පුලුවන් මනුස්සයෙක් හොයාගන්න වෙනවා.
ඒ මනුස්සයා සජබයේ ඊලග ආර්ථිකය හසුරවන පුද්ගලයා විදියට ගෘම් කරන්න වෙනවා.
එතන දිගටම ඉන්නේ හර්ෂ නම් සජිත්ටත් අබසරණයි!
මේ වීඩියෝව බලන්න ඉයන්, බජට් එක සහ.කාලීන දේශපාලන ආර්ථික තත්ත්වය දෙස විමසිලිමත්ව බලන්න හිතෙන විදිහට හොඳට හදලා තියෙන වීඩියෝ එකක්
ReplyDeletehttps://www.youtube.com/watch?v=7eY7mZ-f8nk#
ඇත්තටම ඉයන්.... දැන් මරිමෝඩ රටගොන් මාලිමා ඩෝබිලට හොඳම එකෙන් කෙළවිලා තියෙන්නෙ..... මේදවස්වල මාලිමා ඩෝබි ගව සම්පත හැංගිලා ඉන්නෙ.. දිගින් දිගටම මාලිමාවට සම්බන්ධ දේශපාලකයන් කූඩු සහ අයිස් මත්ද්‍රව්‍ය එක්ක අහුවෙනවා....., අදත් හතරවෙනි මාලිමා මන්ත්‍රී මාට්ටු වෙලා නේද මත්ද්‍රව්‍ය එක්ක....ඒවා හෝදන්න බැරුව ඩෝබිලාට රෙද්දේම අසූචි පහවෙලා දැන්....., මාලිමා අයිස් කුඩ්ඩන්ව හෝද ගන්න බැරුව..අනිත් එක සාමාන්‍ය සමාජ මාධ්‍ය පරිශීලකයො දන්නවා දැන් ඩෝබි බලකායෙ මෙහෙයුම් ගැන...... ඩෝබිලා වට්ස් ඇප් ගෲප්වල සෙට් වෙලා සංවිධානාත්මකව මඩ ගැහුවට ඒවට උත්තර දෙන්න විපක්ෂ කණ්ඩායම් අසාර්ථක වූ නිසා පහුගිය දවස්වල මාලිමාවට විශාල සමාජ මාධ්‍ය බලයක් තිබුණා..... ඒත් දැන් ඒක කණපිට ගහලා දැන් සමාජ මාධ්‍ය වල සාමාන්‍ය මිනිස්සුම මාලිමා ඩෝබිලට දැන් දකිණ දකිණ තැන ප්‍රහාර එල්ල වෙනවා.......ඒක නිසාම දැන් ඩෝබිලා පුක බිම ඇනන් ඉන්නෙ......වැඩිය දගලන්න එන්නෙ නෑ....... කට උත්තර නෑ දැන් ගොඩක් ඩෝබිලාට....
ReplyDeleteමාලිමා ශාපයට බිලිවූ අපේ කුරුණෑගල දිස්ත්‍රික්කයේ පොල්පිතිගම සමූපාකාරයට වසර 3ක් තුලදී වු මහා ඛේදවාචකය !
ReplyDelete(ඉතා කෙටියෙන්......)
🔴 වත්මන් ආණ්ඩු පක්ෂය වන මාලිමාවට අයත් පිරිසක් 2023 වසරේදී පොල්පිතිගම සමුපකාරය පාලනය භාර ගන්නා විට සමිතිය සතුව කිසිදු ණය බරක් නොතිබිණි.
🔴 සෑම ගිණුමකම හා අරමුදල්වල ඉතාම විශාල මුදල් ප්‍රමාණයක් තැන්පත් ලෙස තිබුණි. (ඉන්ධන ආපදා අරමුදල, ක්ෂය වෙන් කිරීම අරමුදල,පාරිභෝගික, කොන්ත්‍රාත්, සාමාජික අවදානම් දැරීම, බදු සහණ හා ගොඩනැගිලි ආදී අරමුදල්)
වත්මන් පාලනය මෙම අරමුදල්වල ඇති මුදල් විශාල ලෙස රැගෙන දියකර ඇත.
🔴 පාරිභෝගික අංශයේ ගෙවිය යුතුව ඇති ණය (2025/09/30 දිනට)
🔺 ඉන්ධනහල ඉදිකිරීම (සමූපාකාර සංවර්ධන අරමුදල) 👉 2,68,72,757.00
🔺 ග්‍රාමීය බැංකු අංශය
(අභ්‍යන්තර) 👉 3,75,69,923.00
🔺 බැංකු අයිරාව 👉 83,03710.00
🔺 වෙළඳ ණය 👉 1,34,71,316.00
🔺පාරිභෝගික අංශයේ
ණය එකතුව 👉 8,62,17706.00
(අට කෝටි හැටදෙලක්ෂ දාහත් දාහස් හත්සිය හයකි)
🔴මෙම මුදල් සදහා පොළිය ගනනය කර නොමැත. එම පොලී මුදල්ද මේ සදහා එකතුවේ.
🔴 මීට අමතරව වත්මන් npp පාලක මංඩලයේ අකාර්යක්ෂම කළමනාකරණය නිසා සිදුව ඇති මූල්‍ය අක්‍රමිකතා.....
🔺 ඉන්ධනහලේ මුදල් වංචාව 👉 1,04,00,000.00
(නිකවැරටිය මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන සිදුකෙරේ)
🔺 පොල්පිතිගම ප්‍රධාන කෝප් සිටියේ මුදල් හා භාණ්ඩ හිඟය 👉 15,00,000.00
(විමර්ශනය - පොල්පිතිගම පොලීසිය)
🔺 ඉන්ධනහල දෙවනවර මුදල් හිඟ වීම (වංචාවක් විය හැක) 🤌10,00,000.00
(තීරකකරණයට යොමුකර ඇත)
🔴 මේ අනුව වත්මන් මාළිමා පාලනය යටතේ පොල්පිතිගම විවිධ සේවා සමිතියට අහිමිව (හෝ ණයවී) ඇති මුදල 👉👉👉 9,91,17,706.00 කි.
නම කෝටි අනූ එක් ලක්ෂ දාහත් දහස් හත්සිය හයකි.
(මෙම මුදල් සදහා ගෙවියයුතු පොළී මුදල් මීට එකතුකර නොමැත)
🔴 ග්‍රාමීය බැංකු අංශයේ අවදානම.....
🔺 ඉහළ සදහන් කල ණය ප්‍රමාණයෙන් බැංකු අංශයේන් ලබාගත් 3,75,00,000.00 ට වාරික වශයෙන් හෝ ගෙවා නොමැත.
🔺 සාමාජික හා සාමාජික නොවන තැන්පත් ලෙස වැඩි පොලියකට ලබාගත් මෙම මුදල් (8-10%) රැගෙන, 05% වැනි අඩු පොලියකට ඉන්ධනහල ඉදිකිරීමට බැංකු අංශයෙන් ලබාගැනීම තුල බැංකු අංශය අවදානමකට පත්කර ඇත.
🔺 චක්‍රලේඛ මගින් ලබාදී ඇති උපදෙස් මග හරිමින් බැංකු අංශයෙන් පාරිභෝගික අංශය වෙත චෙක්පත් මගින් මුදල් ලබාගැනීම. (සභාපතිගේ උපදෙස් මත)
🔺 සමූපාකාර අරමුදලින් ලබාගත් ණය සදහා පොලිය පමනක් ගෙවා ඇතිමුත් වාරික ගෙවා නොමැත.
🔺 ඉන්ධනහල හා මල්ශාලාව පාඩු පිට පවත්වාගෙන යයි.
🔴 මේ සියලුම කාරණා සම්බන්ධයෙන් සභාපති හා අධ්‍යක්ෂ මංඩලය වගකිවයුතු අතර සමූපාකාරය බිදවැට්ටවීමේ වගකීමද බාරගත යුතුය.
කතාව ඕන් ඔහොමය.
තව දෙයක්ද ඇත. එනම් මේවනවිට සියලුම ප්‍රාදේශික පාඩු පිට ගෙනයන අතර එකක් පමනක් (අඹගස්වැව) කියන්නත් ලැජ්ජා හිතෙන විදිහට රුපියල් සීයක (100/=) ලාබයක් ලබලා තියෙනවා.
2023 අවසාන කාලයේ දවසක අනුර කුමාර දිසානායක පොල්පිතිගමදී මහත් ආඩම්බරයෙන් උදම් ඇනුවේ පොල්පිතිගම සමූපාකාරයට මේන් මේ විපත්තිය ගෙන එන්නටයි.
එදත් අපි කීවේ තේ කඩයක්වත් නොකරපු උන්ට සමූපාකාරය වගේ මහජන දේපලක් පවරන්න එපා කියලා.
කොහේද......
ඊට පස්සේ රටත් බාර දුන්නා.
ඔය දැන් කොරලා තියෙන්නේ සනීපෙට.....
#පොල්පිතිගමසමූපේ
#ඈවරකිරීමෙන්
#ගලවාගනිමු.
ප.ලි. ඉවරයි කියලා හිතුවට ඉවර නෑ. තව තියෙනවා. ඒවත් ඉක්මනින්ම එළියට ගේනවා
ඇනෝල වැඩියි ඒයි.
ReplyDeleteකොමෙන්ට් එක කොටන්න හිතං පල්ලහට එද්දි ඒක අමතකයි 🙈
මේ කතාව ඇත්ත ද?
ReplyDelete//අයවැය ගැන මාධ්‍ය වලට අදහස් දක්වමින් මෙරට පරිභෝජනය කරන ප්‍රමාණයට වඩා තුන් හතර ගුණයකින් වැඩි අතිවිශාල ලූණු තොගයක් ලංකාවට ලූණු ආනයනය කර ගබඩා කරගෙන සිටීමට ව්‍යාපාරිකයකු කටයුතු කරගෙන සිටින බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා මාධ්‍ය වෙත අනාවරණය කළා.
තම ප්‍රදේශයේම ප්‍රබල ලූණු ව්‍යාපාරිකයෙක් රුපියල් 75කට ආනයනය කරන ලුණු රුපියල් 275 ක මුදලකට අලෙවි කරන ලද බවද ඔහු පැවසුවේය.
එම ව්‍යාපාරිකයා වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුවට විශාල ලෙස මැතිවරණ වලදී උදව් කරපු සහ ආණ්ඩුවට සම්බන්ධ ඉහළම මට්ටමේ දේශපාලන නායකයන් සමග සමීපව හිතවත්කමක් තිබෙන ප්‍රබල දේශපාලන සබඳතා පවත්වන අයෙක් බවත් තමන් ඔහුගේ නම නොපවසන්නේ තමාගේ මිතුරු එම ව්‍යාපාරිකයා ඔහුගේ නම නොකියන ලෙස තමන්ගෙන් ඉල්ලීමක් නිසා බවද හෙතෙම සඳහන් කළා//
මේක ඇත්තක් වෙන්න පුළුවන්ද?
ලංකාවේ ගොබ්බ ආණ්ඩුව "Double cabs " කියලා වාහන ජාතියක් 1775ක් ද කොහෙද මහා විසාල වාහන ලොට් එකක් ආනයනය කරන්න ටෙන්ඩර් දාලා නේද?
ReplyDeleteඇත්තටම ඉස්සර Pick up truck හෙවත් සැහැල්ලු භාණ්ඩ ප්‍රවාහන ට්‍රක්රථ(light duty truck) වලට එන්න ගත්තා සීට් පේලි 2 ක තියෙන කැබින් ...ඒවට ඩබල් කැබින් පිකප් ට්‍රක් කිව්වා... ලේසියට ඩබල් කැබ් කියල ලංකාවෙදි කිව්වා...තනි පේලිය තියෙන ඒවට සිංගල් කැබ් කිව්වා...
ඔහොම වාහන ජාතියක් ලෝකෙ නෑ
හැබැයි ඉතින් අපේ මුදල් අමාත්‍යංශෙ මෝඩ තකතීරු ඇමතිවරු ගොබ්බ ලේකම්ලා ටෙන්ඩර් එකේ දාල තියෙන්නෙත් double cab කියලා ... 😜😜😜
හරියට SUV නොකියා ඉන්ටර්කූලර් ඉල්ලුවා වගේ🤣🤣🤣
රටගැන හෝ රටේ මිනිසුන්ගැන හරිහමන් දැක්මක් කිසිම ආණ්ඩුවක තිවනෙ නැති හන්ද මේ ආණ්ඩුව බිහිවුණා. මේ ආණ්ඩු කෙරුවාව දිහාත් බලන් ඉන්නව එහෙම වෙයිද නොවෙයිද කියල හිටං.
ReplyDeleteඅයවැය ගැන විපරමක් නොකළ නිසා හරි අදහසක් නෑ!