රටින් මත්ද්‍රව්‍ය නැති කිරීමට අළුත් වැඩ පිළිවෙලක් ගැන අසන්නට ලැබෙයි. බොහෝ රටවල මෙන්ම වැඩි කථාවක් යොමුවන්නේ මත්ද්‍රව්‍ය ගෙන්වන්නන් සහ බෙදා හරින්නන් ගැනය. වසර කීපයකට පෙර පිලිපීනයේ ගෙන්වන්නන් සහ පාවිච්චි කරන්නන් ඝාතනය කිරීමෙන් මෙම උවදුර නැති කිරීමට උත්සාහයක් ගන්න ලදී. එමෙන්ම සෑම දියුණු නොදියුණු රටකම මෙම උවදුර නැතිකිරීමට දශක ගණනාවක් තිස්සේ විවිධ ක්‍රම භාවිතා කරමින් පැවතුනත් ඒ කිසිම රටක එම උවදුර සාර්ථක ලෙස පාලනය වීමක් දකින්නට නොලැබෙයි.
මගේ අදහස නම් මෙම උවදුර දීර්ඝ කාලීනව නැතිකිරීමට සාර්ථක ක්‍රමයක් තවමත් කිසිම රටක ක්‍රියාත්මක වී නොමැති බවය. බොහෝ රටවල මෙන් ලංකාවේද අද කථා කරන ක්‍රමයේ පාලක පක්ශයට ලකුණු දමා ගැනීම හැර විශාල වශයෙන් භාවිතය අඩු කිරීමක් ගැන උපායමාර්ගීක අධ්‍යයනයක් නැති බව මගේ හැඟීමයි.
එය පාලනය කිරීමට අවංක උවමනාවක් ඇත්නම් අවධානය යොමු කලයුතු වන්නේ සමාජයේ කොටස් දෙකක් එරෙහිය.
වඩාත් වැදගත් කොටස වන්නේ අද මත්ද්‍රව්‍ය භාවිත නොකරන එහෙත් අනාගතයේ ඒවාට ගොදුරු විය හැකි අය වෙතයි. වයස 12-15 කාලයේ පාසැල් තුලදීම ඒ පිලිබඳව දැනුම ලබා දීම ඉතා පහසුවෙන් කල හැක. සමාජයේ ජීවත් වීමට අවශ්‍ය දැනීම සහ දක්ශතා කිසිවක්ම ලබා නොදෙන අධ්‍යාපන ක්‍රමයෙන් වෙනස්වීම එක ක්‍රමයකි. අනික නම සිසුන් සහ තරුණයන් අතර මත්ද්‍රව්‍ය වලට පෙලඹීමට වැඩි ඉඩක් ඇති ඉගෙනීමට නොහැකියාව ඇති ලමුන්, දෙමව්පියන් ගෙන් අවශ්‍ය ආදරය නොලැබෙන ලමුන්, මානසික රෝග ලක්ෂණ පෙන්වන ලමුන් හදුනාගෙන සහ ඔවුන්ට අවශ්‍ය චිකිත්සාවන් ලබා දීමෙන් ඔවුන් මත්ද්‍රව්‍ය වලට පමණක් නොව අනිකුත් සමාජ විරෝධී ක්‍රියාවලට යොමුවීම අවම කරගත හැක.
ලමා සහ තරුණ පරපුර මේවා සඳහා යොමු වීම පාලනය කිරීමට දෙමව්පියන්ගේ සහභාගිත්වයද අත්‍යාවශය. කලයුතු හෝ නොකලයුතු දේවල්, ඇබ්බැහිවීම් වල ලක්ශණ ගැන සැලකිලිමත් වීම සඳහා දෙමව්පියන් දැනුවත් කිරීමද උවදුර මැඩලීමට අධ්‍යාපනය යොදා ගැනීමට ඇතුලත්ය. උවුන්ට උපදෙස් දීමට පැය 24 ක්‍රියාත්මක වන hotline එකක් ස්ථාපිත කල හැක.
අවධානය යොමුවිය යුතු දෙවන සමාජ කොටස වන්නේ අද මත්ද්‍රව්‍ය භාවිත කරන අයයි. ඒ අයගේ දෙමව්පියන් සහ පවුල් වල අයටත් ඔවුන් මුදා ගැනීමට උවමනවාක් ඇති බැවින් ඔවුන් හරහා භාවිතා කරන්නන් හඳුනා ගැනීමට පහසුය. ඔවුන්ට කරදර හෝ ලැජ්ජා නොවන ආකාරයෙන් පුනරුත්ථාපන භාරයට ගෙන ඇබ්බැහිවීමෙන් මුදා ගැනීමට තැත් කිරීමෙන් ඔවුන්ගෙන් විශාල ප්‍රතිශතයක් භාවිතයෙන් මුදාගත හැක. පුනරුත්ථාපනය වෙන අතර ඔවුන්ගේ කැමැත්ත හෝ හැකියා අනුව රැකියා පුහුණු ලබා දීමද කල යුතුය.
ඉහත ක්‍රම දෙකෙන් අනාගතේදී මත්ද්‍රව්‍ය භාවිතය යොමු විය හැකි අය අඩු කිරීමෙන් සහ අද භාවිතා කරන්නන් මහ පරිමානයෙන් පුනරුත්ඨාපනය කිරීමෙන් මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම විශාල වශෙන් අඩු කල හැකිය.
තුන්වන එමෙන්ම වැදගත්ම පියවර විය යුත්තේ ගංජා නීතිගත කිරීමයි. නීතීගත කිරීමෙන් ගංජා මිල විශාල වශයෙන් පහල යන නිසා අනිකුත් මිල අධික මත්ද්‍රව්‍ය වලට ඇති ඉල්ලුම පහල යනු ඇත. කැනඩාව වැනි දියුණු රටවල් ගංජා තහනම සම්පූර්ණයෙන්ම ඉවත් කර ඇති අතර නියාමනයක් යටතේ ගංජා සහ ඒවායින් නිපදවන දේවල් විකිණීම නීතිගත කිරීමෙන් රජයද විශාල ආදායමක් උපයා ගනී. ඇමෙරිකාවේද ප්‍රාන්ත 20 ක පමණ විනෝදය සඳහා ගංජා භාවිතය නීත්‍යානුකූල කර ඇත.
රටට මෙම උවදුර පාලනය කිරීමට අවංක වුවමනාවක් ඇත්නම් මෙලෙස භාවිතය සහ ඉල්ලුම අඩුකිරීම සහ ගංජා නීතිගත කිරීම වැනි දේවල් ඇතුලත් සම්පූර්ණ වැඩ පිලිවෙල සකස් කොට සියළුම පක්ෂ සහ සමාජයෙඔ අනික් ඔටස් වල සහයෝගය ලබා ගෙන විස්තීරණ වැඩ පිලිවෙලක් ක්‍රියාතමක් කිරීමයි.
හැප්පිලා බලමු !!

ඉතා හොඳ ලිපියක් ඉයන් . ගංජා නීතිගත කිරීමට ඩයනා ගමගේ යෝජනා කල කාලෙත් මම සහය දුන්න .බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ සුද්දෝ අරක්කු විකුනන්න ඕනේ නිසා තහනම් කල දෙයක් නේ . බෙහෙතක් නමුත් දිගට ගන්න හොඳ නැහැ කියනවා Schizophrenia වගේ හැදෙනවා කියල . නමුත් පාලනය කරලා කරන එක හොද්නයි . ලංකාවට ඩායමක් ගන්නත් පුළුවන් . නිකන් වැවෙන ශාකයක් . අයිස් වගේ දේ අනිවාර්යයෙන් අල්ලන්න ඕනේ . 100% කරන්න පුළුවන් වෙන එකක් නැහැ . නමුත් අඩු කරගන්න පුළුවන් වෙයි
ReplyDeleteගංජා නීතිගත කීරීමෙන් ඒවටා වවන්නන්, ආශ්‍රිත නිශ්පාදනය කරන්නන්, බෙදාහරින්නන් ජාලයෙන් රැකියා හැදෙනවා මෙන්ම සුළු බද්දක් පනවා ආදායමක් ලබා ගන්න පුළුවන්. වඩා වටින්නේ වියදම අධික වඩා හානිකර අනික් මත්ද්‍රව්‍ය වලින් බොහෝ කොට්සක් ඉවත් කර හැකිවීම.ස්තූතියි අජිත්.
DeleteThis comment has been removed by a blog administrator.
Deleteටිල්වින් ස්ත්‍රී දුෂකයෙක් බව නන්දන යලිත් තහවුරු කරයි.
Delete" චම්පික කියන විදිහට ටිල්වින් IRC කාරයෙක් විතරද " නමින් ඊයේ රටේ රාළ වෙබ් පිටුවේ පලවු පුවතට ටිල්වින් සම්බන්ධව ජවිපෙ හිටපු දේශපාලන මණ්‌ඩල සභික සහ 1999 ජවිපෙ ජනාධිපති අපේක්ෂක නන්දන ගුණතිලක දමා ඇති කමෙන්ටුව පහත දැක්වේ..
තමංගෙ ගෑනිව මොරටුවෙ ලක්ෂ්මන්ගෙ ලී මඩුවෙ ඇසිඩ් බාත් එකකට දාල මරන්න සැලසුම් කරල මුල් හවුල් කාරයො අකැමැති වුනහම අත් හැරල දාන්න වුනා.ලක්ෂ්මන් පස්සේ මලා. ටිල්වින්ගෙ නෝන නතරවෙලා හිටපු තැන ලකී එක්ක ඔත්තු බලන්න ගිය එක්කෙනෙක් පදිංචි ජපානෙ.
මූ මේ ලී මඩුවටම,අම්පාරෙ නංගි කෙනෙක්ව ( පක්ෂෙ සහෝදරියක් - දැං විවාහ වෙලා ඉන්නෙ පෙරටුගාමී ජ්‍යේෂ්ඨ ක්‍රියාකාරිකයෙක් එක්ක ) බෝලෙ බස්සල අරන් ගිහින් අතවර කරන්න හදද්දි ඒ නංගි ළතෝනි දීගෙන පාරට පැන්නා.ගම්මු මඩුව වටකරා.මුගේ හොඳ වෙලාවට ලක්ෂ්මන් ආවා.ඌ බොරුවක් කියල නංගිවත් ෂේප් කරගෙන ටිල්වියව බේරගත්තා.නැත්තං මූ ගම්මුංගෙන් ගුටිකාල මැරෙන්නෙ එදා.. !!!
😡 මේ ගැන සැකයට සුජාතා සහෝදරී ලියාපු ලියුමක් තියෙනවා.
😡 දිමුතු ලියාපු ලියුමකුත් තියෙනවා මුගේ " සහෝදරාත්මක " .ලිංගික බලහත්කාරය ගැන...!!!
දිමුතු දක්ෂ සහෝදරියක්.මූ ඇයව විනාශ කලා..
ඇය මූ නිසා සිය දිවි නසාගන්න ගියා.පස්සෙ චීනෙත් එක්ක කථාකරල භාෂා පාඨමාලාවකට යවනව කියල දිමුතුව ලංකාවෙ හංගල තිබ්බා.මුං දේශපාලන මණ්ඩලෙත් ඇන්දුවා - සෝමවංශ ටිල්වින් හවුල.
භාෂා පාඨමාලාවට ගියැයි කිව්ව දිමුතු මාස 5 කින් විතර ආපහු ආවා.
කොහොම හරි අන්තිමට " අංග විකල " පොරකගෙ ගෙදරට අළුත් දරුවෙක් ලැබුනා.ඇරපු අතක් නෑ ,ඒ කූනිස්සම තමයි.
සෝමවංශ මූව ආරක්ෂා කලා.ඔය සිදුවීම් 2004 - 2005 අතර සිද්ධ වුනේ..
( අන්තිමට එහෙව් කරපු සෝමවංශට පක්ෂෙ දාලයන්න ගේම් ගහල,ගියහම පිස්ස කිව්වෙත් මූයි අනුරයි )
වරෙං ටිල්වින් ස්ත්‍රී දූෂකය.. උසාවි.
මේ කාන්තාවො ඔක්කොම උසාවි එනව උඹට එරෙහිව ...!!!...
■ රටේ රාළගේ සටහන.
විල්වින් මොන යුනිට් හදලා අපිව මරන්න හැදුවත්,
ඊට ඉස්සෙල්ලා සියල්ල හෙලිවේවී.
ටිල්වින්ලා වර්තමාන ජවිපෙට කළ අපරාධය
ජවිපෙ ඉතිහාසයට කළ අපරාධය
සහ ටිල්වින් විසින් අපයෝජන කරපු සහෝදරියන් හෙට දවසේ කතා කරාවි.
අපිට කරපු පහරදීම් එකින් එක එලියට ඒවි.
අසුච්චි පැකට් උස්සගෙන ගෙවල්වලට ආපු ටිල්වින්ගේ අසූචිචි බලකායේ නම් එලියට ඒවි.
හැප්පිල බලමු.
This comment has been removed by a blog administrator.
Deleteරුසියාව වැළැක්වූ මෝදි ඝාතන ඩකා කුමන්ත්‍රණය
Deleteඉන්දීය අගමැතිවරයා නින්දට යෑමට පෙර කිරි පානය කිරීමේ පුරුද්දක් තිබුණි, එබැවින් ඔහුගේ සහයක රාම්නාත් ඔහුට කිරි දුන්නේය. එය පානය කිරීමෙන් පසු අගමැතිතුමා නොසන්සුන්ව කාමරය වටා ඇවිද ගොස් ජලය ඉල්ලා සිටියේය. රාම්නාත් ඔහුට ඇඳුම් මේසය මත තිබූ තර්මෝස් බෝතලයකින් ජලය ලබා දුන්නේය. පසුදා කාබුල් වෙත යන ගමන සඳහා ඉක්මනින් අවදි වීමට සිදු වූ බැවින් අගමැතිවරයා තම සහායකයාට ඔහුගේ කාමරයට ගොස් නිදාගැනීමට කීවේය. මෙහිදී රාම්නාත් අගමැති සිටින කාමරයේ බිම නිදා ගැනීමට ඇති ආශාව ප්‍රකාශ කළ නමුත් ශාස්ත්‍රි ඔහුව ඔහුගේ කාමරයට යවා තිබිණි.
ඇමෙරිකානු හමුදාවේ උතුරු කැරොලිනාවේ ෆෝර්ට් බ්‍රැග් හි මූලස්ථානය කර ඇති 1 වන විශේෂ බළකා අණදෙන නිලධාරි ටෙරන්ස් ආර්වෙල් ජැක්සන් බංගලාදේශයේ ඩකා අගනුවර පිහිටි වෙස්ටින් හෝටලයේ 808 කාමරයේ මියගොස් සිටියදී සොයා ගන්නා ලද්දේ පසුගිය අගෝස්තු 31 වැනිදා රාත්‍රියේය. ඔහු වයස අවුරුදු 50 ක් පමණ වූ අතර උතුරු කැරොලිනාවේ රේෆර්ඩ්හි පදිංචිකරුවෙකි. ඩකා පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණ මගින් ස්වාභාවික හේතූන් මත මියගොස් ඇති බව ප්‍රකාශ කර තිබූ අතර කිසිදු අකටයුතුකමක් පිළිබඳ සාක්ෂි හමුවී නොමැත. ජැක්සන්ගේ දේහය මරණ පරීක්ෂණයකින් තොරව ඇමෙරිකානු තානාපති කාර්යාලයට භාර දුන් අතර, මෙලෙස නිසි පරීක්ෂණයකින් තොරව සිරුර භාරදීම පිළිබඳ ප්‍රශ්න මතු විය. එහෙත් තවත් මාධ්‍ය පවසා තිබුණේ හමුදා නිලධාරියා විස ශරීරගත වීම නිසා මරණයට පත්ව ඇති බවයි. ජැක්සන් වසර 20 කට වැඩි ඇමෙරිකානු හමුදාවේ සේවය කර ඇති අතර රහසිගත සීඅයිඒ මෙහෙයුම්වල ප්‍රමුඛ චරිතයකි. සිරියාවේ හා ඇෆ්ගනිස්තානයේ රහසිගත මෙහෙයුම්වල නිරතවූ ජැක්සන් ඩකා අගනුවර සිට ක්‍රියාත්මක වීම ඉන්දීය බුද්ධි අංශවල බලවත් විමසිල්ලට ලක්විය. ඇත්තෙන්ම ඩකාහි සිදු වූ අභිරහස් මරණය කලාපයේම බුද්ධි අංශවල කුණාටුවක් ඇති කර තිබේ. මන්ද දැන් ලැබෙන ආරංචි අනුව මියගිය හමුදා නිලධාරියා ක්‍රියාත්මක වී ඇත්තේ ඉන්දීය අගමැතිට හානියක් කිරීම සඳහාය. මේ රහසිගත කුමන්ත්‍රණය පිළිබඳව රුසියානු බුද්ධි අංශවලට තොරතුරු ලැබී ඇති අතර ඒ අනුව රෝ සංවිධානය සමග එක්ව ඩකා අගනුවර කුමන්ත්‍රණය නිෂ්ක්‍රීය කිරීමට කටයුතු කර තිබේ. මේ පිළිබඳව විස්තරයක් ඉන්දීය පුවත්පතක India, Russia foil CIA plot to assassinate PM Modi? Mysterious death of Terrence Jackson in Dhaka fuels speculations’ යනුවෙන් පසුගිය සතියේ පළව තිබිණි.
ඇත්තෙන්ම චීනයේ ටියැන්ජින් හි පැවති ෂැන්හයි සහයෝගිතා සමුළුව අතරතුර අගමැති නරේන්ද්‍ර මෝදි ඝාතනය කිරීමට CIA සංවිධානය කුමන්ත්‍රණය කර තිබේ. එය ක්‍රියාත්මක වූයේ ඩකා සිටය. මෙය ත්‍රාසජනක චිත්‍රපටයක කතාවක් මෙනි. ටියැන්ජින් හි සමුළුව පැවැත්වුණේද අගෝස්තු 31 හා සැප්තැම්බර් 01 යන දෙදින තුළය. කාලයක් චීනය සමග ආරෝවක සිටි ඉන්දීය අගමැතිවරයා වසර හයකට පසු පළමුවරට චීනයට ගියේ මේ අවස්ථාවේය. එහිදී චීන දේශය තුළ ඉන්දීය අගමැතිවරයා ඝාතනය කර එහි වගකීම චීන ආණ්ඩුවට පැවරීම CIA උපාය වී තිබිණි. නමුත් රුසියානු චීන හා ඉන්දීය බුද්ධි අංශ එක්ව මෙය වළක්වා තිබේ. චීනයේ MSS, ඉන්දියාවේ RAW සහ රුසියාවේ FSB විසින් බෙදා ගන්නා ලදැයි කියන රහස් අනතුරු ඇඟවීමක් මගින් මේ කුමන්ත්‍රණය ව්‍යර්ථ කර තිබේ. ඇමෙරිකානු හමුදා නිලධාරියා ඝාතනය වන්නේද සමුළුවේ පළමු දිනයේ රාත්‍රියේය. චීන සමුළුවේදී අගමැති මෝදී රුසියා ජනපතිගේ අධිආරක්ෂක රථයේ එක්ව ගමන් කරනු දක්නට ලැබිණි. ඒ මේ කුමන්ත්‍රණය වැළැක්වීම සඳහාද? මේ දෙදෙනා ඒ රථයේ විනාඩි 45ක් එක්ව ගමන්කර තිබේ. එහිදී රාජ්‍ය නායකයන් දෙදෙනා කතා කළේ මොනවාද? ඩකා නුවර සිදුවන්නේ කුමක්ද ගැන ජනපති පුටින් ඉන්දීය නායකයාට පැහැදිලි කරන්නට ඇත.
අගමැති මෝදි විසින් සිදුකරන කරන ලද තවත් ප්‍රකාශයක් නිසා මේ ඩකා කුමන්ත්‍රණය සහතික කිරීමට යම් සහයක් ලබා දෙයි. සැප්තැම්බර් 2 වන දින, චීනයේ ටියැන්ජින් සිට ආපසු පැමිණීමෙන් පසු දින, අගමැති මෝදි විශේෂ සම්මන්ත්‍රණයක් ඇමතීය. එහිදී ඔහු පවසා තිබුණේ කුමක්ද? “මම චීනයට ගිය නිසා ඔබ අත්පුඩි ගසනවාද නැත්නම් මම යහතින් ආපසු පැමිණි නිසා ඔබ අත්පුඩි ගසනවාද?” විශ්ලේෂකයන්ට අනුව, අගමැති මෝදිගේ මෙම ගුප්ත ප්‍රකාශ බරපතළ පණිවිඩයක් බවට පරිවර්තනය වේ. එය අගමැතිතුමා මුහුණ දෙන ජීවිත තර්ජන සම්බන්ධයෙන් පණිවිඩ යවන බව නොපෙනේද?
අගෝස්තු 30 රාත්‍රියේ ඉන්දීය හා රුසියානු බුද්ධි අංශ මගින් ඩකා හි සිට ක්‍රියාත්මක වන අනතුරුදායක දුරකථන සංවාද නිරීක්ෂණය කර තිබේ. ඒ අනුව ඒකාබද්ධ රහසිගත මෙහෙයුමක් ක්‍රියාත්මක කර තිබේ. එහි ප්‍රතිපලය වන්නේ හෝටලයේ මරණයයි. මේ ගැන ඇමෙරිකාව කිසිම නිල නිවේදනයක් සිදුකර නැත. එසේම ඉන්දීය රජයද මෝදිට එරෙහි මෙහෙයුමක් පිළිබඳ කිසිම ප්‍රකාශයක් කර නැත. නමුත් නොදන්නා නොකියන කතා බොහොමයකි.
ඇමෙරිකානු රාජ්‍යය හා එහි කුප්‍රකට බුද්ධි අංශය වන මධ්‍යම බුද්ධි ඒජන්සිය (CIA) ලොව පුරා ප්‍රසිද්ධ වන්නේ එහි සුවිශේෂී කුමන්ත්‍රණ සඳහා ය. පාලන විරෝධී සටන් අවුලුවාලීම, සිවිල් නැඟිටීම් හරහා නීත්‍යානුකූලව ස්ථාපිත ආණ්ඩු පෙරළා දැමීම සහ ඇමෙරිකානු ආධිපත්‍ය අභිලාෂයන් පෝෂණය කිරීම වෙනුවෙන් එහි කාර්යය වඩා පුළුල්වේ. 1979 සෝවියට් ආක්‍රමණය අතරතුර ඇෆ්ගනිස්ථානයේ ඇමෙරිකානු ක්‍රියාකාරකම් සහ බංග්ලාදේශයේ සහ නේපාලයේ මෑතකාලීන පාලන තන්ත්‍ර අස්ථාවරත්වය දක්වා, දකුණු ආසියාවේ දේශපාලන නාට්‍යය පිටුපස CIA සැබවින්ම සැඟවුණු අතක් ඇති බව ප්‍රසිද්ධ රහසකි. එම නිසාම අගෝස්තු 31 වන දින බංග්ලාදේශයේ ඩකා හි හෝටල් කාමරයකදී ඇමෙරිකානු විශේෂ බළකායේ නිලධාරි ටෙරන්ස් ආර්වෙල් ජැක්සන්ගේ අභිරහස් මරණය පිළිබඳ නවතම කථාංගය, ඇමෙරිකානු බුද්ධි අංශ සම්බන්ධයෙන් තවදුරටත් සැකයන් ඇති කරන බව අමුතුවෙන් කිව යුතු නැත. එහෙත් ඉන්දියාව කිසිවක් ප්‍රසිද්ධියේ නොපවසන්නේ එය ඔවුනට පාරාවළල්ලක් වන නිසාය. නමුත් තමන්ගේ තෙල් සම්පත නොපැකිලව මිලදී ගන්නා රාජ්‍ය නායකයා ආරක්ෂා කිරීමට රුසියාව ඉදිරිපත් වේ. ඇත්තෙන්ම ඉන්දියාව හා චීනය නොමැතිනම් රුසියාව සුරැකෙන්නේ නැත. යුක්‍රේන ආක්‍රමණයට මුදල් සපයා ගැනීමටද නොහැකිවේ. ඇමෙරිකානු රාජ්‍යය වත්මන් ඉන්දීය පාලනයට අකමැතිය. ඔවුන්ට චීනයට අත තැබිය නොහැකි වුවත් ඉන්දියාව සෙලවීමට උත්සහ කරයි.
Deleteඉන්දියාවේ දෙවැනි අගමැතිවූ ලාල් බහදුර් ශාස්ත්‍රී 1966 ජුනි 11 වැනිදා උස්බකිස්තානයේ ටෂ්කන්ට් හි මරණයට පත්විය. මොහුගේ මරණය ස්වාභාවික එකක් නොවන බව ප්‍රකටය. පාකිස්තානය සමග ගිවිසුමක් අත්සන් කිරීම සදහා ටෂ්කන්ට් වෙත අගමැතිවරයා ගොස් තිබිණි. මේ ගැන කතාව මෙසේය.
ඉන්දීය අගමැතිවරයා නින්දට යෑමට පෙර කිරි පානය කිරීමේ පුරුද්දක් තිබුණි, එබැවින් ඔහුගේ සහයක රාම්නාත් ඔහුට කිරි දුන්නේය. එය පානය කිරීමෙන් පසු අගමැතිතුමා නොසන්සුන්ව කාමරය වටා ඇවිද ගොස් ජලය ඉල්ලා සිටියේය. රාම්නාත් ඔහුට ඇඳුම් මේසය මත තිබූ තර්මෝස් බෝතලයකින් ජලය ලබා දුන්නේය. පසුදා කාබුල් වෙත යන ගමන සඳහා ඉක්මනින් අවදි වීමට සිදු වූ බැවින් අගමැතිවරයා තම සහායකයාට ඔහුගේ කාමරයට ගොස් නිදාගැනීමට කීවේය. මෙහිදී රාම්නාත් අගමැති සිටින කාමරයේ බිම නිදා ගැනීමට ඇති ආශාව ප්‍රකාශ කළ නමුත් ශාස්ත්‍රි ඔහුට ඔහුගේ කාමරයට යවා තිබිණි.
ශාස්ත්‍රිගේ ලේකම්වරයා ඔහුගේ අවසන් බියකරු මොහොත සිහිපත් කරයි අලුයම 1.20 ට, අගමැතිවරයා මගේ දොරට තට්ටු කරමින්, ‘වෛද්‍යවරයා කොහෙද?’ කියා දැඩි වේදනාවෙන් විමසා සිටියේය. ඉන්පසු ඔහු දරුණු ලෙස කහින්නට පටන් ගත්තේය, ඔහුගේ මුළු සිරුරම ගැහෙන්නට විය. පුද්ගලික සහායකයන් ඔහුව නැවත ඇඳ දිගාකරන ලදී. පානය කළ ශාස්ත්‍රි ඔහුගේ පපුවට ඇඟිල්ල දිගු කර ක්ලාන්ත විය. එයින් කතාව අවසන් විය. මේ මරණය පිටුපස ඇමෙරිකාවේ මධ්‍යම බුද්ධි ඒජන්සිය සිටින බව ඒ කාලයේම ප්‍රකට විය.
ලෝක නායකයන් ඝාතනය කිරීම සඳහා CIA සංවිධානය විසින් සිදු කරන ලද මෙහෙයුම් අතරින් වඩාත් කුප්‍රකට ඒවා වූයේ දිවංගත කියුබානු ජනාධිපති ෆිදෙල් කැස්ත්‍රෝ ඉලක්ක කරගත් ඒවාය. ස්නයිපර්වරුන්ගේ සිට පුපුරා යන සුරුට්ටු සහ විවධ චිත්‍රපට කතාවලට සුදුසු පරිකල්පනීය කුමන්ත්‍රණ දක්වා නොයක් උත්සාහයන් ගෙන තිබුණි. නමුත් කැස්ත්‍රෝ සම්බන්ධයෙන් CIA උත්සාහයන් නිෂ්ඵල වුවද, 1945 සිට ඇමෙරිකානු බුද්ධි ඒජන්සිය ලොව පුරා වෙනත් තැන්වල නායකයන් පෙළක් – සෘජුව හෝ බොහෝ විට, කුලියට ගත් අපරාධකරුවන් හෝ නම්‍යශීලී විරුද්ධවාදීන් යොදා ගනිමින් එම නායකයින් බලයෙන් පහ කිරීමට හෝ මරා දැමීමට සමත් වී ඇත.
කොංගෝවේ පළමු අගමැති පැටි්‍රස් ලුමුම්බා, රුසියාවට වඩා සමීප යැයි ඇමෙරිකාව විසින් විනිශ්චය කරන ලදී. 1960 දී, සීඅයිඒ විසින් මාරාන්තික වෛරසයකින් ඔහුව මරා දැමීමට විද්‍යාඥයකු යවන ලදී, නමුත් 1960 දී වෙනත් ක්‍රම මගින් ඔහු ධුරයෙන් ඉවත් කරන විට මෙය අනවශ්‍ය විය. පසුව ඔහු කොන්ගෝවේදී ඝාතනය විය. 1960 ගණන්වල ඝාතනයට ලක් වූ අනෙකුත් නායකයන් අතර ඩොමිනිකන් නායක රෆායෙල් ටෘජිලෝ, ඉන්දුනීසියාවේ ජනාධිපති සුකර්නෝ සහ දකුණු වියට්නාමයේ ජනාධිපති එන්ගෝ ඩින් ඩියම් ඇතුළත් විය. 1973 දී, උග්‍ර වාමාංශිකයකු ලෙස සැලකෙන චිලී ජනාධිපති සැල්වදෝර් ඇලෙන්ඩේ බලයෙන් පහ කිරීම සංවිධානය කිරීමට CIA සංවිධානය උදව් කළේය. ඔහු කුමන්ත්‍රණය සිදු වූ දිනයේදී හිසට වෙඩි තබාගෙන සිය දිවි නසා ගත්තේය. අවසන් මොහොතේ ගත සේයාරුවක ඔහු AK47 ස්වයංක්‍රීය රයිෆලයක් තදින් අල්ලාගෙන සිටී. මෙය කියුබාවේ ෆිදෙල් කැස්ත්‍රෝගෙන් ලැබුණු තෑග්ගකි. එය යොදාගෙන ජනපතිවරයා අවසන් ගමන් ගියේය.
පදිංචියට ධනවාදී රටවල්වලට ගිය අය එහෙ ඉඳන් මෙහෙ සමාජවාදෙ හදන්ට ට්‍රයි කරන්නෙ ඇයි ?
Deleteපදිංචියට ධනවාදී රටවල්වලට ගිය මිනිස්සුන්ට එහෙදි මෙහෙ වගේ ආන්ඩුවෙන් දෙන සුබසාධනෙන් උලාකකා ඉන්න බෑ, එහෙදි ජීවත්වෙන්න නම් වැඩකරන්න ඕන.. ඒ වගේම එහෙදි අපෙ අය දෙවන ගනයේ පුරවැසියො පිරිසක්. මේ අයට එහෙ මුල් පුරවැසින් අතින් කෙයාර් නොකිරීම් වගේ දේවලුත් සිද්ද වෙනව. එතනදි පිටස්තර බවක්, යම් හීනමානයක් මේ අයට දැනෙන්ට ගන්නවා.
එතකොට මෙහෙන් එහෙට ගිය අපේ කට්ටියගේ ඔළුවේ වැඩකරන්ට ගන්නවා මෙහෙම මනෝ විකාරයක්.. “ලංකාව කේතුමතියක් වෙලා තිබ්බ නම් අපිට වැඩට මෙහෙට එන්න වෙන්නෙ නෑ. බටහිර එවුන්ට, අරාබිකාරයන්ට, ජපනුන්ට, කොරියොන්ට තමා වැඩ හොයාගෙන ලංකාවට එන්න වෙන්නෙ.. එහෙම උනා නම් අපි මහේශාක්‍ය සහ උන් අපේ ගාව දෙවන පුරවැසියො වෙලා වැඩ..”
මේකට ඊළඟට හොයාගන්නවා ලංකාව කේතුමතියක් කරන්ට දුන්නෙ නැති හතුරෙක්..
ඒකට අහුවෙන්නෙ ප්‍රබාකරන්, හිටපු පාලකයෝ, වගේ අරුං මුන් තමා…
එහෙ ස්වදේශිකයො මුන්ව පීච්චං කරන්ට කරන්ට ලංකාව ස්වර්ගයක් කරන්ට දුන්නෙ නැති ප්‍ර්‍රබන්ධ දුෂ්ඨයාට එරෙහි බොක්කෙ වෛරය පැහැවන්ට ගන්නවා.. “වයින් බෝතලයක්ම බිව්ව” කියන හාදයගෙ ගෝත්‍ර වාක්‍යවල මූලය එන්නෙත් එතනින්.
ඇත්තටම ගත්තම කේතුමතී මඟුල පැත්තකින් තිබ්බත් ලංකාව තරමක හෝ දියුණු රටක් බවට පත්කරන්ට බැරි උනේ විදෙස් ආයෝජකයන්ට සහ ජාත්‍යන්තර ප්‍රාග්ධනයට රට ඇතුලට එන්ට නොදී පලිගහගහ අරගල කරපු, පොලොවෙ පස්කාපු ජාතික හා ජාතිවාදී වම්මු නිසා..
ලංකාවේ පාලකයො කියන්නෙත් ලංකාවේ ජනතාවගෙම කොටසක්.. උන් දෙන්නෙත් මේ අන්දොස් ජනතාව ඉල්ලන දූපත්වාදී සුබසාධන දේශපාලනයම මිස වෙන එකක් නෙමේ..
හොරකම කියන එකත් සන්දර්භගත ජනතා ගතිකයක්.. මේකෙ මොකා ආන්ඩු බලය ගත්තත් ටික කාලයක් යනකොට උන් හිටපු උන්ට වඩා පට්ට හොරු වෙනවා..
කාලීන ලිපියක්. බොහොම හොඳ යෝජනාවක්. ඉස්සෙල්ලාම මේ පද්මෙලා, ඉෂාරලා පුම්බන එක නවත්තුව නං හොඳයි. දැඩි දඩුවම් දෙන්න ඕනෙ.
ReplyDeleteදිනපතා ප්‍රවෘත්ති මැවීමට හැර ඇත්තටම ප්‍රශ්ණයට විසඳුමක් හොයන්න ප්ලෑන් එකක් නැහැ වගේ. ඇබ්බැහි වූවන්ට භාර වෙන්න කියන්න ඉස්සෙල්ල මහා පරිමානයෙන් පුනරුත්තාපනය කරන්න තාවකාලික පහසුකම් වත් හදාගෙන ඉන්න ඕන.
Deleteකිසිම සැලැස්මක් නෑ ඉයන් ඔහේ හිතෙන හිතෙන හැටියට විගඩම් පටන් ගත්තට කරන හැම දේම හද්ද කුජීත වෙලා රීගෙන හත්පොලේ ගාගෙන දඟලන්න විතරයි දන්නේ
Deleteඉයන් මෙතන කරන යෝජනාව හරිම ප්‍රායෝගික එකක්, ඇත්තටම ඉයන් කියන දේ කළොත් යම් සැලකිය යුතු මට්ටමක සාර්ථක ප්‍රතිඵල ලබාගත හැකි බවට මටත් හිතෙනවා, නමුත් ඒකෙන් මිනිස්සු රවට්ටලා ලකුණු දාගන්න නම් එච්චර ලේසි වෙන්නේ නෑනේ නේද පොඩි ලමයින්ට ඒකේ වටිනාකම තේරිලා ඡන්දය දෙන්න ලැබෙන කොට කාලයක් යනවනේ
ඇත්තටම ඉයන මං දන්නෑ මේ ආණ්ඩුවේ කීවෙනි රිවස් එකද කියලා. ආණ්ඩුව දැන් පුරුද්දක් විදියටම කරන්නේ මොකක් හරි වැඩක් කෙලවේගෙන එනකොටම “අඩී කවුද අඩී මේවා මේ කරන්නේ” කියලා කාගේ හරි ඇගේ ගහලා අකුලගන්න එක. මේකට ගම් වල නම් කියන්නේ “ කවුද එකෙක් මගේ අමුඩේ රී# යකෝ “ කියලා. කෙලවෙන එක වැඩක්වත් ආණ්ඩුවෙන් කරන ඒවා නෙමෙයි කවුදෝ මංදා නොදන්න එකෙක් කරපුවා.
අද මේ අකුලා ගත්තේ අලි එලවිල්ල, ඊයේ අර සුලං බලාගාර හැදිල්ල, ඊට කලින් නර්ස්ලට හිජාබ් ඇන්දවිල්ල, ඊටත් කලින් මං හිතන්නේ ලූණු මැනිල්ල. ඔය වගේ එකී මෙනී නොකී කී සීයක් නම් හද්දා ගොන් අමු තකතීරු මැටිමෝල් වැඩ මේ අවුරුද්දට කීයක් රිවස් කරාද. රිවස් කරන විදිය තමා මරුම. “අනේ අපි දන්නෑනේ, දැනන් හිටියා නම් මේවා මෙහෙම කරන්නෑනේ” කිය කිය රිවස් කරනවා. ඉස්සර නන්දසේන.මෝලාගෙ නම් රිවස් ගනින්න උන් හරි හිටියා. දැන් ඉතිං උනුත් නෑනේ. උන් දැන් ආණ්ඩුවේනේ
ආණ්ඩුව මේ දක්වා දිව්වේ අනුරගේ වාචාල කථන හැකියාවෙන් විතරමයි. කට්ටිය වත්ත වටේ නානකොට අනුර කොහෙන් හරි එලියට ඇවිල්ලා හෙන සද්දෙන් කතාවක් කරලා ආයේ ගුලට රිංගනවා. එතකොට ඉතිං ඩෝබිලාට යන්තම් සතියක් හමාරක් ඇදගෙන යන්න කතාවෙන් බඩු සෙට් වෙනවා. මේ යන විදිය බැලුවම නම් අනුරට ඉස්සරහට සිද්ද වෙනවා නොනවත්වාම කතා කර කර ඉන්න. එහෙම නොකර නම් මේ හාන හෑම පෝරු ගාන්න වෙන ක්‍රමයක් නෑ.
අලි එලවන කේස් එකට අලි වෙඩි දාන්න මිලියන ගණනාවක් නාස්ති කරලා, රිලා කේස් එකට නම් අනිවාර්යයෙන්ම බුරම්පියා ඊළඟ ආණ්ඩුවකදී මහඋළුගේ තමයි අනිවාර්යයෙන්ම.
මේ තියෙන්නෙ මේ ආණ්ඩුවේ පරිසරය සම්බන්ධ ඩිසිශන් තුනක්.
1. රිලා දුපත.
මේ වැඩේ කරන්න පුළුවන් වැඩක් නෙමෙයි කියලා කියද්දි ආණ්ඩුවේ සෙවල ඩෝබියො අධෝමුඛය ඉරාගෙන කඩේ ගියා තොපිලා මොනාද රිලව් ගැන දන්නෙ කියලා. රඟපාන්න පුළුවන් වුනාට මොළේ අංශු මාත්‍රයක් නැති එකෙක් ලොකු ශෝ එකක් දැම්මා. දැන් මාස ගානක් ගිහින් අල්ලපු රිලවෙකුත් නෑ, ගත්තු දුපතකුත් නෑ, මේ ඩිසිශන් ගත්ත එකෙක් හොයාගන්නත් නෑ.
2. අලි පැන්නීම
අලි පැන්නීම කියන්නෙ විද්‍යාත්මක විසඳුමක් නෙවෙයි. ලංකාවේ අලි ගැන අබ ඇටයක් තරන්වත් දන්න එකෙක් ඉන්නවානන් ඌ දන්නවා අලි පන්නලා විසඳුම් හොයන්න බෑ කියලා. අලි පැන්නුමක් රාජපකෂලා කරා, අන්තිමට ලුණුගම්වෙහෙරෙ වැටවල් අයිනේ අලි බඩගින්නෙ මැරිලා ගියා. ඕක කියද්දි මේ ආණ්ඩුවේ හිඟන ඩෝබියො ඒකත් හේදුවා. තොපිලා මොනවද අලි ගැන දන්නෙ කියලා. දැන් ඒ පාර කියනවා අමාත්‍යංශ අනුමැතියක් නැතිව ගත්ත පියවරක්ලු.
3. මන්නාරමේ කුරුල්ලො
බලශක්ති ඇමති කුමාර ජයකොඩි අගොස්තුවල වගේ වින්ඩ් ටර්බයින් වැඩේට පක්ෂව අදහස් දක්වලා කියනවා මන්නාරමෙ කුරුල්ලො නෑ, හිස් භූමියක් තියෙන්නෙ කියලා. හිඟන ඩෝබියො කුමාරගේ පස්සටත් වතුර ගැහුවා මතකයි. මාස කිහපයක් ගිහින් දැන් ආයේ ඩිසිශන් එක හරවලා කියනවා කුරුල්ලො නිසා ටර්බයින් ගහන්නෑ කියලා.
පරිසර අමාත්‍යංශය ගැන පත්කිරීම් කරද්දිම මම ලිව්වා වැරදි පාරක යන්නෙ කියලා. ඩෝබියො වටකරන් ආවේ කරන්න දීලා බලපන් වල කපන්නෙ නැතුව කියලා. දැන් ඉතින් මේක 🖕 තමයි. පොල්පිත්තෙන් කපාගනින් ඔය වගේ ආණ්ඩු.
@ Ano 11.44
Deleteඔය ප්‍රශ්නයේදී වන ජීවින් ගැන විතරක්ම නෙවෙයි සතුන් එක්ක ඔට්ටු වෙන ගොවියෝ ගැනත් හිතන්න ඕන නේද? අද ලංකාවේ ගොවිතැන කරන එක හරිම අමාරුයි ඒකටත් එක්ක ආණ්ඩුව පිට රටවලින් අවශ්‍ය ප්‍රමාණයට වඩා දෙගුණයක් විතර ලාබෙට රටේ නිෂ්පාදනය කරන කෘෂි නිෂ්පාදන ආනයනය කරන වෙලාවක ඒ මිනිස්සුන්ට ජීවත් වෙන්න කොච්චර අමාරුද? කොරේ පිටට මරේ කියල සතුන්ගෙනුත් කරදර, හිරිහැර ඉවරයක් නෑ ඇත්තටම ඔයා දන්නව ඇති අප්‍රිකාව මේ දවස්වල කෘෂිකාර්මික සංවර්ධනය කොයිතරම් දුරට සාර්ථක මට්ටමක කරගෙන යනවද කියල කොහොමද බුර්කිනා පාසෝ වල දෙන ගේම? ඉස්සරලා කරන්ටිිබිල අඩුකරලා.ටැක්ටර් දිලා,වතුර මැසින් දිලා, දෙන්ඩ ඔිිනි සියලු කෘෂිකාර්මික දේවල් දිලා නිකන් වගාවෙන් ගොඩයන්න, ඒ මිනිස්සු දුර දිග හිතල බලල වැඩ, ඒ රටවල එහෙම වෙද්දි පුංචි අපේ ඉන්දීය සාගරේ අමුතු ඇටේ උදැල්ලක් රු. 4000, තේල් ගහන (හෙස්ප්‍රේ )ටැන්කියක් කලින් 2023 මුල රු 3000.00 ඒකට දැන් දැන් රු 17,000, ලාම්පුතෙල් මේ අවුරුද්ද මුල රූ 280 ගානට ගියේ දැන් කියද දන්නෙත් නැ.වතුර ගහන අගල් 2 කුබොටා වතුර මොටරේ 2023ට කලින් 15,000 දාහයි.දැන් 55,000 යි. කොරයි ගොවිතැන්. බට්ටෙක් අරන් බිස්නස් එකක් පටන් ගන්න හිතුවා 2023ට කලින් ලක්ෂ 14 යි අන්රෙජිස්ටර් .දැන් ලක්ෂ 45 යි කොරයි කෘෂි බිස්නස්.ආත්ම දෙකක් යනවා ටැට්ටරේට හරි බඩු අදින වාහනේට හරි යට කරං ගාන හොයාගන්න විතරක්ම. අනාතයි මිනිස්සු
කාලෝචිතයි ලියලා ඇති කරුණු ඉයන්
ReplyDeleteඇසට වැටේවා මේවා- පාලකයන්
ලොකු අනතුරක් දුරලන්නට පොඩි දෙයකින්
හැකි බැව් නොවැටහෙන්නේ ඇයි අපට ඉතිං
ස්තූතියි නිදී.
Deleteහොඳ ලිපියක්.
ReplyDeleteහොඳම දේ ලංකාවෙ ඒව නීතිගත කරන එක තමයි.
අරක්කු අඩු කරනවනං මිනිස්සු ගොඩ දෙනෙක් ඔය වගේ දේවල් වලට පෙළඹෙන එක අඩුවෙයි.
කොටුවෙන් එහාට පැනල හිතන්න, අවංක අරමුණකින් අවධානමක් අරගෙන තීරණ ගන්න අය පාලකයින් වීම අවශ්‍යයයි. Thank you Praසන්ன
Deleteමත්ද්‍රව්‍ය වලට සිංගප්පූරුව දෙන death penalty එක ලංකාවට හදුන්වා දුන්නොත් මේ කුඩු අයිස් වසංගතේ අඩුකරන්න පුලුවන් වෙයි. හැබැයි මේක තරහාකාරයින් හිරේ යවන්න එල්ලුම් ගස් යවන්න යොදාගන්නේ නැතිව.
ReplyDeleteදැන් ඔය අල්ලන්නේ තරහකරයෝද එතකොට ?😁 මත්ද්‍රව්‍ය වලට සම්බන්ධ නැති මත්ද්ර්වය්ස් චෝදනා දාලා අත් අඩංගුවට ගත්ත තරහකාරයෝ දෙතුන් දෙනෙක් නම් කරන්න බලන්න ? ඕනේ ඊයෙත් නෙවි එකෙන් කිලෝ 350ක් අල්ලලා . මිනිස්සු දැන් ඔත්තු දෙනවා ගජරාමෙට
Deleteඅසංග මත්ද්‍රව්‍ය වලට දැඩි දඬුවම් හැම රටකම වගේ තියෙනවා. ඒත් මත්ද්‍රව්‍යත් තියෙනවා. මගේ අදහස භාවිතා කරන්නන් පුනරුත්තාපනය කිරීම මහා පරිමනයෙන් කිරීමට අවශ්‍ය පහසුකම් සැපයීම සහ අළුත් කස්ටමර්ස් ලා එකතු වීම අඩු කිරීමෙන් විශාල පාලනයක් කල හැකියි කියන එකයි. ඒ වගේම අයිස්, හෙරොයින් වැනි විනාශ කාරී දේවලට තියෙන ඉල්ලුම අඩු කරන්න ගංජා නීතිගත කිරීම හොඳයි කියන එකයි.
Deleteමම නම් හිතන්නේ ඔය දඬුවම් වලින් වත් පාතාලයෝ මරා දැමීමෙන් පසුවත් ඔය වගේ දේවල් කොහොමවත්මපාලනය කරන්න බෑ කියන එක, ලංකාවේත් එහෙමයි. පහුගිය 2023/24 කාලේ යූක්තිය මෙහෙයුමෙන් මීට වඩා රුපියල් බිලියන ගණනක් වටිනා මත්ද්‍රව්‍ය අල්ලලා හයදාහක් විතර කට්ටිය හිරේ දැම්මා මාධ්‍ය සංදර්ශන එක්ක, දැනුත් බොරු බයිලා නේද මේ අයත් කරන්නේ? මේවායින් නම් සත පහකට වැඩක් වෙන්නේ නෑ ඉතින්
Deleteඇත්ත Ian ඔයා මේ ජපානයේ වයින් බීපු පොරගේ සිදුවීම ගැන හිතන්නේ මොකද කියලා කියන්න පුළුවන් ද?
මේක මම දැක්කේ බ්ලොග් එකක
https://maathalan.blogspot.com/2025/10/blog-post_18.html?showComment=1762008389258&m=1#c2301247238804770865
මේ යෝදයා මැරිලා කියලා පහුගිය කාලේ පුරාම සෑහෙන සද්දට කතාවක් ගියා, මිනිහා මැරිලා නෑ ලු නේද? මේකේ කමෙන්ට් වල තියෙන විදියට මිනිහා තාම ජීවතුන් අතරලු නේද?
අසංග
Deleteමේ බලන්න ආණ්ඩුවට සම්බන්ධ දේසපාලුවන් කරන ජාවාරම් නතර නොකර කොහොමද ඕවා පාලනය කරන්නේ?
මේ බලන්න බලයේ ඉන්න ආණ්ඩුවේ අය කරන ජාවාරම්;
කුඩු සමග හසුවූ විදුහල්පතිගේ මාලිමා මන්ත්‍රී බිරිඳ කොස්ගොඩ සුජීගේ ඥාතිවරියක්
වැඩි විස්තර - sinhala.adaderana.lk/news/216612
Wife of principal arrested with drugs, NPP political character, revealed to be relative of ‘Kosgoda Sujee’
Read more: https://www.adaderana.lk/news.php?nid=114361
නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ? මේවා අල්ලන්න ඉන්න ආරක්ෂක අංශ වල ලොක්කෝ පහුගිය මැතිවරණ වේදිකාවල ආණ්ඩුවට ප්‍රසිද්ධියේම කඩේ ගිය දේශපාලන ගොට්ටෝ, ඉතින් කොහොමද මේවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන්නේ?
ඉයන් මේ මාතෘකාවට පොඩ්ඩක් වෙනස් එකක් මේක, ඇත්තටම රජය සතොස වෙළෙඳසැල් 100ක් වසා දැමීමේ තීරණයක සිටින බවට පවතින ආරංචි ඇත්ත ද?
ReplyDeleteවර්තමාන රජයේ සමීප හිතවතෙකු ලෙස කටයුතු කරන ධම්මික පෙරේරා අලුත් සුපිරි වෙළදසැල් 100ක ජාලයක් ඇරඹීමට නියමිත මොහොතක, සතොස වෙළෙඳසැල් විශාල ප්‍රමාණයක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, රට තුළ ව්‍යාපාරික මොනෝපොලි එකක් නිර්මාණය වෙමින් පවතින බව හිටපු පළාත් සභා මන්ත්‍රී වරුණ රාජපක්‍ෂ ප්‍රකාශ කර සිටියි.ඒ ඔබුගේ YouTube නාලිකාව හරහායි.
ලංකා සතොස සභාපති සමිත පෙරේරා ඉවත් වී ඇති බවට තොරතුරු ලැබී ඇති අතර, මෙය පුද්ගලික හේතුවක් මත සිදු වූවක් බවට කතා පැතිරී ඇතිබවත් මාධ්‍ය වල අනාවරණය වී තිබුණා.
කෙසේ වෙතත්, සමිත පෙරේරා සතොසට පැමිණීමට පෙර, ඔහු "ස්පාර්" (Spar) සුපිරි වෙළඳසැල් ජාලයට සම්බන්ධ ප්‍රධානියෙක් ලෙස කටයුතු කිරීම හේතුවෙන්, ඔහු පත්වන අවස්ථාවේදීම "කම්ෆ්ලික්ට් ඔෆ් ඉන්ටරස්ටස්" (Conflict of Interest) ගැටලුවක් තිබූ බව වරුණ රාජපක්‍ෂ සිහිපත් කරයි.
සතොස වෙළෙඳසැල් 130ක් වසා දැමීමට තීරණය කර ඇති අතර, ඉන් 30ක් දැනටමත් වසා දමා ඇති අතර තවත් 100ක් වසා දැමීමට නියමිතය. රජයට ව්‍යාපාර කළ නොහැකි නිසා එය පෞද්ගලීකරණය කළ යුතු බවට කතා පැතිර ගියද, වරුණ රාජපක්‍ෂ පෙන්වා දෙන්නේ ජා-ඇල සතොස වෙලදසල වැනි දිනකට රුපියල් ලක්ෂ පහක හෝ හයක (රු. 500,000ත් 600,000ත්) අතර විකුණුම් වාර්තා කරන වෙළඳසැල් කිසිසේත් පාඩු නොලබන බවයි.
මෙම "පාඩු කතාවක් දාලා ගහන්න යන ගේම් එක" ඇතුළේ වෙනත් කතාවක් ඇති බවත්, පාඩු නැති සතොස වෙළෙඳසැල් පෞද්ගලික අංශයට පැවරීමට මූලිකත්වය දෙන බවත් හෙතෙම සඳහන් කරයි.
සතොස කඩ 100ක් වසා දැමීමට තීරණය කර ඇති අවස්ථාවක, ව්‍යාපාරික ධම්මික පෙරේරා තමන් සිල්ලර ව්‍යාපාරයට පිවිසෙන බවත්, අලුතෙන් සුපිරි වෙළඳසැල් 100ක් විවෘත කරන බවත් ප්‍රකාශ කර ඇත. මීට පෙරද ධම්මික පෙරේරා සතොස මිලදී ගැනීමට කිහිපවරක් විවිධ යෝජනා දමා තිබුණ නමුත් එවකට හිටපු ජනපතිවරු දෙදෙනාම ඒවා ප්‍රතික්ෂේප කර තිබුණා
වර්තමානයේ සතොස පාලනය පිළිබඳව අදහස් දක්වමින් වරුණ රාජපක්‍ෂ පැවසුවේ, සතොසට ලැබුණු මත්පැන් බලපත්‍ර100න් විවෘත කරන ලද 62ක්ම මෝගේජ් කර, එම ව්‍යාපාර ජාලය උකස් කර රුපියල් මිලියන 800ක් ලබාගෙන ඇති බවත්, දැනට සැලසුම්සහගතව සතොස බංකොළොත් කරමින් පවතින බවත්, සතොස ආයතනය සම්බන්ධයෙන් පැලවත්තේන් ඔපරේට් කරන මුදල් සමඟ දුවන වෙනම ව්‍යාපාරික නෙට්වර්ක් එකක් හදෙමින් තිබෙන බවටත්, සෑම ක්ෂේත්‍රයකටම අදාළව මොනෝපොලි එකක් නිර්මාණය වෙමින් තිබෙන බවටත් ඔහු අනතුරු අඟවයි.
අනාගතයේදී ඉතිරි වන සතොස වෙළෙඳසැල්, පැරණි "සමූපාකාර තොග වෙළඳ සංස්ථාව" නමින් නැවත සන්නාමකරණය කිරීමට ආණ්ඩුව උත්සාහ කරනු ඇති බවද වරුණ රාජපක්‍ෂගේ නිරීක්ෂණයයි. මේ ගැන විස්තර සහිතව පැහැදිලි කරන්න පුළුවන්ද?
මිනිස්සුන් රවටන්නට කරන තවත් එක උප්පරවැට්ටියක් තමයි, මතකද කලින් ක්ලීන් sri lanka කියලා නාඩගමක් නැටුවා අන්තිමට නටපු තොයිලයකුත් නෑ බෙරේ පලුවකුත් නෑ, මම ගිය ඔක්තෝබර් මාසේ ලංකාවට ගිහාම දැකපු දේවල් ගැන කියනවනම් මුන් ගැන කතා කරල වැඩක් නෑ. එක පක්ෂයක් විතරක් නෙමෙයි ඔක්කොම කාලකන්නි දේශපාලුවො. මම ලෙඩෙක් බලන්න කොළඹ ජාතික රෝහලට ගියා. එහි තත්වය අතිශයන්ම ශෝචනීයයි.
ReplyDeleteඅහිංසක ලෙඩ්ඩු දැක්කම ඇසට කඳුළු උනනවා.
අවශ්‍ය බෙහෙත් නෑ
සනීපාරක්ෂක පහසුකම අවම තත්වයකවත් නෑ
අත්‍යවශ්‍ය ඉතාම පොඩි bandge එක පවා නැහැTrolly පහසුකම් ඉතාම ආවමයි
Bed, Bed sheet, pilow අවශ්‍ය ප්‍රමාණයට නැහැ
සමහර ලෙඩ්ඩු බිම පැදුරුවල
ලෙඩෙක් බලාගන්න ළග නතරවෙනකෙකුට හරියට කෑම කන්න තැනක් සනීපාරක්ෂක පහසුකම් නැහැ, ඉස්සරහටත් වඩා දැන් අන්තයේ, 2023 තිබුණත් වඩා කුජීත වෙලා දවසින් දවස වලපල්ලට යන රටක්
නමුත් එක දෙයක් වාසනාවට හොදයි එහි සේවය කරන කාර්ය මණ්ඩලය ඉහලම තත්වයේ සිට පහලට ඉතාමත් හොදින් තමන්ගේ සේවය ලබා දෙනවා. ඒ අයටත් එහි අඩුපාඩු වලට විසදුම් හොයන්න අවශ්‍ය බලයක්, අදිකාරියක්, වෙලාවක් නෑ.
ඒකටත් එක්ක කාලකන්නි සක්කිලි ජාතියේ අවාසනාවට උපන් දේශසපාලුවෝ ඔක්කොම ඒකයි.
අහිංසක ලෙඩ්ඩුන්ගේ අවම අවශ්‍යතාවයන්වත් සපුරන්න බැරි උනාට කෝටි ගණන් හම්බකරගෙන මුන් උන් හැදෙනවා 76 වසර ශාපයට එකක් එකතුවෙලා දැන් 77යි. රටට අත්‍යවශ්‍ය වැඩ ටික වත් කරන්න ඇයි බැරි මටනම් තේරෙන්නේ නෑ.
+++++++++++++++++++++
ReplyDeleteඉයන්ගේ මූලික අරමුණ සහ යෝජනාව ගැන අගය කරන්න ඕන ඒත් ඇත්තට ලංකාවේ වර්තමාන සමාජ මාධ්‍ය වේදිකාවල උණුසුම්ම මාතෘකාව වී ඇත්තේ, ජනාධිපතිවරයාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට එරෙහිව "කුඩ්ඩෝ" ලෙස හඳුන්වන පිරිසටත් වඩා "බේබද්දන්" ලෙස හඳුන්වන මත්පැන් පාරිභෝගික ප්‍රජාව පෙරමුණ ගැනීමයි.
ReplyDeleteමේ බේබද්දන්, ඔවුන්ම පත් කර ගත් නායකයාගේ ප්‍රතිපත්තිය හමුවේ, තම පෞද්ගලික නිදහස අභියෝගයට ලක් වීම නිසා 'පැවැත්මේ අර්බුදයකට' (Existential Crisis) මුහුණ දී සිටින බවක් පෙනෙනවා. ඔවුන් තමාව කුඩු ලෝලීන්ට වඩා සදාචාරාත්මකව උසස් කොට සලකන, එමෙන්ම මත්පැන් පරිභෝජනය 'පිළිගත හැකි නරකක්' ලෙස තහවුරු කිරීමට දැඩි උත්සාහයක නිරතව සිටින බව නිදහස් මතධාරීන් පෙන්වා දෙනවා
මධ්‍යසාරයේ භයානක මුහුණුවර ගැන විද්‍යාත්මක සාක්ෂි පදනම් කර ගනිමින්, මත්පැන් යනු අනතුරුදායකම මත්ද්‍රව්‍යය බවට නිදහස් මතධාරීන් පෙන්වා දෙනවා.
හෙරොයින් හෝ කොකේන් වැනි මත්ද්‍රව්‍යවලට වඩා මධ්‍යසාර මිනිස් සිරුරට සහ සමාජයට හානිදායක බවට පර්යේෂණ උපුටා දක්වනවා. වාර්ෂිකව මධ්‍යසාර නිසා මිය යන ගණන අනෙකුත් සියලුම මත්ද්‍රව්‍යවලින් මිය යන සංඛ්‍යාවට වඩා සිව් ගුණයකින් වැඩි බවත්, මධ්‍යසාර පිළිකා වර්ග 7කට සහ රෝග 200කට අධික සංඛ්‍යාවකට හේතු වන බවත් පෙන්වා දෙනු ලැබේ. ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) පවා මධ්‍යසාරවල "ආරක්ෂිත මට්ටමක් නොමැත" යනුවෙන් ප්‍රකාශ කර ඇති පසුබිමක, බේබද්දන්ගේ මෙම ස්ථාවරය විද්‍යාත්මක සත්‍යයට එරෙහි වීමක් බවට මෙම විග්‍රහයේදී පැහැදිලිවම පේනවා.
ලංකාවේ සමාජ මාධ්‍ය ජාල වල කියන විදියට ලංකාවේ මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහිවී ඇති "කුඩ්ඩො" කියලා කට්ටිය හඳුන්වන කුඩ්ඩො එළවන වැඩේට දැන් උඩින් ම සපෝර්ට් කරන්නේ කවුද දන්නවද? ඒ තමයි ලංකාවේ ඉන්න බේබද්දෝ ටික. තමන්ම පත් කර ගත් ජනාධිපති ‘ඉවත් වෙනු’ කිව්වම උන් ටිකට හෙන existential crisis එකක් උද්ගත වෙලා. ෆේස්බුක් එකේ මාර ගේමක් දෙනවා අරක්කු බිව්වට කමක් නැහැ – කුඩු බොන එක විතරයි නරක කියලා කියන්න. උඹලට මද්‍යසාර බොන්න ඕන නම් බීපල්ලා. හැබැයි උඹලා කුඩ්ඩන්ට වඩා හොඳයි කියා ගෙන නම් එන්න එපා. දෙගොල්ලොම එකයි.
මද්‍යසාර (Alcohol) කියන්නේ වඩාත් ම අන්තරායකර මත්ද්‍රව්‍ය ය. අඩුම ගානේ Google Search එකක් කළා නම් පර්යේෂණ සාක්ෂි තිබෙනවා ඕන තරම්. කොච්චර අන්තරායකර ද කිව්වොත් හෙරොයින් සහ කොකේන් වලටත් වැඩිය මද්‍යසාර හානිකරයි. මද්‍යසාර නිසා ලෝකයේ වසරකට මිය යන සංඛ්‍යාව අනෙකුත් සියලුම මත්ද්‍රව්‍ය නිසා මිය යන සංඛ්‍යාවට වඩා හතර ගුණයක් වැඩියි. දරුණු ම වර්ගයේ පිළිකාකාරකයක් වන මද්‍යසාර නිසා පිළිකා වර්ග 7 ක් හැදෙනවා. මද්‍යසාර නිසා රෝග 200 කට වඩා හැදෙනවා. රිය අනතුරුවලින් 40% ක් වෙන්නේ මද්‍යසාර නිසා. ගෘහස්ත ප්‍රචණ්ඩත්වය, කාන්තා හිංසනය, ළමා හිංසනය ආදියට ප්‍රධාන හේතුව මද්‍යසාර. මද්‍යසාර බොන උන්ට ඩිප්රෙෂන්. WHO කියන්නේ මද්‍යසාර ටිකක් බිව්වත් ගොඩක් බිව්වත් එය අන්තරායකර කියලයි. There is no safe level. තමාටත් සමාජයටත් වැඩි ම හානියක් කරන මත්ද්‍රව්‍ය වන්නේ මද්‍යසාර. කුඩ්ඩට වැඩිය බේබද්දා රටක ආර්ථිකයට බරක්. ඒ තමයි විද්‍යාත්මක සත්‍ය කතාව.
කුඩු ගහන එකා හොර මැර වැඩ ටික කාලයක් කලාට ඒකා නහින්නේ තනියම. ඌ ඉක්මණට මැරිලා යනවා. ඔය අරක්කු බොන බේබද්දෝ සෑහෙන්න කාලයක් තමන්ගේ පවුලටත් සමාජයටත් හෙන වාතයක් වෙනවා. උන් බීලා මත් වෙලා ගුටි ගහ ගන්නවා. මහා රෑ පාරවල් දිගේ කුණුහරුප කිය කිය ඇවිදිනවා. අසල්වැසියන්ට කරදර කරනවා. අනාචාරයේ යෙදෙනවා. බේබදු ස්වාමියා බිරිඳට තඩි බානවා. බේබදු බිරිඳ ස්වාමියාට තඩි බානවා. උන් දෙන්න ම දරුවන්ට තඩි බානවා. ඔය බේබද්දන්ගේ භාර්යාවන් සහ දරුවන් ඉන්නේ අපායක. උන් හැමදාම කඳුළු බිබී විඳවනවා.
බේබද්දෝ ඉක්මණට මැරෙන්නෙත් නැහැ. ටික ටික මැරෙන්නේ. ඒ වෙනකොට තමන්ගේ සේසත ම නාස්ති කරලා නැත්නම් කුණු වෙච්ච අක්මා වකුගඩු බද්ධ කරන්න ඉතුරු ටික වියදම් කරනවා. ලෝකෙට ණය වෙලා රටට බරක් වෙලා අප්‍රාණික වඳ නිකමෙක් වගේ මැරිලා යනවා. කුඩ්ඩා වුණත් බේබද්දා වුණත් උන් අතර තියෙන්නේ උන් ම පනවා ගත් නාමික වෙනසක් පමණයි. උන් දෙගොල්ලොම එකම වගේ ලෙඩ්ඩු. මත් ලෝලී, මතට ඇබ්බැහි වුණ, සිතින් කයින් දුර්වල ලෙඩ්ඩු.
ළඟදී අර බේබදු සංගක්කාරයා වගේ අමු තක්කඩියෙක් අනුරගේ මත්ද්‍රව්‍ය නිවාරණ රැස්වීමට ගිහිල්ලා සමාජයට උපදෙස් දෙන කොට අපිට දෙකොණින් හිනා යන්නේ ඒකයි.
කොටින්ම කියනව නම් කෙටියෙන් කියන්න තියෙන්නේ මත්ද්‍රව්‍යට එරෙහිව කථා කරන්න සදාචාරාත්මක අයිතියක් තිබෙන්නේ කිසිම මත්ද්‍රව්‍යයක් භාවිතා නොකරන අයෙකුට පමණයි. අපේ ආදරණීය ජනාධිපති අනුර කුමාර දිසානායක සහෝදරයා මත්වතුර බොන්නේ නැහැ. ඔහුට තිබෙනවා ඒ විනය. අඩුම ගානේ අනුරට ස්වයං පාලනයක් තිබෙනවා තමන්ගේ සිහිය පවත්වා ගැනීමට. ඒ අතින් හැමෝම ඔහුට ගරු කරන්න ඕනේ. ඒ අනුව ඔහුට අයිතිය තිබෙනවා මතට එරෙහිව කථා කරන්න. සමගි ජන බලවේග නායක සජිත් ප්‍රේමදාසත් අනුර කුමාර දිසානායක සහෝදරයා වගේ ම සපුරා මතින් තොරයි. මමත් එහෙමයි. අනුර, සජිත් සහ මා අතර තිබෙන පොදු ගුණයක් එය. රාජපක්ෂලා වගේ බොන උන්ට ඒ ආත්ම සංයමය නැහැ. උන් සමාජ දූෂක ඇබ්බැහියෝ.
Deleteඒ වගේ ම ආගමික ජාතියක් හැටියට මුසල්මානුවන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් තොරයි. ඒ අතින් මා ඔවුන්ටත් ගරු කරනවා. ඔවුන්ට තිබෙනවා සමාජ ප්‍රතිපත්තියක් රැකීමේ පෞද්ගලික ශක්තියක්. බොහෝ බෞද්ධයන්ට ඒ ශක්තිය නැහැ. උන් ‘සුරා පානයෙන් වළකිමි’ කියලා බුදුන් ඉදිරියේ වැඳලා දිවුරලා ඊළඟ මොහොතේ ඒ දිවුරුම කඩනවා. ඊනියා සිංහල බෞද්ධයා කියන්නේ මුසල්මානුවාට සාපේක්ෂව ස්වයං පාලනයේ ලා කිසිදු විනයක් නැති අමන අනුකම්පා සහගත දුර්වලයෙක්.
නමුත් මේ ‘ඉවත් වෙනු’ කැම්පේන් එක මා දකින්නේ අනුරගේ වැඩක් ලෙස නොවෙයි. එය අනුරව රවටා ගැසූ වෙන දේශපාලන සෙල්ලමක්. ඒ කැම්පේන් එක ම හෙන ප්‍රෝඩාවක්. එහි සිංහල වචන භාවිතය පවා වැරදියි. හාස්‍යජනකයි. මා හිතන්නේ ඔය කුප්ප වැඩේ කළේ ලයිකාවෙන් ජනපති ළඟට දාපු තක්කඩියා. මේක අනුරව කිච කරන ව්‍යාපෘතියක්. මේකෙන් ඇත්තට ම වෙන්නේ රටේ තිබුණාටත් වඩා සියලු ම ආකාරයේ මත්ද්‍රව්‍ය භාවිතය වැඩි වීම පමණයි. ඉස්සරින් දවසේ කුමාර ගන්දස්කාරයා අඩි ගහන පින්තූර එළියට දාලා, පහුවදා ජනපති ඉස්සරහින් ම වාඩි කළෙත් සැලසුමකට. මේ රටේ ඉන්න අවිද්‍යාත්මක මිනිස්සුන්ට මේවා තේරුම් ගන්න බැහැ. මෙහෙම නොවෙයි කොහොම කිව්වත් බේබද්දට උගේ ඇබ්බැහිය ඇර ගන්න බැහැ. මේක කියවලා ඉවර වුණ ගමන් ඌ බොනවා.මේක ගැන ඇත්ත කතාව ඕකයි.
ලංකාව තව හොඳයි ඉයන් යුරෝපය සහ ඇමරිකානු මහද්වීපය දිහා බලපුවාම තත්ත්වය මීටත් වැඩිය අන්තයි. ඒ අතින් නම් පහුගිය අවුරුදු 76 ලංකාවට වෙලා තියෙන විනාශය අවමයි යුරෝපයට එහෙම සාපේක්ෂව බලන කොට.
ReplyDeleteමීට වසර කිහිපයකට ඉස්සර අපිට පෙනුනේ යුරෝපයේ එංගලන්තය වගේ රටවල් තමයි හොරකම් මහදවල් මංකොල්ලකෑමවල්, අධික මත්ද්‍රව්‍ය භාවිතය වගේ දැවැන්ත අර්බුද නිසා කුජීත වෙලා සමාජ අර්බුදයේ අගාධයටම වැටිලා තියෙන්නේ කියලා. ඒත් අද වෙද්දි අපේ ආදරණීය ඉතාලියත් ඒ අගාධයේ අද්දරට ඇවිත් කියලා කියන්න වෙනවා. උතුරේ තිබුණු විනයත්, පිළිවෙළත් දැන් දිය වෙලා ගිහින්. රෝමයට ඉහළ උතුරු ඉතාලියත් දැන් කූජීතයි
මත්ද්‍රව්‍යවල කළු සෙවණැල්ල වැටිල තියෙන ඉතාලියේ අද තිබෙන ප්‍රධානම තර්ජනයක් තමයි නීත්‍යානුකූල සහ නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වීම.
නීත්‍යානුකූල විෂ වලින් මුලින්ම ගත්තොත්, මධ්‍යසාර (Alcohol) වැනි නීත්‍යානුකූල විෂ ද්‍රව්‍යවල බලපෑම ඉතාලියේ පවුල් ගැටලු සහ මාර්ග අනතුරු කෙරෙහි දරුණු ලෙස බලපානවා. මත්පැන් නිසා සමාජයට සහ පවුල් ජීවිතවලට සිදුවන විනාශය අති විශාලයි.
තව නීත්‍යනුකූල සහ නීති විරෝධී මාරයෝ විදිහට ඒ වගේම, කොකේන් සහ කංසා (Cannabis) වැනි සාම්ප්‍රදායික මත්ද්‍රව්‍යවලට අමතරව, අද උතුරු නගරවලට ෆෙන්ටනයිල් (Fentanyl) සහ කෘත්‍රිම ඔපියොයිඩ් වැනි අලුත්ම සහ දරුණුම මාරයෝ ඇතුළු වෙලා. මේවායේ පොඩි මාත්‍රාවක් වුණත් ක්ෂණික මරණය ගෙන එන නිසා, නගරවල දුම්රිය ස්ථාන (Stations) සහ පොදු උද්‍යාන (Parks) අවට, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන් පිරිසක් නිසා 'සෝමාලියාවක්' වැනි භීෂණයක් ඇති වෙලා. පාර්ක් එකක නිදහසේ ඉන්න බය හිතෙන තරමටම ආරක්ෂාව බිඳ වැටිලා.
ආර්ථික විෂමතාව සහ අපරාධ රැල්ල
උසස් අධ්‍යාපනය (උපාධි) ලැබූ අයට පවා සුදුසුකම්වලට ගැලපෙන රැකියා නැති නිසා, මේ පිරිස මුදල් ඉපැයීමේ අරගලයක පැටලී සිටිනවා. මේ අතරට, විශේෂයෙන් සංක්‍රමණිකයන් අතරින් වැඩි වූ හොරු සහ මංකොල්ලකාරයන් හේතුවෙන්, උතුරු නගරවලත් අපරාධ රැල්ලක් නිර්මාණය වෙලා.
ඉතින්, කලින් දකුණේ මාෆියාවට බය වුණාට, අද උතුරේ වීදි හොරුන්ගේ අතට නීතිය නැති වී ගිහින්. එංගලන්තය වගේ රටවල් තරම්ම ඉතාලිය කඩා වැටිලා නැති වුණත්, මේ නීති විරෝධී සහ නීත්‍යානුකූල මත්ද්‍රව්‍ය නිසා ඇති වූ අපරාධ සහ ආරක්ෂක අර්බුදය, ඉතාලියේ සුන්දරත්වයට සහ විනයට කළු සෙවණැල්ලක් දමා තිබෙන බව පැහැදිලියි. යුරෝවක් වියදම් කරන්නට පවා ලෝභ වන, හදවත් සීතල වූ මිනිසුන් බහුල වූ මේ උතුරු කලාපය, අද මුදල් වෙනුවට කරුණාව සොයන තැනක් බවට පත්වෙලා
ඉතාලිය කියන්නේ ලංකාවේ අය ඉස්සර හිතාගෙන හිටියා වගේ දකින තරම් සුන්දර නැහැ. උඹේ නිරීක්ෂණ අද ඇත්ත වෙනවා. කලින් අපි එංගලන්තේ වගේ කුජීත රටවල් ගැන කිව්වාට, ඉතාලියත් දැන් ඒ මට්ටමටම කිට්ටු වෙලා තියෙනවා. වෙනසකට තියෙන්නේ තාම ලන්ඩන් තරම් දරුණු නැති එක විතරයි.
විනය බිඳ වැටුණ උතුර:
අපේ බලාපොරොත්තුව වුණ උතුරු ඉතාලියේ පිළිවෙළ දැන් ඉවරයි. දැන් වැඩියෙන්ම හොරු, මංකොල්ලකාරයෝ ඉන්නේ උතුරේ. විශේෂයෙන් ස්ටේෂන්වලට සහ පාර්ක්වලට ගියාම පේන්නේ, මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ අය සහ අලුතින් ආපු සංක්‍රමණිකයෝ පිරිලා ඉන්න අවුල් සහගත තැනක්, කියන විදියටම තවත් 'ලන්ඩන් වගේ හොර විමානයක්' 'තව සෝමාලියාවක්' වගේ. පාර්ක් එකකට ගියාම බයක් සැකක් දැනෙන්නේ ඒකයි.
අලුත් මත්ද්‍රව්‍ය ලෙස දැන් ඇවිත් තියෙන ෆෙන්ටනයිල් වගේ අලුත් කෘත්‍රිම කුඩු නිසා තත්ත්වය දරුණුයි. මේවා ක්ෂණික මරණය ගෙනෙන, හෙරොයින්වලටත් වඩා සැර මාරයෝ. මේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වුණු අය, සල්ලි හොයාගන්න වීදිවල හොරකම් කරන එකත් වැඩි වෙලා. මේක ඉතාලියේ තරුණ ජීවිත සහ ආර්ථිකය බරපතල අර්බුදයකට ඇදලා දානවා. මේවා ගෝලීය ප්‍රශ්නයක් දැන්.
This comment has been removed by a blog administrator.
Delete@ Italian Ano
Deleteඑංගලන්තය හොර ගුහාවක්? Wait a minute,
එංගලන්තයේ හොරු බෝ වුණේ කොහොමද? ලංකාවේ පල් හොරු එංගලන්තයේ ගිහින් එහේ පදිංචි වෙලා ද? මම හිතුවේ එංගලන්තයේ හොරු නෑ කියලා 🤔
ඉයන්, ඔය බොරු නාඩගම් ගැන කතා කරලා කාලය නාස්ති නොකර ඇත්තටම රටේ අනාගතයට බලපාන රටේ ආර්ථිකයේ ප්‍රධාන ප්‍රශ්න පිළිබඳව අවධානය යොමුකරන්න මොකද ඕක තනිකරම ජනතාව රවටන විකාරයක් බව ජනාධිපති නීතිඥ ටිරන්ත වළලියද්ද මාධ්‍ය වලට ඇවිල්ල විස්තර සහිතව පැහැදිලි කරලා කිව්වා අන්තිමට මුකුත්ම වෙන්නේ නෑ කියලා.
ReplyDeleteඇත්තටම අපි හැමෝම අවධානය යොමු කරන්න ඕනේ ලංකාවෙ රජය සතු ව්‍යාපාර 52ක 2025 මුල් මාස 6ට අදාලව මූල්‍ය තත්වය පිළිඹඳ වාර්තාව රජය විසින් නිකුත් කරල තියෙනව.
එයට අනුව එම ආයතන 2024 වසරේ මුල් මාස හයේ ලැබූ ලාබයට (බිලියන 280) වඩා අඩු ලාබයක් (බිලියන 227) තමයි 2025 මුල් මාස හයේ ලබන්නෙ.
අලුත් ආණ්ඩුවක් ඇවිත් අලුත් ආයතන ප්‍රධානීන් පත්වෙලා යම් නැවුම් බවකින්, විනයකින් වැඩේ යද්දිත් ඒ ආයතන වල performances අඩු වෙන්නෙ ඇයි කියන ඉතාම සීරියස්ලි හොයන්න වෙයි.
2025 මුල් මාස හයේ පාඩු ලැබූ ආයතන අතර පසුගිය වසරේ (2024) ලාබයක් වාර්තා කල ස්වාධීන රූපවාහිනී සේවය (ITN) තියෙනව. මේ ආයතනය කුඩා ආයතනයක් නිසා හොඳ case study එකක් හොයල බලන්න කොහොමද ලාබය පාඩුවකට හැරිල මේ වසරේ පාඩු ලබන ආයතනයක් ලෙස රටට බරක් වෙන්නෙ කියල.
CEB එක වසරකින් 2024 ගත්ත ලාභයත් නැහැ විශාල ලෙස පාඩුයි
ශිු ලංකන් එකත් බිලියන ගණනින් පාඩුයි
ආණ්ඩුවේ තරැණ සමුළුවට ටීෂර්ට් ගහන්න රැපියල් එක්කෝටී හැත්තෑඅට ලක්ෂයක ටෙන්ඩරයක් දෙනවා...කම්පැනිය ලිපිනයෙත් නැහැ. ඒ ගැන පැමිණිලි කරාට කිසිම පරික්ෂණයක් තාම නෑ.
ගල් අගුරැ ලක්ෂ තිස්දෙදෙහේ ටෙන්ඩරේ මගඩියට අල්ලස් පැමිණිල්ලක් දැම්මා තාම විමර්ශන නැහැ..
කන්ටේනර් 323ක මහා මගඩියක් කලා තාම කිසිම විමර්ෂණයක් නැහැ.. කමිටු වාර්තාව හංගලා
රජයේ වාහන කුණු කොල්ලයට හිතුවතුන්ට වෙන්දේසි කලා.. ගත්තු උන් කෝටි සංඛ්‍යාත ලාබයක් අරගෙන, ඒ කරලා ආණ්ඩුවට සුඛෝපභෝගී ඩබල්කැබ් 2000ක් විතර අලුතින්ම ආනයන කරන්න කෝටි 4000 ක් විතර නාස්ති කරන්න හදනවා තිබ්බ හොඳ වාහන කුණුකොල්ලයට හිතවතුන්ට විකුණලා කියලා චෝදනා තියෙද්දීම
මෙට්රෝ බස් ටිකක් ගෙනාවේ ඩිමෝ එක හරහා කොමිස් එක 3%යිලු, අශෝක් ලේලන්ඩ් එක හලලා තනි ටෙන්ඩරයකින්
කදානේ අයිස් කම්පැණියේ රස පරික්ෂණ වාර්තාව නෙගටිව් ලු
නුවරඑළියේ අයිස් මෝළ සාක්ෂාත් කරගන්න බැරිලු තවම
පැවති මිල ගණන් වලට අනුව පාඩු සිදුවන නාස්තිය පාලනය කර පරිපාලන කාර්‍යක්ෂමතා මඟින් විදුලි බිල ලේසියෙන්ම 30% කින් අඩුකරන බව කිව්වේ අනුර කුමාරයි.
සෙවනගලින් ලංකාවටම සීනි දෙනවා කිව්වේ අනුර කුමාරයි.
ශ්‍රී ලංකන් පාඩු ලැබුවේ හොරා කන්නන් නිසා බව කීවේ ඔබය. ඒකාලයේද විනිමය ලාභ පාඩු මේ අයුරින්ම P&L එකේ තිබුණි.
වැඩේ යටින් කෙසේ වෙතත් හැඳි ගෑවිලාම යන්න ළඟ බව නම් පෙනෙයි. මේවා ගැනත් පෝස්ට් එකක් දාන්න ඉයන්.
@ Ian
ReplyDeleteඉදිකිරීම් ක්ෂේත්‍රයේ අපි මුහුණ දෙන බරපතලම ප්‍රශ්න කීපයක් ගැන මේකට ලියන්න හිතුනා, 2025 ජනවාරි වල ඉඳලා වත්මන් රජය යටතේ ක්‍රියාත්මක වන අලුත් ප්‍රසම්පාදන ක්‍රමවේදයන් (New Procurement Rules and Guidelines) සහ ඉංජිනේරු ඇස්තමේන්තුවලට වඩා අඩු ලංසු (Low Bids) පිළිගැනීම නිසා ඉදිකිරීම් ව්‍යාපෘති කළමනාකරණයේ ගුණාත්මකභාවය (Project Management Quality) බරපතල ලෙස බිඳ වැටෙමින් පවතින එක ගැන අපේ ජනතාව අවධානය යොදන්න ඕනි.
මෙම තත්ත්වය, ආර්ථිකය සහ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය සම්බන්ධයෙන් ඉතා වැදගත් ගැටලු මතු කරනවා
අපේ නිරීක්ෂණ සහ ඒවායේ ඇති බරපතලකම පහත පරිදි විස්තර කළ හැකියි
ගුණාත්මකභාවය බිල්ලට දෙන අලුත් ප්‍රසම්පාදන අර්බුදය
අපේ අත්දැකීම්වලින් පෙනී යන්නේ, ශ්‍රී ලංකාවේ ඉදිකිරීම් ක්‍ෂේත්‍රය, වියදම් අඩු කිරීමේ (Cost-Cutting) දැඩි අවශ්‍යතාවය හමුවේ, ව්‍යාපෘති කළමනාකරණයේ සහ ගුණාත්මකභාවයේ බරපතල පසුබෑමකට ලක්ව ඇති බවයි.
1. ඉංජිනේරු ඇස්තමේන්තු සහ අඩු ලංසු පිළිබඳ ගැටලුව සහ අඩු ලංසුකරණයේ අවදානම:
2025 ජනවාරි මාසයේ සිට ක්‍රියාත්මක වන නව ප්‍රසම්පාදන නීති යටතේ, ඉංජිනේරු ඇස්තමේන්තුවෙන් 30% කටත් වඩා අඩු ලංසු ව්‍යාපෘති ලබා ගැනීමට හැකියාව ලැබී තිබේ.
පැරණි ක්‍රමය: කලින්, ඉංජිනේරු ඇස්තමේන්තුවට වඩා 10% කට වඩා අඩුවෙන් ඉදිරිපත් වන ලංසු පවා ව්‍යාපෘතිවල ගුණාත්මකභාවය අවදානමට ලක්වීමේ හේතුවෙන් ප්‍රතික්ෂේප කිරීමට හෝ විමර්ශනය කිරීමට ඉඩ තිබුණි.
නව තත්ත්වය: 'වියදම අඩුවෙන් පෙන්වීම' යන එකම අරමුණ මත පදනම්ව, මෙම අතිශය අඩු ලංසු පිළිගැනීම නිසා ව්‍යාපෘති කළමනාකරණයේ ගුණාත්මකභාවය (Project Management Quality) සම්පූර්ණයෙන්ම 'අනතේ' යන තත්ත්වයට පත්ව ඇත.
සේවක සුදුසුකම් qualifications පහත හෙලීම:
ව්‍යාපෘති පිරිවැය අඩු කිරීමට යාමේ පළමු පියවර වී ඇත්තේ, 'ප්‍රමාණ බිල් පත්‍රයේ' (Bill of Quantities - BOQ) සඳහන් අවම සුදුසුකම් (Minimum Qualifications) සහ අවශ්‍ය සේවක සංඛ්‍යාව (Minimum Required Numbers) පහත හෙලීමයි.
මෙය, නිලධාරී මට්ටමේ (Superviser Level) සිටින අයව ක්ෂේත්‍ර ඉංජිනේරුවන් (Site Engineers) ලෙස පත් කර, අනෙකුත් වැදගත් තනතුරු සඳහා සුදුසුකම් නොමැති අය යොදා ගැනීම දක්වාම බලපා ඇත.
ඒනිසා ප්‍රමිතියෙන් යුතු ව්‍යාපෘති කළමනාකරණයකට අවශ්‍ය වන දැනුම සහ පළපුරුද්ද මේ තුළින් සම්පූර්ණයෙන්ම කඩාකප්පල් වී ඇත.
2. ප්‍රමිතිය බිඳ වැටීම සහ මුදල් ප්‍රවාහ අර්බුද (Cash Flow)
මෙම ක්‍රමවේදයේ ඍජු ප්‍රතිඵලය වී ඇත්තේ, ක්ෂේත්‍රයේදී (On-Site) ප්‍රමිතිය බිඳ වැටීමයි.
ඇස්ෆෝල්ට් (Asphalt) ගැටලුව:
ව්‍යාපෘතිය ආරම්භයේදීම මුදල් ප්‍රවාහ (Cash Flow) ගැටලු ඇති වන නිසා, කොන්ත්‍රාත්කරුවන් ඉක්මනින් මුදල් ලබා ගැනීමට ප්‍රමිතිය කැප කරති.
නිදසුනක් ලෙස, ඇස්ෆෝල්ට් යෙදීමේදී, ප්‍රමිතිය සඳහා අවශ්‍ය වන ABC (Aggregate Base Course) පදනම් ස්ථරය අඩුවෙන් තළා හෝ අවශ්‍ය ඝනකමින් තොරව යොදා, ඒ පිළිබඳව ව්්‍යාජ වාර්තා (Fake Reports) සකස් කිරීම බහුලව සිදු වේ.
අවසාන ප්‍රතිඵලය: මාර්ගය සකස් කර කෙටි කලකින්ම පාර 'බැසීම' (Road Degradation) ආරම්භ වීමයි.
(මීට අමතරව අපිට වෙනත් කියන්න බැරි නොකියන දේවල් ගොඩක් නිසාත්
ප්‍රමිතිය කැප කිරීමේ තවත් බොහෝ 'වෙන දේවල්' සිදුවන බව පෙනෙනවා)
මෙහිදී, ව්‍යාපෘති නිලධාරීන් සහ කොන්ත්‍රාත්කරුවන් අතර ඇති අවිනිශ්චිත සහ අවිධිමත් සබඳතා හේතුවෙන්, තත්ත්ව පාලනය (Quality Control) පිළිබඳව කිසිදු තැකීමක් නොකරන තත්ත්වයකට පත්ව ඇත.
3. අවුල් සහගත අනාගතය:
"අපේ රට වෙනස් විය යුතු මේවාද?"
ප්‍රසම්පාදනයේදී මුදල් ඉතිරි කිරීමේ කෙටි කාලීන අරමුණ, දිගු කාලීනව ප්‍රමිතියෙන් තොර යටිතල පහසුකම් නිර්මාණය කිරීමටත්, නැවත වියදම් (Rework/Maintenance Costs) ඉහළ යාමටත් හේතු වේ.
ප්‍රධාන නිලධාරීන් (උඩ පුටුවල සිටින නිලධාරීන්) ලවා අඩු ලංසුකරුවන් ආරක්ෂා කිරීමටත්, ප්‍රමිතිය අතපසු කිරීමටත් ඇති ඉඩකඩ වැඩි වී ඇත.
වත්මන් රජයේ ප්‍රසම්පාදන ප්‍රතිපත්තිය මුදල් ඉතිරි කිරීමට පොරොන්දු වුවද, යථාර්ථයේදී එය ඉදිකිරීම් ක්‍ෂේත්‍රයේ ගුණාත්මකභාවය, වෘත්තීයභාවය සහ අවංකභාවය විනාශ කරන විනාශකාරී ප්‍රවාහයක් බවට පත්වෙමින් තිබේ. මේ ගැන ජනතාව අවබෝධ කරගෙන අවධානය යොමු කරන්න ඕනේ.
https://www.youtube.com/watch?v=uX7CAoxBNOU
ReplyDelete😂😅🤣
DeleteThis is even better, but beautiful speech and create stuff, see this;
https://www.youtube.com/watch?v=9P_r7Ugqmic&pp=0gcJCQMKAYcqIYzv#
ඉයන් දැක්කද අර ලංකා රුපියල් මිලියන 270 කට වැඩි විසාල වත්කම් ප්‍රකාශයක් දීපු ඊටත් වඩා වත්කම් අයුතු ලෙස උපයාගෙන තිබෙන බවට චෝදනා එල්ල වී තිබෙන කප්පම් වසන්ත ලොක්කා මාධ්‍ය වලට ඇවිල්ල කියපු බොරු ප්‍රෝඩා ගණන් ලූණු ප්‍රශ්නය ගැන?
ReplyDeleteඇත්තටම මේ වගේ තක්කඩි
මිලදී ගත්ත ළූණු ප්‍රමානය ලක්ෂ වලින් කියනව, ඊට හාත්පසින්ම වෙනස් විදිහට ලූණු නිශ්පාදනය ටොන් වලින් කියනව මේ වගේ හරක්
කාවද රවට්ටන්න හදන්නෙ
ටොන් 50,000ක් නිශ්පාදනය කරලාත් රටේ ප්‍රධානතම ආයතන වන සතොස, කාර්ගීල්ස් සහ කීල්ස් තුනම අරන් තියෙනෙ ටොන් 420යි.
ගොවියෝ චෝදනා එල්ල කරන විදියට ආනයනය කරන ලූණු වලින් කෝටි ගණනින් කොමිස් අරගෙන ලු
කොමිස් ගත්තෙ නැත්තන් කප්පං
වසන්ත පින් ගොනා කියන්න ඕනේ
ගිය 2024 අවුරුද්ද වගේ දෙගුනයක් ලූණු ලංකාවට මේ 2025 අවුරුද්දෙ ගෙනාවෙ ඇයි කියල? ඇයි මෙහෙම ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ට කෙලවන්නේ?
සුගන්දං සීතලං කප්පං වසංත කොමිස් ගිලහං කියලා ගොවියෝ කුණුහරුප කිය කිය බනිනවා නේද?
IAN දන්නවද සොහ්රාන් මම්දානි නිව්යෝක් නගරාධිපති වෙලා, හැබැයි ඉතින් ඔය වමාලා කියන උන්ට පුළුවන් අනිත් කුණුගොඩවල් එක්ක එකතු වෙලා රටවල් නැතිභංගස්ථාන කරන එක තමයි.
ReplyDeleteමතකද අර පොලවෙන් මතුවූ ලන්ඩනයේ සාදික් ඛාන් ලන්ඩන් නගරය ලෝක අපරාධ මධ්‍යස්ථානයක් විදියට ක්රයිම් රේට් එක වැඩි කරලා එන්ගලන්තෙ ඉන්න බැරි රටක් බවට පත් කළා, 🤣😅😂 මූත් ඒකම කරයි වගේ 😬
Just another drama for time pass, ඉයන් මේ දවස්වල ලංකාවේ වාහන වල number plates සම්බන්ධව මීට වඩා ලොකු ප්‍රශ්න ඇවිල්ල තියෙනවා, මීට ඉස්සර කරේ RMV එක පුද්ගලික කම්පැනියකින් ප්‍රින්ට් කරා ආණ්ඩුවට ගානක් තියාගෙන මිනිස්සුන්ට විශාල ගානකට දුන්නා... ආණ්ඩුව කරේ බිස්නස් එකක්. මෙදා පොටේ ආණ්ඩුවට ඕනී කෙනාට දෙන්න බැරිවයි ඔය දගලන්නේ.. මොකද ඇක්සෙස් එකට විතරයි ඕක 2000 ඉදන් කරන්න පුලුවම් මැශින් තිබ්බේ... දැන් ඔය ආණ්ඩුවට කඩේ ගිය මුස්ලිම් කියන ආණ්ඩුකාර කෙනෙකුට අයත් කම්පැනියකින් මේ නම්බර් ප්ලේට් ටික ගහගන්න ටෙන්ඩර් එක දාගන්න බැරි සීන් එකක් තියෙන්නේ.. නැත්නම් ඇක්සෙස් එකට තමයි ලංකාවේ හැකියාව තියෙන්නේ. හැබැයි වැඩේ කියන්නේ දැන්නම් මිනිස්සු ඕකට හුරු වෙලා. ලංකාවේ ඉස්සර තිබුණ නීතිය අනුව ඔය red colour nb plates එහෙම දාන්න බෑලුනේ ඒක deployment vehicles නිසා. ඒත් දැන් රජයෙන් අංක තහඩු නොදෙන නිසා තමන්ම හදාගන්න ඒවාවල දැන් සමහරු ඒකත් ගහන් යනවා. ත්‍රී වීල් වල ඒම. පොලීසියත් කෝමහරි නම්බරේ පේනවනං එච්චරයි බලන්නෑ. කොල්ලො සෙට් එකට හොඳයි. උන් හිතෙන හිතෙන ඩිසයින් ගහගෙන යනවා. ඕක වෙනස් කරලා රජයෙන් ආයේ අංක තහඩු දෙන්න ආවත් කොල්ලො සෙට් එකනම් එකපාරට දානෙකක් නෑ 😂
ReplyDeleteකට්ටියගෙන් වෙන ප්‍රශ්නයක් අහන්න අවසර, මේකයි නිව්ස් එක
ReplyDeleteසිය සංස්කෘතික ඇඳුමින් පාසල් පැමිණි මුස්ලිම් දැරියකට අවහිර කිරීම සම්බන්ධයෙන් ගොනු කළ පෙත්සමක් විභාගයට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අවසර
මේ ලින්ක් එකට ගිහිල්ල වැඩිදුර කියවන්න
https://bbc.in/3LlWAbk
මම දන්න ලංකාවේ මූලික නීති වලට අනුව පාසල් නිල ඇඳුම කෙසේ විය යුතුද කියලා අද්‍යාපන අමාත්‍යශයෙන් තීරනය කරන්නෙ ඒක “School Uniform Regulations” හෝ අමාත්‍යාංශ අතිරේක චක්‍රලේඛ මගින් නියම කරනවා.විදුහල් පතිට අමතර විශේෂ ලාංඡන හෝ බෙරට්, ටයි වැනි දේවල් එකතු කිරීමට සීමිත අධිකාරියක් තියෙනවා ඒත් අමාත්‍යංශ මාර්ගෝපදේශ වලට පට හැනි නොවන විදියට.පුද්ගලික පාසල් සහ ආගමික පාසල් වල විදුහල්පතිවරුන්ට තමන්ගේම නිළ ඇඳුමක් තීරණය කරන්න නිදහස තියනවා ඒකත් අමාත්‍යංශ අනුමැතියට යටත්ව.විශේෂම දේ තමයි රටේ නීතිය අනුව පාසල් නිළ ඇඳුමට ආගමික හෝ වර්ගික පරමාර්ථ අඩංගු විය නොහැක කියන එක.
මේ වගේම යුරෝපීය සංගමයට අයත් ඉතාලියේ රෝමයේ පාසැලක ට ගිය තමාගේ දියණිය පංති කාමරයේ තිබෙණ කුරුසය නිසා මහත් අපහසුතාවයට පත්වෙන නිසා , පංති කාමරයෙන් එම කුරුසය ඉවත් කරණ ලෙස ඉල්ලා එම ඉස්ලාම් ආගමික දියණිය ගේ පියා අධිකරණය හමුවට ගියේය .
දින ගණනාවකට පසු එවකට ඉතාලියේ ජනපති වූ ජෝර්ජියෝ නාපොලිතානෝ රූපවාහිණීයේ පෙනීසිට සන්සුන්ව ,ඉතාම කෙටියෙන් මෙසේ පැවසීය. " මෙය කතෝලික රටකි . අපේ සංස්කෘතිය ට ගරුකරමින් , මෙහි ජීවත් වෙන්නට අකැමැති නම්, ඔබේ කැමැත්තට සුදුසු, ලෝකයේ ඕනෑම තැනකට ගොස් ජීවත්වීමේ ඔබේ අයිතියට අපි විරුද්ධ නොවන්නෙමු ". කෝටි හයකට ආසන්න ඉතාලි ජාතිකයන් අතරින් එකම එක් අයෙක් හෝ අර ඉස්ලාම් ආගමිකයා වෙනුවෙන් මානව හිමිකම් සංවිධාන හොයාගෙන දිව්වේ නැත .
ලංකාවේ වර්තමාන ආණ්ඩුව යටතේ සමාජ ආර්ථික දේශපාලන තත්ත්වය පිළිබඳව සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම තිබෙන මේ කතාව ඇත්ත ද?
ReplyDelete//
මාලිමා ආණ්ඩුවේ මත්ද්‍රව්‍ය විරෝධී "ඉවත් වෙනු" කියන කැම්පේන් එක එක පැත්තකින් යනකොට අනිත් පැත්තෙන් අලුත්ම වාර්තා වලට අනුව රාජ්‍ය සංස්ථා ඔක්කොම මාලිමාව යටතේ කෝටි ගණනින් පාඩු ලබලා. රටේ බහුතර ජනතාව දුක් විඳලා හම්බ කරන පඩියෙන් හැම මාසෙකම අතිවිශාල උහුලන්න බැරි විදුලි බිලක් ගෙවලත් විදුලිබල මණ්ඩලේත් පාඩුයි. ජනතාව අමුරුවෙන් ගෙවන අධික බදු මුදලින් කෝටි ගණනක් දීලත් ශ්‍රී ලංකන් ගුවන් සේවය ගිය වසරට වඩා මිලියන ගාණක් පාඩුයි. ඒ සල්ලිවලින් මාලිමාවේ බිස්නස්කාරයෝ ආතල් ගන්නවා. මිනිස්සු යන්තම් නත්තලට ඇඳුම් කඩමාල්ලක් ගන්න සල්ලි කීය කීය හරි එකතු කරන කොට මාලිමාවේ ඇමතිලා දැන්ම ම ලෝකේ වටේ සුඛෝපභෝගී සවාරි යනවා කෝටි ගණන් පාඩු ලබන ශ්‍රී ලංකන් බිස්නස් ක්ලාස් එකේ. මිනිස්සුන්ට කොකා පෙන්නලා උන් ලොවෙත් නැති පට්ටම පට්ට රජ සැප ගන්නවා.
අධ්‍යාපනය දියුණු කරනවා කියලා ඇවිල්ලා තියෙන ඉස්කෝල ටිකත් වහලා දැම්මා. සිලබස් වෙනස් කරනවා කියලා කුඩා දරුවන්ට සමලිංගික වෙන හැටි ඉගැන්නුවා. වෙන මොනවද මේ අවුරුද්දට ම කළේ? රජයෙන් නොමිලේ දුන්න අච්චු පොතත් අහෝසි කළා.
තමන්ගේ ගජමිතුරන්ට හාල් ටොන් ගණනින් ගෙන්නන්න දීලා දේශීය හාල් ගොවියා හාන්සි කළා. ළූණු ටොන් ගණනින් ඩබල් එකෙන් ගෙන්නලා ලංකාවේ ළූණු ගොවියා නන්නත්තාර කළා. උක් ගොවියා හැඬූ කඳුලින්. බඩ ඉරිඟු ගොවියා හාමතේ. රට ස්වයංපෝෂිත කරනවා කියලා ඇවිල්ලා අවුරුද්දක් යන්න කලින් මුළු දේශීය ගොවි ආර්ථිකයම සුන්නධූලි කළා.
ජාතික ආරක්ෂාව පෝය දෙකෙන් හදනවා කියලා ඇවිල්ලා දවසට එක ගානේ රට වටේ වෙඩි තියලා මිනිස්සු මරන මිනීමරු රටක් හදලා. රටේ ඉහළම ආරක්ෂාව තිබුණ ප්‍රධානම උසාවිය ඇතූලු උසාවි ශාලා ඇතුළේ වෙඩි තියන රටක් බවට පත්වෙලා. බය නැතුව කෙලින්ම ඇවිල්ල නගර සභාව ඇතුළේ වෙඩි තියලා යන රටක් දැන් මේක. වරායෙන් රතු ලේබල සහිත කන්ටේනර් 323ක් හොරාට පන්නලා බොරුවට කුඩු අල්ලනවා කියලා ජනතාවගේම බදු මුදලින් කෝටි ගණන් නාස්ති කරමින් බොරු සංදර්ශන දැම්මා. හොරු අල්ලනවා කියලා ඇවිල්ලා අල්ලපු එක හොරෙක් නැහැ. අගමැති රනිල් වික්‍රමසිංහ මහතා යටතේ 2019 දාපු නඩුවකින් මහින්දානන්ද අලුත්ගමගේ හිරේ ගියාම ඒකට ලකුණු දාගන්න නැටුවා ලැජ්ජ නැතිව.
2024 ඉඳලා ගත්තත් මුන් හැරෙන හැරෙන පැත්තට කියපු අතේ පැලවෙන බොරු කන්දරාවට සාක්ෂි ඕනතරම්. රිලව් අල්ලනවා කියලා ජනතාවගේම බදු සල්ලි කෝටි ගණනින් නාස්ති කළා. තරුණ සේවා සභාවේ සංදර්ශන තියලා ටීෂර්ට්වලින් කෝටි ගාණක් හොරකම් කරගෙන මහජන මුදල් ගැහුවා. වෙන මොනවාද කළේ?
ලොක්කා රටවල් ගානේ ගිහිල්ලා පත නයි ඇරලා බොරු කයිය ගහලා එනවා හැබැයි කිසිම විදෙස් ආයෝජනයක් නැහැ. ඉන්දියාව සමග ගහපු හොර ගිවිසුම් එළියට දැම්මේ නැහැ. නහුතෙට සල්ලි අච්චු ගහනවා. එක අවුරුද්දට ට්‍රිලියන ගානක් රට ණය කරලා. අද ඉපදෙන දරුවාට පවා මුළු ජීවිත කාලයේ ම ගෙව්වත් ඔය මුන් ගන්න ට්‍රිලියන ගණනක අධික විදේශ ණය ගෙවන්න බැහැ.
හැබැයි මාලිමාවේ ඇමතිලා මන්ත්‍රීලගේ කෝටි ගණන් අතිවිශාල වත්කම් උන් උඹලට පේන්න නයා අරිනවා. උඹලට පෙන්නුවේ උන් දුප්පතාගේ දුක දන්නවා කියලා. ඒත් උන් උඹල දුන්න කෙහෙල් කැනත් විකුණලා සල්ලි හම්බ කරලා. මුළු රට ම නැවතිලා. වංචාව දූෂණය දැන් තමයි ඇත්තට ම වෙන්නේ. නැත්නම් අච්චරම අමාරුම කාළෙත් ලාභ ලබපු සමාගම් දැන් ලෝක ආර්ථිකය ඉතාමත්ම සාර්ථකව යන මේ වගේ කාලේක මේ අවුරුද්දට කෝටි ගණනින් පාඩු ලබන්නේ කොහොමද? ආර්ථිකය වර්ධනය වෙන්නේ නැහැ. ශ්‍රම බලකායේ තරුණ තරුණියන් ලක්ෂ ගණනින් රටින් යනවා. හොටු අබේ දැන් ඒ යන තරුණයන්ට උගේ මැද ඇඟිල්ල පෙන්නනවා. දැන් සැපද?//
This comment has been removed by a blog administrator.
ReplyDelete@ ඉයන් ඔයාට මතකද මාතර දිසා ඇමැති කීර්ති අබේවික්‍රම දිවිදුන් වෙළඳ ඇමති ලලිත් ඇතුලත්මුදලි බරපතළ තුවාල ලැබූ... අගමැති රණසිංහ ප්‍රේමදාස තුවාල ලැබූ 1987 ජවිපේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය ගැන?
ReplyDeleteඅසූ හතේ පාර්ලිමේන්තුවට එල්ල කරපු බෝම්බ ප්‍රහාරයේ ඉලක්කය වුණේ ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයායි. ඒ බෝම්බ ප්‍රහාරය කොයිතරම් සැලසුම් සහගතව කරපු එකක්ද කියල කියනව නම් පාර්ලිමේන්තුවට දැඩි ආරක්ෂාවක් දීලා තියෙද්දිත් තමයි ඒ බෝම්බය ඇතුළට අරගෙන ඇවිත් තියෙන්නේ. පාර්ලිමේන්තුවට ගෙනියන හැම දේම දැඩිව සෝදිසි කරල තමයි ඇතුළට ගන්නේ. බාහිරින් පාර්ලිමේන්තුවට ඕනෑ ඕන දේවල් ගෙනියන්න බෑ කාටවත්ම. විවිධ ආරක්ෂක විධිවිධාන පාර්ලිමේන්තුවෙ තියෙද්දි තමයි මේ බෝම්බය ඇතුළට ගෙනත් තියෙන්නේ.
ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිතුමා ඉලක්ක කරලා බෝම්බය එල්ල කළත් එතුමට ඒකෙන් ලොකු හානියක් වුණේ නෑ. ඔහුට සුළු තුවාලයක් විතරයි වුණේ. අගමැති ප්‍රේමදාස මහත්තයටත් පොඩි තුවාලයක් වුණා. මේ බෝම්බ ප්‍රහාරයෙන් එවකට ආරක්ෂක ඇමැති ලලිත් ඇතුළත්මුදලිට සැලකිය යුතු තරමේ හානියක් වුණා. ඒ එක්කම දෙනියායේ පාර්ලිමේන්තු මන්ත්‍රී කීර්ති අබේවික්‍රම ඒ බෝම්බ ප්‍රහාරයෙන් මියගියා. ඒ වගේම පාර්ලිමේන්තුවෙ ආණ්ඩු පක්ෂයේ සංවිධායක ලේකම් සේනාධීර කියන මහත්තයා මියගියා. තවත් කීප දෙනෙකුට මේ ප්‍රහාරයෙන් තුවාල සිද්ධ වුණා. මේ පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය රටම හොල්ලපු සිදුවීමක් වුණා.
බෝම්බ ප්‍රහාරයට පස්සේ මේ ගැන දිගින් දිගටම පරික්ෂණ පැවැත්වුණා. මේ පරික්ෂණවලින් අවසානයේ හෙළිදරවු කර ගත්තා අජිත් කුමාර කියලා පාර්ලිමේන්තුවෙ වැඩ කරපු සේවකයෙක් මේකට සම්බන්ධයි කියලා. දිගින් දිගට මේ අජිත් කුමාර කවුද කියලා ආරක්ෂක අංශ විසින් හොයන්න පටන් ගත්තා. අජිත් කුමාර කියන්නේ ඒ කාලේ ජනතා විමුක්ති පෙරමුණේ ඉදපු විමල් වීරවංශගේ ඥාති සහෝදරයෙක්. මේකෙන් තත්ත්වය තවත් බරපතළ වුණා. මොකද මේ පුද්ගලයා ජනතා විමුක්ති පෙරමුණට සෘජු සම්බන්ධයක් තියෙනවා කියලා ආරක්ෂක අංශ කල්පනා කළේ. අජිත් කුමාරගෙ පසුබිම හොයන්න පටන් ගත්තා ඒ නිසා අජිත් කුමාර කැලණිය විශ්ව විද්‍යාලයේ උපාධියක් හදාරපු කෙනෙක්. ඒත් අජිත් කුමාර පාර්ලිමේන්තුවට සේවකයෙක් විදියට ඇතුළු වුණු ආකාරය ගැන කිසිම තොරතුරක් හොයාගන්න බැරිවුණා. මේක දීර්ඝකාලීන සැලසුමක ප්‍රතිඵලයක් කියලා ආරක්ෂක අංශ සැක පහළ කළා. බෝම්බ ප්‍රහාරයෙන් පස්සේ අජිත් කුමාර අතුරුදන් වුණා. ඔහුව හොයාගන්න බැරි වුණා.
අජිත් කුමාර ගැන පරික්ෂණ පවත්වපු ආරක්ෂක අංශ අජිත් කුමාරට සම්බන්ධකම් තිබුණු අයගේ තොරතුරුත් හොයන්න පටන් ගත්තා. බෝම්බ ප්‍රහාරයෙන් වසර කීපයකට පස්සේ දඹුල්ල පැත්තෙ ගොවිපොළක ඉඳල අජිත් කුමාර අත්අඩංගුවට පත්වුණා කියලා ප්‍රවෘත්තියක් අහන්න ලැබුණා. ඔහු ඒ නඩුවෙනුත් නිදහස් වුණා මං හිතන්නේ. කරුණු ඔප්පු කරගන්න බැරි වුණු නිසා.
මේ භීෂණකාරි තත්ත්වය තුළ වුණත් ජේ. ආර්. ජයවර්ධන මැතිතුමා ඉන්දු - ලංකා ගිවිසුම හරහා පළාත් සභා පනත ඉදිරිපත් කිරීම නැවැත්වුවෙත් නෑ.
-------------------------
මේ තියෙන්නේ ඒ ගැන විස්තර තියෙන ලිපියක්
See this:
----------------------------------------
Deleteකැරලිකරුවන්ගේ වැරදුණු කුරුමානම
සුන්දර වෙරළින් හා පලා පැහැයෙන් සමලංකෘත වූ සුපුරුදු ශ්‍රී ලංකාව වෙනුවට, 1987 වසර වනවිට ඉන්දියානු හා ජේ.ආර්. ජයවර්ධන විරෝධයෙන් ගිනියම් වූ රටක් බවට ශ්‍රී ලංකාව පත්ව තිබුණි. 1987 ජූලි මස 29 දා එවකට ශ්‍රී ලංකා ජනාධිපති වූ ජේ.ආර්. ජයවර්ධන ඉන්දීය අගමැති රජීව් ගාන්ධි සමඟ ඉන්දු - ලංකා ගිවිසුම අත්සන් කළේය. ජේ.ආර්. ජයවර්ධනට ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට සිදු වූයේද දැවැන්ත ජනතා විරෝධයක් මධ්‍යයේය. ජයවර්ධන පාලනය ඊට ප්‍රතිචාර දැක්වූයේ පොලිසිය ලවා වෙඩි තැබීමෙනි. මෙම ගිවිසුම රට පාවා දීමේ ගිවිසුමක් ලෙසත්, ජයවර්ධන ජනාධිපතිවරයා මවුබිමට ද්‍රෝහී වූවකු ලෙසත්, ඉන්දියානු හමුදාව ආක්‍රමණික හමුදාවක් ලෙසත්, හඳුන්වමින් ජනතා විමුක්ති පෙරමුණ ඊට එරෙහිව දැවැන්ත ජනමතයක් නිර්මාණය කළේය.
ඉන්දු - ලංකා ගිවිසුම මඟින් ජයවර්ධන ආණ්ඩුව 13 වැනි සංශෝධනය ලෙස ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පළාත් සභා ව්‍යුහය එක් කරන ලදි. ගිවිසුම අත්සන් කරන දින ජයවර්ධන ජනාධිපතිවරයා විසින් රට පුරා ඇඳිරි නීතිය ප්‍රකාශයට පත් කරනු ලැබූව ද එය නොසලකා දස දහස් ගණනින් ජනතාව රට පුරා පෙළපාලි පවත්වමින්, මහාමාර්ග වසා දමමින් විරෝධතාවය පළ කළහ. මෙම ගිවිසුම තුළින් ශ්‍රී ලංකාවේ ස්වාධීනත්වය උල්ලංඝනය වී ඇති බව සඳහන් කරමින් ජනතා විමුක්ති පෙරමුණ මවුබිමේ ස්වාධීනත්වය ආරක්‍ෂා කොට තහවුරු කිරීම අරමුණු කර සිය අරගලය පෙරට ගෙන යන ලදි. ගුරුවරුන්, ශිෂ්‍යයන්, ලිපිකරුවන්, වෙළඳුන් හා භික්ෂූන් වහන්සේලා එකතුකොටගෙන සිය අරගලය දියත් කරන ලදි. රට පුරා කැරලි කෝලාහල ඇතිවු අතර ජන විරෝධයට ආණ්ඩුවට මුහුණ දීමට සිදු විය. තවද රට පුරා ඈත ගම් නගර සෑම එකකම පාහේ මිනිසුන් බොහෝ දෙනෙකුට ජීවිතවලින් වන්දි ගෙවීමට ද සිදුවිය. ඒ අයුරින් මුළුමහත් ශ්‍රී ලංකාව පුරාම සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව මෙතෙකැයි නිශ්චිතවම කීමට නොහැකි නමුත් ඒවා පිළිබඳව විවිධ සත්‍ය වාර්තා ප්‍රකාශයට පත් වූයේය. මේ අතර ඉන්දු ලංකා ගිවිසුමෙන් කෝපයට පත්වු පිරිසක් එවකට එක්සත් ජාතික පක්‍ෂයේ තංගල්ල මන්ත්‍රී ජිනදාස වීරසිංහ මහතාට 1987 ජූලි මස විසිවනදාට නුදුරු දිනකදී වෙඩි තබා ඝාතනය කර තිබුණේය. තත්ත්වය මෙසේ තිබියදී පාර්ලිමේන්තුව 1987 අගෝස්තු මස 18 වැනිදා දක්වා කල් දැමීමට එක්සත් ජාතික පක්‍ෂය තීරණය කළ අතර, ඒ පිළිබඳව ආණ්ඩු පක්‍ෂය මඟින් කල් තැබීමේ යෝජනාවක් ජූලි මස 24 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී.
Deleteඋද්ඝෝෂණ ක්ෂේත්‍රයේ ද බහු ජන ක්ෂේත්‍රයේ ද සහ සන්නද්ධ ක්ෂේත්‍රයේ ද ක්‍රියාත්මක වූ ජනතා විමුක්ති පෙරමුණ දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය වර්ධනය වී රටට ප්‍රබල බලපෑමක් කරන ව්‍යාපාරයක් බවට පත්විය. ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ කළ අරගලයේ ප්‍රබලතම සිදුවීම වූයේ 1987 අගෝස්තු 18 දින කෝට්ටේ ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු ගොඩනැගිල්ලේ කාරක සභා ශාලාවක පැවති ආණ්ඩු පක්‍ෂ මැති ඇමතිවරුන්ගේ රැස්වීමකට එල්ල කළ බෝම්බ ප්‍රහාරයයි. මෙම බෝම්බ ප්‍රහාරය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ඉලක්ක කරගෙන එල්ල කළත් ඔහු ගැලවී ලලිත් ඇතුලත්මුදලි මහතා බරපතළ තුවාල ලැබීය.
එම රැස්වීම පාර්ලිමේන්තු සංකීර්ණයේදී 1987 අගෝස්තු මස 18 වැනිදා පෙරවරු 8.40 ට ඇරඹි අතර, සහභාගි වූයේ 120 දෙනෙකු පමණි. එදින රට පුරාත් විශේෂයෙන් පාර්ලිමේන්තුව හා එහි අවටත් ආරක්‍ෂක නිලධාරීන් යොදවා තිබුණි. ඝාතතනයට ලක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී ජිනදාස විරසිංහ මහතා සැමරීම සඳහා විනාඩි දෙකක නිහැඬියාවක් මුලින්ම පැවැත්විණි. මෙම රැස්වීමේදී ප්‍රධාන වශයෙන් කතාබහ කිරීමට නියමිතව තිබුණේ ජේ.ආර්. ජයවර්ධන හා රජිව් ගාන්ධි අත්සන් තැබු ඉන්දු - ලංකා ගිවිසුම පිළිබඳව රටේ උද්ගතව ඇති තත්වයන් සමාලෝචනය කිරීමය. ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලසුනේ සිටි අතර, මෙම රැස්වීමේ ප්‍රධාන අසුන්වල අගමැති ආර්. ප්‍රේමදාස, ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ඇම්. වින්සන්ට් පෙරේරා, රොනී ද මැල්, ඊ.එල්.බී. හුරුල්ලේ, මොන්ටේගු ජයවික්‍රම, ලලිත් ඇතුලත්මුදලි, යූ.බී. විජේකෝන් සහ කීර්ති අබේවික්‍රම යන මහත්වරු රැඳී සිටියහ.
ආණ්ඩු පක්‍ෂ රැස්වීමේදී ජනාධිපතිවරයා මැති ඇමතිවරු අමතමින් සිටි අවස්ථාවේ එතුමාගේ වම්පසින් කිසිවකු විසින් එල්ල කළ බෝම්බයක් ජනාධිපතිවරයාගේ මේසය අසල වැටී ලලිත් ඇතුලත්මුදලි මහතාගේ පුටුව අසල පුපුරා ගියේය. රැස්වීම් ශාලාව කළු දුමාරයෙන් වැසුණු අතර, ඒ සමඟම එල්ලවූ තවත් බෝම්බයක් මාතර දිස්ත්‍රික් ඇමති කීර්ති අබේවික්‍රම මහතා අසලදී පුපුරා ගියේය. එම අවස්ථාවේදී “අපි ඉවරයි හැම තැනම බෝම්බ බිම දිගාවෙයල්ලා” මෙසේ කියමින් ඝෝෂා කළ මන්ත්‍රීවරුන් එක පොදියට ශාලාවෙන් පිටවීමට උත්සාහ දරන ලදි. ඒ වන විට මූලාසනයේ සිටි ජනාධිපතිවරයාත්, ඒ සමඟ සිටි අගමැතිවරයා සහ ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ක්‍රීඩා ඇමති වින්සන්ට් පෙරේරාත් බෝම්බ ප්‍රහාරයෙන් බේරීමට මේසය යටට රිංගාගෙන තිබුණි. ජනාධිපතිවරයා මේසය යටට යැවුවේ අගමැති ප්‍රේමදාස මහතාය. පිපිරීම් හඬ නැවතුණ අතර, සභා ගර්භය තුළ ලේ ගංගාවක් වගුරවමින් සියල්ල සුනු විසුනු කරමින් ශාලාව දුම්වළාවක් බවට පත්ව තිබුණි. කළු දුමාරයෙන් වැසීගොස් තිබුණු ශාලාව තුළ පැවති අඳුරු පැහැය ක්‍රමයෙන් ඉවත් වුණ අතර, මේසය යටට රිංගාගෙන සිටි මැති ඇමතිවරු බිම දිගේ බඩගාගෙන ශාලාවෙන් පිටතට පැමිණියහ.
මේ අතර තුවාල නොලබා සිටි මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ කාර්ය මණ්ඩලය සමඟ එක්ව තුවාලකරුවන් ඔසවාගෙන මන්ත්‍රී පිවිසුම වෙත පැමිණියහ. ඒවන විට තුවාලකරුවන් රෝහල් කරා රැගෙන යාමට මැති ඇමතිවරුන්ගේ වාහන මන්ත්‍රී පිවිසුම ඉදිරිපිට නවතා තිබුණි. ආරක්‍ෂකයෝ වහා ඔවුන් වාහනවල දමාගෙන පිටමං කළහ. ඒ අතර ගතවූ මිනිත්තු කිහිපයේදී පොලිස්පති හේරත් හා රහස් පොලිසියේ අධ්‍යක්‍ෂ නියෝජ්‍ය පොලිස්පති ෆ්‍රෑන්ක් සිල්වා යන මහත්වරුද රහස් පොලිසියේ පොලිස් නිලධාරීන් පනස්දෙනෙකු පමණ ද පාර්ලිමේන්තු සංකීර්ණයට ඇතුල් වූහ. ඒ සමඟ කොමාන්ඩෝ පොලිස් කණ්ඩායම් හතරක්ද ප්‍රධාන පිවිසුම අබියස රැකවල්ලා ගත්හ. එකවර හතර පැත්තෙන් හෙලිකොප්ටර් හතරක් පාර්ලිමේන්තු සංකීර්ණයට ඉහළින් පියාසර කරන ලද්දේද මේ අවස්ථාවේදීය.
Deleteබෝම්බ ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි මාතර දිසා ඇමති කීර්ති අබේවික්‍රම මහතා සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතා කොළඹ ජාතික රෝහලටත්, ජාතික ආරක්‍ෂක ඇමති ලලිත් ඇතුලත්මුදලි මහතා ශ්‍රී ජයවර්ධනපුර රෝහලටත් රැගෙන යන ලදී. තුවාල ලබා සිටි සෙසු තුවාලකරුවන් ද කොළඹ සහ ජයවර්ධනපුර රෝහල් කරා රැගෙන යන ලදි. මෙම සිද්ධියෙන් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නෝබට් සේනාධීර මහතාගේ හිසට බරපතළ ලෙස තුවාල සිදුවී තිබුණි. එදින පෙරවරු 11 ට පමණ ශල්‍යාගාරය තුළදීම කීර්ති අබේවික්‍රම මහතා ජීවිතක්‍ෂයට පත් විය. එමෙන්ම පසුව නෝබට් සේනාධීර මහතා ද ජීවිතක්‍ෂයට පත්විය. තුවාල ලැබු ලලිත් ඇතුලත්මුදලි මහතාගේ කලවා ප්‍රදේශයේ අවයව කිහිපයක් ශල්‍යකර්මයකින් ඉවත් කරන ලදි. ප්‍රහාරයෙන් අගමැති ප්‍රේමදාස මහතාට ද සුළු තුවාල සිදුවී තිබුණි. “ජනතා විමුක්ති පෙරමුණු ත්‍රස්තවාදීන් මීට වගකිවයුතුයි. සන්සුන් වන්න, මේ ප්‍රහාරය රටේ පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රවාදය වෙත එල්ලවූ ප්‍රහාරයක්” යැයි දිවි බේරා ගත් ජනාධිපති ජයවර්ධන ජනතාවට පැවසීය. එමෙන්ම ජනාධිපතිවරයා මෙම සිදුවීම හැඳින්වූයේ “ශ්‍රී ලංකාවේ ඒකීයභාවයට එරෙහිව දකුණේ ත්‍රස්තවාදින් දියත් කළ ප්‍රහාරයක්” බවය. ඒ හැර ඉන්දු ලංකා ගිවිසුමෙහි විරෝධතාකරුවන් දුටු එක් දුබලතාවයක් පිළිබඳවත් ඔහු වචනයකුදු කතා නොකළේය.
ප්‍රහාරයෙන් පසු එකී ප්‍රහාරයේ වගකීම බාර ගනිමින් දේශප්‍රේමි ජනතා ව්‍යාපාරය “ද්‍රෝහීනි අප තොපට බෝම්බ ගැසුවේ මේ නිසයි” යනුවෙන් පත්‍රිකාවක් නිකුත් කරන ලදි. එමඟින් ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව චෝදනා ගණනාවක් ඉදිරිපත් කරනු ලැබීය. එම පත්‍රිකාව තුළින් ජීවත්වීමට ආසා ඇති සියලුම මන්ත්‍රීන්ට තම ආසන වලින් ඉල්ලා අස් වී තම වැරදි පාපොච්චාරණය කළ යුතු බවත්, ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට එරෙහිව නැඟී සිටිය යුතු බවත් ප්‍රකාශ විනි. ඊට අමතරව ජනතා විමුක්ති පෙරමුණේ මැදිහත්වීම මත රටපුරා කළු කොඩි ඔසවා නොයෙක් ආකාරයේ රාජ්‍ය විරෝධි ක්‍රියා සිදු කරන ලදි. රාජ්‍ය දේපළ විනාශ කිරිම, රාජ්‍ය විරෝධි පෝස්ටර් හා පත්‍රිකා බෙදා හැරීම ආදි ක්‍රියා මාර්ග අනුගමනය කරන ලදි. මෙම ව්‍යාපාරවලදී අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය, දේශප්‍රේමි භික්ෂු පෙරමුණ හා අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලය යන විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංවිධාන නායකත්වය ගෙන ක්‍රියා කරන ලදී.
පාර්ලිමේන්තු බෝම්බ ප්‍රහාරය ගැන දීර්ඝ පරීක්‍ෂණයකින් පසුව ප්‍රහාරයේ සැකකරු ලෙස පාර්ලිමේන්තුවට ආහාර සැපයු බාහිර සේවකයකු වූ අජිත් කුමාර නමැති අයව අත්අඩංගුවට ගන්නා ලදී. නමුත් ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ බෝම්බ සිද්ධියෙන් හඳුනාගනිමින් නොව මාතලේ නාඋල ප්‍රදේශයේදී නීතීවිරෝධි මත්පැන් වැටලීමකදී අහම්බයෙන් තවත් සිව් දෙනෙකු සමඟය. කැලණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබමින් සිටියදී ඉන් ඉවත්ව ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියාකාරිකයකු වූ ඔහුව අත්අඩංගුවට ගනු ලැබූයේ ප්‍රහාර සිද්ධියෙන් මාස 8 කට පසුව 1988 අප්‍රේල් මාසයේදීය. රටේ විධායක ජනාධිපතිවරයා ඇතුළු පිරිස ඝාතතනය කිරීමට තැත් කිරීම ඇතුළු චෝදනා දහයක් ඔහු වෙත එල්ල විය.
අජිත් කුමාරට එරෙහිව සාධාරණ නඩු විභාගයක් පැවැත්වුණි. නඩුවලදී අජිත් කුමාර වෙනුවෙන් පෙනී සිටියේ එකල ජ්‍යෙෂ්ඨ නීතීඥයෙකු සහ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රබලයකු වූ සුසිල් මුණසිංහ ය. විනිසුරු ආනන්ද ග්‍රේරු සියලු සැකකරුවන් නිදහස් කළේ පැමිණිල්ල විසින් සැකයෙන් තොරව නඩුව ඔප්පු කර නැති බව කියමිනි. නීතීපති මෙම තීන්දුවට එරෙහිව අභියාචනා කළ ද එයත් ප්‍රතික්ෂේප විය. අවසානයේදී අධිකරණය අජිත් කුමාරව නිදොස් කොට නිදහස් කරන ලද අතර, එය දෛවෝපගත තීන්දුවක් විය.
- එම්. තාරික්
මේ වීඩියෝ එක බලන්න මේකේ ඕක ගැන ලස්සනට විග්‍රහ කරනවා ඉයන්
ReplyDeletehttps://m.youtube.com/watch?v=BMd5QgJTQ5U
ඔයාටත් පුළුවන් නම් මේ වගේ යූටියුබ් චැනල් එකක් පටන් ගන්න, මූණ නැතුව AI වලින් වීඩියෝ එකක් හදන්න පුළුවන්ද, animation, graphics වලින් පේන විදියට ලස්සනට හදන්න බලන්න