සමරිසි මිනිසුන්ට විරුද්ධව සමාජයේ එක්තරා කොටසකුත් පොලිසියත් දශක ගනනාවකට සිටම ක්‍රියාකරනවා. ඒකෙන් වෙන අසාධාරණය ගැන සහ ඒ ගැන කලකට පෙර මම ලිවූ ගීතයක් සමඟ 2016 ලියපු ලිපියක් තමයි මේ බ්ලොග් එකේ දෙවෙනියට වැඩිපුරම කියවල තියෙන ලිපිය.
මගේ තර්කය වුනේ ඕනකමින්ම හදා නොගන්නා තත්ත්වයක් සහ ඕන නම් වෙනස් කරගන්න බැරි තත්ත්වයක් වන ලිංගික විෂමතා මත අන් අයට වෙනස් කම් කරන එක, දඬුවම් කරන එක සහ එලෙස සමරිසි අය සාමන්‍ය විවාහ (විරුද්ධ ලිංගිකයන් අතර වෙන විවාහ ) වලට තල්ලු කරන එක කොතරම් අසාධාරණද කියන එක.
අපිට වඩා වෙනස් ලිංගික නැඹුරුවක් තියෙන අයට වෙන අසාධාරණයට විරුද්ධ අයට හොඳ ආරංචියක් ලඟදී අහන්න ලැබුණා. ඒ මන්ත්‍රී ප්‍රෙම්නාත් දොලවත්ත මඟින් සමරිසි සහ ඒවගේ විෂමතා ඇති අයට විරුද්ධව ඇති නීතිය වෙනස් කරන්න පෞද්ගලික යෝජනාවක් ලෙස පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම. ඒවගේම එම යෝජිත පණත ගැන සලකා බැලූ ශ්‍රේශ්ඨාධිකරණය එම පණතට අනුමැතිය දීම.
බොහෝ විට පසුගාමී දේවල් වෙන රටේ මෙවැනි ඉදිරිගාමී දෙයක් වෙනවා දැකීම සතුටට කරුණක්.ඒ තීරණය සැමරීමට මගේ 2016 ලිපිය නැවත පළ කරන්න හිතුණා.
ඇගෙ හිත ඇය වෙත ගිය දවසේ 18 +
April 22, 2016
මේ පෝස්ට් එකට ඉන්ස්පිරේශන් එක නුවර කුමාරිගේ පෝස්ට් එකක්. ඒක මම කථාකරන්න අදහස් කරන මාතෘකාවට පොඩ්ඩක් වෙනස්. එකේ කියවුනේ කුඩා කාලයෙදී තාවකාලිකව ඇතිවන සමලිංගික ආකර්ෂණයන් ගැන. හැමෝටම ඒවගේ අත්දැකීම් ඇති. බොහෝ දෙනෙකුට ඒවා පාසිං එපිසෝඩ්ස් විතරයි. ඒ වුණාට කුඩා ප්‍රතිශතයක් වැඩිහිටි වයසේදීත් සමලිංගික වෙනවා. මේ වගේ Sexual orientation එකෙන් ඔයගොල්ලනට වඩා වෙනස් වන අය ගැය ඔබගේ ආකල්පය කුමක්ද කියා සිතන්න සහ අවශ්‍යනම් නැවත සලකා බලන්න පෙලඹවීමක් තමයි මෙම පෝස්ට් එකේ අරමුණ.
බොහෝ බටහිර රටවල සමලිංගික අයට හැංගිලා ඉන්න ඕන නැහැ. මොකද ඒක ලෙඩක් හෝ බිය විය යුතු හෝ සමාජයෙන් කොන් කල යුතු කොට්ඨාශයක් කියල හිතන අය ඒ රටවල අඩුයි. ගොඩක් නොදියුණු රටවල් වල සමාජ වල ගෝත්‍රික මනස් ඇති අයගේ ඊගෝ එක සතප්පවන්න එල්ලෙන්න මොනව හරි වැල් ඕන නිසා ආගම, ජාතිය වගේ දේවල එල්ලෙනවා. ඒ වගේම එවන් අය සමලිංගික සහ අනිකුත් වෙනස් ලිංගික හැසිරීම් ඇති අය කොන් කිරීමටත් ඔවුන්ගේ අයිතිවාසිකම් නැතිකරන්නත් ඉක්මනින්ම ඉදිරිපත් වෙනවා. මෙවන් ක්‍රියා හීනමානයෙන් පෙලන අයට "අනික් වුන්ට වඩා මම හොඳයි හෝ මම උසස්" කියන හැඟීමට හොඳ තල්ලුවක් (boost) නැත්නම් සහයක් දෙනවා. ඇමෙරිකාව වගේ දියුණු යැයි අන් අය සිතන සමාජ වලත් සමහරුන් සමලිංගික විවාහ නීතිගත කිරීමට විරුද්ධව විශාල සටනක් ගෙනියනවා. තමන් හරි යැයි සිතන දේ අනෙක් අයත් හරියැයි සිතිය යුතු බව පිළිගන්නා ගෝත්‍රික ගතිය බොහෝ දෙනෙක් තුල අවාසනාවකට තවමත් තියෙනවා. මේ අතින් යුරෝපයේ රටවල් බොහෝ ඉදිරියෙන් .
සමාජයේ ජීවත් වීමට අවශ්‍ය කරණ ලිංගික අධ්‍යාපනය තවමත් ව්‍යුහගත විදිහකට ලබා නොදෙන නිසා වෙනස් ආකාරයේ ලිංගික හැසිරීම් ගැන සමාජයේ බොහෝ දෙනෙක් දන්නේ නැහැ. එම නොදැනීම නිසාම එවන් වෙනස් ආසාවන් ඇතිවන අය තමන් රෝගීන් යැයි සිතා මානසිකව පීඩා විඳිනවා. සමාජයෙන් හැංගී සිටිනවා. ඔවුන් මෙන් සිතන අය තව ලක්ෂ ගණනක් ලොව පුරා සිටිනා වග ඔවුනට වැටහෙන්නේ නැහැ. එම නිසා තමන්ගේ ආශාවන් හෙළි නොකර සඟවාගෙන සිටිනවා.
Heterosexuals සහ homosexuals ඇරුනම bi-sexual කට්ටියකුත් සිටිනවා. ඔවුන්ට විරුද්ධ ලිංගිකයින් මෙන්ම සමලිංගික අය සමඟත් ජීවත් විය හැකියි. මෙවන් අයට අවස්ථාව අනුව වෙනස්වීමට හැකි නිසා ප්‍රශ්ණ අඩුයි. මේවට Sexual deviations කියා කියනවා. homosexuals සහ bi-sexual අයට අමතරව තමන්ගේ නිරුවත අනුන්ට පෙන්වීමට කැමති අය (Exhibitionism), අන් අයගේ නිරුවත රහසින් බැලීමෙන් ලිංගික සතුටක් ලබන අය (Voyeurism), සපත්තු, හම් වර්ග වැනි මනුශ්‍ය නොවන දේවලින් ලිංගික සතුටක් ලබන අය (Fetishism), තමන්ගේ අවයව අනික් අයගේ ඇඟේ අතුල්ලා එමගින් ලිංගික සතුටක් ලබන අය (බස් වලදී ඇඟවල් වල හේතුවීම) (Frotteurism), කුඩා ළමුන් සමඟ ලිංගික ඇසුර පැවත්වීමට කැමති අය (Pedophilia), මානසිකව සහ ශාරීරිකව වද වේදනා විදීමෙන් ලිංගිකව සතුටු වන අය (Sexual masochism), අන් අයට මානසිකව හෝ ශාරීරික වද වේදනා දීමෙන් ලිංගිකව සතුටුවන අය (Sexual sadism), විරුද්ධ ලිංගිකයන්ගේ ඇඳුම් ඇඳීමෙන් සහ එලෙස හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය (Transvestic_fetishism), සතුන් සමඟ හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය ( Zoophilia), මෘත දේහ සමඟ හැසිරීමෙන් ලිංගික සතුටක් ලබන අය (Necrophilia) වශයෙන් විවිධ ආකාරයේ වෙනස් ලිංගික ආශා තියෙන පුද්ගලයින් අපි අතර සිටිනවා.සමහර රටවල තමන්ට homosexuals, BDSM, දේවල් වලට කැමති අයට ගැලපෙන අය සොයාගන්න එවන් අය සඳහා වෙන්වුන සමාජ ශාලා, වෙබ් අඩවි පවා තිබෙනවා.
මෙයින් Pedophilia වැනි deviations සමාජයට ඉතා අහිතකරයි. Frotteurisme, exhibitionist, voyeurism වැනි deviations සමාජයට කරදරයක්. අනික් අය ඔවුනගේ වෙනස් වීමට ගැලපෙන අය සමඟ පමණක් එසේ හැරෙනවා නම සමාජයට එයින් වන හානියක් නැහැ. උදාරණයකට අන් කෙනාට මානසිකව සහ ශාරීරිකව වද වේදනා දීමට කැමති (sadist) අයකුත් එලෙස මානසිකව සහ ශාරීරිකව වද වේදනා විඳීමට කැමති (masochist) අයකුගේත් ඇසුර හෝ විවාහය ඒ අයට ගැලපෙනවා. නමුත් masochist නොවන අයකු sadist අයකු සමඟ විවාහ වුවහොත් එක්කෙනෙක් මහත් අසීරුවට පත්වෙනවා.ඒ වගේම තමයි heterosexual කෙනෙකු homosexual කෙනෙක් සමඟ විවාහ වුණත්. වෙනත් රටවල ඇති එකිනෙකා දැන අඳුනගෙන කලින් එකට ජීවත්වී (living together) කෙරෙන විවාහ වලදී එසේ නොගැලපෙන දෙදෙනෙකු එක්වීමට ඉඩ නැහැ. එහෙත් විවාහයට පෙර ගැහැණියකගේ 'පිරිසිඳු බව' virtue එකක් ලෙස සලකන ආගම, කුලය, නිලය, වත්කම් පමණක් සසඳා කරන විවාහ වලදී මෙවන් වෙනස් කම් පමණක් නොව sexual incompatibility වැනි ප්‍රශ්ණද පැන නැඟීමට ඉඩ තිබෙනවා. මෙවැනි දේවල් ගැන එලිපිට කථා නොකිරීමෙන් සහ එක ලෙස සිතන අයට එක් වෙන්න අවස්ථාවල් නැති කිරීමෙන් වෙන තව හානියක් තමයි ඔවුන්ගෙන් සමහරක් ඔවුන්ගේ අශාවන් සන්තර්පනය කර ගත හැකි රැකියා සොයා ගැනීම සහ එවන් අය අසු නොවීම. සමහර සමලිංගිකයන් හමුදා. කැඩෙටිං ආදී තැන්වලත්, pedophilia සහ sadists අය ගුරු වෘත්තියත්, තව සමහර අය sadist අය පොලිසියත්,necrophilia අය අවමංගල්‍ය ආයතන හෝ රෝහල් වල ආදී වශයෙන්. මෙයින් සමහරක් සමාජයට ඉතා අහිතකර තත්ත්ව උදාකරනවා.
මා හිතන විදිහට ඉහත දැක්වූ sexual deviations අතරින් වඩාත්ම ප්‍රචලිත සමලිංගිකයින්. ඔවුන් ඔවුනට ගැලපෙන අනිකුත් සමලිංගිකයින් සමඟ සම්බන්ධතා පැවැත්වීම, ආදරය කිරීම, විවාහ වීම අනික් අයට කරදරයක් වන්නේ කොහොමද? මම විද්‍යාත්මක පැත්ත ගැන ලියන්න තරම් රිසර්ච් කරල නැහැ. ඒවුණාට මම හිතනවා ඒක කැමැත්තෙන් ලබාගන්න දෙයක් වත් කැමතිනම් වෙනස් කරන්න පුළුවන් දෙයක් වත් නෙමෙයි කියල. එතකොට කෙනෙක් සමලිංගික වෙන්නෙ එයාගෙ කැමැත්තෙන් නෙමෙයි නම් ඒ කෙනාව කොන්කරන එක, ඒ අයට නිග්‍රහ කරන එක හරිද?
මැද පෙරදිග සමහර සමාජ වල ඒ අයට දඬුවම් කිරීමටත් නීති සකසා තියෙනවා. දඬුවමක් දෙන්නෙ හිතා මතා කරන වැරැද්දකට. එමෙන්ම දඬුවමක් දෙන්න ඕන වෙනස් කරගන්න පුළුවන් හැසිරීමකට. මේ දෙකම බැරිනම් ඒක අසාධාරණ කොන් කිරීමක් හෝ වෙන් කොට සැලකීමක් (discrimination) නේද? දකුණු අප්‍රිකාවේ 1994 ට පෙර කළු මිනිසුන්ට වෙනස් කොට හා පහත් කොට සැලකීමක් තිබුණා. ඒකට කිව්වෙ apartheid කියලා. එතෙන්දිත් කළු මිනිසුන් වුවමණාවෙන් එලෙස ඉපදුනේ නැහැ. එමෙන්ම ඔවුන්ට අවශ්‍ය වුණත් ඔවුනට සුදු වෙන්නත් බැහැ. එවන් වෙනසක් ගැන අසාධාරණ ලෙස සලකන එකට විරුද්ධව මුළු ලෝකයම නැගී සිටියා. ඔබත් එලෙස එයට විරුද්ධ වෙන්න ඇති. එහෙම නම් ඇයි ඔබත් ලෝකයත් ඒ හා සමාන අවස්ථාවක හිරවී ඉන්න සමලිංගික අය වෙනුවෙන් වෙනස් විදිහකට හිතන්නේ?.
බටහිර සමාජයේ ඔවුන්ට තමන් ආදරය කරන කෙනා සමඟ ප්‍රසිද්ධියේ එහෙ මෙහෙ යන්න පුළුවන්. සමහර රටවල ඔවුන්ට විවාහ වෙන්නත් ළමයින් හදා ගැනීමට ගැනීම හෝ දායක (surrogate ) මාපියන් ක්‍රමයෙන් තමන්ගේම ළමයින් හදා ගන්නත් පුළුවන්. එමෙන්ම නීතියෙන් ඔවුන්ගේ දේපල අනිකුත් විවාහ වලදී වගේ එකෙකුගේ මරණයකදී අනෙකාට යාම ආදී සෑම ආරක්ශාවක්ම තියෙනවා.
සමලිංගිකයන් වශයෙන් ජීවත් වන අය සමාජයේ කොන්වීමට අමතරව තවත් බොහෝ දේවලින් පීඩා හෝ විඳිනවා. ආසියානු හෝ පසුගාමී සමාජවල ඔවුන් බොහෝවිට සිටින්නේ සමාජයෙන් හැංගිලයි. ඊටත් අමතර පවුල් වලින් හෝ සමාජයෙන් එන පීඩනය නිසා තමන් අකමැති ලිංගයේ කෙනෙකු හා විවාහ වීමට සිදුවන අය ගැන හිතා බලන්න.
ඔබට සමලිංගික සහෝදරයෙක්, සහෝදරියක්, දියණියක් හෝ පුතෙක් සිටින කෙනෙක් යැයි මොහොතකට සිතන්න. ඔබ විරුද්ධ ලිංගයක අයට ආකර්ෂණය වෙන කෙනෙක් නම් ඔබට බලයෙන් සමලිංගික අයකු සමඟ එකට නිදා ගැනීමට, සංසර්ගයේ යෙදීමට සැලැස්වුවහොත් හෝ සිදුවුවහොත් ඔබ පත්වන ජුගුප්සාජනක තත්ත්වය ගැන මොහොතකට හිතන්න. සමලිංගික අයෙක් සාමාන්‍ය විවාහයකට බලයෙන් තල්ලු කිරීමෙන් ඒ අයට මුහුණ පාන්න වෙනෙනෙත් ඒ හා සමාන දේකට නේද? එවිට ඔබගේ සහෝදරිය, ඔබගේම දියණිය එවන් තත්ත්වයකට පත් කරන්නේ ඔබම නේද යන්න කියා සිතා බලන්න.
ඔවුනට පාලනයක් නැති මෙවන් වෙනස්කම නිසා පවුලෙන් සමාජයෙන් හැංගෙන, කොන්වෙන කෙනෙක් දුටුවොත් ඒ අයට මානසික සහනයක් වෙන්න සමාජයට මුහුණ දෙන්න අවශ්‍ය ශක්තිය ලබා දෙන්න ඉදිරිපත් වෙන්න කියා මම ඔබෙන් ඉල්ලා සිටිනවා. එය තමයි ඔබට කල හැකි අවමය..
කරුණාරත්න දිවුල්ගනේ ගායනා කරන ගහක මල් පිපිලා ගීතය සමලිංගික ආදරයක් ගැන ලියවුණු ගීතයක් බවට සමහර අය අතර මතයක් තිබෙනවා. සිංහල සාහිත්‍යයේ මෙම මාතෘකාව ගැන ලියවුණු මම නොදන්නා තවත් ගීත, කථා ආදිය තියෙන්න පුළුවන්. සමාජයේ අනිකුත් බොහෝ කාරණා වලදී මෙන් සමලිංගිකයන් අතරත් කාන්තාවන් වඩාත්ම පීඩාවට පත් වෙනවා යැයි මම විශ්වාස කරනවා. පිරිමින්ට ඔවුන්ගේ දෙමව්පියන්ගේ හෝ සමාජයේ බලකිරීම නොසලකා ඉන්න තිබෙන ශක්තිය සහ හැකියාව වැඩියි. මෙලෙස කොන්වන, හිරිහැර වලට, අපහසුතාවයන්ට පත්වන කාන්තාවන් වෙනුවෙන් කලකට පෙර මා රචනා කල ගීතයක් පහල තියෙනවා. මෙම ගීතය සංගීතඥයෙන් දෙදෙනෙකුට පෙන්නුවත් එය ගායනා කිරීමට ගායිකාවන් අකමැති වේවි යන උපකල්පනය නිසා එය තවම ගීතයක් වුණේ නැහැ. එවන් කරදර වලට පත්වන සමලිංගික කාන්තාවන් වෙනුවෙන් මෙම ගීතය පිදෙනවා.
ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ
ගායනය : තවම නැත
සංගීතය : තවම නැත
පද රචනය : මම

ආදරවන්තයො අත්පටලාගෙන
ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා
නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝ
ඇගෙ සිතෙ තෙරපෙන ආදර හැඟුමන් කියාගන්න බැරිවී සිරවී
සෙනෙහස හමුවූදා ඇය ඉන්නේ සම්මත හොරුගෙන් එය හංගා
මිනිසුන් විවිධයි ආදරෙ විවිධයි සම්මත නැති බව පිළිගන්නා
දිනයක් ලඟදී එනබව දන්නා බව ඇගෙ මදහස පවසන්නා.
ආදරවන්තයො අත්පටලාගෙන යන දෙස බලමින් සිනා සැලූ
ඇගෙ ආදරයෙක් සිහිවී වාගේ නෙතඟට කඳුලක් මෝදුවෙලා
නුහුරු නොතේරුණු හැඟුමන් පිබිදී ඇගෙ සිත ඇය වෙත ගිය දවසේ
සම්මතයක කොටු අතරේ මැදිවී කඳුලැලි සලනා කුමාරියෝගායනය : තවම නැත
සංගීතය : තවම නැත
පද රචනය : මම
මම නං සමලිංගික පිරිමි කෙරෙහි දක්වන්නේ අපුලක්.
ReplyDeleteදවසක් අපේ ගෙදරට ආපු එහෙම පිරිමි දෙන්නෙක් තොල් කිස් කරනවා දැකලාමට පුදුම අප්‍රසන්න බවක් ඇති උනේ.
මම ඒ දෙන්නව ඒ වෙලේම ගෙදරින් එලෙව්වා විතරක් නෙමෙයි, ආයේ අපේ ගෙදර එන්නත් එපා කිව්වා.
මේ මම නෙමේ
DeleteThis is not me. An imposter.
Delete'මේ මම නෙමේ '
Deleteඑහෙනං මමද යකෝ සමරිසි ජෝඩුව පිළිකුල් කරේ?
It is said that the best compliment someone can give you is to copy you.
Deleteවික්ටෝරියානු නීති වලින් මිදිලා ඒක කරපු එක ලොකු දෙයක්.
ReplyDeleteමේක තාම පණතක් වෙලා නැහැ. පාර්ලිමේන්තුවෙදි මොනව වෙයිද දන්නෙ නැහැ. ඇත්තටම තව ගොඩක් රටවල් මේ තත්ත්වෙට ඇවිල්ල නැතිකොට මෙහෙ මේවගේ දෙයක් වෙන එක ගැන නම් සතුටුයි
Delete+++++++++++
ReplyDeleteThank you DGMB :)
Deleteවිදුහුරු දැනුම පැතිරෙද්දී අඳුර මැඩ
ReplyDeleteටික ටික තුනී වෙයි අදහස් මරි මෝඩ
දැනුමක් නොමැති ළිං ගෙම්බන් වැනි කාඩ
අය දැන් අඩුයි, සමරිසි අය 'එළියෙ වැඩ'
බොහොම ස්තූතියි නිදි මහත්මයා
Deleteඔය වගේ වෙනස් කරන්න ඕන නීති තව ගොඩක් තියනවා
ReplyDeleteඋබ නේද එක පාරක් කෝච්චියේ යනකොට මහත්තයෙක්ගේ ඇට දෙක අතගාල නොන්ඩි උනේ ?
Deleteමොනවද අටම් තව මේ වගේ දේවල්. දෑවැද්ද වගේ දේවල්ද? ඒක නම් නීතියෙන් තහනම් කලාට පාලනය කරන්න අමාරුයි.
Deleteඅජිත් ධර්මකීර්ති නං අරුම පුදුම ළපටි කෙනෙක්. මං නැවත නැවත අජිත් ගැන ලියන්නේමත් ඌ කරන අරුම පුදුම වැඩ හින්දයි.
ReplyDeleteහැම වාමාංශික වැඩකම ඉස්සරහින්ම යන දීප්ති කුමාර ගුණරත්නලගේ සංස්කෘතික කලා සෙට් එක ගැන හැමෝම දන්නවනෙ. දැන් මතක ඇති කාලෙක ඉඳන් දීප්ති විවිධ කලා සංස්කෘතික ක්‍රියාකාරකම් එක්ක වාමවාදී ආර්ට් එකක් ජනගත කරනවා. අරගලේ වුනත් සම්පූර්ණ සංස්කෘතික බර ඇද්දෙ උන්.
මේ පාරත් වෙසක් එකට මේ සෙට් එක අමුතු වැඩක් සංවිධානය කළා. මනස් දිවි සැරිය කියල ඒක වීඩියෝ මැපින් වැඩක්. අතේ සතේ නැති වුනත් උන් මැජික් වගේ වැඩ කරන බඩු ටිකක්.
ඉතිං මේ වැඩේට දවසකට දෙකකට කලින් ඕමල්පෙ සෝභිත හාමුදුරුවෝ මේ පැත්තට වැඩලා තිබුන. වැඩලා වොයිස්කට් එකක් එහෙම දීලා පොඩි සපෝර්ට් එකක් පෙන්නලා තිබුන. මේක දැකපු ගමන් වමේ සෙට් එකට වමනෙ යන්න පටන් ගත්තා. ඕමල්පෙ සෝභිත කොහොමද බිමට පය තිබ්බෙ කියල ලොකු වාමාංශික අර්බුදයක් නිර්මාණය වුනා. සෝභිත වගේ කෙනෙක් වද්දා ගැනීම නිසා වම විවේචනය වුනා. ප්‍රතික්ෂේප වුනා.
දන්න විදිහට වෙනම මැසේජස් යවමින් වම වර්ජනය කරන්න වමේ සහෝදරත්වය ක්‍රියා කරලා තියෙනවා. වමේ මළගම කියල හිතාගන්න කියල තර්ජන පවා කරලා තියෙනවා. ඕමල්පෙ සෝභිතට පුළුවන් වාමවාදී පැත්තට එන්න. ඒ ජාතිවාදී පිලේ කවුරුවත් අහන්නෙ නෑ, සෝභිත කොහොමද වමට ගියේ කියල. ඒත් වමට බෑ සෝභිතට එන්න දෙන්න. එහෙම වුනොත් වම කැළඹෙනවා. කවුද මෙතන ළදරු?
ඒ මදිවට මේ තරම් අවුරුදු ගානක් තමන් එක්ක හිටපු, තමන් එක්ක වැඩ කරපු සෙට් එකක් සෝභිත වැඩපු නිසා වළ දාන්න තරමට අජිත් ධර්මකීර්ති කරන දේශපාලනය කොයිතරම් නොමේරූ එකක් වෙන්න ඕනද? අඩු ගානෙ මෙතුවක් කල් එකට වැඩ කරපු එකෙක් ගැන සාමාන්‍ය මිනිහෙකුට තියෙන විශ්වාසය වත් ලොකුවටම සහෝදරත්වය කතා කරන අජිත් ධර්මා ළග නෑ. ඕමල්පෙගෙ එක වැඩීමකින් අජිත්ගේ ෆැන්ටසිය කෑලි වලට කුඩු කරන්න පුළුවන්.
හැමදාම අජිත්ගේ ලොකුම හතුරා වුනේ තමන් එක්ක ළගින්ම වැඩ කරන එකා.
ඉතිං අපි ගැන කවර කතාද?
සුනිල් ශාන්ත මහත්මයා මුල් ගායනය කරන ඕළු පිපීලා ගීතය ලියුවේ කව්ද කියල සඳහනක් නෑ බලපු කොහෙවත්. කොහොම උනත් ඒ ගීතය බැලූ බැල්මට අක්කෙක් කියන එකක් වෙන්න ඕනෙ කියල හිතෙනව, මොකද "ඕලු නෙලාලා මාල ගොතාලා පලඳිමු අපි මාලා" කියන පද ගැළපෙන්නෙ ගෑනු ළමයි දෙන්නෙක්ට. එහෙනම් ඇයි සුනිල් ශාන්තගෙ පිරිමි කටහඬින් ගීතය ගැයුනේ. අක්කෙක් නoගියෙක්ට සාමාන්‍යයෙන් නොකියන ලාවට රොමැන්ටික් කතාත් තියෙනව;
ReplyDelete"එන්න දියේ බැස මා හා - දෙන්න ඔබේ අත මාලා" (මේක අක්කෙක් නoගියෙක්ට කියන්න බැරි කමක් නෑ ඒත් ඊට වඩා රොමැන්ටික් වගේ)
"වැල නොකැඩී පෙම් කෙළිමින් යන්නෝ දන්ඩි පැටව් නංගෝ"
"ඕලු මලේ සුද නාලා - ඔබ රුව වැඩිවෙයි මාලා" (මේක අක්කෙක් නoගියෙක්ට කියන්න ඕනෙ ඔබෙ රැව නෙමේ අපෙ රැව කියල)
"අන්න මල්ලි මෙහි එනවා- යමු යමු හනිකට මාලා" (මල්ලිලට "බය" පෙම්වතුන්නේ, ජෝතිපාල මහත්මයට මේක ඇති වෙලා අරැන්දතිය මල්ලි මොටද ගමන් බිමන් යන්න - අදින පසුව මේ පාරෙන් ඔබ තනියම එන්න කිව්වෙත් ඒකනෙ )
ඉතින් මේක වඩාත් ගැළපෙන්නෙ ට්‍රාන්ස් ජෙන්ඩර් අයියෙකුයි එයාගෙ ක්‍රශ් එකටයි වගේ, සුනිල් ශාන්ත මහත්මයාගෙ පිරිමි කටහඬත් මැච් ඒ උපකල්පනයට.
දෙවන ගීතය තමා චඳ්රානි ගුණවර්ධන මහත්මිය ගායනා කරන ජයන්ති කස්තුරිආරච්චි ලියපු ගගන තලේ විමන් අරා ගීතය.https://www.youtube.com/watch?v=fBow9bLd9Tk
ගගන තලේ විමන් අරා - සමන් වැලක සුවඳ පෙරා
ඔබ හද මල් පිපෙන තුරා - ඔබට වාසනා
දෑස කඳුළු දිය උතුරා - දෝතක මල් මුතු වරුසා
හදක විමන් පිරෙන තුරා - ඔබට වාසනා
පැහැදිලිවම මේවගේ අදහස් තියෙන්නෙ ආදරයෙන් පැරදුනු ගෑනු ළමයෙකුට, ඒකනේ චඳ් රානි ගුණව ර් ධන මහත්මියගේ කාන්තා හඞින් ගායනා කරන්නේ. නමුත් ඇය ආදරය කලේ පිරිමියෙක්ටද ගැහැනියකටද කියල හිතා ගන්න බැරි දෙවනි කොටස නිසා.
කුංකුම අංජන තවරා - ආදරයෙන් බැලුම් හෙළා //
මා සමගින් පැතුම් පිරූ - ඔබට වාසනා
කුංකුම අංජන තවරපු ඇස් දෙකෙන් ආදරයෙන් බැල්ම හෙලලා ඇය සමඟින් පැතුම් පිරැවේ ගැහැනියක් කියලමයි මට හිතෙන්නෙ. ඒ අනුව ඒක ලෙසබියන් ආදරයක්ද?
අන්තිම කොටසත් හරිම අමුතු කතාවක්.
සඳ එළියක සිහිල පතා - හිරු ගිණිදැල් දවන තුරා //
වේදනාව මට හිමිමුත් - ඔබට වාසනා
මේ කතාව ඕනෙ අතකට හිතන්න හැකියි. මට හිතෙන්නෙ ලෙස්බියන් ආදරේ එයා පැතුව සඳ එළියක සිහිලටත් එයාට හිමි උන හෙටරො ආදරේ (බලෙන් මිනිහෙකුට බන්දල දුන්න නම් වගේ) හිරු ගිණිදැල් දවන වේදනාවත් කියල.
පද රචනය කරපු ජයන්ති කස්තුරිආරච්චි වෙනත් ගීත ලියපු කෙනෙක්ද හෝ කිසිම විස්තරයක් නෑ. මම හරිම ආස අභිරහසක් ඒක.
බොහොම ස්තූතියි Sri Lankan-African Angel
Deleteඒ කාලෙ සංවාද !!!!
ReplyDeleteYes , fun blogging days
Deleteඒ කාලෙ උංට බ්ලොග්වල කොමෙන්ට් දානව ඇරෙන්න වෙන වැඩක් තිබිලම නැද්ද කොහෙද අම්මප. :D
Deleteමගේ අම්මා මව්වරුන්ගේ දිනයක් ගැන දැනගෙන හිටියෙ නෑ. එහෙම සැමරුමක් කිසි දවසක අපි කරලත් නෑ. කොටින්ම අම්මාගෙ උපන්දිනේට තෑග්ගක් දුන්නෙ පවා මාත් සෑහෙන වයසකට පත්වුනාට පස්සෙ. එයාට දින සැමරුම් නුහුරු කාරණයක්.
ReplyDeleteඒත් මව්වරුන්ගේ දිනය ගැන දකින නොයෙක් පෝස්ට් මාව අම්මා ගැන පුංචි සටහනක් ලියන්න උනන්දු කළා.
මං හැදුන විදිහ අම්මා කෙනෙකුට දරන්න පුළුවන් විදිහක් නෙමෙයි. කීකරු වීම නින්දාවක් විදිහට සළකපු, අකීකරුකම ආභරණයක් විදිහට පළදපු මං අපවාද, අපහාස මිස අම්මා කෙනෙක් දරුවෙකුගෙන් බලාපොරොත්තු වෙන ආඩම්බරය එලියෙන් අරගෙන ආවෙම නෑ.
‘මං මැරුන දවසක උඹට තේරෙයි’ අම්මා කියද්දි,
‘මැරුනම මොකක හරි ඔතලා වළ දානවා මිසක් මං නං අඩ අඩ ඉන්නෙ නෑ’ කියල මං කියනවා.
අම්මා හිනාවෙනවා.
මගේ නරුමකමත් එක්ක බැඳුන ආදරය තේරුම් ගන්න එයාට පුළුවන් වුනා. මං හිතන්නෙ ඒකයි අම්මාකම.
හැමෝම ප්‍රශංසා කරන, සමාජයේ පිලිවෙලට හැදෙන දරුවෙක් ගැන අම්මා කෙනෙක් ආඩම්බර වෙන එක සරල, සාමාන්‍ය දෙයක්. ඒත් හැමදෙයක්ම කණපිට කරන, සමාජ අපවාදයට ලක්වෙන දරුවෙකුට අම්මා කෙනෙක් පණ දෙවැනි කොට ආදරේ වෙන එක පරිණතබව, ගැඹුර සම්බන්ද කාරණයක්. අම්මාගේ ආදරේ නොතිබුනොත් මං කිසිම ආදරයක් අහිමි දරුවෙක් වෙනවා කියල එයා දැනගෙන හිටියා.
අම්මාගෙයි මගෙයි අතර කිසිම රහසක් තිබුනෙ නෑ. මං කරන හැම අපචාරයක්ම මං අම්මා එක්ක කිව්වා. මුලින්ම ඉස්කෝලෙන් කට්ටි පැනලා ෆිල්ම් බලන්න ගිය එකත්, මරදානෙ bලූ ෆිල්ම් බලන්න යන එකත්, සිගරට් බීමත්, කංසා බීමත් ආදී සියලු අත්දැකීම් මං බෙදාගත්තෙ යාලුවො එක්ක නෙමෙයි, අම්මා එක්ක. එයා අමුතුම ලෝකයක් දිහා බලාගෙන ඉන්නවා වගේ ඒ කතා අහගෙන හිටියා. සාම්ප්‍රදායික වටිනාකම්, ඇගයුම් වලට මුවා නොවී තමන්ගේ දරුවා දිහා බලන්න, ඒ නොමනාකම්වල අර්ථයන්, කුතුහලයන් තේරුම් ගන්න අම්මාට පුළුවන්කම තිබුන.
මං අම්මට ආදරේ එයා හොඳ දරුවෙක් හදන්න උනන්දු වුන හින්ද නෙමෙයි. සමාජයක්ම එදිරිව එද්දී පවා, නරක යැයි සම්මත දරුවෙක් අත්නොහැර ඒ දරුවා පිටිපස්සෙන් හෙවනැල්ලක් වගේ උන් හින්ද.
මං පොත් කියෙව්වෙ අම්මා හින්ද. අකුරු කියවපු කාලෙ ඉඳන් එයා වැඩ කරපු රජයේ කාර්යාලවලින් පොත් පත්තර මිටි පිටින් මට ගෙනත් දුන්නා. ඒ කතා කියවලා මං ඒවා ආපහු අම්මට කිව්වා. අම්මා වැඩ ඇරිලා එන්නෙ මගේ කතා අහන්න.
ලෝකෙ ශ්‍රේෂ්ට මිනිස්සුන්ගෙ ජීවිත කතා අම්මා මට ගෙනත් දුන්නා. සිග්මන්ඩ් ෆ්‍රොයිඩ් ගෙදර තිබුනු එකම ලාම්පුව තමන්ගෙ පාඩම් වැඩ පිනිස අරගෙන පවුලෙ අනිත් අයව කරුවලේ තියද්දි අම්මා කිව්වෙ,
‘එහෙම තමයි, හැමෝම ගැන කල්පනා කරන කෙනෙකුට ජීවිතේ වෙනස් කරන්න පුලුවන්කමක් නෑ. සිද්ධාර්ථ වුනත් බුදු වෙන්නෙ පවුලට අකීකරු වෙලා කැලේට ගිය හින්ද’
අපේ අම්මා කියන්නෙ අයියලා අක්කලා නංගිලා ගණනාවක් හිටපු මහා පවුලක ඒ පවුලේ උවමනාවන් වෙනුවෙන් හැමදෙයක්ම කරන්න සිද්ද වුන කෙනෙක්. පවුලේ ගෞරවය වෙනුවෙන් එයාට පවුලෙ අය කැමති කසාදයක් කරගන්න වෙලා තිබුන. වැඩිය ඉගෙන ගත්තොත් මිනිහෙක් ගන්න බැරි වෙන හින්ද උපාධිය පවා හංගන්න වෙලා තිබුන. එයා ඇතුලතින් ආසා කළ අසම්ප්‍රදායික ජීවිතය සම්පූර්ණයෙන් කැප කරන්න වෙලා තිබුන. අම්මා මගේ ඇතුලෙන් දැක්කෙ ඒ සම්ප්‍රදායික පිලිගැනීම්වලට එරෙහිව ගහන කැරැල්ලක්. ඒක එයාට ආස්වාදයක් වුනා.
කවදා හරි දවසක අම්මා මැරුනම ඒත් එක්කම මැරෙන එක මගේ ප්‍රාර්ථනාව වුනා. මගේ ජීවිතය තිබුනෙ එයා ළග ඉද්දි බව මං දැනගෙන හිටියා. ඒත් අම්මා මැරුනා. මං ඉතුරු වුනා.
හැබැයි මං ඒකට ජීවත් වුනා කියල කියන්නෙ නෑ.
අම්මා නැති වුනාම මං ඇත්තටම මැරුනා..
ඉයන් දන්නවා ඇතිනේ ලංකාවේ මේ දවස් වල ජනාධිපති රනිල් වික්‍රමසිංහ යටතේ ක්‍රියාත්මක වන ආණ්ඩුව සහ ඔහු යටතේ ක්‍රියාත්මක වන පොදුජන පෙරමුණේ බහුතරයක් වූ මන්ත්‍රී කණ්ඩායම විසින් මේ මාතෘකාව වූ සමරිසි ආදරය ගැන ලංකාව තුළ සමරිසි හෝ සතුන් සමග ලිංගික සබඳතා පවත්වායාම සාපරාධී වරදක්ලෙස හැඟවුම් කරමින් පැවති නීතිමය තත්වය වෙනස් කරන්නට රජය ගැසට් නිවේදනයක් නිකුත් කරපු බව. ඒ අනුව සමරිසි සබඳතා (LGBTIQ stands for "lesbian, gay, bisexual, transgender, intersex, queer) නිර්සාපරාධීකරණය කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය වෙත සංශෝධන ඉදිරිපත් කරමින් මීට ඉහත පාර්ලිමේන්තුවේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නීතීඥ ප්‍රේම්නාත් සී. දොලවත්ත විසින් පොදුජන පෙරමුණේ පක්ෂයේ යෝජනාවක් ලෙස ගෙන ආ මෙම යෝජනාව ගැසට් කර පසුගිය මාර්තු 17 වනදා එය ප්‍රකාශයට පත් කර ඇති අතරම ඒ අනුව ලංකාව තුල ඉදිරියට සමරිසි සබදතා සම්බන්ධයෙන් නව සංශෝධන දණ්ඩ නීති සංග්‍රහයට අඩංගු විය යුතු ලෙස දන්වා තිබේ.
ReplyDeleteදණ්ඩ නීති සංග්‍රහයේ 365/365අ වගන්ති හරහා සමරිසි ප්‍රජාවට වෙනස්කොට සැලකීම් සිදුකිරීම, පොලිස් අත්අඩංගුවට පත්වීම හා හිරිහැර කිරීම් මේ අනුව සම්පූර්ණයෙන්ම නවතා දමනු ඇති අතර ඇතැම් නීති රීති සහ සම්ප්‍රදායන් වෙනස් කරන්නට කටයුතු කළ යුතු කර ඇත. මේ ගැන ඔබේ අදහස් මොනවද ඉයන්?
නෑ, මම දැනගෙන හිටියෙ නැහැ. මුන්ට වෙන කරන්න දේවල් නැතුවද මේ වගේ පණත් ගේන්නේ?
Deleteලංකාවෙ ඉතිං හැමදේම සිද්දවෙන්නෙ දෙදාස් පන්සීයෙ මෙවුව එකට අනුවනෙ. ඒක නැතිවෙච්ච කාලෙක මේ රට ටිකක් හරි දියුණුවෙයි.
ReplyDelete