Sunday, December 5, 2021

ජනතා විමුක්ති පෙරමුණ මූලික වන රජයක් එයිද?




මේ ලිපිය ටික කාලයකට පෙර ලිවූ එකක්. ඒක අදටත් එදාටත් අදට වලංගු නිස නැවත පළකරමි. ඉහත වීඩියෝව කේ ඩී ලාල්කාන්ත මහතා ගේ සම්මුඛ සාකච්ච්ජාවක්ශ්‍

ශ්‍රි ලංකාවේ දේශපාලනය තියෙන්නේ පෙර නොදුටු සංදිස්ථානයක බව වැඩි දෙනෙකුට තේරෙනවා. මෙතනින් එහා දේශපාලන අනාගතය මොනවගේ වෙයිද කියන එක ගැනම් මත විවිධාකාරයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මහින්දට හිතවත් සහ නැති වශයෙන් භේද වෙලා ඉන්නේ. බණ්ඩාරණායක වරුන්ගේ දරුවන්ට තිබ්බ ආකර්ශණය රාජපක්ෂ දරුවන්ට සමාජයේ නැහැ. එම නිසා රාජපක්ෂවරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පාලනය නැවත අත්පත් කරගත්තත් ඒක එක පරම්පරාවකින් එහාට යන්නේ නැහැ. රාජපක්ෂවරු අයින් වුණත් මෛත්‍රීපාල සිරිසේනටත් මේ පරම්පරාවෙන් එහාට පක්ෂය ගෙනයන්න රට පිළිගත් දෙවන පෙළක් ඇතිවී නැහැ.

Monday, September 21, 2020

නව පණත් තුන නිසා ඉන්දියාව ඉක්මනින්ම දියුණු රටක් වෙයිද?




ශ්‍රීලංකාවේ රජය ඔවුන්ගේ බහුතරය යොදාගෙන රටට 'අත්‍යාවශ්‍යම' 20 වන සංශෝධනය ගෙන එන අතරේ ඉන්දියාවේ භාරතීය ජනතා පක්ෂ රජයත් ඉන්දියානු සමාජය සහ ආර්ථිකය විශාල දියුණුවකට පත්කල හැකි පණත් කීපයක් ඊයේ සම්මත කරගන්නා ලදී.

දියුණු රටවල කෘෂිකාර්මික ක්ශෙත්‍රයේ යෙදෙන ගොවියන් එමරටවල වැඩිම ආදායම් ලබන්නන් බව බොහෝ දෙනෙක් දනිත්. එහෙත් තුන්වන ලෝකයේ ගොවියන් අගහිඟ කම්වලින් සහ ණය බරින් පීඩිතව සියදිවි හාණිකරගන්නන් බවත් අපි දනිමු. ඉන්දියාවේ මේ තත්ත්වය ඇතිවීමට ප්‍රධානතම හේතුව වූයේ කෘෂිකාර්මික නිශ්පාදන විකිණිය හැක්කේ අදාල ප්‍රදේශයේ ඇති කෘෂි නිෂ්පාදන විකිණීමේ කොමිටියට පමණක් වීමයි. එම කොමිටියෙන් පත්කල මැන්ඩි (ශබ්ධ කිරීම වැරදි වන්නට පුළුවන ) mandi වරයෙකුට පමණ අදාල ගොවියා විසින් තම නිෂ්පාදන අලෙවි කල යුතුය. ගොවියාට මුදල් අඩුවූ විට මෙම මැන්ඩි වරයාගෙන් ණය ලබා ගන්නා අතර ඒවාද අධික පොලී සහිතව ගොවියාට කරන ගෙවීමෙන් අයකරගනී.

මෙම අතරමැදියන් ගොවීන් සූරාකෑමට යොදාගන්නා තව ක්‍රමයක් වන්නේ ගොවියා සැතපුම් සිය ගණනක් ගෙවා මැන්ඩි වරයා හරහා පාලනය වන ස්ථානයට තම නිෂ්පාදන රැගෙන ආ පසු ඔවුන්ගේ බඩු ගැණීම දීර්ඝ ලෙස ප්‍රමාද කිරීමය. එම නිෂ්පාදන නැවත රැගෙන යාමෙන් ප්‍රයෝජනයක් නොවන බැවින් මැන්ඩි වරයාගේ අනුදැනුම මත ක්‍රියාත්මක වන පිරිස් එම නිෂ්පාදන කුණු කොල්ලයට මිලදී ගැණීම සිදුවේ.

සංවෘත  ආර්ථික ක්‍රමයක් ක්‍රියාත්මක කල  රාජ්‍යයක් වූ ඉන්දියාව නිෂ්පාදනය සහ විකිණීම සඳහා වූ බලපත්‍ර ක්‍රම 1991 දී අහෝසි කර නිදහස් වෙලඳපොළක් හඳුන්වා දුන්නද, කෘෂිකාර්මික භෝග සඳහා පමණක් මෙම කොමියුනිස්ට් ක්‍රමය අද වෙනතුරු භාවිතා කිරීම 52% වූ ගොවියන් ඉතා පහත් ජීවන මට්ටමක තැබීමට හේතු වී ඇත.

Wednesday, April 1, 2020

පළවෙනි කැමැත්ත අන්තිමටම



මෙච්චර කාලයක් යමෙක් මිය යනවා කියන්නේ කලාතුරකින් වෙන දෙයක් ලෙස හිතන්න තමයි අපේ හිත පුරුදුවෙලා තියෙන්නේ. පසුගිය සති කීපයේ වෙන රටවල සිදුවෙන දේවල් දොහා බලනකොට වැටහෙනවා මිය යනවා කියන එක එතරම් අහම්බෙන් සිදුවෙන දෙයක් නොවන බව. අපි බොහෝ දෙනෙක් අපිට කිට්ටු හෝ හිතවත් කෙනෙක් මිය ගියොත් අපි කරන දේවල් සහ අපේ වගකීම ගැන අවබෝධයක් තියෙනවා.


එතකොට අපි මිය ගියහොත්? එහෙම වුනොත් අපේ යැපෙන්නන්ට සහ අනික් අයට සාමන්‍යයෙන් කරන්න වෙන දේවල් වලට අමතර වැඩිපුර කරදර එහෙම ඉතුරු කරල යන්න වෙයිද?

ඉකොනොමැට්ටා බ්ලොග් එකේ තිබ්බ කරුණක් නිසයි මේක ලියන්න හිතුණේ.  බොහෝ බටහිර රවවල වැඩි දෙනෙක් තමන්ගේ වයස මොකක් වුනත්, තමන් හදිසියේ මියගියොත් තමන් ගේ වත්කම් බෙදී යායුතු ආකාරය අන්තිම කැමති පත්‍රයකින් ලියල තියෙනව. ඒවගේම තමන්ගේ මරණය ගතයුතු ආකාරයත් එහෙම ලියනව. මරණය ගන්න එක කෙසේ වෙතත් අන්තිම කැමති පත්‍රයක් නොතිබුණොත් වත්කම් එක්තරා ගණනකට වඩා වැඩිනම් අඹු දරුවන්ට යන්නට පෙර බූදල් නඩුවක් හරහා යායුතුයි. එය ඔබ ඔවුන්ට කරන විශාල කරදරයක්. අන්තිම කැමැත්තක් නැති අවස්ථාවල යැපෙන්නන් අතර බෙදා ගැනීමේ ප්‍රශ්ණ ආවොත් විශාල කාලයක් ඔවුන්ට නඩු කියන්න වෙනවා වගේම ඔවුන් අතර බැඳීමත් නරක් වෙනවා. ඒ නිසා එහෙම නොලියපු කෙනෙක් ඉන්නවනම් තමන්ගේ වත්කම් ප්‍රමාණය මොකක් වුනත් එහෙම ලියල තියෙන එක ජීවත් වෙලා ඉන්න අයට ලොකු සහනයක්.