මීට කලින් පෝස්ට් එක මම ලිව්වෙ AI-AGI-ASI හරහා වෙන විප්ලවය පිටින් දකින කෙනෙක් විදිහට. ඒකට කමෙන්ට් එකක් දාන මහත්මයෙක් හෝ මහත්මියක් ඒක ඇතුලෙන් අත්දැකල ලියපු එකක් තමයි මේ පලකරන්නේ. එතුම නිර්නාමිකව කමෙන්ට් කරල තියෙන්නේ. කියවල බලන්න.
AnonymousFebruary 5, 2026 at 1:54 AM
ඇත්තටම ඉයන් මම මේ අවුරුදු තිහක මගේ ජීවිත අත්දැකීම් සහ දශකයක් පමණ වන වෘත්තීය ජීවිතේ දැකපු තාක්ෂණික වෙනස්කම් එක්ක බලද්දී, මේ AI විප්ලවය කියන්නේ නිකම්ම රැල්ලක් නෙවෙයි; ඒක මනුෂ්‍ය ඉතිහාසයේ සිදුවන බරපතලම තාක්ෂණික පිම්ම.
තොරතුරු තාක්ෂණය මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රය ගත්තාම මම මේ ක්ෂේත්‍රයේ ගොඩක් අංශ වල අධ්‍යාපනය ලබමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනයක් අරගෙන, කෝඩ් ලයින් ලක්ෂ ගාණක් ලියලා, සිස්ටම් දහස් ගණක් එක්ක ඔට්ටු වෙලා ගෙවුණු අවුරුදු ගණනාවක් දිහා ආපහු හැරිලා බලද්දී මට හිතෙන්නේ, අපි අද ඉන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක කියලා. ඇත්තටම පරිගණක විද්‍යාව කියන එක දැන් සම්පූර්ණයෙන්ම කණපිට ගැහිලා ඉවරයි.
අපි ඉස්සර මෘදුකාංගයක් හදනවා කියන්නේ හරියට ගෙයක් ගඩොලින් ගඩොල තියලා හදනවා වගේ වැඩක්. අපි පරිගණකයට හැම දේම අතින් කටින් අල්ලලා කියලා දෙන්න ඕන වුණා. උදාහරණයක් විදියට 'A අකුර ගැහුවොත් මේක වෙන්න, B අකුර ගැහුවොත් අරක වෙන්න' කියලා අපි තමයි නීති හැදුවේ. මේකට අපි කියන්නේ 'Rule-based Programming' කියලා. හැබැයි මීට දශකයකට විතර කලින් ආපු මැෂින් ලර්නින් (Machine Learning) ආවට පස්සේ මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් අපි පරිගණකයට නීති උගන්නන්නේ නෑ; අපි උගන්නන්නේ දත්ත හරහා ඉගෙන ගන්න විදිය. හරියට පොඩි ළමයෙක්ට ලෝකේ ගැන කියලා දෙනවා වගේ. අපි දත්ත කන්දරාවක් මැෂින් එකට දීලා කියනවා, 'මේ දත්ත ඇතුලේ තියෙන රටාව (Pattern) උඹම හොයාගනින්' කියලා. එතකොට ඒ මැෂින් එක ගණිතමය සමීකරණ සහ ආටිෆීෂල් ස්නායු ජාල (Neural Networks) පාවිච්චි කරලා, මනුස්සයෙක්ට කවදාවත් දකින්න බැරි සියුම් රටා හඳුනාගෙන තීරණ ගන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි සරලවම මැෂින් ලර්නින් කියන්නේ.
එතකොට කෘත්‍රිම බුද්ධිය (AI) කියන්නේ මේ මැෂින් ලර්නින් වල ප්‍රතිඵලය. ඒක නිකම්ම ගණන් හදන කැල්කියුලේටරයක් නෙවෙයි. මීට වසර පහකට විතර පෙර ආපු AI එකක් කියන්නේ පරිසරයෙන් දත්ත අරගෙන, ඒ දත්ත විශ්ලේෂණය කරලා, ඊට අනුරූපව බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න පුළුවන් පද්ධතියක්. උදාහරණයකට ගත්තොත්, සාම්ප්‍රදායික මෘදුකාංගයකට පුළුවන් රෝග ලක්ෂණ ටිකක් දැම්මම පොතේ තියෙන විදියට ලෙඩේ නම කියන්න. හැබැයි දියුණු AI එකකට පුළුවන් එක්ස්රේ (X-ray) දහස් ගණනක් බලලා, විශේෂඥ දොස්තර කෙනෙක්ටවත් පේන්නේ නැති පිළිකා සෛලයක මුල් අවස්ථාව හඳුනාගන්න. ඒක තමයි මේකේ තියෙන සැබෑ බලය.
දැන් අපි කතා කරමු මේ පෝස්ට් එකේ ලොකුම මාතෘකාව වෙලා තියෙන AGI (Artificial General Intelligence) ගැන. අද අපි දකින ChatGPT, Self-driving cars වගේ දේවල් තාම අයිති වෙන්නේ 'Narrow AI' නැත්නම් පටු බුද්ධියට. ඒ කියන්නේ ඒවා පුහුණු කරලා තියෙන්නේ එක වැඩක් හෝ වැඩ කිහිපයක් කරන්න විතරයි. හැබැයි AGI කියන්නේ මනුෂ්‍ය මොළයට සමාන හෝ ඊට එහා ගිය බුද්ධියක්. AGI මට්ටමේ සිස්ටම් එකකට පුළුවන් වෙන්න ඕන තමන් කලින් නොදන්නා අලුත්ම ගැටලුවක් ආවම, තමන්ගේ පරණ දැනුම පාවිච්චි කරලා, තර්ක කරලා (Reasoning), අලුත් විසඳුමක් හොයාගන්න. සරලවම කිව්වොත්, මනුෂ්‍යයෙක් වගේම 'හිතන්න' පුළුවන් මට්ටම තමයි AGI කියන්නේ. අපි තාම 100%ක් එතනට ඇවිල්ලා නැහැ, හැබැයි අපි එතනට යන වේගය හිතාගන්න බැරි තරම් භයානකයි සහ විස්මිතයි.
තොරතුරු තාක්ෂණය මෘදුකාංග සංවර්ධන ක්ෂේත්‍රය ගත්තාම මම මේ ක්ෂේත්‍රයේ ගොඩක් අංශ වල අධ්‍යාපනය ලබමින් ආචාර්ය උපාධියක් දක්වා අධ්‍යාපනයක් අරගෙන, කෝඩ් ලයින් ලක්ෂ ගාණක් ලියලා, සිස්ටම් දහස් ගණක් එක්ක ඔට්ටු වෙලා ගෙවුණු අවුරුදු ගණනාවක් දිහා ආපහු හැරිලා බලද්දී මට හිතෙන්නේ, අපි අද ඉන්නේ මනුෂ්‍ය ශිෂ්ටාචාරයේ ඉතාම තීරණාත්මක සන්ධිස්ථානයක කියලා. ඇත්තටම පරිගණක විද්‍යාව කියන එක දැන් සම්පූර්ණයෙන්ම කණපිට ගැහිලා ඉවරයි.
අපි ඉස්සර මෘදුකාංගයක් හදනවා කියන්නේ හරියට ගෙයක් ගඩොලින් ගඩොල තියලා හදනවා වගේ වැඩක්. අපි පරිගණකයට හැම දේම අතින් කටින් අල්ලලා කියලා දෙන්න ඕන වුණා. උදාහරණයක් විදියට 'A අකුර ගැහුවොත් මේක වෙන්න, B අකුර ගැහුවොත් අරක වෙන්න' කියලා අපි තමයි නීති හැදුවේ. මේකට අපි කියන්නේ 'Rule-based Programming' කියලා. හැබැයි මීට දශකයකට විතර කලින් ආපු මැෂින් ලර්නින් (Machine Learning) ආවට පස්සේ මේ ක්‍රමය සම්පූර්ණයෙන්ම වෙනස් වුණා. දැන් අපි පරිගණකයට නීති උගන්නන්නේ නෑ; අපි උගන්නන්නේ දත්ත හරහා ඉගෙන ගන්න විදිය. හරියට පොඩි ළමයෙක්ට ලෝකේ ගැන කියලා දෙනවා වගේ. අපි දත්ත කන්දරාවක් මැෂින් එකට දීලා කියනවා, 'මේ දත්ත ඇතුලේ තියෙන රටාව (Pattern) උඹම හොයාගනින්' කියලා. එතකොට ඒ මැෂින් එක ගණිතමය සමීකරණ සහ ආටිෆීෂල් ස්නායු ජාල (Neural Networks) පාවිච්චි කරලා, මනුස්සයෙක්ට කවදාවත් දකින්න බැරි සියුම් රටා හඳුනාගෙන තීරණ ගන්න පටන් ගන්නවා. අන්න ඒ ක්‍රියාවලිය තමයි සරලවම මැෂින් ලර්නින් කියන්නේ.
එතකොට කෘත්‍රිම බුද්ධිය (AI) කියන්නේ මේ මැෂින් ලර්නින් වල ප්‍රතිඵලය. ඒක නිකම්ම ගණන් හදන කැල්කියුලේටරයක් නෙවෙයි. මීට වසර පහකට විතර පෙර ආපු AI එකක් කියන්නේ පරිසරයෙන් දත්ත අරගෙන, ඒ දත්ත විශ්ලේෂණය කරලා, ඊට අනුරූපව බුද්ධිමත්ව ප්‍රතිචාර දක්වන්න පුළුවන් පද්ධතියක්. උදාහරණයකට ගත්තොත්, සාම්ප්‍රදායික මෘදුකාංගයකට පුළුවන් රෝග ලක්ෂණ ටිකක් දැම්මම පොතේ තියෙන විදියට ලෙඩේ නම කියන්න. හැබැයි දියුණු AI එකකට පුළුවන් එක්ස්රේ (X-ray) දහස් ගණනක් බලලා, විශේෂඥ දොස්තර කෙනෙක්ටවත් පේන්නේ නැති පිළිකා සෛලයක මුල් අවස්ථාව හඳුනාගන්න. ඒක තමයි මේකේ තියෙන සැබෑ බලය.
දැන් අපි කතා කරමු මේ පෝස්ට් එකේ ලොකුම මාතෘකාව වෙලා තියෙන AGI (Artificial General Intelligence) ගැන. අද අපි දකින ChatGPT, Self-driving cars වගේ දේවල් තාම අයිති වෙන්නේ 'Narrow AI' නැත්නම් පටු බුද්ධියට. ඒ කියන්නේ ඒවා පුහුණු කරලා තියෙන්නේ එක වැඩක් හෝ වැඩ කිහිපයක් කරන්න විතරයි. හැබැයි AGI කියන්නේ මනුෂ්‍ය මොළයට සමාන හෝ ඊට එහා ගිය බුද්ධියක්. AGI මට්ටමේ සිස්ටම් එකකට පුළුවන් වෙන්න ඕන තමන් කලින් නොදන්නා අලුත්ම ගැටලුවක් ආවම, තමන්ගේ පරණ දැනුම පාවිච්චි කරලා, තර්ක කරලා (Reasoning), අලුත් විසඳුමක් හොයාගන්න. සරලවම කිව්වොත්, මනුෂ්‍යයෙක් වගේම 'හිතන්න' පුළුවන් මට්ටම තමයි AGI කියන්නේ. අපි තාම 100%ක් එතනට ඇවිල්ලා නැහැ, හැබැයි අපි එතනට යන වේගය හිතාගන්න බැරි තරම් භයානකයි සහ විස්මිතයි.
මෙතනදි අපි මගේ වෘත්තීය ක්ෂේත්‍රය වෙන මෘදුකාංග ඉංජිනේරු විද්‍යාව (Software Engineering) ඇතුලේ මේක දැන් ලොකු පිපිරීමක් කරමින් යන්නේ. ඉස්සර මම දවස් ගාණක් දුක් විඳලා ලියපු සංකීර්ණ ඇල්ගොරිතම (Algorithms), අද AI එකකට තත්පර ගාණකින් ලියන්න පුළුවන්. මේකෙන් වෙන්නේ මනුස්සයා 'කෝඩර්' (Coder) කෙනෙක් කියන තැනින් මිදිලා 'නිර්මාණකරුවෙක්' (Architect) කියන තැනට පත් වෙන එක. මෘදුකාංග ඉංජිනේරුවාගේ රස්සාව දැන් කෝඩ් ලියන එක නෙවෙයි, AI එක ලවා හරියට කෝඩ් එක ලියාගන්න උපදෙස් දෙන එක සහ ඒකේ ගුණාත්මකභාවය පරීක්ෂා කරන එක බවට පත් වෙලා.
හැබැයි ඉයන්, දැනට මේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවා ව්‍යාපාර කරන ව්‍යවසායකයෙක් සහ ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයෙක් විදියට මම දකින ලොකුම අභියෝගය තමයි මේ තාක්ෂණයේ තියෙන 'නොපෙනෙන පැත්ත' (Black Box nature). සමහර වෙලාවට AI එකක් යම් තීරණයක් ගත්තේ ඇයි කියන එක ඒක හදපු ඉංජිනේරුවාටවත් පැහැදිලි කරන්න බැරි අවස්ථා එනවා. අන්න එතනදී තමයි මේකේ සදාචාරාත්මක සහ ආරක්ෂක ගැටලු මතු වෙන්නේ.
කොහොම වුණත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ AI විප්ලවය නවත්වන්න කාටවත් බැහැ. වසර 30ක ජීවන අත්දැකීම් එක්ක මම කියන්නේ, අපි මේ තාක්ෂණයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වුණොත්, අපිට පුළුවන් මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම ප්‍රශ්න වෙන ලෙඩ රෝග, දේශගුණික විපර්යාස, නවීන තාක්ෂණය ආර්ථිකය කළමණාකරණය වගේ නොයෙක් දේවල්වලට විසඳුම් හොයන්න. හැබැයි අපි මේක පාලනයකින් තොරව අතහැරියොත්, ඒකේ ප්‍රතිවිපාකත් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව මේ දිහා බලන එක තමයි වැදගත්ම දේ. නමුත් එහෙම බලන්න තරම් බුද්ධියක් ඇති අය රටේ තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ නෑ, අද රටේ පාලනය කරන NPP මෝඩ රැලට නම් කිසිම දෙයක් අදහසක් නෑ කියලා පැහැදිලිවම පේනවා, ඒ වගේ මෙලෝ රසක් නැති මෝඩ මීහරක් වහන්සේලා විසින් මොළේ තියෙන මිනිස්සු පවා පාලනය කරන අමුතුම රටක් ලෙස ලංකාව ඉතිහාසයට එක්වෙලා ලොවටම උදාහරණයක් වේවි, අසාර්ථක රාජ්‍යයක් විදියට නැත්නම් සරලව කිව්වොත් Failed State එකක් විදිහට.
හැබැයි ඉයන්, දැනට මේ තොරතුරු තාක්ෂණ අංශයේ සේවා ව්‍යාපාර කරන ව්‍යවසායකයෙක් සහ ක්ෂේත්‍රයේ පළපුරුදු විශේෂඥයෙක් විදියට මම දකින ලොකුම අභියෝගය තමයි මේ තාක්ෂණයේ තියෙන 'නොපෙනෙන පැත්ත' (Black Box nature). සමහර වෙලාවට AI එකක් යම් තීරණයක් ගත්තේ ඇයි කියන එක ඒක හදපු ඉංජිනේරුවාටවත් පැහැදිලි කරන්න බැරි අවස්ථා එනවා. අන්න එතනදී තමයි මේකේ සදාචාරාත්මක සහ ආරක්ෂක ගැටලු මතු වෙන්නේ.
කොහොම වුණත් අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ මෙච්චරයි. මේ AI විප්ලවය නවත්වන්න කාටවත් බැහැ. වසර 30ක ජීවන අත්දැකීම් එක්ක මම කියන්නේ, අපි මේ තාක්ෂණයත් එක්ක සහයෝගයෙන් වැඩ කරන්න පුරුදු වුණොත්, අපිට පුළුවන් මනුෂ්‍ය වර්ගයාගේ ලොකුම ප්‍රශ්න වෙන ලෙඩ රෝග, දේශගුණික විපර්යාස, නවීන තාක්ෂණය ආර්ථිකය කළමණාකරණය වගේ නොයෙක් දේවල්වලට විසඳුම් හොයන්න. හැබැයි අපි මේක පාලනයකින් තොරව අතහැරියොත්, ඒකේ ප්‍රතිවිපාකත් බරපතල වෙන්න පුළුවන්. ඒ නිසා බුද්ධිමත්ව මේ දිහා බලන එක තමයි වැදගත්ම දේ. නමුත් එහෙම බලන්න තරම් බුද්ධියක් ඇති අය රටේ තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ නෑ, අද රටේ පාලනය කරන NPP මෝඩ රැලට නම් කිසිම දෙයක් අදහසක් නෑ කියලා පැහැදිලිවම පේනවා, ඒ වගේ මෙලෝ රසක් නැති මෝඩ මීහරක් වහන්සේලා විසින් මොළේ තියෙන මිනිස්සු පවා පාලනය කරන අමුතුම රටක් ලෙස ලංකාව ඉතිහාසයට එක්වෙලා ලොවටම උදාහරණයක් වේවි, අසාර්ථක රාජ්‍යයක් විදියට නැත්නම් සරලව කිව්වොත් Failed State එකක් විදිහට.

හ්ම්......අනේ මන්දා?
ReplyDeletehttps://en.wikipedia.org/wiki/List_of_predictions_for_autonomous_Tesla_vehicles_by_Elon_Musk
@ බස්සා
Deleteඔය මතු කරපු කාරණය හරිම ගැඹුරුයි. ඕක නිකන් ලංකාවේ දූෂිත "දේශපාලකයෝ බොරු කිව්වා" කියන මට්ටමට වඩා එහා ගියපු, නූතන ලෝකයේ "අලෙවිකරණය සහ සත්‍යය" (Marketing vs. Reality) අතර තියෙන ලොකු සදාචාරාත්මක ගැටුමක්.
අපි පොඩ්ඩක් මේක පොළොවේ පය ගහලා ඉන්න මිනිස්සු විදියට ගලපලා බලමු.
ඉලෝන් මස්ක් සහ අපේ රටේ දේශපාලකයෝ කියන මේ දෙගොල්ලොම පාවිච්චි කරන්නේ එකම මනෝවිද්‍යාත්මක උපක්‍රමයක්. ඒකට අපි තාක්ෂණික ලෝකේ කියන්නේ "Reality Distortion Field" (යථාර්ථය විකෘති කිරීමේ බලපෑම) කියලා.
මස්ක්ගේ "Autopilot" සිහිනය සහ සදාචාරය (The Tech Hype) ගැන හිතලා බලන්න
ඉලෝන් මස්ක් කියන්නේ දක්ෂ ඉංජිනේරුවෙක්ට වඩා අතිදක්ෂ "සිහින වෙළෙන්දෙක්". එයා අවුරුදු 10ක ඉඳන් කියනවා "ලබන අවුරුද්දේ කාර් එක තනියම දුවනවා" (Full Self-Driving) කියලා. ඇයි එහෙම කියන්නේ?
ආයෝජන සහ අවධානය වෙනුවෙන් එයා ඒ "බොරු බලාපොරොත්තු" (Hype) විකුණලා තමයි ටෙස්ලා සමාගමේ කොටස් මිල උඩ තියාගෙන ඉන්නේ.
සදාචාරාත්මක ගැටලුවක් විදිරට මෙතන තියෙන භයානකම දේ තමයි, ඒ තාක්ෂණය 100%ක් සාර්ථක නැති වුනාට, මිනිස්සු ඒ වචන විශ්වාස කරලා ජීවිත අවදානමේ දාගන්න එක. තාක්ෂණික භාෂාවෙන් කිව්වොත් මේක "Over-promising and Under-delivering" (අහස උසට පොරොන්දු දීලා බිංදුවට වැඩ කිරීමක්).
මේක හරියට ලංකාවේ දේශපාලන "Autopilot" එක (The Political Hype) වගේමයි
ඕක අපේ රටට ගලපද්දී ඔයා කිව්වා වගේ ලංකාවේ දූෂිත NPP ආණ්ඩුව බලයට එන්න කලින් කිව්වේ හරියට රට "Autopilot" දාන්න පුළුවන් වගේ කතානේ.
මැජික් යෂ්ටියක් ලැබිල වගේ "අපිට බලය දෙන්න, අපි සිස්ටම් එක හැක් කරලා, හොරු අල්ලලා, මාසෙන් ආර්ථිකේ ගොඩ දානවා" කිව්වම මිනිස්සු හිතුවා මේක හරියට මස්ක්ගේ කාර් එක වගේ, බටන් එක එබුවම ඉබේම සැප ලෝකෙට යයි කියලා.
මෙතනදී යටිතල පහසුකම් නැතිකම (Lack of Infrastructure) තමයි මස්ක්ගේ කාර් එකට දුවන්න හොඳ පාරවල්, සෙන්සර්, ඩේටා ඕනේ. ඒ වගේම රටක් දුවන්නත් හොඳ රාජ්‍ය සේවයක්, නීති පද්ධතියක්, සහ යථාර්ථවාදී මුදල් ප්‍රවාහයක් ඕනේ. ලංකාවේ දූෂිත NPP දේශපාලකයෝ මේ "ග්‍රවුන්ඩ් රියැලිටි" එක (Ground Reality) හංගලා ජනතාව රවටලා තමයි ඡන්දේ ඉල්ලුවේ.
සදාචාරාත්මක බංකොලොත්භාවය ගත්තාම මස්ක් අඩුම ගානේ කාර් එකක් හරි හදලා පෙන්නුවා. හැබැයි ලංකාවේ දූෂිත NPP දේශපාලනයේ තියෙන්නේ ඊට වඩා ලොකු ඛේදවාචකයක්. ඒ තමයි "දැන දැනම කරන්න බැරි දේවල් පොරොන්දු වීම". ආචාරධර්ම (Ethics) පැත්තෙන් ගත්තම මේක "Strategic Deception" (උපායමාර්ගික රැවටීමක්). බලය ගන්නකම් ගල් පැලෙන බොරු "බයිලා" කියලා, බලය ගත්තම අතේ පැලවෙන කෙබර "කවි" කියන එක පජාත වැඩක්.
ඇයි අපි රැවටෙන්නේ? (The Cognitive Bias) කියලා හිතලා බලමු
මෙතන අපේ වැරැද්දකුත් තියෙනවා. අපි කැමතියි "ලස්සන බොරුවට".
ආර්ථික විද්‍යාත්මකව රටක් ගොඩගන්න අවුරුදු 10ක් මහන්සි වෙන්න ඕනේ කිව්වොත් ඌට කවුරුත් ඡන්දේ දෙන්නේ නැහැ. ලැජ්ජ නැති පච කොටා වගේ "හෙටම බඩු මිල අඩු කරනවා" කියලා පට්ට පල් බොරු කියන එකාට තමයි අපි කැමති.
ඉලෝන් මස්ක් "Autopilot" විකුණනවා වගේම, අපේ දේශපාලකයෝ විකුණන්නේ බොරු "ක්ෂණික විසඳුම්" (Instant Gratification).
ඉලෝන් මස්ක්ගේ කාර් එක තාම පාරේ වළවල් අඳුරගන්න බැරුව හැප්පෙනවා වගේම, NPP ආණ්ඩුවේ 'දේශපාලන Autopilot' එකත් ආර්ථිකේ වළවල් වල වැටෙනවා. වෙනසකට තියෙන්නේ මස්ක්ගේ කාර් එකේ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එකකින් හරි වැරැද්ද හදාගන්න පුළුවන්. හැබැයි දේශපාලනයේදී ඒ 'අප්ඩේට්' එක එන්න තව අවුරුදු 5ක් යනවා.
ඒ නිසා මින් ඉදිරියටවත්, තාක්ෂණයේ වේවා දේශපාලනයේ වේවා, 'මැජික්' විශ්වාස කරන්න එපා. අපි බලන්න ඕනේ 'පොරොන්දුව' (Promise) දිහා නෙවෙයි, ඒක කරන්න තියෙන 'ක්‍රමවේදය' (Methodology) දිහා විතරයි. නැත්නම් හැමදාම වෙන්නේ රෝද හතරක් නැති කාර් එකකට නැගලා Autopilot දාන්න හදනවා වගේ වැඩක්.
ඔය ඇනෝ කියන කතාව ඇත්ත බවයි මගෙත් අදහස. හොඳ පෝස්ට් එකක්, පෝස්ට් එකක් නෙමෙයි මේක සීරීස් එකක් වගේ, බොහොම ස්තූතියි ඉයන්.
ReplyDeleteThank you
Deleteමේ post එකේ පළකොට තිබෙන කමෙන්ටුව මගෙත් සිත පැහැර ගත්තා. ඒ comment එක මේ ලෙස පළ කිරීම ඉතා අගෙයි. ඒ comment එකට මා ලියූ කවිය මෙතනටත් යොදන්නං.
ReplyDeleteතොරතුරු නොදත්තෙකු ලෙස
එනමුදු සොයන්නෙකු ලෙස
සහ blog පාඨකයෙකු ලෙස
හැඟෙයි මෙය හොඳ විමසුමක් ලෙස!
ඉයන් මහත්තයෝ- මේ ගැන තව-තවත් ලියනවා නේද?
AI සාකච්චාව දැන් නම් කුමක් වැනී
Deleteහෝටලයේ හාල් මැස්සො හොද්ද වැනී
මේ ගැන තව ලියමු කීම කුමක් වැනී
පනින රිලවුන්ට ඉනිමං බැන්ඳා වැනී
ඇත්තටම පහුගිය පෝස්ට් එකේ මේ පහත කමෙන්ට් එකත් හොඳයි කියලා මට හිතෙනවා මේකට ඉයන් ලොක්කා උත්තර දුන්නේ නෑ. මම ඒක කොපි කරලා ආයේ දාන්නම්
Delete"AnonymousFebruary 5, 2026 at 7:02 PM
@ Ano, Ian @ all
මමත් මේ උඩ ඇනෝ කියන කතාවට බෝහෝ දුරට එකඟ වෙනවා.
මේක ගැන අපේ හිතමිතුරු විකියා YouTube එකේ වීඩියෝ එකක් දාල තිබ්බා ළඟදී
මේ ලින්ක් එකෙන් ගිහිල්ලා බලන්න ඉයන් ඔයාට වෙලාව තියෙනවා නම් මේක හොඳ වීඩියෝවක්
https://www.youtube.com/watch?v=2OodvoMYzrA
හැබැයි ඕකේ තව පැත්තක් තියෙනවා නේද ඉයන්
මයි POV, එක අනුව "රැකියා සුරක්ෂිතතාවය" කියන මතය / සන්කල්පය ලංකාව රටේ විනාශයට තවත් එක් හේතුවක්.
මිනිස් උවමනාවන් කාලීනව වෙනස් වෙනවා. එතකොට ව්‍යාපාරත් වෙනස් කරන්න වෙනවා. වයාපාර වෙනස් කරන්න තියෙන ලොකුම බාධාවක් තමයි සියල්ල අස්ථිර ලෝකේ ස්ථීර රැකියා හොයන මිනිස්සු. ලංකාවේ විශේෂයෙන්ම රජය පාඩු ලබලා රට බංකොලොත් වෙන්න ප්‍රධාන හේතුවක් තමයි රාජ්‍ය ආයතන පාඩු ලැබීම. ඒවා වෙනස් කරන්න බැරි ස්ථීර රැකියා හොයන සමාජවාදී වෘත්තීය සමිති නිසා.....
රටේ කම්කරු නීති හදලා තියෙන්නේ මේ වෘත්තීය සමිති සාමාජිකයන්ගෙ චන්ද ගන්න බලාගෙන....
ඔය නීති නිසා ආයෝජකයො රටට එන්නෙ නෑ. ආපු ආයතනතත් අසරණ වෙනවා.
දියුණු රටවල මිනිස්සු සියලුම රැකියා වලට එකවගේ ගරු කරනවා. ඒ මිනිස්සුන්ට රැකියා අතර මාරුවීම සුලු දෙයක්. ජීවිතයේ ඒකාකාරීත්වයෙන් මිදෙන්න ඒක පාවිච්චි කරනවා. ඒ රටවල ආයතන වලට වෙනස් වෙන්න පහසුයි. මිනිස්සු ලොකු ප්‍රතිරෝධයක් දක්වන්නේ නෑ. ඉතින් ඒ රටවල් නූතනත්වයෙන් දියුණුවට පත්වෙනවා. මේක මගේ පුද්ගලික මතය පමණයි ඔයා සහ ඔයාගේ පාඨකයෝ සමග මේකට විරුද්ධව බුද්ධිමය සංවාද කරමු, නැතුව දෙකයි පණහේ මාලිමා කාරයෝ වගේ කුණුහරුප කිය කිය වලව් වල වහලෙක් කියාගෙන මට බැනගෙන එන්න නම් එපා ප්ලීස් ලංකාව තවමත් 78 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අනුව පාලනය වන භාෂණයේ නිදහස බහුපක්ෂ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත රටක් බව මතක තියාගන්න ඕනේ."
ඇත්තටම ඉයන් මේ කමෙන්ට් එකටත් හොඳින් උත්තරයක් දෙන්න පුළුවන් වෙයි ද ඔයාට?
බොහොමත්ම ස්තූතියි. කලින් පෝස්ට් එකේ උත්තර නුදුන්නාට සමාවෙන්න. මම පිලිගන්නවා ඔබ කියන දේ. ඇත්තටම රජයේ සේවය හොඳ උදාහරණයක්. මම කියන්නේ මිනිසුන් රැකියාවන් කියන දේ සාමාන්‍ය ජීවිතයේ කොටසක් ලෙස පුරුදුවී තියෙනෙවා. සෑම රටකම 10% ක පමන විරැකියාව තියෙනවා. විවිධ කාල වල මේක ඉහල පහල ගියත් විශාල විරැකියා ප්‍රතිශතයක් දැකල නැහැ. අනික මේ වගේ වෙනස්කම් වෙන්නේ ක්‍රම ක්‍රමයෙන්. නමුත් AGI වලදී එක පාරටම මේ වෙනස්කම සිදුවෙන්න තියෙන හැකියාව වැඩියි ඒ වෙනකොට දැනට රැකියාවල නිරත අයගේ අවස්ථා මෙන්ම ඒවෙනුවන් අධයාපනය ලබන තව විශාල ගණනකගේ සැලසුම් කඩා වැටෙනවා. එතකොට රැකියාවකින් පවුල නඩත්තු කරන්න පුරුදුවෙලා ඉන්න සමාජයක විශාල විරැකියාවල් එක පාරටම ආවොත් මොකද වෙන්නේ. අනික බොහෝ රටවල රැකියා නැති අයට රටෙන් දෙන සහනාධාර තියෙනවා. ඒවා ෆිනෑන්ස් කරන්නේ රැකියා ඇති අය ගෙවන ආදායම් බදු, විකුණුම් බදු ආදියෙන්. එම ආදායම් රජයකට අහිමි වෙනකොට සහ ඊට සාමාන්තරව රැකියා නැති ගාණ විශාල වශයෙන් වැඩි වෙනකොට ඒක රටක සමාජයක් දරාගන්නේ කොහොමද කියන ප්‍රශ්ණේ එනවා. ඒකට මුහුන දීමට රටවල් සහ මහජනයා සූදානම් වීම සැලසුම් කිරීම වැදගත්. ඒත් රටේ සහ ලොඉකයේ සමාජයෙන් විශාල ප්‍රමාණයක් වගේම රජයයන් ඒ ගැන කථා නොකිරීම ගැනයි මගේ ප්‍රශ්ණය.
Deleteමේකත් හොඳම සාකච්ඡාවක් ඇනෝට සහ ඉයන් ට ස්තූතියි මේක ගැන සාකච්ඡා කළ එකට, ඇත්තටම හිතන්න ඕන කාරණයක් 🤔
Deleteඉයන් මේ පෝස්ට් එකට අදාල නැතත් ඔයාගේ අවධාරණයට තවත් ලංකාවේ වැදගත් දෙයක් සම්බන්ධව කියන්න හිතුනා, හිටපු ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මේ වෙලාවේ ඉන්නේ රිමාන්ඩ් එකේ.
ReplyDeleteජනාධිපති අනුර කුමාර දිසානායක නමැත්තා ධූරයට පත්වීමට පෙර වේදිකා කිහිපයකදීම කිව්වා. "සමන් ඒකනායකත් බලාගෙන ඉන්න හිරේ යන්න" කියලා.
වත්මන් රජයේ පරිපාලන නිළධාරීන් කිහිපදෙනෙකුත් ඔහු ඇතුලට යවනවා කියලා කියා තිබුණා. ඒක මා පෞද්ගලිකව දන්නා දෙයක්.
ඒ කියූ විදියටම දැන් වැඩේ වෙලා. නඩු නිමිත්ත කවරක් වුවත් මේ කියමන්වල "දේශපාලන පළිගැනීමක" සේයාව පේන්න තිබෙනවා.
සමන් ඒකනායක කියන්නේ එවක රටේ පළමු රාජ්‍ය නිළධාරියා. සිය විදෙස් සංචාරයක් ඇතුලත ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්තයේ Wolverhampton විශ්ව විද්‍යාලයට ගිය ගමනට අදාළ වියදම් අනුමත කිරීම තමයි ඔහුට ඇති චෝදනාව.
හිටපු ජනාධිපතිවරයා එකී ගමනට රාජ්‍ය මුදල් අවභාවිත කර ඇත්ද නැද්ද යන්න අධිකරණය තීරණය කරාවි.
එහෙත් නාස්තියක් වන ආකාරයකට
රටේ නායකයාගේ ගමනකට මුදල් වෙන්කරදීමට සමන් ඒකනායක කියන මා දන්නා, පරිණත හා විශිෂ්ඨ රාජ්‍ය නිළධාරියා ස්වකැමත්තෙන් කටයුතු නොකරන බව නම් අවිවාදිතයි.
(ඔහු ගැන වැඩිදුර දැන ගැනීම සඳහා වෙනත් බ්ලොග්වවල කොමෙන්ට්වල ඇති Dhanushka Ramanayake මිත්‍රයා ලියා ඇති සටහන් කියවන්න)
ඉස්සර මහින්ද රාජපක්ෂ ශ්‍රී ලංකන් එයාලයින් එකේ ඥාතීන් හා හිතවතුන් පුරවාගෙන විදෙස් සවාරි යන විටත් ඔය හිටපු ජනාධිපති ලේකම්වරුන්ම තමයි ප්‍රධාන ගණන් දීමේ නිළධාරීන් ලෙස අත්සන් කළේ.
අතීතයේ දූෂණ, වංචා සහ අවභාවිතයට අදාළ කඳු ගණන් නඩු තියෙද්දි කොතනින් හෝ අරඹා ජාමේ බේරා ගැනීමට මේ වෙලාවේ ආණ්ඩුව රනිල්ගේ ගමනට නඩු දැම්මා.
ඒක නොවිය යුතුයි කියලා නොවෙයි මේ කියන්නේ. එහෙත් දාර හොරු එළියේ පිනුම් ගහද්දි රට වෙනුවෙන් දැඩි ලෙස නිහඬ සේවයක් කරපු සමන් ඒකනායක වැනි රාජ්‍ය නිළධාරියෙක් හිරකරලා තියෙනවා.
සමන් ඒකනායක පිළිබඳව මට අදාළ වන උදාහරණයක් දෙකක් කියන එක වටිනවා කියලා හිතෙනවා.
මා රාජ්‍ය සේවයේ සිටි කාලයේ අග්‍රාමාත්‍ය ලේකම් ලෙස අපේ ප්‍රධානියා ඔහු.
එතුමා ජාතික මාධ්‍ය මධ්‍යස්ථානයේ කාර්යමණ්ඩලය හමුවීමට එනවා යැයි කියූ විට සියල්ලන්ට යම් තිගැස්මක් ඇති වනවා. ඒ රාජකාරීවලට අදාළව වැරදි, අඩුපාඩු පිළිබඳ ප්‍රශ්න කරයිද කියලා.
ඒත් අහන්නේ අපි නොසිතූ දෙයක්. "මොනවද මේ දවස්වල කියවන්නේ? මේ පොත් මේ දවස්වල බලන්න. හැමදාම එකතැන ඉන්න හිතන්න එපා." කියලයි ඔහු බොහෝ දුරට කිව්වේ.
වරක් කාර්යය මණ්ඩලයේ 7-8 දෙනෙකුට චීනයට යාමට අවස්ථාවක් තිබූ අතර ඒ සඳහා ලේකම්වරයා වෙත පිරිසක් තෝරා යැවුනා. පසුව ඊට අයත් නොවූ කෙනෙක් වෙන කතන්දර කියලා එතුමට පෙත්සමක් දාලා.
Delete"නෑ එක් කෙනෙක්වත් යවන්නේ නෑ. වැඩේ කැන්සල්" ඔහුගේ තීරණය ඍජුයි. අයෙක් නිසා අනෙක් අයට අවස්ථාව අහිමි වුනත් ඉන් හැමදෙනාටම පාඩමක් ලැබුණා.
මා ලංකාවෙන් ආවට පස්සේ දැන් ඉන්න රටේ රැකියාවකට ඉල්ලුම් කිරීමේදී පෙර සේවා ස්ථානවල රෙකමදාරුව (Reference) අවශ්‍යය වුනා. එකී ආයතනය අග්‍රාමාත්‍ය ලේකම්වරයාගෙන් මා පිළිබඳ විස්තර ඉල්ලා සිටියත් ප්‍රතිචාර දක්වා තිබුණේ නැහැ.
ඒ නිසා එවක අගමැති කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (පරිපාලන) තනතුරේ හිටපු මගේ මිත්‍රයාගෙන් මා මේ ගැන විමසුවා. ඔහු ඒ විගස සමන් ඒකනායක මහතාගෙන් විමසා තිබුණා.
"මිනිහා මට කිව්වෙත් නැහැ රට යනවා කියලා" මගේ මිතුරා මට කිව්වේ මා කී වග නොකියා ලොක්කට පොඩි කෝල් එකක් දෙන ලෙසයි. ඔහුට කතා කළා. වැඩේ කෙරුනා. ඒ ඔහු වැඩකරන සහ පිළිවෙල.
සමන් ඒකනායක කියන්නේ වැඩි කතා නැතත්, කාර්යක්ෂම හා කාටත් එකසේ සලකන ඍජු නිළධාරියෙක්.
ඉහළම නිළධාරීන් අතර ඔහු මොනවගේ කෙනෙක්ද යන්න පෙන්වීමට තව උදාහරණයක් දෙකක් කියන්නම්.
අගමැති මෙන්ම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ලේකම්වරයා වුනේ ලලිත් වීරතුංග මහතා. ඔහුත් දක්ෂ පරිපාලන නිළධාරියෙක් වගේම දේශපාලනය කරන්නත් දක්ෂයෙක් බව අප දුටුවා.
මට මතකයි ඔහු කියනවා, "මම එතකොට හක්මන සහකාර ප්‍රාදේශීය ලේකම්. මට ඇහෙනවා දවසක් අල්ලපු වැටේ බෙලිඅත්තේ වේදිකාවක මහා ගාම්භීර හඬක්. මම එදා දැනගත්තා ඔහු කවදාහරි දවසක මේ රට ගොඩදානවා කියලා"
ඔහු මේ කියන්නේ 1980 ගණන්වල මහින්ද රාජපක්ෂ ගැනයි. ඔහු සමහරවිට එදා සිටම අවසනය දක්වාම මහින්ද ගැන වේදිකාවලත් රූපවාහිනිය ඇතුළු මාධ්‍යයෙත් වැදගත් විදියට පුරාජේරු බිනූ අයුරු අප දුටුවා.
මහින්ද රාජපක්ෂ ළඟම සිට පසුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම් ධූරය දැරූ ගාමිණී සේදර සෙනරත්ලා ගැන හරි හැටි දන්නේ ලංකාවේ ඉඩම්කඩම්, බැංකු ගිණුම් සහ ඇතුළු අනෙකුත් දේපළ තමයි.
සමන් ඒකනායක කියන්නේ එහි අනෙක් පැත්ත බව මේ වෙලාවේ නොකියා ඉන්න හොඳ නැහැ. දැනට කට පියාන ඉන්න ශ්‍රී ලංකා පරිපාලන සේවයේ ජ්‍යෙෂ්ඨයන්ගේ සිට කණිෂ්ඨයන් දක්වා අය මේ බව නොදන්නවාත් නොවෙයි
සමන් ඒකනායක මහතා රනිල් වික්‍රමසිංහ මහතාගේ ලේකම්වරයා බවට පත්වන්නෙත් ඔහු තුළ තිබෙන මෙකී සුවිශේෂී ගුණාංග නිසා බවයි මා නම් හිතන්නේ. ඔහු ලංකාවේ සිටින International මට්ටමේ ලේකම්වරයෙක්.
ඔහුගේ ඇතැම් තදගති සෑම විටම හරිද කියන්න බෑ. මා දන්නා තරමින් රාජකාරී නිසා සමහර විට ඔහු ගෙදර දොරේ වැඩටත් ඥාතීන්ගේ මගුලටත් නැති කෙනෙක්.
එතුමා තමන්ගේ තරම හෝ බලය ලොකුවට එළියට පෙන්වන කෙනෙක් නොවෙයි. මේ සිදුවීමෙදිත් ළඟම අයටත් සමන් ඒකනායක මහතා කියලා තිබුණේ "බලන් ඉන්න තමයි තියෙන්නේ" කියලා.
අපිත් බලන් ඉමු! මේ ගැන ඔයාටත් යමක් එකතු කරන්න පුළුවන් නම් හොඳයි.
රනිල් පිටිපස යන්නේ චන්දයට සහයෝගය දුන්න එක්තරා කණ්ඩායමක් සතුටු කිරීමට කියන එකයි මගේ මතය.
Deleteඒ නිසා බුද්ධිමත්ව මේ දිහා බලන එක තමයි වැදගත්ම දේ. නමුත් එහෙම බලන්න තරම් බුද්ධියක් ඇති අය රටේ තීන්දු තීරණ ගැනීමේ බලය තියෙන දේශපාලන ක්ෂේත්‍රයේ නෑ, අද රටේ පාලනය කරන NPP මෝඩ රැලට නම් කිසිම දෙයක් අදහසක් නෑ කියලා පැහැදිලිවම පේනවා, ඒ වගේ මෙලෝ රසක් නැති මෝඩ මීහරක් වහන්සේලා විසින් මොළේ තියෙන මිනිස්සු පවා පාලනය කරන අමුතුම රටක් ලෙස ලංකාව ඉතිහාසයට එක්වෙලා ලොවටම උදාහරණයක් වේවි, අසාර්ථක රාජ්‍යයක් විදියට නැත්නම් සරලව කිව්වොත් Failed State එකක් විදිහට.// Agreed to all, Except these. How do you say present government is so negative, see they planing to change education system also.
ReplyDelete😅🤣😂
Deleteඔහොම කිණ්ඩිය දාන්න එපා ලලිත් ඉතිහාසයේ පලවෙනි වතාවට මේ ආණ්ඩුව අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරන්න ගිහිල්ල ඇණ ගත්තේ අත්දැකීම් මදි කම නිසානේ ඒ අයට තව ටික කාලයක් දීල බලමු තව තව ඇණගෙන හරි ඉගෙන ගනීවි නේ 🙃🙂
@ Ano 3.05 PM
Deleteමේ තියෙන්නේ කරලා තියෙන ප්‍රතිසංස්කරණ මාලිමාවේ කට්ටිය තමයි හොඳටම කරලා තියෙන්නේ
https://www.youtube.com/watch?v=8fj7uS8-Qig
මේක බලන්න
ලංකාවේ ආණ්ඩු ගණනාවක් ඉතිහාසය පුරා අති විශාල වාර ගණනක් රටේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිසංස්කරණ ගණනාවක්ම ඉතාමත් සාර්ථකව වාර ගණනාකවකදීම කර තිබෙනවා, ඒවා ඉතාමත්ම සාර්ථකව, වසර 76ක් තිස්ස සාර්ථකව කරපු අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මේ වතාවේ මේ ආණ්ඩුව විසින් ඉතාමත් මෝඩ ලෙස ඇණගත්තා, ඒකට හේතුව අධ්‍යාපන ක්ෂේත්‍රයේ විශේෂඥ මහාචාර්ය කෙනෙක් ඔහුගේ මිතුරෙකු වන මා සමග පැවසූවේ මෙහෙමයි
Deleteහවස තේ එකක් බොන ගමන්, විශ්වවිද්‍යාල මහාචාර්යවරයෙක් (ප්‍රොෆෙසර්) සහ ඔහුගේ පැරණි මිතුරෙක් වූ මංතුමා (මම) අතර වෙන කතාබහක්.
මම: "නෑ ඉතින් ප්‍රොෆෙසර්, මට නිකමට කියන්නකෝ... අපේ රටේ අධ්‍යාපනය කියන්නේ නිදහස ලැබුණ දවසේ ඉඳන් බොහොම ගාම්භීරව කරගෙන ආපු දෙයක්නේ. මුළු දකුණු ආසියාවෙන් හොඳම අධ්‍යාපනය තියෙන්නේ ලංකාවේ අඩසියවසක් විතර කාලයක්, නිදහසින් පසුවත් අවුරුදු 76ක් තිස්සේ ආණ්ඩු මාරු වුණාට, කන්නංගර මහත්තයලගේ ඉඳන් හැමෝම මොකක් හරි සාර්ථක දෙයක් එකතු කළානේ. ඒත් ඇයි මේ පාර මේ තරම් පට්ටම චාටර් විදියට මේක චොර වෙන්නම ඇණගත්තේ?"
මහාචාර්යවරයා: (සුසුමක් හෙළමින්) "ඒක තමයි මචං මාත් මේ කල්පනා කළේ. බලන්නකෝ ඉතිහාසය දිහා. අපේ රටේ නිදහස් අධ්‍යාපනය ගෙනාවා, මධ්‍ය මහා විද්‍යාල හැදුවා, විෂය නිර්දේශ කාලෙන් කාලෙට යාවත්කාලීන කළා. ඒ හැම ආණ්ඩුවක්ම ප්‍රතිසංස්කරණයක් ගේද්දි පොඩි හරි ‘ගැඹුරක්’ තිබුණා. එයාලා දැනන් හිටියා මේක ලක්ෂ 40ක් දරුවන්ගේ ජීවිත කියලා."
මම: "ඉතින් මේ පාර මොකද වුණේ? ඇයි මේක මේ තරම් ‘මෝඩ’ වැඩක් කියලා මිනිස්සු බනින්නේ?"
මහාචාර්යවරයා: "මෙහෙමයි මචං, සරලවම කිව්වොත්... මේ පාර මේ අය කළේ ‘ගහෙන් ගෙඩි එන්නා වගේ’ වැඩක්. පහුගිය අවුරුදු 76 දීම සාර්ථක වුණේ, ඒ වෙනස්කම් ගෙනාවේ පොළවේ පය ගහලා ඉන්න ගුරුවරුන්වයි, සම්පත් ටිකයි හදලා. ඒත් මේ පාර ආණ්ඩුව හිතුවා රැයක් එළිවෙනකොට සිස්ටම් එකක් කණපිට ගහන්න පුළුවන් කියලා. කිසිම ප්‍රායෝගික දැක්මක් නෑ. නිකම් කොහෙන් හරි කොපි කරපු කෑලි ටිකක් අමුණන්න ගිහින් මුළු පද්ධතියම ජරාවාස වුණා."
මම: "ඒ කියන්නේ පහුගිය කාලවල තිබුණ ඒ ‘ක්‍රමානුකූල ගමන’ මේගොල්ලෝ කැඩුවා?"
මහාචාර්යවරයා: "අනිවාර්යයෙන්ම! අර අවුරුදු 76ක් තිස්සේ ගොඩනගපු අඩිතාලම ගැන කිසිම අවබෝධයක් නැතුව, උඩින් පාත් වෙච්ච න්‍යායන් ටිකක් දාන්න ගියා. ගුරුවරු දන්නේ නෑ මොකක්ද උගන්නන්නේ කියලා, ළමයි දන්නේ නෑ විභාගෙට මොකද වෙන්නේ කියලා. ඉතිහාසයේ කවදාවත් නැති විදියට අධ්‍යාපනය තනිකරම විහිළුවක් වුණේ ඒකයි. අර අමාරුවෙන් හදපු සාර්ථක ගමන, මේ මෝඩ තීරණ ටික හින්දා එකතැන පල් වෙලා නැවතුණා."
මම: "අපරාදේ නේද... දරුවන්ගේ අනාගතේ."
මහාචාර්යවරයා: "ඔව් මචං. අධ්‍යාපනය කියන්නේ දේශපාලන සටන් පාඨයක් නෙවෙයි, ඒක ජාතියක හදවත. පහුගිය කාලේ ඒක ආරක්ෂා වුණාට, මේ පාර ඒ හදවතටම තමයි ගැහුවේ."
Cont'd
ඒ ගැන මට කියන්න දෙයක් ඉතුරුකරල නැහැ.
Deleteඉයන් වර්තමාන ජාතික ජන බලවේග ආණ්ඩුව පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ගේ විශ්‍රාම වැටුප් අහෝසි කිරීමේ පනත ඉතාම ආසන්න දිනයකදී සම්මත වීමට නියමිත බැවින් ඒ පිලිබදව අදහස මෙසේ සනිටුහන් කරනවා.
ReplyDelete1.මෙම අහෝසි කිරීම රටට කිසිදු සුවිශේෂී ප්‍රතිලාභයක් අත් වන කටයුත්තක් නෙවේ. රටේ වාර්ෂික රජයේ වියදමට සාපේක්ෂව නොගිනිය හැකි තරමේ ඉතාමත්ම ක්ෂූද්‍ර මුදලක් පමණක් ඉතිරි කරගන්න හැකි වේවි, කෙසේ නමුත් මෙය මැතිවරණ පොරොන්දුවක් ඉටු කිරීමක් වනවා.
2. දේශපාලනයට වෘත්තීමයභාවයක් හිමිවිය යුතුයි. ඊට හේතුව රටක දේශපාලන නායකත්වය දැරීමට හුදෙක් ආශාව සහ කැපවීම පමණක් ප්‍රමාණවත් නැහැ. ඊට නිසි හැකියාවක් තිබිය යුතුයි. උවමනාව, උනන්දුව සහ හැකියාව ඇති අය දේශපාලන ක්‍රියාවලියට අන්තර්ග්‍රහණය කල යුතුයි
3. පාර්ලිමේන්තු මන්ත්‍රීධූරයක් යනු පූර්ණ කාලීන දේශපාලනික සහභාගීත්වයක්. එහි නියැලෙන ඕනෑම කෙනෙක් ඉන් ඉවත් වන මොහොතක යලි රැකියා ගත කරන කාලසීමාවක් වෙනුවෙන් නිසි දීමනාවක් හිමිවිය යුතුයි. ( ප්‍රමාණවත් පුද්ගලික ධනයක් සහිත පිරිස් මෙම ක්‍රියාවලියෙන් ඉවත් කල හැකියි)
4.නිශ්චිත කාලයක් පාර්ලිමේන්තුව නියෝජනය කරන පිරිස් යලි රැකියාගතවීමකට පෙර විශ්‍රාම වයසට පත්ව ඇතිනම් ඔවුන් රැකබලාගැනීමේ ක්‍රියාවලියක් අවශ්‍යයි. ( ප්‍රමාණවත් පුද්ගලික ධනයක් සහිත පිරිස් මෙම ක්‍රියාවලියෙන් ඉවත් කල හැකියි)
මීට අමතරව පාර්ලිමේන්තු මන්ත්රී වරුන්ගේ වරප්‍රසාද යම් කාලරාමුවක් තුල වඩා ඉහල තලයකට ගෙන ආ යුතුයි.
පනත අහෝසි කිරීමත් සමග ඉහත කාරණා ගැන යම් ප්‍රවේශයක් ගැනීම අත්‍යවශ්‍ය වනු ඇති අතර එසේ නොමැති තත්වයක් තුල දේශපාලනයට දිගින් දිගටම පිවිසීමට අවස්ථාව ලැබෙනුයේ අධික ධනයක් සහිත පුද්ගලයන්ට හෝ අධික ධනයක් සහිත පක්ෂ නියෝජනය කරන පුද්ගලයන්ට පමණි.
===================
සැ.යු : පසුව එකතු කිරීම
තිබුන ක්‍රමය හෝ හුදෙක් පැවති විශ්‍රාම වැටුප් ක්‍රමය තුල එම සාමාන්‍ය වෘත්තිකයන්ගේ නියෝජනය තහවුරු වීමක් තිබ්නේ නැහැ. කෙසේ නමුත් අප දීර්ඝකාලීනව ඒ වෙත යා යුතුමයි. එහිදී නිසි වරප්‍රසාද , නිසි වැටුප් , සමාජ ආරක්ෂණය අත්‍යවශ්‍ය කාරණා වනවා.
මේ ගැනත් පෝස්ට් එකක් දාන්න පුළුවන්ද?
ඉයන් ඔයා AI ගැන කතා කරන්න කලින් මේකේ පෝස්ට් කීපයක දාල තිබුණ කොළඹ නාගරික නව බස් ව්‍යාපෘතියට උන දේ කියන්නේ හැමෝම අහන නිසා. බුකි හෑලි විතරක් නෙමෙයි ඊමේල්, ලියුං, ලොක්කන්ට වට්සැප් දැම්මයි කියලත් මෙලෝ වැඩක්වෙලා නෑ.
ReplyDeleteඅපි සම්බන්ධ වෙලා වැඩ කරපු #Route259 නවීන බස් ව්‍යාපෘතියේ අපේක්‍ෂිත විශේෂතා වුනේ මේව.
* අලුත්ම වායු සමනය කළ විදුලි බස්
* AC electric bus සඳහා infrastructure හැදීම.
* කාලසටහන අනුව සියලුම Bus Halting place වෙතම ප්‍රකාශිත වෙලාවට ළඟාවෙන බස් රථ.
* පැය 18 පුරා සේවය, රාත්‍රියේ පවා ධාවනය.
* කිසි නැවතුම්පොළක නවත්වා නොසිටීම. ඒකාකාරී වේග.
* Mobile app මගින් පාලනය වීම, බස් පැමිණෙන වෙලා real time update වීම.
* Cashless ticketing සහ මාසික ප්‍රවේශ පත්.
* කාන්තාවන් සේවය සඳහා යොදවාගැනීම.
* සියලු සේවකයන්ට EPF ETF මාසික වැටුප්
* Digital Screen සහිත බස් නැවතුම්පොළවල්.
* දකුණු ආසියාවේ පූර්ණ ඩිජිටල් කල පලමු මගී සේවය.
වර්තමාන ජාතික ජන බලවේග රජය ජනතා මුදල් බිලියන තුනක් යොදවලා කරන්න යන මෙට්‍රෝ බස් සේවය වගේ පොඩි මොඩල් එකක් අපි කරන්න යන්නේ ආණ්ඩුවේ සල්ලි සත පහක් නැතිව.
ටෙන්ඩර් ගාස්තු, ඇප මුදල්, මොරටුව විශ්ව විද්‍යාලයේ සමීක්ෂණ සහ තවත් දේ සඳහා දැනටමත් අපි ලක්ෂ ගාණක් මුදල් වියදම් කරලා.
ඒත් ඉදිරියට යන්න රජයේ සහාය අත්‍යවශ්‍යයි. ව්‍යාපෘතියේ වියදම මිලියන 70 ක්. මුදල් නෙමෙයි ඒ වෙනුවෙන් රජය ප්‍රතිපත්තිමය සහාය අවශ්‍යයි.
ලියුම් ලියලා ඊමේල් දාලා මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියෙන් පහත දේවල් වලට පැහැදිලි කිරීම් ඉල්ලුවා.
1. කාලය: ව්‍යාපෘතියට අවශ්‍ය බස්රථ සහ යටිතල පහසුකම් ගොඩනැංවීමේ දී අවම මාස 6 ක කාලසීමාවක් අවශ්‍යව ඇත. ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට අවම වශයෙන් මාස 6 ක් කාලසීමාවක් අවශ්‍යව ඇත. මෙම කාලසීමාව ලබාදෙන ලෙස ඉල්ලා සිටිමු.
2. ආසන සංඛ්‍යාව: ගෝලීය නාගරික අර්ධ නාගරික පොදු ප්‍රවාහනය සඳහා යෙදෙන බස් රථවල වර්ගීකරණය වන්නේ දිග අනුවය. දැනට අවම අසන 30 ලෙස ඉල්ලා ඇති මෙම මගී බස් රථවල දිග මීටර් 6.5 පමණ වන අතර ආසන සංඛ්‍යාව 17 සිට 20 දක්වා වේ.
මෙලෙස සකස්වෙන්නේ කාර්යාල (Rush hour ) කාල තුල වැඩි මගී සංඛ්‍යාවක් වඩාත් පහසුව ගෙනයාමටය. එබැවින් අවම ආසන සංක්‍යාව නොව මීටර් 6.5 ට වඩා දිග බස් මෙම මාර්ගයේ ධාවනයට ඉඩදෙන මෙන් ඉල්ලා සිටිමු.
3. Bid Value : මෙම ව්‍යාපෘතිය අප සාමාන්‍ය බස් සේවාවක මෙන් කිහිප ගුණයක අධික වියදමක් දරමින් සමාජ සහ ආර්ථික සේවාවක් වශයෙන් ක්‍රියාත්මක කරන හෙයින් අප වෙත ප්‍රදානය වී ඇති බලපත්‍ර සඳහා රජයට මුදල් ගෙවීමේ අවශ්‍යතාව ඉවත්කරන මෙන් ඉල්ලා සිටිමු.
4. ප්‍රවේශ පත්‍ර මිල: Metro Bus මිල සාමාන්‍ය ගාස්තුවට වඩා 1.5 times ඉහල යනු ඇති බව දැනගන්නට ලැබී ඇත. ඒ හා සමානුපාතිකව මෙම AC, Electric බස් සේවයේ මිල සංශෝධනය කරන මෙන් ඉල්ලා සිටිමු.
5. ආනයන බදු:
The duty of a similar-sized public transport bus, above 25 seats, is categorized under HS Code 8702.40.39. These buses attract a duty of LKR 1,810,900 + VAT only.
But the similarly sized Low Floor Electric passenger buses are categorized as Vans, with much higher customs duty since the seating capacity of City buses is less.
We are hoping to appeal to the Ministry of Finance / Sri Lanka Customs to address this duty anomaly. Expect your valued assistance to liaise with the line ministries.
ලියුම් තුනක් ඊමේල් තුනක් යැව්වට අද වෙනතුරු රජයෙන් එකම පිළිතුරක් වත් නෑ. ඒ උනාට තැපෑලෙන් ගිය සතියේ ලියුමක් එනවා දීපු බලපත්‍ර තුන අවලංගු කරනවා කියලා, ඇප මුදල් පවරා ගන්නවා කියලා ඉතුරු මුදල් නොගෙවපු නිසා.
ඉතුරු මුදල් ගෙවීම සඳහා වන අවශ්‍යතා මම පැහැදිලිව දැම්මා ලියුම් වල. දැනටත් ලක්ෂ ගානක් වියදම් කරලා තියෙද්දි මිලියන ගණන් වලින් වියදම් කරන්න බෑ ලිඛිත එකඟතා නැතුව.
ඊට වැඩිය හොඳයි ගඟේ මුහුදේ දැම්මා කියලා වෙච්ච ගණන් අමතක කරලා ඉන්නව. ඇදගෙන නාන්න බෑ!
ඔන්න ඕකයි අතින් කාලා හරක් බලනවා වගේ ලංකාවේ පොදු ප්‍රවාහනය ගෝලීය තත්වයට ගේන්න උත්සාහ කරපු විදුලි AC බස් ව්‍යාපෘතියේ දැන් තත්ත්වය.
@ Ian
ReplyDeleteලංකාවේ නව පරම්පරාව මේ නවීන විෂයන් ඔස්සේ සිසුන් පුහුණු කරන්න නිකම්ම තවත් අලුත් විෂයක් විදියට AI ඉස්කෝලෙට දාලා විතරක් මදි. ලංකාවේ මුළු අධ්‍යාපන ක්‍රමයම නිවැරදිව 'Update' වෙන්න ඕන කාලේ හරි. මම දකින විදියට මේ දේවල් ටික අනිවාර්යයෙන්ම වෙන්න ඕන.
කටපාඩම් ක්‍රමය අයින්කරන්න ඕනේ මොකද මේ AI යොදාගෙන අපිට ඕනම තොරතුරක් තත්පරෙන් හොයාගන්න පුළුවන් කාලෙක, ළමයින්ට තොරතුරු කටපාඩම් කරවන එකේ කිසිම තේරුමක් නෑ. ඒ වෙනුවට තියෙන තොරතුරු පාවිච්චි කරලා අලුත් දේවල් හිතන්නයි, ප්‍රශ්න විසඳන්නයි (Problem Solving) ළමයින්ව පුරුදු කරන්න ඕන.
පොඩි කාලෙ ඉඳන්ම 'Logic' උගන්වන්න ඕන, මෙතනදි කෝඩිං (Coding) කියන එකම නෙවෙයි මේ කියන්නේ. යමක් දිහා තර්කානුකූලව බලන හැටි, දත්ත (Data) එක්ක වැඩ කරන හැටි ප්‍රාථමික පන්තිවල ඉඳන්ම සෙල්ලම් කරන ගමන් උගන්නන්න ඕන. එතකොට තාක්ෂණය එයාලට අමුතු දෙයක් වෙන්නේ නෑ.
දැනට ලංකාවේ සිටින යල්පිනූ අදක්ෂම පිරිසක් වන පාසල් ගුරුවරුන්ව සවිබල ගැන්වීම "ළමයින්ට කලින්, ගුරුවරුන්ට මේ තාක්ෂණය ගැන තියෙන බය නැති කරන්න ඕන. AI මෙවලම් පාවිච්චි කරලා උගන්නන දේ ලේසි කරගන්න හැටි ගුරුවරුන්ට කියලා දෙන්න ඕන.
මනුස්සකම සහ ආචාර ධර්ම (Ethics) ගැන ඉගැන්වීම, ඇත්තට මේක තමයි වැදගත්ම දේ. AI එකක් හදන්න ලේසියි, ඒත් ඒකෙන් වැඩක් ගන්නකොට සමාජයට වෙන බලපෑම, හොඳ නරක ගැන හිතන හැටි ළමයින්ට කියලා දෙන්න ඕන. නැත්නම් අපි අනාගතේට බිහි කරන්නේ තාක්ෂණය දන්න ඒත් හදවතක් නැති පිරිසක්.
කෙටියෙන්ම කියනවා නම්: "අපේ ඉලක්කය වෙන්න ඕන 'රොබෝලා වගේ වැඩ කරන ළමයි' හදන එක නෙවෙයි, 'රොබෝලව පාලනය කරන්න පුළුවන් බුද්ධිමත් දරුවෝ' හදන එකයි.
මේකට අදාලව මම ලංකාවේ අලුත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කතාකරපු අගමැතිනි හරිනි අමරසූරියගේ ටීවී වැඩසටහන සම්පූර්ණයෙන්ම බැලුවා.
මට ඒකෙන් පැහැදිලිවම පෙනුනා හරිනි අමරසූරිය කිසි ලෙසකින්වත් මේ රටේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වගේ දැවැන්ත ව්‍යාපෘතියක් කලහැකි ගැඹුරු අවබෝධයක් ඇති කෙනෙක් නෙවෙයි කියන දේ
ඇය ඉතාම සරල මතුපිට දැනුමක් පමණක් සහිත, මේ ප්‍රමාණයේ ගැඹුරු වගකීමක් මොනම ආකාරයට හෝ කලමනාකරණය කරගැනීමට තරම් අවබෝධයක් නැති හිස් භාජනයක්. (An Empty Vessel).
වැඩසටහන පුරාම, ඇයට මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල අපේක්ෂිත අරමුණු හෝ ඉලක්ක ගැන පැහැදිලී කිරීමට තරම් වත් ප්‍රමාණික දැනුමක් හෝ අවබෝධයක් නෑ.
ඇය කතාකරන්නෙ පුද්ගලයන්, ප්‍රින්ටින් මිස්ටේක් ගැන, ඇයගෙ කාන්තා විමුක්තියක් ගැන පමණයි.කිසිම තැනක ඇයට මේ සමස්ත ප්‍රොජෙක්ට් එක ගැන පැතිරුණු පැහැදිලි අදහසක් තියා අඩුතරමේ සරල අවබෝධයක් වත් ඇති බව පේන්නෙ නෑ. ඒක රටක් වශයෙන් ඉතාම කනගාටුදායක තත්වයක්.
දේශපාලනය සම්බන්ධ කිසිම දෙයක් ලියන්නෙ නෑ කියල හිටියත්, මේක දැක්කම යමක් නොලියා ඉන්න බැරි උනා.
මෙයාල රෙෆරන්ස් එකට ගන්න ෆින්ලන්ඩ් සිස්ටම් එකත් සාර්ථක ප්‍රථිපල අත්කරගෙන නෑ. නිකං ඔතෑනි, කම්මැලි කැඳයො හදල මිසක්, තමන්ගෙ රටේ කී ඉන්ඩස්ට්‍රි ටිකේ වෘත්තිකයො ටිකවත් හදාගන්න පිං-ලන්තෙට මේ වෙනකොට බැරිවෙලා තියනවා.
විභාග, තරඟ අධ්‍යාපන පද්ධතියකට අත්‍යවශ්‍යයි. ඒ තරඟ වලින් තමයි දක්ෂයො බිහිවෙන්නෙ.
ඒ නිසා, අසාර්ථක පින්ලන්තෙ දෙස නෙවෙයි, චීනය,හොංකොං, තායිවානය, දකුනු කොරියාව සහ ජපානය වගේ දියුණු ආසියාතික රටවල් දෙසට හැරෙන්න ඕනේ.
කොහෙටවත් හැරෙන්නම බැරිනම්, මේක තිබ්බ තැනවත් ඉතුරු කරල යන්න ප්ලීස්. 🙏
වැඩසටහන් ලින්ක් එක තියනවා... මේක බලන්න
https://youtu.be/mVuiYlcAHa4?si=9Rl-LKUFSTp9EUu9
එකඟයි AGI ඒත් වලින් වෙන වෙනසට මුහුණ දීමට අධ්‍යාපනය ඇතුලත් කිරීමෙන් විතරක් කරන්න බැහැ.
Deleteඉයන්, මේ දවස්වල ලංකාවේ නැගල යන්නේ ඒ අයි නෙමේ අර පච කොටාගේ බ්රෑන්ඩඩ් සපත්තු දෙක, කිරිල්ලවල තෝමස් අයියා මහල තෑගි දීපුවා කියලා මාලිමා ඩෝබි මීගව හැත්ත හොඳම එකෙන් අන්දලා ඒ අමු මීහරක් රැවටිලා නෙමෙයි ඒක 1000%ක් ඇත්ත කියලා විස්වාස කරගෙන තප්පු ලන්නේ හරිම වීනෝදයි 😅🤣😂
ReplyDeleteලංකාවේ හැටියට නම් හොඳ සපත්තු TonyPelle එකෙන් ගන්න හොයලා බලන්න
මේ පචකොට ගෝතයා මොකක් ඇන්දන් මොන සපත්තුව දැම්මත් කිව්ව බොරු ආයෙ රිවර්ස් කරන්නවත් ඉස්සරහට බොරු කියන එකවත් නතර කරන්නවත් බෑ නෙ 😄
පච කොටා දාගෙන ඉන්නෙ Julius Marlow - Scribble Lace Up Shoe දෙකක්.
ඔහු අදින දේවල් වලට වඩා කලාපයේ, සහ ලෝකේ වෙන දේවල් සහ ඒවාව්යින් රටට වන වෙනස්කම් සහ ඒවාට මුහුණ දීමට බුද්ධියක් හෝ හැකියාවක් ඇති අය රජයේ නොවීම නිසා නම් රට නැවත ගොඩ නොයෙන ගමනක් යන බව නම් පේනවා.
Deleteලංකාවේ කෘත්‍රිම බුද්ධිය සම්බන්ධව අධ්‍යාපනය ලබාදීම සහ රජයේ කෘත්‍රිම බුද්ධි වැඩසටහන් දියත් කිරීමට උපරිම වශයෙන් රුපියල් බිලියන එකක් නැත්නම් කෝටි සීයක් විතර තිබුණා නම් ඇති බවයි මගේ ඇස්තමේන්තුව.
ReplyDeleteමේ ගැන ඉයන් හිතන්නේ කුමක්ද?
මේ මුදල හොයාගන්න ලේසියෙන්ම පුළුවන් බවත් කියන්න ඕන
ඉයන්ට මතකද මීට මාස කිහිපයකට පෙර මාලිමාවට රෙදි නැතුව කඩේ යන මාලිමා ඩෝබි හැතිකරය සමාජ මාධ්‍ය ජාල වල හැමතැනම උඩුබිරුවා මැදමුලන හොර රැලේ කණකපුල්ලේ වෙච්ච අජිත් කබරරාලයා අනිවාර්යයෙන්ම මාස තුනක් ඇතුලත කෝටි 186 ක් ගෙවනවා කියලා ග්‍රීක බැඳුම්කර ආයෝජනය අසාර්ථක වීමට දඬුවමක් ලෙස?
දැන් මාස තුනේ කෑලිත් නෑ කබරයා පුල් සැපේ පොර ටෝක්ස් දෙනවා මාධ්‍ය වලට ඇවිල්ලා, ඕන්න ඔය සල්ලි එකතු කරා නම් ආණ්ඩුවට ලේසියෙන්ම ඔය වැඩේ කරන්න පුළුවන් 😄
ඇත්තටම ගැන අධ්‍යාපන දීමෙන් පමණක් වලින් වෙන වෙනස මැනේජ් කරන්න බැරිවෙනවා. එතනයි ප්‍රශ්ණය. අද රටේ වෙන දේවල් ගැන නම් කථා කරල වැඩක් නැහැ. තමිල්නාඩුවේ වෙන වෙනස්කම් ගැන කියවල් බලන්න. පහුගිය සුමානේ ඉන්දියාව යුරෝපය සමඟ නිදහස් වෙලඳ ගිවිසුමක් අත්සන් කලා. ඒකෙන් ලංකාවේ යුරෝපයට යන අපනයන විශාල ලෙස අඩුවෙනවා. ඒ ගැනත් කවුරුවත් හිතන්නෙත් නැහැ කථා කරන්නෙත් නැහැ.
Deleteමේ උගත් ආචාර්යවරයා කියල තියන හැමදේටම මගේ එකඟ වෙන්න පුළුවන්.
ReplyDeleteවිශේෂයෙන් අන්තිම ඡේදය හරියටම හරි
ඔවු ඒක ඇත්ත, මමත් මේ කෙනා කියල තියෙන සේරම දේවල් එක්ක එකඟ වෙනවා. හොඳම නිරීක්ෂණයක් කියලා කියන්න පුලුවන්.
DeleteThank you Mayya & Nimesh
Delete