හොරකම් නැවැත්වීම සහ නීති විරෝධී වෙනත් කටයුතු තුරන් කිරීම නව පාලනයේ ප්‍රධාන පරමාර්ථයක් බව පුන පුනා කියනු අසන්නට ලැබෙයි. ඒවා වචන වලට සීමා නොකර ප්‍රායෝගිකව කල හැකි එක් ආකාරයක් තිබේ. එනම් රු 5,000 නෝට්ටු අවලංගු කොට නව නෝට්ටු නිකුත් කිරීමයි. 2015 පත් වූ යහපාලන රයට මෙය කරන ලෙස සමහර අය උපදෙස් දුන්නද එය ක්‍රියාත්මක නොවිනි. එයට හේතුව ලෙස මා දකින්නේ එවකට ඇමති දුර දැරූ කිහිපදෙනෙක් සතුවද බදු නෙගෙවූ මුදල් තිබූ නිසා ලෙසයි.
නව පාලනය එසේ මුදල් පොට්ටනි ගසා නැති බව ඔප්පු කිරීමටත් මෙය හොඳ අවස්ථාවකි. එනෙම්න්ම දේශපාලනයේ සිටි සහ එසේ නොමැතිව අත යට මුදල් සොයන්නන් සහ නීති විරෝධී කර්මාන්ත වලින් මුදල් සොයන්නන් බොහෝ විට එම මුදල් නෝට්ටු වලින් ගොඩ ගසා ගෙන සිටිනවා විය හැකිය.සමහර අයනම් ඒවා විදේශ මුදල් වලට හරවාගෙන හවාලා ක්‍රමයෙන් පිට කරත්, බොහෝ දෙනෙක් නෝට්ටු ලෙස ගබඩා කරගෙන සිටින බව මගේ මතයයි.
සාමාන්‍යයෙන් එලෙස මුදල් නෝට්ටු අවලංගු කරන්නේ නව නෝට්ටු මුද්‍රණය කර සූදානම් කරගත් පසුවයි. එය බොහෝ විට ලීක් වීමට ඉඩ ඇති නිසා මගේ අදහස නම් රු 5,000 නෝට්ටු අවලංගු කර ඒවා වෙනුවට බැංකු මඟින් රු 1,000 නෝට්ටු ලබා දීමයි. අවලංගු කිරීම නිවේදනය කල පසුව නව රු 5,000 නෝට්ටු මුද්‍රණය කල හැක.
මීට කලින් ලංකාවේ රු 100 සහ රු 50 (එවකට විශාලතම වටිනාකම තිබූ නෝට්ටු ) අවලංගු කිරීමක් 1970 ගණන් වල මුදල් ඇමති එන් එම් පෙරේරා විසින් ක්‍රියාත්මක කරන ලදී. මෙවන් අවස්ථාවල විශාල ලෙස මුදල් හංගා ගෙන සිටින අය කරන්නේ අන් පුද්ගලයින් විශාල පිරිසක් හරහා එම මුදල් එක්වරකට සුළු ප්‍රමාණ වලින් බැංකු වලින් මාරු කර එම අයගේ ශ්රමයට ගෙවීමයි. එය තරමක් හෝ අඩුකර ගැනීමට ඉන්ධන බෙදා හැරීමට උපයෝගී කරගත් QR කෝඩ් ක්‍රමය යොදාගත හැකිය. එක් අයකුට ලබා දෙන කෝඩ් එකකට රුපියල් 10,000 ක් පමණක් මාරු කර ගැනීමට සීමා කල හැක.
නිසියාකාරව බදු ගෙවන පුද්ගලයින් සහ සමාගම් ගනු දෙනු කරන්නේ චෙක් පත් හෝ ඔන්ලයින් ක්රමයටය. එම නිසා එම කාර්යයන්ට මෙසේ අවලංගු කිරීමෙන් කරදරයක් නොවේ. එමෙන්ම රජයේ විශ්‍රාම වැටුප් සහ වෙනත් සහනාධාර ගෙවීම් බැංකු ගිණුම් හරහා සිදුවන බව මගේ මතයයි. ඔවුන් සඳහා මුදල් මාරු කරගැනීම මසක ගෙවීමේ ප්‍රමාණයට සීමා කල හැක.
මෙමඟින් මහජනයාට අපහසුතාවලට මුහුණ දීමට සිදුවන බවට සැකයක් නැත. එහෙත් එසේ කිරීමට හේතුව මහජනයාට පැහැදිලි කලහොත් එමඟින් සිදුවිය හැකි ආණ්ඩුව පිලිබඳ අප්‍රසාදය අඩු කර ගත හැකි වනු ඇත. එමෙන්ම ආර්ථීකය තාවකාලික සංකෝචනය වීමක්ද මෙමඟින් සිදුවිය හැක.
නව පාලනය මෙය වහාම නොකරන්නේ නම් එයින් පෙනෙන්නේ ඔවුන් සමහරක් ලඟත් එවන් ප්‍රකාශ නොකරන ලද මුදල් තිබෙන බවයි.
මහත්තයා වැඩක් නැත්තං පුකේ ඇගිල්ල ගහලා සුවඳ බලන්න.
ReplyDeleteකරමය හොඳයි. ඊට කලියෙන් ඉන්තේරුවෙන්ම දැනං ඉන්ට ඕනෑ එච්චර විසාල මුදලක් අපේ උන්දලා පොදී ගහන් ඉන්නවාද කියල. සහ නැවත මුදල් අච්චු ගහන එකෙයි එහි ප්රතිඵලයෙයි විසාල සුගතියක් තියෙද කියල.
ReplyDeleteමොකද දැන් ඉස්සර වාගෙ මුදල් කොළ විදිහටම තියාගෙන ඉන්නව අඩුයි නෙ. නව විදි ඒවාට ආදේස වෙලා කියලයි හිතෙන්නෙ.
රචනී සූර්යයා රජයට දිව දාලා පුටුව ඇරෙන්නා සමන් විතරද
ReplyDeleteමම නම් හිතන්නේ මේක ප්‍රායෝගික නෑ කියල මොකද ඔය කියන බදු නොගෙවන බොහෝ දෙනෙක් මෙවර ජාතික ජන බලවේගය මාලිමාවට විශාල ලෙස මුදල් වැය කර කාර්යාල දාගෙන එම පක්ෂය දිනවීමට විශාල ලෙස උපකාර කරලා තියෙනවා. ඒ අයම මීට වසර දෙකකට පමණ පෙර අරගලයටත් උදව් උපකාර කළා ගෝල්ෆේස් එකට, ඒ වගේම භීට වසර පහකට පමණ පෙර සිට රාජපක්ෂ රෙජීමය බලයට පත් කරන්නට ඔවුන් විශාල ලෙස මුදල් වැය කර උපකාර කළා. ඊටත් පෙර ඔවුන් අපද එවකට සහාය ලබාදුන් රනිල් වික්‍රමසිංහ සහ මෛත්‍රීපාල සිරිසේන යහපාලන රජයට විශාල ලෙස ආධාර උපකාර කළා. බොහෝ දුරට මුදල් පොලියට දෙන අය තොග සහ සිල්ලර වෙළඳාම ටියුෂන් පන්ති කරන අය වැනි විශාල පිරිසක් මේ කෑෂ් වියදම් කරන අතර එමගින් ඉඩම් ගෙවල් වාහන වගේ දේවල්වලට ආයෝජනය කරලා තියෙනවා, ඔවුන්ගෙන් යම් පමණක පිරිසක් මෙවර සජිත් ප්‍රේමදාස සහ රනිල් වික්‍රමසිංහ මමහත්වරුන්ට ජනාධිපතිවරණයේදී උපකාර කළත් එයිනුත් බොහෝ දෙනෙක් දැන් මාලිමාවට සහාය දක්වන්න පටන් අරගෙන ඒ නිසා ඒ අයට විරුද්ධව මේ වගේ වැඩ කළොත් ආණ්ඩුව පෙරළීමට ආයේ වතාවක් අරගලයක් ඇතිකරන්නට ඉඩ තියෙන නීසා මම හිතන්නේ මේක නොකර දැනට කරන විදියටම PAYE ටැක්ස් එක පමණක් කපාගන්න සහ හැකිනම් PAYE ටැක්ස් එක ටිකක් විතර අඩුකරලා රජයේ වියදම් දැඩිලෙස සීමාකර රජයේ සේවකයන්ට වැටුප් වැඩිකිරීම සහ විශාල ලෙස රජයේ විශ්‍රාමික අයගේ විශ්‍රාම වැටුප වැඩිකිරීම අනිවාර්යයෙන්ම කළයුතුයි. රජයේ සේවකයන් මේ ආණ්ඩුවෙන් එය දැඩි ලෙස බලාපොරොත්තු වෙනවා
ReplyDeleteඒ වගේම රජයේ විශ්ව විද්‍යාල වලින් පීටවු 60,000 කට අධික කලා වාණිජ්‍ය ආදී අංශ වල රැකියා විරහිත උපාධිධාරීන්ට රජයේ ආයතනවල නව රැකියා ලබාදීම පොහොසත් රටක් ලස්සන ජීවිතයක් කියන ජාතික ජන බලවේගයේ රජයේ මැතිවරණ ප්රචාරක ව්‍යාපාරයේ මූලික පොරොන්දුව ඉටු කරන්න ඕනේ අනිවාර්යයෙන්ම, ඒක ඒ අය දැඩිලෙස බලාපොරොත්තු වෙනවා, ලබන අයවැය ලේඛනය තුලින්, ඊළඟට රනිල් වික්‍රමසිංහ විසින් පෞද්ගලීකරණය කිරීමට පියවර ගෙන තිබෙන රාජ්‍ය ආයතන නැවත රඳවාගෙන ඒවා දියුණු කිරීමට සහ නව සේවකයන් බඳවාගෙන ඒවා වැඩිදියුණු කිරීමට අවශ්‍ය පියවර ගත යුතුයි, අවශ්‍ය නම් චීනය රුසියාව වැනි රටවලින් සහන ණය ආධාර ලබැගැනීමට හැකි වෙයි, චීනය දැනටමත් නව ජාතික ජන බලවේග රජයට ඩොලර් මිලියන 552ක පමණ සහන පොලී ණය ආධාර ලබාදීමට තීරණය කරලා තියෙනවා අලුතින්ම නිවාස සංවර්ධන වර්ධන ව්‍යාපෘතිවලට, ඒ වගේ විදේශ සහ දේශීය ණය ලබාගෙන රාජ්‍ය සේවය තවත් පුළුල් කිරීමට පියවර ගත යුතුව ඇත.
හංගන්නට තරම් මුදලක් නැති හින්දා
ReplyDeleteකමෙන්ටුවට මොනව ලියන්නද මන්දා
බේබදු නිමල්
DeleteHmmmm
ReplyDeleteඑහෙම රුපියල් හංගගෙන ඉන්න අය ඉන්නවද ඇත්තටම ? වැඩක් නැහැනේ රුපියල් බාල්දු වෙන නිසා . මිනිස්සු ඩොලර් තමා අරගෙන තිය අගන්නේ නේද
ReplyDeleteපොන්න තට්ටයා කොටා මිට්ටා අනුර කුමාර රෙද්දී කට ඇල්ලං ඉඳපන් වේසික පුතා
Deleteරුපියල් පන්දාහක් තිබ්බා නං භාගයක් ගහනවා
ReplyDeleteඕවා යල් පැනපු ක්‍රමවේද. ඊට වඩා සාර්ථකයි සමස්ථ ආර්ථික කටයුතු ඩිජිටල් කරණය කිරීම. අමාරුයි. ඒත් පුළුවන්.
ReplyDeleteඉයන්,
ReplyDeleteඔයාගේ අදහස හොඳයි ඒත් ඉයන් ඔය වගේ ටිකක් controversial වැඩ කරන්න කලින් සාමාන්‍ය එදිනෙදා පුනරාවර්තන වැඩ ටික කරගෙන ලංකාවේ ආර්ථිකය සහ රජය කළමණාකරණය කරන එකත් හරිම බරපතල ලෙස අමාරුවේ වැටෙන තැනකට මේවන විට මාලිමාවේ නව රජය පත්වෙලා තියෙන හැටියට ඔය වගේ වැඩ කරන්න ගියොත් නන්දසේන පෝර තහනම කරන්න ගියාටත් වඩා ලොකු ප්‍රශ්නයක් වේවි
මොකද ඇත්තටම වසර 30ක පමණ කුරිරු යුද්ධයක් එක්ක තමයි මැදමුලන නාකි මයිනා මහින්ද වැඩ පටන් ගන්නේ. ඒ වෙනකොටත් හිටපු ජනාධිපති වරු කීපදෙනෙක් යුද්ධය ඉවර කරන්න හරි දේශපාලනමය නායකත්වයක් දීලා තිබුනේ නැ.උතුරේ කොටි ප්‍රබල ත්‍රස්ත කන්ඩායමක් වෙලා තිබුනේ.(1989-93 කාලේ පුෂ්පෙට දකුනේ භීෂණයට මූණ දෙන්න වුනා එයාගේ කාලවකවානුවෙදි. ඒකත් මෙතනදි අමතක කරන්න බැ. හරි හෝ වැරදි සාර්ථක ප්‍රතිපල ලබාගන්න ආකාරයට පුෂ්පේ දකුනෙ භීෂණේට මූන දුන්නා)
ඉතිං ත්‍රස්ත යුද්දේ අවසන් කරන්න හැබෑ උවමනාවක් අධිශ්ඨානයක් තිබුන නායකයෙක් විදිහට නාකිමයිනා මහින්ද අනවශ්‍ය විදිහේ විවේචන යුද්ධය අරඹයා නොකරන ලෙස කියන්න ඇති. ඒකේ ඇති වැරැද්ද මොකද්ද? ඒත් ඔබම කියන විදිහට 'මාව විවේචනය කරන්න, හැබැයි යුද්ධය විවෙචනය නොකරන්න' සරලම කතාව ඒකනේ.
අද මාධ්‍ය සාකච්චා සුහද පාටියක් වුනාට එදා ගෙවුන හැම තප්පරයක්ම යුදමය තත්වයක් තිබුනේ. අද යුද්යක් නැ එදා කුරිරු යුද්ධයක් තිබුන බව අමතක කරන්න එපා.
අනික ඒ යුද්ධයට මූණ දුන්න හැම කෙනෙක්වම හෑල්ලුවට ලක් කරන්නත් එපා. මේ කිව්වේ යුද පෙරමුනේ හිටපු අයත් ඊට දෙසපාලන වශයෙන් සහය දුන්න හැමොමත් පිලිබදව.
හැබැයි කනගාටුයි මේ මෑතක දැක්කා ඒ ජීවිත විනාශ වුන යුද ජයග්‍රහනයට වඩා දේශපාලන බල හුවමාරුවක් ඉතා ඉහල බව කියලා ත්‍රස්ත යුද ජයග්‍රහනය හෑල්ලුවට ලක් කරනවා.
කිව යුතු තව වැදගත්ම කාරනය වන්නේ ත්‍රස්ත යුද්ධය යුදමය වශයෙන් අවසන් කලත් ඊලම් බෙදුම්වාදී මතවාදය තවමත් තිබිය හැකියි. ඒක දේශපාලන ව්‍යාපාර වගේම නොසිතන විදියට වෙන ආකාරයකට එන්න වුණත් බැරිම නෑ කියන එකයි මගේ මතය මොකද මතකනේ 2019 පාස්කු සිදුවීම?
ඒ නිසා පත්වන ඕනෑම රජයක් ඉතා පරිස්සමෙන් ඒ තත්වයන් වලට මූණ දිය යුතු වෙනවා, ගැලරිය චූන් නොකර... එහෙම නේද?
ඉයන් ඇත්තටම ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම ඉතාම සාර්ථකව ක්‍රියාත්මක කරලා අවසන් කරගෙන, ඒක නන්දලාල් බැංකු නන්දේ, මහින්ද සිරිවර්ධන වගේ අය ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක වැඩ කරලා සාර්ථකව ක්‍රියාත්මක කරලා තියෙනවා, මේකට දේශපාලන නායකත්වය ලබාදුන්නු මේ ක්‍රියාවලියේදි තමන්ගේ දේශපාලන අනාගතය ගැන සිතන්නේ නැතිව දැඩි තීන්දු තීරණ ගත් එජාපයේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයා, පොදුජන පෙරමුණේ ශෙහාන් සේමසිංහ සහ කාංචන විජේසේකර වැනි තරැණ ඇමතිවරැන්ගේ කාර්ය වැදගත් නැද්ද…? ලාංකීය දේශපාලනයේ මිනිස්සු යන්නෙ රැල්ලට..ඒ රැල්ලෙදි බහුතර ජනතාව විවිධ විවේචන සහ පල්හෑලි ලිව්වට තමන්ට ඇත්තටම දෙයක් කරපු දේශපාලකයන් ගැන තැකිමක් නැහැ කියල පේන්න තියෙන නිසා ඔයාවත් අඩුම ගානේ ඒ අයට අගය කිරීමක් ලියන්න පුළුවන්ද?
ReplyDelete