Thursday, February 1, 2018

ජනපති සිරිසේන මොකාටද එන්නේ?



ගොඩ දෙනෙකුට ජනපති සිරිසේනගේ මැතිවරණ කථා නිසා අළුත් දේශපාලන උණුසුමක් දැනිල. ඒකත් එක අතකින් හොඳයි. හැමදාම කථා කරන්න දෙයක් දෙනවාමයි දේශපාලන කට්ටිය.

වෙන වෙනම පක්ෂ දෙකක් ලෙස තරඟ කරන එක්සත් ජාතික පක්ෂයේ අයටත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අයටත් එක එකාට බැණ ගන්නේ නැතුව මේ මැතිවරණයට මුහුණ දෙන්න බැහැ. එකට ආණ්ඩු කරනකොට මැතිවරණයකදි ආණ්ඩුවේ වැරදි අනික් පාර්ශවයටත් හොඳ තමන්ගේ පාර්ශවයටත් දාල කථා කිරීම සාමාන්‍ය දෙයක්. මේ වගේ අවස්ථාවක් ලංකාවෙ ඇතිවුණ පලමු අවස්ථාව වුණත් වෙන රටවල මේදේ වෙලා තියෙනවා. 

2015 මැතිවරණෙදි හිටපු ජනාධිපතිගෙ පැත්තට ඡන්දෙ දුන්න අය ආයිමත් වෙන පැත්තකට හැරෙන්න තියෙන ඉඩ ප්‍රමාණය නම් අඩුයි. එකම වෙනස ඡන්ද ලක්ෂ 58 න් 47 ක් පමණයි නියම ඡන්ද. ඉතුරුවා හොර ඡන්ද. ඒකයි 2015 ජනවාරි ඉඳන් 2015 අගෝස්තු වෙනකොට ලක්ශ 11 කින් ඡන්ද අඩුවුණේ. ඊට පස්සේ ජන්ද අයිතිය ලැබුණු අයගෙන් මේ ගණන් එහා මෙහා වෙන්න පුළුවන්.  

සිරිසේන මහත්මයා දන්නවා ඒ ලක්ෂ 47 කවදාවත් එයාගෙ පැත්තට වැටෙන්නේ නැහැ කියලා.  ඒත් එයාට ශ්‍රිලනිප ආණ්ඩුවක් හදන්න පුළුවන් වගේ කථා කියලා ඒවයින් ටිකක් එයිද කියලා බලනවා. ඒක වෙන්නේ නැත්තේ ඒ අය ශ්‍රීලනිප අය නොව තනිකර රාජපක්ෂ වාදීන් නිසා. ඒක ගැන හැඟීමක් තියෙන සිරිසේන මහත්මයා උත්සාහ කරනවා යහපාලන ගොඩට වැටුණු ඡන්ද වලින් කොටසක් කඩා ගන්නා. ඒකයි එජාපය විවේචනය කරන්නේ. එතන තිබ්බ එජාප ඡන්දවත්, ජවිපෙ ඡන්දවත්, ටී.එන්.ඒ. ඡන්දවත් සිරිසේන මහත්තයා පැත්තට හැරෙයිද? මට නම් සැක සහිතයි. 

මාතලන් මහත්මයා නම් ජවිපෙට දෙනවලු. මූණු පොතේ සමහර අයත් එහෙම කියනවා. එහෙම කරන්නේ මේ දෙගොල්ලන්ටම පාඩමක් උගන්නන්නලු. එතකොට අර ජී.එම්.ඕ.ඒ කුහකයන්ට එලිපිට සපෝර්ට් කරමින්, විශ්ව විද්‍යාල සිසුන් පාරට බස්සගෙන කරපු/කරන විකාරෙට සහ විනාශයට ජවිපෙට පාඩමක් උගන්නන්න ඕන නැත්ද කියන එක තමයි මගේ ගැටළුව. 

අගමැතිතුමා කියල තියෙනවා දේශපාලන වේදිකාවෙ මොනව කිව්වත් එජාපෙ ජනපති තුමාවවත්, ජනපතිතුමා එජාපයවත් තනි නොකරන බව. ඒකම තමයි ඡන්දෙන් පස්සේ වෙන්නේ කියල තමයි මමත් හිතන්නෙ. ඡන්දෙන් පස්සේ ආණ්ඩුව චකබ්ලාස් වෙනකන් බලාගෙන ඉන්න අයට තව ටිකක් බලාගෙන ඉන්න වෙන පාටයි.

කොහොමත් කාටද ඡන්දෙ දානෙ කියල හිතන්න ඕන ප්‍රශ්ණය මෙතෙක් මට ඇවිල්ල නැහැ. ඒ තවමත් මගේ ඡන්දය දීමට සුදුසු එකම පක්ෂය එ.ජා.පෙ නිසා.   

මේ මැතිවරණය නම් අළුත් අත්දැකීමක්. ඒක නිසා පෙබරවාරි 11 තමයි කාගේ උපක්‍රමද සාර්ථක කියල දැන ගන්න පුළුවන්. 


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

43 comments:

  1.  පෙබරවාරි 11 තමයි කාගේ උපක්‍රමද සාර්ථක කියල දැන ගන්න පුළුවන්. 

    ReplyDelete
    Replies
    1. ඔව් චෙෆාකි එදාට තමයි.

      Delete
  2. ඇත්තටම මම තවම හිතලා නැහැ බන් කාටද ඩෙන්නෙ කියලා..අපෙ පැත්ත්ට ඉල්ලන්නෙ කවුද කියලා දන්නෙත් නැහැ............

    ReplyDelete
    Replies
    1. සඳූට ඡන්දෙ දීපන්. මතක ඇතුව කොපුවක් දාගෙන

      Delete
  3. වෙන්නේ මේකයි උතුරු නැගෙනහිර හැර අනිකුත් සියලුම පළාත් පාලන ආයතනවල කොට්ඨාශ වලින් 85% එජාපෙ ඉතිරි 15% 10% පොහොට්ටුවෝ 5% කඩු සිරිසේන ,සමානුපාතික චංදය වලට වෙන්කර ඇති 40% 50 % unp 30 පොහොට්ටෝ 15 % කඩු සිරා 5% ජවිපෙ

    ReplyDelete
    Replies
    1. ස්තූතියි ධම්මික. එහෙම වෙනවනම් මම කැමතියි. ඒ වුණාට පොහොට්ටුව ඔබ කියනවට වඩා ආසන ගාණක් දිනන බව තමයි මගේ අනුමානය.

      Delete
  4. චන්දෙන් පස්සෙත් හිටං තුමා එයාගේ අවංක කම, දේශපාලන පිවිතුරු බව ගැන කතා කරවී නේද? සුනාමි, නාය යම් ගැන වැඩි අවධානයකින් ඉන්ට වෙනවා, මහීකාන්තාවට හිනාගියොත් හෙම කියල. හදිසියෙවත් රනිල් හොස්ගාල වල කජ්ජගහුවොත් ලංකාවට මක්ක වෙයිද? මෙතුවකට කොට්ටේඋඩ ඉඳපු උන් ඔක්කොමල කූඩල්ලෝ නේ.

    උඩුවා ගේ පොස්ට් එක වඩා යථාර්තවාදී කියලයි හිතෙන්නේ, http://uduwaage.blogspot.com/2018/01/blog-post_31.html

    ReplyDelete
    Replies
    1. ඔව් ඇණයා. උඩුවාගේ පෝස්ට් එකත් කියෙව්වා. ඡන්දෙකදි කියා ගන්න දේවල් අනුව අනාගතය මනින්න බැහැ කියන්න ඕන තරම් උදාහරණ තියෙනවා.

      Delete
  5. එජාපයට බලය ලැබෙනවා..

    ඒක ෂුවර් නිසා මාතලන් ජෙප්පන්ට කඩේ යනවා... මොකෝ ඔක්කෝම එක වල්ලේ පොල් නිසාත්.. ජෙප්පන්ගේ කඩේ බඩු ටිකක් හොඳ නිසාත්...

    ReplyDelete
    Replies
    1. ජෙප්පොන්ගේ කඩේ බඩු හොඳ වෙන්ඩ උන්ට කඩයක් තියෙන්න එපායැ.
      උන්ගේ කතාව නං සුපර් මාකට් ලෙවල් එකෙන් අඩුම ගානේ ඇල්ල කඩයක්වත් නොකරපු එවුං.
      බන්දුල ගුනවර්දන ආර්ථිකේ ගැන කොච්චර ඉගැන්නුවත් පොර ටෝක් දුන්නත් කෝ උගේ අර බෝල් පොයින්ට් පෑන් කොම්පැනිය?
      ජෙප්පොත් ඒකෙ අනිත් පැත්ත. කයිය පටින්

      Delete
    2. බොහොම ස්තූතියි මාතලන් සහ කැළුම්.

      Delete
  6. ඉයන්...මම ජවිපෙට සහයෝගය දෙන්නේ අපිට ගමක් ඕන නිසා. ගම සහ නගරය ජවිපෙට දෙමු. ඊට පස්සේ මේ බලන් හිටියා වගේ ආපහු බලන් ඉමු. ඒක වෙන කතාවක්. නොදන්න එවුන්ට රටම දීලා බලන් ඉන්නෙත් අපිම නේද...අවුරුදු හැත්තැවක දේශපාලන හිස් ස්ටෝරියක් අපි දන්නවනේ

    ReplyDelete
    Replies
    1. //මම ජවිපෙට සහයෝගය දෙන්නේ අපිට ගමක් ඕන නිසා. ගම සහ නගරය ජවිපෙට දෙමු.//

      ඔබට මතකද ගමත් නගරයත් අපි ඔවුන්ට දුන්න ඔවුන් ඇමතිවරුන් උනා මතකද ඔවුන් කිව්වා වැව් 10000 ප්‍රතිසංස්කරණය කරන බව ප්‍රතිසංස්කරණය කල එක වැවක් ඔබට මතකද ?

      Delete
    2. අරුණ. මටනම් කවදාවත් ජවිපෙට ඡන්දෙ දෙන්න බැහැ. හේතුව මෙතන ලියා ඇති.

      Delete
    3. මමත් ජෙ වි පි එකටනම් දෙන්නෙ නැහැ

      Delete
  7. ඉයන්,

    මමනම් හිතන්නේ නෑ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අති බහුතරය සිරිසේනට චන්දයේ දෙයි කියල. එක්සත් ජාතික පක්ෂයේ පාරම්පරික කිසිවෙක් ඔහුට චන්දය නොදෙනු ඇති, මෙදාපාර යහපාලනය වෙනුවෙන් ලැබුණ තරුණ චන්ද ටිකත් ඔහුට ලැබෙන්නේ නෑ මොකද ඔහු කරපු රැවටීම තරුනයෙන් දන්නා නිසා.

    දැන් මම මගේ තර්කය පෙන්වන්නම් ඊට ඉස්සෙල්ල ඔබේ තර්කය ගැන පොඩ්ඩක් බලමු.

    //කොහොමත් කාටද ඡන්දෙ දානෙ කියල හිතන්න ඕන ප්‍රශ්ණය මෙතෙක් මට ඇවිල්ල නැහැ. ඒ තවමත් මගේ ඡන්දය දීමට සුදුසු එකම පක්ෂය එ.ජා.පෙ නිසා. //

    ඇයි එක්සත් ජාතික පක්ෂය වඩා සුදුසු ? ලලිත් ඇතුලත්මුදලි , ගාමිණී දිසානායක හෝ රණසිංහ ප්‍රේමදාස වැනි නායකයන් සතු නිර්මානසිලිත්වය පවතින නායක රනිල් වික්‍රමසින්හට තියන නිසාද ? මට කියන්න ඔහු රටේ ආර්ථික වර්දනය සදහා ලගදි කරපු වැඩක්.

    එක්සත් ජාතික පක්ෂය නවීන තක්ෂණය ජනතාව බලගන්වන පක්ෂය කියනවනම් අඩුගානේ මේ රජයට පුළුවන් උනාද විද්‍යුත් වානිජ්‍ය වේගවත් කිරීමට Payment Gateway එකෙක් හදුන්වා දෙන්න රටේ අපනයන කරුවන්ට, අද වෙනවිට වාණිජ බැංකු සතුව තියන Payment Gateway පාවිච්චියට වසරකට රුපියල් 60000 වැනි මුදලක් ගෙවන්න වෙනවා අදාළ ආයතනය ලාබ ලැබුවත් නැතත් ඇමරිකාවේ PAYPAL මේ පහසුකම සලසන්නේ කිසිම මුදලක් අයකරන්නේ නැතුව ඔවුන් මේ පහසුකම දෙන්නේ සිදුවන සෑම ගනුදෙනුවකින්ම 2.5% ක කොමිස් මුදලක් සහිතව ශ්‍රී ලංකාවේ බැංකු මේ පහසුකම දෙනවට වාර්ෂිකව රුපියල් 60000 සහ සිදුවන සෑම ගනුදෙනුවකින්ම 3% කොමිස් මුදලක් දෙන්න වෙනවා.

    එක්සත් ජාතික පක්ෂ රජයට හර්ෂ සිල්වා වැනි අය සිටියදී හරීන් වැනි කෙනෙකුට ඩිජිටල් අමාත්‍යංශයක් දීල කලේ මොනවද (හරීන්ම කියල තිබුන ඔහු ඩිජිටල් කියන වචනයේ තේරුම වත් නොදැන සිටි බව ) බුද්ධික පතිරණ වැනි යම් හෝ වැඩක් කරන මිනිසුන් කුනුමුල්ලට විසිකරලා ඔහු කලේ මොනාද ?

    රටට කිසිම වැඩක් නොකර රුපියල් බිලියන ගණනක බැදුම්කර වංචාවක් තමයි කරලා තියන්නේ.

    බලයට පත්වන්න පෙර මහින්ද අධිවේගී මාර්ග වලින් ගසා කෑ බව කිව්වා මෙය ඔප්පු කිරීමට තක්ෂණික විගණනයක් උවමනා බව කුත් කිව්වා මතකද ? අඩුගානේ මෙහෙම විගණනයක් පටන්ගත්තද ? නෑ නේද ? අවසානයේ අද මද්යම අදිවේගී මාර්ගය සාදන මුදල මහින්දට ගිය මුදල් වලට වඩා වැඩිබව නේද කියන්නේ ?


    මෙහිදී 2008 සිට 2014 වැනි කාල පරිච්ච්වේදයේ දක්ෂිණ අධිවේගය සමග රටේ සියලුම වගේ පාරවල් සංවර්දනය කරනවා නමුත් 2015 සිට 2018 වන විට තමයි රාජගිරිය ගුවන් පාලම ඉවර කරන්නේ, රනිල් දක්ෂිණ අධිවේගය හැදුවනම් අවුරුදු 20ක් පමණ ගත වෙයි.

    මෙහිදී රනිල් කියන්නෙත් මහින්ද වගේම දුෂිතයෙක් එකම වෙනස ඔහු මේ දුෂණ කරන්නේ මහින්ද දුෂණ කරන අතර ඉතුරු කරපු යටිතල පහසුකම් තිබුනත් රනිල් ගේ දුෂණ වලින් ජනතාවට කිසිවක්ම ලැබුනේ නෑ.

    නිකන් හිතන්න සබිතගේ හිස් බිල්ඩිමට මසකට ලක්ෂ 200 ක් ගෙවද්දී රටේ මිනිසුන්ට ලැබුනේ මොනාද ඉයන් ?

    දැන් මගේ තර්කයට එන්නම්.

    අපි කැමති උනත් නැතත් 2020 වනතුරු මේ රජය පවතිනවා,

    හිතන්න ජනතා විමුක්ති පෙරමුණට බලය ලැබෙනවා කියල ඔවුන් මයිත්‍රී පාලට පීඩනයක් වෙයිද ? නෑ නේද ?
    රනිල්ගේ එක්සත් ජාතික පක්ෂය බලයට ආවොත් මේ වෙන දුෂණය දිගටම මහාපරිමාණයෙන් වෙයි මොකද මයිත්‍රී පාලට පීඩනයක් එන්නේ නෑ රනිල් ගේ දුෂණ වලක්වන්න නමුත් පොහොට්ටුව බලයට ආව නම් මයිත්‍රී පාලට පීඩනයක් එනවා හරියට ගිරේට අහුවුණ පුවක වගේ රනිල්ට දුෂණ කරන්න දුන්නොත් ජනතා අප්‍රසාදය මයිත්‍රී පාලට එල්ලවෙනවා මොකද මහින්දගේ මිනිසුන් දැඩි පීඩනයක් යොදන නිසා මෙනිසා ජනතාව ඉදිරියේ යම් හෝ දෙයක් ලබාදෙන්න වෙනවා මයිත්රිට මෙතන මහින්ද තමන්ගේ පෙර දුෂණ වහගනිමට පලිහක් ලෙස මේ බලය යොදනු ඇති නමුත් ඔහුට බලය ලැබී තිබීම නිසා මයිත්‍රී සිටියයුතු වෙන්නේ දැඩි පිඩනයකින් මෙනිසා කල හැකි වංචා සිමා වෙනවා, අන්තර්ජාතිකව ශ්‍රී ලංකාවට පැනවෙන ඕනෑම අවාසි කොන්දේසියක් පිලි නොගනිමින් ඉදිරියට යන්න බලයක් ලැබෙනවා.

    මෙනිසා ගිය චන්දය යහපාලනයට දුන්න මම මේ චන්දය දෙන්නේ පොහොට්ටුවට, මෙතන මේ නායකයන් ව බෙදා පාලනය කිරීමයි කරන්න ඕනේ ජනතාව මේ ගැන බලන්න ඕනේ චෙස් ක්‍රීඩකයන් ලෙසිනුයි.

    ReplyDelete
    Replies
    1. ලංකා සිතිවිලි බොහොම ස්තූතියි. එජාපෙ පසුගිය වසර දෙක තුනේ පාලනයේ ප්‍රශ්ණ තිබෙන බව පිළිගන්නවා. එහෙත් යුද්ධය ජය ගැනීම හැරුණු විට මහින්ද ගෙනගිය පාලනය, පොහොට්ටුවේ නායකයින් වල අළුත්ගමගේ, වෙල්ගම, රත්ත්‍රං, ලඟදී ආපසු ගිය ලංසා වැන්නවුන් සහ බැසිල්, නාමල්, සිරන්ති යන්නවුන්ට වඩා මට එජාපය තවම හොඳයි. මම දකින විදිහට 2015 ජනවාරි මහින්දට එරෙහිව ඡන්දය දුන් අයෙක් එජාපයට හෝ ජවිපෙට ඡන්දය නොදුන්නත්, චන්දය කටුගානවා හැර මහින්දට දෙන්නේ නැහැ. ඔබ exception එකක් වෙන්න ඇති.

      Delete
    2. //වෙල්ගම, රත්ත්‍රං, ලඟදී ආපසු ගිය ලංසා වැන්නවුන් සහ බැසිල්, නාමල්, සිරන්ති යන්නවුන්ට වඩා මට එජාපය තවම හොඳයි//

      ඇයි ඔබ ඔය චරිත වලට ලගු කරන්නේ, එස් බි දිසානායක, දුමින්ද දිසානායක, විජිතමුණි සොය්සා වැන්නන් ඔබට මතක්වනේ නැද්ද එතකොට රවී කරුණානායක, හොරෙක්ව බේරන්න ෆුට් නොට් විතරක් නෙමෙයි පොතුත් ලිව්ව සිජිව සේනසිංහ ඔබට මේ ඉක්මනට අමතකද/

      අවුරුදු 3 තිස්සේ "වෙල්ගම, රත්ත්‍රං, ලඟදී ආපසු ගිය ලංසා වැන්නවුන් සහ බැසිල්, නාමල්, සිරන්ති" යන අයට දඩුවම් දෙන්න බැරි රනිල් උත්තමයෝ පොල් ගාපු නිසාද ?

      අද එක්සත් ජාතික පක්ෂය රවිට වරද පටවන්නේ රවිට දඩුවම් දෙන්න නෙමෙයි නේද ? එක්සත් ජාතිකපක්ෂයට නැතිවන්න යන චාන්ද බේරගන්න කරන බාල ප්‍රචාරණ විදියක් ලෙසට නේද ? තවවිදියකින් කියනවනම් මේ යන්නේ චන්දය කොල්ලකන්න නේද ?

      ඔබ කියන විදියට විශාල පිරිසක් චන්දය කටුගායි නමුත් සැලකියයුතු විශාල පිරිසක් පොහොට්ටුවට චන්දය දෙයි, ඔබටත් මගේ තර්කය වැරදි වන්නේ ඇයි කියල පෙන්වා දෙන්න බැරිඋනා නේද ?

      Delete
    3. එහෙම වෙනවද කියන එක තව දවස් 10 කින් දැනගන්න පුළුවන් වෙයි. බොහොම ස්තූතියි ලාංකික සිතුවිලි

      Delete
  8. ගම ජවිපෙට දීලා අපි ගමෙන් යමු

    ReplyDelete
    Replies
    1. ඒකත් හරි , එහෙම කරමු Thanks Ivan

      Delete
  9. එක රටක මිනිස්සු වඳුරෙකුට චන්දෙ දුන්නෙ ඇයි කියල මට ඉස්සර තේරුම් ගන්න බැරිවුනා. දැන් තේරෙනවා.

    උඩුවගෙ පෝස්ට් එක සමඟ එකඟයි.

    ReplyDelete
    Replies
    1. සතුන් ඡන්ද අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් වී ඇති අවස්ථා පිළිබඳව ඔබ දී ඇති ලිංක් එක කියෙව්වා. ඒක මරු.

      Delete
  10. වැරදි යමක් කිව්වෙත් නෑ, එත් කෙ‍ටුවොත් කෙලින්ම යන්නෙ කුණු කූඩෙට.
    මේක දැක්කද?

    ReplyDelete
    Replies
    1. දැක්කා. ස්තූතියි බස්සා. හිටපු කෙනාගේ grandiosity මෙයාටත් ඇවිල්ලා වගේ නේද? අපරාදෙ screen එක.

      Delete
    2. මේක චන්ද කාලෙට පෙන්නන තවත් නරි නාටකයක් වෙන්න බැරිද? චන්දෙ ඉවර වුනාම හුටං තුමා " හොක්කි, හොක්කි හූ.....ඌ" කියල කියාවිද කව්දෑ දන්නෙ?

      Delete
  11. ප්‍රතිචාරයක් නොමැත :) චන්දෙ දෙන්න කොහොමත් බැහැනේ. සිරි අයියගෙයි රනිල් ගෙයි වලිය බත ඉදෙනකන් විතරයි

    ReplyDelete
  12. චන්ද කාලෙ කියන්නේ චන්ද ගන්නයි.
    ආයිත් ඒවා කියන්නේ ඊලඟ චන්දෙටයි.
    ඒ අතරතුර ඉඳහිට දේශපාලකයෝ ඇත්තත් කියනවා.
    ඒවා හඳුනා ගැනීම අමාරුයි

    ReplyDelete
  13. මහින්ද ට හැර වෙන ඕනිම එකෙකුට මගේ චන්දෙත් දෙන්න පුළුවන්.. හැබැයි චන්දේ දවසේ යන්න වෙන වැදගත් වැඩක් වැටුනොත් ඇර.. :)

    ReplyDelete
  14. මැදුම් පිළිවෙතේ ....

    ReplyDelete
  15. ‍යූ.න්.පී යනම් ඇතිය..ආයෙ ඇවිල්ලා නොදකින්ය...
    මන් මේ බලා සිටින්නේ සිරිසේනයන් හතර වෙනකම්ය. එහෙම උනොත් මට ඇතිය. චන්දෙන් කියා ගන්න ඇත්තේ ඔය වැනි ආතල් එකක්ය

    ReplyDelete
  16. මා ජවිපෙට චන්දය නොදෙන්නේ කිසිදු ප්‍රයෝගික බවක් නොමැති පුද්ගලික වෙද විදුහල් විරෝදයට මොකද අනිත් ඔක්කොම පුද්ගලික අංශෙ උපාධි තිබෙද්දී මුන් මේකට විතරක් මැරෙන්න හදන එකට

    ReplyDelete
    Replies
    1. මටත් මේ වගේ විවේචන ඉතිරිව තියෙනවා මචං. ඒකයි මම කියන්නේ මේක හෝමගම ප්‍රාදේශීය සභාවට හරි හමන් එකෙක් යවනවා මිසක්, ව්‍යස්ථා සභාවවට යවන එකක් නෙමේ කියලා. ඕකට යවපු එවුන් මේ කාලේම මොකක්ද කරේ කියලා අපි දන්නවනේ. කජ්ජයි, පුහුලමයි විසඳගන්න බලමු. අපි කජු කන්න ඉස්සෙල්ලා, පුහුලම බලමු. වැඩි ඈතට යන්න එපා. ගියොත් කෙලවෙනවා. ඕක රාජසිංහ කාලේ ඉඳන් වෙච්ච වැඩක්. තරහ නොගෙන බලන් ඉමු. තව සුමානයනේ. මැතිවරන ඉතිහාසයත් අපි දන්නවනේ. මේවා බලාපොරොත්තු විතරයි අන්නෝන්. නෝන් වලට වලට වඩා බොහෝ දේ අන්නෝන්නේ මචං.

      Delete
    2. අපිට මරු පෙනෙන මාධ්‍ය ජාලා සෙට් එකක් වගේම ටහුකන සමාජ ජාලා සෙට් එකක් තියෙන බවත් අමතක කරන්න එපා මචං. අපි හරි නූතන බුවලානේ. අපිට හිතන්න වෙලා සහ හිතන්න ටොෆි දෙන්නේ අපි දකින දේවල් නෙමේ , ඔය උඩින් කිව්ව අයියලා. කෝ අපි කතා කරපු පුරවැසි මීඩියා......මීඩියා හදන්න ඉස්සෙල්ලා පුරවෑසියා හදන්න වෙයි වගේ අන්නෝන්. ස්වාධීන මිනිහෙක් හදන්නේ නැතුව ස්වාදීන මාධ්‍යක් හදනවා කියන්නේ ජනවාරි අට වගේම පට්ට පල් රැවටීමක්. ඒ රැවටීමට තමයි අපි සහ අපිව දක්කන එවුන් කරන්නේ. ඉවසීමෙන් බලා හිටපන්.

      Delete
    3. මචං මම තව එක දෙයක් විතරක් කියලා මේ සංවාදයෙන් ඉවත් වෙන්නම්. මම පොඩි කාලේ හංවැල්ල පහත්ගම කියන ග්‍රාම වසමේ මැම්බර් වෙලා හිටියෙ කේ. බී.සුගතදාස කියන මහා භාශා විශාරදයාගේ මල්ලි කේ.බී. ගුණදාස මහත්තයා. අද මොකද වෙලා තියෙන්නේ. පොඩ්ඩක් විමසලා බලපන්. ස්තූතියි.

      Delete
  17. හනේ මංදන්නෑ ඉයන් තුමෝ. මේ ප්‍රඩික්ෂන් අහල මම පළාත් සභාවට තේරෙයිද කියලත් ෂුවර් නැහැ. මොකා උනත් හොඳ නන්දන වින්දන ටිකක් නං බලාගන්න පුළුවන් වෙයි. මම ඉතිං කොහොමත් ආෆ්ට පාටි වලට කැමති මනුස්සයනෙ හිටං. කොහොමත් මේ ගොපල්ල නිසා නිදහස් පස්සෙ නං හතර ගාතෙන් වැටෙයි. දුක යනු පොහොට්ටුව පිපෙන බවයි. අවුලක් නෑ. ඈ හොඳේ.?? චැප්ලින් යනකොට හිට්ලර් එන්න එපැයි..?? හා ද?

    ReplyDelete
    Replies
    1. චැප්ලින් යනකොට හිට්ලර්
      +++++

      Delete
  18. වරෙවා ඉයන් තුමා අන්න අර්ජුන ඇලෝසියස් ව අත්අඩංගුවට අරගෙන, දැන් කියන්න පුළුවන් යහපාලන ආණ්ඩුවෙන් දුෂිතයන් අත්අඩංගුවට ගන්නවා කියල කොහොමද රනිල් තුමාගේ ටිකිරි මොලේ චන්දෙට සතියක් තියල බදුම්කර හොරු අත්අඩංගුවට (මෙච්චර කල් නොවුන දේ මෙන්න චන්දෙට සතියකට ඉස්සල්ල වෙනවා ) චන්දෙන් පස්සෙන් ඇප මත ලොක්කල නිදහස් ඉන්පසු හිටපු ජේ ආර් ජයවර්දන උත්තමය වගේ "සුනිල් සමාවක් " දෙන්න බැරිය.

    ReplyDelete
    Replies
    1. එම පරීක්ෂණය කලේ ජනාධිපති පත්කල කොමිසමකින් නිසා එහෙම වෙන්න අවස්ථාව අඩුයි.

      Delete
  19. රුවන් ජයතුංග සඳහා නෙමෙයි මම මේ පෝස්ට් එක දාන්නේ. යුක්රේනය කියන්නේ දැන් යුරෝපයේ හොඳ රටක් නෙමේ. ආර්ථිකය කඩා වැටිච්ච දූෂණය පිරුණු රටක්. දැන් ලනක්වේ සමහර වෙලාවට කිහිප දෙනෙක් ඇර වෙන අය ඔය විශ්ව විද්‍යාල වලට යනවද දන්නෙත් නැහැ. ඔය තත්වය සෝවියට් දේශය වැටුනට පස්සේ හුඟක් විශ්ව විද්‍යාල වලට අදාලයි. රුසියාවේ විශ්ව විද්‍යාල දැන් පුටින් මුදල් යොදවන නිසා නවතැහැ පෙර තිබු තත්වයට ඇවිත්. මා දන්නා තරමින් රුවන් උගත්තේ 1986 වගේ කාලෙක. ඒ කාලයේ ඔය විශ්ව විද්‍යාල රැන්කින් වල උඩින් තිබුණු එකක්. විශ්ව විද්‍යාලය හැදුවේ 1921. මම උගත් මොස්කව් පවර් ඉංජිනියරින් යුනි එක දැන් රුසියාවේ 79 වර්ල්ඩ් 3728. නමුත් සෝවියට් කාලේදී මුල් 5 අතර තිබ්බේ. ස්ටේට් යුනිවර්සිටි (මොස්කව් 1) එකට සම්බන්ධ කරලා තිබුන නිසා. එම විශ්ව විද්‍යාලයේ තමන්ගේම විදුලි බලාගාරයක් තියනවා මුළු විශ්ව විද්‍යාලය හා අවට නගරයට විදුලිය සපයන. සෝවියට් කාලෙත් පොහොසත් එකක්. සෝවියට් දේශය වැටුනට පස්සේ තත්වය වෙනස් වුණා , funding කපලා රටේ ආර්ථිකය වැටුන නිසා. යුක්‍රේනයේ දැන් තියෙන තත්වයත් ඒ නිසාම ඇතිවුණු එකක. දැන් නම් මම කීයටවත් ඒ වගේ විශ්ව විද්‍යාලයකට යන්නේ නැහැ.

    ReplyDelete
  20. කො බන් අලුත් පොස්ට් එකක් ලියමුකො..

    ReplyDelete