Sunday, March 26, 2017

අති සාර්ථක ලෙස නිමාවූ තුන්වන නෙළුම්යාය බ්ලොග් ත්‍යාග ප්‍රධානෝත්සවය.

අමාත්‍ය රාජිත සේනාරත්න, මහින්ද දේශප්‍රිය මහතා, ගරු කථානයක කරු ජයසූරිය, අජිත් ධර්මකීර්ති

නෙළුම්යාය බ්ලොග් ත්‍යාග ප්‍රධානෝත්සවය ගිය වරට වඩා අති උත්කර්ෂවත් ලෙස පැවැත්වුනා. එවන් උළෙලකට සහභාගී වීමට අවස්ථාව සලසා දීම ගැන නෙළුම්යායටත්, අජිත් ධර්මකීර්ති, කල්‍යාණ මිත්‍ර ඇතුළු සංවිධායක මණ්ඩලයටත් මගේ ස්තූතිය.

ආරම්භක දේශණය කලේ මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් මැතිවරණ ලේඛනයේ ලියාපදිංචි වීම සහ ඡන්දය පාවිච්චි කිරීමේ වැදගත්කම ගැන ඔහු සඳහන් කලා. මුල්ම ත්‍යාග කිහිපය පිරිනැමුණේ ඔහු විසින්. 

තොරතුරු පණත හඳුන්වා දීමේ පුරෝගාමී මෙහෙවරක් කල කථානායක කරු ජයසූරිය මහතාත් ප්‍රධාන ඖෂධ වල මිල පහල හෙළීමට ක්‍රියාකල සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න, ප්‍රවීන බ්ලොග් ලේඛක නාලක ගුණවර්ධන යන මහත්වරුනු දේශණ පැවැත්වූ අතර ඔවුන් අතින් ජයග්‍රාහකයන්ට ත්‍යාග බෙදා දීමත් සිදුවුණා. 

මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා

මගේ ප්‍රියතම බ්ලොගය වන නිදහස් සිතුවිලි බ්ලොගය 2016 හොඳම බ්ලොග් අඩවිය ලෙස තේරීමත් විශේෂ දෙයක්. ඒ ගැන රවී වීරසිංහ මිතුරාට සහ රන්දිකා ප්‍රනාන්දු මහත්මියට සුභපැතුම්.

එක් අංශයකින් හොඳම බ්ලොග් ලිපියට හිමි ප්‍රථම ස්ථානය දිනාගත් වෛද්‍ය බෝධිනි සමරතුංග.


එක් අංශයකින් හොඳම බ්ලොග් ලිපියට හිමි ප්‍රථම ස්ථානය දිනාගත් නිර්මාණී.


රස වින්දනය සඳහා තිබූ අංග විශාල ප්‍රමාණයක් අතුරින් එකක් වූ ඔපෙරා අංගය. 



පෙර වසරට වඩා වෘත්තීය මට්ටමකින් මෙවර උත්සවය සංවිධානය වී තිබීම කැපී පෙනුනා. මේ ගැන කථානායක තුමාත් විශේශ සඳහනක් කලා. ශාලාව ඉතාමත් අලංකාර ලෙස සකසා තුබිණා. වෘත්තීය නිවේදකයන්, ත්‍යාග ප්‍රධානය සඳහා සහායිකාවන්, විශේශ වාදක වෘන්දයක්, සහභාගී වන්නන්ට ආහාර පාන ආදිය සලසා තිබීම විශේෂයි. රසවින්දනය සඳහා නාට්‍ය අංගයට අමතරව 'අපි මචං' කණ්ඩායමේ ගායනා අංග හතරක්, ජනායි-ප්‍රියායි ගෙන් අංග දෙකක් සහ ඉතාමන් අලංකාර ඔපෙරා අංගයක්ද ඇතුලත්වුණා. 

ප්‍රාජේ, ඉවාන්, කල්‍යාණ මිත්‍ර, බෝධිනී, තරුරසී, මෙන්ඩා, දුමී, පැරා, නලීන් දිල්රුක්ශ, ඇවිද්ද පය, හංසි, සිතුවිළි සිතූ, කසුන්, නිර්මාණී, රොමාන්තික රස්තියාදුකාරයා, කොළොම්පුරේ, සොමියා, 18 සන්නිය, තුෂාණි, විසිරි සිහින, වත්සලා විජේරත්න, තිලකසිත, කුරහන් හේන, එරන්දි, ඩිල්ශාන්, ජීවන, දමිත්, දසත සැරිසර, වැව් ඉස්මත්ත, වාසිතය ආදී විශාල බ්ලොග් හිතවතුන් හිතවතියන් සමඟ මොහොතක් හෝ සතුටු සාමීච්චියේ යෙදීමට ලැබීමත් මහත් සතුටක් වුණා.

ජයග්‍රහණය කල සැමටම මගේ සුභ පැතුම්. මීලඟ නෙළුම්යාය සම්මාන උළෙලත් මෙවර පැවැත්වූවා මෙන් අති උත්කර්ෂ උත්සවයක් සංවිධානය කිරීමට සංවිධායක මණ්ඩලයට හැකියාව ලැබේවා.





Thursday, March 23, 2017

සොඳුරු සඳවතී ගේ වික්ටර් ගී අභියෝගය


සොඳුරු සඳවතී වික්ටර් රත්නායක ගායනා කරපු ඇය කැමතිම ගීත 10 ක් දාල අපිට අභියෝග කරල අපි කැමති ඒවත් දාන්න. මෙන්න මගේ කැමතිම වික්ටර් ගීත 10.



වික්ටර් කියන්නේ මට නම් විශේශ ගායකයෙක්. ඒකට හේතුව තමයි මම කැමති වෙච්ච පළමුවෙනි සිංහල ගීතය ඔහුගේ ගීතයක් වීම. එක කාලයක රැල්ලට යමින් ABBA , BoneyM ගීත වල හිරවෙලා හිටපු මට ඉස්සෙල්ලාම ආස හිතුනේ වික්ටර්ගේ නීළ බිඟු කැල ගීතය.

1. නීළ බිඟු කැල



නීල බිඟු කැළ තාමරස පෙළ
ආදරෙන් සනසාලා
තිසර තුඩු මුදු තඹර පහසින්
මෝහනය වීලා

මාරුතේ මතුරා යතේ
සුරඹුන් නැගූ මුකුළු
මාවතේ අතුරා එතේ
සුරඹුන් නෙළු කැකුළු

ජීවිතේ කිරි සාගරේ
කළඹා දිනූ කිඳුරී
මීවිතේ මදිරා සොරා
සඟවා නොයන් සොඳුරී



පද රචනය  -කේ.ඩී.කේ. ධර්මවර්ධන




Tuesday, March 7, 2017

මාර්තු 25 එන්න නෙළුම්යායට




මාර්තු 25 දා හවස 3 ට බත්තරමුල්ල Waters Edge හිදී 2017 නෙළුම්යාය උත්සවය. බ්ලොග් කරුවන්ගේ දක්ෂතා අගැයීමට අජිත්, කමී, අටම් වැන්නන්ගේ උත්සාහයට එදා හි පැමිණීමෙන් සහයෝගයක් දක්වමු. 




(නෙළුම්යායට විරෝධතා දැක්වීමට පාර්ලිමේන්තු වටරවුම වෙන්කරගැනීමට අවශ්‍යනම් ඒකාබද්ධ විපක්ෂයේ රත්තරන්, ගම්මන්පිල, අළුත්ගමගේ යන අය අමතන්න. වතුර සහ කඳුළු ගෑස් නොමිලේ. විරෝධතාවයට සහභාගී වන අයට කෑම පැකට් එක සහ රුපියල් 1000/= ක් ගෙවනු ලැබේ.)