Wednesday, August 9, 2017

ලෝකයේ හොඳම විශ්වවිද්‍යාලයට ඇතුළුවීම නොමිලේ


අජිත් පැරකුම් ජයසිංහයන් සමාජ ජාලා භාවිතය ගැන ලියපු ලිපියෙන් ඒ ගැන තව පැත්තක් ගැන ලියන්න හිතුණා. අන්තර්ජාලය නිසා සමාජයට ලැබිච්ච හොඳ දෙය තමයි දැනීම ලබා ගැනීම ඉතාමත් පහසු වීම. අද ලංකාවේ විශ්ව විද්‍යාල වල ප්‍රමිතිය, වර්ගීකරණය වැනි දේවල් ගැන කථා කරනකොට මට නම් හිතෙන්නේ ලෝකයේ තියෙන හොඳ විශ්ව විද්‍යාල දෙක තියෙන්නේ අන්තර්ජාලයේ කියලයි. ඒ දෙකම දැනීම දෙන්නේ නොමිලයේ.

යූටියුබ් සහ විකිපීඩියා සහ ඒහා සමාන අඩවි වලින් ලෝකේ ඕනෑම දෙයක් ගැන, ඕනෑම වෙලාවක, ඕනෑම මට්ටමකින්, කිසිම වියදමක් නැතුව ඉගෙන ගන්න මේ දෙකෙන් පුළුවන්. ඒවගේම තමන් ඉන්න ක්ශේත්‍රයේ  ඉහල මට්ටම වලින් දැනුම ලබාගන්න තියෙන හැකියාව නිසා විභාගෙක යම් මට්ටමක් ඉහලට යනකන් ඒ මට්ටමේ දැනුම ලබාගන්න තිබ්බ බාධකය නැහැ.

විවිධ භාෂාවල් ඉගෙන ගන්නත් යූටියුබ් එකෙන් ඉතාමත් පහසුයි. මේ සඳහා කරන්න පුළුවන් දෙයක් තමයි තමන් හොඳින්ම දන්නා විෂයයක් සම්බන්ධ වීඩීයෝ තමන්ට ඉගෙන ගැනීමට කැමති භාෂාවෙන් නැරඹීම. ඒවගේම තමයි අධ්‍යාත්මික පැත්තට අන්තර්ජාලයෙන් ලබා ගත හැකි වාසිය. කොහෙ හරි බන අහන්න ගියාම හරි රූපවාහිනී බන අහනකොට එදාට තිබෙන මාතෘකාව මොකක් හරි අහගෙන ඉන්න වෙනවා. අද යූ ටියුබ් එකේ සහ අන්තර් ජාලයේ තිබෙන ධර්ම දේශණා වලින් තමන්ට ඉගෙන ගන්න ඕන මාතෘකා තෝරගෙන තමන්ට පහසු වෙලාවක අහන්න පුළුවන් නිසා ඒ පැත්තෙන් සෑහෙන දුරක් යන්නත් අන්තර්ජාලය පිහිට කරගන්න පුළුවන්. 

විවිධ ආකාර වලින් සතුටු වෙන්න, එෆ්බී, බ්ලොග් ආදිය යොදාගන්න අතරෙම එක අළුත් දෙයක් ගැන පරතෙරට ඉගෙන ගෙන ඒ ක්ශෙත්‍රයේ ප්‍රවීනයක් වෙන්න පුළුවන් අවස්ථාවක් තමයි ලැබිල තියෙන්නෙ. දැනීම ලබා ගැනීමත් ලෝකයේ දියුණුම රටවල ඒ ගැන හොඳටම දන්න අයගෙන් අපිට ගැලපෙන වෙලාවක ඉගෙනගන්න ලැබෙන අවස්ථාව මොනතරම් වටිනවද? ඒවගේම අන්තර්ජාලයෙන් ඉගෙන ගන්න අංශය ගැන විවිධ අධ්‍යාපන ආයතන වල තිබෙන විභාග වලට පෙනී ඉඳල අදාල සුදුසුකම් ලබාගන්නත් පුළුවන්.

මුදල් ගෙවල ගන්න අන්තර්ජාල සම්බන්ධතාවය විනෝද වීමට යොදාගන්නා අතරම තමන්ගේ ක්ශෙත්‍රයේ ඉහලට යන්න හෝ අළුත් ක්ශෙත්‍රයක් ගැන  පරතෙරටම ඉගෙන ගෙන ඒ ගැන විශේසඥ්ඥ දැනුමක් ලබා ගන්න සහ ඒ දැනුම හරහා ආදායම් මාර්ග වැඩිකරගන්න අන්තර්ජාලය යොදාගන්න කියල එහෙම නොකරන අයට ආරාධනයක්.
-----------------------------------------

කලින් බ්ලොග් ලියමින් හිටපු 'නුවරකුමාරි' කියාගත්තු හොඳටම ලූස් පරාණයක් හිටියනෙ. එකපාරටම කඩේ වහල මොකද්ද  කොලේක ඔතාගෙන අන්තරස්ධාන වුණේ. ඒ බ්ලොග් එක ආයිමත් කියවන්න පුළුවන් වෙලා. මම හිතන්නෙ කෙහෙල් ගහක් බ්ලොග් උඩට වැටිල වෙන්න ඇති. මෙන්න ලින්ක් එක.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

21 comments:

  1. කිසිම වියදමක් නැතුව? සර්, හැමෝටම ඩේටා නිකං ලැබෙන්නේ නෑනේ.. 😊😊

    ReplyDelete
    Replies
    1. ඔව් කමී, ඩේටා වලට් ගෙවන්න වෙනව. ඒක ගෙවල අර පැරාගෙ ලිපියෙ තියෙන ඒව කරන ගමන් මේකත් කරන්න නම් පුළුවන්.

      Delete
  2. ජංජාලේ නම් නැතුවම ඉැරි වෙලානේ දැන්....

    ReplyDelete
    Replies
    1. තව අවුරුදු 20-30 යනකොට මිනිස්සුන්ට රස්සාවල් පවුල් ජීවිත වගේ මොනවත් ඕන නැති වෙයි. :)

      Delete
  3. යූටියුබ් කෙසේ වෙතත් අපේ අයියලා වෙන වෙන ටියුබ් බලපු බවටනම් ඔය සංක්‍යාලේඛණ ඕනෑ තරම් තියෙන්නේ :)

    ReplyDelete
    Replies
    1. ලිංගික ජීවිතේ අදු ලුහුඬු කම් පුරවගන්න එකත් කරන්න ඕනෙනෙ උදය.

      Delete
  4. මට ඕනෙ උපාධිය ගන්න විදිහක් නෑ , අපේ කොල්ල කොම්පූටරේට නෙට් නැනී ද මොකක්ද එකක් දාල.

    ReplyDelete
    Replies
    1. උඹ වැඩිහිටියන්ට තියෙන සයිට් වලට යන එක නවත්වන්න කොලුවට ඕන වෙන්න ඇති. හෙහ් හෙහ්

      Delete
  5. දෑස් රතුවී අසීරුවකින් එකම තැනකට හිරවෙලා
    ෆේස් බුක් බ්ලොගයක්ද අටවා හිඳියි බොහො අය හිනැහිලා
    දාස් ගණනින් මුදල් වියදම් නොකර දැණුමට අමතලා
    කෝස් එකකුත් නොමිලෙ කෙරුමට ජාලෙ ඉඩ දැන් පැතිරිලා....

    වටිනා ලිපියක් ඉයන්.

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී

      Delete
  6. ඉයන් කිව්වා හරි
    සල්ලි වලින් ඉන්ටර්නෙට් ගිහින් මෙවැනි දෙයක් කරන එක වටිනවා. විනෙද වෙනවා වගෙම

    ReplyDelete
    Replies
    1. ඔව් ජීවිතේ , විනෝද වීම පොඩ්ඩක් වත් අඩුකරගන්නෙ නැතුව මේ ප්‍රයෝජනෙත් ගත්තොත් වියදම් වෙන ගාන වගේ දහස් ගුණයක වාසියක්

      Delete
  7. හොඳ ලිපියක් ඉයන් . ඉයන් මතක් නොකරපු දෙයක් තම නොයෙකුත් විශ්ව විද්‍යාල ආදිය පවා නොමිලේ පාඨමාලා එකතු කරනවා අන්තර්ජාලයට. ඒ වගේම මගේ ක්ෂේත්‍රය ගත්තත් අපට හදිසියේ ඇතිවන ප්‍රශ්න, බග්ස් ආදියට පිළිතුරු හොයන්නත් අන්තර්ජාලයෙන් ලෙහෙසියි. ඒකත් හරි වැදගත්. මේ තියෙන්නේ MIT එකේ ඒවා.
    https://ocw.mit.edu/courses/archived-courses/
    මේ තියෙන්නේ නොබෙල් ත්‍යාග ලාහී රිචර්ඩ් ෆේමන් කියන භෞතික විද්‍යාඥයා ගේ මුළු දේශනා ටිකම නොමිලයේ
    http://feynmanlectures.caltech.edu/I_toc.html
    මේ තියන්නේ art වලට පාඨමාලාවක්
    https://alison.com/topic/learn/32644/the-dimensions-of-colour

    ReplyDelete
    Replies
    1. බොහොමත්ම ස්තූතියි අජිත් :)

      Delete
  8. අපේ රටේ විතරයි ඩේටා හා අනතර්ජාල පහසුකම් වෙනුවෙන් මෙතරම් කරදර. ඊළඟ පරම්පරාව ගෙදර ඉඳලා ජන්ජාලයෙන් ඔක්කොම කරයි.

    ReplyDelete
    Replies
    1. ඔව් විචාරක දියණිය. එක කාලයක් එයි රැකියාවකට යනව කියන එක වෙන්න ඕන නැති. ගෙදරම හෝ වෙන රටක ඉඳලත් වැඩ කරන්න පුළුවන්. බොහොම ස්තූතියි ඔබට.

      Delete
  9. ඒක නම් ඇත්ත . බොරු කියන්න දෙයක් නෑ නේ , අපි උනත් campus එකේ විභාගෙට කලින් ඔය videos වලින් තමයි ගොඩක් වෙලාවට ගොඩ දාන්නේ. ඇත්තටම එකනම් මාරම වටිනවා

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනස්ගාත S. ඇත්තටම ඔබ කරන්නේ මෙයින් හොඳ ප්‍රයෝජන ගැනීමක්. ඔබගේ ක්ශෙත්‍රයේ ඉහලට යන්න එය උදව්වක් වේවි. Good luck

      Delete
  10. ඔය කැම්පස් වලත් ඉන්න හැම එකාම ඇසයිමන්ට් එහෙම තනිකරම ගොඩ දාගන්නෙ අන්තර්ජාලයෙන්.

    ReplyDelete