Wednesday, August 16, 2017

විදේශ ඇමති ලෙස මාරපන පත් කිරීම යහපාලන ගොන්පාට් එකක් වන්නේ ඇයි?






ඉල්ලා අස්වූ හිටපු විදේශ ඇමති රවි කරුණානායක වෙනුවට තිලක් මාරපන පත්කිරීම යහපාලන රජයකට නොගැලපෙන හේතු කිහිපයක් මේ.

1. කලින් කිසියම් හේතුවකට (අවන්ත්ගාඩ් සිද්ධියට අදාලව ) ඉල්ලා අස්වූ කෙනෙක් මෙම තනතුරට පත්කිරීම නොසුදුසු නිසා. මෙය ඉල්ලා අස්වීම ඊලඟ පුරප්පාඩුව ඇතිවන තෙක් යන අදහස සමාජයට දෙයි.

2. චෝදනා එල්ලවූ නිසා හිටපු විදේශ ඇමති ඉල්ලා අස්වීමේ හොඳ ප්‍රවණතාවය මෙම පත්කිරීමෙන් වටිනාකමින් බාල වන නිසා.

3. විදේශ ඇමති තනතුරට අදාලව කිසිම විශේශ සුදුසුකමක් මාරපන මහතාට නැති නිසා.

4. අනාගත රාජ්‍ය නායකයෙකු පුහුණු වීමට හොඳම තනතුරක් වන විදේශ ඇමති ධුරයට පක්ෂයක නායකත්වයට හෝ රටක නායකත්වයට පත්වීමට දේශපාලන ගමනක යාමට හැකි වයසක මාරපන මහතා නොසිටින නිසා.

5. රටක විදේශ ආමත්‍ය ධුරය රටේ ජාත්‍යන්තර පිළිගැනීම්ට හෝ ආර්ථික වාසියට යොදාගැනීමට හැකි තත්ත්වයේ සුදුසුකම් හෝ හැකියාවන් මාරපන මහතාට නැති නිසා.  

6. අභාවප්‍රාප්ත ලක්ෂ්මන් කදිරගාමර් හෝ ජයන්ත ධනපාල වැනි  අයට තිබූ /ඇති ජාත්‍යන්තර පිළිගැනීමක් මාරපන මහතාට නැති නිසා.

7. මහින්ද සමරසිංහ හෝ ආචාර්‍ය හර්ෂ ද සිල්වා වැනි මේ තනතුරට සුදුස්සන් පක්ෂ දෙකේම ඇති නිසා.


මෙම පත්කිරීම කිසිසේත්ම සුදුසු නැති බව මගේ පෞද්ගලික හැඟීමයි. ඔබගේ අදහස දැන ගැනීමට කැමතියි.



මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

45 comments:

  1. ජින්ජර් දීලා චිලි ගත්තා වගේ නේද ඉයන් :D

    ReplyDelete
    Replies
    1. අරූ බොහොම ස්තූතියි. විදේශ අමාත්‍යාංශය අධීක්ෂණය කරන්න සජින් වාස් පත්කිරීම හෝ ආරක්ෂක අමාත්‍යාංශය අධීක්ෂණය කරන්න දුමින්ද සිල්වා පත්කිරීම මට්ටමේ එකක් නෙවෙයි මේක. ඒව කලේ පත් කල යගේ සහ පත්වුණ අයගේ පෞද්ගලික සහ මහජන විරෝධී කටයුතු පහසු කරගන්න. මෙතෙන්දි මේ පත්වීම එහෙම එකක් නොවුණට මීට වඩා සුදුස්සෙක් පත්කරන ඉඩ තිබුණා. ඒක නිසා මිරිස් දීල ඉඟුරු ගත්තා කියල නම් කියන්න පුළුවන්.

      Delete
    2. කමක් නෑ ගෙදර යන ගමන් නේ.... ඕනි මගුලක් කරගත්තට අපිට ‍මොකද...

      Delete
    3. ස්තූතියි ශෙනාල්. දුමින්ද සිල්වා, අළුත්ගමගේ, රත්තරං, දිනේශ් ගුණවර්ධන, විමල් වීරවංශ, ගම්මන්පිල, සජින් වාස්, බැසිල්, ප්‍රසන්න රණතුංග වැනි අයගෙන් සමන්විත ප්‍රබුද්ධ ඇමති මණ්ඩලයක් ඉක්මණින්ම එනවද? අනේ හොඳයි.

      Delete
    4. ප්රබුද්ධද නැද්ද වැඩක් නෑ. රටට දශමෙකින් හරි වැඩක් කරනවානන් එච්චරයි....

      Delete
    5. ඔව් ශෙනාල් සංවර්ධනේ කියන්නේ ආදායමක් නැති පාඩු ලබන වරායක්, එයා පෝට් එකක්, යලට මහට මැච් තියන්න පුළුවන් පැතිවල ක්‍රිකට් ක්‍රීඩාංගන, අවුරුද්දකට එකක් සම්මත්‍රණ තියන සම්මන්ත්‍රණ ශාලා, නෙළුම් කුළුනු, ප්‍රාදේශීය ගැත්තන්ට ගාණ හොයා ගන්න රුපියලෙ වැඩේ රුපියල් තුනට කරන පාරවල් හදන එක, කොමිසම් වලට කවදාවත් ගල් අඟුරු බලාගාර හදපු නැති එවුන්ට කියල බලාගාර හදන එක කලින් අය පටන් ගත්ත අධිවේගී මාර්ග හදල ඉවරකරාම විවෘත කරන එක, ඩොලර් මිලියන තුන්සීයේ කාටවත් පේන්නෙ නැති සුප්‍රීම් සැට් යවන එක කියල මේ යහපාළුවන්ට කිව්වට තේරුම් ගන්නෙම නැහැනෙ.

      Delete
  2. ටෙම්පරියක් අදින්න කැමතිවෙනේ ලිස්ට් එකේ අයනේ.

    ReplyDelete
    Replies
    1. ඇණයා ඒ කියන්නේ රවීව නැවත පත්කිරීමට ඉඩ තියෙනවා කියන එකද? ඔව් එහෙම හේතුවක් නම් වෙන්න පුළුවන්.

      Delete
  3. එකඟයි.මේ පක්ෂ දෙකේම මේ තනතුර සඳහා සුදුසු වෙනත් අය ඉන්නවා.එහෙම තියෙද්දී මේ තනතුර තිලක් මාරපනට ලැබුනේ රනිල් ඔහු කෙරේ තබා තියෙන විශ්වාසය නිසා වෙන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි මනෝජ්. තමන්ට විස්වාස කෙනෙක් තනතුරකට පත් කිරීමට අගමැතිවරයාට හැකියාව තියෙනවා. එහෙත් චෝදනාවක් නිසා ඉල්ලා අස්වූ කෙනෙක්ගේ තනතුරකට විස්වාසය මත පමණක්ම සිතා කලින් ඉල්ලා අස්වූ කෙනෙක් පත්කිරීම ටිකක් ඇදයි. අඩුම වශයෙන් ඒකට විශාල සුදුසුකම් තිබෙන කෙනෙක් පත්කලානම් එවන් දුර්වල කමක් තිබුණත් ඒක මඟ හැරෙන්න තිබ්බා.

      Delete
  4. වසන්ත සේනනායකව ප්‍රොමෝට් කලා නම් මොකද?

    ReplyDelete
    Replies
    1. ඔහු තරුණ වැඩියි. thanks prajay

      Delete
    2. එයාගේ ග්‍රහචාරය තාම හරි නැහැලු. ඒක හෙමින් හෙමින් තමයිලු හරියන්නේ. එයාම තමයි එහෙම කියන්නේ. ඉතින් කොහොමද විදේශ ඇමතිකම් දෙන්නේ : දේවාලෙක කට්ටඩියෙක් ගාවට ගිහිල්ලා ඒ ටික හදාගෙන එනකම් ඉමු.

      Delete
    3. මිනිහට ඩඩ්ලි සේනානයක මහත්තයගෙ මූණ නම් පිහිටල තියෙනවා.

      Delete
    4. රුවන් විජේවර්ධනව ප්‍රමෝට් කලානම මොකද ?

      Delete
    5. ඔහුට සජින් වාස් වගේ මහින්දට ගෑණු සප්ලයි කරල තිබෙන එක්ස්පීරියන්ස් එක මදි නිසා වෙන්න ඇති ප්‍රමෝට් නොකලේ. ස්තූතියි අසංග

      Delete
  5. හුගක් අයට තිලක් මාරපන ඉල්ලා අස්වුනාද කියලත් මතක නෑ. මම දකින්නෙ මොවුත් දූෂිතයින් වෙනුවෙන් පෙනී සිටි දූෂිතයෙක් ලෙස විතරයි

    ReplyDelete
    Replies
    1. ඔව් අවන්ත්ගාඩ් එක හරියි කියල කිව්වනෙ. ස්තූත්යි රස්ති

      Delete
  6. ranil mahatthaya kiyana ona deyak hari oyage mathaya apita wadak na nada matho

    ReplyDelete
  7. කිසිවක් මතක නැත... කීමට හැකියාව ඇත්නම් ඔනෑම එකෙක් ඔනෑම දේකට සුදුසු වේ ... සිරි ලංකාවේ...

    ReplyDelete
    Replies
    1. ඒකත් ඇත්ත ස්තූතියි සබරේ

      Delete
  8. මං හිතුවේ මේ මනුස්සය දැන් පාර්ලිමේන්තුවේ නෑ කියල..

    ReplyDelete
    Replies
    1. ස්තූතියි කමී ඔව් පාර්ලිමේන්තුවේ කථා කලා කියලවත් කොහෙවත් දැක්කෙ නැහැ.

      Delete
  9. මේ ආණ්ඩුව මිනිසුන්ගේ විශ්වාසය පඵදු කරගෙන හමාරයි.
    විචාරක දියණිය

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත, ඒවෙනුවට විකල්පය ඉන්නෙ ඊට හපන් මුළු පවුලක් සහ ගැත්තන් නීතියට උඩින් ගිය කට්ටියක් වෙච්ච එක තමයි ලොකුම ගැටළුව.

      Delete
  10. මේක කොහොමත් ටෙම්පරි නෙහැ ;-) රවී මාමා ආයෙත් එනකම් තමයි

    ReplyDelete
    Replies
    1. මටත් එහෙම හිතෙනවා සමිඳු. බොහොම ස්තූතියි.

      Delete
  11. හිරුත් ගියා යළි ඒදැයි සැකයක්ලූ
    පනත් මාර ආමුත් ගතියක් නැහැලූ
    මටත් දේශපාලනයම ඇලජික්ලූ
    කවිත් නොදී යන්නට හිත දෙන්නෑලූ.....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කවියක් වරදින්නෙ නැහැනෙ දුමීගෙන්. බොහොම ස්තූතියි.

      Delete
  12. ජීවත් වෙලා ඉන්න ඈයොන්ගෙන්:
    මංගල අවුරුදු දෙකයි
    බෝගල්ස් අවුරුදු තුනයි
    ජීඑල් අවුරුදු පහයි
    මංගල ආයෙත් අවුරුදු දෙකයි
    රවි මාස දෙකාමාරයි
    ඩඩ්ලි මූණ වස්සා දවස් පහයි ( ඇක්ටින් )
    ඔය එක්ස්පීරියන්ස් පැත්තෙන්....
    මාරපන පන අදින නිසා මිසක් වෙන මොනාද...?
    අර ඉස්සර හිටපු නියෝජ්‍ය ඇමති තුමා..මතකද ලාල් ගමගේ ඌව දැම්මා නං..සජිත් නං කැමතිවේවි නැද්ද ඉයන්...!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි චෙෆා. මිනිස්සුන්ට කම්මුල් පාර ගහන්න හරි හිටපු විදේශ කටයුතු අධීක්ෂණ ඇමති සජින් වාස් වඩා හොඳවෙයි.

      Delete
  13. ඉයන් මම මේ රජයට චන්දය දුන්න කෙනෙක්,

    හැබැයි මටනම් පෙන්නේ මේ රජයට කිසිම උවමනාවක් නෑ මේ රට දියුණු කරන්න ඇත්තටම ඔවුන්ට රට දියුණු කරන්න ඕනේ නම්
    01. හම්බන්තොට වරාය සම්පුර්ණ කරනවා මේ අනවශ්‍ය මුදල් කාබාසිනියා කරන්නේ නැතුව
    02. රටේ සුලුපරිමාන නිෂ්පාදකයන්ට තම භාණ්ඩ අන්තර්ජාතිකව විකිනීමට උවමනා
    (අ) හොද තැපැල් සේවයක් ඇතිකරනවා
    (ආ) paypal වැනි සේවයක් සපයන්න බැරිනම් රටේ රජයේ බැංකුවක් හරි පාවිච්චි කරලා "ගෙවීම් දොරටුවක් " payment gateway නිර්මාණය කරනවා භාණ්ඩ සහ සේවා අඩුම පිරිවැයක් යටතේ විදේශ වලට විකිනීමට ( මේ පහසුකම දැනට වාණිජ බැංකු වලට තිබුනත් අධික මිල {ඔබ ආදායමක් ලැබුවත් නැතත් රුපියල් 60000 පමණ පිරිවැයක් දරන්න වෙනවා } නිසා මේ ව සාමාන්‍ය මිනිසුන්ට පාවිච්චි කරන්න බෑ

    මේ සරල දේවල් වසර 2කක් ගිහිල්ල නොකරපු රජය මේ කරන්නේ අන්ත පරාජයෙන් බේරෙන්නයි.

    මේ රජය අද මහින්දගේ කාලෙට සමාන විදියට ණය අරගෙන තියනවා ඉයන් නමුත් කෝ ගෙවපු ණය ?
    හැබැයි කරපු සේවයක් පෙන්නේ නෑ

    මට හිතෙන විදියට ඉදිරියේ දුෂණ චෝදනා ආපු සියල්ලම තනතුරු වලින් ඉල්ලා අස්වීමත් උණුසුම අඩුවුණාම නැවත තනතුරු වලට පත්වීමත් කියන සෙල්ලම කරයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ප්‍රශ්ණ ගොඩක් තියෙනවා. රටට අවශ්‍ය මොනවද කියල තීරණය කරන්න දේශපාලන නොවන සැලසුම් කිරීමේ තැනක් අවශ්‍යයි කියල හිතෙනවා. නැත්නම් වෙන්නේ අන්වශ්‍ය වැඩ එහෙම නැත්නම් ගිය ආණ්ඩුව කලා වගේ නෙළුම් කුළුණු, එයා පෝට් වගේ වැඩ. Thank you Lankika sithuwili

      Delete
  14. මුන්ට දෙයියන්ගේ හාල් කැවිලා

    ReplyDelete
    Replies
    1. අනික් මිනිස්සු වගේ ප්ලාස්ටික් හාල් කෑව නම් මෙහෙම වෙන්නේ නැහැ. බොහොම ස්තූතියි මාතෙ

      Delete
  15. කිසිම තේරුමක් නැති පත්වීමක්. ඒත් මංගල සමරවීර ඇරෙන්න වෙන කවුද ඉන්නේ ඔය වගේ විෂයකට සුදුසු? අළුත් කාටහරි දුන්න නම් ඉවරයි නවීන් දිසානායක වගේ

    ReplyDelete
    Replies
    1. ඔව් එහෙම නැත්නම් කලින් හිටිඅ නියෝජ්‍ය ඇමති ආචාර්‍ය හර්ෂ. බොහොම ස්තූතියි අජිත්

      Delete
  16. හනේ හෆොයි කියලා තමයි කියන්න තියෙන්නේ!

    ReplyDelete
    Replies
    1. +++++ බොහොම ස්තූතියි උදය

      Delete
  17. සිරිමගේ කාලේ සිරිමා ම තමයි විදේශ ඇමති (සහ සැලසුම් / සැලසුම් ක්‍රියාත්මක කිරීමේ ඇමති). ඇයි රනිල්ට බැරි?

    ReplyDelete
    Replies
    1. විදේශ ඇමති කියන්නෙ වැඩි කාලයක් රටින් පිට ඉන්න සිදුවෙන තනතුරක් නිසා වෙන්න ඇති. බොහොම ස්තූතියි රසික.

      Delete
  18. ඉයන් තුමෝ. දැන් නං මේ යහපාලනය කියන කිරි හට්ටියට ගොම කෑලිම වැටිල ගොම හට්ටියක් / ගොම තලියක් වෙලා තියෙන්නෙ. ඉගෙන ගත්ත හර්ෂල නියෝජ්‍ය ඇමතිල හිටං. 🤔

    ReplyDelete
  19. ඉයන් පටලවා ගෙන , හොරෙක්ගෙ තැනට හොරෙක්වම දාන ඒක තමයි කරල තියෙන්නෙ !

    අපි කවුරු උනත් දැනුවත්ව හෝ නොදැනුවත්ව මහින්දව එලවල ඒ වගේම හොරු ටිකකටනේ ආපහු රට බාර දුන්නු එකනෙ බලාගෙන යනකොට කරලා තියෙන්නෙ :)

    ReplyDelete
  20. වසර සතළිසක් ඉක්ම ගියද එඬරු ගසක් රූස්ස වනස්පතියක් නම් නොවේමය!

    ReplyDelete