Monday, August 7, 2017

බල්ලො හුකන්නයි අපි ගුටි කන්නයි

සංසර්ගයේ යෙදෙන සුනඛයන් දෙදෙනෙක්

යම් කිසි බ්ලොග් කරුවෙකු ගැන වෙබ් අඩවියක සඳහන් වුණු ප්‍රවෘත්තියක් ගැන විවිධ මත පළවෙමින් තිබේ. අනුන්ට පහර ගහන අයගේ මෙවලමක් වන ඇනෝ පැමිණ මාතලන්ගේ බ්ලොගයේ අදහස් දක්වන්නෙකු කියා ඇත්තේ එම ප්‍රවෘත්තිය මඩ ප්‍රවෘත්තියක් බවත් එය පළවීමට මමත් වගකිව යුතු බවත්ය.

බොහෝ මිනිසුන් අනුන්ව මනින්නේ තමන්ගේ මිම්මෙන් බව රහසක් නොවේ. මඩ වලින් ජීවත් වන්නන් සිතන්නේ අන් අයටද මඩ ගැසීමට හැර වෙන වැඩක් නැති බවයි. මෑතක් වනතුරු අදාල බ්ලොග් කරුවාගේ බ්ලොග් පිටුව මම නිතර කියවන සහ කමෙන්ට් කරන තැනක් විය. ඒ ඔහු උග්‍ර මහින්ද හිතවාදියෙකු වුවත් ඔහුගේ හාස්‍ය සහ උපහාසය ඉතා රසවත් වූ බැවිනි. පසු කාලයකදී එය ඇනෝ වරුන්ට ඔවුන් අකමැති දේශපාලන හෝ අනිකුත් අදහස් දරණ අයට හිතූමතේ මඩ ගැසීමට පමණක්ම වූ බ්ලොග් පිටුවක් වූ පසු එහි කමෙන්ට් කිරීම හෝ චෝදනා වලට ප්‍රති උත්තර බැඳීම අතහැර දැමුවෙමි. එක්තරා හමුවකදී එක් වරක් ඔහු පෞද්ගලිකව හමුවී ඇත්තෙමි. පාසැලේ ආසන්න සමකාලීනයෙකුද වූ ඔහු හමුවීම එකල මට සතුටුදායක දෙයක් විය. පසු කාලයකදී ඔහුගේ බ්ලොග් පිටුව මෙහෙයවූ ආකාරය දුටු විට නම් හමුවීම ගැන ඇති වුණේ පශ්චත්තාපයකි. 

මේ ප්‍රවෘත්තියට අදාල සත්‍ය අසත්‍යතාවය දන්නේ අදාල බ්ලොග් කරුවා සහ ප්‍රවෘත්තියේ දක්වා ඇති පැමිණිල්ල කල අය සහ එය පල කල වෙබ් අඩවියයි. එම ප්‍රවෘත්තිය අසත්‍යක් නම් එයට අදාල අය විසින් මෙලොව සහ බුදුදහම් අනුව සංසාරයේදී එය ගෙවනු ඇත. එය සත්‍ය නම් අදාල පුද්ගලයා එයට මුහුණ දිය යුත්තේ බ්ලොග් ලෝකයේ නොව අන් අදාල අංශ වලදීය. කොහෙවත් පළවූ ප්‍රවෘත්තියක් ගෙන අන් අයට අවලාද නැගීම මට සිහිකලේ ඇම්ඩා ගේ 'බල්ලො හුකන්නයි අපි ගුටි කන්නයි' නම් වැකියයි. 

එකිනෙකාගේ දේශපාලන අදහස් සහ අනිකුත් අදහස් වෙනස් වුවත් මිතුරන් ලෙස එකිනෙකා සමඟ කථා කිරීම හමුවීම අදහස් හුවමාරු කරගැනීමට එය බාධාවක් ලෙස කවදාවත් නොසිතුවෙමි. පිටස්තර ලෝකයේ හිටපු ජනාධිපතිතුමාගේ ආධාර කරුවන් මගේ මිත්‍රයෝ වෙති. ඔවුන් හමුවූ විට දේශපාලන හින්ට් ඇර ගැනීම සැමටම සතුටුවීමට දෙයක් පමණි. මට ඔවුන්ව වෙනස් කල නොහැකි බවත් ඔවුන්ට මා වෙනස් කල නොහැකි බවත් වටහා ගැනීම එම අන්‍යෝන්‍ය ගෞරවයට සහ පිළිගැනීමට හේතුවයි. බ්ලොග් ලෝකයේ ලොකු පුතාද එවැන්නෙකි. උග්‍ර මහින්දවාදියෙකු වන ඔහුගේ සමහර පිළිතුරු කමෙන්ට්  මා තව වරක් සිතීමට පවා පෙලඹවූ අවස්ථා තිබී ඇත. කිහිප වරක්ම හමුවී ඇති ඔහු නැවත කසුන් සහ නිර්මාණී ගේ මංගල උත්සවයේ හමුවී ආශ්වාදජනක පැය කිහිපයක් ගෙවා දැම්මෙමු. එහෙත් දේශපාලනිකව කොන් දෙකක සිටින අපි දෙදෙනා ඉදිරියෙදීද මතවාදීව ගැටෙනු ඇත.

සමාජයක ජීවත්වන විට එකිනෙකාගේ සීමා මායිම් පැණීමට නීතිමය හෝ සමාජයීය අවකාශයක් නැත. එසේ කරන්නේනම් එය නීති විරෝධී ක්‍රියාවක් වේ. එය බ්ලොග් සමාජයටත් පොදු විය යුතුය. එම සීමා මායිම් ගණන් නොගන්නා තම අරමුණු වෙනුවෙන්ම කෙනෙකුගේ පෞද්ගලිකත්වයට හානි කිරීමට මැළි නොවන අය හා කිසිම ගණුදෙණුවකට මගේ කැමත්තක් නැත. එවැන්නෙකුගේ වෘත්තිය, උගත් පාසැල හෝ අන් සම්බන්ධතා කුමක් වූවත් ඔවුන් මනසින් ඉවත් කර දැමීම මට යහපත් බව මගේ පිළිගැනීමයි. එසේ නොකර ඔවුන් ගැන බොරු ප්‍රවෘත්ති මැවීමක් හෝ ප්‍රචාරණය කිරීමක් මා තනියම හෝ අන් කෙනෙකු සමඟ සම්බන්ධවී කර නැති අතර ඉදිරියේදීවත් ඔවුන් පිණුම් ගසනා  පහත් අඩියට වැටීමට මගේ කිසිම අදහසකුත් නැත.

මේ පුද්ගලයාට චෝදනා කරමින් පළවුණ ප්‍රවෘත්තියේ සඳහන් දේ ගැන හෝ එහි සත්‍ය අසත්‍යතාවය ගැන මගේ දැනීමක් නැත. ඒ සිද්ධිය සම්බන්ධ කරගෙන ඒ සම්බන්ධයෙන් මම සහ අන් බ්ලොග් කරුවන් එහි පිටුපස සිටී යැයි කෙරෙන චෝදනා වල සත්‍ය-අසත්‍යතාවය ඉහත සඳහන් කල බ්ලොග් පිටුවේ මා සහ මා දන්නා අය හෝ කරුණු ගැන ඔවුන් කියන දේවල ඇති සත්‍ය-අසත්‍යතාවයට හැමඅතින්ම සමානය.  





මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

46 comments:

  1. සිද්ධිය මොකක්ද කියලා ලොකු අවබෝධයක් නෑ .
    එත් වැඩිය හිතන්න එපා බං ;-)

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මනස්ගාත. නෑ බං එහෙම ප්‍රශ්ණයක් නැහැ. කියන්න තියෙන දේ කිව්ව එච්චරයි.

      Delete
  2. වුවත් යම් කිසි සිද්ධියක්
    මමත් නොදනියි කිසි දෙයක්
    එහෙත් බ්ලොග් ලෝකේ තැනක්
    තුළත් කුමකටදෝ මඩක්....

    ජයවේවා!!!

    ReplyDelete
  3. මෙහෙමයි ඉයන්, මම කිසිදිනක සරසව පුද්ගලිකව අදුරන්නේ නෑ, මමනම් සරසගේ මහින්දවාදී අදහස් වලට බොහෝ දුරට විරුද්දයි, මම ඒ ගැන ඔහුට කෙලින්ම කියල තියනවා, මම දන්නවා ඔහු ප්‍රසිද්දියේ බලවත් පුද්ගලයන්ට පහර දුන්න ඇත්තටම දුර්වලතා ඇති මිනිහෙක් බොහෝදුරට මෙවැනි වැඩ කරන්නේ නෑ, බොහෝවිට සැගවී සිට පහර දීමයි කරන්නේ, මේ හේතු නිසා මම නම් හිතන්නේ නෑ ඔහු මෙවැනි දෙයක් කළා කියල ඔහු එහෙම කරලා තියනවනම් මෙලහකට ප්‍රසිද්ධ මාද්‍ය වල ප්‍රචාරණය වෙලා තියෙයි, මෙය ලංකා ඉනිව්ස් වැනි කිසිම වගකීමක් නැති ඕපාදුප අඩවියක පලවිමම මටනම් සැක සහිතයි.

    මෙතන වරදක් වෙලා තියනවද නැද්ද යන්න හරියටම දන්නේ සරසා ගේ හිත විතරයි. මට මෙතෙක් ලෝකය සමග තියන අද්දැකීම් මත ඔහු නිවැරදි කරු වියහැකි බව සිතෙනවා.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි ලංකික සිතුවිලි

      Delete
  4. හැමදාම කියන දේ මේ මොහෙතෙත් කියන්නම්.

    "තොපි ඔක්කොටම අමු පිස්සු"

    සයිබරෙන් මිදිලා....මහ පොලවේ ජීවත්වෙන්න පටන්ගන්න.එතැන හරි සනීපයි!!! සොරි. වරදවා වටහාගන්න එපා.

    ReplyDelete
    Replies
    1. කිසිම වරදවා වටහා ගැනීමක් නැහැ අරූ. කොහොමද වාස දේස. ලංකාවට එනවා නම් දන්වන්න.

      Delete
  5. ඉයන් මේවා පයිසෙකට ගනන් ගන්න එපා...

    මේ බ්ලොග් ලියන මහත්තුරුන්ගෙම වැඩ..

    ඔබ කව්ද කියලා ඔබ දන්නවා... අපි දන්නවා... ඒ හොඳටම ඇති..

    මම හිතනවා මේ පෝස්ට් එකේ හෙඩිම ඉයන්ට ගැලපෙන්නේ නෑ කියලා..

    ඒ මගේ පෞද්ගලික මතය පමණයි...

    ඔබට මඩ ගහපු ඒවත්... කුමාර්ට මඩ ගහපු ඒවත් තියෙන්න ඇරියේ ඔබලා දෙන්නම් ඒවා ඔහේ තියෙන්න අරින්න කියන නිසා.. අව්ශ්‍ය නම් ඉවත් කරන්නම්..

    වැපිරූ දේ තමයි අස්වැන්නට ලැබෙන්නේ...

    ReplyDelete
    Replies
    1. ///////මම හිතනවා මේ පෝස්ට් එකේ හෙඩිම ඉයන්ට ගැලපෙන්නේ නෑ කියලා..////////

      ++++++++++++
      ඉයන්ට විතරක් නෙමේ,,කාටවත් ගැලපෙන්නේ නැහැ. මොකද බලු පූට්ටු මිසක්, බලු හිකිලි අහලා නැහැ. මේක රෝයල් බල්ලන්ගේ කොන තෙමෙන කාලෙද මන්දා....ඉයන් තමන්ගේ තැන අමතක කරගන්න එපා. අපි කාටත් පොඩි ඔලුවක් තියෙනවා හිතන්න. ඒක වැදගත්.

      Delete
    2. මමත් මේ කතාවෙ අගක් මුලක් දන්නෙ නෑ. නමුත් මාතෘකාව ඉයන්ට තරම් නොවේ.

      Delete
    3. මාතෙ, අරුන, ඩූඩ් මාතෘකාවෙ පාඨය ප්‍රසිද්ධ ඇම්ඩන් විහිළුවක් බව ඔබලා දන්නවා ඇති. නොදන්නවානම් මෙන්න. එක් දිනක් ඇම්ඩන් ගේ පන්තියේ ගුරුතුමිය ඔවුන් දුටු දෙයක් ගැන පන්තියට විස්තර කරන ලෙස කියා ඇත. ඇම්ඩන් ඔහුගේ අවස්ථාවේදී විස්තර කර ඇත්තේ ඔහු පාසැල් එනවිට දුටු බලු පූට්ටුවකි. කථාව අසා කෝපයට පත් ගුරුතුමිය ඇම්ඩාට කම්මුල් පාරක් ගසා ඇත. එවිට ඇම්ඩා "මේක මාර කෙළියක්නෙ, බල්ලො හුකන්නයි අපි ගුටිකන්නයි" කිව්වේලු.

      Delete
    4. //මම හිතනවා මේ පෝස්ට් එකේ හෙඩිම ඉයන්ට ගැලපෙන්නේ නෑ කියලා..//

      මාත් හිතුවේ නොගැලපෙනවා කියලා තමයි.
      පින්තූරෙ කමක් නෑ. Nice beagles.
      වචන ටිකක් අප්සෙට්. සුරංගට කිව්වනම් පරිවර්ථනය කරලා දෙයි

      Delete
    5. හෙඩිම නම් ලොකු අයියට තරම් නොවේ කියන එක තමයි මටත් කියන්න තියෙන්නෙ.

      Delete
    6. මම හිතන්නේ සම්පුර්නයෙන්ම ගැලපෙනවා ඉයන්. ඔය කියන බ්ලොග් කරුවාගේ බ්ලොගයේ මම බ්ලොගකාරයන් ගේ සල්ලි වගයක් වංචා කලාය , කම්බා හොරෙක්ය වගේ ඒවා දිගින් දිගටම ප්‍රතිචාර දමනවා කියල මගෙන් හුඟක් අය ඇහුවා ඇයි පිළිතුරු ලියන්නේ නැත්තේ කියල. සමහර ඒවා එයාගේ නමින්ම දානවා. ලෝටස් අජ්ජා හොරෙක් කියල. එයාගේ මම මොනවා හොරකම් කලාටද මම දන්නේ නැහැ. නමුත් හුඟක් යහළු බ්ලොග්කරුවන් පවා අන්තිමට කියන්න එය මහින්දවාදියෙක් නිසා මේවා දානවා කියල. මම ඒ බ්ලොගයට යන්නෙත් නැහැ කොමෙන්ට් දාන්නෙත් නැහැ.
      මටත් කෙනෙක් ඔය ලංකා ඊනිව්ස් ගිය ලිපියම මාසෙකට විතර කලින් එව්වා. මෙන්න මේක දාන්න ඔයාට පහර ගහනව නේද කියල. මම ප්‍රතික්ෂේප කලා. (එව්වේ කව්ද කියල කියන්න මම කැමති නැහැ - බොරු මේල් නමක් වෙන්නත් පුළුවන්.) දැන් ඒ කවුරුහරිම මගේ බ්ලොගයේත් ඒවා පලකරනවා. හරියට මම ඒක කලා වගේ. ඔය ඒ පැත්තේ ලියන බූරුවෝ ඕව විශ්වාස කරනවා ඇති.
      මම කොහොමත් මගේ පාඩුවේ ඉන්නවා. එළිවෙන දවසට ඕව ඔක්කොම එළිවෙයි.

      Delete
    7. මට ලින්ක් එක එව්වට ස්තූතියි. කිහිප දෙනෙක්ම එවා තිබුන. මම අයර්ලන්තයේ හිටියේ නිවාඩුවක ගිහින්.

      Delete
    8. මම බ්ලොග් දෙක තුනකම් දැක්ක මගෙත් බස්සිගෙත් නම ඇඳලා අමු කුණුහරප ප්‍රතිචාර ලියල තියනවා. ඒ අහිංසක මනුස්සය අපියි තෝරාගත්තේ තිබ්බ නිර්මාණ ශක්තිය ට. නමුත් ඒ වගේ කතා ලියන්න තරම් එවුන්බම තමා මේ බ්ලොග් ලෝකේ ඉන්නේ. ඊට පස්සේ මහත්තුරු වගේ කතා කරන්නෙත් ඔය උදවිය මයි . ඉයන් ගේ හෙඩිමෙන් ඔන්න ඔය නිරුවතට තද පහරක් වදිනවා. වෙල් ඩන්.

      Delete
  6. ඔහුට නීති මගින් දඩුවම් ලැබිය හැකි.බරපතල චෝදනාවක්. ඒ පැමිණිල්ල කර ඇති ආකාරයේ යම් කිසි අවුලක් ඇති බව හිතීම සාධාරරණයි. අනික, ඩෙන්ටෙක් කොහොමද ඔවැනි අපචාරයක් ප්‍රායෝගිකව කරන්නේ කියන එකත් මට හිතා ගන්න බෑ.

    මේ කියන විදියට ඔබටත් (අභූත) චෝදනාවක්.

    මේ සියල්ල විසඳී යාවි කියා සිතා ඉඳිමු.

    හැබැයි මෙන්න මේක නම් බලාඵොරොත්තු වෙන්න එපා.

    /* එම ප්‍රවෘත්තිය අසත්‍යක් නම් එයට අදාල අය විසින් මෙලොව සහ බුදුදහම් අනුව සංසාරයේදී එය ගෙවනු ඇත. */

    මාත් දැන් අවුරුද්දකටත් වඩා කාලයක් ඒ විදියට බලාගෙන ඉන්නවා මට විරුද්ධව නැගුණු ඉතා සුළු නමුත් අභූත චෝදනාවක් කළ අයට එහි ප්‍රතිඵල එනතුරු.
    https://rasikalogy.blogspot.com/2016/08/hear-ye-hear-ye-hear-ye.html

    !!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි රසික.

      Delete
  7. ඉයන්,

    ඔබේ මාතෘකාව ඔබේ කැමැත්ත, නමුත්, මට මතක් වුනේ අලි සම්බන්ධයෙන් ඇති ඔය ආකාරයේ කතාවයි.

    රනිල්-රවි හොරකම් හෙළිවෙන මේ කාලයේ අලි යැයි සාමාන්‍යයෙන් හැඳින්වෙන යූඇම්පීයේ සපෝටර්ලාට එහෙම හිතෙනවා ඇති!

    ReplyDelete
    Replies
    1. ඔව් ඔව් ලොක්කොන්ට පෙන්තවුස් අපිට බැණුම්. ස්තූතියි රසික.

      Delete
  8. //ඔවුන් හමුවී විට දේශපාලන හින්ට් ඇර ගැනීම සැමටම සතුටුවීමට දෙයක් පමණි.// - Ian
    //සයිබරෙන් මිදිලා....මහ පොලවේ ජීවත්වෙන්න පටන්ගන්න// - Aruna Perera

    මේ පෝස්ට් එකේ සහ කමෙන්ට්වල වටිනා වාක්‍ය දෙකක්.
    පෞද්ගලික යාලුකම් හා දේශපාලන මත වෙන්ව තියා ගැනීමට හැකියාව සහ තමන්ට විරුද්ධ දේශපාලන මතයක් අපහාසයෙන් /වයිරයෙන් නොව උපහාසයෙන් / උපේක්ෂාවෙන් පිලිගැනීමට ඇති හැකියාවේ වැදගත්කම මං හැමදාම කිව්වා.
    අනිත් එක බ්ලොග් කියන්නේ තම ලිවීමේ හැකියාව යොදා ගැනීමට, සමහරවිට ඉගනීමට හා විශේෂයෙන් විනෝදයට මිස ජීවිතයට බලපෑමක් කිරීමට ඉඩදියයුතු තැනක් නෙමෙයි.

    සාරස බ්ලොගය ලියන්නේ හුදෙක්ම තම දේශපාලන මත හා ඇජෙන්ඩා සඳහා බව තේරුම් ගත් පසු ඔහු පෞද්ගලිකව යාලුවෙක් ලෙස ආශ්‍රය කිරීමට එය බාදාවක් නොවන බව මට කියන්න පුලුවන්. එහෙත් ඔහුගේ බ්ලොගයේ කමෙන්ට් කිරීම ඉතා විරල අවස්ථාවල හැර විනෝදයක් සතුටක් ගෙන දෙන්නක් නෙමෙයි. ඒ ඔහුගේ ඇනෝ බලකාය නිසා. මං ඇනෝ කමෙන්ට් දාන්නේ නෑ. වෙන අය දාන ඇනෝ කමෙන්ට් සුලුතරයක හොඳ දකිනවා බහුතරයක නරක දකිනවා.

    ReplyDelete
    Replies
    1. //අනිත් එක බ්ලොග් කියන්නේ තම ලිවීමේ හැකියාව යොදා ගැනීමට, සමහරවිට ඉගනීමට හා විශේෂයෙන් විනෝදයට මිස ජීවිතයට බලපෑමක් කිරීමට ඉඩදියයුතු තැනක් නෙමෙයි.// මෙන්න මේක හරි වටිනා අදහසක්. බොහෝ දෙනාට ෆේස්බුක්, බ්ලොග් නැතුව දැන් ජීවත් වෙන්නත් බෑ වගේ වෙලා.

      Delete
    2. එකඟයි ඔබතුමන්ලා සමඟ. ස්තූතියි ප්‍රා සහ උදය

      Delete
    3. ප්‍රා එතකොට සරසා අනිත් මිනිසුන්ට පෞද්ගලිකව ගහන ප්‍රහාර අපහාස ගැනත් ඔබේ මතය ඒකද?

      Delete
  9. පෝස්ට් එකේ හෙඩිම දැක්කම දෙපාරක් බැලුවා මේක Ian's Den මද කියලා. මළ පැනලා ලියපු පෝස්ට් එකක් බව පැහැදිලියි. මම Ian's Den කියවනවා. මල්ලෙ පොල් බ්ලොග් එකත් කියවනවා. සාරස මරාවාදියෙක්. ඉයන් යහපාලන හිතවාදියෙක්(?). දෙදෙනාගේම දේශපාලනය මට බ්ලොග් එක කියවන්න අදාළ නැත. බ්ලොග් දෙකේම කැමති ලිපි කියවනවා. හිතුනොත් කොමෙන්ට් කරනවා. බ්ලොග් ලිවීම වගේම අනෙක් බ්ලොග් කියවීමත් ගොඩක් සීරියස් ගන්න එපා. Aruna කියලා තියෙනවා වගේ මහ පොලවේ ජීවත් වෙමු. සයිබරේ කියන්නේ මයික්‍රෝචිප් කීපයක් විතරයි.

    අවසාන වශයෙන් කියනවානම් ඇනෝ කොමෙන්ට් එකකට තමන්ගේම බ්ලොග් එකේ කක්කා කරගන්න තරම් මම කියවා තියෙන ඉයන් මෝඩයෙක් නොවන බවයි මගේ හැගීම.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදය. ඔබගේ කමෙන්ට් සැමදාම අගය කරනවා

      Delete
  10. ඉයන්,
    මම ඔය විස්තරය දන්නේ නැහැ. ඒ උනත් සිත රිදීමක්‌ වී ඇති බව පේනවා. 'කාලයාගේ ඉක්ම යාම සියල්ල අමතක කරයි' කියා හොඳ කියමනක් තියෙනවානේ. මේකත් ඒ ගණයටම දාන්න. (මටත් කලකට පෙර පින්තුරේ එවුන් වගේ හොඳ බල්ලෙක් හිටියා)

    ReplyDelete
    Replies
    1. A beagle? They are lovely. Why don't you write about him, D?

      Delete
    2. බොහොම ස්තූතියි දයාවී මහත්මයා

      Delete
  11. අම්බෝ හෙඩිම..

    බී කාල්ම් බ්‍රෝ.. අනුන්ගේ කතා වලට කලබල වෙනදට වඩා කරන්න කොච්චර වැඩ තියෙනවද?

    ReplyDelete
    Replies
    1. ඕල්වේස් කාම් කමී. බොහොම ඉස්කෝතුයි.

      Delete
  12. අනේ මංද බොල එකේක කාලෙට එකේක පිස්සු එනවනෙ බ්ලොග් ලෝකෙ.

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් Praසන්ன මොනවහරි සීන් එකක් ආවෙ නැත්නම් බෝරිං නිසා වෙන්නත් පුළුවන්.

      Delete
  13. සාරසටත් ඕකට කලබල වෙන්න දෙයක් නෑ , යකෝ අපි රෝයල් කොල්ලො කියල කිවුවනම් කාන්තා අතවර චෝදනාවෙන් නිදහස්.

    ReplyDelete
    Replies
    1. නෝ කමෙන්ට්ස්. කම්මල බොහොම ස්තූතියි

      Delete
  14. මගේ නම පාවිච්චි කළාට කතෘ භාගය ගෙව්වනම්, කෑෂ් වලින්ම ගෙවන එක තමයි ඇඟට ගුණ...
    නැත්තන් අපිලටත් බඩු බනිස් වෙයි, කරුංක රවී මාමට කෙසේ වෙතත් යේක යෙපිලටනම් කූරු ගනින්ඩ වෙයි...

    මම ඉයන්ගේ වරාය විකිණීම සම්බන්ධ ලිපියට උත්තර දෙන්න පුලපුලා බලා හිටියා, කොහෙද වෙලාවක් තිබ්බේ නැහැ...

    ඔය බලු කේස් එකට වඩා අලි %කති අපි මැරෙති වඳුරා කීවා කියන එක තමයි අපි දන්නේ...
    මාතලන් කිව්වා වගේ ටොපික් එක ටිකක් නරක සමනළයෙක් වගේ ගතියක් තියෙනවා...

    ඒ වගේම සරසට ගහල තියෙන්නේ මඩක් කියන අදහසේ තමයි මම ඉන්නේ, ඔහු මුහුණු පොතේ කියපු විදිහට ඔහු සෙන්ට්‍රල් හොස්පිටල් එකේ වැඩ කරන්නේ නැහැ...
    ඒ වගේම අර ලියුමෙත් ගොසිප් ගතියක් තියෙනවා ඕනෑවටත් වඩා...

    ReplyDelete
  15. මාත් සාරසත් එක්ක ඇති හොඳක්වත් නරකක්වත් නෑ. මගේ බ්ලොග් එකේත් ඔය විදිහටම සාරස ගැන පල් හෑල්ලක් දාලා තිවිලා දැක්ක ගමං මකා දැම්මා. කාටවත් මගේ බ්ලොග් එක ඇතුලේ මං දැනුවත්ව මඩ ගහන්න මම ඉඩ දෙන්නෑ.

    නමුත්, මොකද්ද ඉයන් මහත්තයෝ මේ දාපු හෙඩිම. විචාරක මාමා හිටියනං ඔහෙට බුදියන්න හම්බෙන්නෑ. මේක ඉයන්ගේ අඩවියට වටින්නැති හෙඩිමක්.

    ReplyDelete
    Replies
    1. මම මගේ බ්ලොගෙන් ඒක මැකුවේ නැහැ. මොකද සරසා හිතාමතාම මට අපහස කරන ඒවා පල කරන නිසා. අනිත් ඕනෑම බ්ලෝග කරුවෙක් ට පෞද්ගලිකව අපහාස කරල තියෙන කොමන්ට් මමත් අයින් කරනවා.

      Delete
  16. මම නං පට්ට ආතල් එකක් ගන්නවා මල්ලේ පොලේ මට ගහන මඩ කියවලා.
    පොඩි වාක්‍යයක් දැම්මම මඩ ගෝනියක් ගහනවා.
    ඇනොත් ගහනවා. සරසත් ගහනවා.

    උදාහරණයකට, ඉයන් ව මට ජීවිතේටම මුණගැහිලා තියෙන්නේ දෙවතාවයි. දෙවතාවම නෙලුම් යායේදී.
    ඒ උනාට මඩ ගහන්නේ හැමදාම හවසට දෙන්නා එකට බොනවා කියල. ඉයන්ගේ සල්ලි වලින් මම බොනවා කියලා.
    කියවනකොට හිනා යන්නේ රසික කුනුහරුපයක් නෙවෙයි කියාපු එකෙන්.


    මොනවා උනත් සරසා වැරදි කරුවෙක් බවට ඔප්පු වෙන තුරු ඔහු නිර්දෝෂයි.
    මල්ලේ පොලේ අනුන්ට ගහපු මඩ වල හැටියට සරසට වැදුන මඩක් ගණන් ගන්නවත් බැහැ.
    ඔය වගේ සිද්ධියකට උතුර දකුණ මාරු වෙලා වගේ දුවන එක නම් අනුමත කරන්න බැහැ.

    සරසට කියන්න තියෙන්නේ ඔව්ව ගණන් ගන්නේ නැතිව මඩ පැට්ටේරිය ආයෙත් පටන් ගන්න කියල.

    ReplyDelete
    Replies
    1. // හිනා යන්නේ රසික කුනුහරුපයක් නෙවෙයි කියාපු එකෙන්.//
      ඔය චෝදනා කරපු බවලතත් මේ විදිහටම කුණු හරපයක් නොවන තැනින් හිනා වෙනව ඇහිල සාරසත් දත් තියනවද කියල බලන්න අල්ලල බැලුවද දන්නෙ නෑ.

      Delete
  17. ඉයන් මහතාණෙනි ඔබ මේ ලිපිය ලිවීම ගැන ස්තූතියි. මමත් මාතලන් මහතාගේ ලිපිය කියවා ඊට කමෙන්ට් කරන්න ගියපසු දැක්කේ ඒක අනොල විසින් ගූගොදක් කර ඇති බවය . මුලින් මට මේ පිලිබඳ අවබෝදයක් නැතත් පසුව මමා ඔවුන් ගැන දන ගත්තෙමි. ඔබ ගත් උත්සාහයට බෙහෙවින් ස්තූතියි
    විචාර දියණිය

    ReplyDelete
  18. මෙන්න ඉයන් මමත් පිළිතුරක් ලිව්වා.
    https://kolambagamaya.blogspot.co.uk/2017/08/blog-post.html

    ReplyDelete