Wednesday, July 26, 2017

තෙල් වර්ජනයෙන් අඩපණ වූ රාජ්‍ය බලය ඩැහැගැණීමේ මෙහෙයුම

ගුවන් තොටුපොලට ඉන්ධන රැගෙන පිටත්වූ දුම් රිය මහජන අත්පොල්සන් මැදින් පිටත් වන ඡායාරූපයක් 


දොස්තරවරු, වරාය සේවකයන්, තෙල් සේවකයින්, තැපැල් සේවකයින්, විදුලි සේවකයින් යොදාගෙන මහජන ජීවිතය අපහසුවට පත්කරන වර්ජන රැල්ලක් ක්‍රියාත්මක කරමින් රජය අපහසුවට පත්කර බලය ඩැහැගැනීමට සමහරුන් ගෙනගිය වැඩ පිළිවෙලේ  ප්‍රධානතම  පියවරක් අද අසාර්ථක විය. මෙම වැඩ පිළිවෙලේ ප්‍රධානම අංගයක් වූයේ තෙල් වැඩ වර්ජනයයි. තෙල් බෙදා හැරීම අඩපණ වීමෙන් විදුලිය නිපදවීම, බස් සහ දුම්රිය  ධාවනය, ගුවන් යානා වලට ඉන්ධන සැපයීම ආදී ක්ශෙත්‍ර කිහිපයකටම බලපෑම් ඇතිකිරීමට මෙම පිරිස බලාපොරොත්තු වූහ. දොස්තර වර්ජනයේදී ඔවුන්ගේ සටන් කඩාකප්පල් කිරීමට ආණ්ඩුව ඉදිරිපත් නොවීම නිසා ඉතිරි වර්ජන වලටත් එය එසේම වෙනු ඇතැයි මොවුන් සිතූහ. ඔවුන්ගේ ඒ සැලැස්ම බල රහිත කරවමින් ඉන්ධන අංශය අත්‍යාවශ්‍ය සේවයක් කිරීමටත් ත්‍රිවිධ හමුදා ලවා තෙල් බෙදා හැරීමේ මර්මස්ථාන වල පාලනය කඩාකප්පල් කරුවන්ගෙන් බේරාගැනීමටත් ක්‍රියාත්මක වූ මෙහෙයුමෙන් කුමන්ත්‍රණ කරුවන් අනාථ විය.

රෝගීන් වෙනුවෙන් වර්ජනය කිරීම වැනිම සටන් පාඨ යොදා ගැනීම මේ බොලඳ ප්‍රයත්නයේ ඇතුලත සැලැස්ම විය. ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි, හම්බන්තොට තෙල් ගබඩා, ආදිය 'පෞද්ගලීකරණයෙන්' බේරා ගැනීමට ඉදිරිපත් වන දේශප්‍රේමීන් ගේ භූමිකාවක් තෙල් වර්ජනයට නිර්මාණය වුණේ එලෙසය. බැඳුම්කර ගණුදෙනුවේ රුපියල් මෙන් නොව රටට හිඟ ඩොලර් වලින් වන්දි ගෙවීමට සිදුවූ හෙජින් ගණුදෙනුව, බාල තෙල් ගෙන්වා මහ මඟ වාහන නැවතුන සිදුවීම් ආදියෙහිදී තෙල් සංස්ථාව හෝ මහජනයා වෙනුවෙන් ඉදිරිපත් නොවූ වුන් 'රට' සහ 'දේශප්‍රේමය' වෙනුවෙන් අති සංවේදී කථා පවත්වමින් වර්ජන මෙහෙයවන ආකාරය හාස්‍යජනකය. 

ආසන්න වශයෙන් බිලියන 190 යටකරමින් චීනයෙන් අධික පොලියට ගත් සුළු කාලීන ණයක් මත රජ පවුල විසින් ගොඩනඟන ලද නැව් නැති වරාය අද වෙනතෙන් තව බිලියන 47 ක අලාභයක් ලභා තිබීම සහ එමඟින් රටේ ගෙවුම් සඳහා ඇතිවී ඇති පීඩනය ගැන ඔවුන්ට කිසිම තැකීමක් නැත. එම පීඩනය තරමක් හෝ අඩු කිරීමට වරාය චීන සමාගමකට බදු දීමට රජය කරන උත්සාහය කඩාකප්පල් කිරීම සහ එම ක්‍රියාවලිය තවත් අයුරකින් යොදාගනිමින් වරාය සහ තෙල් සේවකයින් වර්ජනය කරවීමෙන් රට අඩපණ කිරීමට ඔවුන් උත්සාහ කලේ කාගේ වුවමනාවකටද යන්න ඉතා පැහැදිලිය. ලෝකයේ විශාල නැව් ප්‍රමාණයක් හිමි සහ විශාලතම වෙලඳ රටක් වන චීනයට එම වරායට නැව් විශාල සංඛ්‍යාවක් ගෙන්වා ගැනීමට හැකිවීම නිසා ද රටට මුල්‍ය බරක් වෙමින් අපතේ යන වරාය එම තත්ත්වයෙන් මුදවා ගැනීමට උත්සාහ කිරීම ඔවුන්ට වහ කදුරු වන්නේ ඔවුන්ගේ බලය ඩැහැගැනීමේ අවශ්‍යතාවය මත පමණක්මය යන්න රහසක් නොවේ.  

වරායට විශාල වශයෙන් නෞකා ගෙන්වා ගැනීමට හැකියාව පවතින රටක සමාගමකට වරාය බදු දීමෙන් එම වරාය කාර්‍ය බහුල වරායක් වීමත් එවිට වරායට, නැවියන්ට, සේවකයින්ට ආහාර, ඉඳුම්හිටුම් සහ වෙනත් සේවා සැපයීමට හැකිවීම මඟින් විශාල රැකියා සහ ආර්ථික ප්‍රතිලාභ ඔවුන්ගේම ප්‍රදේශය වන හම්බන්තොටට ලැබීම ආර්ත්මාර්ථකාමයෙන් ඉව වහා ගිය ඔවුන් සතුටු වන කාරණයක් නොවීම ගැන පුදුමයක් නැත. වරායට සමගාමීව වෙලඳ කලාපයක්ද ඇතිකිරීමට ලෝකයේ වැඩිම නිශ්පාදන ප්‍රමාණයක් කරන රටට දීමෙන් ඇතිවන රැකියාවන් ප්‍රමාණය  ගැන ඔවුන්ට සතුටු විය නොහැක. එම නිසා වරාය බදු දීම හෝ තෙල්ටැංකි ගැන කියමින් එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු බා ගැනීමට කරන ලද උත්සාහයක්  වැලකී යාම ගැන ඔවුන්ට ඇති හිතේ අමාරුව තේරුම් ගත යුතුය.  

බලාපොරොත්තු නොවූ ලෙසින් තෙල් බෙදා හැරීම හමුදා අතට පත්කිරීමත් ඉන්ධන අංශය අත්‍යාවශ්‍ය සේවයක් ලෙස නම් කර වර්ජනය කරන්නන් රැකියාව හැරගිය වුන් ලෙස සලකන බවට නිවේදනය වීමත් සමඟම බළලා මල්ලෙන් එලියට පැන්නේය. මැදමූලනේ සිට ඇදෙන නූලට නටන ඒකාබද්ධ විපක්ෂයේ මීහරකුන්ට පාර්ලිමේන්තුව තුලදී කලබල ඇති කරන ලෙස නියෝග ලැබිණි. වර්ජන මැඩ පවත්වා මහජනයාට වන අපහසුව මඟහැරීමට රජය කොන්දක් නැතැයි කිවූ වුන්ම  රජය හමුදාව යොදවා තෙල් බෙදා හැරීම පටන් ගන්නා විට කෝපයෙන් නලියන්නට වූහ. 

පාර්ලිමේන්තුව අත්හිටවීමට සිදුවූ පසු වහ වහා වැලිකඩ පොලිසියට ගොස් අත්අඩංගුවට පත් පිරිසට පොලිසිය පහර දුන්නා යයි කියවාගෙන වීඩියෝ ගත කර ඒවා මාධ්‍යට මුදා හරින්නට ඔවුන් උත්සුක වූහ. අද හවසම ප්‍රවෘත්ති සාකච්චා පවත්වා අහිංසක වර්ජකයන් අත්ඩංගුවට ගෙන පහර දී ඇතැයි ප්‍රකාශ කරනු ඇත. 'රටේ සම්පත් රැකගැනීම', 'වර්ජකයන් ආරක්ෂා කිරීම' වැනි පරාර්ථකාමී මාතෘකා යටතේ කොතරම් කෙබර ගෑවත් ඔවුන් මේ නටන්නේ රට පුරා වර්ජන රැල්ලක් ඇතිකර ආණ්ඩු බලය ඩැහැ ගැනීමේ 'මහා සැලැස්ම' කඩාකප්පල් වීමෙන් ඇතුවුණ කෝපය සහ අපේක්ෂා භංගත්වය නිසාම පමණක් බව 'බයි' මානසිකත්වයෙන් නොපෙලෙන සාමාන්‍ය මහජනයාට වැටහෙනු ඇත.

මේ වර්ජන රැල්ල ක්‍රියාත්මක කරන්නේ කවුද ඒ සඳහා මුදල් වියදම් කරන්නේ කවුද සහ කුමක් සඳහාද යන්න තේරුම් ගැනීම වැදගත්ය.  මහජන සේවා වල වැඩවර්ජන ඇතිකර බලය ඩැහැගැණීමේ කුමන්ත්‍රණය පරාජය කිරීමේ ක්‍රියාන්විතය රජය වෙනුවෙන් සැලසුම් කර මෙහෙයවන්නේ එල්ටීටීයී නම් වූ මෙවැනිම ත්‍රස්තවාදීන් කණ්ඩායමක් දන ගැස්වූ ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා විසින් බව නුදුරු දිනයකදී අසන්නට ලැබුණොත් ඒ ගැන පුදුමයට පත් නොවන්න.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

23 comments:

  1. අදත් රටේ එක පැත්තක වර්ජනයක්
    හෙටත් කොහේ ඇතිවේදැයි ඇත සැකයක්
    තවත් මෙහෙම නැටුවෝතින් කළබලයක්
    රටත් දියුණුවත් ගැන ඇත්තේ සැකයක්....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. කළ යුතුදේ ගැන හොඳ අවබෝධයක් රජයට තියෙනවා. එහෙත් දොස්තර වර්ජනයේදී ඔවුන් ඉල්ලන මස් රාත්තල නොදෙන ගමන් අනික් ක්‍රියාමාර්ග ගන්න රජය මැලි වුණා කියලා සිතෙනවා. සමහර විට දොස්තර වරුන්ගේ භූමිකාව කරන්න හමුදා සතු වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව බොහෝ මදි නිසා වෙන්න ඇති.

      Delete
  2. ඉයන්,

    මහින්ද පර්ශවය බලන්නේ මේවගේ වුර්තිය සමිති පාවිච්චි කරලා රජය වට්ටන්න. මොවුන් කියන්නේ රටට ආදරය නිසා මෙහෙම කරන බවයි, මොවුන් කරන වංචාව දකින්න පුළුවන් හොදම තැන තමයි ගුවන් යානා ඉන්දන ලබාදීමට බාදා කරන මොහොත, මොකද රටේ විදේශ සම්බන්දතා වලට අකුල් හෙලීම රටට ආදරේ මිනිසුන් කරන්නේ නෑ. විදේශ වල රට ගැන නරක ප්‍රවුර්තියක් ඇතිකිරීම රටට ආදරේ මිනිසුන් කරන දෙයක් නෙමෙයි.

    මෙනිසා මෙය මැඩපවත් විම කලයුතුම වෙනවා

    හැබැයි මේ අතර හොදහොද සෙල්ලම් එලියට එම ප්‍රමාද කිරීමට යහපාලන රජය උත්සාහ කරනවා, අද පේනවා ඇති රවී ගේ මාලිගා වලට මුදල් ගෙවන්නේ අර්ජුන ඇලෝසියස් බව, මම බය නැතිව කියනවා මේ අතිවිශාල වංචාව පිටුපස සිටින්නේ Mr. Clean ලෙස හදුන්වන රටේ අගමැතිවරයා බව.
    අද වනවිට මහින්දගේ කාලේ දුෂිත දර්ශකයේ 85ට තිබුන අපි අද 95 දක්වා පහත වැටිල https://www.transparency.org/news/feature/corruption_perceptions_index_2016

    ඒ කියන්නේ මේ ආණ්ඩුව මහින්දට වඩා දුෂිතයි !! එක පොඩි හොදකට තියෙන්නේ මහින්ද ගේ කාලයේ වගේ මර්දනයක් පවත්වන්න යහපාලනයට බෑ මොකද මොවුන් අවංක නිසා නෙමෙයි ප්‍රතිවුරුද්ද අදහස් ඇති දෙපිරිසක් බලයේ සිටීම නිසා හිතු මතේ පාලනය කරන්න බෑ

    ReplyDelete
    Replies
    1. ඉයන් ගොයියාගෙ බැඳුම්කර නරිවාදම දැන් රෙද්ද පල්ලෙන් බේරෙන්නෙ. ඕයි ආණ්ඩුව ඔච්චර ජනප්‍රිය නම් පළාත් පාලන චන්දෙ තියන්න කියනවකො. එතකොට තමුසෙ කියන විදියට මහින්ද කුජීත වෙයි. දැන් පළාත් සහා චන්ද එකපාර තියන්න ඕන කියල ඒවත් කල්දාන්න හදනව. කවද්ද ඕයි මහින්ද පරදියි කියල බයට චන්ද කල් දැම්මේ? ඕයි මහින්ද කියන්නෙ හොඳට හරි නරකට හරි පොළවේ පය ගහල දේශපාලනේ කරන මිනිහෙක්. තමුසෙල වගේ අහවල් එක හංගගෙන අහවල් දෙකෙන් කරන්න හදන මිනිහෙක් නෙමෙයි. අනේ ඕයි තමුසෙයි අපියි දන්න දේශපාලනේ.

      Delete
    2. ලාංකික සිතුවිලි බොහොම ස්තූතියි. දූෂණ දර්ශකය ගැන කථා නොකර ඉන්නම්. එය සාපේක්ෂ දෙයක් නිසා. රවී ගේ ගණුදෙණුව ගැන නම් යහපාලන ඡන්ද ගත් අය ලැජ්ජා විය යුතුයි. මගේ අදහස පරීක්ෂණය අවසන් වන තුරු ඔහු තනතුරු වලින් ඉවත් විය යුතුයි. එසේ කියනවාත් සමඟම යහපාලනය යනු හොරකම් නොකරන අය සිටින සමාජයක් බිහිවීම නොවන බවත් එසේ හොරකම් කරන අය ගැන අපක්ෂ්පාතී පරීක්ෂණ පවත්වා දඬුවම් දෙන ක්‍රමයක් බවත් කිව යුතුයි. ඒ අනුව මා සහයෝගය දෙන රනිල්ට වඩා ජනාධිපති තුමා මෙම සිද්ධිය සම්බන්ධයෙන් ගත් ක්‍රියමාර්ග මම අගය කරනවා.

      Delete
  3. "දොස්තරවරු, වරාය සේවකයන්, තෙල් සේවකයින්, තැපැල් සේවකයින්, විදුලි සේවකයින්"
    මේකේ අවුලක් නැද්ද?
    දොස්තරවරු නම් වරාය සේවකවරු, තෙල් සේවකවරු, තැපැල් සේවකවරු, විදුලි සේවකවරු වෙන්න ඕනේ නේද නැතිනම් මහදුරු නලින් වගේ දොස්තරයන් ලෙසට ..

    ReplyDelete
    Replies
    1. ඇත්ත තමයි. එම ආරවුල කීමට උත්සාහ කරණ අදහසට හානි නොවූවායැයි සිතමි.

      Delete
  4. එකෙන්ම ..දනගස්සලා මදි මුන්ට ගෝල්පේස් එකට අරගෙන ගිහින් මුද පැත්තට හරවලා ඔලුවට ඔඩිකොලෝන් දාලා තෙත මාත්තු කරකර ගහන්න ඕනේ බං

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න පව් බං. මේක ආපහු රජවීමේ අරමුදලෙන් කීයක් හරි කඩා ගන්න කරන වැඩනේ. කාගෙ කරපිටින් ආවත් රජවුනාට පස්සෙ පවුලට විතරක් නිසා කඩා කන්න පුළුවන් වෙලාවෙ කඩා ගන්න සෙට් එකක් විතරයි. ඒ වුනාට මිනිස්සුන්ට කරදර වෙන එක වලක්වපු එක හොඳයි

      Delete
    2. එතකොට ඉයන් ස්වර්ගේ සාමදානයේ සැතපිලා ඉන්න මෑණියන්ට හුකන්න මේ ලෝකේ ඉදන් ඇඩ්වාන්ස් සල්ලි ගන්න උඹ වගේ එවුන්ට බ්ලොග් කියවන එවුන් මොනවද බන් කරන්න ඕනේ

      උඹනම් ෂුවර් එකටම පරපෝෂිත ලොන්ත පොල් පොරක් බන් දාපන්කෝ පින්තුරක් කාටත් බලා ගන්න එක්ක
      එක්කෝ ඕනේ නෑ ඊළඟ අවුරුද්දේ උමලගේ සම්මාන උලෙලෙකට ඇවිල්ලා බලගන්නම්කො උඹට අවශුයම උනොත් ස්වර්ගෙට යන කෙටි මාර්ගේකුත් පෙන්නලාම දෙන්නම්කො

      Delete
    3. ඔව් බං මම පරපෝෂිත ලොන්ත පොල් පොරක්. උඹෙ අම්මා ඉන්නෙ ස්වර්ගයෙ නෙවෙයි. අපතයො ජාතක කල පවට එයා ඉන්නෙ අපායෙ. රුපියල් 10/= ට හැමෝටම අල්ලනවා.

      Delete
    4. උඹට ඕන ඒව ලියන්න බ්ලොග් එකක් හදාගනින්. අනුන්ගෙ ඒවයේ රෙන්නෙ නැතුව. මීට පස්සෙ දාන ඒව ස්පෑම් කරනවා. ස්ක්‍රීන් ශොට් අරගෙන රෝල් කරල කොහෙ හරි ගහගනින්.

      Delete
    5. This comment has been removed by a blog administrator.

      Delete
  5. අර උඩ පින්තූරේ අත්පුඩි ගහන්නේ "මරික්කාර්ගේ ජනතාව" නේද :D ? ජය වේවා!!. මට "මර්වින්ගේ ජනතාව" මතක් උනා.

    ReplyDelete
    Replies
    1. ඒකනම් ඇත්ත වෙන්න පුළුවන්.

      Delete
    2. ඔව් අත්පුඩි ගහන්නේ මරික්කර්ගේ ජනතාව එතකොට තොට පෙනුනේ නැද්ද වර්ජනය කලේ ජනවාරි 8 ගෙදරයවපු මහින්දගේ ජනතාව බව ?

      Delete
  6. තෙල් වර්ජනය ඉතා ඉක්මනින් කළමණාකරණය කොට නවත්වන්න ආණ්ඩුවට කොන්ද පණ තිබුන එක ගැන ඉතාම සතුටුයි. මෑත ඉතිහාසයේ ආණ්ඩුව කල හොඳයි කියන්න පුළුවන් එකම දේ මේක වෙන්න ඕනේ.

    //බැඳුම්කර ගණුදෙනුවේ රුපියල් මෙන් නොව රටට හිඟ ඩොලර් වලින් වන්දි ගෙවීමට සිදුවූ හෙජින් ගණුදෙනුව// මෙන්න මේ කතාවට නම් හිනා ගියා. ඒ කියන්නේ බැඳුම්කර ගණුදෙනුවේ පාඩුව හා කමක් නෑ හැබැයි හෙජින් ගනුදෙනුව කුජීතයි හොඳේ වගේද?

    ReplyDelete
    Replies
    1. නැහැ උදය එහෙම කිව්වෙ නැහැ. ඕනම හොරකමක් කූජිතයි. බැඳුම්කර එක රුපියල් ඒ කියන්නේ මේ රටේ සල්ලි. අපඉට ඩොලර් ආදායම් මාර්ග සීමිතයි. හෙජින් ගණුදෙනුවේ අලාභය ගෙවන්න වුණේ ඩොලර් වලින්.

      Delete
  7. වර්ජනය කිරීම ඒ අයගෙ අයිතිය. ඒත් මේ තෙල් සේවකයො නම් කළේ සම්පූර්ණ කඩාකප්පල්කාරී වැඩ. ඒ නිසා හමුදාවෙන් දාල මේ කරපු දේට රජයට සුළු වශයෙන් හෝ කොන්දක් තියෙනවා කියලා පෙන්නුවා. සේවයට එන්නෙ නැති අයව අස් කරලා දාන්න තියෙන්නෙ. ලංකාවෙ ඕනෙ තරම් කට්ටිය ඉන්නවා ජොබ් නැතුව. අනික ලංකාවෙ ඉන්න බහුතරයක් සා.පෙ, උ.පෙ හා කලා උපාධිදාරීන් මිසක් skill එකක් තියෙන කට්ටිය නෙවෙයි. ඒ නිසා ගන්න අයව ආයතනයෙන් වියදම් කරලා පුහුණු කරන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. සුදුසුකම් අඩු වුණාට තෙල් සංස්ථාව, විදුලිබල බණ්ඩලය හොඳම වැටුප් ගෙවනවා. දේශ්පාලන වර්ජන කරන අයට රස්සාව ඕන නැත්නම් වෙන අයට දෙන්න තියෙන්නෙ. බොහොම ස්තූතියි ප්‍රභාත්

      Delete
  8. as usual ගොන් තර්ක

    ReplyDelete
  9. හෙජින් වල සිට බැඳුම්කර දක්වා කියල කාට හරි පොතක් ගහන්න පුළුවන් දැන්.

    ReplyDelete