Friday, June 16, 2017

පොල් මැල්ලුම් ඡානරයේ කථාවක් ලියන්න පුළුවන්ද?

සම්බෝල කෙටීම

ඔය එක එක විකාර ලිව්වට මට කවදාවත් ප්‍රබුද්ධ කථා නම් ලියන්න කිසිම හැකියාවක් නැහැ. ඒ ඔය ප්‍රබුද්ධ කථා ලියන අයගේ තියෙන ලැටරල් තින්කින්ග් එක මට බැරි නිසා වෙන්න ඇති මට තියෙන්නේ ලීනියර් හිතන ක්‍රමයක්. ඕකෙන් ගැලවෙන්න හිත හිතා හිටපු කාලෙක  අපේ ප්‍රවීණ බ්ලොග්කාරිණියකගෙ ප්‍රබුද්ධ මොඩල් එකේ කථාවක් කියවල මෙහෙම අදහසක් ආවා. ඒ තමයි පොල් මැල්ලුම් ඡානරයේ කථා ලිවීම. 

පොල් මැල්ලුම් ඡානරයේ කථා ලියන්නේ මෙහෙමයි

එකිනෙකට සම්බන්ධ නැති කෙටිම කෙටි කෙටිකථා තුනක් කලින් ලියන්න. ඒ සඳහා ඔබ දැනටමත් ප්‍රසිද්ධ කර ඇති කථා එකකුත් හෝ දෙක තුනකුත්  යොදාගත්තට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒ කථා තුන එකිනෙකට වෙනස් කථා තුනක් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ආදර කථාවක්, අතීතකාම කථාවක්, ත්‍රාසය, සත්‍ය කථාවක් වගේ වෙනස් කථා තුනක් ගන්න එක වඩාත්ම හොඳයි. එහෙම නොවුණත් ප්‍රශ්ණයක් නැහැ.

ඊලඟට එක කථාවක එක ඡේදයක් මැල්ලුම් කථාවට කට් පේස්ට් කරන්න. දෙවෙනි ඡේදය හැටියට අර තුනෙන් වෙන කථාවකින් ඡේදයක් කට් පේස්ට් කරන්න. ඊලඟ ඡේදයට තව කථාවකින් ඡේදයක් දෙකක් ආදී වශයෙන් කට් පේස්ට් කරමින් මේ කථා තුන එක මැල්ලුම් කථාවකට හොඳට අනන්න. මැල්ලුම් වගේම අනන තරමට තමයිළු රස. පොල් මැල්ලුම හොඳට ඇනුවම පොල් කොටස මුල ඉඳලම ඒ පාටට, ඒ රසට තිබුණ වගේ පේනවනෙ. ඒ නිසා හොඳට ඇනීම තමයි මේ තියෙන්නේ කථා තුනක් නොව එක කථාවක් කියල කියවන්නා හිතන්නේ. 

මේ අවස්ථාවෙදී හෝ කථා තුන ලියන මුල් අවස්ථාවෙදී කථා තුනම සම්බන්ධ කරන දෙයක් පාවිච්චි කළොත් මැල්ලුමට හොඳට දෙහි දැම්ම වගේ තමයි. ඒ කියන්නේ මුලින් ලියපු කථා තුනේම එක පොදු ස්ථානයක් එකතු කිරීම. ඒ කියන්නේ ඒ තුනේම විහාර මහා දේවී පාක් එකේ යමක් වෙනවා. එහෙම නැත්නම් කථා තුනේම කථා නායකයා හෝ එක චරිතයක් එකම නමකින් ඉන්න එකම කෙනෙක් ආදී වශයෙන්. එහෙම නැත්නම් කථා තුනේම එක වෙලාවක වෙන එක සිද්ධියක් පොදු කරන්න. උදාහරණයකට බෝම්බ පිපිරීමක් වගේ.  එහෙම නැත්නම් එක කථාවක කෙනෙක් සිගරට් එකක් බීල විසිකරණකොට ඒක අනික් කථාවේ චරිතයේ ඔඩොක්කුවට වැටිල ගිණිගන්නව වගේ දෙයක්. 

අන්තිමට මොනවහරි හිතට එන දාර්ශණික වචන ටිකක් හරි පාඨයක් ලියල මැල්ලුම සෑදීම ඉවර කරන්න. ඒක අවශ්‍යමත් නැහැ. නමුත් කථාව ඉවර කරන විදිහත් සාර්ථකත්වයට බලපානව නේ. 

ඔව් ඔව් දුමී මේ ක්‍රමයට 'ප්‍රබුද්ධ' කවිත් ලියන්න පුළුවන් ඇති.

අන්තිමටම යූටියුබ් එකෙන් මොකක් හරි සිංදුවක් තෝරගෙන ඒකත් කථාවෙ පහලට එකතු කරන්න. ඒ සිංදුවේ එන මොකක් හරි පදයක්, අවස්ථාවක්, සිද්ධියක් උඩ තියෙන එක කථාවකට සම්බන්ධ කරන්න පුළුවන් නම් මරු.

ඔයාලත් මේ ක්‍රමයට පොල් මැල්ලුම් ඡානරයේ කථාවක් ලියලා බ්ලොග් එකේ ප්‍රසිද්ධ කළොත් මම ඇර වෙන කවුරුහරි යොදවල තෝරගන්න හොඳම කථා තුනට සුළු තෑගි දෙන්න හිතුණා.  තරඟයට අදාල කාලය අද සිට ජූනි 30 දක්වා. විනිශ්චය කරන කෙනා තෝරාගන්නා හොඳම කථාවට රු. 15,000/=, ඊලඟ එකට 10,000/=, තුන් වෙනි එකට  රු. 5,000/=. ලී කෑලි නැහැ. එහෙම නැත්නම් ඔබ වෙනුවෙන් ඔබ කියන චැරිටි එකකට ඔබේ නමින් එම මුදල් පරිත්‍යාග කරනවා.

මේ පෝස්ට් එක ප්‍රබුද්ධ කථා රචකයන්ට අපහාසයක් හෝ උපහාසයක් ලෙස ලිවූවක් නෙවෙයි. විස්කි අරක්කු නැති අය කසිප්පු ටිකක් හරි පෙරාගන්නව වගේ ප්‍රබුද්ධ කථා ලියන්න හැකියාව අඩු නම් පොඩි කසිප්පු වඩියක් පෙරල බලනව වගේ එකක් පමණයි. මම මේක ඉගෙනගත්තේ බ්ලොග්කාරිණියකගේ පරණ ලියපු කථාවකින්. ඒ කවුද කියල නම් අහන්න එපා. ඇහුවොත් ඔන්නොහෙ උපේක්ෂාසහගත උත්තරයක් දෙනව මිසක් කවුද කියලනම් කියන්නෙ නැහැ. 

 මේක ඇත්තටම අත්හදා බලන්න.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

69 comments:

  1. හෙහ් හෙහ්.. මම හිතුවෙ අර 'වෙන්ටේජ් පොයින්ට්' වගේ ෆිල්ම් එකක් වද්ද කියලා.මේක මේ 'රැඩිකල්' සීන් එකක් නෙ. බලමු සම්බෝලයක් අඹරන්න..
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. Love Actually කියන ෆිල්ම් එක බලල තියෙනවනම් මේ ඡානරය තේරෙනවා. මම ආසම ෆිල්ම් එකක්.

      Delete
    2. Momento තමයි මං නං කැමතිම style එක!

      Delete
  2. එහෙනං සම්බෝ්ලයකුත් අඹරන්න වෙනවා බලමු.

    ReplyDelete
    Replies
    1. ආසාවෙන් බලාගෙන ඉන්නවා ඔබේ සම්බෝලය රස බලන්න. ස්තූතියි නලීන්.

      Delete
  3. කල් යල් බලා කවි ලියලා උන්නු මට
    පොල් ද එලොව පෙනුනා මෙය දැක්කවිට
    රැල් ගා දමා ලුණු මිරිසුත් පදමකට
    පොල් මැල්ලුමත් අඹරන්නට හිතෙයි මට

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බලගෙන ඉන්නේ දුමීගේ මැල්ළුම් කවිය කියවන්න

      Delete
    2. ඉයන්. කවියකට වඩා මැල්ලුම් කතාවක් ලියන්නයි මම හිතුවේ. කවියක්නම් කවි පන්තියක්ම ලියන්න වෙයි. බලමුකෝ.

      Delete
    3. නියමයි දුමී, ලියන්න

      Delete
    4. දුමී කියන්නෙ දක්ශ කෙටි කතා ලියන්නෙක් වැඩිපුර කවි ලිව්වට.

      Delete
    5. මේ තියෙන්නේ මම හදාපු පොල් මැල්ලුමයි.
      http://dumimda.blogspot.com/2017/06/blog-post_27.html#comment-form

      ස්තූතියි රෝමාටත්..

      ජයවේවා!!!

      Delete
  4. අගනා උපදෙසක් ඉයන් . අත්හදා බලන්නමයි හිතෙන්නෙ . ඒක නෙමෙයි .කවුද ඒ බ්ලොග්කාරි?

    ReplyDelete
    Replies
    1. එහෙම නම කියන එක හරි නැහැනෙ සඳවතිය. ඇය මෙහෙම කථා ලියනව කියල නෙමෙයි මම කියන්නෙ. එයාගෙ එක කථාවකින් මේ වගේ සැකිල්ලක් ගැන අදහස ආවේ.

      Delete
    2. ඕ.... ඉයන් කැමති නැද්ද අත්හදා බලන්න ?

      Delete
  5. //ඇහුවොත් ඔන්නොහෙ උපේක්ෂාසහගත උත්තරයක් දෙනව මිසක්//

    අපොයි ඒ අම්මණ්ඩිද? උන්දෑගේ ඔලුවට පොල් ගෙඩියක් වැටිලා පුංචි කාලේ.. එකයි ඔය.. හෙක්..

    මොනා උනත් පාලොස්දාහට බැරි උනත් පන්දාහකටවත් ට්‍රයි එකක් දෙන්න ඕනි.. :)))

    ReplyDelete
    Replies
    1. කමී. ඇත්තටමද? පව් කියල හිතුණ පොල්ගෙඩියට. හරි ගණනන් නිසා පොල් ගෙඩියට හානියක් නොවුණනම් ඒ ඇති.

      Delete
    2. අර රවි කියන වයසක ඩෑල් එක නේද ඔය සම්බෝල බ්ලොග් ඔස්තාජ්

      Delete
    3. Ian & Kalyana,

      /අපොයි ඒ අම්මණ්ඩිද? උන්දෑගේ ඔලුවට පොල් ගෙඩියක් වැටිලා පුංචි කාලේ.. එකයි ඔය.. හෙක්../

      පොලේ වැටුනට පස්සෙ තමයි ඒ අම්මණ්ඩිගෙ තිබ්බ ටෝටල් පිස්සුව බාගෙට පිස්සු තත්වෙට පත්වුනාය කියන්නෙ. එදා ඉඳල අම්මල තාත්තල කරල තියෙන වැඩේ මාස හයකට වගෙ වංගියක් මුන්දැගෙ ඔලුවට අ අඩි දහයක වගෙ උඩක ඉඳල පොලයක් අතෑරල. තාමත් මම හිතන්නෙ ඒ ප්‍රතිකාරය කරගෙන යනව....

      Delete
    4. Ano,

      /අර රවි කියන වයසක ඩෑල් එක නේද ඔය සම්බෝල බ්ලොග් ඔස්තාජ්/

      එහෙනං එහෙනං...:)

      Delete
  6. එතකොට ඔය මළදාන කියවන අපිට තෑගි නැතෙයි? අර කටාර් රටේ ඉන්න, ගුරුවරියගේ සුවාමි පුරුසයා කප් එක උස්සයි කියලා නිකමට හිතෙනවා. කොහොම උනත් සියලු පොල් මැල්ලුම් කතා මලවන්නන්ට ජය වේවා!

    ReplyDelete
    Replies
    1. රවීව විනිශ්චයකරු කරමු.

      Delete
  7. මල්ලෙ පොල් මැල්ලුම්?

    ReplyDelete
  8. නිකංවත් ඕකට ට්‍රයි කරල වැඩක් නෑ බොල. අර මාගල් රවියත් එක්ක හැරෙන්නවත් මෙතන ඉන්න එකෙකුටවත් පුලුවං වෙයි කියල මමනං හිතන්නෙ නෑ. හැක්..

    ReplyDelete
    Replies
    1. රවීව විනිශ්චයකරු කරමු.

      Delete
    2. ඇත්ත රවී අය්යාව විනිශ්චයකරු කරොත් ඇත්තමයි මාත් ලියනවා :) :)

      Delete
  9. මෙම ලිපිය මගින් පහර ගසලා තියෙන්නේ මල්ලේ පොල් අන්තර්ජාල බ්ලොග් අඩවියේ පහිමිකරු සාරස (කොළඹ ආසිරි රෝහලේ විශේෂඥය වෛද්‍ය කුමාර කළුආරච්චි) මහතාට නේද? එතුමා සමග ඔබට ඇති අරෝව කුමක්ද ඉයං? ඇයි සාරසගේ බ්ලොග් එකේ කොමෙන්ට් දාලා සාරසගේ පවුලේ අයට, දුවට එහෙම මඩ ගහන්නේ? ඔබට වඩා හොද පිළිගැනීමක් සාරසට තියෙන නිසාද? ඔබ සමානය රැකියාවක් කරද්දී ඩොක්ටර් කුමාර ඉහලම මට්ටමේ පුරවැසියෙක් නිසා නේද. ඔබේ බ්ලොග් අඩවියට වඩා ඔහුගේ බ්ලොග් අඩවිය ප්‍රසිද්ධ නිසා එයත් ඉයංට ගැටළුවක් නේද? මේ වගේ නින්දිත මඩ ගැසීම් නවත්වන්න ඉයං දැන්වත්. ඔයාගේ දේශපාලනය වෙනස් කියලා මේ වගේ ලිපි ලියලා සාරසට මඩ ගහන්න එපා.

    ReplyDelete
  10. අතුරු කතාවක්!

    Genre කියන්නේ ඡානරය ද ෂානරය ද? ෂොන්රේ කියා කීවා නම් නරකද?

    ReplyDelete
    Replies
    1. රසික ඇත්තටම ඔය වචනෙ උච්චාරණය කරන විදිහ හරියටම දන්නෙ නැහැ. මේක කිව්වෙ නක්කියටනම් නෙවෙයි ඇත්තම ඇත්ත. සිංහල වචනෙ මම රවීගේ පෝස්ට් එකක තමයි දැක්කෙ.

      Delete
    2. සමහරු ෂෙනාරය කියාත් කියනවා.

      මේක ජිජැක් ද ෂීෂැක් ද වගේ කේස් එකක්.

      ;-)

      Delete
  11. මේක හොඳ යෝජනාවක් ඉයන්.

    මාත් ගිය අවුරුද්දේ විතර බ්ලොග් සටහන් වෙනුවට කෙටිකතා ලියන්නම් කියලා අමුඩේ ගැහැව්වාට, තාම එකක්වත් ලියා ගන්න බැරිවුනා.

    !!!

    ReplyDelete
    Replies
    1. සම්බෝලයක් හදන්න මිරිස්, පොල්, ලුණු, ළුැණු, උම්බලකඩ සහ දෙහි ඕනැ නේ. ඒ සේරම හොයා ගන්න කලින්, මුලින් ම ලැබුණු දෙහි ඇඹුල් හිතට අල්ලලා ගිය හින්දා ඒ කතාව අමුවෙන් ම ලියලා දැම්මා.

      http://rasikalogy.blogspot.com/2017/06/those-were-days.html

      සම්බෝල අද නොවෙයි හෙට!

      Delete
  12. ඉයන්,

    පලයං බං යන්න... පුත්තලං ගිහිං තලගොයිත් මරාගන්නව වගෙ නැත්තං මාරපං ගිය කලුවගෙ අමුඩෙ රුන්නෙ කවුද කියල ඇහුව වගෙ හෙමිහිට අර අහිංසකීගෙ නමත් ඈඳුවට ඔහේ මේ තනිකරම කෝචොක් එක දාල තියෙන්නෙ මට...හෙහ්,හෙහ්, අපි නොදන්න මොණරතැන්න.....:)

    ReplyDelete
    Replies
    1. නිදහස් මැල්ලුම්

      Delete
    2. තොප්පිය හරි නම් දාගත්තට කමක් නැහැ බං. උඹේ කථාවල මේ මොඩල් එක නැහැ. ඒකේ අනන්නෙ පොඩ්ඩයි. ඒකෙ වෙනස් කථා දෙකතුනක් කියල පේනවා. එහෙම නැත්නම් පඳුරු තැලීම කියල පේනවා. අනන කථාවල එහෙම වෙන් කරන්න අමාරුයි. ඒවුණාට ආයිමත් තොප්පිය හරිනම් දාගනින්.

      Delete
    3. අනික කවුද බං උඹ කියන අහිංසකී? උපාසක පූසො මීයො දෙන දෙන අල්ලනව වගේ කෙනෙක්ද? හෙහ් හෙහ්. අවාසනාවකට මම කියන ඔය කථාව දැන් හොයා ගන්න නැහැ. චරිතයක් වත් මතක තිබ්බනන් චාන්ස් එකක් තිබ්බා. ඒත් මතක නැහැ. මට උඩ කියපු පෝස්ට් එක මතක් වුණේ උඹේ පෝස්ට් එක දැකල කියන එකනම් ඇත්ත.

      Delete
    4. Ian,

      Just joking...

      / චරිතයක් වත් මතක තිබ්බනන් චාන්ස් එකක් තිබ්බා. ඒත් මතක නැහැ./

      කොහෙ මතක තියෙන්නද බොලේ..ඔය යෝදි ලියන්නෙම ඔය වගෙ එව්වනෙ...

      /මට උඩ කියපු පෝස්ට් එක මතක් වුණේ උඹේ පෝස්ට් එක දැකල කියන එකනම් ඇත්ත./

      මටත් එහෙම හිතුනා...:)

      පලි - අනික මම දන්නව ඉයන් යමක් කියන්ට ඕන කියල හිතුනොත් නම් ගම් ඇතුවම කියනවයි කියල. ...:)

      Delete
    5. මේක තනිකරම රවියට උපේක්ෂා සහගතව ගහපු මඩක්.

      Delete
    6. රවී, තෑන්ක්ස්. මම හිතුව උඹට මල පැන්න කියල. කෝල් එකක් දෙන්න හිටියෙ. ඩූඩ් නෑ බං ඇත්තටම නැහැ.

      Delete
  13. ලියන්නම් එකක් එතකොටත් මන් ප්‍රබුද්ධයි කියලා සමාජයෙන් මාව පිළි ගනියි නෙ

    ReplyDelete
    Replies
    1. පිලිගැනීම කෙසේ වෙතත් හැකියාව බලන්න පුළුවන් නිසා ලියපන් රස්ති

      Delete
  14. ශානරය නෙවීද හිහි
    හැබැයි රෙසපිය නං මරු
    ඒ විදියට එකක් ලියල බලන්නඕන
    හැක්
    :-D :-D

    ReplyDelete
    Replies
    1. ඔව් මහෙශ්. වැරදීමක්. ඔබගේ කථාව කියවීමට බලා ඉන්නවා.

      Delete
  15. හා හා අදම ලියන්න ඕනේ කලින් ලියපු ඒවායෙන් අමුනලා මමත් පොල් මැල්ලුම් කතාවක්.

    ReplyDelete
    Replies
    1. කියවන්න බලාගෙන ඉන්නවා SS

      Delete
  16. ඔය විදියට අර රවියානන්ගෙ පෝස්ට් එකක් කෑලිවලට බෙදලා පෝස්ට් තුනක් හදමුද?

    ReplyDelete
    Replies
    1. රවී ගෙ විරුද්ධත්වයක් නැත්නම් එයාගේ පෝස්ට් 3 ක් උඹ අච්චාරු දාපන්. බොහොම ස්තූතියි සුරංග

      Delete
  17. මේ නම් තනිකරම කුමන්ත්‍රණයක පෙර හුරුවක්.

    ReplyDelete
    Replies
    1. ඔව් අජිත් මේ දවස් වල කුමන්ත්‍රණ කරන එක තමයි කරන්නෙ :) බොහොම ස්තූතියි

      Delete
    2. අර ලී කෑලි දෙන්නේ නැහැ කියන එකෙන් අල්ල ගත්තේ. :)

      Delete
  18. මට කතා ලියන්න දැනෙන්නෙ නැති නිසා රෑට ඉඳිආප්ප කන්න පොල් මැල්ලුමක් හදල ඉයන්වත් මතක් කරගෙන කන්නං.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි හැලපේ . එහෙමවත් කරන්න.

      Delete
  19. කාලෙකින් ලියන්න දෙයක්වත්, ආසාවක්වත් නොතිබ්බ එකේ ඉයන් මාමගෙ අයිඩියාව හොදයි වගේ.

    ReplyDelete
  20. Ian , does this prize money comes out of your own pocket? If so i think i can contribute to it as this is a very selfless work.
    -CP

    ReplyDelete
  21. ලියන්න කම්මැලිකමේ හිටපු මට චෑන්ස් එකක්. කට් පේස්ට් වැඩේ ලේසියි, දාගන ලියනවට වඩා :)

    ReplyDelete
  22. ගාන මදි. මීට වඩා ලොකු ගානක් දෙන්න වටිනවා. සම්බෝල හදන එකත් ලේසි වැඩක් කියලද හිතන්නේ. නොහිතා ලිව්වට මගෙත් තියෙන්නේ මේ සිස්ටම් එකමද මන්දා.

    ReplyDelete
  23. හරියන්නේ නැ හැමෝම ලියන්න හදන එකේ මාත් හදනවා සම්බෝලයක්.... කම්මැලි කමේ හිටියේ අයියේ. ස්තුතී අයිඩියාවට

    ReplyDelete
  24. මගේ අලුත් බ්ලොග් එක මේ වගේ වැඩකට යොදා ගන්න පුළුවන් නේ. බලමු ට්‍රයි එකක් ඊළා.

    ReplyDelete
  25. මමත් ලිවුව මෙන්න ලින්කුව

    https://tharindugelokaya.blogspot.com/2017/06/blog-post_28.html?m=1

    ReplyDelete
  26. බලන්ඩ ඕන කරන්ඩ පුලුවන්ද කියලා

    ReplyDelete

  27. මං හදිස්සියේ ලිව්ව ඡානරය.. මං ඒ වචනේ තේරුම වත් දන් නෑ.. හී හී... වාසිතයේ මිතිලට වගේම, රෝමටත් ස්තූතිය...
    https://worldofaru.blogspot.com/2017/06/blog-post_12.html?m=1

    ReplyDelete
  28. හා හා ලියලා බලන්න ඕනේ

    ReplyDelete