Monday, June 5, 2017

වරදට සමාව ශුවර්



යම්කිසි හේතුවක් නිසා දුම්රියට පැන සියදිවි හානි කරගත්ත T. විජේසිරිවර්ධන නම් තරුණියක් ගැන මේ දවස් වල ප්‍රවෘත්ති පළ වුණා. ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට සතියකට පසුව මෙම සිද්ධිය සිදුවීමත් ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරිණියක වීමත් ඇයගේ ආකර්ශණීය රූ සපුවත් ඇය ගැන විශාල කථා බහකට සමාජය යොමුවීමට හේතු වන්නට ඇති. ප්‍රේම සම්බන්ධයක් නිසා ඇය මෙවන් තත්ත්වයකට පත්වුණා යැයිද එම මරණයට සම්බන්ධ ප්‍රවෘත්ති වල සඳහන් වුණා. තරුණ කාලයේ යම් කිසි හේතුවක් නිසා මගේ ප්‍රියතම බාලිකා පාසැල වූ මිලාගිරියේ ශාන්ත පාවුළු කන්‍යාරාමයේ ආදි සිසුවියක් බවත් එම ප්‍රවෘත්ති වල සඳහන් වුණා.ඒ ඇරෙන්න මේ තරුණිය සම්බන්ධයෙන් හෝ ඇයගේ අකල් වියෝව සම්බන්ධයෙන් මම කිසිම කිසි දෙයක් දන්නේ නැහැ. මේ සිද්ධිය මම කිහිප විටක් ලිවීමට සිතූ මාතෘකාවට ප්‍රවේශයක් ගැනීමට මට සිතුනා. මම මේ කථා කරන මාතෘකාව මෙම තරුණියට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. එම මරණය ගැන කියවූ විට මම ලියන්නට සිටි මාතෘකාව මතක් වීම පමණයි එකම සම්බන්ධය.

පළමුව කිව යුතු දෙයක් නම් අපව අත්හැර යන පෙම්වතියක් හෝ පෙම්වතෙක් වෙනුවෙන් තමන්ගේ ජීවිතය තොර කරගැනීම හෝ වෙනත් හානි සිදුකර ගැනීම කිසිසේත්ම යෝග්‍ය නැතිබව. යමෙකුට තමන්ව එපා නම් එය සිදුවූයේ තමන්ගේ නිවැරදි කරගත හැකි වරදකින් නොවේ නම් එම පුද්ගලයාගේ අත්හැරයාම තමන්ගේ හොඳට සිදුවූවක් ලෙසම දැකිය යුතුයි. එක්තරා අන්දමකින් විවාහය සහ දරුවන් ලැබීමට පෙර යමෙකු අතහැර යාම ඊට පසු වෙනවාව වඩා හොඳයි. අනික එවන් අතහැර යන  පුද්ගලයෙකු එසේ යන්නේ ඔහු හෝ ඇය ආදරය කර ඇත්තේ හෝ ආකර්ෂණය වී ඇත්තේ ඔබට නොව ඔබගෙන් ලබා ගැනීමට හැකි හෝ ඔබගෙන් ලබා ගැනීමට බලාපොරොත්තු වූ දේකට යන්න පැහැදිලි නිසා. 

තරුණයෙක් හා තරුණියක් යන දෙනාගෙන් තරුණියට විශාල අසාධාරණයක් සිදුවන දෙයක් තමයි ආසියාතික රටවල තරුණියගෙන් ඇයගේ කන්‍යාභාවය ආරක්ෂා කරගැනීමට සමාජය බලාපොරොත්තුවීම. බොහෝ තරුණයන් තමන් ආශ්‍රය කරන තරුණියගේ ආරක්ෂාව තහවුරු කලත් එසේ නොකරන අයත් බොහොමයක් සිටින බව රහසක් නෙවෙයි. තරුණියගේ කන්‍යා භාවය අහිමි වුවහොත් තරුණයාට වන හානියක් නැති වුණත් තරුණිය ඉන් මහත් අවාසිදායක තත්ත්වයකට පත් වෙනවා. ඉන්පසුව තරුණයා තමන්ව අත්හැර නොයා තබා ගැනීමට තරුණියට විවිධ කැපකිරීම් කරන්න වෙන්නත් ඉඩ තියෙනවා. එවන් සිදුවීමකින් පසුව තරුණයා අත්හැර ගියොත් තරුණිය පත්වන්නේ මහත් අපහසු තත්ත්වයකට. 'වරදට සමාව දෙන' වර්ගයේ මංගල යෝජනා පළවන්නේත් එවන් තරුණියන් සමඟ විවාහවීමට යැයි ඉදිරිපත්වී ඔවුන්ව අපහරණය කිරීමට පෙලඹෙන පිරිමින් බිහිවී ඇත්තේත් සමාජයේ ඇති මෙම ඒක පාක්ෂික මිනුම් දණ්ඩ නිසාමයි.

හානිවන කන්‍යාපටලය සැත්කමක් මඟින් ඒ හා සමාන පටලයකින් 'ප්‍රතිෂ්ඨාපනය' කරන කුඩා සැත්කමක් තිබෙන බව සමහර අය දන්නවා ඇති. ඒ ගැන මෙතනින් කියවිය හැකියි. මෙතෙක් කල් තරුණියන්ට තිබූ අවාසිදායක තත්ත්වයක් සමනය කිරීමට මෙම සැත්කම ගැන වැඩි දෙනෙක් දැන ගැනීම වැදගත් වෙනවායැයි මම සිතනවා. මෙම සැත්කම මඟින් එවන් අවාසිදායක අවස්ථාවකට මුහුණ දෙන තරුණියන්ට යහපතක් වනවා. මම දන්න තරමින් ලංකාවේ සියළුම පෞද්ගලික රෝහල් වල මෙම සැත්කම සිදුකරනවා. රජයේ රෝහල් වල එය සිදුකරනවාදැයි මම දන්නේ නැහැ. එසේ නැත්නම් එම රෝහල් වලත් මෙම සැත්කම සිදුකල යුතු යැයි මම සිතනවා. මේ සඳහා කාන්තා ශල්‍ය වෛද්‍යවරියක ගේ සේවය ලබා ගැනීම වඩා සුදුසුයි. නාරහෙන්පිට ලංකා හොස්පිටල් පෞද්ගලික රෝහලේ මෙම සැත්කම කරන ශල්‍ය වෛද්‍යවරියක් සිටිනවා. මෙහෙට සමාන සමාජ පිළිගැනීම් ඇති ඉන්දියාවේ දැන් මෙම Hymenoplasty සැත්කමට විශාල ඉල්ලුමක් පවතින බව කියෙවෙන ලිපියක් මෙතන.  

කාන්තාවන් එකෙකු හෝ කිහිප දෙනෙකු සමඟ සංවාසයේ යෙදී විවාහ වන විට නොඉඳුල් කන්‍යාවන් සොයන කුහක පුද්ගලයන්ට සහ කුහල සමාජයට ලැබුණු හොඳ කනේ පහරක් ලෙස තමයි මට නම් මෙම සැත්කම පෙනෙන්නේ. ඔබ දැනුවත්ව හෝ නොදැනුවත්ව මෙම අවාසිදායක තත්ත්වයට පත්වී මානසික පීඩා විඳින තරුණියක් සිටීනම් හෝ සිටීමට ඉඩ ඇත්නම් ඔවුන්ට ප්‍රයෝජනයක් වන සේ මෙම විස්තරය සැමදෙනා සමඟම බෙදාගන්නා ලෙස ඉල්ලා සිටිනවා.

තුන්වන වරටත්, මම මේ කථාකල  මාතෘකාව ඉහත සඳහන් සිය දිවි හාණි කරගැනීමේ සිද්ධියට කිසිම සම්බන්ධයන් නැති බව කිව යුතුයි. ඇයගේ සිත කම්පාකල දෙයින් ඉහත සිද්ධිය නිසා බේරී ගියත් වසර ගණනක් උස්මහත්කල දරුවෙකුගේ වියෝව දරා ගැනීමට සහ ජීවිතයේ අස්ථිර බව තේරුම් ගැනීමට මියගිය T. විජෙසිරිවර්ධන තරුණියගේ ඥාතීන්ට සහ ඇසුරුකල අයට ශක්තිය ලැබේවා යන්න මගේ ප්‍රාර්ථනයයි. ඇයටත් සසරේදී මෙවන් දුකක් අත්නොවේවා යන්න මගෙ පැතුමයි. මේ ලිපිය කියවීමෙන් කෙනෙකුට යම් ප්‍රයෝජනයක් හෝ සහනයක් වුණොත් ඒ පින් මෙම තරුණියට අත්වේවා.


මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

93 comments:

  1. //'වරදට සමාව දෙන' වර්ගයේ මංගල යෝජනා පළවන්නේත් එවන් තරුණියන් සමඟ විවාහවීමට යැයි ඉදිරිපත්වී ඔවුන්ව අපහරණය කිරීමට පෙලඹෙන පිරිමින් බිහිවී ඇත්තේත් // ලංකාවේ තියෙන ඔය විවාහ සම්භන්ද කාලකන්නි මතයේ කුරිරු බව ගැන හොඳම මිනුම් දණ්ඩක් මේක..

    ගෑණු මිනිස්සු විවාහය කියන සම්භාන්දතාවය නිවැරදිව තේරුම් අරගෙන කසාද බඳින/ වෙන්වෙන යුගයක් එළඹේවා!

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ තව වුරුදු 20 ක් විතර යනකොට හරියයි. ස්තූතියි කමී.

      Delete
    2. ඉස්සර තරම් දරුණු මට්ටමට කන්‍යාභාවය හොයන ලෙඩේ දැන් නෑ.
      අවු 20 කින් තව අඩුවෙයි

      Delete
    3. ප්‍රා මේව හොයනව දැන් අඩුයි. තව අවුරුදු 20 කින් ප්‍රා මේව හොයන්නෙම නැතිවෙයි, හැක්

      Delete
  2. බොහොම අගෙයි.. ඉස්සර ඔය සැත්කම කොරනවයි කියල ගුබ්බෑයම් අස්සෙ,ඇබෝශන් ඩොකාල ළමයිව තවත් අනාත කලා.පිළිගැනීමක් ඇති තැනක විවෘත්ත භාවයකින් ශල්‍යවයිද්‍යවරියන් විසින්ම සැත්කම මෙහෙයවනවා කියන්නෙ රැවටීමට ලක්වුනු දැරියන්ට හොඳ ආරංචියක්.ඇත්තටම දැරියන්ට වඩා ඔවුන්ගේ දෙමාපියන්ට හොඳ ආරංචියක් වෙයි.
    (කොල්ලො ටික බය නැතුව වැඩේට බහින්න කලින් ඔය සැත්කමටත් තියන සීමා මායිම් හොයල බලල හිටිය නම් හොඳ.. හෙහ් හෙහ්.)
    ජයවේවා..!!

    ReplyDelete
    Replies
    1. හෙහ් හෙහ් ගස්. බලපං උඹට මතක් වෙච්ච එක. ඒකෙත් ඇත්තක් තියෙනවා.

      Delete
  3. හිත කැඩිල බිඳිල ගියාට පස්සෙ හදාගන්න ක්‍රමයක් නැද්ද දන්නෙ නැහැ. අමාරුම වැඩේ ඒකනෙ.

    ReplyDelete
    Replies
    1. ඒකට හොඳම Multibond. ඇලෙව්වොත් ඇලෙව්වාමයි :)

      Delete
  4. හැඟුමකින් යම් දිනක රත්වී නොසිතු මොහොතක ඇවිළුණූ
    තරුණියන් මේ රටේ තවමත් හිඳියි සිනහව හැංගුණූ
    මොහොතකින් තම අනාගතයම අඳුරු කෙරුමට නොසිතණූ
    රහසකින් වූ වරද නිවැරදි කිරීමට මෙය කියවණූ.........

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි දුමී කවියට.

      Delete
  5. ලිංගික අධ්‍යාපනය taboo subject එකක් වන රටක මෙවැනි දේවල් පුදුමයක් නෙවෙයි. "සුළු වරදකින් දරුවෙකු සිටී" කියලා මංගල දැන්වීමක් කාලෙකට කලින් දැක්කා.

    ReplyDelete
    Replies
    1. දරුවෙකු ඇතිවන්න අවශ්‍ය වන්නේ සුළු වරදක් නම් තමයි. කලලය නැති නොකර දරුවා බිහි කිරීම ඇය කල හොඳ දෙයක් ලෙස මට හිතෙනවා. බොහොම ස්තූතියි උදය.

      Delete
  6. කෙල්ලන්ට හොඳ ආරංචියක් නේද. හැබැයි මේ සැත්කමට සල්ලි ගොඩක් වියදම් යනවා ඇති.

    ReplyDelete
    Replies
    1. ස්තූතියි හැලපේ. මම නම් හිතන්නේ සමාජයටම හොඳක් වෙන දෙයක් කියලා. මම හිතන්නේ සැලකියයුතු වියදමක් යනවා ඇති. එහෙත් එවන් සැත්කමක් කල හැකි බව සමාජය දැනගැනීම සමහර විට රජයේ රෝහල් වල රහසේ හෝ එවන් සැත්කම් කරගන්නත් අවස්ථාවක් ඇතිවෙන්න පුළුවන්. දෙවෙනි කරුණ එලෙස සැත්කමක් කරගැනීමට හැකි බව සමාජය දැනගැනීමම කන්‍යාභාවයට දෙන නොනිසි තැන ක්‍රම ක්‍රමයෙන් හෝ අඩු වෙන්නත් හේතුවක් වෙයි.

      Delete
  7. //කාන්තාවන් එකෙකු හෝ කිහිප දෙනෙකු සමඟ සංවාසයේ යෙදී විවාහ වන විට නොඉඳුල් කන්‍යාවන් සොයන කුහක පුද්ගලයන්ට සහ කුහල සමාජයට ලැබුණු හොඳ කනේ පහරක් ලෙස තමයි මට නම් මෙම සැත්කම පෙනෙන්නේ.//

    ඒ අයට නම් එහෙම තමයි.

    ඒ වගේම කිසම කාන්තවක් සමග සංවාසයේ නොයෙදුණු කෙනෙකු එවැනිම තරුණියක බලාපොරොත්තු වීම වරදක් කියන්නට බැහැ. එවැනි අයට ඔය කනේ පහර වැදීම නම් සාධාරණ නැහැ. හයිමන් රිපෙයාර් වැනි සැත්කමක් කල බව තහවුරු කර අධිකරණයට ගියොත් පවතින නීතිය යටතේ සංකීර්ණ සිදුවීමක් වෙන්නත් පුළුවන්. ඒ වගේම හයිමන් රිපෙයාර් කල බවත් සොයා ගන්න පුළුවන් වෛද්‍ය පරීක්ෂාවකින්. අනික එහෙම පෙම්වතෙක් සමග වැනි බොහෝ වාර සංක්‍යාවක් ලිංගිකව එක්වීමෙන් දැඩි ලෙස බිදී ගිය කන්‍යා පටලයක් නැවත රුධිර වහනයක් ඇතිවන සේ එකලස් කරන්න අමාරුයි.

    ReplyDelete
    Replies
    1. පළමු කොටසට එකඟයි. දෙවන කොටස ගැන අදහසක් කියන්න මට වෛද්‍ය විද්‍යාත්මක දැනුමක් නැහැ. එහෙත් මම හිතන විදිහට හානිවූ දෙයක් එකතු කිරීමකට වඩා වන්නේ ශරීරයේ වෙන තැනකින් ගන්නා පටලයක් ඒ සඳහා යොදා ගැනීමයි.

      Delete
    2. Hymen surgery Briefly,

      Simple repair

      Repairing the hymen consists of piecing together the remnants by closing the tear, and is carried out as closely as possible to the date of the wedding. It is a very simple procedure that must be done at least 1 month to 6 weeks before the wedding so the internal sutures have disappeared completely. This procedure is well tolerated under local anaesthetic.

      Alloplant

      A tear-through biomaterial can be inserted. This is also a temporary measure, carried out shortly before marriage.

      Vaginaplasty

      This is a 'larger operation' where an incision is made in the vaginal membrane and both sides are pulled and stitched together. This must take place plenty of time before the wedding night so that it has time to heal. The procedure is performed under intravenous sedation and on an outpatient basis. The operation takes between one and two hours, and the patient can return to work the next day. Dissolvable stitches are used.

      Delete
    3. Thank you Ano for providing this information.

      Delete
  8. මහත්තයගේ නෝනාව වෙන කෙනෙක් අදිනවට ආසද?

    ReplyDelete
    Replies
    1. ඇනෝ මම මගේ විවාහයෙන් වෙන් වූ කෙනෙක්. ඇය නැවත විවාහකයි. එමනිසා ඔබේ ප්‍රශ්ණයට පිළිතුර මට ඇය ගැන සතුටුයි කියන එකයි. එහෙත් ඔබගේ ප්‍රශ්ණය පෝස්ට් එකේ මාතෘකාවට අදාල එකක් නම් නෙවෙයි.

      Delete
  9. සමහරවිට ඒ ළමයගෙ පස්නෙ වෙන එකක් වෙන්න බැයිද ඉයන්. අනික ඒ ළමයට ඔය පස්නෙ තියෙන්න විදියක් නෑ මට හිතෙන හැටියට.
    ඒක අල්ලල දාන්න
    ලංකාවෙ චීචර්ලත් ඔය සබ්ජෙක්ට් එක උගන්නන්නෙ නහය වහගෙන. ඒ වගේ තත්තයක් තියෙන රටක අර පටල රිප්ලේස්මන්ට් සැත්කම් වලටත් හොද ඉල්ලුමක් තියෙයි නේහ්

    ReplyDelete
    Replies
    1. මහේෂ්, බොහොම ස්තූතියි. මේ තරුණියට තිබුණ ප්‍රශ්ණය මොකද්ද කියන්න මම දන්නේ නැහැ. මේ මාතෘකාව ගැන ලියන්න කළින් හිතාගෙන හිටියා. මේ සිද්ධියෙන් ඒක ලිවීමට මතක් වුණා පමණයි.

      මෙම සැත්කම ගැන සමාජය දැන ගැනීම මට නම් පෙනෙනේ එක ගැහැණුන්ටත් පිරිමින්ටත් level playing field එකක් ලැබීමක් විදිහට.

      Delete
  10. පිරිමි ලමයි අර අරක හදාගන්ඩ විදිහක් ‍නැද්ද තාම

    ReplyDelete
    Replies
    1. මොකක් හදාගන්නද අටම්? උඹට ඔය මෙශින් හදන්න පුළුවන් එකේ පිරිමින්ගේ ඒව කැඩුනම හදන්න පුළුවන් වෙන එපායෑ?

      Delete
  11. දැන් ගොඩක් දුරට ලංකාවේ ඔය චාරිත්‍රය කෙරෙන්නේ නෑ මම දන්න විදිහට. මම කිව්වේ ඉස්සරට සාපේක්ෂව.

    ReplyDelete
    Replies
    1. ඒ වෙනස්වීම සිදුවීම ඉතාම හොඳ දෙයක්. බොහොම ස්තූතියි සයුරි

      Delete
  12. ඉයන්,

    //එක්තරා අන්දමකින් විවාහය සහ දරුවන් ලැබීමට පෙර යමෙකු අතහැර යාම ඊට පසු වෙනවාව වඩා හොඳයි.//
    මම අසා තිබෙන කතාවක් තියනවා "පුද්ගලයකුට තමන්ගේ බිරිද ගෙන් හෝ සැමියාගෙන් වෙන්වීම පහසුයි නමුත් තම දරුවන්ගෙන් වෙන්වීම අපහසුයි.
    විශ්ව විද්‍යාල අද්යාපනයකින් පසුව වත් ලෝකේ තිබෙන යතාර්ථය තේරුම් ගැනීමට අපහසු වීම ගැන කනගාටුයි.

    // තරුණියගේ කන්‍යා භාවය අහිමි වුවහොත් තරුණයාට වන හානියක් නැති වුණත් තරුණිය ඉන් මහත් අවාසිදායක තත්ත්වයකට පත් වෙනවා.//
    මෙය තරුණියන් තදින් මනසින් අවබෝද කරගතයුතු දෙයක් මොකද අද ලෝකයේ සමහර පිරිමින් ඉන්නවා ඔවුන් හැකි උපරිම ලෙස කාමය වරදවා හැසිරෙනවා එහම උනත් ඔවුන් බලාපොරොත්තු වෙන්නේ පතිවත රකින නොඉදුල් බිරියක්,

    මෙනිසා අතිගරු ජනාධිපති J R ජයවද්දන ජනාධිපති තුමා දීල තියන (මම කැමතිම උපදෙස් පාටය ) "තමන්ගේ ආරක්ෂාව තමන් විසින් සිදුකරගැනීම "වැදගත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඇත්ත ලාංකික සිතුවිළි. ඒත් තරුණ අයට ආවේග පාලනය කරගැනීමට අපහසු වෙන්න පුළුවන්. එහෙම නැත්නම් පෙම්වතා වෙන කෙනෙක් ගාවට යයි කියන එක. මේ දෙයින් වෙන්නේ පෙම්වත එයින් පසුව විවාහ නොවුනොත් ඒකට සහනයක්.

      Delete
    2. ඉයන්,

      මම නම් හිතන්නේ මෙහෙම ජීවිතය නැතිකර ගන්න ඉස්සල්ල තමන් ගේ දෙමාපියෝ ගැන සිතන්න ඕනේ, මෙහෙම කිරීම කොච්චර ආත්මාර්ථකාමී දෙයක්ද කියල හිතන්න ඕනේ.

      Delete
    3. සම්පූර්ණයෙන්ම එකඟයි ලාංකික සිතුවිලි.

      Delete
  13. මම ඔබතුමාගේ කියවපු අගනා ලිපියක්. මෙය තවත් සවිස්තරාත්මක වුණානම් මෙම ලිපිය ඔබ මෙතෙක් ලියා ඇති සමාජීය වශයෙන් අතිශය වටිනාම ලිපියක් වෙන්න තිබ්බා. පුළුවන්නම් මීටත් වඩා එම සැත්කම් පිලිබද සවිස්තරාත්මක ලිපියක් ලියන්න. එය වචනයෙන් කිව නොහැකි තරම් වටිනා දෙයක් වේවි. මොකද මන් මගේ කෙටි ජීවිතය තුළ විවිධ තරාතිරම් තුළ මෙම කාරණාව නිසා ජීවිතය කාලකණ්ණි කරගත් විශාල පිරිසක් දැකලා තියෙනවා. සමාජයේ එක්තරා ඉහළ මට්ටම සිටින්නවුන්ට මේක හිතන්නවත් දෙයක් නෙවෙයි. ඒත් සංස්කෘතික ගෙම්බන්ගෙන් පිරුණු අපේ රටේ බොහෝ නව යොවුන් තරුණියන්ට මෙය දැඩිව ජීවිතයට බලපා ඇති කරුණක්. ඔහුන් ඇත්තටම ගෙවන්නෙ කාලකණ්ණි ජීවිතයක්. මොහුන්ගේ අන්තිම නැවතුම රේල් පීල්ලක් විතරක් නෙවෙයි ස්පා එකක්,මඩමක් වුනත් වෙන්න පුළුවන්.

    සත්‍ය අසත්‍ය තාවය දන්නෙ නෑ.මන් මීට පෙර අසා ඇති ආකාරයට රුපියල් 16000ක් වැනි මුදලක් මේ සදහා වැයවෙන බව කොහෙන් හෝ අසා හෝ දැක තිබෙනවා.

    ReplyDelete
    Replies
    1. මේ සැත්කම ගැන වෛද්‍ය විද්‍යාත්මකව කියන්න මගේ දැනීම නම් මදියි රස්ති. උඹ් දන්න කෙනෙකුට කරගන්න ඕනනම් ලංක හොස්පිටල් එකේ කාන්තා ශල්‍ය වෛද්‍යවරියක් ඉන්නවා කරන. එහෙම නැත්නම් ඕනෑම කාන්තා ශල්‍ය වෛද්‍යවරියක් හමුවුණොත් ඒගොල්ලො වැඩි විස්තර දෙන්න දන්නව ඇති.

      Delete
    2. රස්ති ගේ කතාව හරි. එත් දුප්පත් කම හින්දා කෙලෙසෙන කෙල්ලන් අන්තිමට වැටෙන්නේ මඩමකට හරි ස්පා එකකට හරි තමයි. එත් ඔය කියන සැත්කම කරගෙන හරි ආපහු අර නාරාවලෙන් ගොඩ එන්නේ කීයෙන් කීදෙනාද? මුදල් තිබුනත් ආයෙත් ඒ වලෙන් ගොඩ ඒමක් ගැන ඔවුන් හිතන්නේ නෑ.

      Delete
    3. අසංග ඔබ හරි වෙන්න පුළුවන්. එහෙත් එහෙම අව්ශ්‍ය වෙන කිහිප දෙනෙක් හරි ඉන්න පුළුවන්. ඒ කෙනෙකුට හරි මේක ප්‍රයෝජනවත් වෙයි. එම නිසා මේ සැත්කම ලංකාවේ කරගත හැකිවීම ගැන මට නම් සතුටුයි.

      Delete
    4. නෑ ඉයන් මහත්මයෝ මම අදහස් කලේ ඔවුන් තාම ගතානුගත්වයේ ඇලිගැලි සිටිමය ගැනයි. අපි කොච්චර 21 වන සත වර්ෂවටත් එහා නවින දේ ගැන කතාකලත් තාමත් මිත්‍යා මත කරපින්නාගෙන ඉන්නා එක ගැනයි. ඔබේ ලිපියෙන් එය වලක්වාගන්නට කරපු උත්සාහය ප‍්‍රසංසනීයයි.

      Delete
    5. බොහොමත්ම ස්තූතියි අසංග

      Delete
  14. හිතවත් ඉයන්,
    ඉතාමත් සාරඝර්භ කාලීන ලිපියක්. අපේ සංස්කෘතික පසුබිමම කරපින්නා ගෙන සිටින අයගේ ඇස් ඇරවිම සඳහා හොඳ ප්‍රවේශයක්. මෙම සංසිද්ධිය පිළිබඳව ආගම් වල තිබෙන, කතිකාවන්ට වැඩිපුර ලක් කර නොමැති, සංවේදී කරුණු විද්‍යාත්මකව තේරුම කර අද සමාජයට ගැලපෙන ආකාරයට සංශෝධනය කිරීමට දැන් කාලය එළඹ තිබේ. මේ සඳහා සංවාද මණ්ඩපයක් මෙම මාධ්‍යය මගින්වත් බිහිවේවායි ප්‍රාර්ථනා කරනවා.

    ReplyDelete
    Replies
    1. සමාජය හිතන විදිහ වෙනස් කරන්න නම් බොහොම අමාරු වෙයි නේද දයාවී. ඒවුණාට් මේක වෙනස් කරන්න තරුණයො පෙරමුණ ගන්නව නම් හොඳයි තමයි.

      Delete
  15. ඔය මගුල තියනවද කියලා බලන පිරිමි තවමත් ලංකාවේ ඉන්නවද ..පිස්සු යක්කු..
    මේ ගැන පිරිමි අය ගොඩක් උනන්දු වෙයි...උන්ට හිත රවට්ට ගන්න.

    ReplyDelete
    Replies
    1. ඔව් මෙන්ඩ. බොහොම ස්තූතියි

      Delete
  16. ඔය පෙට්ටගම ගැන හොයනවට වඩා වටින්නෙ තමුන් ජීවත්වෙන සමාජෙ පොලවෙ පයගහල ජීවත් වෙනවාද කියන එකයි. ඒක බැරිනං පටල් හතකිං වහල රිජිපෝම් පෙට්ටියෙ දාලා තිබුනත් වැඩක් නෑ.

    ReplyDelete
    Replies
    1. ඒක ඇත්ත සුරංග. ගතිගුණ, එකට ජීවත් විය හැකිද යන්න තමයි වටින එකම දෙය.

      Delete
    2. //වටින්නෙ තමුන් ජීවත්වෙන සමාජෙ පොලවෙ පයගහල ජීවත් වෙනවාද කියන එක//

      ++++

      Delete
    3. සුරංග කාර් එකක් ගත්තට පස්සෙ පොළවෙ පයගහනව ගොඩක් අඩුයි කියල ප්‍රා කිව්ව.

      Delete
  17. යථාර්තායට සහ ගැටලුවකට කෙලින් මුහුණ දෙන්න තියන බයක්...මෙවැනි විසඳුම් වලින් වෙන්නේ තව දුරටත් නොමඟ යැවීමක් සහ සමාජයේ පවතින යල් පැන ගිය අදහසකින් මිත්‍යාවකින් මුදල් උපයන ව්‍යාපාරයක් අවස්ථාවදීව බිහි වීමක් පමණක් නොවේද ?

    අනියම් අයුරින් ඔබ කර ඇත්තෙද මේ යල් පැන ගිය අදහස තව දුරටත් පවත්වා ගන්න උල්පන්දීමක් ඉයන්. ඔබේ ලිපියේ මාතෘකාවත් කරන්නෙත් එවැනිම දෙයක්.. මොකද්ද ඔබ ඔය කියන වරද...

    කීයක් වියදම් කරලා හැදුවත් කන්‍යාභවය හොයන කෙනෙක් සමඟ හිතට එකඟව ජිවත් වෙන්න පුලුවන් ද... එය තව බොරුවක් නොවේද.. ඇයි එක බොරුවක්, මුලාවක් වහන්න තව බොරුවකින් ජිවිතය ගෙවන්න ඉඩ හදන්නෙ..

    ඉයන්.. බොරු වලින්ම පිරි සමාජයක සාර්ථක ජිවිතයක් සතුටින් ගත කරන තවත් බොරුවකටම මිස සත්‍යට සහ යථාර්යට ඉඩක් නැති නිසා කියලා හිතිලද ඉයන් ඔබ මේ ලිපිය ලිව්වෙ..

    ReplyDelete
    Replies
    1. කවුරුන් ලිව්වක්ද කියා හරියටම නොදන්නා මුත් අහම්බෙන් නෙත ගැටුනු පහත ලිපිය ඔබේ මේ ලිපිය වඩා බොහෝ ධනාත්මක සහ ඉදිරිගාමි ඒ වගේම කාලෝචිතයි නොවෙද..


      http://mahajanathawa.com/%E0%B6%B8%E0%B7%92%E0%B6%BD%E0%B7%92%E0%B6%BA%E0%B6%B1-%E0%B6%9C%E0%B6%AB%E0%B6%B1%E0%B6%9A%E0%B7%8A-%E0%B6%B8%E0%B7%92%E0%B6%B1%E0%B7%92%E0%B7%83%E0%B7%94%E0%B6%B1%E0%B7%8A-%E0%B6%94%E0%B6%B6/

      Delete
    2. බොහොම ස්තූතියි අ.ආ. ඔබගේ විවේචනයට ස්තූතියි. ඇත්ත මේක නොමග යැවීමක් තමයි. එතකොට විවාහ වන කාන්තාවකගේ කන්‍යා භාවය පැතීම ගැන ඔබ හිතන්නේ මොකද්ද? විශේෂයෙන්ම විවාහයට පෙර වෙනත් කාන්තාවන් සමඟ හැසිරුණු පිරිමි එලෙස බලාපොරොත්තු වෙන එක සාධාරණද? අනික සමාජය පවතින්නේ සත්‍ය මතම නෙවෙයි. රැකියා සම්මුඛ පරීක්ෂණයකදී කොතරම් බොරු කියන අය ඉන්නවද? ජීවිතේ විවිධ අවස්ථාවල බොරුව යොදා ගැනීම වෙනවා නේද? සමහර දේවල් නැවත හදා ගන්න පුළුවන්. කන්‍යා භාවය එහෙම බැහැ. එවිට ඒවෙනුවට තිබෙන මේවගේ දේවලින් යමෙකුට සහනයක් ලැබෙන්නේ නැත්ද? එකම දේ මෙම සැත්කම මම සොයාගත්තා නෙවෙයි. මෙවන් සැත්කම් කාලයක් සිට සිදුවුණා. දැන් රෝහල් වල කරගත හැකි සැත්කමක් ලෙස තියෙනවා. යමෙකුට සාධාරණයක් හෝ සහනයක් වෙන නිසා මම ඒ ගැන සතුටුයි. ඒක තව අයගේ දැන ගැනීමට ඉදිරිපත් කිරීමක් පමණයි මම කර තිබෙන්නේ.

      Delete
    3. මොකද්ද ඔය කන්‍යාභාවය කියන්නේ (ස්වභාවිකවම කන්‍යා පටලය නොපිහිටන කාන්තවන් ද සිටින ලොවක )කියන එක ගැන පැහැදිලි අවබෝධයක් සමාජයෙ සැමට ලබා දිමයි, පිරිමින්ගෙ (ගැහැනුන්ගේ) ආකල්ප වෙනස් කිරීමට ක්‍රම උපායන් සෙවීමයි නොවේද විය යුත්තේ..

      ඒ වගේම එවැනි පිරිමි අයගෙන් තමන්ට ලැබෙන ආදරයක් රැකවරණයක් නොමැති බව ගැහැනු ළමයින්ට හොඳින් පැහැදිලි කර දීමට ක්‍රියාමාර්ග සොයා ඇයව ශක්තිමත් කලා නම් ජීවිතයට ස්වාධීනව මුහුණ දෙන්න මීට වඩා අපේ සමාජය පිරිසිදු කල හැකියි ඉක්මනින් මෙවැනි අවස්ථාවාදි ව්‍යාපාර වලට ඉඩක් නොදී...

      කන්‍යාභාවය හොයන පිරිමි අය ගැන කියන්න තියෙන්නේ එවැනි පිරිමි ලමයි ලොවට දයාද කල මවුවරුන් සහ වැඩිහිටියන්ගේ ආකලප වෙනස් කරන්න සැත්කමක් හොයා ගන්න බැරි වෙයි ද ???? ගැහැනිය හැමවිටම වග උත්තර කරු නොකර.. ගැහැනියවම එල්ල කරගෙන තියන මුලාවන් වලට විසඳුම් නොසොයා.. ඇයි බැරි පිරිමි අයගේ ආකලප වෙනස් කරන්න යමක් කරන්න..වෙනස් වෙන්න ඕන සමාජයක ආකල්ප මිසක් වෙන මොනවත් නෙමේ ඉයන්...

      ඔව්.. ඔබ කියා ඇති ලෙසම ඔබත් ඒ බොරුවෙන් පිරිනු සමාජයේ තවත් එක් ලියුම් කරුවෙක් පමණයි..

      Delete
    4. ඔබ කියන විදිහට අනික් අයගේ අදහස්, ආකල්ප වෙනස් කරන්න පුළුවන් නම් එය තමයි හොඳම දෙය. එහෙත් මම විශ්වාස කරන්නේ අපිට ඒදේ කල හැකිවන්නේ එක්කෙනෙකුගේ පමණයි යන්න. ඒ තමගේම අදහස් සහ ආකල්ප පමණයි. මෙතරම් කාලයක් දිනපතා බුදු දහම ඇසෙන රටේ පවතින තත්ත්වය ගැන අපි හැමෝම දන්නවා. කන්‍යාපටලය නැතිවීම වැනි නැවත වෙනස් කල නොහැකි දේකට මුහුණ දෙන කෙනෙකුට අවංකට ඉතිරි ජීවිතයට මුහුණ දීමට හැකිනම් එය ඉහලින් අගය කල යුතුයි. එහෙත් එසේ මුහුණ දිය නොහැකි අය ඉන්න පුළුවන්. ඒ අයට ප්‍රයෝජනයක් වෙන ලෝකයේ බොහෝ රටවල ඇති සැත්කමක් ගැන ලිවීමෙන් මම බොරුව සහ වංක බව උනන්දු කරවන බොරු කාරයෙකු බව පෙනෙනවානම් ඒ ගැන මට ගැටළුවක් නැහැ.

      Delete
    5. ඉයන්, එක් එක් සමාජ රටාවන්ට ගැලපෙන දේ ලෝකේ පුරා ඇති විවිධාකරවූ දැනුමින් පෙරා ගැනීම හරිම පරිස්සමින් කල යුතුයි....

      //කන්‍යාපටලය නැතිවීම වැනි නැවත වෙනස් කල නොහැකි//

      තමන්ට කන්‍යාපටයක් උපතින් හිමි ද අහිමි ද ( තිබේ නම් කුමන පිහීටිමක් ද ) කියා මුලින්ම බලන්න වේවි. නැති කරගන්න බැනේ නැති දෙයක්... ඉතින් ඉයන් ඔබ කියනවා වගේම හදන්න පුලුවන් සහ හදන්න ඕන එක්කෙනෙකුගේ මනස...

      ඒ එක් මනස හදන්න පසුබිම හදන්න තමයි ඉයන් අමාරු.. ඒත් කාන්තාර වලත් සරුවට ගස් වැවෙනවා.

      මා මතු කරන්න උත්සහ කලේ බොරුවෙන් බොරුවට පැවැත්මක් සමාජයක නැහැ යන්නයි.. කවදා හෝ ඇත්ත එළිවේවි..තාවකාලික සැනසුමකින් පසුව..හරියට පහුගිය කාලේ ආව ඟං වතුර වගේ.. හැමදාම එනවනේ... ආධාරත් හැමදාම දෙනවනේ...

      Delete
  18. මේ ප්‍රශ්න ඇති වෙන්න එක ප්‍රධාන හේතුවක් තමයි රටේ හරි ලිංගික අධ්‍යාපනයක් නැති එක.

    ReplyDelete
    Replies
    1. සමාජය හැදෙන දවසක හැදෙයි මනෝජ් :). බොහොම ස්තූතියි. සමාජයේ තිබෙන පුහු විශ්වාශ හෝ පිළිගැනීම් කඩන මේවගේ දේවලට නම් මම කැමතියි.

      Delete
  19. හොඳ ලිපියක්. මේ විදියට දිගටම සැත්කම පැවතුනොත්, ටික කාලෙකින් මේක හොයන එක ජෝක්ස් එකක් බව මිනිස්සු තේරුම් ගනීවි.

    ඒ වගේම දැන් මේ ගැන හිතන අය ටිකක් අඩුයි. මේ ලඟදි මම දැක්කා ෆේස්බුක් එකේ මෙහෙම ප්‍රශ්නයක් අහල තිබුණ, "කන්‍යාභාවය, අහිංසක කම, අවංක කම සහ ලස්සන" හතරෙන් තමන් ගේ බිරිඳට වැඩියෙන්ම තියෙන්න ඕනේ මොකක්ද? වගේ මොකක්හරි බොළඳ ප්‍රශ්නයක්. මම නිකමට ස්ක්‍රෝල් කරලා බැලුවා කට්ටියගේ උත්තර. ගොඩක් අය කියලා තිබුන ඔක්කොම ඕන කියල. නමුත් කන්‍යාභාවය ඉතා වැදගත් කියල කොමෙන්ට් කරල තිබුණු ගොඩක් අය, අම්මලාගෙන් සූටි රුපියල් 50ක් ඉල්ලන් ෆේස්බුක් එන, පාසල් වයසේ දරුවෝ. රැකියාවේ යෙදෙන සමාජ ආශ්‍රයක් තියන බොහෝ මිතුරන් විවාහය උදෙසා, රණ්ඩු වෙවී හරි, අවබෝධයෙන් ජීවත් වෙන්න පුළුවන් කෙනෙක් හොයන බව මට තේරිලා තියනවා. එතනදී ලස්සන හා අනිකුත් දේ එන්නේ ඊට පසුව.

    එක අතකින් බැලුවම මෙහෙම එකක් තියනව. දැන් අපි හිතමු කන්‍යා භාවය අහිමි ගෑණු ළමයෙක් ඉන්නව කියල. පහු වෙලා හරි, ගොඩක් අපහාස වින්දට පස්සෙ හරි, ඇයට ලැබෙන සැමියා ඇයව හොයාගෙන එන්නේ ඇත්තටම ඇයට ආදරේ නිසා නේද? ඒ අතින් බැලුවම ඒ ළමයි පහුවෙලා හරි සැබෑ සතුටුදායක, සැහැල්ලු ජීවිතයක් ලබනව කියල මට හිතෙනව.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මානවික්ස් (රවී ගෙන් කොපි කලේ ). මේක ක්‍රම ක්‍රමයෙන් හරි සමාජයෙන් ඉවත්වෙනවා නම් ඒක ලොකු දෙයක්. බොහෝ විට තව පරම්පරා දෙකක් පමණ යනවිට ගොඩක් අඩුවෙන්න පුළුවන්. ඒවගේම මෙවන් සැත්කමක් තියෙනවා කියන එක යම්කිසි හේතුවක් නිසා අසහනයෙන් ඉන්න කෙනෙකුට දිවි නසා ගැනීමක් වගේ පිළිතුරක් සොයනවට වඩා දාස් ගුණයක් හොඳයි. ඒවගේම මෙවන් දෙයක් තිබීම මිනිසුන්ගේ බලාපොරොත්තු වෙනස් වීමටත් බලපාන්න පුළුවන්.

      ඔබ කිවූ දෙවන කරුණ ගැන. එවන් කෙනෙකු සමඟ විවාහ වන කෙනා උතුම් අදහස් ඇතුව එය කරනවා කියා මම හිතනවා. එය බොහෝ විට ආදරය වගේම සමහර විට අනුකම්පාව වෙන්නත් පුළුවන්. කොහොම වුණත් ඔවුන් අතර අනාගතයේ වන දබරයකදී ඒ දේ නරක විදිහට එළියට එන්න ඉඩ තියෙනවා. ඒවගේම කාන්තාව ගැන අනවශ්‍ය සැකයක් පිරිමියාගෙ යටි හිතේ තියා ගන්නත් ඉඩ තියෙනවා. ඒ සියළුදේම සලකල බැලුවම මෙවන් සැත්කමක් කරගත්තාම එම අවදානම නැහැ. එක්කෝ කාන්තාවන් සියළුම දෙනා හෝ බොහෝ දෙනෙක් සැත්කම් මඟින් එය ඉවත් කරගන්නවා නම් ඒකත් පිළිතුරක්. එතරම් දුරක් යාමට සමාජය ලිබරල් වී නැති නිසා මෙම සැත්කම ගැන වැඩි දෙනෙක් දැන ගැනීම හොඳ යැයි මට හිතෙනවා. නැවතත් ස්තූතියි.

      Delete
    2. ඔතෙන්ටම එකතුවෙන තව දෙයක් තමයි ගෑණු ළමයට යම් අකරතැබ්බක් වෙලා තියන වෙලාවක ඇයගේ පාර්ශවයෙන් මනාලයාගෙ නෑයින්ගෙ කට වැහෙන ප්‍රමාණයේ දෑවැද්දක් එකතු කරලා වටිනාකම බැලන්ස් කිරීම.අනාගතයේදි ඔය සිද්ධි ඇදෙනකොට මනාලියගෙ හයියට හිටින්නෙ අර 'දෑවැද්ද'.එතකොට 'උඹේ කටෙත් පස් මගේ කටෙත් පස්' අවස්ථාවකට මූන දීල කතන්දරේ ශේප් වෙනවා. දෙමව්පියන් හිර වෙන තැනක් තමයි ඔතන.මොන ලෝකෙන් හරි සල්ලි හොයන්න එපැයි කට වැහෙන ගානකට දෙන්න.කන්‍යාභාවය සහ දෑවැද්ද කියන දෙකම සද්ද නැතුව විවාහ ඇතුලෙ ඉටුකරන රාජකාරි ඔව්ව තමයි කියන එකයි ගස්ලබ්බගෙ මතය.

      Delete
    3. @ඉයන්

      ///ඒ සියළුදේම සලකල බැලුවම මෙවන් සැත්කමක් කරගත්තාම එම අවදානම නැහැ. ///

      ඉයන් බොරුවෙන් ආරම්භ කරන කිසිම දෙයක් සාර්ථක වෙන්නේ නම් නැහැ...කිසිම දවසක ඇත්ත හංගන්න බැහැ ඉයන්.. ඒ වගේම ඇත්ත හංගලා ලබා ගත්ත විස්වාසය කඩ උනාම නැවත හදන්නත් බැහැ.. මතු කරන්න ඕන බය නැතුව ඇත්ත කියන්න පුලුවන් සමාජයක් හදන්නේ කොහොමද කියන එකයි..

      Delete
    4. අඳුරෙන් ආලෝකයට, දන්නා හැටියට, වැඩිහිටියෙක් වුනත් බ්ලොග් ලියන ඉයන් ඔය වගේ කතාවකට සෑහෙන පොඩි වැඩියි වගේ. (බ්ලොග් ලියන ඉයන් කියල කිවේ බ්ලොග් එකේ මිසක් හැබෑ මිනිහ කොහමද කියල නොදන්නා නිසා.)

      කාන්තාවක් කැමැත්තෙන් පෙම්වතා එක්ක ලිංගිකව එක්වුණා නම් එකේ වගකීම ගන්නත් පුළුවන් වෙන්න ඕනේ. නැතුව හැංගෙන්න රත්තරන් පොල් කට්ටක් සොයල දෙන්න උනන්දු වෙන එක නෙවේ වෙන්න ඕනේ. ෆෙමිනිස්ට්ලා එකත් තේරුම් ගන්න ඕනේ. ඕක සොයන අයට ඇගිල්ල දික්කරන ගමන් ඉයන් ඔය කියන්නේ තමුන් කරන කිසිම දේක වගකීම නොගෙන අනුන්ට ඇගිල්ල දැක කරන හදවතින්ම ශ්‍රී ලාංකික ක්‍රමයක්. මේක හරියට මුට්ටිය කේතලේට හිනා වෙනවා වගේ.

      Delete
    5. ඔබ කියන විදිහේ සමාජයක් හදන්නට උත්සාහ කිරීම කෙසේ වෙතත් එහෙම යුටෝපියානු සමාජයක් ප්‍රායෝගිකව තියෙන්න පුළුවන්ද කියන එක සැක සහිතයි. අවංක සහ වංක දෙකොටසක් අතරේ අවංක කම අගය කිරීම නම් කල හැකියි. එහෙත් සමාජයේ වංක අය කිහිපදෙනෙක්, වැඩි දෙනෙක් හෝ සියළුදෙනාම අවංක පුද්ගලයන් කිරීමට හැකිනම් හොඳයි. එහෙත් එය කළ නොහැක්කක් ලෙස මම හිතනවා.

      මම හිතන්නේ ඔබ සහ මම මේකෙදී දෙපැත්තකින් මේ දිහා බලනවා කියලයි. හැම පුද්ගලයම අවංකව ඒවගේම චරිතවත් දිවි ගෙවනවානම් හොඳයි. එහෙත් වෙන්නේ කොටසක් එහෙම වුණත් තව කොටසක් එහෙම නොවීම. එවිට චරිතවත් දිවියක් නොගෙවූ පිරිමියාට ඔප්පු කිරීමට දෙයක් නැතිව කාන්තාවට තිබීම සාධාර්ණ නැහැ. අනික සමාජයේ කාන්තාවට ටිබෙන තරමක් හෝ බලයෙන් අඩු තත්ත්වය යටතේ පිරිමින්ගේ බලකිරීමකට අපහසු තත්ත්වයට පත්වෙන කාන්තාවන් සිටින්නට පුළුවන්. ඔවුන්ට හැකියාවක් ඇත්නම් කර ගත හැකි දෙයක් ගැන තමයි මම ලියා ඇත්තේ. එවැනි තත්ත්වයටකට පත්වී එහෙත් අවංක වීමට කැමති අයකුට මෙම සැත්කම තිබීම හානියක් වන්නේ නැහැ. එහෙත් සමාජයට මුහුණ දීමට හැකියාක් නොමැති කෙනෙකුට මෙය ප්‍රයෝජනවත් විය හැකියි.

      Delete
    6. අනික අ.ආ මේ ඇනෝ මහතෙක් මගේ ගැන කර තිබෙන පරිකල්පනය නම් හරියටම හරි.

      Delete
    7. Restoration of the hymen

      In the Wellness clinic advice patients who request a reconstruction is focused on guaranteeing their right to autonomy and respect for non-western cultures.

      It must be clear what the condition of virginity means for the individual, her partner, her family and his family. We try to involve the partner as much as possible to be fully informed. It is important to take into account the principle of equality of both sexes and to prevent physical and psychological damage. On an individual level information can be provided about the hymen.

      An operation to reconstruct the hymen is only performed if after counselling it appears that there is no other solution.

      ඔය උඩින් Hymen repair ගැන විස්තර ගතිපු වෙබ් එකෙමයි මේ ටිකත් තියෙන්නේ. අනිත් ඒවගෙත් එහෙමයි. තරුණියක් කැමැත්තෙන් සංවාසයේ යෙදෙනවා නම් ඇය එහි වගකීම ගන්න ඕනේ. කොහොමද නෑ කියන්නේ ?රැවටීම ඉතා බලවත් වරදක්. පුරුෂයෙක් කාන්තාවට නොකියා කොන්ඩෝමය සිදුරුකරීම වැනි දේ වලට පවා අද ලෝකය නීති සකසන්න කතා කරනවා. මොකද එකඟ වුනේ ආරක්‍ෂිත සම්දන්ධ කමකට නම් එය එසේ වෙන්න ඕනේ. රැවටීම් කවුරු කොහොම කලත් වැරදියි.

      කාන්තාවනට සාධාරණය ඉටු කරන්න මේ සැත්කම කරන සුද්දෝ නම් සහකරුටත් හැකි උපරිමයෙන් ඒ සාධාරණය ඉටු කරනවා. විවාහ වෙන සහකරු මුලාකිරීමේ පරමාර්තයෙන්මයි මෙය ලංකාවේ සිදු වෙන්නේ ? නැද්ද ? ඉයන් මේක ලියන්නෙම ශ්‍රී ලංකාවේ මේ සැත්කම යොදාගෙන සහකරු මුලා කිරීම සාධාරණීකරණය කරමින් එසේ කිරීම යුතුය අයුතු නොවේය කියන මතය වෙනුවෙන්. ලංකාවේ කලින් අප්‍රසිද්දියේ ඔය සැත්කම කෙරෙන කාලෙත් වුනේ එහෙම තමයි. ඒක සම්‍යප්‍රයෝගයක් නෙවෙයි බොරුවක් කිරීමක් පහත් පෙලේ රැවටීමක්. කොහොමත් සුද්දෝ තරමක් දුරට හරි ක්‍රමවෙධයකට කරන ඕනේ දෙයක් අපේ මිනිස්සු කරන්න හදන්නේ කරන්න පුළුවන් අන්තිම වැරදි විදියට. ඒ නිසායි උපහාසයෙන් ඔබ එහි ඉහල සංකල්ප ගැන කතාකරන්න පොඩි වැඩියි කියන්නේ. අපහාසෙකට නෙවෙයි. පරිකල්පනයකට වැඩිය ඒක අපෝහනයක් වෙන්න ඕනේ. අන්තිමට වෙන්නේ .....එකක් කඩතොළු වසා ගන්නට ගොහින් මට වුණ කාරියා...දෙකක් කඩතොළු හදා දුන්නයි ඉදුරුවේ ආචාරියා කියල තමයි ....... අඳුරෙන් ආලෝකයට කියන කතාවේ සංකල්පය සිල්ලර එකක් නෙවේ බෝහොම ගැඹුරු එකක්.

      Delete
    8. ඇනෝ ඔබ මගේ මතය කුමක්ද යන්න ගැන මත පල කිරීම අවශ්‍ය නොවන්නේ මම මේකට කැමති හේතුව පෝස්ට් එකේම ලියල තියෙන නිසා. ඒකට හේතුව කන්‍යාභාවය පරීක්ෂා කිරීම කාන්තාවන්ගේ පැත්තෙන් අසාධාරණ නිසා. ඒකට හේතුව දෙදෙනාගේම චරිතවත් බව බලන්න ක්‍රම නැති නිසා . අනික විවාහයට පෙර කායිකව එක්වීම ලෝකයේම සිදුවන දෙයක්. ස්වකැමැත්තෙන් දෙදෙනෙකු ලිංගිකව එක්වීම කියන්නේ ස්වාභාවික දෙයක් මිසක් අපරාධයක් නෙවෙයි. ඒකට චාරිත්‍ර සහ එක් පාර්ශවයකින් පමණක් සිදුවිය යුතු 'යුතුකම්' තියෙන්නේ ගෝත්‍රික සමාජවල. එම ගොත්‍රික සිතුම් වලට හොඳ අතුල් පහරක් මෙම සැත්කමෙන් ලැබෙනවා. මම මේකට සහයෝගය දුන්නත් නැතත් සැත්කම් කිරීම නවතින්නේ නැහැ. මම කලේ එසේ සිදුවන් දෙයක් ගැන නොදන්නා අය ඉන්නවා නම් එයින් සුළු කොටසක් හෝ දැනුවත් කිරීමට උත්සාහයක් පමණයි.

      Delete

    9. @ඉයන්

      ගැහැනිය හෝ පිරිමියා තමන් පළමුවෙන්ම ලිංගිකව හැසිරෙන්න තරම් වටිනාකමක් දිය හැකි අයෙක් සොයා ගන්න පෙළබෙනවා නම් තමන් අවට සමාජයෙන්.. ඒ වගේම ඒ හැසිරීමේ වගකීම තමන් ගන්නවා නම් මේ "කන්‍යාභාවයෙන්" පිරිසිදුකම සෙවීම කියන බොරුවට නැවතීමේ තිත වැටේවී නැවත නැවත සැත්කම් නැතුව...


      //අනික සමාජයේ කාන්තාවට ටිබෙන තරමක් හෝ බලයෙන් අඩු තත්ත්වය යටතේ පිරිමින්ගේ බලකිරීමකට අපහසු තත්ත්වයට පත්වෙන කාන්තාවන් සිටින්නට පුළුවන්. ඔවුන්ට හැකියාවක් ඇත්නම් කර ගත හැකි දෙයක් ගැන තමයි මම ලියා ඇත්තේ//


      මේ වගේ අයට මේ සැත්කම කලා වුනත් සැලසෙන යහපත ගැන නම් මට දැනට සමාජයේ පවතින අදහස් එක්ක තියෙන්නේ සැකයක් පමණයි ඉයන්..

      @ඇනෝ, මා ලිව්වේ ඉයන් ලියා ඇති දේ ගැන මගේ අදහස , ඉයන්ට නිදහස තියනව ඉයන්ගේ අදහස් (මතය) කැමති අයුරින් ලියන්න.

      Delete
    10. ඉයන්ට ඔයාට වගේම අදහස් දක්වන්න පුළුවන් වගේම මටත් නිදහසේ අදහස් දක්වන්න පුළුවන් නේ. හැබැයි ඔයාල කැමති අදහස් නෙවෙයි. මං හරිය කියල හිතන අදහස් :D

      රැවට්ටීම රැවටීම මවාපෑම ජීවිතේ කරගතිපු ලංකාවේ සමාජය වගේ සමාජ කොටසකට රැවටීම් ගෝත්‍රික නැතුව ඇති. ගෑනු හතරක් ගන්න එක ඔයාට මට ගෝත්‍රික දෙයක් වෙන්න පුළුවන් වුනාට මුස්ලිම් අයට එහෙම නෑනේ. හරිද වැරදිද කියන එක ස්ථානය සමාජ සම්මතය අධ්‍යාපනය පුග්ලානුබද්ධ බව වගේ ගොඩක් දේවල් උද තීරණය වෙන්නේ. හරියට සර්වජන චන්ද බලය වගේ. මොක වුනත් හරි තේරීම. ඕවා හරියට කේතලේ මුට්ටියට හින්න වෙනවා වගේ කිවේ ඒ නිසා.

      Delete
    11. බොහොම ස්තූතියි අ.ආ සහ ඇනෝ. මේවා අපේ අදහස්. ඒවා කරගන්න අය සහ ඒ අය විවාහ වන අය ඒ දේවල් වලට මුහුණ දෙයි. මෑඉ උත්සාහය මෙහෙම සැත්කමක් තියෙනවා කියන එක දැනුවත් කරලීම. එවැනි යමක් තිබෙනවාට මට සතුටුයි කියන එක මගේ අදහස. එය සුදුසු නොවේ කියන එක ඔබේ අදහස. Lets agree to disagree :)

      Delete
  20. ඉයන් පුංචි ඉල්ලීමක් කරන්න ද.. ඔබට පුලුවන් නම් ඔබ යොදා ගෙන තියන "ඇයගේ" පින්තූරය මේ ලිපියෙන් ඉවත් කරන්න පුලුවන් ද.. ?

    හරියට පසුබිම නොදන්න තැනක අනන්‍යතාවය ගැන මීට වඩා සැලකිලිමත් උනේ නැත්නම් බ්ලොග් ලොවත් ගොසිප් ලොවක් වෙවි හිමින්..

    ReplyDelete
    Replies
    1. අ.ආ. පේරාදෙණිය සිද්ධියට අදාල තරුණියගේ ඡායාරූප වෙබ් එකේ තියෙනවා. එහෙත් මම ඇයගේ ඡායාරූපය භාවිතා කර නැහැ. ඉහල තිබෙන ඡායාරූපය නිරූපිකාවකගේ. ඒ එංගලන්තයේ මුස්ලිම් ජාතික තරුණියකගේ අත්දැකීමක් විස්තර කරනකොට යොදාගත්ත පින්තූරයක්.

      Delete
    2. ඉයන් , ඔබ යොදා ඇති පින්තූරය ගැන හරියට නොසොයා නොබලා ඔබෙන් ඒ වගේ ඉල්ලිමක් කල එක ගැන සමාවෙන්න.

      Delete
    3. අ.ආ කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඔබගේ අදහස් දැක්වීම් වලට බොහොමත්ම ස්තූතියි.

      Delete
  21. කන්‍යාපටලය නැතිවෙන්න ස්‍ව්‍යං වින්ධනයත් හේතුවක් වෙන්න පුළුවන් , ඒක හින්ද කෙල්ලො දැනගන්න ඕනෙ ආත්මාර්ථකාමී එකෙක් බැදගෙන දුක්වෙනවද යථාර්ථවාදී පුද්ගලයෙක් බැදගෙන ස්තුටින් ඉන්නවද කියල .
    කන්‍යාපටලය ප්‍රතිස්ථාපනය කරන්න මම හිතන්නෙ සෑහෙන මුදලක් වැයවෙනව, ඕක කරන්ඩ වැයකරන මුදලින් මොනාහරි ඉගෙනගන්ඩ කෝච්චියේ බස් එකේ ගියානම් පොලොවෙ ඉන්න පිරිමි හම්බවෙනව

    ReplyDelete
    Replies
    1. ඉයන් කියන කතාව එක්ක නම් එකඟ නෑ. ඔබ කියන කතාව එක්ක නම් සම්පූර්ණයෙන්ම එකඟයි. රැවටීමෙන් සහ ඊට අනුබල දීමෙනුත් වෙන්නේ තනිකඩ ගෑනු අන්තිමේ දික්කසාද ගෑනු වෙලා කබලෙන් ලිපට වැටෙන එක. ඕව බලන අයත්, හදන්න කියන අයත් මට නම් පෙන්නේ එක ගොඩේ ඉන්න අයවගේ.

      කන්‍යා පටලය කියන එකේ ඇති වැදගත් කමක් නැති යන්තම්වත් ඒක සොයන්නේ නැති පොලවේ පයගහල ඉන්න මිනිහෙක් වුනත් කොහොමටවත් කැමති වෙන්නේ නෑ මවා පෑමකින් තමුන් රැවටීමට ලක්වුනාය කියන එකට නම්.

      Delete
    2. ඇනෝ විවිධ පිරිමින් කාන්තාවන්ගේ විවිධ අඟ පසඟ වලට කැමතියි නේ. සමහර විශාල පියයුරු තියෙන අයට කැමතියි. සමහරු තව මොනව හරි ලොකුවට හෝ පොඩියට තියෙනවට කැමතියි. අවයව කුඩා හෝ විකෘති අය ප්ලාස්ටික් සැත්කම් වලින් ඒවා වෙනස් කරගන්නවා. පිරිමියෙක් කාන්තාවකගේ එලෙස වෙනස් කරගත් අංගයකට කැමති නම් එතෙන්දිත් වෙන්නේ 'නොමඟ යැවීමක්'. තවත් කාන්තාවන් කන්‍යාපටලය අහිමි කර නොගෙන වෙනත් විවිධ ආකාරවලින් පිරිමින් හා හැසිරෙනවා. පසුව විවාහ වනවිට චරිතවත් බව පෙන්නීමට කන්‍යාපටලය යොදාගන්නවා. එතෙන්දි වෙන්නෙත් 'නොමඟ යැවීමක්'. පිරිමිත් විවාහයට පෙර කාන්තාවන් සමඟ විවිධ දේවල් කරනවා. නමුත් විවාහයේදී ඔවුන් ඒවා කාන්තාවට කියන්නේ නැහැ. එතෙන්දි වෙන්නෙත් 'නොමඟ යැවීමක්'. මේවා අතර මේ සැත්කමත් 'නොමඟ යැවීමක්' තමයි.

      Delete
    3. කම්මලේ මචං මම නම් කැමති මේ සැත්කම නොමිලේම කරගන්න රජයේ රෝහල් වලත් තියෙනවනම්. සමහර ශල්‍ය වෛද්‍යවරුන් මෙම සැත්කම රජයේ රෝහල් වල unofficially කරන බව මම අසා තියෙනවා. මේක පිළිගත් සැත්කමක් හැටියට රජයේ රෝහල් වලටත් කවදහරි එයි. මෙක කිව්වේ ඔබ අදහස් කරන්නේ සැත්කමේ වියදම ගැනනම් කියලයි. මොන විදිහට පිරිමියෙක් හොයාගත්තත් ඇය කන්‍යාභාවය නැති කරගත් අයෙක් කියා දැන ගත්තොත් ඇයව විවාහ කරගැනීමට වඩා ඇයගෙන් ප්‍රයෝජනයක් ගැනීමට කිහිප දෙනෙක් වත් යොමුවෙන්න පුළුවන්. විවාහ වුණත් පසුකාලයකදී සැකය සහ දබර වලදී අතීතය ඇවිස්සීම වගේ දේවල් වලින් කාන්තාව අපහසුවට පත්වෙනවා. මේකෙන් ඒ අවදානම නැතිවෙනවා.

      Delete
    4. කියල වැඩක් නැතිද මන්ද. එත් ආයේ කියන්නම්. එක්ස්ටීර්ම් කෙස් එක කියන්නම්කෝ දැන්.

      එක හයිමන් රිපෙයර් ක්‍රමයක් වන ඉරිලා යන බයෝ මිමික් මැටීරියල් එකකුයි රුධිරය වැනි ද්‍රවයක් අඩංගු පීඩනයක් හමුවේ බිදී යන ජෙලි බඳුනකුයි විවාහයට දින කීපයකට කලින් ඉම්පලාන්ට් කරලා බොරුවක් පෙන්නලා කෙනෙක් රැවටීම කියන්නේ ඉතා පහත පෙලේ රැවටීමක්. කන්‍යා භාවය නැතිවීම පිළිගන්න මිනිහෙක් වුනත් එවැනි රැවටීමක් පිළිගන්නේ නැහැ.

      Delete
  22. තමන්ට තමන් වටින්නේ නැත්නම් ...අනුන්ගෙන් ඒ වටිනාකම හෙවිම කොච්චර මෝඩකමක් ද ....

    ReplyDelete
    Replies
    1. පෝස්ට් එක නොකියවා කමෙන්ට් දැම්මා නේද? විසිරි

      Delete
  23. //ස්වකැමැත්තෙන් දෙදෙනෙකු ලිංගිකව එක්වීම කියන්නේ ස්වාභාවික දෙයක් මිසක් අපරාධයක් නෙවෙයි.//

    ඒ කතාව මානුෂිකව ඇත්ත. පොලිසිය නම් ඒ වුනාට හොටෙල් රූම් වල හිටපු කපල් අල්ලලා පාදඩ ආඥා පනත යටතේ උසාවි දාලත් තියෙනවා හොදේ. හැබැයි ඔය කන්‍යාපටලය ප්‍රතිස්ථාපනය කරන සහ ඒ වෙනුවෙන් පෙනී ඉන්න හැම එක්කෙනාම දැනුවත්ව හෝ නොදැනුවත්ව විවාහයට කලින් සංසර්ගය අපරාධයක් කියන මතය ශක්තිමත් කරන්න දායක වෙනවා මිසක් ඒක ස්වභාවික දෙයක් කියන මතය වෙනුවෙන් පෙනීහිටින අය නෙවෙයි. ඔච්චර ස්වභාවික වැඩක් කරලා මොකටද අනේ ආයේ ඕක නොකලා වගේ හදාගන්න දත කන්නේ ? ඔච්චර ස්වභාවික එකක් නම් කළා කියල එහෙමම ඉන්න එකනේ කරන්න ඕනේ. ආයේ මොකටෙයි කෘතීම කරගන්න හදන්නේ ? මේ ඔයාලගේ ඔස්තාර් විහිළු එක්ක බලනකොට ප්ලාස්ටික් හාල් ගැන යන ෆේස් බුක් පොස්ට් එහෙම මොන විහිළුද අනේ ?

    ReplyDelete
  24. අම්මප දැක්ක ගමන් බොහොම සන්තෝස උනා මගේ පරණ 'Hillman' එක රෙපයාර් කරගන්ඩ තැනක් තියෙනවා කියල. පස්සෙනේ දැක්කේ වෙන 'H man' එකක් කියල.
    දැන් ඉයන් සෑරුත් වැඩේ කෙරෙන විදිය කිව්වඑකේ , කරන තැනුත් කිව්වඑකේ, නොදන්නා කෙනෙක් ඉන්නවනං අවශ්‍ය වෙලාවට ඕක ඉතිං කරගන්ඩ බැරිය. (ඕව ඉතින් හැමෝම දැනගෙන හිටියත් කියල දෙන්නේ නෑ ඉයන් සෑර්ල වගේ.) හැබැයි කරනවනං සද්දේ වහල කරගන්ඩ , නැත්තං සුවර් එකටම සයිටම් ටීම් එක මේකටත් 'කන්‍යාපටලයට scalpel එක නොතියනු!' කියල අලුත් විරෝධතාවයක් පටන් ගනීවි.

    ලොකු සෑර් මගේ කොමෙන්ට් එක කෝච්චියට අඩ තියන එක ගැනයි.
    හැට්ටරුත් ඉස්සර උදේ හවා මුහුදුබඩ මාර්ගයේ යන එකා වෙච්චි. අඩුම ගානේ හැම මාසෙටම එකෙක් වත් කෝච්චියට අඩ තියෙනවා.
    කෝච්චිය නවතින්නේ හැතැම්ම කාලක් විතර ගිහිං. දිග කෝච්චියක් නං බඩු අන්තිම හරියේ පෙට්ටියක් යට.
    සමහරු (කියුරියස් ලොට් එක) දුවල ගිහින් බලනවා කවුද කින්ද මන්ද කියල. ගාඩ් උන්නෙහෙ කෝම කෝම හරි ස්පෙයා පාට් එකතු කරලා ඇතුලට දාගන්නවා ඊළඟ ඉස්ටේසමෙන් බාල යන්ඩ. අපි ඉතින් හිටගෙන (සමාවෙන්ඩ ඕනෙ, වාඩිවෙලා) ඉන්නවා පුල් චූන් එකේ. කෝච්චි පෙට්ටියේ සිංදු දාල, ටී වී ඔක්කොම වැඩ, ෆෑන් ඔක්කොම පුල් ඉස්පිඩ් , කෝච්චි පෙට්ටියේ ඒ සී ඉස්තරමෙට. ගාඩ් මහත්තයාගේ වැඩෙත් ක්ෂණිකව කරන නිසා ඕනෙනං විනාඩියක් විනාඩි බාගයක් විතර පරක්කු වේවි. එදාට ඔපිස් එකේ රතු ඉරි ගහන්නෙත් නැහැ. හවස නං අපි එනකන් බස් එකත් ඉස්ටේසමේ නවත්තන් ඉන්නවා.
    ඒවා සියල්ලම මෙනෙහි කරමින් මගීන් ටික එකා වන්ව කෝච්චියට පැන්න කෙනාට පින් දෙන විධිය දන්නවනං ඔය කාවත් මළත් කෝච්චියකට නං පනින්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. අර ඉස්සර බ්ලොග් ලිව්ව උපේක්ෂා කියල නමකින් හිටිය කෙනා කවුද මහාචාර්‍යය වරයෙක් කිව්ව මේ වගේ කෝච්චි කථාවක් කියල තිබ්බ. ඉල ඇදෙන එකක්. මට මතක නැහැ, Thank you victor

      Delete
    2. වික්ටර්ගේ කොච්චි කතාවත් නරක නැහැ

      Delete
  25. යම් යථාර්තයක් ඇති ලිපියක්. ඒ දැරිවි ගැණ නම් දුකයි. නමුත් මානසික විශාදය නිසා වුන දෙයක් විය හැකියි. ඔයාගෙ කනේ පාර දැක්කාම මෙහෙ ගිය සතියේ වුණු දෙයක් මට ලියන්නට සිත් වුනා. මගේ දුව ඉපදුනේ නෙදර්ලන්තයේ පාසල් යන්නෙත් මෙහේ. ඇයගේ පංතියේ තවත් සිංහල දරුවෙක් ඉන්නවා. මෙහේ 6,7,8 පංතියේදී තමා ලිංගික අධ්‍යාපනය ලබා දෙන්නේ. එම පාඩම් වලට සියළුම අංගෝපාංග පෙන්වීම , ලිංගික ඉරියව් , සියලුම දේ ඉගැන්වීම සිදු කෙරෙනවා. මේ මම කියපු සිංහල දරුවා මේ අවුරුදු 3 ම ලිංගික පඩම් උගන්වපු සුමාන 2 ම ලෙඩින්. මම දරුවාගේ අම්මාගෙන් විපරම් කලා මොකද මේ කියලා. අම්මා කියුවේ මේකයි " අනේ මෙයා අපි සිංහල ඔයා වගේ සුද්දෙක් බැඳ ගත්ත කෙනෙක් නෙමෙයි නෙ අපි උඩරට හොඳ සිංහල බෞද්ධ ඔය විගඩම් ජරාවල් අපේ ලමයින්ට ඕනෙ නෑ" මොන මඟුලකට ඔය වගේ මිනිස්සු මෙහෙ ජීවත් වෙන්න ආවද මන්දා. ඉතින් ලමයි කෝච්චි නෙමෙයි බෙල්ලෙ වැල දාගත්තත් උන්ට දොස් කියන්න බෑ. නමුත් මගේ කන්‍යාභාවය සුරැකීම සම්භන්ධව කිසිම විරුද්ධත්වයක් නෑ කතෝලික දියණිවරුන් වැඩෙන්නෙ ඒ විදිහට. නමුත් ලංකාවේ තිබුනේ වෙනත්ම දැක්මක්නේ ඔය සම්භන්ධව.

    ReplyDelete
    Replies
    1. සූරී ගේ කතාව නම් සම්පුර්ණ ඇත්ත.

      Delete
    2. බොහොම ස්තූතියි සූරි සහ අජිත් .

      Delete
  26. කෙමෙන්ට් වල අකුරු ගොඩක් පොඩි ...කියවන්න ටිකක් අමාරුයි. පොස්ට් එකේ ප්‍රමනෙට ගන්න බැරිද ?

    ReplyDelete
  27. මේ ලිපිය කාලීනයි.. නමුත් තරිනිගේ නම මේකට භාවිතා කිරීම ඇයව අපකීර්තියට පත් කිරීමක් වැනිය.. එම නිසා එය සිදු නොකලා නම් හොඳය..

    ReplyDelete
    Replies
    1. බොහොම් ස්තූතියි අරූ, නම ගැන ඔබ කිව් දේ හරි. වෙනස් කලා.

      Delete
    2. ඉයන්.. මේ දේ කෙලින්ම කියනකම් ඔබට හිතුනේ නැද්ද ගැලපෙන්නේ නැ කියලා.. ඔබට "ඇයව" සම්බන්ධ කර නොගෙන මේ ලිපිය ලියන්න පුලුවන් නේද අසරණ ගැහැනු අයට උදව් කරන්නම ඕන නම්.. හරියාකාරව පසුබිම නොදැන මේ වගේ ලිපියකට "ඇයව" සම්බන්ධ කිරීම කොයි තරම් නම් සදාචාරසම්පනද..

      කොයි තරම් ඉහලට ඉගෙන ගත්තත් දැන් කාලේ තරුණ ළමයින්ගේ හිත් දුර්වල වෙන්නේ මහ ලොකු දේවල් වලට නෙමේ වගේම ඒ ළමයින්ගේ වරදින් විතරක් වෙන දෙයකුත් නෙමේ ඉයන්.. නමුත් සමාජය දකින්නේ අන්තිම පහත් විදිහට... "ඇය" ගන එහෙම දකින්න සමාජයට ඉඩක් දෙන්න එපා ඉයන්...

      Delete
  28. හොඳ කනේ පාරක්.

    ReplyDelete
    Replies
    1. බොහොම් ස්තූතියි මැඩම්

      Delete
  29. මිනිස්සුන්ගේ ආකල්ප වෙනස් කරන එක සැත්කමට වඩා අමාරු නිසා, මේ වගේ දේවල් සමාජෙට එකතුවෙන එක හොඳයි.

    ReplyDelete