Tuesday, June 27, 2017

අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතුයි.


(ලංකා ඊ නිව්ස් -2017.ජුනි.27, පෙ.ව‍‍‍‍.5.00)  පැවිදි හෝ ගිහි වේවා තමා භාවිතා කරන වචනවලින් හෝ ක්‍රියාවෙන් බුදු දහම අන්තවාදී දහමක් බව ඔප්පු වීමට ඉඩ නොදිය යුතු බවත්, අන්තවාදයට බුද්ධ ධර්මය තුල ඉඩක් නැති අතර  ආගම් තුල අන්තවාදය පැතිරීමෙන් සිදුව ඇති හානිය අප දැක තිබෙන බවත් බටහිර ලෝකයේත් බුදු දහම පිළිබද උනන්දුවක් ඇති වී තිබෙන මේ අවස්ථාවේ අන්තවාදයෙන් බුද්ධ ධර්මය ආරක්ෂා කරගත යුතු බවත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. රටේ අගමැතිවරයාගේ මෙම ප්‍රකාශය වැදගත් වන්නේ අන්තවාදී ඥානසාර වැනි සිවුරුකරුවෙකුගේ හැසිරීම කුමක් වුවත් මතවාදය නිවැරදි යයි අස්ගිරි මහා නායක ඇතුළු දුරදිග නොපෙනෙන උන්නාන්සේලා විසින් ප්‍රකාශකරන පසුබිමක් තුලදීය. 
පසුගිය ජුනි මස 25 වන දින කළුතර බෝධිපරිශ්‍රයේ පැවති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ උපසම්පදා මහෝත්සවයට සහභාගි වෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එසේ කී අතර එහිදී අගමැතිවරයා වැඩි දුරටත් මෙසේ පැවසීය.

රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදීවෘත්තීන් දියුණු කළ යුතුයි

සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා

(GossipCLanka) රටක් දියුණු කිරීමට නම් වෛද්‍ය වෘත්තිය, සම සෞඛ්‍ය වෘත්තිය ආදීවෘත්තීන් දියුණු කළ යුතුයි.එතුළින් රට යම් ගුණාත්මක සහ ව්‍යුහාත්මක වෙනසක් කරා ගමන් කරනවා. 
1957 මේ සේවය ආරම්භ වුණේ ඖෂධවේදීන් 5 දෙනකුගෙන්. අද ඖෂධවේදීන් 1,500ක් දක්වා ප්‍රසාරණය වෙලා තියෙනවා. ඒ රටේ පිළිගැනීමත් සමඟම. වෛද්‍යවරු හිපොක්‍රටීස් දිව්රුම් අනුව වැඩ කරන්නේ. හිපොක්‍රටීස් පවා ඖෂධවේදියෙක්. අද මේ රටේ ඖෂධවේදීන් එදාටත් වඩා ඉහළ මට්ටමකට ගමන් කරල තියෙනවා. මොකද දැන් ඖෂධවේදී උපාධිධාරීන් බිහි වෙනවා. 2002 රජය යටතේ ඉඩම් අමාත්‍ය ධුරය දරන කාලයේ සම සෞඛ්‍ය සේවයේ මහා වැඩවර්ජනයක් තිබුණා. මම ඒ අවස්ථාවේ කැබිනට් අනුකාරක සභාව නියෝජනය කළා. ඔවුන් ප්‍රකාශ කළේ "රුපියල් ශතවලට සටන් කරලා වැඩක් නැහැ. වෘත්තීය සමානාත්මතාවක් ඇතිකර ගත යුතුයි කියලා

Friday, June 16, 2017

පොල් මැල්ලුම් ඡානරයේ කථාවක් ලියන්න පුළුවන්ද?

සම්බෝල කෙටීම

ඔය එක එක විකාර ලිව්වට මට කවදාවත් ප්‍රබුද්ධ කථා නම් ලියන්න කිසිම හැකියාවක් නැහැ. ඒ ඔය ප්‍රබුද්ධ කථා ලියන අයගේ තියෙන ලැටරල් තින්කින්ග් එක මට බැරි නිසා වෙන්න ඇති මට තියෙන්නේ ලීනියර් හිතන ක්‍රමයක්. ඕකෙන් ගැලවෙන්න හිත හිතා හිටපු කාලෙක  අපේ ප්‍රවීණ බ්ලොග්කාරිණියකගෙ ප්‍රබුද්ධ මොඩල් එකේ කථාවක් කියවල මෙහෙම අදහසක් ආවා. ඒ තමයි පොල් මැල්ලුම් ඡානරයේ කථා ලිවීම. 

පොල් මැල්ලුම් ඡානරයේ කථා ලියන්නේ මෙහෙමයි

එකිනෙකට සම්බන්ධ නැති කෙටිම කෙටි කෙටිකථා තුනක් කලින් ලියන්න. ඒ සඳහා ඔබ දැනටමත් ප්‍රසිද්ධ කර ඇති කථා එකකුත් හෝ දෙක තුනකුත්  යොදාගත්තට කිසිම ප්‍රශ්ණයක් නැහැ. ඒ කථා තුන එකිනෙකට වෙනස් කථා තුනක් නම් වඩා හොඳයි. ඒ කියන්නේ ආදර කථාවක්, අතීතකාම කථාවක්, ත්‍රාසය, සත්‍ය කථාවක් වගේ වෙනස් කථා තුනක් ගන්න එක වඩාත්ම හොඳයි. එහෙම නොවුණත් ප්‍රශ්ණයක් නැහැ.

ඊලඟට එක කථාවක එක ඡේදයක් මැල්ලුම් කථාවට කට් පේස්ට් කරන්න. දෙවෙනි ඡේදය හැටියට අර තුනෙන් වෙන කථාවකින් ඡේදයක් කට් පේස්ට් කරන්න. ඊලඟ ඡේදයට තව කථාවකින් ඡේදයක් දෙකක් ආදී වශයෙන් කට් පේස්ට් කරමින් මේ කථා තුන එක මැල්ලුම් කථාවකට හොඳට අනන්න. මැල්ලුම් වගේම අනන තරමට තමයිළු රස. පොල් මැල්ලුම හොඳට ඇනුවම පොල් කොටස මුල ඉඳලම ඒ පාටට, ඒ රසට තිබුණ වගේ පේනවනෙ. ඒ නිසා හොඳට ඇනීම තමයි මේ තියෙන්නේ කථා තුනක් නොව එක කථාවක් කියල කියවන්නා හිතන්නේ. 

මේ අවස්ථාවෙදී හෝ කථා තුන ලියන මුල් අවස්ථාවෙදී කථා තුනම සම්බන්ධ කරන දෙයක් පාවිච්චි කළොත් මැල්ලුමට හොඳට දෙහි දැම්ම වගේ තමයි. ඒ කියන්නේ මුලින් ලියපු කථා තුනේම එක පොදු ස්ථානයක් එකතු කිරීම. ඒ කියන්නේ ඒ තුනේම විහාර මහා දේවී පාක් එකේ යමක් වෙනවා. එහෙම නැත්නම් කථා තුනේම කථා නායකයා හෝ එක චරිතයක් එකම නමකින් ඉන්න එකම කෙනෙක් ආදී වශයෙන්. එහෙම නැත්නම් කථා තුනේම එක වෙලාවක වෙන එක සිද්ධියක් පොදු කරන්න. උදාහරණයකට බෝම්බ පිපිරීමක් වගේ.  එහෙම නැත්නම් එක කථාවක කෙනෙක් සිගරට් එකක් බීල විසිකරණකොට ඒක අනික් කථාවේ චරිතයේ ඔඩොක්කුවට වැටිල ගිණිගන්නව වගේ දෙයක්. 

අන්තිමට මොනවහරි හිතට එන දාර්ශණික වචන ටිකක් හරි පාඨයක් ලියල මැල්ලුම සෑදීම ඉවර කරන්න. ඒක අවශ්‍යමත් නැහැ. නමුත් කථාව ඉවර කරන විදිහත් සාර්ථකත්වයට බලපානව නේ. 

ඔව් ඔව් දුමී මේ ක්‍රමයට 'ප්‍රබුද්ධ' කවිත් ලියන්න පුළුවන් ඇති.

අන්තිමටම යූටියුබ් එකෙන් මොකක් හරි සිංදුවක් තෝරගෙන ඒකත් කථාවෙ පහලට එකතු කරන්න. ඒ සිංදුවේ එන මොකක් හරි පදයක්, අවස්ථාවක්, සිද්ධියක් උඩ තියෙන එක කථාවකට සම්බන්ධ කරන්න පුළුවන් නම් මරු.

ඔයාලත් මේ ක්‍රමයට පොල් මැල්ලුම් ඡානරයේ කථාවක් ලියලා බ්ලොග් එකේ ප්‍රසිද්ධ කළොත් මම ඇර වෙන කවුරුහරි යොදවල තෝරගන්න හොඳම කථා තුනට සුළු තෑගි දෙන්න හිතුණා.  තරඟයට අදාල කාලය අද සිට ජූනි 30 දක්වා. විනිශ්චය කරන කෙනා තෝරාගන්නා හොඳම කථාවට රු. 15,000/=, ඊලඟ එකට 10,000/=, තුන් වෙනි එකට  රු. 5,000/=. ලී කෑලි නැහැ. එහෙම නැත්නම් ඔබ වෙනුවෙන් ඔබ කියන චැරිටි එකකට ඔබේ නමින් එම මුදල් පරිත්‍යාග කරනවා.

මේ පෝස්ට් එක ප්‍රබුද්ධ කථා රචකයන්ට අපහාසයක් හෝ උපහාසයක් ලෙස ලිවූවක් නෙවෙයි. විස්කි අරක්කු නැති අය කසිප්පු ටිකක් හරි පෙරාගන්නව වගේ ප්‍රබුද්ධ කථා ලියන්න හැකියාව අඩු නම් පොඩි කසිප්පු වඩියක් පෙරල බලනව වගේ එකක් පමණයි. මම මේක ඉගෙනගත්තේ බ්ලොග්කාරිණියකගේ පරණ ලියපු කථාවකින්. ඒ කවුද කියල නම් අහන්න එපා. ඇහුවොත් ඔන්නොහෙ උපේක්ෂාසහගත උත්තරයක් දෙනව මිසක් කවුද කියලනම් කියන්නෙ නැහැ. 

 මේක ඇත්තටම අත්හදා බලන්න.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

Thursday, June 15, 2017

‘මහින්ද අඩු ගානේ පන්සිල් පද පහේ එක පදයක් හෝ රකින්න..!


(ලංකා ඊ නිව්ස් 2017.ජුනි.14, ප.ව.5.30) 2009 වසරේ අප රටේ යුද්ධය අවසන් වූ වහාම රට සංවර්ධනය කරා ඉහළට ඔසවා තැබීම සඳහා කටයුතු කිරීමට අවස්ථාව තිබියදී ඒ වෙනුවට මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ උපදේශකවරු මේ රට ප්‍රපාතය කරා තල්ලු කිරීමට කටයුතු ආරම්භ කළහ. එක් පැත්තකින්, ඉතා අසාධාරණ ලෙස ඉහළ වානිජ පොලියට විදේශයන්ගෙන් මුදල් ණයට ලබාගෙන, රට විශාල ණය උගුලකට ඇද දැමූ අතර, අනෙක් පැත්තෙන් ශ්‍රී ලංකාව හා රටේ ජනතාව ජාත්‍යන්තරයෙන් හුදකලා කිරීමට මග සැලසීය. එමෙන්ම, ඔවුන් විසින් ගනු ලැබූ තීරණයන් හේතුවෙන් ශ්‍රී ලංකාව ජාත්‍යන්තරයෙන්ද දුරස් කරනු ලැබීය. ජාත්‍යන්තර මූල්‍ය ආයතනයන් සමඟ වූ ගනුදෙනුවල දී ශ්‍රී ලංකාවට ආධාර දෙන ප්‍රධාන රටවල් බොහොමයක් විවිධ අවස්ථාවන්හි ශ්‍රී ලංකාවට එරෙහිව ඡන්දය පාවිච්චි කළ අවස්ථාවන් පිළිබඳ තොරතුරු ඔහු රටට වසන් කළේය.

Friday, June 9, 2017

හම්බ රටේ යාළුවා


අපි වෙනුවෙන් හම්බයන්ට තර්ජනය කරන ඥාණසාර හාමුදුරුවෝ 


නාන සාර හාමුදුරුවන්ට බුදු බව ලැබෙන්න ඕන. එතුමා නිසා තමයි මට ඇත්ත තේරුණේ. මේ හම්බයන්ට බෞද්ධයෝ නැතිකරන්න දෙන්න පුළුවන්ද? හම්බයොන්ගෙ කඩවල් කඩල පල්ලි ගිනි තියල වුන් ඔක්කොම ඝාතනය කරන්න තමයි මටත් හිතිල තියෙන්නෙ. ඒකට කියන්නෙ වෛරය - ද්වේශය කියල නෙමෙයි. ඒව බෞද්ධාගම වෙනුවෙන් අපෙන් වෙන්න ඕන යුතුකම්. ඒ යුතුකම් ටික ඉෂ්ඨ කරල ඔය යන්න කියන මාර්ග වල නොගියත් මොකද? අනික හම්බයො විස්ස ගානෙ පැටව් ගහල ලංකාවේ බහුතරය වෙනවලු.  ටිකක් තරුණ කාලේ  මේක දැනගත්තනන් ළමයි දෙන්නෙක් විතරක් හදන්නෙ නැතුව විසි තිස් ගාණක් හදන්න තිබ්බ. හම්බයෝ බහුතරය වුනාම 'පින්කෙත හෙළ ලක්දෙරණේ යළි උපදින්නට හේතු  වාසනා වේවා' කියල බීගත්තම කිය සිංදු ඇත්ත වුණොත් ඊලඟ ආත්මෙ හම්බයෙක් වෙලා තමයි ඉපදෙන්න වෙන්නෙ. එතකොට බෞද්ධයන්ගෙන් පල්ලි බේරගන්න කියල මටත් ජිහාඩ් එකකට යන්න වෙයිද? ඊට වඩා හොඳයි බෞද්ධාගම රැකගන්න කියල හම්බයෙක් මරල අපාගත වෙන එක.

Monday, June 5, 2017

වරදට සමාව ශුවර්



යම්කිසි හේතුවක් නිසා දුම්රියට පැන සියදිවි හානි කරගත්ත T. විජේසිරිවර්ධන නම් තරුණියක් ගැන මේ දවස් වල ප්‍රවෘත්ති පළ වුණා. ඇයගේ උපාධි ප්‍රදානෝත්සවයට සතියකට පසුව මෙම සිද්ධිය සිදුවීමත් ඇය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විද්‍යා උපාධිධාරිණියක වීමත් ඇයගේ ආකර්ශණීය රූ සපුවත් ඇය ගැන විශාල කථා බහකට සමාජය යොමුවීමට හේතු වන්නට ඇති. ප්‍රේම සම්බන්ධයක් නිසා ඇය මෙවන් තත්ත්වයකට පත්වුණා යැයිද එම මරණයට සම්බන්ධ ප්‍රවෘත්ති වල සඳහන් වුණා. තරුණ කාලයේ යම් කිසි හේතුවක් නිසා මගේ ප්‍රියතම බාලිකා පාසැල වූ මිලාගිරියේ ශාන්ත පාවුළු කන්‍යාරාමයේ ආදි සිසුවියක් බවත් එම ප්‍රවෘත්ති වල සඳහන් වුණා.ඒ ඇරෙන්න මේ තරුණිය සම්බන්ධයෙන් හෝ ඇයගේ අකල් වියෝව සම්බන්ධයෙන් මම කිසිම කිසි දෙයක් දන්නේ නැහැ. මේ සිද්ධිය මම කිහිප විටක් ලිවීමට සිතූ මාතෘකාවට ප්‍රවේශයක් ගැනීමට මට සිතුනා. මම මේ කථා කරන මාතෘකාව මෙම තරුණියට කිසිසේත්ම සම්බන්ධයක් නැහැ. එම මරණය ගැන කියවූ විට මම ලියන්නට සිටි මාතෘකාව මතක් වීම පමණයි එකම සම්බන්ධය.