Monday, May 8, 2017

වර්ජක වෛද්‍යවරුන්ට හෙන ඉල්ලීම වැරදියි

වෛද්‍ය නලාවක් කරේ ලාගත් කෙනෙක් සහ මාංචු යුගලක්

වෛද්‍ය සින්දූපා සෙනවිරත්න මහත්මියගේ ෆේස්බුක් සටහනක් කියවීමෙන් මෙය ලිවීමට සිත්විය. ඇයගේ පෝස්ට් එකට හේතුව නම් දොස්තර වර්ජනය ගැන අදහස් දැක්වූ අයෙක් වර්ජනය කරන දොස්තරවරුන්ට හෙන හතක් වදින ඉල්ලා සිටිමින් රූපවාහිනියේ වාර්ථාකරුවකුගේ ප්‍රශ්ණයකට පිළිතුරක් ලෙස කරන ලද ප්‍රකාශයකි. දොස්තරවරුන් ප්‍රතිකාර කිරීමේදී සහ ශල්‍ය කර්ම සිදුකිරීමේදී, හදිසි අනතුරු අංශ වල සේවයේදී කරන දේවල් සඳහන් කරමින් ඇය එම පුද්ගලයාගේ ප්‍රකාශය විවේචනයට ලක් කරයි. එය කියවීමෙන් මට ඇතිවූ පළමුව හැඟීම නම් දොස්තර වර්ජනය ගැන එය නිසා ප්‍රතිකාර ලබා ගැනීමට නොහැකිවූ අය කිව යුත්තේ "වර්ජනය කල නිසා ඒ උත්තමයන් බුදුන් දකින්න" කියාද යන්නයි.  


මහත් හාස්‍යජනක කාරණය නම් මෙම වැඩ වර්ජනය කරන්නේ රෝගීන් ගේ යහපතට යැයි කියන බොරුවයි. මෙම බොරුව රූපවාහිනී සහ පුවත්පත් දැන්වීම් වල බඩු විකුණා ගැණීමට 'ඔබ වෙනුවෙන්ම සහ ඔබගේ යහපත වෙනුවෙන්ම' නිම කල මෙම භාණ්ඩය මිලදී ගන්න යැයි කෑ මොර ගාන වෙලඳ දැන්වීම් වැනිය. මිනිසුන් එම තර්කය භාර නොගෙන වර්ජකයින්ට හෙන ඉල්ලන විට ඔවුන්ට මහත් සේ රිදෙන්නේ ඔවුන් කියන වෙලඳ පාඨ (sales pitch) භාර නොගැනීම නිසා ඇතිවන තරහක් නිසාද?

දොස්තරවරුන් බලාපොරොත්තු වෙන්නේ  ඔවුන් ලෙඩ හොඳ කරන මැජික් කරුවන් හෝ දේව බලයක් දරන්නන් ලෙස සැලකීමද යන්න මට නම් ප්‍රශ්ණයකි. බොහෝ වෘත්තිකයින් මෙන්ම ඔවුන්ගේ ක්ශේත්‍රය වන වෛද්‍ය විද්‍යාව සොයා ගත්තේ ඔවුන් විසින් නොවේ. ලංකාවේ වෛද්‍යවරු බහුතරයක් ලෙඩ වර්ග ගැන නව සොයා ගැනීම් කර නැත. ඒවාට කල යුතු නව ප්‍රතිකාර ක්‍රම සොයාගෙන නැත. ලෙඩ හඳුනා ගැනීමට යොදාගන්නා උපකරණ නිර්මාණය කිරීමක් කර නැත. ලෙඩවල් ගැන, ඒවා වෙන්කර හඳුනාගන්නා ආකාරය, ඒවා හඳුනා ගැනීමට භාවිතා කරණ උපකරණ යොදා ගැනීම ගැන, ලෙඩ වලට දිය යුතු බෙහෙත් වර්ග ගැන ඔවුන්ට කියා දී ඇත. කළ යුතු ශල්‍යකර්ම කියා දී ඒවා කිරීමට පුහුණු කර ඇත. ඔවුන්ගේ ගුරුවරුන් කියා දුන් දේ යොදා ගනිමින් ලෙඩක් හඳුනා ගැනීම සහ ඔවුනට කියා දී ඇති බෙහෙත් වර්ග ලබා දීම හෝ ශල්‍ය කර්ම කිරීම ඔවුන්ගේ වෘත්තියයි. පොතේ ඇතිදේ හෝ කියා දී ඇති දේ වෛද්‍යවරයා ඒ විදිහට කල පසු ඉතිරි ටික කරන්නේ ලෙඩාගේ ශරීරයයි. එය සිමෙන්ති, වැලි ටික දුන් පසුව බිත්තිය එයම තනා ගන්නවා වැනිය. 

ඔවුන් ලෙඩ හඳුණා ගැනීමට යොදා ගන්නා උපකරණ ඔවුන්ට රජය හෝ රෝහල ඟින් ලබා දී ඇත. බෙහෙත් වර්ග රෝහලෙන් ලබා දේ. එසේත් නැත්නම් ලෙඩුන් ඒවා ඔසු සල් වලින් මිලදී ගනී. යම් ගුරුවරයෙකු ගෙන් ඉගෙන ගත් දෙයක් යොදාගෙන, කියා දී ඇති ආකාරයට ක්‍රියා කිරීමකින් එපිටට ගිය දෙයක් වෛද්‍ය වරුන් සිදු කරනවාද යන්න පැහැදිලි නැත. පුහුණුවට ඇතුලත් වෙත්දී නොදන්නා දෙයක් පුහුණුවණ කාල සීමාවේදී ලබා ගෙන එම දැනීම යොදාගෙන වැටුපකට සේවය කිරීම සෑම වෘත්තියකටම එකසේ අදාල වේ.  

යුද්ධයක සටන් වදින සෙබලෙකුට නම් පුහුණුවේදී ඉගෙන ගත් දේට වඩා අවදානමක් සහිත දෙයක් කිරීමට සිදුවිය හැකි වන අතර එය කිරීමේදී  සුළු වැරැද්දකින් ඔහුගේ / ඇයගේ හෝ තම කණ්ඩායමේම ජීවිත නැතිවීමට ඉඩකඩ ඉතා වැඩිය. වැටුපක් සහ පහසුකම් දුන්නත් සෙබලෙක් කරන සේවය උත්තම වන්නේ ඒ නිසාය. ඊලඟට යම් කිසි අවදානමක් ගන්නේ ව්‍යවසායකයින්ය. යම් කිසි අවස්ථාවකදී කළ යුතු යැයි ඉගෙන ගත් දෙයක් ඒ අකාරයෙන්ම කළත් ලැබෙන ප්‍රතිඵලය වෙනස් වී මුදල් පාඩු වීමට ඇති ඉඩකඩ ඉතා වැඩිය. පිටින් ලබා ගන්නා දැනුමට එහා ගිය දෙයක් මෙම වෘත්තීන් සාර්ථකව සිදුකිරීමට අවශ්‍යවේ. පාරම්පරික වෛද්‍යවරුන්ට උපකරණ වල උදව් නොමැතිව ලෙඩ හඳුනා ගැනීමේ හැකියාව තිබුණ බව මම අසා ඇත. බටහි වෛද්‍යවරුන් සැමවිටම පාහේ ලෙඩක් හඳුණා ගන්නේ උපකරණ සහ පරීක්ෂණ වලින් ලබා දෙන ප්‍රතිඵල වලින්ය. ව්‍යාධිය සොයාගත් පසුව කරන්නේ පොතේ දක්වා ඇති ප්‍රතිකාරයන්ය. වෛද්‍යවරයෙකු විසින් කළයුතු සියළු දේ කල පසු ඔහුගේ අතපසුවීමක් නැතිව ලෙඩෙක් මැරුණොත් එයින් වෛද්‍යවරයාට වන හානියක්ද නැත.  එවන් අවස්ථාවකට මුහුණ දෙන හමුදාවක සෙබලෙකු නැවත නිවසට පැමිනෙන්නේ මල කඳක් ලෙසය.

නොමිලේම අදාල අධ්‍යාපනය ලබා දී, එය අවසන් කල ගමන්ම රජයේ රැකියාවන් ලබාදී, වාහන පර්මිට් වැනි දේවල්, පොත් අත්සන් නොකර අතිකාල දීමනා, පෞද්ගලික චැනලින් ආදී පහසුකම් සියල්ල වෛද්‍ය වරුන්ට ලබා දී ඇත්තේ ඔවුන් පුහුණු කිරීමට අධික වියදමක් යාම නිසාම ඇතිවන ඇතිවන පුහුණු පුද්ගලයන්ගේ හිඟයයි. එහෙත් ඔවුන් සිතාගෙන ඉන්නේ ඔවුන්ගේ විශේෂිත හැකියාවක් නිසා ඒවා ලැබෙන බවකි. 

ලෙඩෙකුට කරන ප්‍රතිකාර වැරදුනහොත් එමඟින් විය හැකි නැවත වෙනස් කල නොහැකි තත්ත්වයන් නිසා ඒ සඳහා බලපත්‍රයක් ලබා දෙන බැවිනුත්,  සහ එම බලපත්‍රයක් නැති අයකුට ප්‍රතිකාර කිරීම නීතියෙන් තහනම් නිසාත්, ලෙඩකට ප්‍රතිකාර නිසි වෙලාවට නොලැබුණොත් එයින් ලෙඩාට සිදුවිය හැකි හානිය නිසාත්, එසේ පුහුණුවීමට යන වියදම නිසා පුහුණු කරන ප්‍රමාණය සීමා කිරීම නිසාත් යන බාහිර හේතු නිසා ඇතිවී ඇති තත්ත්වයක් වරදවා වටහා ගැනීමෙන් මෙම පිරිස සමාජයේ විශේෂිත අයවළුන් පිරිසක් යන යැයි ඔවුන් විශ්වාස කරයි. රියැදුරු වෘත්තිය ගුවන් නියමු වැනි වෘත්තීන්ටත් එවන් බලපත්‍ර අවශ්‍ය වේ. එම වෘත්තියේ අයකුගෙන් වෙන වැරදීමකින් විශාල මිනිසුන් ප්‍රමාණයක් එක වර මිය යා හැක. වෛද්‍යවරයෙකු අතින් එකවර මිය යා හැකි ලෙඩුන් ගණන ඒ අතින් අඩුය. එය criterion එකක් නම් ගමනාතයක් අවසානයේ මඟීන් ඔවුන්ටත් බුදු බව පැතිය යුතුය.  

අනෙක් කරුණ නම් ඔවුන් කියන ආකාරයට උසස් පෙල ප්‍රතිඵල අඩු අයට ඔවුන්ගේ පුහුණුව ලබා ගැනීමට නොහැක. එසේ නම් හෙද සේවයේ අවුරුදු 4-5 විවිධ specialities වල සේවය කර ඇති අයකුට වෛද්‍ය විද්‍යාව ගැන තිබෙන දැනීම උසස් පෙළ සමත් වන කෙනෙකුට වඩා වැඩිය.  පුහුණුවට තෝරාගන්නා අවස්ථාවේ ඇති දැණුම වැදගත් නම් කල යුත්තේ හෙද වෘත්තියේ පළපුරුද්ද ඇති අය වෛද්‍ය පුහුණුව සඳහා යොමු කිරීමයි. දියුණු රටවල වෛද්‍ය පුහුණුව සඳහා තෝරාගන්නේ ඊට අදාල බුද්ධි පරීක්ෂණ සමත්වන සහ සමාජය සේවයට අදාල ක්‍රියාකාරකම් වලට යොමුවී ඇති අයයි. එසේ නොමැතිව කට පාඩම් කිරීමෙන් සමත්විය හැකි විභාග වලින් එම පුහුණුවට තෝරා නොගැනේ.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල වල සහ අනිකුත් අධ්‍යාපන ආයතන වල ප්‍රමිතීන් ඉහල නැංවීමට සහ ඕනෑම ආර්ථික මට්ටමේ සිටින කෙනෙකුට මුදල් ගෙවා අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවන සේ සිසු ණය ක්‍රමය හඳුන්වා දීමට වර්ජනය කරන්නේ නම් සමස්ථ සමාජයේම සහයෝගය මුන්ට ලැබෙනු ඇත. එහෙත් ඔවුන්ට ඕනෑ කරන්නේ අනිකුත් විද්‍යාල වසා දමා තම වර්ගයා වැඩි වීම වළක්වා ගැනීමට පමණි. මීට කළින් SAITM සිසුන්ට ශ්‍රී ජයවර්ධන පුර රෝහලේ සායනික පුහුණුව ගාස්තු ලබාගෙන ලබා දීමට තීරණය කල විට එය සෞඛ්‍ය සේවය  විකිණීමක් යැයි කියා එය නවත්වා, ඊට පසු SAITM සිසුන්ට සායනික පුහුණුව නැතැයි යන සටන් පාඨය උස්සා ගන්නේ අන් සියළු දෙනාම අමු මෝඩයන් යැයි සිතමිනි. ඉන්පසුව සායනික පුහුණුව නැති වෛද්‍යවරුන්  ගෙන් ලෙඩ්ඩුන් බේරා ගැනීමට සටන් කරනවා යැයි කියන විට එය මහජනයා පිළි නොගැනීම ගැන  ඔවුන් කඳුළු සලයි.

සායනික පුහුණුව සඳහා යොදාගන්නේ රජයේ රොහල් වල ලෙඩුන්ය. ලෙඩ්ඩු රටේ සාමාන්‍ය මහජනයාය. රෝහල් වල සේවය කරන අචාර්‍යය සහ මහාචාර්‍යය වරුන්ට  වැටුප් සහ පහසුකම් සපයන්නේ රජයයි. රෝහල් ගොඩනැඟිලි අයිති රජයටය. බෙහෙත් වර්ග සහ උපකරණ රජය සපයන ඒවාය. සාමන්‍ය මහජනයා වන ලෙඩ්ඩුන් සහ අනිකුත් දේවල් යොදාගෙන දෙන සායනික පුහුණුව ලබා ගැනීමට රජයේ වෛද්‍ය සිසුන්ට ඒකාධිකාරයක් ලැබුණේ කෙසේද? ඔවුන් ලෙඩ්ඩුන්ට ඔවුන්ව පුහුණුවට යොදා ගැනීමට ගෙවීමක් කරනවාද? මුදල් අයකරගෙන පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සිසුන්ට එම පුහුණුව ලබා ගැනීම අඩාල කිරීමට රජයේ විද්‍යාල වල සිසුන්ට ඇති අයිතිය කුමක්ද?

මුළු ලෝකයම පෞද්ගලික අධ්‍යාපනය හරහා තරුණ පරම්පරාව දැනීමෙන් සන්නද්ධ කරමින් යන අවධියක මොවුන් උත්සාහ කරන්නේ ලෙඩ්ඩුන් උගසට තබමින් රටේ ඇතිකල හැකි  වෛද්‍ය සහ අනිකුත් අධ්‍යාපන අවස්ථා නැතිකර අඩු අධ්‍යාපනයකින් කල හැකි රැකියා සොයන්නන් පිරිසක් ඇති සමාජයක් බිහිකර ඔවුන්ගේ බඩ වියත රැක ගැනීමයි. මෙවන් පුද්ගලයින්ට හෙන ඉල්ලා රූපවාහිනී සාකච්චා දීම නොව මහජනයා කළයුත්තේ වර්ජකයින්ට  පහර දී පන්නා දැමීමයි.

මෙම අඩවියේ පළවන ලිපි කොපි කිරීමට හෝ වෙනස් කතෘ නාමයක් යටතේ අන්තැනක පළකිරීමට කිසිම බාධාවක් නැත. අන් ස්ථානවලින් කොපි කර මෙහි පළකරන ලිපි වලට නම් එම කතෘ වරුන්ගේ කොන්දේසි අදාල වේ.

56 comments:

  1. හා හා දොස්තර හාමුලට බයින්ඩ එපා ඉයන් .. ඒ උත්තමයන්ට බැනලා ඔහේ අපායේ යයි

    ReplyDelete
    Replies
    1. අපි කොහොමත් අපායගාමී කට්ටියනෙ අටම්

      Delete
  2. ඒකයැ වැඩේ මේක දැක්කද

    https://aagangoda.wordpress.com/2017/05/08/123/

    ReplyDelete
    Replies
    1. කියෙව්වා ඔය wordpress බ්ලොග් වල කමෙන්ට් කරන එක වාතයක් බං

      Delete
    2. මාත් මුන්ට කියන්නේ ඒකනේ ඔව්වායේ ලියන්ඩ එපා කියලා

      Delete
  3. ඉයන් ඔබගේ විශ්ලේෂණය හරි අපුරුයි.
    මට මතකයි දශක කිහිපයකට පෙර විශ්ව විද්‍යාල ප්‍රවේශ විභාගයේ විද්‍යා අංශයේ, ලිඛිත කොටසින් සමත් වන අයට විෂයය කොටස් පිළිබඳව ප්‍රායෝගික පරීක්ෂණයකුත් පවත්වනවා. එය අනිවාර්යයි. වෛද්‍ය විද්‍යාව ඉගෙනීම සඳහා ඉදිරිපත්වන අයට සත්ත්ව විද්‍යාවේ විච්ඡේදන (dissections) ගැන ඉහල ලකුණු අවශ්‍ය වුවා. එවකට ජාත්‍යන්තර වශයෙන් කතිකාවතක් තිබුනා උසස් පෙළ විච්ඡේදන වෛද්‍ය විද්‍යාව සඳහා අවශ්‍යමද කියා.එය අනවශ්‍යයයි තීරණය කළ පසු අපේ රටෙත් එය ඉවත් කළා. ඔය වෙලාවෙත් රටේ වෛද්‍යවරු පිරිසක් මෙයට උද්ගෝෂණ කළා.ප්‍රායෝගික පරීක්ෂණ අවශ්‍යමයයි කියා. පසුව විද්වතුන් මේ ගැන පැහැදිලි කිරීමක් කළ පසු එය පිළිගත්තා. ඒ කාලේ දැන් වගේ විශේෂඥ වෛද්‍යවරු දහස් ගණන සිටියේත් නැහැ. මේ වගේ දැන් අයට ජාත්‍යන්තර ප්‍රමිතියට අවශ්‍ය දෙයට අවනතවී කාටත් ගැලපෙන විසඳුමකට යන්නට බැරි ඇයි?

    ReplyDelete
    Replies
    1. විසඳුම අඩුපාඩු තිබෙනවනම් ඒවා හැදීම මිස ආයතන වැසීම නෙවෙයි. මේ ගොල්ලොන්ටන් ඕන මොනවහරි හේතු ටිකක් පටලවල ආයතන වහන්න. මනිපාල් විශ්වවිද්‍යාලයත් වෛද්‍ය පීඨයක් ලංකාවේ අරින්න යනවා. මේක වහගත්තොත් ඒක එන එකකුත් නැහැ. ඒවගේ අයත් එක්ක මොන සාධාරණ විසඳුම්ද?

      Delete
  4. වෛද්‍යවරු දෙවියෝය... ඔවුන් කියන්නේ ඔවුන් නිසා මිනිසුන් ජීවත් වන බවකි. හෙදියන්, හෞත චිකිත්සකයන් වුව කිසි දෙයක් නොකරන අතර, සියල්ල කරන්නේ වෛද්‍යවරුමය. රෑ නිදි වරාගෙන ලෙඩා ළඟ හිඳින මුලු වෘත්තීය ජීවියෙන් අවුරුද්දක් පමණ ගෙවන HO ව පමණක් ලෙඩා වුව දකී. මුලු වෘත්තීය ජීවිත කාලයම නිදිවරා හිඳින හෙදියන් නොදකි.. අර හදිසි ශල්‍යකර්මය කරා, මේ හදිසි ශල්‍යකර්මය කලා, අර හදිසි අනතුරු වෙච්ච රෝගියව බැලුවා, ඇරස්ට් වුනාම පණ දුන්නා.. මේ සියල්ලම කර ඇත්තේ වෛද්‍යවරුය.. හෙදියන් වුව කිසි දෙයක් කර නැත..
    මුලින් වෛද්‍යවරු අර ඇද්දේ පරිපූරක වෛද්‍ය සේවය ඉහලට යාම වැලකීමටය. අදටද පරිපුරක වෛද්‍ය සේවයේ උපාධිය සරිලන වැටුපක් නැත. පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ හෙද කණ්ඩායම් ළඟම ඇති පේරාදෙණිය , නුවර රෝහල්වල සායනික පුහුණුවට එන්න නොදෙන්නේ ඔය කියන දෙවිවරුය. ඒ හෙද කණ්ඩායම් සායනික පුහුනුවට යන්නේ කුරුණෑගල ටය..
    වෛද්‍යවරුන්ගේ කුහක ගති SAITM එකට පමණක් නොවේ... ඕවා කතා කර වැඩක් නැත...

    ReplyDelete
    Replies
    1. මේ ගොල්ලන් ගැන මම ගොඩක් දන්නවා අරූ හේතු කීපයක් නිසා. මේ GMOA එක මේ රටට කරල තියෙන හානි මෙච්චරයි කියල කියන්න බැහැ. ලෙඩ්ඩු අමාරුවේ දාන්න තියෙන හැකියාව යොදාගෙන මේ කරන වැඩ වෙන රටක කලා නම් මුන් ඔක්කොම හිරේ

      Delete
    2. අරූ ඒක ගැන ලිපියක් ලියන්න.

      Delete
  5. මනුස්සයෙක්ට මෙච්චර ම මෝඩ වෙන්න පුළුවන් ද?

    ReplyDelete
  6. ඉයන් මට තියෙන ගැටළුව නිදහස් අධ්‍යාපනය කියන සංකල්පය වෛද්‍ය අධ්‍යාපනයට ලඝු කරන්නේ ඇයි .දැනට සෑහෙන කාලයක සිට මෙරටේ පුද්ගලික ආයතන සියලු විෂය ධාරා වලින් උපාධි සදහා අධ්‍යාපනය ලබාදුන්නා ඒ සදහා යම්කිසි මුදල් ගෙවීමක් සිදුකලා ඒ ඒ පාඨමාලාව අනුව . එලෙස අධ්‍යාපනය ලැබූ ය දැනට මෙරට හෝ විදේශවල ඔවුන්ගේ අධ්‍යාපනය අදාල රැකියාවල නිරත වෙනවා . ඉංජිනේරු ,නීති , ගෘහනිර්මාණ , සැලසුම් කරණය ,වැනි වුර්තිය මය අංශ වලදී අදාල නියාමන ආයතනය කලින් කල පවත්වන විභාග මගින් ඔව්නට අදාල වුර්තියේ යෙදීමට අවශ්‍ය නිත්‍යානුකුල අවසරය ලබාදෙනවා . දැන් නින්දෙන් ඇහැරිලා වගේ නිදහස් අධ්‍යාපනය රැකගැනීම ට අරගල කිරීම කෙතරම් ප්‍රයොගිකද . දොස්තර ලා මෑත ඉතිහාසය පුරා සිදුකලේ වෛද්‍ය වුර්තිය පමණක් විශේෂිත වුර්තියක් බවට සලකාගෙන අනිත් සේවාවන් හා වුර්තින් පහත් කොට සැලකීමට අවශ්‍ය කරුණු කාරණා ඉටු කිරීමයි .අවම වශයෙන් සෞඛ්‍ය අංශ වලට අවශ්‍ය අත්‍යවශ්‍ය දැනුම හා ප්‍රයෝගික පුහුණුව පවා ලබාදීම මේ දොස්තර මාෆියාව බලහත්කාරය යොදා වැලක්වූවා . අවම වශයෙන් ගුරු වැටුප වැඩිකරන විට එයට පවා දැඩිලෙස විරුද්දවු මුන් ට අනිත් වුර්තිය සමිති මොන මගුලකට සහයෝගය දක්වනවද යන්න මට ගැටළුවක්

    ReplyDelete
    Replies
    1. නිදහස් අධ්‍යාපනය කියන්නේ නොමිලේ අධ්‍යාපනය කියන එකට නෙවෙයි. අධ්‍යාපනය ලබා ගැනීමට බාධාවක් නොවීම යන තේරුමයි. ඒකාලේ මිල මුදල් තිබුණ එක කට්ටියක් සඳහා පමණක් වුණ අධ්‍යාපනය සැමටම ලබා දෙන්න තමයි නිදහස් අධ්‍යාපනයේ අරමුණ. මේ ගොල්ලො කියන විදිහට නොමිලේ දෙන්න බැරිනම් මුදල් තිබුණත් අධ්‍යාපනය ලබා ගැනීමට ඇති ඉඩ ඇහිරීම නිදහස් අධ්‍යාපනය රැක ගැනීමලු. මේව කාට කියන්නද. කීයක් මැරුණහ් එක පාරක් ඔක්කොම වර්ජකයො අස් කරලා ආයිමත් රස්සාව ඕන අයට වර්ජන නොකිරීමේ කොන්දේසි යටතේ කොන්ත්‍රාත් පදනමට බඳව ගන්න තියෙන්නෙ.

      Delete
  7. ඉයන්ගේ සංක්ෂිප්ත අදහස සමග එකඟයි. වෛද්‍යවරයෙක් යනු පුහුණු කල වෘත්තිකයෙක් පමණක්මයි. සමාජයේ පිළිගත් අනෙක් වෘත්තීන්ට අමතරව විශේෂ තැනක් ලැබිය යුතු නැත. වැඩවර්ජන කරන දොස්තර දෙවිවරු රෝගීන්ගෙන් ගුටි කන දිනය වැඩි ඈතක නෙවෙයි.

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි උදාර

      Delete
    2. උදය අයියාව දැකපුකල්....

      Delete
  8. වෛද්‍යවරු ඉන්නේ රෝගී ප්‍රතිකාර කිරීමට මිස දැල් දමා මාළු අල්ලන්නද ? රෝගීන්ට ප්‍රතිකාර කිරීම තමයි වෛද්‍යවරුන්ගේ බඩවියත රැකගැනීමේ රැකියාව. එය ඔවුන් කලයුතු තමයි වේතනය ලබාගන්නාව නම්. බැරිනම් මොකටද ඔවුන් එම උපාධි පාඨමාලාව තෝරාගන්නේ ?

    හිටපු ජනාධිපති මහින්ද වගේම තමයි ඔහුගේ අනුගාමික වෛද්‍ය මාෆියාව. මහින්ද මහතා නීතිය බය නොවුනත් කැබිලිත්තේ ගිහින් පළි ගහනවට ඉතා බයෙන් සිටියාලු. වෛද්‍යවරුත් නීතියෙන් දඩුවම් නොලැබුනත් ජනතාවගේ පලිගැසීමෙන් හෙණ වදීවි යයි බියවී ඇති හැඩයි. උපාධියේ බලය ස්භාවධර්මයේ බලයට යටයි. වර්ජනය නිසා අවශ්‍ය ප්‍රතිකාර නැතිව අහිමි වන සහ අබාධිත වන ජීවිත ගණනට හරියන ගණනකින්ම ඊට වගකිවයුතු වෛද්‍යවරුන්ගේ පවුල් වල සාමාජිකයන්ට වන්දි ගෙවන්න වෙන්නේ නැති බව හිතනවා නම් ඒක මුලාවක්. ස්වභාවධර්ම යන්ත්‍රයේ දැති රෝද කැරකෙනවා හෙමින් හෙමින්. හරියට පැයකටුව කැරකෙනවා වගේ. පෙන්නේ නැහැ. නමුත් සැහෙන කැරකිලා ටික වෙලාවකින් බලනකොට. ප්‍රේමදාසල වගේ බලවත් මිනිසුන්ටත් කැබලි වෙන්න කටයුතු සිද්ධ කල ඒ ස්වභාවධර්මය දොස්තරලට බය නැහැ සිරිසේන එයාලට බය වුනාට. මේ වර්ජනය වැඩ වර්ජනයන් කිරීමට නීතියෙන් ඉඩක් ඇති කරුණක් මත පදනම් නොවෙන එකක්. මේ වර්ජනය නීති විරෝධී එකක්. නීති විරෝධී ක්‍රියාවන් මර්ධනය කරන්නට රජය බැදී සිටිනවා. නමුත් නිවට නියාලු කම නිසා රජයට එය කල නොහැකියි.

    හෙණ කොහොම උනත් මිනිස්සු පවුලේ සාමාජිකයන්ගේ ජීවිත අහිමි කිරීම් වලට එරෙහිව පලිගහන එකෙන් වගකිවයුතු දොස්තර නෝනලා මහත්තුරුන්ගේ පවුල් වල අයට ඒවාට බරපතල වන්දි ගෙවන්න වෙන බවට මෙන්න කැට.

    ReplyDelete
    Replies
    1. උසාවි මාර්ගයෙන් හරි මේ අයට විරුද්ධව ක්‍රියා මාරගයක් ගන්න ඕන. මේක දැන් උඩු දුවනව වැඩියි.

      Delete
  9. මගේ මිතුරු ලැයිස්තුවේ (fb පමණක් නොවේ) වෛද්‍ය වෘත්තියේ යෙදෙන උන් කීප දෙනෙක් ඇරෙන්න අනිත් ඔක්කොම කාලෙකට කලින් අන්ෆ්‍රෙන්ඩ් කරා. ඉතුරු උනේ බොහොම ටික දෙනයි.. උන් ඇත්තම හොඳ මිනිස්සු.. උන්ට කවදාවත් හෙන වදින්නේ නෑ. :)

    ReplyDelete
    Replies
    1. //උන් ඇත්තම හොඳ මිනිස්සු.. උන්ට කවදාවත් හෙන වදින්නේ නෑ. :)//

      මොකක් , උඹ එක්ක ඉඳලත් හෙන වදින්නෙ නෑ. වෙන්න බෑ

      Delete
    2. බොහොම ස්තූතියි කමී. අකුණු සන්නායක ටිකක් ගෙන්නුවොත් හොඳ බිස්නස් එකක් වෙයිද කියල මම හිතුවෙ.

      Delete
  10. වෛද්‍යවරු ස්ට්‍රයික් කරන්නේ අපිට ආදරයට නොවේය. නිදහස් සෞඛ්‍ය ආරක්ෂා කොරන්නටත් නෙවේය. තමන්ගේ වෙලඳපොල කොටස ආරක්ෂා කරගැනීමටය. හැබැයි සයිටම් වෙනුවෙන් පෙනී ඉන්නා එවුවන්ද පෙනී ඉන්නේ අපේ රටේ අධ්‍යාපන අයිතිය රකින්නටවත්, අපිට බේත් කරන්නටවත් ඇති ආදරේකට නෙමේය.හරියට විභාගයක් පාස් වෙන්න බැරි තමන්ගේ පැලැන්තියේ එකාලා, තමන්ගේ පවුලේ එකාලා සල්ලිදීලා හරි සමාජයේ පිලිගත් වෘත්තියකට රිංගවා ගන්නටය.

    ReplyDelete
    Replies
    1. පළමුවෙනි කොටසට එකඟයි. දෙවන් කොටස ගැන නම් කියන්න තියෙන්නේ ප්‍රමිති ඉල්ලා සහ දුප්පත් අයටත් පෞද්ගලික අධ්‍යාපනය ලබා ගැනීමට හැකිවන සේ සිසු ණය ක්‍රමය ස්ථාපිත කිරීම ඉල්ලා කරන වෘත්තීය ක්‍රියා මාර්ගයකට මමත් එකඟ බවයි. කොහොම වුණත් සල්ලි යහමින් ඇති අයට සයිටම් ඕන නැහැ ඉන්දියාව, මලයාසියාව, බංගලා දේශය වගේ රටවලට යන්න පුළුවන්. ඊට අඩු අයට යන්න පුළුවන් ඒවා ලංකාවේම ඇතිවිය යුතුයි. අද ලංකාවේ ඕනෑම උසස් පෙල සුදුසුකම් ඇති කෙනෙකුට ඉංජිනේරු, ගණකාධිකරණ, තාක්ෂනික විද්‍යා සුදුසුකම් ගන්න පුළුවන්. ප්‍රශ්ණය තියෙන්නේ දුප්පතුන්ට ඒවා ඇතුළුවීමට නොහැකි වීම. සටන තිබිය යුත්තේ එය ලබා ගැනීමටයි.

      Delete
  11. තමා කැමති පක්ෂය රජකරන සමයේ කුමන හෝ වෘත්තියක නියැලෙන්නන් වර්ජනයක් කරනවිට එම පක්ෂයේ ගැත්තන් කියන්එනේ එය මහා නරුම ක්‍රියාවක් බවය. විරුද්ධ පාක්ෂිකයන්ට ඔවුන් වීරයන්ය. එහෙත් ඒ වර්ජනයෙන් තම පුද්ගලික කටයුත්තකට බාධාවක් නම් අම්මා මු නැතිව පක්ෂ බේදයකින් තොරව බනිති.
    වෛද්‍ය වර්ජනය මා දකින්නේත් එසේයි. පාදෙණිය ඇතුළු කණ්ඩායම මහින්ද යුගයේ වර්ජනයක් කරන විට එය විරුද්ධ පාක්ෂිකයන්ට සාධාරණ වරි්ජනයකි. අද යහපාලන රජය යටතේ ඔවුන් වර්ජනය කරනවිට එය අමනම ක්‍රියාවකි. මේ අරබයා සමාජ ජාලා පිටු පුරා ලියැවුණු බොහෝ සටහන් දේශපාලන ගැති සටහන් බව දුටිමි.
    ඔබේ සටහනේ ඇතැම් තර්ක පිළිබද විවාදයක් නැත. එහෙත් දෙවරක් සිතා බැලිය යුතු දේද නැතුවා නොවේ.
    ලෙඩ රෝග ගැන පර්යේෂණ කරන ලාංකීය වෛද්‍යවරු සිටිති. ලොවටම අගනා සොයාගැනීම් කර වෛද්‍යවරුද සිටිති. අතලොස්සකි.

    ReplyDelete
    Replies
    1. නලීන් ස්තූතියි. නවීන සොයා ගැනීම් කරන අය හැම ක්ෂෙත්‍රයකම අතලොස්සක් ඉන්නවා. ඒක නිසා යම් ක්ශේත්‍රයකටම විශේශ සැලකිලි ඉල්ලන්න බැහැ. මම හැම වැඩ වර්ජනයකටම විරුද්ධයි. තමන්ට වැඩි වැටුපක්, වැඩි පහසුකම් ලබා ගැනීමට සුදුසුයි කියලා කෙනෙක් හිතනවා නම් එහෙම වැඩි දේවල් දෙන ආයතනයක් හෝ රටක් සොයා යාම හැර පඩි දෙන තැන වැඩ වර්ජනය කිරීම වැරදියි. මොන පක්ෂයක් බලයේ සිටියත් මගේ ස්ථාවරය එයයි.

      Delete
  12. මෙහෙමයි ඉයන්,

    http://www.hopkinsmedicine.org/news/media/releases/study_suggests_medical_errors_now_third_leading_cause_of_death_in_the_us

    http://www.bmj.com/content/353/bmj.i2139

    මේ අනුව ඔබට තේරුම් ගන්න පුළුවන් ඇමරිකාවේ මිනිසුන් මියයාමට තුන්වනුවට හේතුවන්නේ වැරදි බෙහෙත් ලගාබනිමයි එනම් වෛද්‍ය වරුන්ගේ වැරදියි.
    මෙම වාර්තාව පිලියල වෙලා තියෙන්නේ නියැදි පරීක්ෂාවකින් නෙමෙයි සම්පුර්ණ මියගිය පුද්ගලයන්ගේ මරණ පරීක්ෂණ පදනම් කරගෙනයි (ඇමරිකාවේ වයස අවුරුදු 75 පමණ වෙන පුද්ගලයන්ගේ මරණයේ සැකයක් නැත්තම් මරණ පරීක්ෂණයක් සිදු නොකරයි ) සෙසු සියලු අයගේ මරණ පරීක්ෂණ සිදුකරයි.

    ඔබ තේරුම්ගන්න ඕනේ ලෝකයේ දියුණුම විශ්වවිද්‍යාල ඇති ඇමරිකාවේ තත්වය වසරකට 250,000 දොස්තර වරුන්ගේ වරදින් මියයනවා නමුත් ඔබ හිතන්නේ ලංකාවේ මේ තත්වය කොහොමද ?

    ශ්‍රී ලංකාවේ දොස්තර වරුන්ගේ වරදින් කිසිවෙක් මියයන්නේ නෑ ශ්‍රී ලංකාවේ සංකයාලේකන අනුව, කොහොමද මෙහෙම වෙන්නේ ?
    මිට හේතුව සරලයි එනම් ඔබ රෝහලේ දවස් 2 ට වඩා වැඩිකලක් රෝහල් ගතකර සිටින විට මිය ගියානම් එහෙනම් ඔබට මරණ පරීක්ෂණයක් උවමනා නොකරයි, මෙය තමයි ශ්‍රී ලංකාවේ වෛද්‍ය වරුන්ගේ සාර්ථකත්වයේ රහස.

    ReplyDelete
    Replies
    1. ලාංකික සිතුවිලි ඔබ කියන දේ හරිම වැදගත්. බොහොම දුප්පත් අයට දොස්තරලා සලකන විදිහට යම් ප්‍රමාණයක් දොස්තර වරුන්ගේ නොසැලකිල්ල නිසා මියයනවා ඇති. එම අවස්ථාවලදී ඒ සාක්ෂි විනාස කරන විදිත් ගැන මම අසා තියෙනවා. දුප්පත් අයගේ දැනුම් ප්‍රමාණයේ ඇති සීමා නිසා තමයි මෙවන් වැරදි කරන දොස්තරවරු බේරිලා ඉන්නේ.

      Delete
    2. ඔවුන්ව බේරන්නේ වෛද්‍ය සභාවමයි. වෛද්‍ය සභාවට දිව්රුම් පෙත්සමක් මගින් මා කල පැමිනිල්ල විභාග කිරීමට මා කැදවා සිටි අවස්ඨාවක එහි සිටි වෛද්‍යවරු මා discourage කරන විදියට තමයි කතාකලේ . දැනට තිබෙන වෛද්‍ය සභාවේ රෙගුලාසි අනුව වෛද්‍යවරයෙක්ගේ ලියාපදිංචිය අවලගු කිරීම හැර වෙනත් දඩුවමක් හෝ දඩයක් නියම කිරීමට වෛද්‍ය සභාවට බෑ. ලියාපදිංවිය අවලංගු කරනවා කියන්නේ අවම දඪුවම මරණ දඪුවම වගේ වැඩක් ඒක නිසා කොහෙම වත් ඒක කරන්න නෑ. ඇමරිකාවේ නම් ලියාපදිංවිය අත්හිටුවීම , නැවත පුහුණුවකට යැවීම, මානසික සායනවලට යොමුකිරීම වගේ දේවල් කරනවා. තවත් එකක් ලංකාවේ විශේඥ වෛද්‍ය වරුන්ගේ රෙජිස්ට්‍රි(specialist registry ) එකක් නෑ , MBBS තියෙන ඕනම වෛද්‍යවරයෙකුට ඕනෑම සල්ය කර්මයක් වුනත් කිරීමට නීතියෙන් බධාවක් නෑ. මේක වෛද්‍ය සභාව මගින් ලිඛතව උසාවියකට දුන් ලියවිල්ලක් අනුවයි මා කියන්නේ . ඇත්තටම මේවා පිළිබඳවයි GMOA එක කටයුතු කල යුත්තේ ඔය කියන තරම් ජනතාවාදීනම් . මේවා සයිතම් එකට වඩා මිනිස්සු මරණ , මැරෙණ ප්‍රශ්ණ. තමන්ගේ අයෙක් වෛද්‍යවරයෙක්ගේ නොසැලකිල්ල නිසා අමාරුවට, මරණයට පත්වුන අය විතරයි මේවා දන්නේ !

      Delete
  13. ජොස්තරලට වෙලා තියෙන්නෙ රැවුලයි කැඳයි විතරක් නෙවෙයි අර කවුද කිව්ව වගෙ කැඳ බීපු කෝප්පෙයි, උයපු මුට්ටියයි ලිපයි ඔක්කොමත් ඕන.

    ඔය එයාලගෙ මහ ලොකු තර්කයක්නෙ වෛද්‍ය වෘත්තිය ඇවිල්ල අනික් සාමාන්‍ය වෘත්තීන් ගානට දාන්ට බැහැය ඒක ඇවිල්ල මහජන සේවයක් උතුම් සත්කාර්යයක්ය ඒ හින්ද එයාලට අනික් වෘත්තීන්ට නැති සැලකිලි හිමිවෙන්ට ඕනය කියන එක. ඕකේ බොස් එහෙම සැළකිලි දෙන්නං. නෝ ප්‍රොබ්ලම්. මෙච්චර කාලෙකටත් එහෙම දුන්නනෙ මිනිස්සු නැද්ද? හැබැයි ඒ එක්කම සාමාන්‍ය වෘත්තීය අයිතිවාසිකමක් වන වැඩ වර්ජන කිරීමේ අයිතිය එහෙනම් අතාරින්න ඕන..හැබැයි ඉතිං එහෙම කරන්න ජොස්තරල කැමති නෑ. රැවුලයි කැඳයි දෙකම ඕන...

    ReplyDelete
    Replies
    1. //සාමාන්‍ය වෘත්තීය අයිතිවාසිකමක් වන වැඩ වර්ජන කිරීමේ අයිතිය එහෙනම් අතාරින්න ඕන..හැබැයි ඉතිං එහෙම කරන්න ජොස්තරල කැමති නෑ. රැවුලයි කැඳයි දෙකම ඕන...//

      ජීවිත අවදානමෙන් සටන් කරන හමුදා වල අයටත් වර්ජනය කරන්න අයිතිය තිබ්බනම් කොහොම වෙයිද රවී.

      Delete
  14. දෙවි හිතක් බඳු වෙදුන් ඇති මේ රටේ තවමත් සමහරූ
    අවි දරාගෙන ලෙඩුන් උගසට තබා දඟ දෙයි නිරතුරූ
    දිවිය නොවටියි ඔවුන්හට මේ ලෙඩුන්ගේ දුක නැහැ හුරූ
    කවි කියන්නේ ඉයන්ගේ ලිපිවලට දෙන්නට ගරු සරූ....

    ජයවේවා!!!

    ReplyDelete
    Replies
    1. බොහොම ස්තූතියි මගේ ප්‍රියතම කමෙන්ට් කරුවාණෙනි

      Delete
  15. ඉයන් ට මොකා වැහිලද බං!

    ReplyDelete
  16. මෙන්න ප්‍රවෘත්ති

    වෛද්‍ය පාදෙණිය මහතා දැන් සෞඛ්‍යය අමාත්‍යවරයා ලෙස ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දෙනුඇත

    ReplyDelete
    Replies
    1. අර උසාවියට අපහාස නඩුව ටික සීරියස් ගියොත් වැලිකඩ සෞඛ්‍ය ඇමති තනතුර නම් ශුවර්. ස්තූතියි ඉවාන්

      Delete
  17. දොස්තරලා කරන්නෙත් රැකියාවක්. ඉන්ජෙකුගෙයි ඩොකෙකුගෙයි පහළ සමාජයේ පිළිගනිම වෙනස්. ඒ වගේම ඉන්ජෙකුට වැරදුනොත් දඩුවමක් ලැබෙනවා, ඒත් ඩොකෙක් ලේසියෙන්ම වරදෙන් ගැලවෙනවා.

    ReplyDelete
    Replies
    1. //ඒත් ඩොකෙක් ලේසියෙන්ම වරදෙන් ගැලවෙනවා.//

      ඩොකා ලට කියන්න හේතු තියෙනවනෙ. අනික ලෙඩ හොඳ වෙන්නේ 100% ක් ද්සොතරල නිසා නොවෙයිනෙ. ඒකට ලෙඩාගේ ශරීරයේ ක්‍රියාකාරිත්වය බලපානවනෙ. එතකොට ලෙඩේ හොඳ වුණොත් ඩොකාගෙ දක්ෂකම වැරදුනොත් ලෙඩාගෙ වෙලාව. ස්තූතියි ලලිත්

      Delete
  18. “One of the most common and most dangerous misbeliefs is that it is impossible for someone to be stupid just because they are a doctor or a lawyer.”
    ― Mokokoma Mokhonoana

    ReplyDelete
  19. One of the greatest tragedies of out time is not that the doctors think only they know what's best for all fellow Sri Lankans, but some people actually believe it. - U No Hoo

    ReplyDelete
  20. දොස්තරලාද ,දේශපාලකයෝ ද ,........ මනුෂ්‍යයෝ ය

    ReplyDelete
  21. //දොස්තරලාද ,දේශපාලකයෝ ද ,........ මනුෂ්‍යයෝ ය//

    දොස්තරලාද ,දේශපාලකයෝ ද ,........ (අ)මනුෂ්‍යයෝ ය!

    ReplyDelete
    Replies
    1. තමන්ගේ යහපතට අනුන්ගේ යහපත පාව දෙන්නෝ අමනුස්සයෝය. මෙයට දේශපාලකයින්, වර්ජනය කරන වෛද්‍යවරුන් ඇතුළු එවන් සියල්ලන්ම අයිති වේ.

      Delete
  22. මේවා ලියල ඉතින් ලංකාවේ බෙහෙත් ගන්නය. ඉයන්ටත් සිංගප්පූරු යන්න වෙනවා ඕන්න.

    ReplyDelete
    Replies
    1. ලෙඩක් හැදිල ඉස්පිරිතාලෙ යන්න වුණොත් කියල "SAITM එක වසා දමනු" කියල ලියල තියෙන T ශර්ට් එකක් තියෙනවා. ඒක ඇඳගෙන ගියාම රජ සැලකිලි.

      Delete
    2. ඉයන්ට සහ අජිත්ට.
      මේක මෙතන්ට අදාළද කියන්න බෑ. ඒත් දේශිය වෙදකම රටේ වැඩි දියුණු කරගන්න උත්සාහ කෙරුවොත් මේ බටහිර වෛද්‍ය ක්‍රමයන්ගේ බලපෑම අඩුවෙන්න බැරිනැද්ද?

      Delete
    3. අපිටත් එහෙනම් එකක් එවන්න ඉයන් තුමා.
      දුමින්ද හොඳ අදහසක්. ලනක්වේ ආයුර්වේද සහ වෛද්‍යවරයන් සිටිනවා නේද? ප්‍රශ්නය වන්නේ ආයුර්වේද වෙදකම් වල තත්ත්ව පාලනයක් නැහැ. අනික ඒවා පර්යේෂණ වලින් තහවුරු කරලා නැහැ. මගේ යහළුවකුට motor neurone disease එක හැදෙන්න යනවලු. මහාචාර්යවරයෙකුටත් පෙන්නුවා. (බටහිර වෛද්‍ය) බෙහෙත් නැහැ කියල තියෙන්නේ. තවම බෙහෙත් හොයාගෙන නැහැ මේ ලෙඩේට. (wasting of the muscles) එයා දැන් ආයුර්වේද ප්‍රතිකාර ගන්නවා. කවුරු හරි දනනවා නම් කියන හොඳ ආයුර්වේද වේද මහත්වරු ගැන.

      Delete
  23. තමන්ගේ රාජකාරී වේලාවේ ලැබියයුතු ගෞරවය පෞද්ගලික ජීවිතයටත් ලැබියයුතුයි කියා සිතීමම මානසිකලෙඩක් කියලයි මමනම් හිතන්නේ. මෙතනදී මේ වෘතියට ආදේශකයන් හිඟකම නිසාම ඔවුන්ගේ කේවල්කිරීමේ බලය අසීමිතයි. අර ඉස්සල්ලා ලිපියේ කිවුවා වගේ ස්ට්‍රයික් එකකදී උගන්ඩාවෙන් හරි දොස්තරලා ගේන්න පුලුවන්නම් වැඩේ ගොඩ. ඒත් ඒක කොච්චර ප්‍රායෝගිකද කියන ගැටලුව දරුණුයි.

    ReplyDelete
  24. සියල්ලටම එකඟයි!

    ReplyDelete